ළමයින් එක්‌ක "නෑ බෑ" එපා ! (My 9K Post )
Reach 9000 post , Feel so happy coz slowly but surely reach to this milestone !!!

By Mail
ළමයින් එක්‌ක "නෑ බෑ" එපා !
දරුවන් කියන්නේ රටට දැයට මිලකල නොහැකි අගනා සම්පතකි.මෙය මිල මුදලින් මැනිය නොහැකි සම්පතකි.දරුවකු පවුලට,පාසලට,ගමට,රටට,ලොවට අමිල සම්පතකි.රටේ අනාගතය රදා පවතින්නේ අද හැදෙන වැඩෙන දරුවන් මතයි.දරුවකු මෙලොවට දායද කර නිසි ලෙස හදා වඩා ගැනීම ඇත්තෙන්ම ඉතා අපහසු ක්‍රියාවකි.නිතරම අපි අපේ දරුවන් ගැන අවබෝධයෙන් හා අවධානයෙන් සිටීම දෙමාපියන්ගේ යුතුකම මෙන්ම වගකීමද වේ.වැඩිහිටියන් හා දෙමාපියන් වන අප සැම විට උත්සහ දරන්නේ අපේ දරුවන්ව අපේ පාලනය යටතේ තබා ගැනීමටයි.හැම විටම අපි බලාපොරොත්තු වන්නේ දෙමාපියන් කියන පිරිදිම අපේ දරුවන්ගේ හැසීරීම හා චර්යා රටාව පවත්වා ගැනීමටයි. දරුවන් නිතරම වැඩිහිටි අණසකට යටත්ව පිහිටා ගත යුතුය යන අදහසේ සිටියත් දරුවන්ගේ ස්‌වාධීනත්වය සඳහා අතවශ්‍ය විදිහට බලපෑම් කිරීම නුසුදුසු බව මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි. නමුත් බොහෝ වැඩිහිටියන්ගේ ආකල්පය වී තිබෙන්නේ දරුවන්ට උවමනා දේ උවමනා විදිහට කරන්නට ඉඩ හැරියොත් ඔවුන් ගෝනි නැතුව කරේ නගින්න උත්සාහ කරන බවයි.එවිට ඔවුන් අපේ පාලනයෙන් මිදී නානාවිද දේ කරන නිසා බොහෝ දෙමාපියන් කටේ බලෙන්,කොටුවේ බලෙන්,හා දඩුවම් වල බලෙන් දරුවන්ව යහමින් අද පේ සමාජයේ දෙමාපිය වැඩහිටියන් පාලනය කරයි.
දරුවන්ට නිතර ම මව්පියන්ගේ මෙහෙයවීම අවශ්‍යයි.ඔවුන්ට නිසි මගපෙන්වීම දෙමාපියන්ගෙන් ලැබිය යුතු අනිවාර්්‍යය දෙයකි. යන මග ඔවුන්ට එළි පෙහෙලි කර දීම විනා මේ යන මග ඔවුන්ට කර්කශ කිරීම මව්පියන්ගේ වගකීම නොවෙයි. දරුවන් මල් මෙන් මෙලෙකයි. මුදුයි. සැඩ පීඩාවන් දරුවන්ට දරා ගැනීම අපහසුයි. දරුවන්ගේ සිත් කියවීමට මව්පියන්ට හැකියාවක් තිබිම අවශ්‍යයි. ඔවුන්ට නිදහස අවශ්‍යය බව දෙමාපියන් මතකයේ තබා ගත යුතුය.එවිට ඔවුන්ගෙන් නව සොයාගැනීම් කිරීමට පෙලෙබේ.දරුවෙකුගේ අනාගතය සඳහා වූ සංවර්ධනය වර්තමානයේදි ඇති කිරීමට නම් දෙමව්පියන්ගේ පාර්ශවයෙන් මේ වගේ දායකත්වයක් ලබාදෙනවා නම් හොඳයි.ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන්ට අප ඉඩ දීම කල යුතු දෙයයි.දරුවකුගේ හැකියා කුසලතා සංවර්ධනයට නම් දෙමාපියන් වන ඔබ පහත දෑ ගැන වැඩ අවධානයෙන් සිටිය යුතුය.
1. දරුවන්ට නිදහසේ හැසිරීමට ඉඩ දෙන්න.
දරුවකු කියන්නේ සැම විටම නිදහස ප්‍රිය කරන චරිතයකි.එක් එක් දරුවා වෙනස් වෙනස් ස්වරූපයන්ගෙන් නිදහස බලාපොරොත්තු වෙයි.දරුවන්ට තමන්ට අවශ්‍ය සතුට නිදහසේ බුක්‌ති විඳීමේ අවසරය ඔවුන්ට ලබා දෙන්න. ඉඳහිට හෝ දරුවෙකු මුහුදු වෙරළට, මල්වත්තකට, ක්‍රීඩා උද්‍යානයට යමු යෑයි ඔබට ආරාධනා කළොත් කිසි ම විටෙක මේ ඉල්ලීම නිර්දය ලෙස ප්‍රතික්‌ෂේප කරන්න එපා.
මෙම ඉල්ලීම ඔබට ඉටු කළ නොහැකි නම් ඊට පැහැදිලි ලෙස කරුණු කාරණා කියාදීම මගින් දරුවාගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප නොකොට ඊට විකල්ප විසඳුමක් ලබා දෙන්න. මෙම විකල්ප විසඳුමට අනුව ඉල්ලීම අනාගතයට ඉදිරිපත් කළද එය ක්‍රියාත්මක ඉල්ලීමක් මිස හමස් පෙට්‌ටියට යෑවෙන ඉල්ලීමක් නොවිය යුතුයි. අද බොහෝ මව්පියන් දරුවාගේ ඉල්ලීම අනාගතයට තබා දරුවාගේ ඉල්ලීමෙන් ඔවුන් නිදහස් වෙනවා විනා දරුවාට වින්දනීය අවස්‌ථාවන්ට තිබෙන ඉඩ ප්‍රස්‌ථාවන් මුළුමනින්ම අහිමි කරනු ඇත. එළිමහන් පරිසරයක දුව පැන ඇවිදීමෙන් ලැබෙන කායික ක්‍රියාකාරිත්වයද ඒකාකාරි පරිසරයෙන් මිදීම නිසා ලබන මානසික උත්තේජනයද දරුවාගේ සංවර්ධනයට මනා දායකත්වයක් සපයනු ඇත.දරුවකු හැම විටම පන්තිකාමරයේ හිර වී ගෙවන අධ්‍යාපන රටාවෙන් පීඩා විදින දරුවා ඉන් බැහැරව නිදහසේ හැසිරීමට කැමති බව දෙමාපියන් සිහියේ තබා ගත යුතුය.
2.දරුවාට සතුට අවශ්‍ය බව තේරුම් ගන්න
සතුට කියන්නේ මිලමුදලින් ගත හැකි දෙයක් නොවන බව අප සැම දන්නා කරුණකි.සතුට කියන දේ ලොකු පොඩි කවුරුත් විද ගන්න කැමති දෙයකි.ඒ අතරින් දරුවන් සතුටින් සිටීමට ඉතා ප්‍රිය කරයි.කාර්ය බහුල ජීවිතය සමග එක් පාර්ශවයකින් ගැටෙමින්ද ආර්ථික ගැටළු අතර පීඩා විඳිමින්ද සිටින ඔබට දරුවා සතුටු කිරීම කාලය සහ මුදල් අතර ගලපා ගැනීම අසීරු කරුණක් වෙනු ඇත. නමුත් කෙසේ හෝ ඔබ ඔබගේ අත්‍යවශ්‍ය ම කරුනු වෙනුවෙන් කාලය මුදල් උපයා ගැනීම මගින් එම දෙය ඉටු කර ගන්නා පරිද්දෙන් ම දරුවාට සතුටු වීමට ඇති අවස්‌ථාවන්ද ලබාදීමට අමතක නොකරන්න. අද දවසේදී දරුවා ලබන වින්දනය තුළ ගොඩ නැගෙන ඔහුගේ පෞරුෂය අනාගතයේ පූර්ණ මිනිසෙකු බිහි කිරීමට අවශ්‍ය වාතාවරණය ලබා දෙන බව අමතක නොකරන්න.දෙමාපියන් වන අප දරුවාගෙ සතුට වෙනුවෙන් අපේ කාර්යබහුල ජීවිතයෙන් කාලය වෙන් කිරීම අත්‍යවශ්‍යය දෙයක් බව අප තේරුම් කරගත යුතුය.
3. දරුවන්ට නියමුවෙක් වන්න
දරුවන්ගේ ලෝකය දෙස ඔවුන් හෙලන දෘෂ්ටියට වඩා පුළුල් ලෙස බැලීමට ඔබ ට හැකි විය යුතුමය. දරුවෙකු ලෙසින් අදාළ වයස ගෙවූ ඔබට මෙම කටයුත්ත එතරම් අසීරු නැත. නමුත් අද වැඩිහිටියන් අතීතයේදී ඔවුන්ගේ ළමා ලෝකය තුළ අපේක්‌ෂා කළ සැහැල්ලුව වින්දනය ගැන නොදන්නවුන් සේය. තමා නොලද මිහිරි අත්දැකීමකින් දරුවන් පෝෂණය කිරීම අනවශ්‍ය දෙයක් ලෙස සිතන්නට පෙළඹීමේ ප්‍රවණතාව නිසා දරුවන්ට මිහිරි අත්දැකීම් අයිතියට වැට බැඳීම අසාධාරණය. ඔබ නිතරම සිතිය යුත්තේ ළමා කාලය යළි කිසිදු දිනක ලබාගත නොහැකි වූ සීමිත කාලරාමුවක් බැවින් අදාළ කාලයේදී දරුවන්ට ලබාදෙන විනෝදය, වින්දනය උපරිම අන්දමට ලබා දීමටය.
4."නැහැ" බැහැ වචන සීමා කරන්න.
ඔබ හැම විටම දරුවාගේ අදහස්,අවශ්‍යතා හා උවමනා ඔබට හැකි පරිද්දෙන් ඉටු කිරීමට උත්සහ දරන්න.කිසි විටකත් දරුවා පවසන හැම දේම ප්‍රතික්ෂේප නොකරන්න.ඇතැම් දෙමව්පියන් දරුවන් නැහැ බැහැ සීමාව තුළ නොසිටි විට ඔවුන් නොමග යනු ඇතැයි විශ්වාස කරති. ගැමි වහරට අනුව අනුරුද්ධ කුමාරයා පැණි කැවුම් ඉල්ලුවාසේ යෑයි වූ උපමාව ඉදිරියට ගනිමින් දරුවෙක් වුනා ම නැති බැරිකම තේරුම් ගන්න ඕන යෑයි තර්කයේ රැඳී සිටිති. ඇතැම් මව්පියන් සම්මතයක් ලෙසම දරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරති. එසේ නොවුනොත් එය මව්පිය ආධිපත්‍යයට අඩුවක් ලෙස සිතති.
5. දරුවන්ට ඇගයීමක් ලබා දෙන්න
දරුවෙකු ලෙසින් වුවද ඔවුන්ට සමාජ වටිනාකමක් ඇති බව අමතක කළ යුතු නැත. ඔවුන් පිළිබඳව මව් - පිය සිත තුළ කිසියම් ඇගයිමක් තිබීම අවශ්‍යය. දරුවාගේ ඉල්ලීමට ඔබගේ අවසරය ලැබෙන්නේ ඔවුන් පිළිබඳව ඔබගේ සිත පවත්නා ඇගයීමේ තරාතිරමට අනුවය.
මේ නිසා දරුවා පිළිබඳව ඇගයිමක් සිත තුළ පැවතීම නිසා ඔවුන්ගේ ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත. දරුවෙකු වෙනුවෙන් විනෝදයට අවස්‌ථාවන් ලබා දීම ඔබ සිතන තරමට අනවශ්‍ය කටයුත්තක් නොවේ. එය දරුවාගේ අනාගතය වෙනුවෙන් විය යුත්තක් ම වන්නේ පූර්ණ සංවර්ධනය ලද දරුවෙකු නිර්මාණය වීමට ඔබ විසින් ළමා වියේදි සපයන සතුට විනෝදය ඉතා ප්‍රබල අත්තිවාරමක් නිසාය.දරුවකු කියන්නේ සම්පතක් බව කිසිවිටකත් අමතක නොකරන්න.