ළමයින් විකුණන මධ්‍යස්ථානයක් වටලයි

dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
ළමයින් විකුණන මධ්‍යස්ථානයක් වටලයි

එක්‌ ළදරුවකු රු.35,000 සිට රු.ලක්‍ෂ 7 දක්‌වා මිල කරලා




sridsc026301.jpg


ළමා නිවාසයක්‌ පවත්වාගෙන යන මුවාවෙන් කුඩා දරුවන් දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමක්‌ අනාවරණය කර ගත් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඊයේ (23 වැනිදා) සවස මොරටුවේ පිහිටි එම නිවාසය වටලා එහි සිටි දරුවන් 70 දෙනකු පමණ සිය භාරයට
ගෙන තිබේ.

ළමා නිවාසය වටලන අවස්‌ථාවේ දරුවන් විකුණන අතරමැදි තැරැව්කරුවකු ද දරුවන් මිලදී ගැනීමට පැමිණ සිටි ඇමරිකානු ජාතික යුවළක්‌, ජර්මන් ජාතික යුවළක්‌ සහ මෙරට කාන්තාවන් දෙදෙනකු ද එහි සිට ඇත.

විදේශිකයන් දරුවන් මිලදී
ගැනීමට රුපියල් ලක්‍ෂ 7 කට වඩා මුදලක්‌ ළමා නිවාසයට ගෙවා ඇති බවටත් සිංහල කාන්තාව රුපියල් 35,000 ක්‌ ගෙවා ඇති බවටත් තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මෙම ස්‌ථානයට රැගෙන විත් ඇත්තේ අතරමැදි තැරැව්කරු බවටත් තොරතුරු ලැබී ඇත.

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිsටි මෙම ළමා නිවාසය ලියාපදිංචි ආයතනයක්‌ ලෙස 1984 සිට මේ දක්‌වා පවත්වාගෙන යනු ලබන අතර කන්‍යා සොයුරියක්‌ එහි පාලිකාව ලෙස කටයුතු කරනු ලැබූ බව ළමාරක්‍ෂක අධිකාරිය පවසයි.

අධිකාරියේ පැමිණිලි භාර ගන්නා 1929 දුරකථන අංකයට ඊයේ (23 වැනිදා) ලැබුණු පණිවුඩයකට අනුව නිලධාරීන් කණ්‌ඩායමක්‌ එහි ගොස්‌ මෙම වැටලීම සිදුකොට ඇත. වැටලීම සිදුකරන අවස්‌ථාවේදී කුඩා ගැහැනු හා පිරිමි දරුවන්, දින කිහිපයක්‌ වයසැති බිලිඳු දරුවන් ඇති මව්වරුන් 15 දෙනකු හා ගැබිනි මව්වරුන් 06 දෙනකු එහි සිට ඇත. අනාථ දරුවන් රඳවාගෙන ඔවුන් දේශීය - විදේශීය ගැනුම්කරුවන්ට විකුණන බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර දරුවන් බිහිකිරීමේ සිට විදේශයට විකිණීම දක්‌වා වූ මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ගැන සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ළමා නිවාසයේ පාලිකාවගෙන් මෙන්ම එහි සිටි මව්වරුන්, ගැබිනි කාන්තාවන්, තැරැව්කරු, දෙස්‌ විදෙස්‌ ගැනුම්කරුවන්ගෙන් ඊයේ (23 වැනිදා) දිනයේදී ළමාරක්‍ෂක අධිකාරිය ප්‍රකාශ
More