ළමා දූෂණ පැමිණිලි 400 ක් දිනකට

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ළමා දූෂණ පැමිණිලි 400 ක් දිනකට

    ළමා දූෂණ පැමිණිලි 400ක් පමණ ජාතික ළමා අධිකාරියට දිනකට ලැබෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවැසීය.
    ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් ඉකුත්දා මාධ්‍යවලට අදහස් දක්වමින් හෙතෙම මේ කරුණු අනාවරණය කෙළේ ය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ මව විදේශ ගතවීමෙන් පසු ළමයින් විශාල වශයෙන් දූෂණවලට ලක්වෙන බැවින්, මේ තත්ත්වය වෙනස් විය යුතු බවයි.
    මාසයේ දෙකේ වයසේ බිළිඳුන් හැර දමා මව විදේශ ගතවීමට උත්සාහ කළහොත්, ඒ පිළිබඳව ළමා අධිකාරියට දන්වන ලෙස කී අමාත්‍යවරයා, මව ගුවන් තොටුපොළේ දීම නිවසට හරවා යැවීමට අධිකාරිය කටයුතු කරන බව ද අවධාරණය කෙළේය.
    දරුවන්ට නිසි මග පෙන්වීමටත්, ආදරය සෙනෙහස දැක්වීමටත් දෙමාපියන් අමතක නොකළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් ළමා අධිකාරියට ලැබෙන පැමිණිලි පිළිබඳව වහාම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේ ය.




    දැන් දිනෙන් දින කාන්තාවන්ට හා ලමයින්ට නිදහස අඩුවෙිගනයි ඵන්නෙ


    තිරිසන් වැඩ


    නීති විරෝධි ලෙස කාන්තාවන් ගණිකා ව්‍යාපාරයේ යොදවන හෝටලයක් මීගමුව දංකොටුව ප්‍රදේශයෙන් වැටලූ වලාන දූෂණ මර්දන ඒකකය කාන්තාවන් හත්දෙනකු සමග එය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

    මීගමුව දංකොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක එම ගණිකා ව්‍යාපාරය කාලයක සිට කරගෙන ගොස් තිබේ.
    ගණිකා ඇසුරට එන පුද්ගලයකුගෙන් රුපියල් පන්දහසක් පමණ අයකරන එහි කළමනාකරු කාන්තාවකට ගෙවා ඇත්තේ රුපියල් දහසකි. මෙම කාන්තාවෝ පන්නල, වෙන්නප්පුව, මීගමුව, කොස්ගම, පානදුර, වැල්ලවත්ත සහ ජාඇළ යන ප්‍රදේශවල පදිංචි අය බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.


    තිරිසන් වැඩ

     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    රට පෙරට ගිනියන්න නමි මා අදහස් කරන්නේ මිනිසුන්ගේ සිත් දියුණු කරන වැඩපිලිවෙලක් යෝජනා කිරීමයි
    දැන් රටෙි ඇත්ත තත්වය ඔයාල හොදටම දන්නව හොරවැඩ විශාල ලෙස සිද්ධ වෙනව