ළමා නිවසේ මස් කඩයක්
තිස්ස බෝගහපැලැස්සේ ළමා නිවසේ
ළමයින් ලවා මස් කඩයක් කරවයි
විශේෂ වාර්තාකරුවකු විසිනි
තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් බෝගහපැලැස්ස ප්රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන ළමා නිවාසයක දරුවන්ට විවිධ හිරිහැර කරමින් ඔවුන් ලවා ඌරන් හා කුකුළන් වැනි සතුන් මරා දැමීමේ ම්ලේච්ඡ අපරාධයක තොරතරු දැන් හෙළිවී ඇත.
මෙම දරුවන් විසින් ඌරකු මරා එම මස් පුච්චා අනුභව කරන වීඩියෝ දර්ශනද ප්රදේශවාසීන් විසින් ලබාගෙන තිබේ.
සුනාමියට හසුව අසරණ වූ දරුවන්ද, විවිධ හේතු මත අසරණ වූ දරුවන්ද මෙම ළමා නිවාසයේ සිටින අතර ඔවුන් අවුරුදු දොළහ, දහතුන හා පහළොව වයසේ පසුවන බවද ප්රදේශවාසීහු "දිවයින"ට පැවසූහ.
මෙම ළමා නිවාසයට අයත් බව කියන ඌරු හා කුකුළු කොටුවල මෙම දරුවන් සේවයේ යොදවා ඒවායේ කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බවද හෙළි වී ඇත.
මෙම ළමා නිවාසයේ පාලකයා කියන නිසා මෙම ඌරුකොටු හා කුකුළු කොටුවල වැඩකරන බවත් බෞද්ධ ආගම ඇදහීම තහනම් කර ඇති බවත් ළමා නිවාසයේ දරුවන් ප්රදේශවාසීන් හමුවේ පවසා ඇත.
මෙම ළමා නිවාසය පිළිබඳව සොයා බලා මෙම දරුවන්ට වහා රැකවරණ සපයන ලෙස ප්රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.