ළමා හඬින් ලොව සනසන ‘හීල් ද වර්ල්ඩ්’ (වීඩියෝ)

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ළමා හඬින් ලොව සනසන ‘හීල් ද වර්ල්ඩ්’ (වීඩියෝ)

    ළමුන් හා කාලය ගතකිරීමෙන් ආත්මය සුවපත් වන බව ෆියෝදොර් ඩොස්ටොයෙව්ස්කි ‘දි ඉඩියට්’ යන කෘතියේ සඳහන් වන අතර, සංගීතය, ලොවම සුවපත් කරනා විශ්ව භාෂාව ලෙස සැලකෙයි.

    පහත ගීතය ඇසීමෙන් එම කියමන් දෙකම කෙතරම් නිවැරදි යැයි සිතේ.

    පොප් ලොවේ රජු ලෙස හැඳින්වුනු මයිකල් ජැක්සන් ගේ ‘හීල් ද වර්ල්ඩ්’ ගීතය ළමා හඬින් මෙසේ නිමවා තිබේ.

    මුම්බායි හි සංගීතඥයන් දෙදෙනෙකු වන කාර්තික් ශාහ් හා නිරාලි කාර්තික් ගේ Maati Baani විසින් මෙම ගීතමය තිළිණය ලොවට දායද කොට තිබුනේ මයිකල් ජැක්සන් ජන්ම දිනය වෙනුවෙනි.

    පසුගිය 28දා යූටියුබ් වෙබ් අඩවියට එක් කළ මෙම වීඩියෝව මේ වන විටත් 112,000කට අධික පිරිසක් නරඹා අවසන්ය.

    ළමුන් 45ක්

    Maati Baani විසින් මෙම ගීතය සඳහා ලෝකය පුරා සිටින, සංගීතය සඳහා අතිදක්ෂ දරුදැරියන් 45ක් එක්කරගෙන තිබුණි.

    මෙහි විශේෂත්වය වන්නේ ගීතය සඳහා ඔවුන්ව එකතු කරගෙන තිබුනේ අන්තර්ජාලය ඔස්සෙන් වීමයි.

    දකුණු අප්‍රිකාව, ඇමෙරිකාව හා රුසියාව ඇතුළු රටවල් ගණනාවකින් එකතු වී ඇති මෙම දරුවන් විවිධ දක්ෂතා දක්වයි. ගායනයට අමතරව, රැප් ගායනය, ටැප් නර්තනය හා වයලින්, ගිටාර්, ඩ්‍රම්ස් ඇතුළු විවිධ සංගීත භාණ්ඩ වැයීමෙන් ද ඔවුන් මෙම ගීතයට එක්වෙයි. රෙදි සෝදන යන්ත්‍රයක් භාවිතා කිරීමෙන් සංගීතය සපයන දරුවෙකු ද මෙහි දැකිය හැකිය.

    25 වැනි සංවත්සරය

    මෙම ගීතය තෝරාගැනීම පිළිබඳව කාර්තික් ශාහ් පවසන්නේ මෙසේය :

    "මේ වසරේ ලෝකය පුරාවටම ප්‍රචණ්ඩත්වය දක්වට ලැබුන අතර, මේ හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ළමුන්ටයි. තව කිව්වොත්, ‘හීල් ද වර්ල්ඩ්’ ගීතයට මේ වන විට අවුරුදු 25ක්. ඒ හින්දා අපි මේ ගීය තෝරගත්තා."

    “ඉතා සංකීර්ණ සංගීත ඛණ්ඩ ගැයීමට වැයීමට හැකි දරුවන් අපිට සමාජ ජාල මාධ්‍ය වලින් දක්නට ලැබුනා. ඔවුන් එක්ක ගීතයක් කරන්න අපිට ඕන වුනා,” යැයි නිරාලි පවසයි.

    කෙසේ වෙතත්, මෙම දරුවන් සොයාගැනීමට හා ඔවුන්ගේ දෙමාපියන් හා එම දරුවන් හා මේ පිළිබඳව කතාබස් කරගැනීමට ඉතා දීර්ඝ කාලයක් ගතවූ නමුත්, අවසන් ප්‍රථිඵලය පිළිබඳව ඉතා සතුටු වන බව ඔවුන් කියයි.

    හීල් ද වර්ල්ඩ්

    මයිකල් ජැක්සන් ගේ ‘ඩේන්ජරස්’ ඇල්බමයට අයත් වන ‘හීල් ද වර්ල්ඩ්’ ගීතය 1991 දී එළිදැක්වුනු අතර, යුද්ධයෙන් බැටකෑ දරුවන් රැකබලා ගන්නා ලෙසත් ලෝකය වඩා යහපත් ස්ථානයක් බවට පත්කරන ලෙසත් මිනිස් වර්ගයාගෙන් ඉල්ලා සිටියි.

    වසර 2001දී අන්තර්ජාලය ඔස්සේ සිය රසික රසිකාවියන් හමුවේ අදහස් දක්වමින් මයිකල් පවසා තිබුනේ තම ගීත නිර්මාණ අතරින් තමා වඩාත් ම ආඩම්බර වන්නේ ‘හීල් ද වර්ල්ඩ්’ පිළිබඳව බවයි.

    ළමුන්ගේ ජීවිතය වඩාත් සුබදායි කිරීමේ අරමුණින් ජැක්සන් විසින් ආරම්භ කළ පුණ්‍යායතනයද නම් කෙරුනේ හීල් ද වර්ල්ඩ් පදනම ලෙසයි.

     

    Similar threads