Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

70 දශකයේ මුල කාලයේ දවසක් තාත්තා නුවරඑලියට ගිහිල්ලා එනකොට පොඩි දෙමළ කොල්ලෙක් අරගෙන ආවා. නිතරම නුවරඑළි යන තාත්තා, මේකා ටවුමේ බස් නැවතුමේ, කඩ මන්ඩියේ පරණ කඩදාසි එකතු කරනවා කිහිප වතාවක් දැකලා තියනවා. එදා, ''මාත් එක්ක යන්න එනවද" කියලා (තාත්තාට තමිල් කොංඥ කොංඥ තෙරියම්) අහපුවාම, එවලේම හා කියලා තාත්තා එක්ක ඇවිත්. අඩුම ගානේ, යන බව කියලා එන්න කෙනෙක්වත් ඉඳලා නැහැ. එයාගේ කඩදාසි ගෝනිය බස් නැවතුමේම දාලා එහෙමම ඇවිත්.

එයාගේ නම වෛයාපුරි රාමදියම්. සිංහල තෙරියා ඉල්ලේ. වයස, උපන්දිනය වගේ දේවල් අදාලම නැහැ. මෙයාගේ කොන්ඩේ කපලා, නාවලා, පිරිසිදු ඇඳුමක් අන්දලා රාජා කියලා නමකුත් දාලා, අපේ ගෙදර සාමාජිකයෙක් කර ගත්තා. විස්තර අහනකොට, (අපේ තාත්තාගේ සහෝදරයෙකුටත්, අම්මාගේ ඥාතියෙකුටත් හොඳට දෙමළ පුළුවන් ඒ අය තමයි මුල් කාලේ උදව් කලේ) එයාගේ ගෙදර තොරතුරු දැනගත්තා.

තලවාකැලේ වත්තක, ලැයිමක උපන් මේ කොල්ලාට ගෙදරින් හිරිහැර නිසා, පාසැල් යාම නවත්තලා, නුවරඑළියේ "බිස්නස්" කරන නෑදෑ කෙනෙක් ලඟට ගිහිල්ලා. නෑදෑයාගේ "බිස්නස් එක" බෝතල් පත්තර එකතු කිරීම. ඒකා, මේ කොල්ලාව මරවලා වැඩ අරං. හරියකට කන්න බොන්නවත් ලැබිලා නැහැ. ලොකු බඩකුත් එක්ක මන්දපෝෂණ ලුක් එකක් තමයි තිබුනේ.

දෙකේ හෝ තුනේ පන්තිය දක්වා දෙමලෙන් ඉගෙන ගත්තු මේ කොල්ලා අපි ලඟට එනකොට අවුරුදු 10/12 වගේ කියලා තමයි අපි ගණන් හැදුවේ. කොහොම උනත්, අවුරුද්දක් දෙකක් විතර යනකොට, සිංහල ඉතාම හොඳින් කතා කරන්න පුළුවන් උනා. මාත් එයාගෙන් දෙමළ ඉගෙන ගත්තා. එයාට සිංහල කියවන්නත් ඉගැන්නුවා. එයා ගෙදර තියන පොඩි පොඩි වැඩ පල කරගෙන සතුටෙන් හිටියා.

මෙයා ඇවිත් ටික කලකින් අපි ලොකු මෝඩ වැඩක් කළා. ඒකට අපේ අම්මා අදටත් පසු තැවෙනවා. "කාගේ උනත් දරුවෙක්නේ, අම්මලා තාත්තාලා නොසැලකුවා උනත්, හොඳින් ඉන්නා බව කියලා ගෙදරට ලියුමක් අරින්න" කියලා උනන්දු කලේ අපේ අම්මයි.

හරි හැටි ලිපිනයක් නොදැන, උපකල්පිත ලිපිනයන් වෙත බොහෝ වාර ගණනක් ලිපි යැවීමේ ප්රතිඵලයක් හැටියට අවසානයේ ඒ ලිපිය රාජා ගේ තාත්තාට ලැබී තිබුනා. ඒ දෙමව්පියන් අකුරු නොදන්නා අය නිසා වෙන කෙනෙක් ලවා කියවාගෙන පිළිතුරු ඒවා තිබුනා. එතැන් පටන් මාස කිහිපයකට වතාවක් රාජාගේ තාත්තා තවත් කෙනෙකු සමග අපේ ගෙදර ඇවිත්, රාජාගේ පඩි සල්ලි කියලා මාසෙකට රුපියල් 15/20 බැගින් මුදලුත්, පරණ ඇඳුම්, පොල් වගේ දේවලුත් එකතු කරගෙන යන්න පුරුදු උනා.

තවත් කලක් ගතවෙලා, රාජා හොඳට උස් මහත් වෙනකොට, මේ මිනිහට රාජාගෙන් මීට වඩා හම්බ කරගන්න පුළුවන් කියන එක තේරුනා. ඊට පස්සේ, හදිසියේම ඇවිත්, අම්මාට අන්තිමයි, මැරෙන්න ඉස්සෙල්ලා පුතාව බලන්න ඕනෑ කියලා රාජා ව එක්කගෙන ගියා. මේ කියන්නේ බොරු බවත්, ගියොත් නැවත එන්න ලැබෙන්නේ නැති බවත් රාජා අපිට කිව්වත්, එයාව ගෙනියන එක වලක්වන්න අපිට අයිතියක් තිබුනේ නැහැ.

රාජා කියූ ලෙසටම එයා ආපසු ආවේ නැහැ. ලියුම් යැව්වත් උත්තර නැහැ. මෙහෙම වසර කිහිපයකට පසුව මට රාජා ව පිටකොටුව හරියේ තිබුන ආනන්ද භවාන් එකේ වේටර් කෙනෙක් හැටියට ඉන්නවා හමු වෙනවා. මේ ගැන ගෙදරට කියපුවාම, අම්මයි තාත්තයි ගිහින් එයාව බලලා ඇවිත් තිබුනා. මමත් නිතරම එතනට ගිහින් අඩු ගානට කාලා එනවා. (ඒ ගැන මම මීට කලින් ලියූ පොස්ට් එකක් පහලින් එල්ලනවා.)

රාජා එතන යම් විදියක හිර කාරයෙක් වගේ රැකියාව කල බවයි තේරුනේ. එයාගේ තාත්තා, අතරමැදියෙකු මගින් මේ රැකියාව ලබා දුන් බවත්, හැම මාසයකම උපයන මුදල් අතරමැදියාත් තාත්තාත් ලබා ගන්නා බවත් එතනින් පැනලා යන්න බැරි බවත් තමයි දැනගත්තේ.

අවාසනාවට 83 කළු ජූලියට මේ කඩ හැම එකක්ම බිලි උනා. කලබල වලින් පසුව කිහිප වතාවක්ම අපේ තාත්තා ආනන්ද භවාන් පැත්තේ ගිහිල්ලා විස්තර හෙව්වා. කඩ වල නැවතිලා හිටපු දෙමළ අය කිසිවෙකුට පණ බේරා ගන්න ලැබුනේ නැහැ කියලා තමයි තොරතුරු ලැබුනේ. රාජාගේ තාත්තා ඒකාව අපේ ගෙදරින් අරන් ගියේ නැත්නම් ඒ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ.

කඩවල්වලින් හොරෙන් කාලා තියෙනවද?

Mar 20, 2021

Add bookmark

#15

මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්.

මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා එයාව ආපහු අරන් ගියා. මේවා උනේ 70 දශකයේදීයි.

ඉන්පසුව, අපිට එයා ගැන මතකයක් තිබුනේ නැහැ.

මම 83 දී විතර Open Uni එකේ කෝස් එකක් කළා. එකල අලුතෙන් ආරම්භ කල open uni එකට හරි හමන් තැනක් තිබුනේ නැහැ. ඒ නිසා අපේ දේශන තිබුනේ මරදානේ ටෙක්නිකල් එකෙයි. පුළු පුළුවන් දවසට ලෙක්චර්ස් වලටත්, අනික් දවස් වල රියෝ, රීගල්, සෙන්ට්රල් වගේ වැදගත් ස්ථාන වලටත් ගිය මම බොහෝ දිනවල තෝසේ පාරකුත් දැම්මා.

එක දවසක් ආනන්ද භවාන් එකට ගිහිං ඉඳ ගත්තාම, කොල්ලෙක් ඇවිත් "අර මේසෙට යන්න" කිව්වා. මම ගනං ගත්තේ නැහැ. ඌ ආයිමත් කිව්වා, මට මේකට කේන්ති ගිය නිසා අහක බලාගෙන නිකං හිටියා. පස්සේ ඒකා ලඟට ඇවිත්, "බේබි, මම රාජා, ඉක්මනට අර මේසෙට යන්න" කිව්වා. ආන්න එතකොට මගේ ට්යුබ් ලයිට් එක පත්තු උනා. මේ අපේ ගෙදර හිටපු "රාජා"!

මේ කොල්ලාට සර්ව් කරන්න අවසර තියෙන්නේ එක්තරා මේස පේළියකට විතරයි. ඒ නිසා තමයි එයාගේ මේසයකට යන්න කියලා තියෙන්නේ.

ඉන්පසුව, මම හැම සෙනසුරාදාවකම වාගේ එතැනට ගිහිං හොඳට (මසාලාතෝසේ/ අලබෝල උළුඳු වඩේ, මසල වඩේ) කාලා, 1.30 (හෝ 1.35 වගේ තමයි මතක) ගෙවලා එනවා. ඒ මුදල ප්ලේන් තෝසේ එකක් සත පනහ බැගින් තෝසේ දෙකකටත්, ප්ලේන් ටී එකකට සත 30 හෝ 35 ලෙසටත් උනා. වේටර් ගේ කීම මත පමණක් බිල හදන නිසාත්, මම නියම විදියට බිල ගෙවලා එන නිසාත් මුකුත් ප්රශ්නයක් නැහැ. (අතේ සල්ලි තියන හැටියට රාජාටත් රුපියල් 2-5 දීලා එනවා)

අවාසනාවකට මේ වැඩේ වැඩිකල් කරන්න පෙරම 83 කළු ජූලිය ආවා. අපේ ගෙදර හැමෝම, පුළු පුළුවන් විදියට මේ කොල්ලාට උනේ මොකක්ද කියලා හෙව්වත්, කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.

[ATTACH=full]210715[/ATTACH]

[ATTACH=full]210716[/ATTACH]

[ATTACH=full]210717[/ATTACH]

Reactions:NaiRobi, vito, Master malli and 5 others

[QUOTE="1sam, post: 29056394, member: 557062"] 70 දශකයේ මුල කාලයේ දවසක් තාත්තා නුවරඑලියට ගිහිල්ලා එනකොට පොඩි දෙමළ කොල්ලෙක් අරගෙන ආවා. නිතරම නුවරඑළි යන තාත්තා, මේකා ටවුමේ බස් නැවතුමේ, කඩ මන්ඩියේ පරණ කඩදාසි එකතු කරනවා කිහිප වතාවක් දැකලා තියනවා. එදා, ''මාත් එක්ක යන්න එනවද" කියලා (තාත්තාට තමිල් කොංඥ කොංඥ තෙරියම්) අහපුවාම, එවලේම හා කියලා තාත්තා එක්ක ඇවිත්. අඩුම ගානේ, යන බව කියලා එන්න කෙනෙක්වත් ඉඳලා නැහැ. එයාගේ කඩදාසි ගෝනිය බස් නැවතුමේම දාලා එහෙමම ඇවිත්. එයාගේ නම වෛයාපුරි රාමදියම්. සිංහල තෙරියා ඉල්ලේ. වයස, උපන්දිනය වගේ දේවල් අදාලම නැහැ. මෙයාගේ කොන්ඩේ කපලා, නාවලා, පිරිසිදු ඇඳුමක් අන්දලා රාජා කියලා නමකුත් දාලා, අපේ ගෙදර සාමාජිකයෙක් කර ගත්තා. විස්තර අහනකොට, (අපේ තාත්තාගේ සහෝදරයෙකුටත්, අම්මාගේ ඥාතියෙකුටත් හොඳට දෙමළ පුළුවන් ඒ අය තමයි මුල් කාලේ උදව් කලේ) එයාගේ ගෙදර තොරතුරු දැනගත්තා. තලවාකැලේ වත්තක, ලැයිමක උපන් මේ කොල්ලාට ගෙදරින් හිරිහැර නිසා, පාසැල් යාම නවත්තලා, නුවරඑළියේ "බිස්නස්" කරන නෑදෑ කෙනෙක් ලඟට ගිහිල්ලා. නෑදෑයාගේ "බිස්නස් එක" බෝතල් පත්තර එකතු කිරීම. ඒකා, මේ කොල්ලාව මරවලා වැඩ අරං. හරියකට කන්න බොන්නවත් ලැබිලා නැහැ. ලොකු බඩකුත් එක්ක මන්දපෝෂණ ලුක් එකක් තමයි තිබුනේ. දෙකේ හෝ තුනේ පන්තිය දක්වා දෙමලෙන් ඉගෙන ගත්තු මේ කොල්ලා අපි ලඟට එනකොට අවුරුදු 10/12 වගේ කියලා තමයි අපි ගණන් හැදුවේ. කොහොම උනත්, අවුරුද්දක් දෙකක් විතර යනකොට, සිංහල ඉතාම හොඳින් කතා කරන්න පුළුවන් උනා. මාත් එයාගෙන් දෙමළ ඉගෙන ගත්තා. එයාට සිංහල කියවන්නත් ඉගැන්නුවා. එයා ගෙදර තියන පොඩි පොඩි වැඩ පල කරගෙන සතුටෙන් හිටියා. මෙයා ඇවිත් ටික කලකින් අපි ලොකු මෝඩ වැඩක් කළා. ඒකට අපේ අම්මා අදටත් පසු තැවෙනවා. "කාගේ උනත් දරුවෙක්නේ, අම්මලා තාත්තාලා නොසැලකුවා උනත්, හොඳින් ඉන්නා බව කියලා ගෙදරට ලියුමක් අරින්න" කියලා උනන්දු කලේ අපේ අම්මයි. හරි හැටි ලිපිනයක් නොදැන, උපකල්පිත ලිපිනයන් වෙත බොහෝ වාර ගණනක් ලිපි යැවීමේ ප්රතිඵලයක් හැටියට අවසානයේ ඒ ලිපිය රාජා ගේ තාත්තාට ලැබී තිබුනා. ඒ දෙමව්පියන් අකුරු නොදන්නා අය නිසා වෙන කෙනෙක් ලවා කියවාගෙන පිළිතුරු ඒවා තිබුනා. එතැන් පටන් මාස කිහිපයකට වතාවක් රාජාගේ තාත්තා තවත් කෙනෙකු සමග අපේ ගෙදර ඇවිත්, රාජාගේ පඩි සල්ලි කියලා මාසෙකට රුපියල් 15/20 බැගින් මුදලුත්, පරණ ඇඳුම්, පොල් වගේ දේවලුත් එකතු කරගෙන යන්න පුරුදු උනා. තවත් කලක් ගතවෙලා, රාජා හොඳට උස් මහත් වෙනකොට, මේ මිනිහට රාජාගෙන් මීට වඩා හම්බ කරගන්න පුළුවන් කියන එක තේරුනා. ඊට පස්සේ, හදිසියේම ඇවිත්, අම්මාට අන්තිමයි, මැරෙන්න ඉස්සෙල්ලා පුතාව බලන්න ඕනෑ කියලා රාජා ව එක්කගෙන ගියා. මේ කියන්නේ බොරු බවත්, ගියොත් නැවත එන්න ලැබෙන්නේ නැති බවත් රාජා අපිට කිව්වත්, එයාව ගෙනියන එක වලක්වන්න අපිට අයිතියක් තිබුනේ නැහැ. රාජා කියූ ලෙසටම එයා ආපසු ආවේ නැහැ. ලියුම් යැව්වත් උත්තර නැහැ. මෙහෙම වසර කිහිපයකට පසුව මට රාජා ව පිටකොටුව හරියේ තිබුන ආනන්ද භවාන් එකේ වේටර් කෙනෙක් හැටියට ඉන්නවා හමු වෙනවා. මේ ගැන ගෙදරට කියපුවාම, අම්මයි තාත්තයි ගිහින් එයාව බලලා ඇවිත් තිබුනා. මමත් නිතරම එතනට ගිහින් අඩු ගානට කාලා එනවා. (ඒ ගැන මම මීට කලින් ලියූ පොස්ට් එකක් පහලින් එල්ලනවා.) රාජා එතන යම් විදියක හිර කාරයෙක් වගේ රැකියාව කල බවයි තේරුනේ. එයාගේ තාත්තා, අතරමැදියෙකු මගින් මේ රැකියාව ලබා දුන් බවත්, හැම මාසයකම උපයන මුදල් අතරමැදියාත් තාත්තාත් ලබා ගන්නා බවත් එතනින් පැනලා යන්න බැරි බවත් තමයි දැනගත්තේ. අවාසනාවට 83 කළු ජූලියට මේ කඩ හැම එකක්ම බිලි උනා. කලබල වලින් පසුව කිහිප වතාවක්ම අපේ තාත්තා ආනන්ද භවාන් පැත්තේ ගිහිල්ලා විස්තර හෙව්වා. කඩ වල නැවතිලා හිටපු දෙමළ අය කිසිවෙකුට පණ බේරා ගන්න ලැබුනේ නැහැ කියලා තමයි තොරතුරු ලැබුනේ. රාජාගේ තාත්තා ඒකාව අපේ ගෙදරින් අරන් ගියේ නැත්නම් ඒ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ. [HEADING=2]කඩවල්වලින් හොරෙන් කාලා තියෙනවද?[/HEADING] [LIST] [*][URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B6%AF.1980480/post-26229521']Mar 20, 2021[/URL] [*][URL='https://elakiri.com/posts/26229521/bookmark']Add bookmark[/URL] [*][URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B6%AF.1980480/post-26229521']#15[/URL] [/LIST] මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්. මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා එයාව ආපහු අරන් ගියා. මේවා උනේ 70 දශකයේදීයි. ඉන්පසුව, අපිට එයා ගැන මතකයක් තිබුනේ නැහැ. මම 83 දී විතර Open Uni එකේ කෝස් එකක් කළා. එකල අලුතෙන් ආරම්භ කල open uni එකට හරි හමන් තැනක් තිබුනේ නැහැ. ඒ නිසා අපේ දේශන තිබුනේ මරදානේ ටෙක්නිකල් එකෙයි. පුළු පුළුවන් දවසට ලෙක්චර්ස් වලටත්, අනික් දවස් වල රියෝ, රීගල්, සෙන්ට්රල් වගේ වැදගත් ස්ථාන වලටත් ගිය මම බොහෝ දිනවල තෝසේ පාරකුත් දැම්මා. එක දවසක් ආනන්ද භවාන් එකට ගිහිං ඉඳ ගත්තාම, කොල්ලෙක් ඇවිත් "අර මේසෙට යන්න" කිව්වා. මම ගනං ගත්තේ නැහැ. ඌ ආයිමත් කිව්වා, මට මේකට කේන්ති ගිය නිසා අහක බලාගෙන නිකං හිටියා. පස්සේ ඒකා ලඟට ඇවිත්, "බේබි, මම රාජා, ඉක්මනට අර මේසෙට යන්න" කිව්වා. ආන්න එතකොට මගේ ට්යුබ් ලයිට් එක පත්තු උනා. මේ අපේ ගෙදර හිටපු "රාජා"! මේ කොල්ලාට සර්ව් කරන්න අවසර තියෙන්නේ එක්තරා මේස පේළියකට විතරයි. ඒ නිසා තමයි එයාගේ මේසයකට යන්න කියලා තියෙන්නේ. ඉන්පසුව, මම හැම සෙනසුරාදාවකම වාගේ එතැනට ගිහිං හොඳට (මසාලාතෝසේ/ අලබෝල උළුඳු වඩේ, මසල වඩේ) කාලා, 1.30 (හෝ 1.35 වගේ තමයි මතක) ගෙවලා එනවා. ඒ මුදල ප්ලේන් තෝසේ එකක් සත පනහ බැගින් තෝසේ දෙකකටත්, ප්ලේන් ටී එකකට සත 30 හෝ 35 ලෙසටත් උනා. වේටර් ගේ කීම මත පමණක් බිල හදන නිසාත්, මම නියම විදියට බිල ගෙවලා එන නිසාත් මුකුත් ප්රශ්නයක් නැහැ. (අතේ සල්ලි තියන හැටියට රාජාටත් රුපියල් 2-5 දීලා එනවා) අවාසනාවකට මේ වැඩේ වැඩිකල් කරන්න පෙරම 83 කළු ජූලිය ආවා. අපේ ගෙදර හැමෝම, පුළු පුළුවන් විදියට මේ කොල්ලාට උනේ මොකක්ද කියලා හෙව්වත්, කිසිම තොරතුරක් ලැබුනේ නැහැ. [LIST] [*][ATTACH type="full" alt="Like"]210715[/ATTACH] [*][ATTACH type="full" alt="Wow"]210716[/ATTACH] [*][ATTACH type="full" alt="Haha"]210717[/ATTACH] [/LIST] Reactions:[URL='https://elakiri.com/posts/26229521/reactions']NaiRobi, vito, Master malli and 5 others[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom