ඊයේ කම්මැලි කමේ ඉන්න වෙලාවෙ යශෝදරා බලන්න යන්න හිතුනා... යන්න එකෙක් වත් නැති එකේ තනියම ම ගියා.. ෆිල්ම් එක ගැන පොඩි විචාරයක් කරන්න හිතුනා බලන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන්...
ඉස්සරවෙලාම පටන් ගමු කතාවෙ තිර පිටපත - මුලදි මේ පිටපතේ ඉතාම කෙටියෙන් සග වේගයෙන් කියාගෙන යන ගතියක් තිබ්බත් ඒක එහෙම නොකර බැහැ.. මොකද යශෝධරා ගේ කතාව සෑහෙන දිග කතාවක් නිසා. හැබැයි මැද හරියේ ඉඳලා ලස්සනට පිලිවෙලට කතාව ගලාගෙන යනවා.. කිසිම කම්මැලි කමක් නෑ..විශිෂ්ඨ තිර පිටපතක් කියලා මට හිතෙනවා.
සංගීතය - මම මේක අන්තිමටම කියන්නම්
නලු නිලියන් - ප්‍රදාන චරිත දෙකම ( සිද්ධාර්ථ සහ යශෝදරා ) ඉන්දියන්.. දෙන්නාම ඉතාම සාධාරණයක් කරනවා..යශෝධරා චරිතයට පන පොවන නිලිය මාර සාධාරණයක් කරනවා චරිතයට... ඇත්තටම සංවේදී හිත් කඳුලින් තෙත් කරන්න සමත් රංගනයක්... බුදුහාමුදුරුවොන්ගෙ කකුල් දෙක අල්ලලා වඳින දර්ශනයක් තියෙනවා ඒක මාර තාත්විකයි... සිධ්ධාර්ථ ගිහි ගෙයින් නික්මෙලා යන අවස්ථාව ඇත්තටම දුකයි...එකෙන් පේනවා කොයිතරම් සාධාරනයක් කරලා තියෙනවද කියලා
කැමරා කෝණ - සුපිරියි... මේ කැමරා කෝන නිසාම හිතට වදිනවා සමහර දේවල්
සංගීතය - මේ සියල්ල එක්ක නන්දා මලනියන්ගෙ ශෝකය මුසු වුන ගායනය සියල්ල එකතු උනාම ෆිල්ම් එක අධි සාර්ථකයි කියලා හිතෙනවා මට නම්...
බලන පුළුවන් හැමෝම ගිහින් බලන්න...
චක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ
ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ
චාමර සත් බැබලෙන පා පතුලේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා
පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා
ලෝ යහපත වෙත ආ නරවීරා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාතෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ
පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි
දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි
මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
අග්‍ර කුලය වූ කැත් කුල වංශේ
දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ
ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
උසින් දිගින් සුපිහිටි සොද නාසේ
ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ
දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
මනාව වටකොට සැදි ගෙල ඇත්තේ
සිංහ හනුද මුව රජ වැනි සිරුරේ
රන්පාටින් බැබලෙන ගත සිරියේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන
හිංගුල කන්ද සෙ දිව යහපත් වේ
විස්ස බැගින් යුත් සමසතලිස් දත්
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සුසිනිල කේශය අඤ්ජන වර්ණය
රන්පටයක් බඳු නිමල ලලාටය
ඕසධි තරුවක් සේ පිරිසිදු විය
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිචේඨිත රූපෝ
සාවක මජ්ජගතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ -
අහස් කුසේ සරණා පුන්සඳ සේ
තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්
ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
ඉස්සරවෙලාම පටන් ගමු කතාවෙ තිර පිටපත - මුලදි මේ පිටපතේ ඉතාම කෙටියෙන් සග වේගයෙන් කියාගෙන යන ගතියක් තිබ්බත් ඒක එහෙම නොකර බැහැ.. මොකද යශෝධරා ගේ කතාව සෑහෙන දිග කතාවක් නිසා. හැබැයි මැද හරියේ ඉඳලා ලස්සනට පිලිවෙලට කතාව ගලාගෙන යනවා.. කිසිම කම්මැලි කමක් නෑ..විශිෂ්ඨ තිර පිටපතක් කියලා මට හිතෙනවා.
සංගීතය - මම මේක අන්තිමටම කියන්නම්
නලු නිලියන් - ප්‍රදාන චරිත දෙකම ( සිද්ධාර්ථ සහ යශෝදරා ) ඉන්දියන්.. දෙන්නාම ඉතාම සාධාරණයක් කරනවා..යශෝධරා චරිතයට පන පොවන නිලිය මාර සාධාරණයක් කරනවා චරිතයට... ඇත්තටම සංවේදී හිත් කඳුලින් තෙත් කරන්න සමත් රංගනයක්... බුදුහාමුදුරුවොන්ගෙ කකුල් දෙක අල්ලලා වඳින දර්ශනයක් තියෙනවා ඒක මාර තාත්විකයි... සිධ්ධාර්ථ ගිහි ගෙයින් නික්මෙලා යන අවස්ථාව ඇත්තටම දුකයි...එකෙන් පේනවා කොයිතරම් සාධාරනයක් කරලා තියෙනවද කියලා
කැමරා කෝණ - සුපිරියි... මේ කැමරා කෝන නිසාම හිතට වදිනවා සමහර දේවල්
සංගීතය - මේ සියල්ල එක්ක නන්දා මලනියන්ගෙ ශෝකය මුසු වුන ගායනය සියල්ල එකතු උනාම ෆිල්ම් එක අධි සාර්ථකයි කියලා හිතෙනවා මට නම්...
බලන පුළුවන් හැමෝම ගිහින් බලන්න...
චක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ
ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ
චාමර සත් බැබලෙන පා පතුලේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා
පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා
ලෝ යහපත වෙත ආ නරවීරා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාතෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ
පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි
දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි
මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
අග්‍ර කුලය වූ කැත් කුල වංශේ
දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ
ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
උසින් දිගින් සුපිහිටි සොද නාසේ
ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ
දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
මනාව වටකොට සැදි ගෙල ඇත්තේ
සිංහ හනුද මුව රජ වැනි සිරුරේ
රන්පාටින් බැබලෙන ගත සිරියේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන
හිංගුල කන්ද සෙ දිව යහපත් වේ
විස්ස බැගින් යුත් සමසතලිස් දත්
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සුසිනිල කේශය අඤ්ජන වර්ණය
රන්පටයක් බඳු නිමල ලලාටය
ඕසධි තරුවක් සේ පිරිසිදු විය
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිචේඨිත රූපෝ
සාවක මජ්ජගතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ -
අහස් කුසේ සරණා පුන්සඳ සේ
තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්
ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..

