ෆෙස්බූක්හි නව Photo Viewer ඉවත් කරගන්නා ආකාරය

lkkanika

Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    ෆෙස්බූක්හි නව Photo Viewer ඉවත් කරගන්නා ආකාරය

    ෆෙස්බූක්හි නව Photo Viewer ඉවත් කරගන්නා ආකාරය


    :rolleyes:යාලුවනේ මේ ක මම දාන්නෙ මට ආපු E-mail එකකින් නොපි කරලා. ඔබලාට මෙය ප්‍රයෝජනවත් වේවි කියා සිතමි



    facebook වෙබ් අඩවියට කලින් කලට එක්වන අලුත් විශේෂාංග මගින් එයට නව මුහුණුවරක් ලැබීම ඇතැම් විටක බෙහෙවින් ප්‍රයෝජනවත් මෙන්ම ඇතැම් විටක කරදරයක්සේ ඔබට හැගෙනු ඇත. මෙම ලිපියෙන් බලාපොරොතු වන්නේ මෑතකදී එක් වූ facebook Photo Viewer විශේෂාංගය ඉවත් කරගන්නා ආකාර කිහිපයක් ඉදිරිපත් කිරීමයි.

    තාවකාලික ඉවත් කිරීම

    තාවකාලිකව පහසුවෙන් ඉවත් කළහැකි ආකාර දෙකක් පවතින අතර මෙහි ඇති අවාසිය නම් Photo Viewer දිස්වන සම අවස්ථාවකම මෙය ඔබ විසින්ම සිදු කලයුතු වීමයි.

    1. පළමු ආකාරය වන්නේ Photo Viewer දිස්වූ පසු එම වෙබ් පිටුව refresh කිරීමයි. මේ සදහා F5 බොත්තම උපයෝගී කරගත හැකිය.

    2. දෙවන ආකාරය වන්නේ Photo Viewer දිස්වූ පසු එහි URL එකෙහි අවසානයට සදහන් වන "&theatre" කොටස ඉවත් කිරීමයි.


    ස්ථිර ඉවත් කිරීම

    Revert Facebook Photo Viewer (Chrome)

    Chrome භාවිත කරන්නන් හට Revert Facebook Photo Viewer extension එක භාවිත කිරීම මගින් ස්වයන්ක්‍රීයව එය ඉවත් කරගත හැකිය.


    Facebook Photo Fix (Chrome)


    මෙම Facebook Photo Fix extension එක භාවිත කිරීම මගින් Photo Viewer ඉවත් කිරීම වෙනුවට එහි පාට වෙනස් කල හැකිය. මෙහි කළු පැහැය වෙනුවට අළු පැහැයක් ලැබේ.


    Facebook Lightbox Killer (Chrome, Firefox & Greasemonkey)

    Chrome, Firefox & Greasemonkey භාවිත කරන්නන් හට මෙය බාවිතයෙන් ඉතාමත් පහසුවෙන් Photo Viewer ඉවත් කරගත හැකිය.




    Better Facebook (Firefox, Opera, Safari, Chrome & Greasemonkey)

    Better Facebook මෙය එතරම් ප්‍රසිද්ධ add-on එකක් නොවුවත් මෙමගින් Photo Viewer ඉවත් කිරීම මෙන්ම themes එක් කිරීම, ඔබේ profile එක ඔබට කැමති පරිදි සාදාගැනීම වැනි බොහෝ දේ කරගත හැකි ඉතාමත් අගන add-on එකකි.



    ඔබට ඕනෑම විටක මෙය ඔබගේ ෆෙස්බූක් පිටුවෙහි Options යටතේ වෙනස් කිරීම් කල හැකිය.

    http://mixbaglk.blogspot.com/2011/03/photo-viwer.html
    --
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    eeth F5 ebeemen oita wada pahasuwen wadee karaganna puluwanne
    one pic eke indan F5 obapuwaama kalin thibba vidiyata pic eka pennanawane