ෆේස්බුක් සාමාජිකයෙක්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ෆේස්බුක් සාමාජිකයෙක්

    සෑම ඡන්ද පොළකටම ෆේස්බුක් සාමාජිකයෙක්

    facebook-teens.png


    ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ක්‍රියාකාරීන්ට ඉදිරියේදී මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දීමට හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර තිබෙනවා.

    මැතිවරණ කොමසාරිස්වරයා හා සමාජ ජාල වෙබ් අඩවි ක්‍රියාකාරීන් අතර පෙරේදා (26) පැවති හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළවූ බවයි පැවසෙන්නේ.

    ඒ අනුව සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකටම එක් සමාජ ජාල සාමාජිකයකු බැගින් කොමසාරිස්වරයාගේ නියෝජිතයන් ලෙස පත් කළ හැකි බවත් ජංගම දුරකතන මගින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත හදිසි දැනුම් දීම් කිරීම සඳහා ‘කෙටි පණිවුඩ නියෝජිතයකු” බැගින් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ද මේ අයගෙන් කෙනෙකු පත් කිරීමට හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී දැනුම්දී තිබෙනවා.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එයාට කියල අපි චන්දෙ දාන පොටො 1ක් එහෙම ගහගන්න පුලුවන් වෙයි ද? :rolleyes:
     

    Similar threads