ෆේස්බුක් ඇප්ස් හලක් එයි
ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් අළුත් වැඩකට අතගැසීමට යන බව වාර්තා වේ.
ෆේස්බුක් ඔස්සේ භාවිතා කරන මොබයිල් ඇප්ස් මිලදීගැනීම සඳහා අන්තර්ජාලයේ ඇප්ස් හලක් ආරම්භ කිරීමට එම සමාගම සැරසේ.
ජංගම දුරකතන මගින් ෆේස්බුක් සමාජ ජාලයට පිවිසෙන පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතින නමුත්, මොවුන්ට දිස් වන්නේ සීමිත ෆේස්බුක් වෙළඳදැන්වීම් ප්රමාණයකි.
මේ හේතුවෙන් ෆේස්බුක් ආදායමද සීමා වන අතර, මීට පිළිතුරක් වශයෙන් ඇප්ස් හල ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මෙම ඇප්ස් හලෙන් ජංගම දුරකතන සඳහා මෙන්ම පරිඝණක වලට ද අවශ්‍ය ඇප්ස් ලබාගත හැක.
ඉදිරියේදී ෆේස්බුක් සමාගමේ මූලික කොටස් නිකුතුව පැවැත්වෙන අතර, මෙම නිකුතුවෙන් එම සමාගමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 77 – 96ක් අතර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.