ෆේස්බුක් මගින් ජාතිවාදය ඇවිලූවොත් අත්අඩ&

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ෆේස්බුක් මගින් ජාතිවාදය ඇවිලූවොත් අත්අඩ&

http://silumina.lk/2015/04/12/_art.asp?fn=aa1504121
ජාතිවාදය හා ආගම්වාදය අවුළන දේශපාලන රැස්වීම් තහනම්!
ජාතිවාදය සහ ආගම්වාදය අවුළන දේශපාලන රැස්වීම් පවත්වන පුද්ගලයන් සහ ඒවාට අනුබල දෙන පාර්ශ්ව අත්අඩංගුවට ගෙන, ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසීය. ජාතිවාදී ප්‍රකාශ තහනම් කැරෙන නීති ගෙන ඒමට රජය දැනටමත් පියවර ගෙන ඇති අතර ජාතිවාදය ඇවිස්සෙන අන්දමින් දේශපාලන රැස්වීම් පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ද එම නීති ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍ය හරහා ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ පළ කරන පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළේය. ‘ෆේස් බුක්’ වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අපහාසාත්මක සහ සාවද්‍ය ‍තොරතුරු පළ කළ පුද්ගලයකු දැනටමත් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇති අතර, ජාතිවාදී සහ ආගම්වාදී අදහස් පළ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද පොලීසිය ඒ අයුරින් ම කටයුතු කරනු ඇතැයි එම ප්‍රකාශකයා සිළුමිණට පැවසීය.

මේ තීරණයත් සමඟ ඇතැම් අන්තවාදී ආගමික සංවිධානවලට මෙන්ම ජාතිවාදය පදනම් කරගත් ඇතැම් දේශපාලන සංවිධාන හා දේශපාලනඥයන්ටද මහජන රැස්වීම් පැවැත්වීමේ දැඩි සීමා පැනවෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි දේශපාලන හා ආගමික සංවිධාන සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් දැනටමත් පොලීසියට ලැබී ඇති බවද සිළුමිණට අදහස් දැක්වූ එම ප්‍රකාශකයා අනාවරණය කළේය. එමෙන්ම ජාතිවාදය සහ ආගම්වාදය මුල් කැර ගත් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දුරකතනය ඔස්සේ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළ හැකි ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.