ෆේස්බුක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ෆේස්බුක් ඇතුළු සාමාජජාල අවහිර කිරීම ගැන අද විශේෂ සාකච්ඡාවක්


    ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතයි.

    එහිදී මෙම අවහිරතා ඉවත් කරන්නේද? නැතහොත් තවදුරටත් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

    ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩවිවලට පිවිසිම අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කළේ ඉකුත් 7 වැනිදා සිටයි.

    ඒ, මහනුවර ප‍්‍රදේශයේ පැවති තත්ත්වය සැළකිල්ලට ගනිමින්. ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරවාහැරීම වැලැක්වීම එහි අරමුණ වුණා. කෙසේවෙතත් ආණ්ඩුව පසුව ප‍්‍රකාශ කළේ මෙම තහනම පැය 72 ක කාලයක් සඳහා පමණක් පැනවූ බවයි. එහෙත් එම කාලය දැන් අවසන් වී තිබෙනවා.

    කෙසේවෙතත් සමාජජාල මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය කටයුතු කරනු ඇත්තේ රට තුළ ජාතිවාදී, ආගම්වාදී හා අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇති බවට ආරක්‍ෂක අංශ රජයට වාර්තා කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ වනවිට පනවා ඇති තහනම කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවටද වාර්තා වුණා.

    මේ අතර සමාජජාල මාධ්‍ය මෙන්ම මෙරට මාධ්‍ය සඳහා ද නීති පද්ධතියක් හදුන්වා දිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඒ සදහා ජාත්‍යන්තර රටවල ආදර්ශය ගත හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ.

    මේ අතර අන්තර්ජාලය භාවිත කරමින් ජාතීන් අතර අසමගිය ඇතිවන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා ලබන 22 වැනිදා තෙක් මාකොළ තරුණ රැදවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට අධිකරණය ඊයේ (11) නියෝග කළා.



    df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    කී බෝර්ඩ් එකෙන් රට පෙරලන්ඩ යන තමන් රැඩිකල් කියලා හිත්න් ඉන්න පොන්න පැටව් ටිකක් නිසා හැමෝම අමාරුවේ..ආන්ඩුවත් ඊට හපන්..පඩයක් ගියත් ලබ්බෙ දේශපාලනේ තමා.මටනම් අප්පිරියයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැමදාම සාකච්චා...
    යහපාලනෞඅ ගෙනාවෙත් එෆ්බී උදව්වෙන් තමා
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    It won't work... Everyone will use VPNs and next election will show the reaction
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මත්තියා අපේ පල්ලිය හදා ගන්න ආධාරයක් දෙන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26.gif

    හික්... හිකිස්...
    ඔක්කොම ටික තහනම් කරල ෆ්‍රී වයි පයි දෙයි
    එතකොට ඉතිං ඔය මගුල කොස් කොටන්නද ආයිබෝං
    අවුරුදු තිහක යුද්දයක් තිබිලත් නොවුන දේවල් තමයි දැන් දැන් වෙන්නෙ.
    හීනෙන් "පඩයක්" ගියත් ඇති තහනමක් ගේන්න.