ෆොන්සේකාගේ කට වරදිනවා ද? වරද්දනවා ද?
http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091226_02
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව 58 වන සේනාංකාධිපති එවකට බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා විසින් සුදු කොඩි ඔසවාගෙන පැමිණි LTTE ත්‍රස්තවාදී නායකයින්ව වෙඩිතබා ඝාතනය කල බව තමන් මාධ්‍යවේදියෙකු හරහා දැනගත් බව පසුගියදා රත්නපුරයේ පැවති ජනරැළියක් අමතමින් විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මීට පෙර පසුගිය 12 වැනිදා “Sunday Leader” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මොහු මෙවැනිම ප්‍රකාශකයක් කල අතර ඉන් දින කීපයකට පසුව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු ශ්‍රී ලංකා රජය වෙත ලිපියක් එවමින් ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා සිටියහ. දහස් ගණනක් රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදී උවදුර නිමාකර දේශයම ජයග්‍රහණය කල මොහොතක සරත් ෆොන්සේකා මහතා වැනි අයෙකු මෙවැනි ප්‍රකාශ දිගින් දිගටම සිදුකරන්නේ කුමක් අරමුණු කරගෙනදැයි ප්‍රශ්නාර්ථයකි.
අනෙක් පසින් මොහු මෙම ප්‍රකාශ හරහා චෝදනා කරනු ලබන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වාට විරුද්ධවය. මොවුන් දෙදෙනාම 2010 ජනාධිපතිවරණය සඳහා තරගවදින අපේක්ෂකයන් නොවේ. එසේනම් පැහැදිලිවම සරත් ෆොන්සේකා මහතා මේ සිදුකරනු ලබන්නේ පුද්ගලයන් එල්ල කරමින් ද්වේශසහගත ප්‍රකාශයන් සිදුකිරීමයි. ඔහුගේ මෙම ද්වේශසහගත ප්‍රකාශයන් හමුවේ රටට සිදුවන විනාශය සහ බලපෑම කෙතරම්ද යන්න ඔහුට නොදැනීම පුදුම සහගතය.

තමන් කරනු ලබන ප්‍රකාශ හමුවේ රටට වන බලපෑම සරත් ෆොන්සේකා මහතාට නොදැනෙනවා යන්න සිතීමට අපහසුය. දිගින් දිගටම මෙවැනි ප්‍රකාශ සිදුකරමින් ඔහු කරනු ලබන්නේ කාගේ හෝ කොන්තරාත්තුවක් බව පැහැදිලිය. සරත් ෆොන්සේකා මහතා හරහා මෙවැනි ප්‍රකාශ සිදුකරවීම රනිල් හා මංගල ගේ උපායක් විය හැකි බවට සාධාරණ සැකයක් මතුවේ. මන්ද රනිල් මංගල ද්විත්වය සරත් ෆොන්සේකා මහතාව 2010 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරවන ලද්දේ ජයග්‍රහණය සඳහා නොව මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාවය අඩු කිරීම සඳහා කරනු ලැබූ උපක්‍රමයක් ලෙස පමණි. ජවිපෙ සරත් ෆොන්සේකා මහතා දිනවීමට කොතරම් කැපවීම් කලද ඔහු මෙලෙස දිගින් දිගටම කරනු ලබන ප්‍රකාශ වලින් සිදුවනුයේ ඔහු කෙරෙහී පවතින ජනප්‍රියතාවය ක්‍රමයෙන් අඩු වීමය. සරත් ෆොන්සේකා මහතාගේ පරාජය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම රනිල් මංගල ද්විත්වය ද ජයග්‍රහණය කරන බව තවමත් සරත් ෆොන්සේකා මහතාට වැටහී නැති තරම්ය.