ෆොන්සේකාගේ කොළඹ 07 කාර්යාලය වැසේ

Jan 29, 2010
33
6
0
ෆොන්සේකාගේ කොළඹ 07 කාර්යාලය වැසේ

කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අයත් කාර්යාලය කිසිදු හේතුවකින් තොරව පසුගිය සෙනසුරාදා සිට වසා දමා ඇතැයි වාර්තා වේ. හමුදාවෙන් පැන ගිය සහ හමුදාවෙන් විශ‍්‍රාම ගත් පුද්ගලයන් සොයා පසුගිය සෙනසුරාදා පොලීසිය මෙම කාර්යාලය වටලා තිබෙන අතර පොලීසිය පැමිණෙන බව ෆොන්සේකා මහතාට යම් ආකාරයකින් සැල වීමෙන් පසු එහි සිටි සියලූ දෙනා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. කෙසේ වෙතත් ඉතා වැදගත් ලිපි ලේඛන කිහිපයක් සහ සංයුක්ත තැටි කිහිපයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙන අතර ඒ ඔස්සේ මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ අතර 40 කට වැඩි විශ‍්‍රාමික සහ සේවයෙන් පලා ගිය හමුදා නිලධාරීන් පිරිසක් පොලීසිය විසින් මේ වන විට රඳවා තබා ගෙන ඇති බවත් ඔවුන් අතර මේජර් මල්ලිකාරච්චි, මේජර් කොඩිප්පිලි, මේජර් උපාලි ජයනෙත්ති, කැප්ටන් කුඩලගම, කැප්ටන් දිසානායක සහ දෙවන ලූතිනන් සමරකෝන් යන අය වෙති. මොවුන් විනය ප‍්‍රශ්න මත හමුදාවෙන් නෙරපා ඇති අය බව හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ෆොන්සේකා මහතා ඔහු යටතේ තබා ගෙන ඇති හමුදාවෙන් පලා ගිය සෙබළෙකු සඳහා රුපියල් 50000 ක සහ නිලධාරියෙකු සඳහා රුපියල් 100000 ක මාසික දීමනාවක් ගෙවා ඇති බව වාර්තා වෙයි.
 

Similar threads