ෆොන්සේකාගේ සිරගත ජීවිතය..!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆොන්සේකාගේ සිරගත ජීවිතය..!

    sarath-fonseka-in-jail.jpg



    වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අවසන් කෙරුණු ඉකුත් මානුෂීය මෙහෙයුම අවසාන වී අපගේ මතකයේ හැටියට දෙමාසයක්‌ පමණ ගත වෙද්දී මෙරට යුද හමුදා ඉතිහාසයට එක්‌ වූ අපූරු සිදුවීමක්‌ කොළඹ යුද හමුදා මූලස්‌ථානයේදී සිදුවිය.

    එදා එහි වූ අපූර්වත්වය සේම විශේෂත්වයද හේතුවෙන් එම සිදුවීම ආවරණය සඳහා මෙරට මෙන්ම එතෙර මාධ්‍යයද ලබා දී තිබුණේ ප්‍රමුඛ අවස්‌ථාවකි.

    මේ නිසාම මාධ්‍යවේදීන් රැසක්‌ එදින යුද හමුදා මූලස්‌ථානය වෙත පැමිණ සිටියේ එක පොදියට එක්‌ව උණුසුම් ඉලක්‌කය සොයා යන තිර අදිටනින් යුතුවය. මේ ලියුම්කරුද එදා එම ස්‌ථානයේ සිටියේ සෙසු සියල්ලන් සේ එකම අරමුණක්‌ සහිතවය.

    ඉහළ ආචාර සම්මාන මුරයකට සූදානම් වූ යුද හමුදා උසස්‌ නිලධාරින් කිහිපදෙනකුද ඇතුළත් සෙසු නිලයෝ හමුදා මූලස්‌ථානයේ වූ මාවතේ එක පෙළට පෙළ ගැසී සිටිති. එය පෙනෙන මානයේ ස්‌ථානයක රැඳුණු මාධ්‍යවේදීහුද නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූහ.

    කාලය කෙමෙන් ගෙවී යන්නට විය. මේ අතරේ එක්‌වරම යුද හමුදා මූලස්‌ථානයේ ක්‍රීඩා පිටිය දෙස සිට පරිවාර රථද සහිතව අලංකාර හමුදා රථ පෙළක්‌ ඉදිරියට එන්නට වූවේය. සම්මාන මුරයේ වූවෝ සැණින් සිය ආචාරයට සූදානම් වූහ.

    තවත් විනාඩි කිහිපයකදී ඉදිරියටම පැමිණි රථ පෙළ අතරේ වූ පරිවාර රථ නොනවත්වාම සෙමෙන් පෙරට ධාවනය වන අතරේ එක්‌ සුවිශේෂී රථයක්‌ සම්මාන මුරය ඉදිරියේ නතර කෙරිණ.

    එසැණින් රථය වෙත ගිය යුද හමුදා සෙබළුන් දෙදෙනකු එහි දොරටු විවර කරන්නට වූහ. එකෙනෙහි මෙරට ඉතිහාස පුස්‌තකයේ නොවරදාම නාමය සටහන් වන මේ සිදුවීම් පෙළේ නිමිත්ත වූ එක්‌ වටිනා චරිතයක්‌ සිය දේහධාරි සිරුරට මනාව ගැලපෙන හමුදා නිල ඇඳුමින් සැරසී ගාම්භීර ලෙස රථයෙන් බිමට බැස්‌සේය.

    "සම්මාන මුරයාප්.. සීරුවේන් සිටින්.. ඊට අණ දෙන්නා ගැඹුරු හඬින් සෙසු නිලයන් වෙත සිය නියෝගය නිකුත් කරමින් සිටී. මාධ්‍යවේදීහු ඒ රුව උපරිම කෝණයෙන් සිය කැමරා කාචයන්හි සටහන් කර ගැනීමට වෙහෙස දරමින් සිටිති.

    මේ අතරේ තමන්ට හිමි සියලු ආචාරයන්ට සමාචාර දක්‌වමින් හේ පරිවාර උසස්‌ හමුදා නිලධාරින් දෙදෙනකුද සමගින් රතු පලසක්‌ මත ඇවිද යමින් සිටී.

    එදා එහි සිටි මේ විශේෂිතයා කවරෙක්‌ද? ඒ අන් කවරෙකුත් නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රජය යටතේ සිදු කෙරුණු මේ බිමට සැබෑ නිදහස උරුම වූ දෙවන නිදහස්‌ සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය දුන් අභීත සෙන්පතියා ඔහුම විය.

    යුද හමුදා ඉතිහාසයේ සක්‍රීය සේවයේ සිටියදී ජෙනරාල් නිලයට උසස්‌ කෙරුණු එකම හමුදා නිලධාරියා වුවද යුද අධිකරණමය තීන්දුවක්‌ අනුව දැන් අපට ජෙනරාල් යෑයි ප්‍රසිද්ධියේ කීමට තබා අකුරු කරන්නටවත් නොහැකි සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා හෙවත් රටම දන්නා සරත් ෆොන්සේකා ඔහුය.

    මේ අතීත දිනයේ යුද හමුදා මූලස්‌ථානයේදී සිදුවූ සුවිශේෂී සිදුවීම වූයේ කුමක්‌ද? වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය හමුදාපති ධුරයේ වැඩ භාර ගනිද්දී සරත් ෆොන්සේකා මහතා එතෙක්‌ සිටි හමුදාපති ධුරයෙන් ඉවත්ව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගැනීම එකවර සිදුවීම එකී ඉතිහාසගත සිද්ධිය විය.

    මේ සියල්ල එලෙසින්ම සිදු විය. අවසානයේ උදාවූයේ වත්මන් යුද හමුදාපතිවරයාත් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස එදා වැඩ භාර ගත් සරත් ෆොන්සේකා මහතාත් මාධ්‍ය හමුවේ සිය අදහස්‌ දැක්‌වීමේ අවස්‌ථාව විය.

    සරත් ෆොන්සේකා මහතා එකී මාධ්‍ය හමුවට සහභාගිව සිටියේ සිනහ මුසුවය. එහෙත් කුමක්‌දොa බැරෑරුම් බවක්‌ද එදා ඔහුගේ මුහුණේ තිබිණි.

    "ජෙනරාල්.. ඔබ දේශපාලනයට එනවා යෑයි සමාජයේ කතාවක්‌ පැතිර යනවා.. ඇත්තෙන්ම ඔබ දේශපාලනයට පිවිසීමේ අදහසකින් සිටිනවාද? මෙම මාධ්‍ය හමුව අවස්‌ථාවේ එහි සිටි මාධ්‍යවේදියකු එදා සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටින්නට විය.

    ඒ වන විට සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිසෙන බවට වූ ඉඟි රැසක්‌ විවිධ මානයන් වෙතින් සමාජයේ මතුව තිබීම මාධ්‍යවේදියා ඔහුගෙන් ඇසූ එම පැනයට එකම සහ ප්‍රබලම සාධකයද විය.

    "නැහැ.. කිසිවිටෙකත් දීර්ඝ කාලයක සිට සොල්දාදුවකු ලෙස ගොඩනගා ගත් කීර්ති නාමය දේශපාලනයට පැමිණ විනාශ කර ගැනීමට මා සූදානම් නැහැ.. මේ සටහන් කෙරුණේ එදා මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා පැහැදිලි තිර හඬින් කී කතාවය.

    එහෙත් ඒ ඉතිහාසගත දිනයේ එසේ කී සරත් ෆොන්සේකා මහතා අද සිටිනුයේ කොහේද? ජාතික වීරයකු ලෙස මල් පිදිය යුතු හේ අද මේ රටේ දේශපාලනය නමැති දුගඳ හමන ගොහුරුවට පා තැබීම හමුවේ නිකම්ම නිකම් සරත් ෆොන්සේකා ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කමින් නොසිටින්නේද?

    බලය සොයා යන ගමනේදී ඇඳිවත පුදා හෝ මනාපයක්‌ ගන්නට දතකන අපේ ඇතැම් දේශපාලන චරිත අතරේ සරත් ෆොන්සේකා යන්න අද නවකතාවක්‌ බවට පත්ව ඇත්තේද ඇතුළාන්තයේ වන ඉහත සඳහන් කෙටි කතාව නිසාමය.

    මෙකී දේශපාලනඥයන් අතරේ අද සරත් ෆොන්සේකා ප්‍රබල මාතෘකාවක්‌ බවට පත්ව ඇත්තේ "බලය" යන නිමිත්ත යටතේය. එසේ නොමැතිව සරත් ෆොන්සේකා කෙරෙහි වූ සැබෑ ආදරයක්‌ ඒ කිසිවක්‌ තුළ නොවන්නේය. කවුරුන් කුමක්‌ කීවක්‌ පැහැදිලි සත්‍යය ඇත්තේ එතැනය.

    රටක නීතියක්‌ තිබිය යුතුය. එකී නීතියට අනුව යම් පුද්ගලයකු වරදකරුවකු වන්නේ නම් තරාතිරමකින් තොරව දඬුවම්ද ලැබිය යුතුය. එහි විවාදයක්‌ නොවන්නේය.

    එහෙත් ඉහත අකාරයේ දේශපාලනඥයන් මෙන් නොව මව්බිමට ආදරය කළ යෝධ චරිතයක්‌ ලෙස සරත් ෆොන්සේකාව දකින සහ රණවිරුවකු ලෙස ඔහුව ආදරයෙන් වැළඳ ගන්නා රටේ ජනතාවගේ මානයේ සිට ඔහු පිළිබඳ කතා කරද්දී අපට මතුවන ගැටලුවක්‌ද වන්නේය.

    වැලිකඩ එල්ලුම් ගහ ගෝල්ෙµaස්‌ පිට්‌ටනියට ගෙනවිත් දඳුවම් දිය යුතු තක්‌කඩියන් රොත්තක්‌ අපේම ඡන්දයෙන් නොසිටිය යුතු තැන්වල වැජඹෙද්දී සරත් ෆොන්සේකා තව දුරටත් සිරබත් කෑ යුතුද යන්න එම ගැටලුව වන්නේය.

    ගාර්දියහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා එසේත් නැතහොත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද වැලිකඩ කොටු පවුර තුළ සිරගතව සිටිනුයේ සිරකරු අංක ඕ. 22032 යටතේ වේ.

    එදා හමුදාපති ලෙස වීරයකු වී අද සිරකරුවකු ලෙස සිටින ඔහුගේ ජීවිතය ගලා යමින් තිබෙන්නේ කෙසේද? මෙතෙක්‌ කිසිවෙකුත් නොසෙවූ සහ නොකියූ ඒ කතාව අපි මෙසේ කියන්නෙමු.

    සරත් ෆොන්සේකා මහතා මේ බිමේදී මුලින්ම සිරකරුවකු වන්නේ ඉකුත් 2010 ජනාධිපතිවරණයේ නිමාවත් සමග 2010 පෙබරවාරි මාසයේදී යුද හමුදා පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙනි.

    සරත් ෆොන්සේකා යනු එදා පටන් මේ දක්‌වාම ගත කරනුයේ සිරගත ජීවිතයකි. ඒ කෙසේද? ඔහුව තර්ස්‌ටන් පෙදෙසේ වූ සිය පක්‍ෂ කාර්යාලයේදී මුලින්ම යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබනු ලැබුවේ නාවික හමුදා මූලස්‌ථානයේ වූ නිවසක විය.

    ඒ සැකකරු අංක 4763 යටතේ විය. එතැන් පටන් යුද අධිකරණ දෙකක්‌ මගින් නඩු විභාග කොට තීන්දු ප්‍රකාශ කෙරෙන තුරුම ඔහු එම නිවසේ රඳවා තැබිණ.

    එම නිවස වූ කලී නාවික හමුදා ප්‍රධානියකුට අයත් නිල නිවසකි. සිව් මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහලේ වූ එම නිවසේදී සරත් ෆොන්සේකා මහතාට ලැබුණේ එක්‌ කාමරයක වීසීමේ සහ එම නිවසේ සාලය කොටස භාවිත කිරීමේ පහසුකම පමණි.

    "ඔව් මහත්තයාව එහෙට ගෙනාවට පස්‌සේ එයාව බලන්න අවසර ලැබුණේ හතර දෙනකුට විතරයි.. ඒ බිරිඳ අනෝමා ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්‌, පියුමි කල්පනා සහ ප්‍රසන්න මුණසිංහ කියන පවුලේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියකුට.. ඒත් මෙතනදිත් මහත්තයට කෑම එක ගෙනත් දෙන්න දුන්නේ අනෝමා ෆොන්සේකා මහත්මියට විතරමයි..

    වෙන කාටවත් ඒ අවසරය දුන්නේ නැහැ.. කෑම දෙන වෙලාවට තමයි හොඳම සිද්ධිය සිද්ධ වුණේ. අනෝමා මැඩම් කෑම ගේන පෙට්‌ටිවලට ඉබියතුරු දාලා තිබුණා.. ඒකේ එක යතුරක්‌ තිබුණේ මැඩම් ළඟ..

    අනෙක්‌ යතුර තිබුණේ මහත්තයා භාරව රාජකාරි කරපු බන්ධනාගාරේ නිලධාරියෙක්‌ ළඟ.. කෑම ගෙනාවට පස්‌සේ මහත්තයට ඒවා දෙන්න ඉස්‌සර වෙලා හමුදාවේ නිලධාරියකුයි නිලධාරිනියකයි එනවා පරීක්‍ෂා කරන්න..

    ඒ ඇවිත් එයාලා හැම කෑමකින්ම චුට්‌ටක්‌ කාලා බලනවා.. එහෙම කාලා පරීක්‍ෂණ නළ වගේ ඒවට තවත් චුට්‌ටක්‌ අරගන්නවා.. ඒවා ශීතකරණයක අරන් තියනවා.. ඊට පස්‌සේ තමයි මහත්තයට ගෙදරින් ගේන කෑම එක කන්න දුන්නේ.. හැබයි මේව කෙරුවේ මහත්තයාගෙම ආරක්‍ෂාවට.

    නාවික හමුදා මූලස්‌ථානයේ ඉන්න කාලේ මහත්තයා මුර කරන්න මිලිටරි පොලිසියේ පස්‌ දෙනෙක්‌ පැය විසි හතරෙම එතන හිටියා.. ඊට අමතරව බන්ධනාගාරේ නිලධාරි දෙන්නෙකුත් නාවික හමුදාවේ පිරිසකුත් හිටියා.. ඒ නිවස භාරව හිටියේ හමුදාවේ මෙජර් ජෙනරාල් කෙනෙක්‌.. කාටවත් ෆොaන් අරගෙන එතනට යන්න බැහැ..

    ඒත් සමහරු ෆොaන් අරගෙන ඇවිත් ඒ දවස්‌වල මේ නිවස වීඩියෝ පවා කළා.. හැබැයි හොරෙන්.. ඒ දවස්‌වල වෙච්ච හොඳම සිද්ධියක්‌ තමා පළවෙනි යුද අධිකරණෙන් මහත්තයගේ නිල තනතුර ඉවත් කරලා එයාට අයිතිව තිබුණ තරු, පටි ගලවන්න හමුදාවෙන් ආපු එක..

    ඒ වැඩේට ආවේ හමුදාවේ ලොකු මහත්තුරු තුන් දෙනෙක්‌.. හැබැයි එයාලට එදා ඒක කරන්න බැරි වුණා.. මොකද මහත්තයා එදා හොඳටම කලකිරිලා වගේ ඒ නිලධාරින්ට කිව්වා මාවිල් ආරු සොරොව්ව ආයෙත් වහලා.. තොප්පිගල කැලේට හිටපු කොටි ත්‍රස්‌තවාදීන් ටික දාලා ආවොත් තරුයි පටියි ඔක්‌කොම ගලවලම දෙන්නම් කියලා..

    මහත්තයා රඳවලා හිටපු ඒ ගෙදර තිබුණේ වටෙන්ම ආවරණය කරලා.. මහත්තයට පිටත පේන නිසා ඒකේ ජනෙල්වලට ලෑලි ගහලා වහලා දැම්මා.. ඒ දවස්‌වල කෑම අරගෙන ආපුවහම අනෝමා මැඩම්ට පැයක්‌ විතර මහත්තයා එක්‌ක කතා කරන්න හම්බ වුණා..

    මහත්තයා නාවික හමුදා මූලස්‌ථානයේ රඳවලා හිටපු කාලේ ගත කළේ ඔය වගේ ජීවිතයක්‌.. ඒ ගෙදර පැය විසි හතරෙම ලයිට්‌ දාලා.. මහත්තයා බලන්න මැඩම් ආපුවහම එයාලා කතා කරන එක ආරක්‍ෂාවට ඉන්න අයට පේන විදිහටයි හැම දෙයක්‌ම සිද්ධ වුණේ..

    සරත් ෆොන්සේකා මහතා මුලින්ම රඳවා සිටි නාවික හමුදා මූලස්‌ථානයේ වූ එම නිවසේ සෑබෑ වටපිටාව මේ ලෙස අපට කීවේ එදා එහි රැකවලට සිටියකුම විසිනි.

    සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධානාගාරය දක්‌වා පැමිණි ගමන ආරම්භ වන්නේ ඒ මහතාට එරෙහි විභාග වූ දෙවැනි යුදාධිකරණ තීන්දුවත් සමගිනි. ඒ ඔහු අත්අඩංගුවට ගෙන නාවික හමුදා මූලස්‌ථානයේ රඳවා මාස අටක පමණ කාලයක්‌ ඉක්‌ම ගිය පසුව විය. එහිදී ඔහුට ලබා දුන් දඳුවම වූයේ වසර දෙකහාමාරක සිර දඬුවමකි.

    "ඔව්.. ඒ 2010 අවුරුද්දේ නොවැම්බර් මාසේ දවසක්‌.. එදා තමයි සර්ව මුලින්ම වැලිකඩට ගෙනාවේ..

    සර්ව අරගෙන එනකොට වැලිකඩ බන්ධනාගාරේ වටේම මාධ්‍යවේදීන් පිරිලා හිටියා..නිලධාරින්ට කර කියා ගන්න දෙයක්‌ නැති වුණා.. අන්තිමට සර්වත් අරගෙන අපි බන්ධනාගාරෙට ඇතුළු වුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පැත්තෙන්.. ඒ මැද්දේ තියෙන දොරකින් තමයි සර්ව වැලිකඩට අරගෙන ආවේ..

    සරත් ෆොන්සේකා මහතා වැලිකඩට ගෙන ඒමේ කථාවේ ආරම්භය එසේ අපට කීවේ එක්‌තරා බන්ධනාගාර නිලධාරියෙකි.

    මෙලෙස සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන පැමිණි දිනයේ ඔහු රඳවා තැබූ වැලිකඩ බන්ධනාගාරයේ සුප්‍රසිද්ධ එස්‌. වාට්‌ටුව හෙවත් විජය කුමාරතුංග ශාලාවේ තිබී ඇත්තේ මෙට්‌ටයක්‌ පමණකි.

    ඔහුව එතුළට දැමීමෙන් පසු එය දැක කම්පා වූ එක්‌තරා බන්ධනාගාර නිලධාරියකු එදා සරත් ෆොන්සේකා මහතා වෙත ගොස්‌ කණගාටුවෙන් මෙලෙස විමසා ඇත්තේය.. "සර්.. කොහොමද සර් මෙතැන ඉන්නේ.. අපි පොඩි අයනේ අපිට කිසි දෙයක්‌ කරන්න බැහැ..

    එහිදී සරත් ෆොන්සේකා මහතා එකී බන්ධනාගාර නිලධාරියාට ලබා දී ඇත්තේ අපූරු පිළිතුරකි. "කමක්‌ නැහැ පුතා.. කැලේට ගිහින් යුද්ධ කරනකොට ගස්‌ දෙබල්වල නිදා ගත්ත මට මේක හොඳයි.. මේක නැතුව පැදුරක්‌ තිබුණත් මට ඒ ඇති.. සරත් ෆොන්සේකා මහතා එදා වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියාගේ හිත හදා තිබුණේ එලෙසිනි.

    "සර් එදා ඉඳන් අවුරුද්දකුත් ගෙවිලා ගිහින් අදටත් ඉන්නේ ඒ කාමරේමයි.. මේ වෙකොට නම් සර් ඉන්න කාමරය තියෙන පැත්ත සම්පූර්ණයෙන්ම වට කරලා තහඩු ගහලා තියෙන්නේ..

    හැබයි දැන් ඒ කාමරේ එදාට වැඩි ගොඩක්‌ පහසුකම් තියෙනවා.. ඒකේ ෆෑන් එකක්‌ තියෙනවා.. රූපවාහිනියක්‌ තියෙනවා.. සර්ට නිදා ගන්න ඇඳක්‌ තියෙනවා.. එක්‌සයිස්‌ මැෂින් එකක්‌ වගේම නාන්න උණු වතුරත් තියෙනවා.. හැබයි මේ හැම දෙයක්‌ම සර්ට හම්බ වුණේ අධිකරණයෙන් දීපු නියෝග නිසා.. ඉහත බන්ධනාගාර නිලධාරියා යළිත් වරක්‌ අපට ඒ කතාව කිවේ එසේය.

    වැලිකඩ බන්ධනාගාරේ මහ විශාල ලෑලි දොරෙන් ඇතුළට ආපුවහම මුලින්ම තියෙන්නේ යකඩ ගේට්‌ටුවකි.

    එය පසුකර ඉදිරියට ගිය විට හමුවන්නේ මකර තොරණකි. ඉන් ඇතුළු වූ කල වැලිකඩ සිරකරුවන් වැඩ දමන කර්මාන්ත අංශය පෙනෙන්නට තිබේ.

    එයත් පසු කර ඉදිරියටම ගිය කල්හි කදිමට නිර්මාණය කෙරුණු දර්ශනීය පොකුණක්‌ දකින්නට තිබේ.. එහි පසෙක සද් ව්‍යාපාරයක්‌ වූ බාල දක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ වූ පාවුළු ස්‌වාමි තුමන්ගේ පිළිරුවකි.

    වැලිකඩට එන ළාබාල තරුණ රැඳවියන් රඳවා තැබෙන "වයි. ඕ." වාට්‌ටුව ඇත්තේ ඉන් එක්‌ පසෙකය. සරත් ෆොන්සේකා මහතා අද රඳවා සිටින එස්‌. වාට්‌ටුව හෙවත් විජය කුමාරතුංග ශාලාව ඇත්තේ එහි අනෙක්‌ පසය.

    ඊට ඇතුළු විය හැක්‌කේ එකම දොරටුවකින් පමණකි. ඒ දිවා රාත්‍රි ඕවසියර්වරයකුද ඇතුළු නිලධාරින් පස්‌ දෙනකු පමණ මුර කරනු ලබන මුරකුටියක්‌ හරහාය. එය බන්ධනාගාරය ඇතුළත තවත් බන්ධනාගාරයක්‌ ලෙස වටේටම ආවරණය කෙරුණු වෙනමම ලෝකයකි.

    ඔව්.. සර් දැන් හැමදාම උදේ පහට හයට විතර ඇහැරෙනවා.. පස්‌සේ කාමරේ තියෙන මැෂින් එකේ ව්‍යායාම කරනවා.. ඊට පස්‌සේ බුදුන් වඳිනවා.. එයිනුත් පස්‌සේ දහයට විතර තමයි මහත්තයා උදේ කෑම ගන්නේ..

    සර්ට අද දෙන කෑම වේල විශේෂ එකක්‌.. ඒකත් අධිකරණ නියෝගයක්‌.. ඒ කෑම වේලට ගස්‌ලබු කෑල්ලක්‌ අනිවාර්යයි.. හමුදා මූලස්‌ථානයේදී එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සර්ගේ උධරයටවෙලා තියෙන තුවාල නිසයි එහෙම කරන්නේ.. ඒක තුන් වේලටම දෙනවා.. සර්ගේ කෑම එක අරගෙන එන්නේ බන්ධනාගාර කුස්‌සිය භාරව ඉන්න නිලධාරියා..

    ඒක උස්‌සගෙන එන්නේ වෙනත් සිරකරුවෙක්‌.. කෑම එක ගෙනාවහම ඒකේ තියෙන හැම දෙයක්‌ම මුරට ඉන්න නිලධාරින් වෙනම පොතක සටහන් කරන්න ඕනේ.. කරපිංච කොලේ ඉඳන් එහෙම ලියනවා..

    උදේ කෑම වේල ගත්තට පස්‌සේ සර් වැඩිපුරම කරන්නේ පොත් කියවන එක.. රෑ එකොළහ දොළහ වෙනකම්ම සර් කාලේ ගෙවන්නේ ඔය විදිහට.. සමහර දවස්‌වලට එක දෙක වෙනකම්ම පොත් කියවනවා.. බන්ධනාගාර නිලධාරියා ඒ කතාව තවදුරටත් අපට පැහැදිලි කරමින් සිටී

    අද වැලිකඩදී සරත් ෆොන්සේකා මහතාගේ සහායට සිටින තවත් සිරකරුවන් දෙදෙනකුද වන්නේය. ඒ සිරකරු අනුර සහ "කලු බාපන" අඳින සිරකරුවකු වන විමලේ වෙති. මේ කලු බාපන යනු බන්ධානාගාරයේදී යහපත් කල්ක්‍රියාව මත සිරකරුවකුට හිමිවන විශේෂ වරප්‍රසාදයකි.

    "සර් කාමරේ ඉන්න ගොඩක්‌ වෙලාවට ඉන්නේ කමීසය ගලවලා.. ඒ වෙලාවට සර්ට වෙඩි වැදිලා තුවාල වේච්ච තැන් හොඳට පේනවා.. ඒවා දැකලා බන්ධනාගාර නිලධාරින් දුක්‌ වෙන අවස්‌ථා හුඟක්‌ තියෙනවා..

    මොනවා වුණත් සර් වැසිකිළියට ගියත් චුට්‌ටක්‌ හරි එයාව පේන විදිහට තමයි අද ඉන්න කාමරෙත් හදලා තියෙන්නේ.. සර් අපිට බනින්නේ නැහැ.. හැබැයි සර්ව එළියට අරගෙන ගියහම මාධ්‍යවලින් එයාව ආවරණය කරන වෙලාවට එයා අපිට බණිනවා..

    ඒත් පස්‌සේ කියනවා ඔයාලා කළේ ඔයාලගේ රාජකාරිය.. හැබයි පුතෝ මගේ රාකාරිය තමයි කොහොම හරි මාධ්‍යවලට කථා කරන එක කියලා.. එහෙම කියලා හිනා වෙනවා.. ඒත් සර් අද ගෙවන ජීවිතේ දුකක්‌ මෙතෙන්දී ඒක එයාට උරුම නොවිය යුතුව තිබුණු එකක්‌ කියලා නම් පැහැදිලිව කියන්න ඕනේ..

    මේ අප සමග කතා කළ ඒ නිලධාරියා අද සරත් ෆොන්සේකා මහතා ගෙවන ජීවිතය පිළිබඳ කථාව අවසන් කරමින් සිටි අයුරුය..

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සරත් ෆොන්සේකා මහතා එදා 2010 ජනාධිපතිවරණයට තරග කිරීමට ගත් තීරණයත් සමග ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස රාජකාරි කළ සිය තනතුරින් ඉවත්ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී අවසන් වරට ජනපතිවරයාට අතට අතදී නික්‌ම ගියා අපට මතකය.

    යන්නා සේම අවැසි නම් යළි පැමිණෙන්නැයි ජනාධිපතිවරයා ඒ මොහොතේදී සරත් ෆොන්සේකා මහතාට සමු දෙමින් පැවැසීය.

    එහෙත් ඒ ගිය සරත් අද එන්නේ කෙසේද? ඊට ඇති බාධක රැසකි. මේ අතරින් ලොකුම බාධකයක්‌ වී ඇත්තේ සරත් අද සිරකරුවකුව සිටීමම නොවන්නේද?

    විටෙක සිත් බිඳෙන්නේය. එහෙත් ඒ බිඳුනු සිත් යළි එක්‌ වන දිනක්‌ද පැමිණෙන්නේය. ඒ මිනිස්‌ කමේ ස්‌වභාවයකි. යථාර්ථය එයමය. එසේ නම් අපේ කාලයේ වීරයන් අතර සිටි තවත් එක්‌ වීරයකු වූ සරත් ෆොන්සේකාට නිදහසක්‌ හිමි වීම යනු සිදු විය නොහැක්‌කක්‌ විය හැකිද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙත් ඒ ගිය සරත් අද එන්නේ කෙසේද? ඊට ඇති බාධක රැසකි. මේ අතරින් ලොකුම බාධකයක්‌ වී ඇත්තේ සරත් අද සිරකරුවකුව සිටීමම නොවන්නේද?

    ඇත්ත ඇත්ත ලොකුම බාදකය තමයි හිරේ ඉන්න එක,ඒත් ඒ බාදකේ ජයගෙන මරාලයක් ඇගේ දා ගන්ඩ හදපු පෙත්සමත් දෙල් උනා නේද? :lol::lol::lol:
    සුද්දගෙ පෙත්සමට කපුකමි කරපු උබෙන් මම නමි කිසිම විදිහකට මේ වගේ තෙර්ඩි එකක් බලාපොරොත්තු උනේ නැ.:lol::lol:
    පුදුම අසරන කමකින් ලියල තියෙන්නෙ,:lol: දැන් කවද්ද බන් සුද්ද එන්නෙ සුද්දගෙ පෙත්සමට මොකද උනේ?:P:P ඒක ගැන කියල හිටපන් ඔය බයිල නමි එදා ඉසලම කියන දේවල්නේ :P:P:lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බලන් හිටපන් Obaaaamaaaaaa ඇවිත් බේරගන්නකම් :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්ත ඇත්ත ලොකුම බාදකය තමයි හිරේ ඉන්න එක,ඒත් ඒ බාදකේ ජයගෙන මරාලයක් ඇගේ දා ගන්ඩ හදපු පෙත්සමත් දෙල් උනා නේද? :lol::lol::lol:
    සුද්දගෙ පෙත්සමට කපුකමි කරපු උබෙන් මම නමි කිසිම විදිහකට මේ වගේ තෙර්ඩි එකක් බලාපොරොත්තු උනේ නැ.:lol::lol:
    පුදුම අසරන කමකින් ලියල තියෙන්නෙ,:lol: දැන් කවද්ද බන් සුද්ද එන්නෙ සුද්දගෙ පෙත්සමට මොකද උනේ?:P:P ඒක ගැන කියල හිටපන් ඔය බයිල නමි එදා ඉසලම කියන දේවල්නේ :P:P:lol:

    මම එදත් ත්‍රෙඩ් එකක ඔයාට මේ ගැන කිව්වා.. පෙත්සමක් ඉදිරිපත් කරාම ඒ ගැන හොයලා, ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න යම්කිසි කාලයක් ගන්නවා.. ඒක සාමාන්‍ය් දෙයක්.. ඒවා වෙන්න ඕන වෙලාවට වෙයි.. අපේ යුතුකම අපි කරා.. දැන් එයාලගේ වගකීම්.. අපි ඒවට බලපෑම් කරන්න අවශ්‍ය් නැහැ..

    ඔයා මට උත්තර දුන්නේ නැහැ තංගල්ලේ මිනීමැරුම ගැන ඔයා මොකද හිතන්නේ කියලා..
    අනිත් එක තමයි දැන් මර්වින් සහ කැලනි ප්‍රා.ස අතරේ ලොකු ගේමක්නේ කරපු වංචා ගැන.. ඒ කියන්නේ එක්කෝ දෙගොල්ලොම, නැත්නම් එක පාර්ශවයක් හරි වංචා කරලා තියෙනවා.. මේවා ගැන මොකද කියන්නේ?
     
    • Like
    Reactions: 121221