ෆොන්සේකාට සමාවක් නැහැ.!!!

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ෆොන්සේකාට සමාවක් නැහැ.!!!

එදා වර්ෂ 2009 මැයි වූ 19 වන දාය. ප්‍රභාකරන් නමැති ජාතියේ සතුරා මෙළොව හැරගිය බව සනිටුහන් වූ මොහොතේ මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේ සිත් එක්සිත් බවට පත්වූයේ සියලු දෙනාටම හොරෙන් සියලු දෙනාට නොදැනුවත්මය. එය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නව මුහුණුවරක් නව මාවතක් නිර්මාණය කිරීමේ මොහොතක් විය.
ජාතිය ගත යුතු මඟ අහම්බෙන් සේ ජාතියට පෙන්වා දුන් සේය. ජාතියේ එක්සත්කමට බාධාවන පක්ෂ භේද අමතක කරවා ජාතිය ම එක්සත්කමේ උණුසුමින් වෙළාගන්නා ලදී. ශ්‍රී ලාංකීය ජාතිය නැමති දේහය මේ මොහොතේ නිර්මාණය විය.
මේ ශ්‍රී ලාංකීය ජාතිය නැමති දේහය ඉදිරියට පැවතීම ශ්‍රී ලාංකික අප සැමට යහපත් වූවද එම දේහය නිර්මාණය වීම රට පසෙක තබා පෙරට තබාගත් දේශපාලකයින්ගේ විමතියට හා බලාපොරොත්තු සුන්වීමට හේතු වුණි.
එසේම ආසියාවේ මේ කුඩා රටේ පිබිදීම, ධෛර්යසම්පන්න බව, ලෝකය ඉදිරියේ උදාර ලෙස නැඟී සිටීම, යම් විදේශ නායකයන්ගේ නොසතුටට හේතු විය.
එකී රටවල් නිරන්තරයෙන් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ හඬට නතුවන නායකයන්ය. ජනතාවක්ය. ජාතියම එක්තැන් කළ මේ මොහොත ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී ඇත.
ගමන ආපසු හැරවීමට කුමක් කළ යුතුද ? ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ විය යුතු දේ සහ සිදු කළ හැකි දේ ඔවුන් විසින් තීරණය කරන සැලැස්මකට අනුව සැලැසුම් කරමින් ඇත.
මේ සියල්ල තුළ ෆොන්සේකා අමරිකාව බලා පිටත්ව යන අතර එම ගමන රජය සහ සහබන්ධනයෙන් සිදුවූවක් නොවී තිබිණ. අනතුරුව ෆොන්සේකා මේ වන විට කරුණු 16 ක් මුල් කර ගෙන තමා ඉල්ලා අස් වන බවට ලිපියක් ලබාදී ඇත.
ෆොන්සේකා ආරක්ෂා මාණ්ඩලික ප්‍රධානි ලෙස හමුදාවේ රැකියාවකින් අස්වීමට හේතු ඉදිරිපත් කර ඇත. එම හේතු ඔහුගේ රැකියාවෙන් අස්වීමට බලපෑ පුද්ගලික හේතුන්ය.
මෙසේ ෆොන්සේකාට රැකියාවෙන් අස්වීමට බලපෑ පුද්ගලික හේ්තු මත ඔහු රැකියාවෙන් අස්වීම සිදු වෙයි. ඒ සමගම ඔහු දේශපාලනයට පිවිස එකවරම ජනාධිපති තරගයට මුහුණ දීමට සැලසුම් කරන්නේ එසේ නම් ඔහුට ඇති වූ පුද්ගලික ප්‍රශ්න හේතුවෙනි.
එතුමාට දේශපාලන ජීවිතයක් නොතිබිණ. එබැවින් හුදු තම පුද්ගලික ප්‍රශ්නයක් නිසා ඇති වූ ද්වේශය සහ අමනාපය මුල්කරගෙන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සිතුවේ පිරිහුණු දේශපාලන නායකයන්ගේ සහ විදේශ බලවේග වල උවමනා එපාකම් ඉෂ්ට කිරීමට ෆොන්සේකාගේ පුද්ගලික අමනාපය ඉවහල් වී ඇත.
ෆොන්සේකාට පුද්ගලික අමනාපයක් ආණ්ඩුව සමග තිබිය හැකිය. එහෙත් ඔහුට පුද්ගලික අමනාපයක් ජනතාව සමග තිබිය නොහැකිය. ප්‍රභාකරන්ගේ විනාශය දක්වා යන ගමනේදී ඔහුට ආශිර්වාද කළ ජනතාව ඔහුට ද්‍රෝහි වී නැත.
එහෙත් එතුමා ජනාධිපති තරගයට ඉදිරිපත් වීම මගින් යුද්ධ ජයග්‍රහණයෙන් එකතු වූ ජනතාවගේ එක්සත්කම නැතිකර දමා රට භේදකර දුර්වල කිරීමේ ඉම දක්වා ගමන් කිරීමේ තත්වයක් උද්ගතව ඇත.
මේ අතර යුද්ධ ජයග්‍රහණය ස්ථාවර සාමය දක්වා ගෙන යාමේ වගකීම ජාතිය සතුව මේ මොහොතේ තිබෙන්නා වූ අති විශේෂ කාර්යභාරය බව සිහි කළ යුතුය. උතුර දකුණ යා කිරීමේ වැඩ සටහන් කලාව ජනමාධ්‍ය හා වෙනත් සංස්කෘතික හා දේශපාලනික වැඩසටහන් මගින් සාමය දෙසට ශ්‍රී ලංකාව ගෙන යා යුතුව ඇත.
මෙම වගකීම ඉටු කිරීම ජාතියට අමතක වන තරමටම ජාතිය ඉදිරියේ පැන නැඟිය හැකි නව අභියෝග රාශියක් ෆොන්සේකා නිසා හෙට දින ඇති විය හැකිය.
මේ හේතුව නිසා ලෙයින් ගොඩ නැගුණු සාමය ජාතියෙ හදවත් එකතු කර රැක ගත යුතු යැයි නැවත නැවතත් කිව යුතු මොහොතක පෞද්ගලික අමනාපකම් ඉවහල් කර ගෙන එකම සිංහ කොඩිය යටතේ ගොඩනැගුණු ශ්‍රී ලාංකීය දේහයට පොරොව පහරක් ගැසීම වටිනා වීරයකු අතින් නොවිය යුතු සමාවක් නොලැබෙන වරදක් වන්නේය.
වසර දෙදහස් පන්සියක ඉතිහාසයේ ශ්‍රී ලාංකීය වංශ කතාවේ ජාති බ්‍රෂ්ඨ ක්‍රියාවකින් ලක් මෑණියන් කම්පා නොකොට ෆොන්සේකා තම වීරත්වය තවදුරටත් රැක ගත යුතු වන්නේය.
අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ රට වෙනුවෙන් තම කාර්ය භාරය ඉටු කිරීමට බව පවසා ඒ සඳහා ෆොන්සේකා උපයෝගී කර ගැනීමට උත්සාහ කරන විට සිදු වන්නේ කුමක්ද ?
එක්සත් ජාතික පක්ෂයේ මිණිකුණු ගදින්ද ජනතා විමුක්ති පෙරමුණේ මිණිකුණු ගදින්ද ෆොන්සේකා නැහැවී යාමය.
ජාතියේ දෙඇස විවරව ආමඟ දෙසද පෙරමඟ දෙසද බලා සිටින මොහොතේ එම දෑස් වලට වැලි ගැසීම මහා අපරාධයකි. පෞද්ගලික හේතුන් නිසා රැකියාවෙන් ඉවත් වන ෆොන්සේකා දේශපාලනයට ඇතුළු කර ගත් විට මෙතෙක් දේශපාලන පිටියට ඇතුළු නොවූ ෆොන්සේකා අපිරිසුදු පරිසරයකට ඇතුළු කරනු ලැබුවා වන්නේය. මෙය ජාතිය අපේක්ෂා කරනු ලබන දෙයක් නොවේ.
ජනාධිපතිතුමා රට බේරාගත් ගොවියාය. සාමයේ බීජ වපුරන ලද ගොවියාය. ගොවියාගේ සරු ගොයම දෙස බලා ඊර්ෂ්‍යාවෙන් උදැල්ල සොරකම් කර ගත හැකි වුවද එම උදැල්ල යොදවා පැල ගොයමට හානි කළ හොත් බුද්ධ බෝගයට හානි කිරීමේ විපාකය විඳීමට සිදු විය හැකිය.
සමස්ත ජාතිය විසින්ම කරන ලද කැප කිරීමෙන් ලත් යුද ජයග්‍රහණයෙන් ජාතිය ලබා ඇති සතුට අහිමි කිරීමට කුමන තරාතිරමේ පුද්ගලයකුට හෝ පක්ෂයකට හෝ ශ්‍රී ලාංකික දේශමාමක බලවේග ඉඩ නොතබනු ඇත.





ජයන්ත ගුණරත්න
උඩුගම පාර
බටදූව
ගාල්ල



Reference

http://www.dinamina.lk/2009/12/04/_art.asp?fn=f0912046