ෆොන්සේකාට අභියෝගය ගෝඨාභය ද?
විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා තම මැතිවරණ ව්‍යාපාරයේදී දිගින් දිගටම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ව ද්වේශ සහගත ලෙස විවේචනය කිරීම දක්නට ලැබේ. ත්‍රස්තවාදීන්ට එරෙහි අවසන් සටනේ අවසන් මොහොතේදී සුදු කොඩි රැගෙන බාර වීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් ආරක්ෂක ලේකම්ගේ උපදෙස් පරිදි ඝාතනය කල බව ප්‍රකාශ කරමින් තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කල සරත් ෆොන්සේකා මෙම ප්‍රකාශය හරහා මුළු මහත් ජාතියම පාවා දෙන ලදී.
එපමණකින් නොනැවතුනු ෆොන්සේකා දිගින් දිගටම ආරක්ෂක ලේකම්ව විවේචනය කරමින් ඔහු යුද්ධයට බියෙන් රට හැරගිය අයෙකු ලෙස ද හදුන්වනු ලැබීය. මීට අමතරව ඔහු ඇමරිකාවේදී කරන ලද රැකියාව පිළිබඳව ද විවිධ විවේචන එල්ල කල සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයින් විවේචනය කරනවා වෙනුවට ආරක්ෂක ලේකම්ව විවේචනය කිරීම සිදුකරන්නේ කුමන අරමුණකින්ද යන්න පැහැදිලි නැත.
නමුත් මෙම කියමන් හරහා එක් දෙයක් පැහැදිලිය එනම් ජනාධිපති අපේක්ෂකයන් සමඟ ප්‍රතිපත්තිමය කරුණු මත විවාද කරනවා වෙනුවට ෆොන්සේකා සිදුකරන්නේ ආරක්ෂක ලේකම් සමඟ වෛරයක් පිරිමැහීමය.
මේ දිනවල ෆොන්සේකා තවත් අමුතුම කථාවක් දේශපාලන වේදිකාවල පවසයි. එනම් මාධ්‍යවේදීන් හා දේශපාලඥයින් ගේ ඝාතනය කිරීම් වල වගකීම ආරක්ෂක ලේකම් විසින් බාරගත යුතු බවත් යුද්ධය පැවති අවධියේ මැර කණ්ඩායම් යොදාගෙන මැර ක්‍රියාවල නිරත වූයේ අාරක්ෂක ලේකම් බවත් ෆොන්සේකා මහතා පවසයි. මේ අදහස් ඔහු ප්‍රකාශකරන ලද්දේ බොරැල්ල කැම්බල් පිටියේ අද (04) පැවති රැළියකදීය.
සරත් ෆොන්සේකා මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ ඔහු කල අතීත ක්‍රියාවන් අමතකවීමකින් විය හැකිය. ඇතැම් විට හිතාමතාම ඔහු ඔහුගේ අතීත ක්‍රියාවන් අමතක කර දමා ඇත. මන්ද එම සිදුවීම් සැබවින්ම අමිහිරිදායක වන නිසාය.
මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, රිවිර කතෘට පහරදීම සහ පෝද්දල ජයන්තට පහර දීම වැනි ක්‍රියාවන් ඇතැම්විට සරත් ෆොන්සේකාට අමතක වී ඇත. සරත් ෆොන්සේකාට මෙම සිදුවීම් අමතක වූවාට ඔබ කල කී සියළු දෑ දන්නා බොහෝදෙනෙක් මේ සමාජයේ ඇත.