ෆොන්සේකා අලියා පිට නගියි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෆොන්සේකා අලියා පිට නගියි

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා එහි සාමාජිකයන් හා නිලධරයන් සමග එක්සත් ජාතික පක්ෂයට බැඳුණු හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පිළිගැනීම එජාප මූලස්ථානය වන සිරිකොතේ දී අද (30) පැවැත්විණි.
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා විය. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාද එහි ගොස් සිටියේය.
    2010 සිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නැයි වික්‍රමසිංහ මහතා තමාට ආරාධනා කළ බව ෆොන්සේකා මහතා සිහිපත් කළේය. කැලණි ජනතාව හා තමාට සහයෝගය දක්වන සියලු දෙනා වෙනුවෙන් වැඩ කිරීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.


    0.02.01.a34dabe3198210493fed8a78ecbda8c6614790eb0346166b9639776ccd34bdde_full.jpg