ෆොන්සේකා සාධකය සහ යුද අාතතියේ ලක්‍ෂණ

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ෆොන්සේකා සාධකය සහ යුද අාතතියේ ලක්‍ෂණ

    යුද්ධයේ අවසාන අදියරේ අත්ඩංගුවේ පසු වූ පුද්ගලයන් ආරක්‍ෂා කිරීම සහ යුද පෙරමුණට සැපයුම්
    කටයුතු භාරව සිටි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය අපරාධවල නියැලී සිටි බවත් තමන් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙන බවටත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා ඇත​.


    සරත් ෆොන්සේකා යනු අති දක්‍ෂ යුද සොල්දාදුවෙකි. ඔහු ජෙනරාල් පැටර්න් වැනි චරිතයක් බව වටහා ගත යුතුය​. ඊලාම් යුද්දයෙන් ප්‍රභාකරන්ව පරාජය කිරීම සඳහා එක් ප්‍රධාන හස්තයක් වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකාය​.


    සරත් ෆොන්සේකා යනු දීර්ඝ කාලයක් යුද අත්දැකීම් වලට නිරාවරණය වීම නිසා යුද අාතතියේ ලක්‍ෂණ පෙන්වන්නෙකි. ඔහු තුල පවත්නා හදිසි කෝපය​, චිතාවේගී අසමබරතාව, පලි ගැනීමේ යොමුව සියල්ලම සඳහා හේතුව ලෙස මෙම පශ්චාත් වියසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ බව පෙන්වා දිය හැකිය​. ඔහුව අසාධාරණ ලෙස සිරගත කිරීම පිලිබඳව ඔහු එහි නිර්මාපකයන්ට කිසිසේත් සමාව නොදෙයි. මේ නිසා ඉදිරි කාලයේදී අන්තර්ජාතික තලයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් පෙර නොවිරූ පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි සමහර උසස් නිලධාරීන්ට මෙන්ම එවකට සිටි ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්ධව කටයුතු කරනු ඇත. ෆොන්සේකා සාක්‍ෂි සහිතව ඔහුගේ ප්‍රතිවාදීන් හිර කරනු ඇත​. ඔහු කාටවත් සවන් නොදෙන්නෙකි. ඔහුගේ ඊගෝව (ego) අති ප්‍රබලය​. එය මෙහෙයවන්නේ ඔහුගේ ආඝාතය (hatred) විසිනි



    වෛද්‍ය රුවන් එම් ජයතුංග

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ehema manasikathwaye inna manussayekuta rate mul putuwa dennath giya unne inne rate un sf ta wada pisso:lol:
     

    Similar threads