෴නොමිලේ එපා෴

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ෴නොමිලේ කරන්න එපා෴
    91912891_10214765657326607_4728864412868280320_n.jpg

    ඉතාලිය,එංගලන්තය,කොරියාව වගේ රටවල්වල ඉඳන් ලංකාවට ගිහින් එයාපෝට් එකේ රණ්ඩු කරලා,හමුදාවට දොස් කියලා,"සැප නෑ" කියලා ලයිව් දාගෙන නටලා ඊට පස්සෙ බස්වල,හෙලිකොප්ටර් වල නැගලා ගිහින් ත්‍රිවිධ හමුදාව පවත්වන නිරෝධායන මධ්‍යස්ථානවල ලැගලා දවස් දාහතරක් සැපට කාලා බීලා,නාලා,හොඳට බුදියලා යන දවසෙ හමුදාවට ස්තූති කරලා කතා පවත්වලා,බිත්ති වල කවි ලියලා එලියට ගියාට ඔය කිරිකෝපි පඩංගුවො හැම එකාම රටට ණයයි..

    තවදුරටත් කවුරුවත් ලංකාවට බරක් වෙන්ඩ එපා.මේක රටට දරාගන්න බැරි දුෂ්කර අවස්ථාවක්.ආර්ථික වශයෙන් රට තියෙන්නෙ අවදානමක.වේලක් කන්න හොයා ගන්න බැරි,බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නැති මිනිස්සු ලක්ෂ ගානක් රටේ ඉන්නවා.දහස් ගණනකට එහෙම දිගටම නිකං කන්න බොන්න ඉන්න දෙන්න ඒ අයව සතිගණන් නඩත්තු කරන එක සෙල්ලමක්ද?..ඒ නිසා මේ වෙලාවෙ කරුණාකරලා පිටරට ඉන්න අය ලංකාවට යන්න උත්සාහ කරන්න එපා...

    ඉදිරි කාලයේ ගුවන්තොටු⁣පොල විවෘත කලොත්,ඉතාලිය ඇතුලු යුරෝපා රටවල් හෝ කොරියාව,එංගලන්තය,ඇමරිකාව,ඔස්ට්‍රෙලියාව වගේ දියුණු රටවල්වල ඉන්න කාට හරි ලංකාවට යන්න ඕනනම්,ඒ එන අය අනිවාර්යයෙන්ම නිරෝධායනය විය යුතුයි කියා රජය කියනවානම් ඒ යන එකෙක්ටවත් නොමිලේ කන්න බොන්න ඉන්න දෙන්න එපා..ඒ යන සියලු වියදම් යන අයගෙන් අය කරගන්න..රජය ඒ සඳහා නියමිත ගාස්තුවක් අය කිරීම සුදුසුයි..සල්ලි දෙන්න බෑ කියලා රණ්ඩු කරන එක විලිලැජ්ජයි..ඒ නිසා ඒ වගේ ගොං පාට් දාලා රටට බරක් වෙන්නෙ නැතිව ඒ ගාන ගෙවලා නිරෝධායනය වෙලා ගෙදර යන්න නෝනාවරුනි මහත්වරුනි..

    එහෙම ගානක් ගෙවාගන්ඩ බැරි හිඟමනයක් කාට හරි තියනවනම් ඒ අය ඉන්න රටවල් වලට වෙලා ඉන්ඩ..

    ඩයස්මි🖋