෴බුදුරැස් විහිදෙන සෝමාවතී මහා සෑ වන්දනාව

csandun86

Member
Sep 30, 2009
39
6
0
෴බුදුරැස් විහිදෙන සෝමාවතී මහා සෑ වන්දනාව

somawathi1.jpg
 
  • Like
Reactions: buddhi9077

csandun86

Member
Sep 30, 2009
39
6
0
බුදුරැස්‌ විහිදෙන සෝමාවතිය

සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක්‌ විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක්‌ ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.

http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html
 

csandun86

Member
Sep 30, 2009
39
6
0
බුදුරැස් විහිදෙන සෝමාවතියට බුදුසමිඳුන් වැඩම කරනා වගයි..

සෝමාවතී පුද බිමට ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම වීම
දිනය - අප්‍රේල් මස 18

තිලොවග මුනි රජුන් ‍ගේ අමා සදහම් පහස ලත්, අති උත්තම දකුණු දළඳා වහන්සේ නිදන් ‍කරමින්, සෝමාවතී මහා සෑ රජුන් තනවන ලද්දේ සෝමාවතී දේවිය විසිනි. බුදු සමිඳුන් ගේ අපරිමිත ගුණ කඳ සිහි කරවමින් අද ත් බුදු රැස් වි‍හිදුවන සෝමාවතී මහ සෑ රජුන් වැඩ වසනා ඒ මහා පින් බිම, අසිරිමත් පින්කමක් උදෙසා මේ දිනවල ලහි ලහි යේ සූදානම් වෙයි. ඒ වෙසක් මස 08.00 සිදු කරන්නට යෙදෙන සෝමාවතී මහ සෑ වන්දනාව උදෙසා යි.

http://mahamevnawa.blogspot.com/2010/04/blog-post.html