Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ ඒ මගේ මලයි 2 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"වැරදීමක් වෙලා නම් මං අහන්නෙ මොකක්ද ඒ ලොකු වැරදීම කියලා..?"

"නලින්ද එක්ක යාලුවෙලා හිටියෙ ශලනි.. මං එයාව දන්නවා.. එයාට නිරෝෂි කියලා නමක් නෑ.. අනික මං මේ දැකපු ගර්ල්ට වැඩිය ශලනිගෙ කොන්ඩෙ දිගයි.. එයා ඔය විදියට කොටට අදින්නෙ නෑ.."

"හත්තිලව්වේ.. මොකක්ද මේ ලොකු පුතේ මේ කතාව..?"

"මටත් හිතාගන්න බෑ.."

"එතකොට නෙත්මි කියන්නෙ, නිරෝෂි වගේ තවත් ගර්ල් කෙනෙක් ඉන්නවා කියලද..?"

"ඔව්.. මං මේ දැන් දැකපු ගර්ල් ශලනි නෙමේනේ.. මං මුලින් පුදුම උනේ ශලනිගෙයි, මේ දැන් දැකපු ගර්ල්ගෙයි සමානකම් දැකලා.. මුලින්ම මටත් මුකුත් හිතාගන්න බැරිවුණා.. ඒත් තවත් හොදින් බලද්දි මේ ශලනි නෙමෙයි කියලා මට තේරුණා.."

"ඒ කියන්නෙ මේ දෙන්නා ට්වින්ස්ලා වෙන්න ඕන.."

ඇග පත, බඩ, පපුව, දාගෙන යද්දි මගේ කටින් පිටවුණා.. කවුද හත්දෙයියනේ මෙහෙව් වින්නැහියක් දන්නේ.. නිරෝෂියි, මේ ශලනි කියන ගෑනු ලමයයි එක වගේ කියලා අපි කොහොමද හත්තිලව්වෙ දන්නේ..

"ඔව් රන්දික.. මේ දෙන්නා හුගාක් දුරට ට්වින්ස්ලා වෙන්න ඇති.. ඒත් මට කවදාවත් නලින්ද ඔය වගේ කතාවක් කියලා තිබ්බෙ නෑ.. අඩු ගානෙ ශලනිවත් නිකමටවත් ඇගෙව්වෙ නෑ.. එයාගෙ නිවුන්නෙක් ඉන්නව කියලා.."

"පිස්සු හැදෙනවා ලොකු පුතේ.. දැන් නම් මගෙ ඇගේ මාලු නටනවා.. ඇයි අපේ බින්දුවා මේ කුණුහරුප අපට කලින් කිව්වෙ නැත්තේ..? මූ හින්දා තව ඩිංගෙන් මොන අවමගුලක් වෙන්න තිබ්බද..?"

"ඔව් තව නූලෙන් ඇටකිච්චා මැරුම් කනවා.. හයියෝ.. මේක මාර පටලැවිල්ලක් උනානේ.."

නෙත්මි කිව්ව දේ නම් හරි නම් සිද්ධ වෙලා තියෙන පටලැවිල්ලෙ බරපතලකම මට හොදටම තේරුණා.. බින්දුගෙ ආදරේ නැති කරා කියලා අපි මේ කොහේවත් ඉන්න ඇටකිච්චෙක් අල්ලං තඩිබෑවා.. අර අමිල කිව්වත් වගේ තව ඩිංගෙන් ඌ ගුටිකාලා මැරෙනවා.. ෂිහ්.. මොන තරම් අවුලක්ද මේ වෙලා තියෙන්නේ.. මං පණ දාගෙන වෙච්ච මහන්සියෙ ප්‍රතිඵලේ ගගට කකපු ඉණි වගේ තමයි.. විහිලුවටවත් ගන්න ඉන්නක් නෑ..

"දැන් ඉතිං මොකෝ කරන්නේ..?"

මං ආයෙත් නෙත්මි දිහාට හැරුණා.. අමිලයි, ලොකු පුතයි ඒ අතරෙ විවිධ දේ කියනවා.. උංට වගේ තමයි මටත් මේ වෙච්චි දේ අදහාගන්න බෑ..

"කරන්න කිසිම දෙයක් නෑ රන්දික.. අපි යමු.."

නෙත්මි ඉස්සර උනා.. ඒත් මට එයත් එක්ක යන්න තරම් හිතට නිදහසක් තිබුණෙ නෑ.. වෙච්ච වැඩේ හින්දා මං හිටියෙ අතරමං වෙලා වගේ..

"ඔයා යන්න නෙත්මි.. අපි තව ටිකක් ඉදලා එන්නම්.."

"ඔයා හුගක් අවුල් වෙලා රන්දික.. ඕක වැඩිය ගණන් ගන්නෙපා.. හැමදේම වෙන්නෙ හොදටනේ.. බලන්න ඔයා අද මට බින්දුලව පෙන්නන්න ආවෙ ඔය නිරෝෂිගෙ හැටි පෙන්නන්න නේ.. ඒත් ඒකෙන් අපි කවුරුවත් දන්නැති දෙයක් අපිට අහු උනානේ.. අඩු ගානෙ ඒ ගැනවත් හිතන්නකෝ.. මූණ එල්ලගෙන ඉන්නැතුව.. අපි පස්සෙ ශලනි එක්ක කතා කරලා විස්තරේ දැනගනිමු.. නිරෝෂියි, එයාගෙයි සම්බන්ධෙ මොකක්ද කියලා.."

"ඔව් ඉතිං.. එහෙමවත් කරමු.."

"ඇයි රන්දික ඔයා තවත් හිතේ අමාරුවෙන් ඉන්නේ..?"

"මේ කෙහෙල්මල් හින්දා මං අර කොහේවත් ඉන්න කොල්ලෙකුට හොදටම ගැහුවනේ නේතමි.. එක්කො අපිට හරියට හොයාලා බලන්න තිබුණා.. එහෙම කරන්නෙ නැතුව අපි ඌට ඉස්පිරිතාලෙ යනකන් ගහපු එක වැරදියි.."

"මම නම් කියන්නෙ ඔයා ඒ කරපු වැඩේ හරි කියලා.."

හිටපු ගමන් නෙත්මි කිව්වෙ පුදුම කතාවක්.. වෙච්ච දේ අදහගන්නත් බැරුව මං මේ විකාරෙන් කියවනවා.. මෙයා වොලී බැස්ටියන්ගෙ බයිලා ගහනවා..

"මං කරපු වැඩේ හරි..?"

"ඔව්.. නැත්තං මංවත්, ශලනිවත් දන්නෑ නලින්ද කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා.. වැරදීමකින් හරි ඒ දේ ඒ විදියට සිද්ධ වුණ එක හොදයි.. හිතේ දුක කොයි තරම් පිරුණත් ශලනි, නලින්දගෙන් ගැලවුණානේ.. ඒ පිනම ඇති රන්දික ඔයාට ලස්සන ගර්ල් කෙනෙක් හම්බවෙන්න.."

නෙත්මි හදන්නෙ කතාවෙ ට්‍රැක් එක මාරු කරන්න කියලා මට තේරුණා.. මොනවා නැතත් මේ කෙල්ලට හුගාක් දේ තේරෙනවා.. අඩුගානෙ කෙනෙක්ව අවුල් වෙලා ඉන්නකොට ඒ අවුල ලිහල දාන්නෙ කොහොමද කියලා..

"ඇයි මට ගර්ල් කෙනෙක් හම්බවෙන්නේ..?"

"ඔයාට ගර්ල් නෙකෙන් නැති හන්දා රන්දික.."

"එහෙනම් ඉතිං මේ පිනෙන් කොටසක් ඔයාටත් අයිතිනේ.. ඔයත් මේ කතාවට සෑහෙන්න දායක උනානේ.. ඒක හන්දා ඔයාටත් ලස්සන බොයි කෙනෙක් හම්බවෙයි.. මේ කරපු දේවල්වල ආනිසංසයෙන්.. නැද්ද චාමික.."

"මේ.. මේ.. උඹයි, නෙත්මියි මරු කියවගෙන අන්තිම හරියට මාව දාගන්නෙපා.. ඒකත් උඹලම බේරගනිල්ලා.. බලපං අමිල.. මෙච්චර වෙලා දෙන්නා තනියෙම කියවගෙන එනවා අපිව ගාගන්න.."

"හරි.. හරි.. උඹගෙ පන්ඩිතකම වහගනිං.. ඕකෙ සද්දෙට නෙත්මිගෙ කන් අඩි පැලෙයි.. හරියට නිකං අලියෙක් කෑගහනවා වගේ.."

"රන්දික.. මාව ගේට් එක ළගට ගිහින් දානවද..?"

ලොකු පුතා හොඩේ වන වනා කෑගහද්දි නෙත්මි මට ලංවෙලා ඇහුවා.. ඒ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ.. ඉර එළියට දිලිසෙනවා..

"යං.."

අමිලයි, ලොකු පුතයි එතනම ඉද්දි මං ඉස්සර උනා.. උන් දෙන්නටත් යනවා කියාගෙන මං එක්ක නේතමි පෙලට සෙට් උනා..

"දැන් ඉතිං ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේද රන්දික..?"

"ඉවරමත් නෑ.. ශලනියි, නිරෝෂියි ගැන විස්තර තව ටිකක් හොයාගන්න ඕන.."

"මං දන්නවා.. ඔයා විස්තර හොයන්නෙ ඇයි කියලා..?"

"ඒක ඉතිං ඕන කෙනෙකුට කියතැහැකිනේ නෙත්මි.. වෙන මුකුත් නෙමේ මේ පටලැවිල්ල පටන් ගත්තෙ කොහෙන්ද කියලා හොයාගන්න.."

"නෑ.. නෑ.. ඒක නෙමේ.."

"එහෙනම්..?"

"දැන් ශලනිව වේකන්ට් වෙලා තියෙන හන්දා.. ඔයාට දැන් එයාට ලංවෙන්න පුළුවන් හින්දා.."

නෙත්මිගෙ කතාවෙන් මං ගැස්සුනා. ඇත්තටම මට දැන් ඕන වෙලා තියෙන්නෙ ඒ දේද..?

"නෑ.. මගේ හිතේ එහෙම දෙයක් නෑ.."

"නැත්තෙ නෑ මට තෙරෙනවා.."

"ඒක නිකං ඔයා රසික අයියව හිතේ තියන් ඉන්නවා වගෙ දෙයක් කියලද ඔයා කියන්නේ..?"

මං අහපු දෙයින් කෙල්ලගෙ මූණ රතු වුණා.. ඒ රතු වෙච්ච මූණෙන් එයා අමුතු විදියට මං දිහා රවලා බැලුවා..

"රසික අයියා ගැන ඔයා හිතන විදියෙ දෙයක් මගේ හිතේ නෑ රන්දික.. ඒක නිකං සාමාන්‍ය හැගීමක් විතරයි.."

"ඔය ගෑනු ළමයින්ගෙ හැගීම් ගැන මං දන්නෑ නෙත්මි.. එයාලගෙ හුගක් හැසිරීම් මට තේරෙන්නෙ නෑ.."

"අපොයි.. ඒක නම් මහම මහ පචයක්.. ඔයාට හොදට තේරෙනවා.."

"මට තේරෙනවා.. ඒ කවුරු ගැනද..?"

"කවුරු ගැනද කියලා කල්පනා කරලා බැලුවොත් තේරෙයි.. එහෙනම් මං යන්නද..?"

"හොදයි.."

"එ පාර මූණ බෙරි කරගත්තා.. අනේ මං දැන් යන්න ඕනනේ රන්දික.."

"හරි.. හරි යන්න.. මං ඔයාව අල්ලන් හිටියෙ නෑනේ.."

"ඔයා නම් හරි නරකයි.. මහ කටු අත්තක්.. කොයි තරම් හොදින් හිටියත් පැටලෙන්නමයි බලන්නේ.."

"පැටලුනා නම් කමක් නෑ.."

"ඇයි ඒ..?"

"පැටලෙන්නෙ ඔයත්තෙක්ක නේ.."

ඒ පාර නම් නෙත්මිගෙ මූණ මැදට ලොකු හිනාවක් ආවා.. ඒ හිනාවෙන්ව එයා මගේ පිටට හෙමීට පාරක් ගැහුවා..

"හරි.. දැන් මම යන්නද..?"

"හොදයි ගිහිල්ලා එන්න.."

"ගිහින් එන්න කිව්වේ, ආයෙ ගාඩ්න් එකටද..?"

"ඔව්.. එහෙම උනත් කමක් නෑ.. ඔයා එනවා නම් මාත් එන්නම්.."

"ඔයා නම් මහ පිස්සු කොල්ලෙක්.. ඇත්තටම ඔයාට කියන්න වෙන මුකුත්ම නැද්ද..?"

"තියෙනවා.."

"ඉතං කියන්නකො රන්දික.. මට දැනටමත් හුගාක් පරක්කු වෙලා.. ප්ලීස්.."

"ඔයා මට දීපු සහයෝගෙ මං අගය කරනවා නෙත්මි.. සමහර විට ඔයා හිටියෙ නැත්නම් මේ බින්දුලගෙ කතාව තව සීරියස් වෙන්න තිබුණා.. ඔයා වෙලාවට ආවේ.. ඒ වගේම ඔයා, මාව විශ්වාස කරපු එක ගැනත්, මට හුගක් ආඩම්බරයි.. ඒ ආඩම්බරකම හැමදාම මගේ හිතේ තියේවි.. ඒ වගේම.. ඒ වගේම ඔයා හොද ගෑනු ළමයෙක් එක්ක දවස් කීපයක ලස්සන මතකයක් හැමදාටම මගේ හිතේ රැදිලා තියේවි.. එහෙනම් ගුඩ් බායි කිව්වා.."

"අනේ.. ඔයා මොනවද මේ කියවන්නෙ රන්දික.. ඔයා හදන්නෙ මාව අඩවන්නද..? මේ බලන්න ඔයාගෙ කතාවට මගෙ ඇස්වලට කදුළුත් ආවා.. මං මොනවා හරි කියන්න කිව්වෙ ඔය වගේ දෙයක් අහන්න නෙමේනේ.."

ඇත්තටම නෙත්මිගෙ ඇස් වලට කදුළු ඇවිල්ලා තිබුණා.. බන්ටිගෙ වැඩ එහෙමයි.. සීරියස් වෙන්න ඕන තැනදි සීරියස් වෙලා සංවේදී වෙන්න ඕන තැනදි සංවේදි වෙනවා..

"ඒ උනාට මට කියන්න තියෙන්නෙ ඒ ටිකනේ.."

"ඔයා කතා කරන්නෙ අපි ආයෙ හම්බවෙන්නෑ වගේ.."

"ඒක ඉතිං අනාගතේට බාරදෙන්න නෙත්මි.."

"හරි.. කමක් නෑ.. මං ඔයාට තව දෙයක් කියන්නයි හිටියේ.."

"ඒ මොකක්ද..?"

"මං හෙට ඔයාගෙ අම්මව බලන්න යනවා.. අම්මට මං මොනවා හරි ගෙනියන්නද..?"

වෙන්වෙලා යන්න අන්තිම තත්පරේදි අපහු දෙයින් මං උඩ ගිහින් බිම වැටුණා.. දෙයියො සාලේ.. මං පේරාදෙණියෙ ගාඩ්න් එකෙ.. මේ මොනවද යකෝ මේ වෙන්නේ..? නෙත්මිට කියපු පච කන්දරාව දැන් ආයෙත් ගොඩ ගලන්නයි හදන්නේ.. විහිලුවට වගේ මං කියපුවයෙ ප්‍රතිඵලය නම් විහිලු නෙමෙයි..

"ඕනනෑ නෙත්මි.. එයා කවුරුවත් දෙන දේවල් ගන්නෑ.. ඇරැත් එයා බලාවි හිටපු ගමන් මොකද මේ කියලා.."

"ඒකත් ඇත්ත තමයි.. එහෙනම් මං යනවා රන්දික.. යාලුවොන්ව මතක් කරා කියන්න.."

පාර දිගේ ගස් පේලිය අයිනෙන් නේතමි ඈතින් ඈතට පේන්නැති වෙලා යනකන්ම බලන් ඉදලා මං ආපහු හැරුණා.. එතකොට තමයි මං දැක්කෙ ගේට් එක ළග චාමිකයයි, අමිලයයි ඉන්නවා..

"ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ නේද බන්ටි..?"

පිටට තට්ටුවක් දාන ගමන් අමිලයා කිව්වා..

"ඒ කතාව නම් ඇත්ත අමිල.. එයා හරිම හොද කෙල්ලෙක්.. කෙල්ලෙකුට තියෙන්න ඕන හැම ගුණාංගයක්ම අඩුවක් නැතුව එයා ළග තියෙනවා.. ඕනවට වැඩිය වැඩිත් නෑ.. ඕනවට වැඩිය අඩුත් නෑ.."

"මේන් බලපං ලොකු පුතේ.. ජීවිතේට කෙල්ලෙක් ගැන විග්රහ නොකරපු අපේ බන්ටිට වෙලා තියෙන දේ.. මට නම් පේන්නෙ ඒකි උඹේ හිත අරන් ගිහින් වගේ බන්ටියා.."

"එහෙම දෙයක් නෑ චාමික.. එයාගෙ හිතේ ඉන්නෙ අපේ අයියව.. අයියයි, නෙත්මියි අතරෙ මං පුංචි තඹ කාසියක් විතරයි.."

"අයියාකාරයා ට්‍රයි කරන්නෙ වෙන කෙල්ලෙකුට කියලා උඹ කිව්වනේ බන්ටි.. එතකොට අයියා කාරයා මේ ගෑනු ළමයි දෙන්නවම යාලු කරගන්නද හදන්නේ..?"

"මං දන්නෑ අමිල.. අයියා, පිණිමුතු කියලා කෙල්ලෙකුට කැමතියි.. එයා අපේ අක්කගෙ යාලුවෙක්.. හැබැයි ඉතිං නෙත්මිගෙ හිතේ අපේ අයියා ඉන්න හින්දා මං කැමතියි එයාට අපේ අයියව හම්බවෙනවා නම්.. නෙත්මි කියන්නෙ පවුලකට සම්බන්ධ කරගන්න පුළුවන් හොද ගතිගුණ තියෙන ලස්සන කෙල්ලෙක්නේ.."

"හරි.. අපි ඔය කතාව ටිකක් පස්සට දාමු.. සිද්ධ වෙන දෙයක් හොද විදියට සිද්ධ වෙයිනේ.. දැන් මේ වැටිච්ච මරාලෙට මොකද කරන්නෙ බන්ටි..?"

අමිල කරගෙන ගියපු කතාව මග නවත්තපු එක හොදයි.. මොකද නෙත්මි ගැන කතා කරද්දි මම ලොකු අපහසුතාවයකට පත්වෙලයි හිටියේ.. මොකක්දෝ නිකං කියාගන්න බැරි අමුතු කාන්සියක් මට දැනෙන්න පටන් අරන් තිබුණා.. හදුනාගන්න බැරි වේදනාවක අංශු මාත්‍රයකුත් ඒ කාන්සියෙ වැටිලා තිබුණා..

"කරන්න තියෙන්නෙ එකම දෙයයි.."

"ඒ මොකක්ද ලොකු පුතේ..?"

"ඉස්සෙල්ලම මේ විස්තරේ නිරෝෂිගෙන් අහන්න ඕන.. බින්දු ඉස්සරහම, ඇටකිච්චට ගහපු කතාව අපට කියන්න වෙනවා.. මොකද අපි දන්නෑ අමිල, නිරෝෂිය අර ශලනියි අතරෙ තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා.."

"ඒ කියන්නෙ උං ට්වින්ස්ලා නෙමෙයි කියලද ලොකු පුතේ.."

"නෑ චාමික.. එයාලා ට්වින්ස්ලා වෙන්න ඇති.. ඒත් එයාලා දෙන්නා එකට නැත්තෙ ඇයි..? කොටින්ම එක වගේ හැඩහුරුකම් තියෙන ගෑනු ළමයි දෙන්නෙක් මේ නුවර එහෙට මෙහෙට දවසක් දෙකක් හරි ඇවිද්දා නම් අපිට මාට්ටු වෙනවනේ.. ඉතිං එහෙම දෙයක් උනේ නැති එකෙ.. මට නම් හිතෙන්නෙ එයාලා දෙන්නා අතරෙත් ගැටලු තියෙනවා කියලයි.."

"හරියටම හරි බන්ටි.. උඹ ඒක ලස්සනට විග්රහ කලා.. මොකද හැම වෙලාවෙම නිරෝෂියි, ශලනියි වෙන වෙනම තමයි අපේ කොල්ලො දැක්කේ.. එයාලා දෙන්නා එකට ඉන්නවා කවුරුත් දැකලා නෑ.. අඩුම ගානෙ දවසෙ පැය විසි හතරම මහ පාරෙ ඉන්න අපේ රවීන්වත් එහෙම දෙයක් දැකලා තිබුණෙ නෑ.."

"හුගාක් වෙලාවට අමිල.. අපේ කොල්ලො සෙට් එක එක වගේම, මමත් දැක්කෙ ශලනියි කියලා මට හිතෙන්නේ.. නිරෝෂි ඒ දවස්වල විහිලුවකට ගෙදරින් එළියට බහින්නෙ නැතුව ඇති.. හැබැයි ඉතිං ඒකෙන් උනේ අර අහිංසක ඇටකිච්චා නැව් ගානට ගුටි කාපු එක.."

"දැන් නම් බන්ටි.. මට නිරෝෂිගෙ මූණවත් බලන්න ලැජ්ජයි. අපි මොන තරම් පහත් විදියටද එයා ගැන හිතාන හිටියේ.."

"ඒක තමයි බං මාත් කියන්නේ.. හැබැයි ඉතිං අපි අහපු ආරංචි අනුව, අපි දැකපු දේ අනුව අපි ක්‍රියාත්මක වුණා.. ඒක අපේ වැරැද්දක් නෙමෙයි.. අපි ඒක බින්දුට පහදලා දෙමු.."

"එහෙනම් ඉතිං යමු.. මං දැක්කා උං පිට්ටනිය පැත්තට යනවා.."

ලොකු පුතාට ඕන දේ ඉක්මනට ඉවරයක් කරන්න.. මගේ හිතටත් ඒ දේ කරන්න ලොකු ඕන කමක් තිබ්බත් මං හිටියෙ ලොකු පීඩනයකින්.. මොකද බින්දු වෙනුවෙන් මේ අද දක්කා මං කරපු හැම දෙයක්ම වතුරෙ ගියා කියලා මං ඒ වෙනකොට දැනන් හිටියා..

"හැබැයි චාමික.. බින්දුයි, නිරෝෂියි අපේ ගෙදර හවස එනවා කිව්වනේ.."

"ඔව්.. ඒකත් ඇත්ත තමා.. එහෙනම් අපි හවසට ආයෙ සෙට් වෙමු.. මං සුරේන්ටයි, රවීන්ටයි පණිවිඩේ දෙන්නම්.."

"ඒක හොදයි.. අපි දැන් මෙතෙන්ට ආවා කියලා බින්දුට කියන්න ඕන නෑ.. කතාව යන පැත්ත බලලා අපි ක්‍රියාත්මක වෙමු.. එහෙම හොදයි නේද ලොකු පුතේ..?"

"එහෙම හොදයිද බන්ටි..?"

"ඔව්.. එහෙම හොදයි.. හවස ටිකක් කලින් වරෙල්ලා.. ගෙදර වත්තෙ බංකු උඩ අපි සෙට් වෙමු.."

දැන් ආයෙ බින්දුයි, නිරෝෂියි ළගට ගිහිල්ලා වැඩක් නෑ.. උං දෙන්නා පිට්ටනියෙ මැද්දට වෙලා පට්ට අව්වෙ යස අගේට ප්‍රේම කරනවා ඇති.. මොනව උනත් අද නෙත්මිව මෙතෙන්ට එක්කං ආපු එක නම් දෙයියො බැලුවා වගේ දෙයක් තමයි.. නැත්තං තව ඉස්සරහට බින්දු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගිහිල්ලා මං කන පරිප්පුව ගැන ලියන්න විශ්ව කෝෂෙකුත් ඕන වෙනවා.. අනික තමයි ඇටකිච්චට තව එෆෙයාර් එකක් තිබ්බ එක.. එහෙම නොවුනා නම් ඇටකිච්චා යාලුවෙලා හිටිය ශලනි එක්ක විතරයි නම්, ඒ ආදරේ කඩලා දාන්න සම්මාදන් උනා කියලා මට පුදුම පාප කර්මෙකුයි වෙන්නේ.. එහෙනම් ඉතිං මං ඇදගෙන නාන හැටි මටවත් හිතාගන්න බෑ.. ඔක්කොම වෙන්නෙ හොදටයි කියලා කතාවකුත් තියෙනවනේ..

[QUOTE="crazybuddy, post: 12490388, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]"වැරදීමක් වෙලා නම් මං අහන්නෙ මොකක්ද ඒ ලොකු වැරදීම කියලා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නලින්ද එක්ක යාලුවෙලා හිටියෙ ශලනි.. මං එයාව දන්නවා.. එයාට නිරෝෂි කියලා නමක් නෑ.. අනික මං මේ දැකපු ගර්ල්ට වැඩිය ශලනිගෙ කොන්ඩෙ දිගයි.. එයා ඔය විදියට කොටට අදින්නෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හත්තිලව්වේ.. මොකක්ද මේ ලොකු පුතේ මේ කතාව..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මටත් හිතාගන්න බෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එතකොට නෙත්මි කියන්නෙ, නිරෝෂි වගේ තවත් ගර්ල් කෙනෙක් ඉන්නවා කියලද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. මං මේ දැන් දැකපු ගර්ල් ශලනි නෙමේනේ.. මං මුලින් පුදුම උනේ ශලනිගෙයි, මේ දැන් දැකපු ගර්ල්ගෙයි සමානකම් දැකලා.. මුලින්ම මටත් මුකුත් හිතාගන්න බැරිවුණා.. ඒත් තවත් හොදින් බලද්දි මේ ශලනි නෙමෙයි කියලා මට තේරුණා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කියන්නෙ මේ දෙන්නා ට්වින්ස්ලා වෙන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇග පත, බඩ, පපුව, දාගෙන යද්දි මගේ කටින් පිටවුණා.. කවුද හත්දෙයියනේ මෙහෙව් වින්නැහියක් දන්නේ.. නිරෝෂියි, මේ ශලනි කියන ගෑනු ලමයයි එක වගේ කියලා අපි කොහොමද හත්තිලව්වෙ දන්නේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් රන්දික.. මේ දෙන්නා හුගාක් දුරට ට්වින්ස්ලා වෙන්න ඇති.. ඒත් මට කවදාවත් නලින්ද ඔය වගේ කතාවක් කියලා තිබ්බෙ නෑ.. අඩු ගානෙ ශලනිවත් නිකමටවත් ඇගෙව්වෙ නෑ.. එයාගෙ නිවුන්නෙක් ඉන්නව කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පිස්සු හැදෙනවා ලොකු පුතේ.. දැන් නම් මගෙ ඇගේ මාලු නටනවා.. ඇයි අපේ බින්දුවා මේ කුණුහරුප අපට කලින් කිව්වෙ නැත්තේ..? මූ හින්දා තව ඩිංගෙන් මොන අවමගුලක් වෙන්න තිබ්බද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් තව නූලෙන් ඇටකිච්චා මැරුම් කනවා.. හයියෝ.. මේක මාර පටලැවිල්ලක් උනානේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04][B]නෙත්මි කිව්ව දේ නම් හරි නම් සිද්ධ වෙලා තියෙන පටලැවිල්ලෙ බරපතලකම මට හොදටම තේරුණා.. බින්දුගෙ ආදරේ නැති කරා කියලා අපි මේ කොහේවත් ඉන්න ඇටකිච්චෙක් අල්ලං තඩිබෑවා.. අර අමිල කිව්වත් වගේ තව ඩිංගෙන් ඌ ගුටිකාලා මැරෙනවා.. ෂිහ්.. මොන තරම් අවුලක්ද මේ වෙලා තියෙන්නේ.. මං පණ දාගෙන වෙච්ච මහන්සියෙ ප්‍රතිඵලේ ගගට කකපු ඉණි වගේ තමයි.. විහිලුවටවත් ගන්න ඉන්නක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් ඉතිං මොකෝ කරන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං ආයෙත් නෙත්මි දිහාට හැරුණා.. අමිලයි, ලොකු පුතයි ඒ අතරෙ විවිධ දේ කියනවා.. උංට වගේ තමයි මටත් මේ වෙච්චි දේ අදහාගන්න බෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කරන්න කිසිම දෙයක් නෑ රන්දික.. අපි යමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මි ඉස්සර උනා.. ඒත් මට එයත් එක්ක යන්න තරම් හිතට නිදහසක් තිබුණෙ නෑ.. වෙච්ච වැඩේ හින්දා මං හිටියෙ අතරමං වෙලා වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා යන්න නෙත්මි.. අපි තව ටිකක් ඉදලා එන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා හුගක් අවුල් වෙලා රන්දික.. ඕක වැඩිය ගණන් ගන්නෙපා.. හැමදේම වෙන්නෙ හොදටනේ.. බලන්න ඔයා අද මට බින්දුලව පෙන්නන්න ආවෙ ඔය නිරෝෂිගෙ හැටි පෙන්නන්න නේ.. ඒත් ඒකෙන් අපි කවුරුවත් දන්නැති දෙයක් අපිට අහු උනානේ.. අඩු ගානෙ ඒ ගැනවත් හිතන්නකෝ.. මූණ එල්ලගෙන ඉන්නැතුව.. අපි පස්සෙ ශලනි එක්ක කතා කරලා විස්තරේ දැනගනිමු.. නිරෝෂියි, එයාගෙයි සම්බන්ධෙ මොකක්ද කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් ඉතිං.. එහෙමවත් කරමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි රන්දික ඔයා තවත් හිතේ අමාරුවෙන් ඉන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ කෙහෙල්මල් හින්දා මං අර කොහේවත් ඉන්න කොල්ලෙකුට හොදටම ගැහුවනේ නේතමි.. එක්කො අපිට හරියට හොයාලා බලන්න තිබුණා.. එහෙම කරන්නෙ නැතුව අපි ඌට ඉස්පිරිතාලෙ යනකන් ගහපු එක වැරදියි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මම නම් කියන්නෙ ඔයා ඒ කරපු වැඩේ හරි කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිටපු ගමන් නෙත්මි කිව්වෙ පුදුම කතාවක්.. වෙච්ච දේ අදහගන්නත් බැරුව මං මේ විකාරෙන් කියවනවා.. මෙයා වොලී බැස්ටියන්ගෙ බයිලා ගහනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං කරපු වැඩේ හරි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. නැත්තං මංවත්, ශලනිවත් දන්නෑ නලින්ද කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා.. වැරදීමකින් හරි ඒ දේ ඒ විදියට සිද්ධ වුණ එක හොදයි.. හිතේ දුක කොයි තරම් පිරුණත් ශලනි, නලින්දගෙන් ගැලවුණානේ.. ඒ පිනම ඇති රන්දික ඔයාට ලස්සන ගර්ල් කෙනෙක් හම්බවෙන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මි හදන්නෙ කතාවෙ ට්‍රැක් එක මාරු කරන්න කියලා මට තේරුණා.. මොනවා නැතත් මේ කෙල්ලට හුගාක් දේ තේරෙනවා.. අඩුගානෙ කෙනෙක්ව අවුල් වෙලා ඉන්නකොට ඒ අවුල ලිහල දාන්නෙ කොහොමද කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි මට ගර්ල් කෙනෙක් හම්බවෙන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට ගර්ල් නෙකෙන් නැති හන්දා රන්දික.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් ඉතිං මේ පිනෙන් කොටසක් ඔයාටත් අයිතිනේ.. ඔයත් මේ කතාවට සෑහෙන්න දායක උනානේ.. ඒක හන්දා ඔයාටත් ලස්සන බොයි කෙනෙක් හම්බවෙයි.. මේ කරපු දේවල්වල ආනිසංසයෙන්.. නැද්ද චාමික.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ.. මේ.. උඹයි, නෙත්මියි මරු කියවගෙන අන්තිම හරියට මාව දාගන්නෙපා.. ඒකත් උඹලම බේරගනිල්ලා.. බලපං අමිල.. මෙච්චර වෙලා දෙන්නා තනියෙම කියවගෙන එනවා අපිව ගාගන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. හරි.. උඹගෙ පන්ඩිතකම වහගනිං.. ඕකෙ සද්දෙට නෙත්මිගෙ කන් අඩි පැලෙයි.. හරියට නිකං අලියෙක් කෑගහනවා වගේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රන්දික.. මාව ගේට් එක ළගට ගිහින් දානවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ලොකු පුතා හොඩේ වන වනා කෑගහද්දි නෙත්මි මට ලංවෙලා ඇහුවා.. ඒ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ.. ඉර එළියට දිලිසෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"යං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අමිලයි, ලොකු පුතයි එතනම ඉද්දි මං ඉස්සර උනා.. උන් දෙන්නටත් යනවා කියාගෙන මං එක්ක නේතමි පෙලට සෙට් උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් ඉතිං ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේද රන්දික..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉවරමත් නෑ.. ශලනියි, නිරෝෂියි ගැන විස්තර තව ටිකක් හොයාගන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං දන්නවා.. ඔයා විස්තර හොයන්නෙ ඇයි කියලා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක ඉතිං ඕන කෙනෙකුට කියතැහැකිනේ නෙත්මි.. වෙන මුකුත් නෙමේ මේ පටලැවිල්ල පටන් ගත්තෙ කොහෙන්ද කියලා හොයාගන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. නෑ.. ඒක නෙමේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් ශලනිව වේකන්ට් වෙලා තියෙන හන්දා.. ඔයාට දැන් එයාට ලංවෙන්න පුළුවන් හින්දා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මිගෙ කතාවෙන් මං ගැස්සුනා. ඇත්තටම මට දැන් ඕන වෙලා තියෙන්නෙ ඒ දේද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. මගේ හිතේ එහෙම දෙයක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නැත්තෙ නෑ මට තෙරෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක නිකං ඔයා රසික අයියව හිතේ තියන් ඉන්නවා වගෙ දෙයක් කියලද ඔයා කියන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං අහපු දෙයින් කෙල්ලගෙ මූණ රතු වුණා.. ඒ රතු වෙච්ච මූණෙන් එයා අමුතු විදියට මං දිහා රවලා බැලුවා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රසික අයියා ගැන ඔයා හිතන විදියෙ දෙයක් මගේ හිතේ නෑ රන්දික.. ඒක නිකං සාමාන්‍ය හැගීමක් විතරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය ගෑනු ළමයින්ගෙ හැගීම් ගැන මං දන්නෑ නෙත්මි.. එයාලගෙ හුගක් හැසිරීම් මට තේරෙන්නෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපොයි.. ඒක නම් මහම මහ පචයක්.. ඔයාට හොදට තේරෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට තේරෙනවා.. ඒ කවුරු ගැනද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුරු ගැනද කියලා කල්පනා කරලා බැලුවොත් තේරෙයි.. එහෙනම් මං යන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හොදයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එ පාර මූණ බෙරි කරගත්තා.. අනේ මං දැන් යන්න ඕනනේ රන්දික.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. හරි යන්න.. මං ඔයාව අල්ලන් හිටියෙ නෑනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා නම් හරි නරකයි.. මහ කටු අත්තක්.. කොයි තරම් හොදින් හිටියත් පැටලෙන්නමයි බලන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පැටලුනා නම් කමක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි ඒ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පැටලෙන්නෙ ඔයත්තෙක්ක නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර නම් නෙත්මිගෙ මූණ මැදට ලොකු හිනාවක් ආවා.. ඒ හිනාවෙන්ව එයා මගේ පිටට හෙමීට පාරක් ගැහුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. දැන් මම යන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හොදයි ගිහිල්ලා එන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ගිහින් එන්න කිව්වේ, ආයෙ ගාඩ්න් එකටද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. එහෙම උනත් කමක් නෑ.. ඔයා එනවා නම් මාත් එන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා නම් මහ පිස්සු කොල්ලෙක්.. ඇත්තටම ඔයාට කියන්න වෙන මුකුත්ම නැද්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතං කියන්නකො රන්දික.. මට දැනටමත් හුගාක් පරක්කු වෙලා.. ප්ලීස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මට දීපු සහයෝගෙ මං අගය කරනවා නෙත්මි.. සමහර විට ඔයා හිටියෙ නැත්නම් මේ බින්දුලගෙ කතාව තව සීරියස් වෙන්න තිබුණා.. ඔයා වෙලාවට ආවේ.. ඒ වගේම ඔයා, මාව විශ්වාස කරපු එක ගැනත්, මට හුගක් ආඩම්බරයි.. ඒ ආඩම්බරකම හැමදාම මගේ හිතේ තියේවි.. ඒ වගේම.. ඒ වගේම ඔයා හොද ගෑනු ළමයෙක් එක්ක දවස් කීපයක ලස්සන මතකයක් හැමදාටම මගේ හිතේ රැදිලා තියේවි.. එහෙනම් ගුඩ් බායි කිව්වා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ.. ඔයා මොනවද මේ කියවන්නෙ රන්දික.. ඔයා හදන්නෙ මාව අඩවන්නද..? මේ බලන්න ඔයාගෙ කතාවට මගෙ ඇස්වලට කදුළුත් ආවා.. මං මොනවා හරි කියන්න කිව්වෙ ඔය වගේ දෙයක් අහන්න නෙමේනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තටම නෙත්මිගෙ ඇස් වලට කදුළු ඇවිල්ලා තිබුණා.. බන්ටිගෙ වැඩ එහෙමයි.. සීරියස් වෙන්න ඕන තැනදි සීරියස් වෙලා සංවේදී වෙන්න ඕන තැනදි සංවේදි වෙනවා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ උනාට මට කියන්න තියෙන්නෙ ඒ ටිකනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා කතා කරන්නෙ අපි ආයෙ හම්බවෙන්නෑ වගේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක ඉතිං අනාගතේට බාරදෙන්න නෙත්මි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. කමක් නෑ.. මං ඔයාට තව දෙයක් කියන්නයි හිටියේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ මොකක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං හෙට ඔයාගෙ අම්මව බලන්න යනවා.. අම්මට මං මොනවා හරි ගෙනියන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙන්වෙලා යන්න අන්තිම තත්පරේදි අපහු දෙයින් මං උඩ ගිහින් බිම වැටුණා.. දෙයියො සාලේ.. මං පේරාදෙණියෙ ගාඩ්න් එකෙ.. මේ මොනවද යකෝ මේ වෙන්නේ..? නෙත්මිට කියපු පච කන්දරාව දැන් ආයෙත් ගොඩ ගලන්නයි හදන්නේ.. විහිලුවට වගේ මං කියපුවයෙ ප්‍රතිඵලය නම් විහිලු නෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඕනනෑ නෙත්මි.. එයා කවුරුවත් දෙන දේවල් ගන්නෑ.. ඇරැත් එයා බලාවි හිටපු ගමන් මොකද මේ කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒකත් ඇත්ත තමයි.. එහෙනම් මං යනවා රන්දික.. යාලුවොන්ව මතක් කරා කියන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාර දිගේ ගස් පේලිය අයිනෙන් නේතමි ඈතින් ඈතට පේන්නැති වෙලා යනකන්ම බලන් ඉදලා මං ආපහු හැරුණා.. එතකොට තමයි මං දැක්කෙ ගේට් එක ළග චාමිකයයි, අමිලයයි ඉන්නවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ නේද බන්ටි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිටට තට්ටුවක් දාන ගමන් අමිලයා කිව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කතාව නම් ඇත්ත අමිල.. එයා හරිම හොද කෙල්ලෙක්.. කෙල්ලෙකුට තියෙන්න ඕන හැම ගුණාංගයක්ම අඩුවක් නැතුව එයා ළග තියෙනවා.. ඕනවට වැඩිය වැඩිත් නෑ.. ඕනවට වැඩිය අඩුත් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේන් බලපං ලොකු පුතේ.. ජීවිතේට කෙල්ලෙක් ගැන විග්රහ නොකරපු අපේ බන්ටිට වෙලා තියෙන දේ.. මට නම් පේන්නෙ ඒකි උඹේ හිත අරන් ගිහින් වගේ බන්ටියා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම දෙයක් නෑ චාමික.. එයාගෙ හිතේ ඉන්නෙ අපේ අයියව.. අයියයි, නෙත්මියි අතරෙ මං පුංචි තඹ කාසියක් විතරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අයියාකාරයා ට්‍රයි කරන්නෙ වෙන කෙල්ලෙකුට කියලා උඹ කිව්වනේ බන්ටි.. එතකොට අයියා කාරයා මේ ගෑනු ළමයි දෙන්නවම යාලු කරගන්නද හදන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං දන්නෑ අමිල.. අයියා, පිණිමුතු කියලා කෙල්ලෙකුට කැමතියි.. එයා අපේ අක්කගෙ යාලුවෙක්.. හැබැයි ඉතිං නෙත්මිගෙ හිතේ අපේ අයියා ඉන්න හින්දා මං කැමතියි එයාට අපේ අයියව හම්බවෙනවා නම්.. නෙත්මි කියන්නෙ පවුලකට සම්බන්ධ කරගන්න පුළුවන් හොද ගතිගුණ තියෙන ලස්සන කෙල්ලෙක්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. අපි ඔය කතාව ටිකක් පස්සට දාමු.. සිද්ධ වෙන දෙයක් හොද විදියට සිද්ධ වෙයිනේ.. දැන් මේ වැටිච්ච මරාලෙට මොකද කරන්නෙ බන්ටි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අමිල කරගෙන ගියපු කතාව මග නවත්තපු එක හොදයි.. මොකද නෙත්මි ගැන කතා කරද්දි මම ලොකු අපහසුතාවයකට පත්වෙලයි හිටියේ.. මොකක්දෝ නිකං කියාගන්න බැරි අමුතු කාන්සියක් මට දැනෙන්න පටන් අරන් තිබුණා.. හදුනාගන්න බැරි වේදනාවක අංශු මාත්‍රයකුත් ඒ කාන්සියෙ වැටිලා තිබුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කරන්න තියෙන්නෙ එකම දෙයයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ මොකක්ද ලොකු පුතේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉස්සෙල්ලම මේ විස්තරේ නිරෝෂිගෙන් අහන්න ඕන.. බින්දු ඉස්සරහම, ඇටකිච්චට ගහපු කතාව අපට කියන්න වෙනවා.. මොකද අපි දන්නෑ අමිල, නිරෝෂිය අර ශලනියි අතරෙ තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කියන්නෙ උං ට්වින්ස්ලා නෙමෙයි කියලද ලොකු පුතේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ චාමික.. එයාලා ට්වින්ස්ලා වෙන්න ඇති.. ඒත් එයාලා දෙන්නා එකට නැත්තෙ ඇයි..? කොටින්ම එක වගේ හැඩහුරුකම් තියෙන ගෑනු ළමයි දෙන්නෙක් මේ නුවර එහෙට මෙහෙට දවසක් දෙකක් හරි ඇවිද්දා නම් අපිට මාට්ටු වෙනවනේ.. ඉතිං එහෙම දෙයක් උනේ නැති එකෙ.. මට නම් හිතෙන්නෙ එයාලා දෙන්නා අතරෙත් ගැටලු තියෙනවා කියලයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරියටම හරි බන්ටි.. උඹ ඒක ලස්සනට විග්රහ කලා.. මොකද හැම වෙලාවෙම නිරෝෂියි, ශලනියි වෙන වෙනම තමයි අපේ කොල්ලො දැක්කේ.. එයාලා දෙන්නා එකට ඉන්නවා කවුරුත් දැකලා නෑ.. අඩුම ගානෙ දවසෙ පැය විසි හතරම මහ පාරෙ ඉන්න අපේ රවීන්වත් එහෙම දෙයක් දැකලා තිබුණෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හුගාක් වෙලාවට අමිල.. අපේ කොල්ලො සෙට් එක එක වගේම, මමත් දැක්කෙ ශලනියි කියලා මට හිතෙන්නේ.. නිරෝෂි ඒ දවස්වල විහිලුවකට ගෙදරින් එළියට බහින්නෙ නැතුව ඇති.. හැබැයි ඉතිං ඒකෙන් උනේ අර අහිංසක ඇටකිච්චා නැව් ගානට ගුටි කාපු එක.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් නම් බන්ටි.. මට නිරෝෂිගෙ මූණවත් බලන්න ලැජ්ජයි. අපි මොන තරම් පහත් විදියටද එයා ගැන හිතාන හිටියේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක තමයි බං මාත් කියන්නේ.. හැබැයි ඉතිං අපි අහපු ආරංචි අනුව, අපි දැකපු දේ අනුව අපි ක්‍රියාත්මක වුණා.. ඒක අපේ වැරැද්දක් නෙමෙයි.. අපි ඒක බින්දුට පහදලා දෙමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් ඉතිං යමු.. මං දැක්කා උං පිට්ටනිය පැත්තට යනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ලොකු පුතාට ඕන දේ ඉක්මනට ඉවරයක් කරන්න.. මගේ හිතටත් ඒ දේ කරන්න ලොකු ඕන කමක් තිබ්බත් මං හිටියෙ ලොකු පීඩනයකින්.. මොකද බින්දු වෙනුවෙන් මේ අද දක්කා මං කරපු හැම දෙයක්ම වතුරෙ ගියා කියලා මං ඒ වෙනකොට දැනන් හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හැබැයි චාමික.. බින්දුයි, නිරෝෂියි අපේ ගෙදර හවස එනවා කිව්වනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. ඒකත් ඇත්ත තමා.. එහෙනම් අපි හවසට ආයෙ සෙට් වෙමු.. මං සුරේන්ටයි, රවීන්ටයි පණිවිඩේ දෙන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක හොදයි.. අපි දැන් මෙතෙන්ට ආවා කියලා බින්දුට කියන්න ඕන නෑ.. කතාව යන පැත්ත බලලා අපි ක්‍රියාත්මක වෙමු.. එහෙම හොදයි නේද ලොකු පුතේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම හොදයිද බන්ටි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. එහෙම හොදයි.. හවස ටිකක් කලින් වරෙල්ලා.. ගෙදර වත්තෙ බංකු උඩ අපි සෙට් වෙමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් ආයෙ බින්දුයි, නිරෝෂියි ළගට ගිහිල්ලා වැඩක් නෑ.. උං දෙන්නා පිට්ටනියෙ මැද්දට වෙලා පට්ට අව්වෙ යස අගේට ප්‍රේම කරනවා ඇති.. මොනව උනත් අද නෙත්මිව මෙතෙන්ට එක්කං ආපු එක නම් දෙයියො බැලුවා වගේ දෙයක් තමයි.. නැත්තං තව ඉස්සරහට බින්දු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගිහිල්ලා මං කන පරිප්පුව ගැන ලියන්න විශ්ව කෝෂෙකුත් ඕන වෙනවා.. අනික තමයි ඇටකිච්චට තව එෆෙයාර් එකක් තිබ්බ එක.. එහෙම නොවුනා නම් ඇටකිච්චා යාලුවෙලා හිටිය ශලනි එක්ක විතරයි නම්, ඒ ආදරේ කඩලා දාන්න සම්මාදන් උනා කියලා මට පුදුම පාප කර්මෙකුයි වෙන්නේ.. එහෙනම් ඉතිං මං ඇදගෙන නාන හැටි මටවත් හිතාගන්න බෑ.. ඔක්කොම වෙන්නෙ හොදටයි කියලා කතාවකුත් තියෙනවනේ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?484oc8m9w1tbojl"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom