෴♥ ඒ මගේ මලයි 2 ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ ඒ මගේ මලයි 2 ♥෴

    මේ ඒ මගේ මලයි පළමු කොටස >>
    Code:
    http://www.elakiri.lk/forum/showthread.php?t=1394410

    Cover-01.jpg


    01.png


    ඒත් ඉතිං එහෙන් මෙහෙන් සද්දෙ දාගෙන, හොරෙක් හොරකම් කරන්න ඒවිද..? පිස්සුද මංදා.. පන්සලේ ඝාංඨාරෙ ගහනවා වගේ සද්දෙ දාගෙන කරන්න හදන මේ වැඩේ මොකක් උනත් ඒක කරන්නෙ උපන් ගෙයි ආධුනිකයෙක් වෙන්න ඕන.. මොනව උනත් බැට් එකත් අතේ තියාගෙන බැල්කනිය මුල්ලට වෙලා මට බලන් ඉන්න උනේ බොහොම ඩිංග වෙලාවයි..

    කලුපාට අදුරු පොදියක් ඉනිමග මුලට ඇවිත් උඩට නගින්න හදනවා මං දැක්කා.. බුදු කිරි අප්පොච්චියේ.. මේ මොකාද යකෝ මේ..? මගේ පරණ තරහා කාරයෙක්වත්ද..? ඒත් ඉතිං මං මෑතකදි මතක හිටින වලියක් දාගත්තෙ නෑනේ.. ඇලුමිනියම් ඉනිමග ජර බර ගාද්දි මෙලෝ සිහියක් නැතුව උඩට නැගගෙන එන අපූරු සත්වයා අදුනගන්න මං උපරිමයෙන්ම උත්සාහ කලා..

    එන එකාට බැල්කනිය ළගටම එන්න දීලා මිනිහා එක්කම ඉනිගම පල්ලෙහාට තල්ලු දාලා දාලා බන්ටිට මාර ගතියක් ගන්න තිබ්බා.. ඒත් මේ මහ ගිරි දඹ තරණය කරන්න හදන එකා මොකාද අප්පේ.. අනිත මේ තරම් උනන්දුවකින්..

    "ර..සි..ක.."

    ආපු එකා බැල්කනිය ළගටම ඇවිත් අයියගෙ නම කියල කතා කරනව ඇහෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා.. තව පොඩ්ඩෙන් මගේ අතේ තිබ්බ බැට් එකත් බිමට වැටෙනවා.. යකෝ මේ මොරීන් අක්කගෙ කටහඩනේ.. මේ ගෑනිට පිස්සුද හැටිද මං දන්නෑ.. මොන කෙංගෙඩියක් කරන්න ආවද මංදා මේ පට්ට රාත්‍රී යාමයේ..

    "මොරීන් අක්කේ..?"

    බැට් එක අතේ තියාගෙනම මං බැල්කනි එකෙන් පහළට එබුණා..

    "බ.. බන්ටි ඔයා මොකද මෙතන කරන්නේ..?"

    අම්මප.. පිස්සු මටද නැත්තං මේ ගෑනිටද..? ඇයි හත්තිලව්වෙ මගේ කාමරේ, මගේ බැල්කනියෙ ඉන්න මගෙන් අහනවා, මෙතන මොකද කරන්නෙ කියලා.. හරි නම් මමනේ ඒ ප්‍රශ්නෙ අහන්න ඕන..

    "මම කරන දේ පේන්නෙ නැද්ද මොරීන් අක්කේ.. මං මේ හිටියෙ මේ බැට් කෑල්ලෙන් ඉනිමග දිගේ එන එකාව සාදරයෙන් පිළිගන්න.."

    "දෙයියනේ.."

    දෙයියන්ට කියාගෙනම මොරින් අක්කා බඩගාගෙන, කොමාන්ඩෝ කෝස් එකක් කරගෙනම, බැල්කනි එකට පැන්නා.. කරුමෙට හරි මොකෙක් හරි අපතයෙක් බලන් ඉන්නවා නම්, මේ සිද්ධියත් එක්ක කොටස් සීයක විතර මෙගා ටෙලි නාට්‍යයක් හදන්න පුළුවන් කියලා හිතයි.. එක්ටැම් ගේක හිර කරලා ඉන්න පෙම්වතා බලන්න, පෙම්වතිය ඇලුමිනියම් ඉනිමග දිගේ එන වීර ක්‍රියාන්විතය, ත්‍රාසජනක ගමන ගැන ඒ බලන් ඉන්න එකාට මැවිලා පෙනෙයි..

    "ඔයාට පිස්සුද මොරින් අක්කේ.. ඔයා මොනවද මේ කරන විකාර වැඩ..?"

    "අ.. අනේ තරහා වෙන්නෙපා.. බන්ටි.. මට.. මට පුංචි මිස්ටේක් එකක් වෙලා.."

    "මොන පුංචිද..? මේක අලි පත මිස්ටේක් එකක්.. ඔයා අර අල්ලපු ගෙදර දයානන්ද අංකල්ලහට කියලා හිතාගෙනද මෙහෙට බඩගෑවේ..?"

    මෙච්චර වෙලා ඔලුවෙ දාගෙන ඉදපු, ටීෂර්ට් කැප් කෑල්ල ගලවලා දාලා මූණත් යකා වගේ කරගෙන මොරීන් අක්කා මං දිහා බැලුවා.. මේ මොකෝ යකෝ මේ..? මං මෙයාට ඩෝං යන්න මුකුත් කිව්වයෑ..

    "කැත කතා කියන්නෙපා බන්ටි.. ඔය වගේ කතාවකට මට ඔයාව මරාගෙන මැරෙන්න උනත් පුළුවන්.. අන්න ඒක මතක තියාගන්න.."

    අම්මපා.. ඒ පාර මොරීන් අක්කා එල්.ටී.ටී.ඊ කාරයෙක්ගෙ ගති ලක්ෂන පහල කරගෙන.. කෝකටත් කියලා මං ටිකක් පස්සට උනා..

    "මතක තියාගන්න ඕන ඔයයි මොරීන් අක්කේ.. කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඉනිමගකුත් තියලා ඉලන්දාරියෙකුගෙ කාමරේට රිංගන්න ආපු එක.."

    "කවුද දැන් ඉලන්දාරියා..?"

    "මම.."

    "ඔයා මොන ඉලන්දාරියෙක්ද බන්ටි.. ඔයාගෙ අයියා රසිකනේ නියම ඉලන්දාරියා.."

    "අම්මපා.."

    "ඔව්.. අම්මපා තමයි.."

    මොන කුණුහරුපයක්ද යකෝ මේ..? හොදට තියෙන මගේ ඔලුවටත් අමුතු විශබීජනේ මේ ගෑනි දාන්නේ..

    "මොරීන් අක්කෙ මේ.. පිස්සු කියන්නෙ නැතුව... මේ වැඩේ තේරුම මොකක්ද කියලා මට කියන්න.. ගෙදර කවුරු හරි මෙතෙන්ට ආවොත් මට ඇපත් නෑ.. ඔයා දන්නවනේ අපේ ගෙදර කට්ටියගෙ හැටි.. වැරදිලාවත් අම්මා ආවොත් ඔයාටයි, මටයි දුවන්න පාරවලුත් හදන්න වෙනවා.."

    "ඒක නම් ඇත්ත තමයි.. මගේ මේ ආදර ගමනෙන් ඔයත් අමාරුවෙ වැටෙනවා.."

    "ආදර ගමන..?"

    "ඔව්.. මං ආවෙ රසිකව බලන්න.. එයා නිදි නම් ජනේලෙන් හරි එයා දිහා බලලා ඇස් දෙක පිනව ගන්න.. ඒත් දෛවය මට පුදුරු විදියටම හරස් වුණා.. රසික වෙනුවට මට මුණ ගැහුණෙ ඔයයි බන්ටි.. ම.. මට ඒක කොහොමටවත් දරා ගන්න බෑ.. ඇයි බන්ටි මටම මෙහෙම වෙන්නේ..?"

    "ඒ කියන්නෙ ඔයා මේ පට්ට රෑ ආවෙ අපේ අයියව බලන්නද..? අම්මප මොරීන් අක්කේ ඔයිට වැඩිය හොද නැද්ද උදේ පාන්දර අපේ එකා වැඩට යන හැටි අර ඉස්සරහ බෝක්කු පඩිය උඩට වෙලා බලන් හිටියා නම්.."

    "එහෙම දවස් කීයක් නම් බලන් හිටියද බන්ටි.. ඒත් ඔයාගෙ අයියා මං දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.."

    සමහර විට අපේ එකා ඇහැක් වහලා බලන්න ඇති.. මෙයාගෙ ප්‍රේම විකාරෙට ඕවා පේනවද අප්පා..

    "නොලැබෙන දේවල්වලට තැවිලා, පෙවිලා වැඩක් නෑ මොරීන් අක්කේ.. මතක නැද්ද ඔයා අර එදා මට කිව්වේ, අපේ අයියට කෙල්ලෙක් ඉන්නවා කියලා.. ඉතිං ඌට කෙල්ලෙක් ඉන්නවා නම් ඇයි ඔයා තවත් උගේ පස්සෙන් යන්නේ..?"

    මං බොහොම සාවධානව ඇහුවා.. හිතේ කේන්තිය සෙන්ටිග්‍රේඩ් සීයට තිබුණත් කෑගහන්න බෑනේ අප්පා.. කොයි තරම් රහසිගතව පවත්වන මාධ්‍ය සාකච්ඡාවක්ද මේ..?

    "මගේ නොලැබීම.. බන්ටි මල්ලි.. මගේ නොලැබීම.. මං දැන් පොතකුත් ලියාගෙන යනවා.. 'ඔබ නොලැබීමයි මගේ දෛවේ' කියලා.. ඒකෙ පිදුම මං ලියලා තියෙන්නෙ ඔයාගෙ සුදු රසික අයියට.. මං හිතනවා එයා ඒක බලල අඩයි කියලා.."

    අඩයි නෙමෙයි ඒකා හිනා වෙයි.. උගේ සංවේදීකම ගැන මමනේ දන්නේ.. ඕවා මේවා මොනව උනත් මට තාමත් හිතාගන්න බැරි මේ මස් වර්වතේ කොහොම ඉනිමග දිගේ උඩට ආවද කියලා.. බලන් ගියාම ඒකත් වීර ක්‍රියාවක් තමයි..

    "ඔව්.. අයියා අඩයි.. ඒක හින්දා මොරීන් අක්කෙ ගෙදර කවුරු හරි මෙතෙන්ට එන්න කලින් දෙයියනේ කියලා ආපහු ආපු විදියටම පහළට යනවද..? නැත්තං මටයි අඩන්න වෙන්නේ.. දැනටත් ඔයා මෙතන ගත කරපු කාලය හුගාක් වැඩියි.."

    "මට ආපහු යන්න බෑ බන්ටි.."

    "මොකක්..?"

    මම උඩ ගිහින් බිම වැටුණා.. මොන අවනඩුවක්ද යකෝ මේ..? ආපහු යන්න බෑ කියන්නේ.. මේ හොල්මන මගෙත් එක්ක පවුල් කන්න ඇවිල්ලද මන්දා..

    "ඔව් බන්ටි.. මට යන්න බෑ.."

    "මොරීන් අක්කේ.. මේ.. මාව මල යකෙක් කරන්නැතුව දෙයියනේ කියලා මෙතනින් යනවද..? මොන කුණුහරුපයක්ද ඔයා මේ කරන්නේ..? ඔයා කැමති මාව මේ ගෙදරින් එළියට දානවා බලන්නද..? වැඩිය ඕන්නෑ.. තව විනාඩි පහකින් නැත්නම් දහයකින් මෙතෙන්ට කවුරු හරි එයි.. එතකොට ඉතිං සනීපයි.."

    "අනේ එහෙම හිතන්නෙපා බන්ටි.. මට යන්න බෑ කිව්වෙ පල්ලෙහාට බහින්න බැරි හින්දා.. උඩට නැග්ගා වගේ නෙමෙයි.. මට බහිනන බයයි.."

    "මොනවා.."

    "ඔව් බන්ටි.. ඔයාට බැරිද මාව ගේ ඇතුළෙන් එක්කන් ගිහින්, ඉස්සරහ දොරෙන් එළියට දාන්න.. අනෙ ඔයා හොද බන්ටිනේ.. මං ආයෙ කවදාවත් මේ වගේ වැඩක් කරන්නෙ නෑ.."

    "ගේ ඇතුලෙන් එක්ක යන්න..? ඔයාට මොනව හරි පෑගිලද මොරීන් අක්කේ..? ඔයා හදන්නෙ මගේ ආත්මෙත් නැති කරලා දාන්නද..?"

    හප්පොච්චියේ.. මේක නම් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ තමයි.. ඇයි දෙයියනේ.. බන්ටිටම මෙහෙම වෙන්නේ..? බන්ටිගෙ වෙලාව මේ තරම් නරක ඇයි..? මං කොහොමද දෙයියනේ මේ මස් පර්වතේ ගේ ඇතුලෙන් එක්ක යන්නේ..?

    "ඉතිං බන්ටි මං කොහොමද මෙතනින් බහින්නේ..? මං බයයි අනේ.. හදිසියෙවත් වැටුණොත් එහෙම මං මැරෙයි.."

    එහෙමවත් වෙනවා නම් හොදයි අප්පා.. නැත්නම් මොන නස්පැත්තියක්ද මේ..? හැබැයි ඉතිං මොරීන් අක්කා මැරුණොත් භූතයෙක් වෙලා හරි මේ වගේ බාල්දි පෙරලයි..

    "ඔයාට ඕක හිතන්න තිබ්බෙ බැල්කනියට නගින්න කලින්.. දැන් එනවා මෙතන අනේ පනේ ගාන්න.."

    "ආදරේ කරනකොට ඔය මුකුත් මතක් වෙන්නෑ බන්ටි.. ඔයත් කවද හරි දවසක ආදරේ කරනකොට මං කියපුවා තේරෙයි.. ආදරේ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න පුළුවන් කියලා ඔයාට හිතෙයි.."

    "ඔය මල ඉලව් ආදරේ මට නම් විහිලුවකටවත් එපා.. මොන කරුමයක්ද අප්පා.. පටන් ගත්තු දවසෙ ඉදන්ම හොට්ට පෙරාගෙන අඩන්නනේ තියෙන්නේ.. ඕකට ඉතිං තව එකෙක් ඕනෙ නෑනේ.. තනියෙම බැරියෑ පෙරලි පෙරලි හරි අඩන්න.."

    "බ..න්.. ටී.."

    ඒ කටහඩ ආවෙ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. දෙයි හාමුදුරුවනේ.. ඒ අයියගෙ කටහඩ නේද..? අඩේ මිනිහා මගේ කාමරේ දොරට නේද තඩිබාන්නේ.. වැරදිලාවත් ඔය මනුස්සයා කාමරේ ඇතුලට ආවොත් හෙම මට වෙන්නෙ බැල්කනියෙන් පහළට පනින්න තමයි.. වෙන කරන්න මුකුත් ඇත්තෙම නෑ..

    "ඔන්න ඔයාගෙ සුවද දැනිලද කොහෙද අපේ එකා බෙරිහන් දෙනවා.. එහෙනම් ඉතිං මොරීන් අක්කේ.. ඔයා ඕන ජවුසමක් නටාගන්න.. අයියා තව ටිකකින් කාමරේට එයි.. මං ඉනිමග දිගේ පහලට බැහැලා ඒකත් කරේ තියාගෙන ඔයාලගෙ ගෙදර යන්නම්.."

    "අ.. අනේ බන්ටි මල්ලි.. විහිලු නැතුව මොනව හරි කරන්නකෝ.. මං මේ වෙලාවෙ බැල්කනියෙ ඉන්නවා රසිකට අහුවුණොත්, එයා මං ගැන වැරදියට හිතයි.. ආයෙ මට එයාගෙ මූණවත් බලන්න වෙන්නෑ.."

    මේන් බලාපල්ලකො හොද ළමයි.. අම්මප මොරීන් අක්කා ගෑනියෙන් නෙමේ නම්, මං බැට් එකෙන් ගහලයි ඔලුව පලන්නෙ.. ඒ තරමට මේ කියන ඒවට මට දැන් කේන්තියි..

    "ඇයි දැන් ඔයා මේ ගිරිදුර්ග තරණය කරල, දත කට මැදගෙන ආවෙ අපේ අයියා කාරයගෙ පාංඩු මූණ බලන්නනේ.. දැන් ඉතිං ඒකා අර දොර ඇරගෙන කාමරේට ආවහම ඔයාට කරදරයක් නැතුව බලාගතෑකි.. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනින් බැහැලා දුවන්නම්.."

    "අ.. අනේ බන්ටි ප්ලීස්.. අ.. අර බලන්නකෝ.. රසික දොරට හයියනේ ගහන හැටි.. අනේ මාව මෙතනින් පහළට බස්සවන්න.."

    උඹ බස්සන්න නම් පුතේ දොඹකරයක්වත් ගේන්න ඕන.. අරහෙන් අයියා දොර කඩන්න හදනවා.. තව විනාඩියක් යන්න කලින් ගෙදර හැමෝම දොර ගාව ඉදියි.. වැඩේ කියන්නෙ අයියට තාම ගෙදර ලොකු යතුරු කැරැල්ල මතක් වෙලා නෑ.. මතක් උනා නම් ඒකෙ තියෙන මගේ කාමරේ යතුරෙන් දොර ඇරගෙන ඇතුළට එනවනේ..

    "හරි.. හරි.. මං ඉනිමග අල්ල ගන්නම්.. දෙයියන්ගෙ නාමෙට මොරීන් අක්කේ මෙතනින් පහළට පතබරියම් උනත් කමක් නෑ.. ඉක්මනට බහින්න.. බැහැලා ඉනිමගත් උස්සගෙන දුවන්න.."

    මොරීන් අක්කා බැල්කනිය දිගේ බඩගාද්දි මං ඉනිමග හයියෙන් අල්ල ගත්තා.. අනේ මේ ප්‍රතාපවත් සාඩම්බර දර්ශනේ විඩීයෝ කරන්නවත් තිබුණා නම්.. ආත්ම හතක් යනකන් හරි බල බල හිනාවෙන්න තිබුණා.. හිනා තමයි තව ඩිංගකින් අයියා නාලාගිරි ඇතා වගේ ඩෝප් වෙලා කාමරේට කඩන් පනියි.. මට වෙන්නෙ කැත නැතුව හොට්ට පෙරාගෙන අඩන්න..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "බ.. බන්ටි මේ දොර අරිනවා.. මොනවද කරන්නෙ කාමරේ ඇතුළට වෙලා..?"

    "අ.. අනේ බන්ටි ඉනිමග හයියෙන් අල්ල ගන්න.. මගේ හෙයාර්ස්ටයිල් එකත් අවුල් උනා.."

    අරහෙන් අයියා කෑගහනවා.. මෙයා මෙහෙන් පිස්සු කියවනවා.. මගේ කන් දෙකට දැන් කියන දේවලුත් ඇහෙන්නෙ නෑ වගේ..

    "හෙයාස්ටයිල් එක බල්ලට ගියාවේ.. ඉක්මනට බැහැපං මොරීන් අක්කේ.. ඔන්න මං ගියා.."

    තව තත්පරයක් තිබුණෙ නෑ.. මටවත් හිතාගන්න බැරි වේගයකින් මං කාමරේ ඇතුළට පැනලා බැල්කනියෙ දොරත් වහලා ඇදට නැග ගත්තා.. ඒ එක්කම කාමරේ දොර ඇරුණා.. මං හිටියෙ ඔලුවෙ ඉදන් පොරවගෙන..

    "මම නම් කියන්නෙ අම්මෙ.. බන්ටි කාමරේ නෑ.."

    කාමරේ ඇතුළට ආපු ගමන් අයියා කිව්වා..

    "එතකොට අර ඇද උඩ කහ පාට බෙඩ්ෂිට් එක පොරවගෙන ඉන්නෙ කවුද..?"

    "අම්මා හිතන්නෙ ඒ බන්ටි කියලද..? මොන පිස්සුද..? ඔතන ඇත්තෙ තනිකරම කොට්ට ගොඩක්.. කොට්ට පේලියක් මිනිහා වගේ තියලා කොහේ හරි රස්තියාදු ගමනක් ගිහින්.."

    "ඉතිං ලොකූ.. බන්ටි කොහෙන්ද යන්නේ..? අරපැත්තෙ තියෙන්නෙ බැල්කනි එකනේ.."

    "බැල්කනි එක තමයි.. ඔන්න අම්මෙ මේ ගෙදර හුරතල් පුතණ්ඩියගෙ වැඩ.. අනිවාර්යෙන්ම මොන ක්‍රමේකින් හරි බැල්කනියෙන් පහළට බහින්න ඇති.. අම්මයි, තාත්තයි හිතන් ඉන්නවා බාලම දරුවා කාලා බීලා යස අගේට නිදි කියලා.."

    බාලම දරුවා නිදි එක පැත්තකින් තියමුකෝ.. අනේ ඇතත්ට ඔය ලොකුම දරුවට බැරිද මේ කහපාට බූල් බෙඩ් ෂිට් එක ඩිංගක් එහාට කරලා සැකේ දුරු කර ගන්න.. ෂිහ්.. නිකාං සවුත්තු වෙන්නයි වෙන්නේ..

    "අපිට දැන් තියෙන්නෙ බන්ටි එනකන් මේ කාමරේ ඇතුළට වෙලා ඉන්නයි.. එයාගෙ හොර ගමන් එතකොට අතටම අල්ලගතෑකි.."

    මෙච්චර වෙලා කට පියාගෙන ඉදපු අක්කත් කට ඇරියා.. මේ ගොල්ලො දැන් පිස්සුව තද වෙච්ච, අමු පිස්සො වගේ.. ඔහේ කියෙව්වට කමක් නෑ.. මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙ මොරීන් අක්කට බැල්කනියෙන් බැහැගන්න පුළුවන් උනාද කියලයි.. ඒ බැහැලා ඉවරවෙලා ඉනිමගත් කරේ තියාගෙන ගෙදරට දුවන්න පුළුවන් උනාද කියලයි..

    "ලොකූ.. ඔයා බැල්කනියෙන් පහළ බලන්න.."

    අම්මා එහෙම කියන ගමන් මගේ බෙඩ්ෂිට් එකේ පැත්තකින් ඇද්දා..

    "දෙ.. දෙයියනේ.. මේ ඉන්නෙ බන්ටි.."

    අම්මගෙ සද්දෙට බැල්කනිය ළගටම ගියපු අයියා ආපහු හැරුණා.. ඒ හැරිලා මගේ ඇද ළගටම ආවා.. ඒ එක්කම දඩාං ගාලා මොකක්දෝ කෙහෙල්මලක් බිමට පතබරියන් වෙන සද්දෙයි, යකඩ කෑලි දෙක තුනක් එකට හැප්පෙන සද්දෙයි, පල්ලෙහායින් ඇහුණා.. ආයෙ අහන්න දෙයක් නෑ.. දැන් ඉතිං ලෙඩා මලත් බඩ සුද්දයි.. ඔය ඇහුණ සද්ද ටික නොකියා කියන්නෙ මොරීන් අක්කා පෙරේතයා පොළොවෙ ගැහුවා වගේ බිම වැටිලා කියලා මිසක වෙන මුකුත් නම් නෙමෙයි..

    "මොකක්ද අම්මෙ ඒ සද්දේ..?"

    මාව සදහටම අමතක කරලා, ගෙදර කට්ටිය ආයෙත් බැල්කනි එක ළගට දිව්වා.. එහෙනම් අයියා ඉස්සෙල්ලා බැල්කනියෙන් පහළ බලන්න යද්දිත් මොරීන් අක්කා ඉදලා තියෙන්නෙ ඉනිමගේ වෙන්න ඕන.. කලබල උන පාර ගෑනි බිමටම පතබරියං වුණා.. ඒකෙ ආයෙ සේදිය යුතු කිසිවක් නෑ.. සබන් පොඩ්ඩක් ගාන්න විතරයි ඕන.. මොරීන් අක්කා ඉනිමග දාලා හරි දුවල තිබ්බොත් හොදයි.. නැත්තං මේ අහිංසක බන්ටිටත් ඇඩ්‍රස් නැතිවෙනවා..

    "කවුරුත් නෑනේ ලොකූ.."

    "ඒකනේ අම්මේ.. දැන් අපි හැමෝටම ලොකු සද්දයක් ඇහුණනේ.."

    "පල්ලෙහාට ගිහින් බලමු.."

    හැමෝම රහස් පරික්ෂකයො වෙන්න යන වෙලාවෙ ඔන්න දැන් තමයි බන්ටිගෙ ක්‍රියාන්විතය ඇරඹෙන්නේ.. අඩුගානෙ එතකොට මෙයාල මිදුලට යනකොට මොරීන් අක්කට තාර පාරටවත් පැනගන්න පුලුවන් වෙයි..

    "ඔයාලා මොකද මේ මගේ කාමරේ ඇතුලෙ කරන්නේ..?"

    මේ දැන් ඇහැරුනා වගේ ඇස් දෙකත් පොඩි කරන ගමන්, දවස් දෙක තුනක් නිදි මරපු මිනිහෙක්ගෙ මූණක් මං මවා ගත්තා.. මං අනිවාර්යෙන්ම දන්නවා මේ මූණට මෙයාලටත් නිදිමත හැදෙනවා කියලා..

    "අපි මෙච්චර වෙලා කතා කරපුවා ඔයාට ඇහුන්නැද්ද බන්ටි..?"

    "මට ඇහෙන්න..? අනේ මේ.. අයියේ.. ඔයාලගෙ කතා කරපුවා කතා කරන්න අර අච්චර මහ විසාල සාල දණ්ඩක් තියෙද්දි මාව මරන් කන්න මේක ඇතුළට ආවෙ ඇයි..? ෂිහ්.. ඇත්තටම බලන් ගියාම ඕගොල්ලො මහ කැතයි.. නිදාගන්නකොටයි, කනකොටයි සතෙකුටවත් හිංසා කරන්නෙපා කියලයි ඔය හැම පොතකම තියෙන්නේ.. ඒකටත් එක්ක ඔයාලා.."

    අම්මයි, අයියයි, අක්කයි තුන්දෙනාම කටවල් ඇරගෙන අහන් හිටියා මිසක වචනයක්වත් කිව්වෙ නෑ.. ඇත්ත කතාව කියන්නෙ එයාලට කියන්න තරම් දේකුත් නෑ..

    "අ.. අර බලන්න බැල්කනියෙ දොරත් හායි ගාලා ඇරලා දාලා.. අනේ ඇත්තටම ඔයාලට මොනවද වෙලා තියෙන්නේ..? ඔයාලා නිදාගන්න ගියාම මං ඒ කාමරවල දොරවල් අරින්න එනවද..? ෂිහ්.. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලා නම් අන්තිම සවුත්තුයි.."

    "හරි.. හරි.. අපි යන්නම්.. දැන් කට වහගෙන නිදාගන්න.. ඩිස්ටර්බ් උනා නම් සොරි.."

    "වෙරි සොරි බන්ටි.. ඔයාගෙ සද්දයක් නැති හින්දයි අපි බැලුවේ.."

    "හිනා යන කතා කියන්නෙපා අක්කේ.. සද්ද දාගෙන කවුද නිදාගන්නේ.. ඔයා හිතන්නෙ මං ට්‍රම්පට් එකක් කියලද..? ඔයාලට ඕන වුණේ මගේ නින්ද කඩන්න.. ඒක ආයෙ දෙකක් නෑ.. ඒත් දෙයිහාමුදුරුවනේ ඔයාලට නින්ද යන්නෑ, කියලා මං මොනවා කරන්නද..?"

    අම්මා දිහා හොරාට බලන ගමන් මං කිව්වා, අම්මා තාම මට වචනයක්වත් කිව්වෙ නෑ.. ඒත් ඒ මූණෙ පුංචි හිනාවක් රැදිලා තිබුණා.. ඒ හිනාව පිටින්ම ගුඩ් නයිට් බන්ටි කියලා අම්මා කාමරෙන් ගියා.. මගේ දිහාට ඔරොප්පු මූඩ් එකක් දාගෙන ගස්සලා පද්දලා, අක්කත්, අම්මගෙ පස්සෙන්ම පිටවුණා.. ඒත් කොහොල්ලෑ බබා බදාගත්තු නරියා වගේ අයියා විතරක් කාමරේ නතර වුණා..

    "මේ නම්බර් එක දන්නවද..?"

    මෙච්චර වෙලා පිටිපස්සට කරගෙන ඉදපු මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රින් එක අයියා මගේ ඇස් ඉස්සරහින් තිබ්බා.. මේ ගල් උගුඩ්ඩා ඒ පාර එන්න හදන්නෙ මොකාටද..? අම්මප මේකා විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක් උනාට මට නම් කම්කරුවෙක් ගානයි.. ඇයි දෙයියනේ ඒ වගේ වැඩනේ කරන්නේ.. මොරීන් අක්කා පෙරලන්න ගියපු බාල්දියෙන් මං ඔල් මොරොන්දම් වෙලා ඉන්නවා.. මේකා මේ ටෙලිෆෝන් නම්බරයක් ගැන අහනවා..

    "මොකද කතා නැත්තේ..? මේ නම්බරේ අදුනනවා නේද..?"

    අයියා නෙමේ නම් මං පැනපු ගමන් දෙන්නෙ කනේ බෝල කූං කූං ගාන්න.. ඇයි අප්පා ජීවිතේටවත් දැකලා නැති නම්බරයක් පෙන්නලා අහනවා මේක අදුනනවා නේද කියලා.. මූට නම් අම්මපල්ලා හොදටම පිස්සු..

    "ඔව්.."

    "හරිනේ.. එහෙනම් මං හිතපු දේ හරියටම හරි.. මේ වැඩේට තමුසෙත් සම්බන්ධයි.. දැන් ඉතිං කියනවා කාගෙද මේ නම්බර් එක කියලා.."

    මේකට දැන් නම් අනිවාර්යෙන්ම පිස්සු.. එහෙමත් නැත්නම් නිදිමත තදවෙලා.. මේ මරු විකලෙනුයි කියවන්නේ..

    "ඕක ඩයලොග් කොම්පැණියෙ නම්බරයක්.."

    "බන්ටි මේ.. මගේ යකා අවුස්සන්නෙ නැතුව කියනවා කාගෙද මේ නම්බර් එක.. තමුසෙ මාව විහිලුවකට ගත්තද..?"

    ඔන්න.. ඔන්න.. ඉතිං අයියාකාරයා ට්‍රැක් එක පැන්නා.. දැන් නම් බන්ටිටත් තදවේගෙන එනවා.. ඇත්තමයි.. මූට ඔය අලිබෙට්ටක් වගේ මොකක් හරි ලොකු දෙයක් පෑගිලා..

    "ඔයා විහිලුවකට ගන්න ඔයා ජෝකර් කෙනෙක්ද..? මේ අයියෙ මං එකක් කියන්නම්.. මට ඔය ෆෝන් කතන්දර තේරෙන්නෑ.. මට ඇති ෆෝන් එකකුත් නෑ.. මං දන්න නොම්මරේකුත් නෑ.. ඔයා දවසකට මොකාක් හරි කුණු ගොඩක් ඇදගෙන ඇවිත් මාව මරන් කන්න හදනවා.. අනික ඉතිං.. මොනවම හරි දේක මුල, මැද, අග කියලා කෑලි තුනක් තියෙනවනේ.. ඔයා අන්තිම හරිය විතරක් ගිරිය පුප්පගෙන කෑගහලා කියලා, මගෙන් ප්‍රශ්න අහනවා.. ඇත්තටම මට දැන් ඔයාව එපාවෙලයි තියෙන්නේ.."

    "බ.. බන්ටි.."

    "මීට පස්සෙ ඔයා ඔයාගෙ දේවල් විසදගන්න.. මොන කරදරයක්ද මේ.. මට නිදාගන්නවත් නෑ.. කොහෙන් හරි කොනකින් මාව පටලවගෙන බොරුවට කෑගහනවා.. හොදයි ඔයාම හිතන්න.. ඔයා කැමතිද මේ වගේ කාගෙවත් බයිට් එකක් වෙන්න.."

    "සොරි බන්ටි.. මං ටිකක් අවුල් වෙලයි හිටියේ.."

    "ඔයා අවුල් උනා කියලා මං පළිද අයියේ.. ඔයාටත් මගේ වගෙ කාලයක් තිබුණා නේද..? ඔයා යාලුවො ආශ්‍රය කෙරුවෙ නැද්ද..? ඔයා රස්තියාදු ගැහුවෙ නැද්ද..? වලාකුළු බැම්ම ළග ඉදන් කඩල ඇට හැපුවෙ නැද්ද..? පැය දෙක තුනේ චාටර් වෙලා මාලුන්ට පොරි ඇට දැම්මෙ නැද්ද..? ඇයි ඉතිං ඔයා මට විතරක් මේ ලෙඩ දාන්නේ..?"

    "නෑ බන්ටි.. ඔයා හිතන හැටි වැරදියි.."

    "වැරදි නෑ.. මං හිතන හැටි හරි.. කලින් දවසක ඔයා මට තර්ජනේ කලා.. මුළු දවසෙම කාමරේට වෙලා ඉන්න කියලා.. ඔයා හිතන් ඉන්නෙ මං සතෙක් කියලද..? මට කියලා හැගීම් දැනීම් නැද්ද..?"

    "සොරි බන්ටි.."

    "ඔයාගෙ සොරිය මට එපා අයියේ.. දැන් සොරි වැඩිවෙලා මට තියාගන්නත් තැනක් නෑ.. හරි.. මනුස්සයෙක් වගේ මට කියන්න මොකක්ද ප්‍රශ්නෙ කියලා.. දන්න දෙයක් නම් මං කියන්නම්.."

    කියන්න තියෙන ටික අයියගෙ මූණටම කියලා මං ආයෙත් ප්‍රශ්නෙට බැස්සා.. නැතුව බෑනේ අප්පා.. මේ මිනිස්සු එන්නෙම ඔලුවට අත හෝදන්න.. ඔන්න දැන් නම් මනුස්සයා කූල් වෙලා..

    "ඔය මං පෙන්නපු නම්බර් එකෙන් මට සෑහෙන්න කෝල් එනවා.. කවුද කියලා නම් මං දන්නෑ.. කවුරු හරි ආදරේ දිය කරලා බීපු ගෑනියෙක්.. පිස්සන් කොටුවෙ කෙල්ලෙක්ද දන්නෙත් නෑ.. මහ විකාර කියවන්නේ.. අද හවස් වරුවෙ විතරක් කෝල් දහ අටක් ආවා.."

    සුපුරුදු විදියටම අම්මපා කියලා ඇහෙන්න ගියත් මං යාන්තම් කට වහගත්තා. ඔය වචනනෙ ඇහුණ නම් මිනිහා අනිවාර්යෙන්ම කතාව නවත්තනවා..

    "දැන් පැයකට විතර කලින් ඔය ගෑනිගෙන් මට කෝල් එකක් ආවා.. අද ඔයාව බලන්න එනවා කියලා.. ඇත්තමයි.. මට බය හිතුණා බන්ටි.. මොන කරදරයක්ද දන්නෑනෙ.. මං ඇහුවා අපේ ගෙදර තියෙන තැන දන්නවද කියලා.. ඒ ගෑනි ඔව් කිව්වනේ බන්ටි.. ගෙදර ඇඩ්‍රස් එක පවා ඒ ගෑනි දන්නවා.. ඒ ගෑනි ඇරෙන්න වෙන කාටවත් මාව බදින්න දෙන්නෙත් න කියලා කිව්වා.."

    දැන් නම් බන්ටිට මේ වැඩේ සක්සුදක් සේ පැහැදිලියි.. මේ කතාවෙ වෙන කිසිම පාටක් නෑ.. තියෙන එකම පාට, සුදු පාට විතරයි.. මේ වැඩේ ලීඩ් කරන්නෙ සදාදරණිය ටයිටැනික් පෙම්වතිය මොරීන් අක්කා.. ඒ ගැන බන්ටිට කියලා දෙන්න කවුරුවත් ඕන්නෑ..

    "ඉතිං ඔය කතා කරන ගෑනිට කිව්වා නම් ඉවරනේ කරදර නොකර ඉන්න කියලා.. එහෙම නැත්නම් ෆෝන් නම්බර් එක දැක්ක ගමන් කට් කරලා දාන්න.."

    "මං එහෙම කරා.. ඒ පාර බ්‍රාන්ච් එකේ ලෑන්ඩ් ලයින් එකටත් කතා කරන්න ගත්තා.. මට දැන් මේක මහා කරදරයක් බන්ටි.. ඉස්සර වගේ නෙමෙයි.. මට දැන් හරියට කේන්ති යනවත් එක්ක.."

    ඒක නම් පට්ටපල් බොරුවක්.. බන්ටිට අල්ලන්නෙම නැත්තෙ ඔය බොරුව තමයි.. මූට කේන්ති ගියේ ඉපදුණු දවසෙමලු.. අම්මා කිරි දෙන්න ඩිංගක් පරක්කු උනාට පස්සෙලු.. දැන් එනවා මෙතන පුංචි කාලේ ඒවා, ලොකු කාලේ ඒවට පූට්ටු කරන්න..

    "ඔයාගෙ ඔය ටෙලිෆෝන් කරදරරේට මං සම්බන්ධයක් නෑ.. ඔයාම ඕක විසදගන්න බලන්න.. අනිත් දේ තමයි හැම නිතරම මාවම සැක කරන්නෙ නැතුව, තව වෙන කෙනෙක්වත් සැක කරලා බලන්න.. සමහර වෙලාවට විභාග ප්‍රශ්න පත්තරේට කණා ගහලා හරි ගියා වගේ, ඒකත් හරියන්න පුළුවන්.."

    "එච්චරද ඔයාට කියන්න තියෙන්නේ..?"

    "නෑ.. තව ටිකක් තියෙනවා.."

    "ඉතිං කියන්න.. මං අහගෙන ඉන්නේ.."

    කැලෑ සතෙක් වෙච්ච අමුනුස්සයා දැන් මනුස්සයෙක් වෙලා.. අම්මප කතා කරන විලාසය අහන්නත් සංතෝස ජනකයි.. ප්‍රමාද වෙලා හරි මේකා යථාර්තය තේරුම් ගත්තනේ..

    "ඔයා කතා කරන ගෑනිට කියන්න මට ඔයාව දකින්න ආසයි කියලා.."

    "පස්සේ..?"

    "ගෑනි කවුද කියලා දැන ගත්තට පස්සෙ, හොදවයින් කනේ පාරවල් දෙක තුනක් අතෑරලා දාන්න.. එතකොට කතන්දරේ ඉවරයි.."

    අයියා කාරයා මූණත් හපුටු කරගෙන කාමරෙන් පිටවුණා.. ඕක මූණ හපුටු කරගන්න තරමෙ දෙයක්ද අප්පා.. බිල් ලාඩ්න් වගේ කයිය ගැහුවට මට පේන්නෙ මේකා පරාණ බයයි..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-02.jpg


    02.png


    උදේ ඇහැරෙනකොට මගේ හිතේ තිබ්බෙ මොරීන් අක්කට මොනව උනාද දන්නෑ කියලා.. ගේ ඇතුළෙ කිසිම හා හූවක් තිබුණෙත් නෑ.. වැඩේ පත්තු වෙලා වත්ද..? ගෙදර මිනිස්සු ටික මං නැගිටිනකන්ද දන්නෑ බලන් ඉන්නේ.. කෝකටත් කියලා සූදානම් ශරීරෙන් මං පඩිපෙළ බැස්සා..

    "ආ..නේ.. බන්ටි ඔයා නැගිට්ටද..?"


    කවදාවත් කතා කරලා නැති තරමෙ සිරියාවකින් මූණ පුරවගෙන අක්කා මගේ ඉස්සරහට ආවා.. මේ මොකද අප්පෙ මේ..? මං මේ තාම නිදිමතේ හීනයක්ද දන්නෑ දකින්නේ..


    "නෑ.. මං මේ නැගිට්ට ගමන්.."


    "ආනේ.. මං හිතුවෙ ඔයා නැගිටලා කියලා.."


    "අපොයි.. ඔයා එහෙම හිතුවද..? නෑ අක්කේ.. මං මේ නැගිට්ටලා ටිකක් වෙලා.."


    මේ කතාව අහන් ඉන්න එකෙක්ගෙ මොලේ කුණුවීම වලක්වන්න වයිමාටවත් බෑ.. වයිමා කියන්නෙ කවුද කියලා අහපුවාහම පයිතගරස් නම් දවසක් කිව්වෙ ආකිමිඩියස්ගෙ ලොකු පුතා කියලා..


    "ඔයා දවල්ට මොකද කරන්නෙ බන්ටි..? ගෙදර ඉන්නවද..? එහෙමත් නැත්නම් කොහේවත් යනවද..?"


    අක්කා බෝ පැලේ වගේ සාන්ත දාන්තව කතා කරද්දි මං මිදුලට බැස්සා.. එතනින් වම් පැත්තට මල් පෝච්චි අතරින් ගියාම කෙලින්ම වැටෙන්නෙ මගේ කාමරේ බැල්කනිය යටට.. එතන පොළවෙ අර ටයිටැනික් ප්‍රේමවන්තියගෙ ඉනිමගේ ඇලුමිනියම් පොලු දෙකේ පාරවල් යස අගේට සටහන් වෙලා තිබුණා.. එතනම ඩිංගක් එහායින් තිබ්බ, උදුපියලිය වවලා තිබ්බ රවුම් පාත්තිය පැත්තකින් පොළවට එබිලා වගේ තිබුණා.. අපොයි.. අර මස් පර්වතේ බිමට ඇදන් වැටිලා ඔහොම බේරුනා මදැයි.. මං හිතුවෙ භූමිකම්පාවක් උනා වගේ මුළු පරිසරේම විනාශ වෙලා ඇති කියලා..


    "අනේ බන්ටි.. කියන්නකෝ.."


    "මොනවද අක්කේ..?"


    අක්කා නැගිට්ට වෙලාවෙ ඉදල මගේ පස්සෙන් එන ඒම නම් මට දිරෙව්වෙ නෑ.. ෂුවර් එකටම මොකක් හරි කුණු ගොඩක් තමයි.. ඒකෙ ආයෙ සබන් ගාලා හෝදන්න දෙයක් නෑ..


    "ඔයා අද මොකද කරන්නේ..?"


    "ඒකට නම් ඉතිං ඩයරිය අරන් බලන්න ඕන.."


    "අනේ බන්ටි.."


    "හරි.. හරි.. මට මොන වැඩේ තිබුණත් ප්‍රශ්නයක් නෑ.. ඔයාට මගෙන් කෙරෙන්න ඕන මොනවද කියලා කියන්න.. ඔය බහුබූත නැතුව.."


    "අද දවල්ට මගෙත් එක්ක පොඩි ගමනක් යන්න එනවද බන්ටි..?"


    "පොඩි ගමනක්..?"


    මං දන්නැද්ද මෙයාගෙ පොඩි ගමන්.. ගිහින් නවතින්නෙ ලෝකාන්තෙටත් එහායින්.. අම්මපා මං මේ පලපුරුද්දෙනුයි කියන්නේ..


    "ඔව්.. නුවර හොස්පිට්ල් එකට ගිහින් එන්න.."


    මගේ කණ ගාවට ලංවෙලා ඇහෙන නෑහෙන ගානට අක්කා කිව්වා.. නුවර හොස්පිට්ල් එක ගැන කියනකොටම මට වැඩේ තේරුණා.. ෂවුර් එකටම මෙයා මේ යන්නෙ ඇටකිච්චව බලන්න.. වැඩේ කියන්නෙ ඇටකිච්චටයි, නිරෝෂිටයි සපෝර්ට් කරන මෙයාගෙ යාලුවත් ඇටකිච්චා බලන්න එනවා කිව්වෙ අදනේ.. බන්ටි ඔතෙන්ට යනවා කියන්නෙ, ගොඩ, මඩ දෙකම සරුසාරය, ඵලබරය කියල ලස්සනට අනාගන්නයි..


    "ඇයි හොස්පිට්ල් එකට යන්නේ..?"


    "මගේ යාලුවෙක්ගේ, යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා.. එයාව බලන්න.."


    "ඇක්සිඩන්ට් වෙලා..?"


    අක්කගෙ කතාව නිට්ටාවටම හරි තමයි.. ඇටකිච්චට වෙච්ච දේ ඇක්සිඩන්ට් එකක් තමයි.. ඇයි ඉතිං ඌවත් තාම දන්නැතුව ඇතිනේ ඌට මොකද උනේ කියලා..


    "ඔව් බන්ටි.. මං ඔයාට යන ගමන් විස්තරේ කියන්නම්.."


    "යන ගමන් කියන්නම් කියන්නේ, මං තාම ඔයත්තෙක්ක යනවා කිව්වෙ නෑනේ.."


    "අනේ බන්ටි.. ඔය තරම් ගණන් උස්සන්නෙපා.."


    "ගණන් ඉස්සිල්ලක් නෙමෙයි.. ඇයි ඔයාගෙ මහ ලොකු අයියත් එක්ක යන්න පුළුවන්නේ.. එයානේ මේ පවුලෙ අසහාය වීර චරිතෙ.. මතකනේ ඊයෙ රෑ වෙල් කක්කුට්ටා වගේ මගේ කාමරේට කඩන් පැන්න හැටි.."


    "අනේ බන්ටි.. එයත් එක්ක ගිහින් හරියන්නෑ.. මේ කතාව කියන්න ගියොත් මගෙන් දාහක් ප්‍රශ්න අහයි.."


    "මට නම් දවල්ට පොඩි වැඩක් නම් තියෙනවා.. මොකද කර..න්..නේ.."


    මං නැතුව අක්කට එළියට බහින එකත් ප්‍රශ්නයක් කියලා තේරුණත් මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ.. හොස්පිට්ල් එක ඇතුළට ගියොත් නිරෝෂිට මාව අහුවෙනවා.. ඒ වගේම ඇටිකිච්චත් මාව අදුන ගන්නවා.. ඒ ඔක්කෝටම වැඩිය මගෙත් එක්ක චැලේන්ජ් කරපු කෙල්ල මං කවුද කියලා අදුන ගන්නවා.. ඔය හැමදේම ඔහොම නම් කරන්න තියෙන හොදම දේ බන්ටි හොස්පිට්ල් එකට නොයා ඉන්නෙක..


    "අනේ ප්ලීස් බන්ටි.. මං ඔයාගෙ චැලියට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහලා දෙන්නම්.. අනික අපි වැඩිවෙලා ඉන්නෙත් නෑ.. ගියා ආවනේ.."


    පිස්සු හැදෙනවා.. ඒ යෝජනාව නම් කීයටවත් අහක දාන්න පුළුවන් එකක් නෙමෙයි.. බුදු සන්තෝ.. ෆුල් ටෑන්ක් කිව්වම මට ගමන් කීයක් නම් යන්න පුළුවන්ද..? ඇටකිච්චයි, උගේ ලව් එකට සපෝර්ට් කරන අක්කගෙ යාලුවටයි දෙන්නටම අහු උනත් කමක් නෑ.. මං කැත නැතුව වැඩේට බහිනවා..


    "හරි.. මං එන්නම්.."


    අක්කගෙ මූණ ලස්සන හිනාවකින් වැහිලා ගියා.. මගේ වචන වලින් මං නොහිතපු විදියට එයා සන්තෝස වුණා..


    "හැබැයි මං එන්නෙ කොන්දේසි සහිතව.."


    "ඕන කොන්දේසියක් දාන්න බන්ටි.. ඔයා ගමන එනවා නම් මට ඒ ඇති.."


    "මං ඔයාව හොස්පිට්ල් එකට දාලා යනවා.. ආයෙ මං එන්නෙ හරියටම පැය බාගෙකින්.. එතකොට ඔයා හොස්පිට්ල් එකෙන් එළියට ඇවිල්ලා තියෙන්න ඕන.."


    "අයියෝ සිම්පල් කොන්දේසියක්නේ.."


    "නෑ.. තව තියෙනවා.. ආපහු යනකොට ඔයාගෙ කිසිම යාළුවෙක් මං ළගට එක්කගෙන එන්න බෑ.. ඒ වගේම ඔයා ආවෙ තනියෙමයි කියලා කියන්නත් ඕන හරිද..?"


    "ඇ.. ඇයි බන්ටි ඒ..?"


    "ඔය ඉතිං.. ආයෙත් ප්‍රශ්න අහනවා.. ඕවා තමා කොන්දේසි.. ඔය විදියට කැමති නම් මාත් වැඩේට ලෑස්තියි.."


    "හරි බන්ටි.. මං මුකුත් අහන්නෑ.. අපි දවල්ට යමු.. අනේ ඔන්න වරද්දන්නෙපා හොදේ.."


    අක්කා මගේ ඔලුවත් අත ගාගෙනම ගේ ඇතුළට ගියා.. එහෙනම් අද දවල්ට බන්ටිට තවත් ජංගල් කොමාන්ඩෝ වැඩ සටහනක් දෙන්න වෙනවා.. කොහොමටත් අවදානම් සහගත වැඩවලට බන්ටි හරි කැමතියිනේ.. බලමුකෝ හොස්පිට්ල් එකට ගිහිල්ලා මොකද වෙන්නෙ කියලා.. අක්කට දාපු කොන්දේසිත් එක්ක මං කීයටවත් කරටිය මුලින් නම් අහුවෙන්නෑ කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා..


    ****************************


    ගෙදර කට්ටිය ඩිංගක් එහෙට මෙහෙට වෙනකන් ඉදලා මං ෆෝන් එක ළගට ආවා.. මේ කෝල් එක ගන්න ඕන, හරි නම් මටත් හොරෙන්.. මේක ඒ තරම් සීක්‍රට් කේස් එකක් අප්පා.. නම්බර් එක ඩයල් කරලා එහා පැත්තෙන් රින්ග්ස් යද්දි, වටපිට බල බලා රිසිවරේ කනේ තියන් ඉන්නකොටත් මාර ගතියක් තියෙනවා.. ඇත්තට ඉතිං ආදරේ කරන අය ගෙවල් වලට හොරෙන් කෝල් කරන කොට, මීටත් වඩා ගතියක් ඇති.. ඕනම දේක අගේ වැඩි හොරෙන් කරනකොටලුනේ.. බන්ටිට නම් ඕවා තාම තේරෙන්නෑ..


    "හෙ.. ලෝ.."


    රින්ග්ස් පණ යනකල් ගිහිල්ලා මටත් වැඩේ එපා වෙලා ෆෝන් එක තියන්න හදනකොටයි එහා පැත්තෙන් උත්තර දුන්නේ..


    "මොරීන් අක්කේ.. මං බන්ටි මල්ලි.."


    "ආ.. නේ.. ඔයාට කරදරයක් නෑ නේද බන්ටි මල්ලි..?"


    "නෑ.. නෑ.. කිසි අවුලක් නෑ.. ඔයාට කොහොමද..?"


    "හරි ප්‍රශ්නෙනේ බන්ටි මට උනේ.. හයියෙන් හයියෙන් පහළට බහිද්දි මගේ ආදරේ ඉනිමගට දරාගන්න බැරිවුණා.."


    "ඉතිං..?"


    "මාව වැටුණනේ මල්ලි.."


    බන්ටි හිතන ඒවා කවදාවත් වරදින්නෙ නෑ කියන්නෙ ඔන්න ඕවට තමා.. හැබැයි ඉතිං ඇහුණ සද්දෙ හැටියට නම් මොරීන් අක්කා බැල්කනියෙ ඉදල බිමට වැටුණ වගේ හැගීමක් තමයි ඒ වෙලාවෙ බන්ටිට ආවේ..


    "අම්මපා.."


    "ඔව් බන්ටි.. තුනටියත් එක්ක ඇවිලිලා.. මට තව දවස් කීපයක් යනකන් ගෙදරින් එළියට බහින්න බැරිවෙයි.."


    ඒක නම් ලොකු දෙයක් දෙයියනේ.. ඔයා සදා කාලයටම ගේ ඇතුළට වෙලා ඉන්නවා නම් අපි කාටත් සනීපයි මොරීන් අක්කේ..


    "ආ.. ඇත්තද.. ඔයා එහෙනම් පත්තුවක්වත් බැදගන්න.. තැන්නං බෙරකොටේ වගේ තුනටිය ඉදිමෙයි.."


    "තෑන්ක්ස් බන්ටි මල්ලි.. මම කොහොමත් තව ටිකකින් ගුරුදෙනිය වෙද මහත්තයා හම්බවෙන්න යනවා.. ඔයා මට ඊයෙ කරපු උදව්ව ජීවිතේට අමතක වෙන්නෑ.. මං ඒක සදාකාලයෙන් සදාකාලයට මතක තියාගෙන ඉන්නවා.. ඔයාගෙ රසික අයියා මට නොලැබුණත් මං ඔයාව අමතක කරන්නෑ.. ඔයා මගේ හදවතේ සදහටම ජීවත් වෙයි.."


    මොකක්ද බං ඒ අසමජ්ජාතී කතාව.. මොරීන් අක්කා මොනවද මේ කියවන්නේ..? ඊයෙ ඉනිමගෙන් වැටිච්ච පාර මට පේන්නෙ මෙයාගෙ තුනටිය නෙමෙයි ඔලුවයි බිම වැදිලා තියෙන්නෙ..


    "හරි.. හරි.. ඕන දෙයක්.. මං ෆෝන් එක තියනවා.."


    අක්කා රබර් ඇහැ දාගෙන මේ පැත්තට එනව වගේ දැකපු හින්දා මං කෝල් එක කට් කරලා දැම්මා..


    "කවුද බන්ටි..?"


    "දන්නෑ අක්කේ.."


    "දන්නැත්නම් ඔයා කතා කෙරුවෙ හොදට අදුනන කෙනෙක් එක්ක වගේ.."


    "මංදා අක්කේ.. එහා පැත්තෙන් කතා කරපු එකා කතා කෙරුවෙ හොදට මාව දන්නවා වගේ.. මාත් ඉතිං ඒකට දන්නව වගේ කතා කෙරුවා.. හරි එහෙනම් ඔයා ලෑස්තිද..? මම නම් දැනටමත් රෙඩි වෙලා ඉන්නේ.."


    අප්සට් කතාවක් කියන ගමන් මං කතාවෙ පීල්ල මාරු කෙරුවා.. මගේ ප්‍රශ්නෙන් අක්කට අහගෙන ආපු දේත් අමතක වුනා..


    "අනේ ඩිංගක් ඉන්න බන්ටි.. මං විනාඩියෙන් එනවා.."


    අක්කා ආයෙත් කාමරේට දුවද්දි, මං කුස්සිය පැත්තට ආවා.. බේබි නැන්දා බරටම වැඩ..


    "දවල්ට ෆයිඩ් රයිස් පාරක්වත් දාමුද බේබි නැන්දේ..?"


    "අද මොකෝ හිටපු ගමන් මහත්තයට ෆයිඩ් රයිස් කන්න හිතුණේ..?"


    "වැදගත් ගමණක් ගිහින් එන්න යනවා.. ඇවිල්ලා බේබි නැන්දට විස්තරේ කියන්නම්.."


    "එහෙනම් සුභ ගමන් බන්ටි මහත්තයෝ.."


    බේබි නැන්දා හදන ෆයිඩ් රයිස් එක කන්නවත් බන්ටිට ලැබේවිද දන්නෑ.. ඒ තරම් අසීරු අභාග්‍ය සම්පන්න ගමනකුයි මේ යන්නේ.. අම්මපා මොනවයින් මොනවා වෙයිද මංදා.. ඒව කොහොම උනත් ඇටකිච්චව බලා ගැනීමේ තදබල උවමනාවක් මටත් තිබ්බා.. ඇත්ත වශයෙන්ම ඌට අම්බානෙකට ගැහුවට පස්සෙ, මගේ හිතට ලොකු දුකක් දැනුණා.. ලේ පෙරාගෙන බිම වැටිලා මගේ කකුල් දෙක බදාගෙන 'අනේ අයියෙ ගහන්නෙපා' කියලා කියපු හැටි හුගාක් වෙලාවට මට මැවිලා පෙනුණා..


    "පාර බලාගෙන යන්න බන්ටි.. තව පොඩ්ඩෙන් අර රතු පාට බස්සෙක අපිව යට කරගෙන යනවා.."


    චැලිය පිටිපස්සෙ ඉදගෙන අක්කා කෑගහනවා.. ඔන්න ඒකනේ අප්පා කරන්න බැරි.. පිටිපස්සෙ ඉන්න එකා පාඩුවෙ වාඩිවෙලා ඉන්නැතුව, රයිඩ් කරන්න උපදෙස් දෙනවා නේ.. ඊට වැඩිය මරු නගින වැඩක් බන්ටිට තවත් නෑ..


    "අක්කෙ මේ.. ඔයාට මේකෙ යන්න අමාරු නම් වීල් එකක් ගන්න.. නැග්ග වෙලාවෙ ඉදලා ඔයාගෙ කච කචේනේ ඉවසන්න බැරි.."


    "හරි.. හරි.. මං මුකුත් කියන්නෑ ඔයාට.. පරිස්සමින් පදින්නකෝ.. මං තව ජීවත්වෙන්න ආසයි.."


    ජීවත්වෙන්න නම් අපිත් ආසයි.. ඒක් කච කචේ නැතුව.. හැබැයි ඉතිං එතන ඉදාලා හොස්පිට්ල් එක ළගට යනකල්ම අක්කා වචනයක්වත් කතා කෙරුවෙ නෑ..


    "ඔන්න වෙච්ච පොරොන්දුව මතකනේ.."


    අක්කට දාපු කොන්දේසි ටික මං ආයෙත් මතක් කරා.. මෙයාටත් අර නාට්ටි වල වගේ, පොතේ ගුරෙක් වෙලා, හැමදේම මතක් කරලා දෙන්න ඕන..


    "හරි.. හරි.. මට ඒවා මතකයි.."


    "දැන් ඔය හොස්පිට්ල් එකේ ඉන්නෙ කවුද..?"


    "ම.. මං කිව්වෙ මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් කියලා.."


    "ඒ කිව්ව විදිය නම් මට දිරවන්නෙ නෑ අක්කේ.. මේ.. වහෙන් ඔරෝ නැතුව මට ඇත්ත කියනවා.. මං කාටවත් කියන්නෑ.. අම්මපා බේබි නැන්දටවත් කියන්නෑ.. ඔයා මේ බලන්න ආවෙ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නේද..? ඇක්සිඩන්ට් එකක් කියලා කිව්වට ඌට හැදිලා තියෙන්නෙ ඩෙංගු උණ නේද..?"


    මං කිව්ව දේවල් අදහගන්න බැරිව වගේ අක්කා බලන් හිටියා.. ගණන් ගන්න එපා අක්කේ.. ඕවා ඔක්කොම මේ බන්ටිගෙ නිර්මාණාත්මක හැකියාවන්.. මං ළගදිම ඔය වගේ සිද්ධි වලින් කතාවක් ලියලා මෙගා ටෙලි නාට්‍යයක් කරන්නයි ඉන්නේ.. නිකං එකක් නෙමේ මෙගා එකක්..


    "ඔයාට පිස්සු බන්ටි.. ඔයාගෙ ඔය හිතේ තියෙන මනස්ගාත ඔලුවෙන් අයින් කරන්න.. මට ඇති බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ.."


    "හරි.. හරි.. මට ඇත්ත නොකිව්වට කමක් නෑ.. මං ඉතිං බාල්දිකාරයනේ.. ඇත්තටම මේ බලන්න ආපු සත්වයා කවුද..? ඌට මොකද වෙලා තියෙන්නේ..? ඔයාට තේරෙනවා ඇතිනේ, මං මේ කාලීන ප්‍රශ්නෙකුයි අහන්නේ..?"


    "අපේ පිණිමුතුගෙ යාළුවෙක්.. ඒ ළමයට තව පිරිමි ළමයි වගයක් ගහලා.. ප්‍රශ්නෙ නම් මං දන්නෑ.."


    අක්කගෙ කතාවෙන් මං උඩ ගිහින් බිම වැටුණා.. ඇත්තමයි.. තව නූලෙන් චැලියත් එක්ක මං බිමට පත බරියන් වෙනවා.. පිණිමුතු කියලා කිව්වෙ අපේ අයියා ට්‍රයි කරන ගෑනු ළමයනේ.. අර දවසක් ටයිටැනික් පෙම්වතිය මොරීන් අක්කගෙ අතටත් අහුවෙලා තිබුණෙ..


    "මොකද බන්ටි ඔයා පුදුම වෙලා..?"


    පුදුම වෙන්නැතුව තියෙයිද අප්පේ.. මේ අහන දේවල් වල හැටියට.. එතකොට පිණිමුතුත් ඇටකිච්චගෙ යාලුවෙක්.. බලන් ගියාම යකෝ, මේක ඌටම ගියපු රටනේ.. අරහෙ එක පැත්තකින් නිරෝෂි.. අනිත් පැත්තෙන් අර තවත් කවුද අලුත් කෙල්ලෙක්.. වැඩිය ඕන්නෑ.. උගේ ආදරේට සපෝර්ට් කරන්නෙත් කෙල්ලෙක්නේ.. මගෙත් එක්ක ඇට්ටි හැලෙන්න වලියක් දාගෙන, චැලේන්ජ් කරගෙන, ඇටකිච්චට සපෝර්ට් කරන ලස්සන කෙල්ලව මට මැවිලා පෙනුණා.. ඇටකිච්චා හින්දා ඒකි කැත නැතුව අපේ බේබි නැන්දටත් කචල් එක අදින්න හැදුවනේ.. බලන් ගියාම මං දැනුවත්ව මුගේ ළගින් කෙල්ලො හතර දෙනෙක් ඉන්නවා.. මං ගණන් හදලා බැලුවා.. නිරෝෂියි, ඌ අලුතින් යාලු උන කෙල්ලයි.. මගෙත් එක්ක වලි දාගත්තු කෙල්ලයි.. පිණිමුතුයි.. බුදු හප්පේ.. බලන් ගියාම මූ මහ දැවැන්ත පෙම් රාජයෙක්නේ.. මේකා මොකක්ද දන්නෑ ගාන සෙන්ට් එක..


    "ආ.. බන්ටි.. ඔයාට මොකද උනේ..?"


    "කිසිම දෙයක් උනේ නෑ අක්කේ.. මට හතර දෙනාම සූරයෝ ෆිල්ම් එක මතක් උනා.."


    "මට නම් ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නෑ.. ඔයා හොස්පිට්ල් එක ඇතුළට එන්නැද්ද..?"


    "බෑ අක්කේ.. මට ඔය ඉස්පිරිතාලෙ ගද උහුලගන්න හරි අමාරුයි.. අනික අද බේබි නැන්දා ෆයිඩ් රයිසුත් හදනවා.. ඒක හින්දා ඔයා හැරෙන තැපෑලෙන් එන්න.. හැබැයි අක්කෙ පරක්කු උනොත් නම් සොරිම තමයි.. බන්ටි මිසින්.. තේරුණානේ.. ඔන්න බලන්න යන්නෙ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්වත් නම් කමක් නෑ.. ටිකක් ඉවසන්න තිබුණා.. මේ කොහෙද යන අපතයෙක්නේ.."


    "ලෙඩ්ඩු බලන වෙලාවත් පහුවෙලා.. තවත් ඔයත්තෙක්ක කතා කර කර හිටියොත් එයාව බලන්නෙම නැතුව ආපහු යන්න වෙයි.. අපරාදෙ එහෙම උනොත් ඔයාට පෙට්‍රල් ගහන්න දීපු සල්ලි.."


    අක්කා හොස්පිට්ල් එක ඇතුළට දුවගෙන ගියා.. එයා පේන්නැති වෙනකල් බලන් ඉදලා චැලිය පැත්තකින් නවත්තලා මාත් හොස්පිට්ල් එකට ඇතුල් උනා.. කරන කෙහෙල්මලක් මේ වෙලාවෙ ඉතා ආරක්ෂා සහිතව කරන්න ඕන කියලා මං දැනන් හිටියා.. මොකද මගෙත් එක්ක වලිය දාගත්තු, මට චැලේන්ජ් කරපු කටකාර කෙල්ලත්, ඇටකිච්චා බලන්න හොස්පිට්ල් එකට එනවා කිව්වනේ.. වැඩේ කියන්නෙ මායි, අක්කයි, ඒ කේලලයි තුන්දෙනාම මූණට මූණ ගැහුනොත් තමයි.. කොහොමටත් ඇටකිච්චව බලා ගැනීමේ දුරුණු දොළ දුකක් මටත් ඇවිල්ලා තිබුණා.. කොල්ලො ටික නම් කිව්වෙ විහිලුවටවත් හොස්පිට්ල් එක පැත්ත පළාතක යන්නෙපා කියලා.. ඇටකිච්චා කෙලින්ම මාව රෝහල් පොලීසියට අල්ලලා දේවි කියලා..


    අක්කා පේන තෙක් මානෙක නෑ.. මං කොහොමද ඇටකිච්චා ඉන්න වෝඩ් එක හොයාගන්නේ.. අපරාදෙ මට ඒක අක්කගෙන් අහගන්න තිබුණා.. එහෙනම නැත්නම් ඕන දෙයක් වෙන්න කියලා අක්කත් එක්ක ගියා නම් මේ මුකුත් ප්‍රශ්නයක් නෑනේ..


    "තමුසෙ මොකද මෙතන කරන්නේ..?"


    ඒ වචන සෙට් එක ආවෙ කොහෙන්ද කියලා මට ඩිංගකට හිතාගන්න බැරිවුණා.. ඒත් වචනවල තිබ්බ තරමෙ සැරක් කටහඩේ නම් තිබ්බෙ නෑ.. මගෙත් එක්ක නිතරම වලි දාගන්න ඇටකිච්චගෙ ආදරේට සපෝර්ට් කරන කෙල්ල මං ඉස්සරහ දිලිසි දිලිසි හිටියා.. කෙටර් එක එහෙනම් අපිටත් කලින් ඇටකිච්චව බලන්න ගිහින් වගේ.. හොද වෙලාවට තාම අක්කා මේකිට හම්බවෙලා නෑ..


    "ඇයි මෙතන ඉන්නත් තමුසෙගෙන් අවසර ගන්න ඕනද..? බලන් ගියාම මුළු නුවරම තමුසෙගෙ වගේනේ කතාව.."


    මාත් හැරෙන තැපෑලෙන් කටහඩ අවදි කරා.. ප්‍රහාරයට හොදම දේ ප්‍රහාරයයි කියලා අපේ පයිතගරස් දවසක් කිව්වෙ නිකං නෙමේනේ..


    "ටවුන් එකට මගේ ඇති අයිතිවාසිකමක් නෑ.. මං ඒක නිකං ඇහුවේ.. දවසක් දෙකක් හරි රංඩුවට හරි තමුසෙත් මාත් එක්ක කතා කරලා තියෙන හින්දා.."


    දෙයියෝ සාලේ.. මං නුවර ඉස්පිරිතාලෙ.. මෙන්න බලාපල්ලකො ගෑනු ළමයි වෙනස් වෙන ඉක්මන.. ඒක ඇහුවෙ නිකංලු.. මං කෙල්ල දිහා හොදට බැලුවා.. මෙච්චර වෙලා මගේ දිහා බලන් ඉදලා මාව කන්නෙ මිරිසට උයලද, කිරට උයලද, තෙලෙන් බැදලද කියලා හිතාගන්න බැරිව වගේ කෙල්ල බිම බලාගත්තා.. කෙල්ලගෙ මූඩ් එකත් අද සවුත්තුයි.. ඇටකිච්චට ආයෙත් කවුරු හරි ගහලද මංදා.. හැබැයි ඉතිං ඒකටත් මමයි අහුවෙන්නේ..


    "උත්තරයක් ලැබෙන්න නම් ප්‍රශ්නයක් අහන විදියකුත් තියෙනවනේ.. කැත විදියට තමුසෙ, තමුසෙ කියලා කතා කරහම ලැබෙන උත්තරෙත් ඒ විදියම තමයි.."


    කෙල්ලගෙ සෑහෙන වෙනසක් මං දැක්කා.. ඒකයි මං බක පණ්ඩිත උත්තරයක් දුන්නේ.. කතාව ඇත්තනේ අප්පා.. මේ තරම් සියුමැලි ලස්සන කෙල්ලෙක් තමුසෙ, තමුසෙ කියලා කතා කරද්දි මල පනිනවනේ..


    "හරි.. වැරැද්ද මං බාර ගන්නවා.. ඒ වගේම මට දෙයක් කියන්නත් තියෙනවා.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලගෙ සැබෑ වෙනසට හේතු වූ කරුණු කාරණා දැන් ඉදිරිපත් වෙන්නයි යන්නේ.. බන්ටිට හිතුණෙ එහෙමයි.. ඒත් කෙල්ලට තිබ්බ ප්‍රශ්නෙ මට ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියලා.. කලින් තමුසෙ කියලා දැන් එකපාරටම ඔයා කියලා කියන්න බෑනේ.. මොනව උනත් මං හිටියෙ වටපිට බල බලා.. අක්කා ඈතින් එනකොට මට අවුලක් නැතුව මාරු වෙතෑකිනේ..

    "කියන දෙයක් ඉක්මනට කියන්න.. මං මේ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන ගමන්.."


    මගේ මූණ දිහා බලලා කෙල්ල ආයෙමත් බිම බලා ගත්තා.. මොන අවමංගල්‍යාධාර සමිතියක්ද මේ..? මෙයාගෙ මේ වෙනස්වීම නම් හිතාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මට මොකක් හරි ගැටයක් ගහන්නද දන්නෑ හදන්නේ.. සැබෑ වෙනසට හේතු වුණු කරුණු කාරණා කෙසේ වෙතත් කෙල්ල මොනවා හරි කියන්න තටමනවා කියලා මට තේරුණා.. ඒත් ඉතිං.. මගේ ඉස්සරහ මේ තරම් ඇඹරෙන්න තරමෙ දෙයක් මෙයාට තියෙනවද..?


    "ඔයාට පුළුවන්ද නලීන්ට තව පාරක් ගහන්න..?"


    මට දැනුණෙ දෙකේ දෙකේ පොලු කෑල්ලකින් ඔලුව මැදට පතබෑවා වගේ සනීපදායක හැගීමක්.. මොකක්ද බං ඒ කුඩුකේඩු කතාව.. කෙල්ල මේ කතා කරන්නෙ හොද සිහියෙන් නම් වෙන්න බෑ.. ඒ තරමට අවුල් සහගතයි මේ ප්‍රකාශ කරපු වචන ටික..


    "මොකක්ද කිව්වේ..?"


    කෙල්ල කියපු දේ හිතාගන්න බැරිවුණ හින්දම මං ඇහුවා.. සමහර විට අපි උනත් ඔය කියන්නේ 'හා පුළුවන් නම් තව පාරක් ගහලා බලන්නකෝ' කියලා.. ඒ ඉතිං චැලේජ්න් එකටනේ.. ඒත් මෙයාගෙ කටහඩේ එහෙම ගතියක් තිබුණෙ නෑ.. නිකං මලගිය ප්‍රාණ කාරයෙක්ගෙ ගති ලක්ෂන තමයි තිබුණෙ..


    "ඇයි මං කියපු දේ ඇහුණෙ නැද්ද..?"


    "ඇහුණෙ නැති හින්දනේ ආයෙත් ඇහුවේ.."


    "මං කිව්වෙ නලින්දට ගහන්න කියලා.."


    "කවුද නලින්ද කියන්නේ..?"


    "කවුද නලින්ද කියන්නෙ දන්නැද්ද..?"


    "නැති හන්දනේ අහන්නේ..?"


    "එතකොට ඔයාලා පහුගිය දවසක ගැහුවෙ කාටද..?"


    ඔන්න දැන් තමයි කෙල්ලෙ කටට කටට ඔයාලා කියන වචනෙ ආවේ.. මෙච්චර වෙලා කතා කරපුවයෙ කතෘ කෙනෙක් පැත්ත පලාතක හිටියෙ නෑ.. බලන් ගියාම දුකත් හිතෙනවා අප්පා.. මෙන්න හිටපු ගමන් කතෘ ඇවිත්..


    "අ.. අපි ඒ ගැහුවෙ පෙරේතයෙකුට.."


    "අන්න ඒ ගෑනු පෙරේතයා තමා නලින්ද.."


    "මිනිහා ගෑනු පෙරේතයා කියලා කොහොමද දන්නේ..?"


    "ඒවා වැඩක් නෑ.. ඔයානේ නලින්දට ඒ නම දැම්මේ.."


    "ඇයි ඉතිං මං නලින්දට ගහන්නේ.. ඔයාට පුළුවන්නෙ ඒ වැඩේ කරන්න.."


    "කාට කියලද..?"


    "ඔයාගෙ ගැන්සිය ඉන්නවනේ.. මට අර ඩෙවෝන් එකේදි පාට් එක එක දාපු බලවත් කොල්ලො සෙට් එක.. මට වැඩිය හොදට උං වැඩේ කරයි.."


    "උං එක්ක මගේ කතාවක් නෑ.. වැඩේට හොදම කෙනා ඔයා.. පුළුවන් නම් ඒ වැඩේ කරන්න.."


    "මං දැන් එක පාරක් වැඩේ කරා.. හැබැයි මට ලැබුනු දෙයක් නෑ.. දැන් දෙවනි පාර.. නලින්දට ගැහුවා කියලා මට ලැබෙන දේකුත් නෑ.."


    "නෑ.. මේ පාර ඔයාට ඒ දේ ලැබෙනවා.."


    "මොන දේද..?"


    "නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."


    කෙල්ල කියපු හතර බීරි කතාව මට තේරුණේ නැති උනත් ඈතින් එන අක්කව මං දැක්කා.. තවත් මෙතන රැදී හිටියොත් වෙන්නෙ මගේ මරු සිටින දිශාව මටවත් හොයාගන්න බැරිවෙන එක..


    "මට ඕවා තේරෙන්නෑ.. මෙලහකට ඩොක්ටර් ගිහිල්ලත් ඇති.. මං යනවා.."


    ලගම තිබ්බ රෝහල් ගොඩනැගිල්ලෙ පිට බිත්තිය අයිනෙන් මං ඉස්සරහට දුවලා ගියා.. පිටිපස්ස හැරෙන්නෙ නැතුව යාංතමට ඇස කොනෙන් බලද්දි කෙල්ල ගේට් එක දිහාට ඇවිදගෙන යන හැටි මං දැක්කා.. අක්කට මේ කෙල්ලව මුණ නොගැහෙන්න නම් අක්ක ඩිංගක් විතර පරක්කු කරා නම් හරි කියන දේ මගෙ හිතට ආවා..


    "මොනවද අක්කෙ මෙච්චර වෙලා කෙරුවේ.. මං කොයි තරම් වෙලා බලන් හිටියද..?"


    "අනේ සොරි බන්ටි.. මට ලෙඩාව හොයාගන්න බැරිව ගියානේ.."


    "මොනවා.. ඇයි ඔයා මිනිහා ඇඩ්මිට් කරපු වාට්ටුව දන්නෙ නැද්ද..?"


    "දන්නවා.. අනේ ඒත් ඒ වෝඩ් එකේ එයා හිටියෙ නෑ.."


    "සමහර විට ටිකට් කපාගෙන ගියාද දන්නෙත් නෑ.."


    "ඔව්.. ඒකත් කියන්න බෑ.. අනේ බලන්නකො බන්ටි.. මගේ යාලුවත් අද එනවා කිව්වා.. එයා ඇවිල්ලත් නෑ වගේ.. මං දැන් කාගෙන්ද මේ ගැන අහන්නේ..?"


    අක්කගෙ යාලුවා ඇවිල්ලා මගෙත් එක්ක කතා කරල මට කොන්තරාත්තුවක් දීලා ගියා කියලා දන්නවා නම් අක්කා උඩ යයි.. අක්කා විතරක් නෙමෙයි මමත් දැන් උඩ ගිහිල්ලයි ඉන්නේ.. කෙල්ලට මාව පෙනුණෙ හරියට නයාට අදුකොළ වගේ.. එහෙව් එකේ මෙහෙම වෙනස් වීමක් මට අදහා ගන්නත් බෑ.. කල්පනා කරන්න ගියාම ඔලුවත්තෙක්ක හිරි වැටෙනවා..


    "ආ.. බන්ටි.. අපි දැන් මොකද කරන්නේ..?"


    "කරන්න දෙයක් නෑ අක්කේ.. ගෙදර යනවා මිසක.. ආන් අතන බයිසිකලේ තියෙනවා.. නැගල යන එක විතරයි තියෙන්නේ.."


    "අනේ බන්ටි.. එතකොට අපි ආපු ගමනෙනුත් වැඩක් නෑනේ.. මෙච්චර මහන්සිවෙලා ඔයත් අද්දගෙන ඇවිත් මට නිකං යන්න කියලද ඔයා කියන්නේ..?"


    "එහෙනම් ඉතිං වෙන දවසක එන්නයි තියෙන්නේ.."


    "ඒක හරියන වැඩක් නෙමේ බන්ටි.. මං කියන්නද වැඩේ.. මගේ තව යාලුවෙක් ළග ඉන්නවා.. අපි එහේ ගිහින් එමුද..?"


    "පිස්සුද අක්කේ.. දැනටමත් මගේ ටයිම් පාස්.. මං මේ ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලයි බලන් ඉන්නේ.. බේබි නැන්දා හදපු ෆයිඩ් රයිස් එක කන්න.."


    "අනේ බන්ටි.. ඔයාට ෆයිඩ් රයිස් ඕන තරම් මං කඩෙන් අරන් දෙන්නම්.. අපි ගිහින් එමුද..? වැඩි දුරක් නෑ.. වැඩිම උනොත් විනාඩි පහළොවක් යයි.."


    "ඕකනේ අක්කා ඔයාලත් එක්ක කරන්න බැරි.. ගමන පටන් ගන්නෙ හොස්පිට්ල් එකෙන්.. ඒත් ඉවර වෙන්නෙ බන්ධනාගාරෙන්.."


    "ප්ලීස් බන්ටි.."


    "හා.. හරි.. හරි.. වද නොදී නගිනවා ඉතිං.. දැන් කොහේටද යන්න ඕන..?"


    අර කෙල්ල ළග පාතක ඉන්නවද කියලා හොද හැටි බලන ගමන් මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. මේ දක්වා මගේ වෙලාව හොදයි.. අක්කත් එක්ක මං ඉන්නවා ඒ කෙල්ලට අහු උනේ නෑනේ..


    "සුදුහුම්පල පාරට දාන්න.."


    හුටා.. මේ අර දවසක් මොරසූරණ වැස්සක් වෙලාවෙ මායි, අක්කයි ගියපු පාර නේද..? මේ ඉන්නෙ අක්කගෙ යාලුවා කවුද.. අපේ අයියගෙ ට්‍රයි එක පිණිමුතුවක්ද..?


    "මේ පාරෙ කවුද අක්කෙ ඉන්නේ..?"


    "ඔයාට මතක නැද්ද බන්ටි.. එක දවසක් මායි, ඔයයි වීල් එකක ආවේ.. බ්ලව්ස් එකක් දීලා යන්න.. එන්න ඒ යාලුවලහ.."


    "ඒ කියන්නෙ පිණිමුතුලහ..?"


    "අන්න හරි.. ඔයාට හොදට මතකයි.."


    මතක හිටින්නෙ නැතුව තියේවියෑ.. පිණිමුතු කියන නම අද දවසෙම කීපාරක් නම් කියවුණාද..? අනික ඇටකිච්චගෙත් යාලුවෙක්නේ.. අපරාදෙ මට අර කෙල්ලගෙන් අහන්න තිබුණා පිණිමුතුව අදුනනවද කියලා.. එහෙම නම් මේ කතන්දරේ විස්තර ගොඩක් අක්කට වැඩිය මට දැනගන්න තිබුණා..


    "ඔන්න ඔතන ඉස්සරහ.."


    ඇත්තටම මටත් ඕනවෙලා තිබුණෙ කවුද මේ පිණිමුතු කියලා බලාගන්න.. ඇයි ඉතිං අයියාකාරයා එදා කියනවා මට ඇහුණෙ 'එයාගෙ පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ නංගි' කියලා.. එතකොට අක්කා කිව්වෙ අපේ යාලුවො එහෙම තමයි කියලා.. බලමුකෝ.. අනාගත නෑනා පොඩ්ඩ කොහොමද කියලා..


    "ආන්ටි.. කෝ පිණිමුතු..?"


    කලින් දවසෙ අපි දැකපු මහත ඇන්ටි ගේට් එක ළග හිටියා.. අක්කා කතාව පටන් ගත්තෙ චැලියෙන් බහින්නත් කලින්.. එකෙන්ම මං දැන ගත්තා එයා අවුල් වෙලා ඉන්න තරම..


    "අනේ සමුදි දුව.. ඔයා එන්නෙම අපේ දරුවා නැති වෙලාවෙමනේ.."


    "ඇයි ආන්ටි.. පිණිමුතු කොහේ ගිහින්ද..?"


    "එයාගෙ යාළුවෙක් හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.. එයාව බලන්නයි ගියේ.."


    "අනේ ආන්ටි.. මමත් මේ හොස්පිට්ල් ඉදලා එන ගමන්.. මට පිණිමුතුව හම්ව වුණේ නෑනේ.."


    "හැබැයි සමුදි දුව.. අපේ දරුවා ටිකක් කලින් ගියේ.. සමහර වෙලාවට ඔයා යනකොට එයා හොස්පිට්ල් එකෙන් පිටවෙන්න ඇති.."


    අපේ අක්කගෙ වෙලාව නම් අන්තිම නරකයි.. කොටින්ම කියනවා නම් මගෙත් නරකයි.. දැන් ඉතිං අනාගත නෑනා පොඩ්ඩ කොහෙන්ද බලාගන්නේ..


    "එහෙනම් අපි යමු බන්ටි.. ඔයාටත් පරක්කු වෙනවනේ.."


    බොරුවටත් එක්ක කලින් හදිස්සි කරාට පස්සෙ තව ටිකක් ඉදලා පිණිමුතුව බලලම යමු කියන්නයෑ.. අක්කගෙ මූණෙ නම් තිබුණෙ මහා සවුත්තු පෙනුමක්.. ඇයි අප්පා කරන්න ගියපු හැම වැඩේම බංකොලොත් උනාට පස්සෙ පියවි සිහියෙන් ඉන්නෙ කොහොමද දෙයියනේ..


    එතන ඉදලා ගෙදරට එනකල්ම අක්කා වැඩිය කතාවක් බහක් කරේ නෑ.. මටත් එලෝ කෝටියකටත් වැඩිය දේවල් කල්පනා කරන්න තිබුණා.. කොටින්ම අර රංඩු කෙල්ල මගෙත් එක්ක ෂේප් එකට කතා කෙරුවෙ ඇයිද කියලා මට තාමත් හිතාගන්න බැරිවෙලයි තිබුණෙ.. කොටින්ම ඒකි මට කිව්වනේ ඇටකිච්චට ගහන්න කියලත්.. එහෙම ගැහුවාම ඇටකිච්චගෙ කෙල්ල මට හම්බවෙනවලුනේ.. ඒ කියන්නෙ නිරෝෂිව.. එතකොට අපේ බින්දුට මොකද වෙන්නේ.. ඌ මේ ටෙලි නාට්‍ය දර්ශනයෙන් කැපෙනවද..? පිස්සුද..? ඌ කැපිලා කොහොමද..? එතකොට නිරෝෂිට මොකද වෙන්නේ..?


    ඇටකිච්චගෙ අලුත් කතන්දරේ හින්දා නිරෝෂිට බූට් එක තියලා නම් බන්ටි ෂුවර් ඇන්ඩ් ෂොට්.. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.. නිරෝෂිත් හෙමින් සීරුවෙ මුකුත් දන්නෑ වගේ ආයෙත් බින්දුටම හේත්තු වෙයි.. එතකොට අර රංඩු කෙක්ක කියපු හතර බීරි කතාව මොකක්ද..?


    "බ.. බන්ටි මහත්තයෝ..?"


    "ආ.. බේබි නැන්දේ..?"


    "කොයි ලෝකෙද දෙයි හාමුදුරුවනේ, මහත්තයා ඉන්නේ.. මං කී පාරක් නම් කතා කරාද..?"


    මට වටපිට බැලුවා.. හුටා.. මෙන්න බොලේ මං කල්පනාව පිටින්ම ගෙදරටත් ඇවිත්.. කෝ බොලේ අපේ අක්කා.. මං එයාව මග දාලවත් ආවද..? එහෙම නැත්නම් මග වැටිලද..?


    "අපේ අක්කා කෝ බේබි නැන්දේ..?"


    "සමුදි නෝනා ගෙට ගිහින් දැන් හුගක් වෙලානේ.."


    අම්මපා.. ඒකත් එහෙමද..? මං එහෙනම් අති දැවැන්ත කල්පනා සාගරයක හිරවෙලයි ඉදලා තියෙන්නේ..

    "කෝ බේබි නැන්දේ ෆයිඩ් රයිස්..?"


    "තව චුට්ටකින් දෙනවා බන්ටි මහත්තයෝ.."


    "ඔන්න අලි පත චිකන් කෑලි බත් එකේ තියෙන්න ඕන හරිද..? සෝස් ටිකක් හෙම වැඩිපුර දාන්නෝන අනිත් අයට කන්න බැරි වෙන්න.."


    "හරි.. හරි.. මං දන්නවනේ බේබි මහත්තයා ආස විදිය.."


    ඉස්පිරිතාලෙ ගියා කියලා වැරැද්දක් උනේ නෑනෙ.. අර කෙල්ලගෙ හැසිරීම තමයි තේරුම් ගන්න බැරි.. අපරාදෙ මට තිබුණෙ අක්කත් එක්කම ආයෙ පාරක් ඇටකිච්චව හොයන්න යන්න.. එහෙම කරා නම් සමහර විට අර කෙල්ලගෙ වෙනස්වීමට හේතුවක් හොයාගන්න තිබුණා..



    Mathusambandai.gif

     

    blue_in_rio

    Well-known member
  • නියමයි මචන්...කිව්වත් වගේ සෑහෙන්න දිග කතාවක් නේද ? මේ වගේ ආතල් කතාවක් ඉක්මනට ඉවර වෙන් නැතුව දිගටම යන එක තමයි හොඳ.දිගටම දාගෙන පලයන් මචන්, අපි ඉන්නවා බලන්න.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-03.jpg


    03.png


    පහුවෙනිදා කුණ්ඩසාලෙ සරිගමයලගෙ ගෙදරදි කොල්ලො කට්ටිය ඔක්කොම වගේ එකතු වුණා.. විශේෂ හේතුවක් තිබ්බෙ නැති උනත් බින්දුගෙ ප්‍රශ්නෙ ගැන කතා කරන්න හුගාක් දේ ඉතුරු වෙලා තිබ්බා..


    "ඒ කියන්නෙ ලොකු පුතේ අන්තිමට එහෙනම් යකා මාක් කෙල්ල උඹත්තෙක්ක සාම ගිවිසුම් ගැහුවා..?"


    රන්ඩු කරගත්තු කෙල්ල අපේ ගෙදර ආපු එකයි, ඊයෙ ඉස්පිරිතාලෙදි සිද්ධ වෙච්ච සිද්ධියයි කොල්ලොන්ට කිව්වට පස්සෙ චාමික කට ඇරියා..


    "ඒකනේ චාමික මට හිතාගන්න බැරි.. මේකි හිටපු ගමන් වෙනස් උනේ මොකද කියලා.."


    "අනිවා මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා බන්ටි.. සමහර විට ඒකි උඹව අන්දලා සිරා ගේමක් දෙන්නවත් සෙට් වෙලාද දන්නෑ.. "


    "චාමික කියන කතාව සීයට පන්සීයක් හරි බන්ටි.. මේක මොකාක් හරි උගුලක්..
    "

    මෙච්චර වෙලා හැමදේම අහගෙන හිටපු සුරේන් කිව්වා..


    "හැබැයි බන්ටි අයියා මෙහෙම දේකුත් තියෙනවා.. හුගාක් වෙලාවට මට නම් හිතෙන්නෙ ඒකිට බන්ටි අයියා ගැන හිතක් පහලවෙලා කියලා.."


    හැම දෙයක් ගැනම හුගාක් දුරට කල්පනා කරන රවීන් අමුතුම කතාවක් කිව්වා..


    "උඹට පිස්සුද රවීන්.. මායි ඒකයි නයයි, මුගටියයි වගේ.. දැක්ක දැක්ක තැන කොටා ගන්නවා.. අනික ඒකිගෙ මූණෙ තිබ්බෙ ආදරේක සලකුණු නෙමෙයි.."


    "උඹ හරි බන්ටි.. ඕක ආදරේ පිළිබද ගැටලුවක් නෙමෙයි.. ඒකි උඹට ගේමක් දෙන්නයි ඔය සෙට් වෙන්නේ.. මොකද වෙන අජූත පොරවල් වගේ උඹ කටට බයවෙන්නෑ කියලා ඒකි දැන් දන්නවා.. ඒකයි ධාර්මිකව සටනට ඇවිල්ලා තියෙන්නේ.."


    "නෑ චාමික අයියා.. මට හිතෙන්නෙම ඒකිට අපේ බන්ටි අයියා ගැන හිතක් පහල වෙලා කියලා.."


    "උඹට පිස්සුද රවීන්.. ඔය මනස්ගාත අතෑරල දාලා, වෙලා තියෙන දේ ගැන හරියට කල්පනා කරපල්ලා.."


    "හරි.. උඹ ඒ ගැන මොනවද හිතන්නෙ අමිල..?"


    "මෙහෙමයි.. කලින් දවසක ඒකි අපේ බන්ටිත් එක්ක හොදටම ඇරගත්තනේ ජෝයි බෝට් යාඩ් එක ළගදි.. ඊට පස්සෙනෙ ඔය සුහද හමුව ඉස්පිරිතාලෙදි සිදුවුණේ.. ඒකිට වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න තියෙන්නෙ ඔය කාලෙ ඇතුළතදි තමයි.. ඒ කියන්නෙ මොකක් හරි සිද්ධියක් සිද්ධ වෙලා තියෙන්න ඕන.."


    "මට තේරෙන්නෑ අමිල.."


    මං ඇත්තම කිව්වා.. කොල්ලො හැම එකාම විවිධ දේ කිව්වත්, මං අමිලගෙ කතාව හොදින් අහගෙන හිටියා.. ඌ සාමාන්‍යයෙන් වැරදි දෙයක් කියන්නෙ කලාතුරකින්..


    "මට හිතෙන විදියට සිද්ධ වෙලා තියෙන දේ මොකක් උනත් ඒක සිද්ධ වුණේ ඒකි ඉස්පිරිතාලෙට ආවට පස්සේ.."


    "උඹ කොහොමද බං එහෙම කියන්නේ..? බලපං ලොකු පුතේ මූ ඇද උඩින් බලන් හිටියා වගේ කියන හැටි.."


    "මං මේ කතාව කියන්නෙ ඒකි සද්භාවයෙන්ම ඇටකිච්චට ගහන්න කියලා අපේ බන්ටිට කිව්වා කියන පදනමේ ඉදගෙන.."


    "පදනමම වැරදිනේ අමිල.. ඒකි අමු මොත්තයක් ඔය ගෙනියන්නේ.. උංට අඩන්නයි, හිනාවෙන්නයි දෙකම එක පාරට කරන්න පුළුවන්.."


    "කෙල්ලො ගැන උඹ මොනවද දන්නෙ චාමික.. අවුරුදු බර ගානක දෙයක් උන්ට එක දවසෙන් එක මොහොතෙන් ඉවර කරලා දාන්න පුළුවන්.. තමන්ගෙ විශ්වාසෙ කැඩුවා කියලා කොයි මොහොතෙ හරි ඕනම කෙල්ලෙක් දැන ගත්තට පස්සෙ ඒ විශ්වාසෙ බිදපු එකාට බුදුසරණයි.. මොකද එතන ඉදලා ඒ කෙල්ල තමන්ට ද්‍රෝහි වෙච්ච එකාව නොමරා මරනවා.."


    "මූ මොනවද බං මේ කියවන්නේ.. කරුණාකරල කතාවට අදාල දේ කියපං.. අපේ ඔලු අවුල් කරන්නෙ නැතුව.."


    "අමිලට කතා කරන්න දීපන් සුරේන්.. බලන් ගියාම ඔලු අවුල් කරන්නෙ ඌ නෙමෙයි උඹනේ.. අමිල කතාව කිව්වට පස්සෙ ඕන්නම් උඹ කට ඇරපං.."


    "මෙහෙමයි බන්ටි.. ඔය කෙල්ලෙ බොක්කෙන්ම ඇටකිච්චගෙ ආදරේට සපෝර්ට් කරනවනේ.. වැඩිය ඕන්නෑ.. ඌව බලන්න යන්න ඇත්තෙත් හිතේ ෆිට් එක හන්දා නේද..?"


    "ඔව්.. ඒකියි ඌයි නෑදෑයො.."


    "කොහොම උනත් කෙල්ල ඊයෙ දවල් ඇටකිච්චව බලන්න ආවා.. ඒ ආවෙත් අර මුල ඉදලම හිතේ තිබ්බ ෆිට් එකෙන්.. නමුත් වැඩේ කියන්නෙ ඇටකිච්චව බලන්න වෝඩ් එකට ගියාම කෙල්ල පටාස් ගාලා වෙනස් වුණා.. ඩිංගක් හිතපල්ලා.. කෙල්ල මොනව හරි දැක්කා.. ඒ දැකපු දේ එක්ක කෙල්ල එළියට ආවෙ මල පැනලා.. ඒ එනකොට තමයි අපේ බන්ටිව හම්බ වුණේ.. බන්ටි තමන්ගෙ තරහකාරයා වුණත් ඒ වෙලාවෙ කෙල්ලට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.. ඇටකිච්චට නෙලන කොන්ත්‍රාත්තුව බන්ටිට බාර දෙනවා ඇරෙන්න.."


    "උඹ හිතන්නෙ කෙල්ල මොනවා දකින්න ඇතිද..?"


    හැම එකාගෙම හිතේ තිබ්බ ප්‍රශ්නෙ රවීන්, අමිලයගෙන් ඇහුවා..


    "දෙකක් නෑ.. ඇටකිච්චගෙ අලුත් ලව් එක මේ කෙල්ල දකින්න ඇති.. අනිවා බන්ටි කියපුවත් ඒකිට පිහියෙන් ඇන්නා වගේ මතක් වෙන්නැති.. මට හිතෙන විදියට මේ කතන්දරේ ඕකයි බන්ටි.. වෙන ඕකෙ ගතයුතු දෙයක් නෑ.."


    ඇත්තටම මට අමිල ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. මෙච්චර සංකීර්ණ ප්‍රශ්නයක් මේකා පුදුම විදියට සරළ කරලා දැම්මනේ..


    "එහෙනම් ඒකි ඇයි කිව්වෙ ඇටකිච්චට ගහපුවාම මට නිරෝෂිව හම්බ වෙනවා කියලා.."


    "ඒකි නිරෝෂිගෙ නම පාවිච්චි කරේ නෑනේ බන්ටි.. සමහර විට අපි කවුරුවත් නොදන්න අවුලකුත් එතන තියෙන්න පුළුවන්.. කොටින්ම ඒකි අදහස් කෙරුවෙ ඇටිකිච්චගෙ අලුත් කෙල්ලවද දන්නෙත් නෑනෙ.."


    "ඒ කිව්වේ..?"


    "මෙහෙමනේ චාමික.. කතන්දරේ ඔය විදියට සිද්ධ වුණා නම් ඒකි ඉන්නවා ඇත්තෙ ඇටකිච්චත් එක්ක මාර තරහකින්නේ.. ඇයි ඉතිං ඇටකිච්චගෙ ආදරේට මැරීගෙන සප් එක දීලා තව කොල්ලො එක්ක මරාගන්න ගිහිල්ලා ඒත් වැඩක් උනේ නෑනේ.. ඒක හන්දා ඔය කෙල්ල අනිවා ඇටකිච්චගෙ අලුත් ලව් එක කඩනවා.. ඒ හිස්වෙන තැනට අපේ බන්ටිව ඇප්ලයි කරන්නයි ඒකි හදන්නේ.. කොහොමද සුරේන් ඒකිගෙ ගිෆ්ට් එක.."


    අමිලගෙ කතාවෙ සීයට දෙසීයක් විතර ඇත්ත තිබුණා.. මං දිගින් දිගටම ඒ ගැන කල්පනා කරා..


    "හැබැයි බන්ටි උඹට දැන් ඕන තැනක ඒකිව දැක්කාම කතා කරතැහැකි.. කිසි ප්‍රශ්නයක් නෑනේ.."


    "ඇයි ප්‍රශ්නයක් නැත්තේ.. බන්ටිට දැන් අනිවාර්යෙන්ම ඇටකිච්චට ගහන්න වෙනවා.. එතකොටනේ ගිෆ්ට් එක හම්බ වෙන්නේ.."


    "මේ.. පිස්සු නැතුව මොනවා හරි කියනවද..? දැන් ඉතිං මගේ කතාව බයිට් කරා හොදටම ඇති.."


    "හොදටම ඇතිවෙන්නෙ කොහොමද බන්ටි.. හොද හරිය ඉස්සරහට නේ.."


    "ඒ කිව්වේ..?"


    "මෙහෙමයි ලොකු පුතේ.. අපිට ඕන හැම දෙයක්ම දැන් හරි අපූරුවට සිද්ධ වේගෙන යනවා.. ඇටකිච්චග් එක්ක අර රංඩු කෙක්ක, අවුල්වෙලා.. ඒ අස්සෙ ඇටකිච්චා තව කෙල්ලෙක් එක්ක යාලුවෙලා.."


    "ඉතිං.."


    "අපිට ඕන උනේ බින්දුගෙ ආදරේ පරිස්සම් කරගන්නනේ.. දැන් ඒක ඉබේම සිද්ධ වෙලානේ.."


    "ඒවා මොනව උනත් නිරෝෂිට මොකක් හරි ෆිනිෂ්මන්ට් එකක් තියෙන්නත් ඕන.. නැත්තං එයා මුකුත් නොදන්න තොත්ත බබා වගේ බින්දු ඉස්සරහ හැසිරෙයි.. නැද්ද මං කියන්නේ..?"


    "ඔව්.. ඔව්.. චාමිකගෙ කතාව හරි.."


    කොල්ලොත් එක්ක ඉන්නකොට ප්‍රශ්න සීයක් ආවත් ප්‍රශ්නයක් නෑ.. උං ඒවට මොනවම හරි කියනවනේ.. අඩු ගානෙ හිත හරි සැහැල්ලු වෙනවා.. හැබැයි ඉතිං මොන දේ කිව්වත් මං මොරීන් අක්කගෙ බැල්කනි සම්ප්‍රාප්තිය ගැන වචනයක්වත් කොල්ලොන්ට කිව්වෙ නෑ.. ඇයි දෙයියනේ කටක් ඇරලා කියන්න පුළුවන් තරමෙ දෙයක්ද අප්පා.. අහන අහන එකා බඩ පැලෙනකල් හිනාවෙයි..


    "බන්ටි අයියා.."


    හැම දෙයක්ම නිහඩ වෙලා තියෙද්දි රවීන් මගේ ඉස්සරහට ආවා..


    "පොඩි කතන්දරයක් කියන්නයි යන්නේ.. හැබැයි කේන්ති ගන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්නෝන.."


    ඒ පාර මොකක්ද..? දිගින් දිගටම සිද්ධ වුණු අලකලංචි වල හැටියට මේ කියන්න යන්නෙත් ඒ වගේ එකක අතුරු ප්‍රතිඵලයක්ද..?


    "ඉස්සෙල්ලා කතාව කියලා ඉදපං රවීන්.. ඊට පස්සෙ බැරියෑ අඩන්න හරි හිනාවෙන්න හරි.."


    "ශිහාන් ගැන බන්ටි අයියට මොකද හිතෙන්නේ..?"


    රවීන්ගෙ ප්‍රශ්නෙත් එක්ක කොල්ලො හැම එකාගෙම කටවල් වැහුණා.. මෙච්චර දවසක් ගෙවුණා.. ඇත්තටම හුග දවසකින් මට ශිහාන්ව හම්බ වුණේ නෑ..


    "මුකුත් හිතෙන්නෑ.. හැබැයි කාලෙකින් මං ඌව දැක්කෙ නෑ.. ඇයි ඌට මොකක් හරි අවුලක්ද..?"


    සිරාවටම මට ඌව අමතක වෙලයි තිබුණෙ.. පහුගිය දවස්වල තිබ්බ ප්‍රශ්න කන්දරාවත් එක්ක මට ශිහාන් ගැන හොයන්නවත් වෙලාවක් තිබබෙ නෑ..


    "අවුලක් ඌට නම් වෙලා නෑ.. ඒත් ඌ අපේ කොල්ලො සෙට් එකෙන් කැපෙන්නයි යන්නේ.."


    "ඒ කියන්නේ..?"


    "ඇටකිච්චට ගහනවට මුලින්ම විරුද්ධ උනේ කවුද..? උඹට මතකද බන්ටි.. මේ රවීන් මල්ලි කියනව වගේ ශිහාන් අපිට ඉස්සෙල්ලම බකට් එක ඇද්දේ.. ඇටකිච්චට ගහනවට.. අපි ඒකමතිකව තීරණය කරා.. ඒත් ඌ ඒකට කැමති උනේ නෑ.. අඩුගානෙ නිරෝෂිට බනිනවටවත් ඌ කැමති උනේ නෑ.."


    "උඹලා දැන් කියන්න හදන්නෙ අපි ඇටකිච්චට ගහපු හන්දා ශිහාන් අපෙන් කැපිලා කියලද..?"


    "ඊට වැඩිය වෙනස් දෙයක් බන්ටි අයියා.."


    "ඒ කියන්නේ..?"


    "එදා ඇටකිච්චට ගහපු දවසෙ බන්ටි අයියගෙ අම්මටයි, සුරේන්ලගෙ අම්මටයි මැසේජ් එක ගියේ ශිහාන්ගෙන් කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා.."


    කොහෙද ඈතක ඉදලා ආපු නොසන්සුන් හැගීමක් තත්පරේට දෙකට මාව වෙලා ගත්තා.. ඒ නොසන්සුන් හැගීම කේන්තිය කියලා කියල දෙන්න මට කවුරුවත් ඕන උනේ නෑ..


    "ඌ එහෙනම් ඒ වගේ ජරා වැඩක් කරා.. හොරිකඩයා.. ෂිහ්.. මං ඕකව කොයි තරම් විශ්වාස කරාද..? අපරාදෙ රවීන්.. අපිට තිබුණෙ ඌටත් හොදට දෙක තුනක් ඇනලා ඇටකිච්චගෙ ඇද ගාවින් ඇඩ්මිට් කරන්න.."


    "අන්න හරි ලොකු පුතේ.. අටලෝ දහම ගැන ඌට තේරෙන්න නම් ඒ වගේ වැඩක්ම කරන්නෝන.. අපි කරපු වැඩේට කැමති නැත්නම් ශිහාන්ට පාඩුවෙ ඉන්න තිබුණා ගෙවල් වලට කියන්නැතුව.."


    "චාමික.. මීට පස්සෙ අපි කරන කිසිම දෙයක් ගැන ශිහාන්ට මැසේජ් යවන්න බෑ තේරුණාද..? ඌ ඒ වගේ කැත වැඩක් කෙරුවෙ ඇයි කියලා ඉක්මනටම හොයා ගනිල්ලා.. ඊට පස්සෙ ඌට එන්න කියලා පණිවිඩයක් යවල උගේ කටින්ම ඇත්ත දැනගමු.. ඒ වගෙ බලු වැඩක් කරන්න ඌටත් හොද හේතුවක් ඇතිනේ.. නැත්නම් යාලුකම පැත්තකින් තියලා දෙන එක දෙමු නිල් වෙන්න..


    "බලන් ගියාම ශිහාන්ට වැඩිය පයිතගරස් ලක්ෂ වාරයක් හොදයිනේ..
    "

    මොනව උනත් කොල්ලො සෙට් එක බුද්ධිමත්.. අවුලක් ඈත තියාම එනකොටම හැමෝටම ඒක පේනවා.. ශිහාන්ගෙ කතන්දරේ උනත් එහෙමනේ.. හැබැයි ඉතිං ඌ මුල ඉදලම අපිට හරහටයි හිටියේ..


    "දැන් බින්දුගෙ තත්වෙ කොහොමද..?"


    "හුගක් වෙලාවට ඌ ලබන සතියෙ එයි.. උඹ දන්නවද බන්ටි.. නිරෝෂි තවත් පාරක් නාවලපිටි ගිහින්.."


    සරිගමයගෙ කතාව මට අලුත් ආරංචියක් වුණා..


    "නිරෝෂි කරන්න හදන්නෙ මොනවද කියලා මට නම් හිතාගන්න බෑ සුරේන්.."


    "ඒකි ඇටකිච්චව බලන්න හොස්පිට්ල් ගියා කියලා ආරංචියකුත් නෑ.. බලන් ගියාම කෙල්ලො මොන තරම් චපලද කියලා හිතෙනවා ලොකු පුතේ.."


    "එහෙම කියන්නෙපා චාමික.. කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් එහෙමයි.. දැන් ඔය ඇටකිච්චවම ගනිං.. ඌට කියලා කෙල්ලො කී දෙනෙක් ඉන්නවද..?"


    "ඌට ඉන්න කෙල්ලො ගැන අපිට වැඩක් නෑ අමිල.. දැන් බලන් ගියහම හැම ප්‍රශ්නයක්ම කැරකියා ඇවිත් අන්තිමට නතර වෙලා තියෙන්නෙ අපේ බන්ටි ගාවට.. අපි දැන් අනිත් හැමදේම අමතක කරලා බන්ටිට උදව් කරන්නෝන.."


    සුරේන් සෑහෙන වෙලා කල්පනා කරලා හොද කතාවක් කිව්වා.. ඇත්ත තමයි.. මේ සිද්ධ වෙච්ච මල ඉලව් හැම එකකින්ම බේරෙන්න නම් ලාවට හරි කොල්ලන්ගෙ උදව් බන්ටිට ඕන.. නැත්නම් තනියෙම හැමදේම කරගන්න ගියාම එපා වෙනවා..


    "අමිල.. හැම වැඩක්ම පැත්තකින් තියලා මේ කෙල්ල ගැන හොයන්නෝන.."


    "මොන කෙල්ලද රවීන්..?"


    "බන්ටි අයියට කොන්ත්‍රාත් එක බාර දුන්නු කෙල්ල ගැන.. අපි ඒකි ගැන තොරතුරු බින්දුවක්වත් දන්නෑනේ.. නම මොකක්ද..? කොහෙද ඉන්නේ..? යාලු කාත්තෙක්කද..? ඔය වගේ ඒවා සෑහෙන්න වැදගත්.."


    රවීන්ගෙ කතාවෙන් තමයි මටත් තේරුණේ ඒ කේලල ගැන මං මොනවත්ම දන්නෑ නේද කියලා.. ඒත් මං කිව්වෙ වෙනින් දෙයක්..


    "නිරෝෂිටයි, ඇටකිච්චටයි සපෝර්ට් කරන්නෙ ඔය කෙල්ල කියලා කිව්වෙ උඹලනේ.. මං හිතුවා ඒකිගෙ උප්පැන්නෙ හිටන් උඹලා දන්නවා ඇති කියලා.. අනික බින්දුගෙ ආදරේට බකට් එක අදිනකොට මට ඒකිත් එක්ක හැප්පෙන්න ඒකිගෙ තොරතුරු ඕන්නෑ බං.. ඒකි කවුරු උනත් මං බින්දු වෙනුවෙන් ගේමට බහිනවා.. ඒක එහෙමම උනා.. ඊට පස්සෙ වෙන දේවල් වලට ඒ විදියට මූණ දෙනවා.. වෙන කරන්න දෙයක් නෑනේ.."


    "ඕනම දේකදි අපි උඹත්තෙක්ක ඉන්නවා බන්ටි.. උඹ කොයි තරම් හොද යාලුවෙක්ද කියලා කවුරුවත් පෝස්ටර් ගහන්න ඕන නෑ.. ඒක අපි දන්නවා.. අපේ බොක්කට ඒක දැනෙනවා.. උඹට වැරැද්දක් වෙන්න අපි කවදාවත් ඉඩ තියන්නෙ නෑ.."


    කියන්න තියෙන ඔක්කොම දේවල් කියලා අමිල අන්තිමට සංවේදී කතාවක් කිව්වා.. ඒ කතාවෙ තිබ්බෙ මිත්‍රත්වයේ හැම ගුණ සුවදක්ම මගේ මුළු හිත පුරාම පැතිරුණා..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-04.jpg


    04.png


    තව සතියක් විතර කිසිදු අවුලකින් තොරව චැලිය පදින්න පුළුවන් හින්දා මං වෙනදට වැඩිය අඩි දෙක තුනක් උඩින්.. ඇයි අප්පා.. අක්කා කිසිම ලෝබකමකින් තොරව ෆුල් ටෑන්ක් ප්‍රැටෝල් ගහලා දුන්නේ..

    "බන්ටී.."


    මං හිටියෙ වලාකුළු බැම්මට හේත්තු වෙලා.. චාමික හිටියෙ මට ටිකක් විතර එහායින්.. දග කරන මාලු දිහා බලාගෙන..


    "උඹට කියන්න දෙයක් තියෙනවා.."


    හැරිලා බලද්දි චාමිකගෙ මූණෙ මං දැක්කෙ හරිම අපූරු හිනාවක්.. නිකං නිකං පැනි පෙරෙන සයිස් එකේ එකක්..

    "මොකක්ද බං..?"


    "අපේ සරිගමයටත් ගෑනු ළමයෙක් සෙට් වෙලා ලොකු පුතේ.."


    "මේකා නිකංවත් මට කිව්වෙ නෑනේ බං.."


    "ඌට ලැජ්ජලු උඹට කියන්න.. බන්ටි තාත්තා කෙනෙක් වගේ හැම දෙයක් ගැනම කියලා දෙද්දි ඌට මහ මොකක්දෝ වගේලු කෙල්ලෙක් ගැන දොඩවන්න.."


    "ඌට පිස්සුනේ චාමික.. මං ඕවට විරුද්ධ වෙනවද බං.. එහෙම නම් බින්දුගෙ ආදරේටත් මං බකට් අදින්න එපෑය.. බලන් ගියාම මේකා මං ගැන මහා අමුනුස්ස තාලෙටනේ හිතාගෙන ඉදලා තියෙන්නේ..?"


    "නෑ.. නෑ.. එහෙම කතාවක් ඌ කිව්වෙ උඹ ගැන උගේ හිතේ තියෙන භක්තිය පෙන්නන්නනේ බන්ටි.. මොනව උනත් අපි හැම එකාටම වැඩිය උඹ හුගාක් ඉහලින් ඉන්නේ.."


    "මේ දවස් වල නම් එහෙමයි.. මොකද අක්කා චැලියට පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා දීලා තියෙන හන්දා.."


    "උඹත් ඒ පාර පිස්සු කියවනවා.. උඹ රුපියල් දාහ දාහක් යැව්වා කියලා බින්දු අපිට කිව්වා ලොකු පුතේ.. අපිට විහිලුවටවත් කරන්න බැරි දෙයක් උඹ කරලා පෙන්නුවා.. උඹ ළගත් සල්ලි නෑ කියලා අපි දන්නවා.. ඒත් උඹ ඒක කොහොම හරි කරලා බින්දුව ගොඩ දැම්මා.. බින්දුගෙ අහිංසක පුංචි අම්මගෙ හිත සන්තෝසෙන් තිබ්බා.. ඇත්තමයි උඹව අදහන්න වටිනවා.."


    චාමික කියවන දේවල් වලට මං මුකුත් එකතු කරන්න ගියේ නෑ.. දෙයක් කරලා ඉවරවෙලා කියවන පුරුද්දක් මගේ ළග නෑ.. කතන්දරේ බින්දු කියනකල් කොල්ලො සෙට් එක කිසිම දෙයක් දැනන් හිටියෙ නැත්තෙ ඒකයි..


    "ඕවා මේවයි දැන් මේ උඹට වැටිලා තියෙන ප්‍රශ්නයි, අරහෙන් ශිහාන් කාරයා උඹලගෙ ගෙදර දාපු ප්‍රශ්නෙයි ඔක්කොම තියෙද්දි සුභ ආරංචියක් උනත් කියන්න ටිකක් අමාරුයි.. උඹ කොයිතරම් හිනාවෙලා හිටියත් උඹටත් තියෙන්නෙ ලාමක හිතක්නේ ලොකු පුතේ.. දරා ගන්නවා කියලා කොයි තරමක් දරා ගන්නද..? බාර ගන්නවා කියලා කොයි තරම් දුක් ගොඩක් බාර ගන්නද..?"


    "ඔය කිව්ව හැමදේම තිබුණත් මගෙන් උඹලට වෙනසක් නෑ චාමික.. එදා ධර්මරාජෙදි කිබ්බ බැදීම අදටත් එහෙමයි.. මට කෙල්ලෙක් හිටියෙ නෑ කියලා උඹලගෙ ආදර සම්බන්ධතා වලදී මං අවුල් වෙන්නෑ.. මුලු බොක්කෙන්ම විෂ් කරනවා ඇරෙන්න.. පුළුවන් නම් ඒ ටික සරිගමයට කියපං.."


    "ඇත්තටම ඇයි බන්ටි උඹ කෙල්ලෙක් එක්ක යාළු නොවෙන්නේ..? තියෙන්න ඕන සුදුසුකම් ඔක්කොම තිබිලත් ඇයි උඹ පස්ස ගහන්නේ..?"


    "කෙල්ලෙක් එක්ක යාලුවෙන්නම කියලා නීතියක් නෑ බං.. මගේ වෙලාව තව ඉස්සරහට එයි.. මම හිතන්නෙ එහෙමයි.. අනික ඔය හුගාක් පොරවල් වගේ සසරේ ඔතාගෙන පතාගෙන යන්න නම් කෙනෙක්ව මං ප්‍රාර්ථනා කරන්නෑ.. ඒවා මහ මැටි වැඩ කියලයි මට හිතෙන්නෙ.."


    "එතකොට ලොකු පුතේ උඹ ඒ ගැන බිංදුවක්වත් හිතන්නෙ නැද්ද..?"


    "ඒ ගැන කිව්වේ..?"


    "කෙල්ලෙක් ගැන..?"


    "මෙහෙමයි.. ලස්සන කෙල්ලෙක් දැක්කම හිතේ මොකක්දෝ අමුතු හැගීමක් ඇතිවෙනවා තමයි.. ඒත් ඒ කෙල්ලව අයිති කරගන්න තරමෙ ලෝබකමක් මට තාම දැනිලා නෑ.. ඒත් ඔය හැම එකා වගේ මාත් කොයි වෙලාවෙ හරි කෙල්ලෙක් එක්ක යාලුවෙයි.. ඒක මේ වෙලාවෙද එහෙමත් නැත්නම් ලබන ආත්මෙද කියලා නම් මං දන්නෑ.."


    "බර කතාවක් වගේ.."


    පුරුදු කටහඩක් ඇහිලා මායි, චාමිකයි පාර පැත්තට හැරුණෙ තරගෙට වගේ.. අම්මපා මේකි පණ තියෙනකන් මැරෙන්නෙ නෑ.. ඊයෙ ඉස්පිරිතාලෙදි මට කොන්ත්‍රාත්තුවක් බාර දීපු කෙල්ල මං ඉස්සරහ දිලිසි දිලිසි හිටියා.. හැබැයි ඊයෙ වගේ අවුල් සහගත බවක් නම් ඒ ලස්සන මුණෙ තිබ්බෙ නෑ.. නිකං අමුතු රොමෑන්ටික් ගතියකුයි තිබුණෙ..


    "නෑ.. මේක සැහැල්ලු කතාවක්.."


    නෝන්ඩියට වගේ හිනාවෙලා මං කිව්වා.. ගැහුවෙ හින්ට් එකක් උනත් කෙල්ල ඒක සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.. මේකි මං යන යන තැන ෆලෝ කරනවද මන්දා.. නැත්නම් කොහොමද මෙහෙම මීට් වෙන්නේ..


    "මං කිව්ව වැඩේ මොකද..?"


    දෙකක් නෑ.. කෙල්ල කෙලින්ම කතාවට බැස්සා.. බලන් ගියාම මේකි අංශක අනූවටත් වැඩිය කෙලින්නේ..


    "මොන වැඩේද..?"


    කිසිම දෙයක් දන්නෑ වගේ මං ඇහුවා.. බලාගනෙ ඉද්දිම කෙල්ලගෙ මූණ ඇඹුල් වෙලා ගියා.. බන්ටි මල්ලි.. ඔහොම යං.. ඔහොම යං.. ං කෙල්ලෙක් එක්ක යාලුවෙන වෙලාව ගැන කියලා තාම ඒ තරම් වෙලාවකුත් නෑ.. වැඩේ කියන්නෙ ඒ කතාව කියවල තියෙන්නෙ මේ කෙල්ල අත ළග තියාගෙනනේ..


    "නලින්දගෙ අද නැත්නම් හෙට ටිකට් කපයි.."


    "ඇත්තද.. අහන්නත් සන්තෝෂයි.."


    "මොන සංතෝසයක්ද..? ඔයාට පුළුවන් නේද එයාව තව සතියක් විතර ඉස්පිරිතාලෙ තියන්න..?"


    බුදු සන්තෝ.. මේකි කෙල්ලෙක්ද..? එහෙමත් නැත්නම් බජාර් එකේ චන්ඩියෙක්ද..? කිසිම කැතක් නැතුව ඒ ටික කියපු ලස්සන විතරක්.. කියන ඒවට ඇගත්තෙක්ක හිරිවැටෙනවා..


    "ඇයි මේ හිටපු ගමන් ආණ්ඩු පක්ෂෙ ඉදලා විපක්ෂෙට ගිහින් තියෙන්නේ.. කලින් ඔයා හිතන් හිටියෙ නලින්ද තමයි මේ ලෝකෙ ඉන්න සත්ගුණවත්ම පෙම්වතා විදියටනේ.. දැන් මොකද අවුල..? මිනිහා දීගෙ කඩාගෙනද..?"


    "අවුලෙක් ඔයාට වැඩක් නෑ.. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද.. බැරිද..?"


    "මං බෑ කිව්වොත්..?"


    "ප්‍රශ්නයක් නෑ.. මට වෙන විකල්ප තියෙනවා.."


    "ඉතිං ඒවා තියෙනවා නම් ඇයි මාව හොයාගෙන ආවේ..?"


    "හොදම විකල්පය ඔයා හින්දා.."


    එතනින් එහාට කතාවක් නෑ වගේ කතාව නැවතුණා.. කෙල්ල මගේ මූණ දිහායි, චාමිකගෙ මූණ දිහායි සැරින් සැරේ බලද්දි චාමික මට ඇහැක් වහලා මොකක්දෝ කිව්වා.. ඒ කියන්නෙ වැඩේ බාර ගනින් කියලද.. ඒත් කොහොමද දෙයියනේ මේ කෙල්ල කිව්වා කියලා, අර හද්ද අහිංසකයෙකුට අල්ලගෙන තඩි බාන්නේ.. මට නම් හිතෙන්නෙ, ඊළග පාර ඌට ඉස්පිරිතාලෙකටවත් යන්න වෙන්නෑ.. මගදිම මැරෙයි..


    "හරි.. මං වැඩේ බාරගත්තා කියමුකෝ.. මොකක්ද මට මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ..?"


    හද පලුවක් මැදින් කලු කුම්බර වළාකුලක් ගියා වගේ කෙල්ලගෙ මූණ අදුරු වෙලා ගියා.. කොයි තරම් නපුරුකමට කතා කලත් කෙල්ල හරි සීදේවි පාටයි..


    "ඔයාට කලින් තිබ්බ ප්‍රයෝජනේම තමයි.."


    "ඒ කිව්වේ..?"


    "නලින්දව ෆීල්ඩ් එකෙන් අයින් කරලම දැම්මහම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ඔයාට හම්බවෙනවනේ.."


    "ඒ මොන හතරබීරි කතාවක්ද..? ඉස්පිරිතාලෙදිත් ඔය කතාවම ඔයා මට කිව්වා.. මං කලින් පාර නලින්දට ගැහුවෙ ඔය මොනවත්ම බලාගෙන නෙමෙයි.. අනික මට නලින්දගෙ ගර්ල් මොකටද..?"


    "මොකටද කියලා අහන්නේ..? ඇයි එයා ලස්සන නැද්ද..? නිකං බියුටි ක්වින් කෙනෙක් වගේනේ.."


    බියුටි ක්වින් නෙමෙයි.. බියුටි කිං කෙනෙක් උනත් වැඩක් නෑ හිත හරි නැත්නම්.. එක සැරේට දෙන්නෙකුට ආදරේ කරන කෙල්ලෙක් මොන තරම් ලස්සන උනත් වැඩක් තියෙනවද..? හිතට අනේක විධියෙ ප්‍රශ්න ආවත් මං ඒවා එකක්වත් එළියට දාන්න ගියේ නෑ..


    "ලස්සන කන්නද අප්පා..?


    මං කිව්ව දේට කෙල්ල තවත් මොනව හරි කියන්න ගියත්, එක පාරටම එයා හොදටම කලබල උනා කියලා මට තේරුණා..


    "දෙ.. දෙයියනේ.. රසික අයියා.. දැක්කද දන්නෙත් නෑ.."


    රසික කියන නම ඇහුණා විතරයි මාත් උඩ ගිහින් බිම වැටුනා.. ඇයි ඉතිං අපේ අයියගෙ නමත් රසිකනේ.. ඒත් ඒකා කොහෙද මේ අවේලාවේ.. ඔය මනුස්සයා ඩියුටි වෙලාවෙ ටොයිලට් එකටවත් යන්නැති බුවෙක්නේ.. චූ බර වුණත් තද කරන් ඉන්නවලු.. මං කොහොමද දැනගත්තෙ කියලද ඇහුවේ..? අම්මපා.. මට හිතුනා එහෙම වෙන්නැති කියලා..


    "බ.. බන්ටි උඹලගෙ අයියා.."


    ආයෙ දෙකක් නෑ.. අපේ අයියා කාරයම තමා.. මං වටපිට බැලුවත් කෙල්ල පේනමානෙකවත් හිටියෙ නෑ.. ඇත්තට මේ කෙල්ල තත්පරේට කොහේ ගියාද..? අනික ඒකි කොහොමද අපේ අයියගෙ නම දැනගත්තේ..? සමහර විට අක්කවත් කියන්න ඇති.. ඔය විදියට ගිහින් මගේ නමත් කියයිද දන්නෑ.. හැබැයි ඉතිං ඒ කිව්වත් ප්‍රශ්නෙකුත් නෑ.. බන්ටි කියලනේ කියන්නේ..


    "බන්ටි මොකද මෙතන කරන්නේ..?"


    මං තාමත් වටපිට බල බල හිටියෙ මේ යස අගේට කතා කර කර හිටපු කෙල්ලට මොකද උනේ කියලා බලන්න.. ඒත් ඒකි ආගිය අතක් නෑ.. අම්මපා මේ පොලොස් කොට්ටෝරුවා කරොත් කරන්නෙ ඔය වගේ හාල්පාරු වැඩක්ම තමා.. බලන් ගියාම මේකගෙන් පුදුම බාධාවක්නේ තියේනනේ..


    "ඔයත් ඔෆිස් යන්නැතුව මොකද මෙතන කරන්නේ..? අද නම් අපේ අම්මගෙ ලොකු පුතේ.. මං අම්මට විස්තරේ කියනවා.. ආදරණිය පුතන්ඩියගෙ ගතිගුණ ගැන දැනගන්න.."


    "බන්ටි මේ.. පිස්සු කියවන්නැතුව අහපු දේට උත්තර දෙනවා.. ඇයි මනුස්සයො වැව රවුමට වෙලා රස්තියාදු ගහන්නේ..? මොනවද මේවයින් බලාපොරොත්තු වෙන්නේ..? අඩුගානෙ චාමික මල්ලි ඔයාලවත් මෙයාට කියන්නැද්ද..? හරියන්න හරි වරදින්න හරි ජොබ් එහෙකටවත් දාන්න කියලා.."


    ෂිහ්.. චාමිකත් ඉස්සරහ මේකා වැදි බණ කියන්න ගත්තනේ.. හතර විලිලැජ්ජාවෙ පණ යනවා.. මීට වැඩිය හොද නැද්ද මේකා මාව අමුවෙන්ම කෑවා නම්.. කෝකටත් මං චාමික දිහා බැලුවා.. 'වැඩිය කතා කරන්නෙපා' කියන සංඥාව ඌ මට දුන්නා.. ගෙදරදි කොහොම උනත් මාලිගාව ඉස්සරහදිවත් මං ඩීසන්ට් වෙන්න ඕන..


    "අයියා මේ කොහේ යන ගමන්ද..?"


    "අපේ ඔෆිස් එකේ කෙනෙක් රිටායර් වෙනවා.. එයාට ප්‍රසන්ට් එකක් ගන්නයි ආවේ.. මං මෙතන බන්ටි ඉන්නවා දැක්කා.. ඒකයි වාහනෙන් බැස්සේ.."


    "අපිත් මේ යාලුවෙක් එනකන් ඉන්නේ.. අර වයි.එම්.බී.ඒ එකේ තියෙන කොරියන් පංති ගැන දැනගන්න.."


    දිව තොලේ නොගෑවී හද්දා පචයක් චාමික ඇදලා ඇරියා.. මේකගෙ කටට මේ බේගල් කොහෙන් එනවද මන්දා..

    "ආ.. ඔව්.. ඔව්.. ඒක හොදයි.. බන්ටි මම යනවා.. ඔයත් ඉක්මනට ගෙදර යන්න.."


    ආව වගේම පැත්තක් හොදාපාලු කරගෙන අයියා ගියා..


    "ඇති යාන්තං.. මං අහන්නෙ ලොකු පුතේ, ඔය විසබීජෙත් එක්ක උඹ ගෙදර ඉන්නෙ කොහොමද..? ආ.."


    "ඒවා ඉතිං කියලා වැඩක් නෑ බං.. මම හැරුණත් ඌට වැරදියි.. ඒක නෙමෙයි චාමික.. මේකව දැකපු ගමන් කෙල්ල මාරු උනේ ඇයි බං..?"


    "මගේ ඔලුවටත් ඔය ප්‍රශ්නෙම ආවා බන්ටි.. කොටින්ම උඹලගෙ අයියට පේන්න අපිත්තෙක්ක කතා කරන්න කෙල්ල බයවුණා.. මට නම් හිතුණෙ එහෙමයි.."


    "ඒ උනාට රසික කියන්නෙ මගේ අයියා කියලා, කෙල්ල දන්නෙ නෑනේ.. ඒකි දන්නෙ මගේ අම්මා බේබි නැන්දා කියලා විතරයි.. අඩු ගානෙ මං ඒ ගෙදර ඉන්නවද කියලවත් ඒකි දන්නෑ.."


    "අනේ මංදා.. ඕවා, මේවා අර මොරීන් අක්කගෙ කතන්දර ඔක්කොම එකට පත්තු වුණ දවසක උඹට යන්න පාර මදිවෙනවා.. හප්පට සිරි මෙන්න මෙයා ආයෙ එනවා.."


    චාමිකගෙ ඇස් තිබ්බෙ මාළිගාව පැත්තෙ.. ඇත්ත නේන්නම්.. මෙන්න, අර කෙල්ල ආයෙත් අපි ඉන්න පැත්තට එනවා..


    "මට නම් පේන්නෙ කෙල්ලට උඹව දාලා යන්න හිත දෙන්නෑ වගේ.. බලපංකො හිනාවේගෙන එන ලස්සන.. නිකං රෝයන් ඇට්කින්සන් වගේනේ.."


    "යකෝ රෝයන් ඇට්කින්සන් කියන්නේ, මිස්ට බීන්ටනේ.. උඹට මිස්ට බීන් වගේද මේ කෙල්ල පේන්නේ..?"


    "මගේ වැඩේ ගැන මොකද කියන්නේ..?"


    අපි දෙන්නගෙ කතාව නතර වෙද්දි කෙල්ල අපි ළගට ආවා.. ඒ ආපු ගමනුත් ඒකි පටන්ගත්තෙ ඇටකිච්චගෙ අවමගුල කරන්නෙ කොහොමද කියලා ප්‍රශ්නෙකින්.. දෙවියනේ මේ මරාලෙන් මට ගැලවීමක් නැද්ද..?


    "වැඩේ පැත්තකින් තියන්නකෝ.. මොකද අර බෝයි කෙනෙක්ව දැකලා පණ එපා කියලා දිව්වේ..?"


    ඔක්කොටම කලින් අයියා කාරයත් එක්ක මෙයාගෙ තියෙන ගනුදෙනුව මොකක්ද කියලා දැනගන්න ඕන.. ඊට පස්සෙ බන්ටිට බැරියෑ දෙයියනේ කියලා වැඩේට බහින්න..


    "නිකං.."


    "ඒක මාර කතාවක්නේ.. එහෙනම් අපිවත් දැකලා ඔයා දුවන්න එපාද..?


    "ම.. මං එයාව ටිකක් අදුනනවා ඒකයි.."


    කෙල්ලගෙ මූණට අමුතුම පැණි හිනාවක් ආවා.. ඒක හරිම සුන්දර ඉරියව්වක්.. ඒ කියන්නෙ.. ඒ කියන්නෙ මේකිට අපේ අයියාකාරයා ගැන හිතක් පහළ වෙලාවත්ද..?


    "ඉතිං අදුනනවා නම් දිව්වේ.. නැවතිලා ආසාවෙන් කතා කරන්න එපැයි.."


    "අයියෝ.. ඔයත්තෙක්ක කතා කරලා නම් බේරෙන්න බෑ.. බලන්න ඔයාගෙ යාලුවත් මට හිනාවෙනවා.."


    "ඌ ඉතිං කොහොමත් හිනාවෙන එකනේ වැඩේ.. හැබැයි ඌ ඔයාට විතරක් නෙමෙයි ඔයාගෙ අනාගතේටත් හිනාවෙයි.."


    "ඇ.. ඇයි ඒ..?"


    බලන්න අප්පා.. කෙල්ලොන්ගෙ වෙනස්වීම් කියන්නේ.. අදහන්නත් බෑ.. මේ දැන් ටිකකට කලින් මාත් එක්ක මරාගත්තු කෙල්ලනේ.. අවුරුදු ගානක් ඉදන් අදුනනවා වගේ හිටගෙන කතා කරන්නේ..


    "නෑ ඉතිං.. තමන්ගෙ හිතේ ඉන්න පිරිමි ළමයව දැක්කම පණ කඩාගෙන දුවන කෙල්ලො ගැන ඌ අහලා නෑ ඒකයි.."


    කෙල්ලට ආයෙත් පැණි පාට හිනාවක් ගියා.. බන්ටි පුතේ.. කෙල්ලගෙ හිතෙ ඇත්තටම අයියකාරයා ගැන අදහසක් තියෙනවා වගේ..


    "ඕන නම් ඉතිං.., කැමති නම් ඉතිං.., අපිටත් සපෝර්ට් එකක් දනේන පුළුවන්.. නැද්ද චාමික.."


    "සපෝර්ට් එකක්..?"


    "ඔව්.. අපේ අම්මා ඒ ගෙදරනේ ඉන්නේ.."


    "දෙ.. දෙයියනේ.. ම.. මට ඒක හොදටම අමතක උනා.."


    කෙල්ල එක අතකින් කට වහගත්තා.. දැන් නම් තමන් හොදටම පටලැවිලා කියලා කෙල්ලට ඔලුවක් තියෙනවා නම් තේරුම් ගනියි..


    "අමතක වුණා කිව්වේ..?"


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඉස්සෙල්ලම දවසෙ අපි දෙන්නා රංඩු වෙද්දි ඔයාගෙ අම්මා වැඩ කරන්නෙ මිස්ටර් විජේරත්නලගෙ ගෙදර කියලා ඔයා කිව්වනේ.. ඒ කියන්නෙ ඔයා නිතරම එහේ යනවද..?"

    'පරිස්සමින් කතා කරපං' කියලා කියන්න වගේ චාමික ඇස් දෙක පුංචි කරා.. ඔව් බන්ටි.. දන්න ශිල්ප දාලා පරිස්සම් වෙයන්..නැත්තං ඉතිහාසෙවත් නැති විදියට උඹ අනාගන්නවා..


    "මං එහේ ගියොත් මගේ අම්මට රස්සාව නැතිවෙයි.. මොකද අම්මා ඒ ගැන ඒ ගෙදර අයට කියලා නෑනේ.."


    කෙල්ලගෙ මූණ මහා අදුරු වළාකුලකින් වැහිලා ගියා.. කලින් දවසක අපේ අක්කත් එක්ක, බේබි නැන්දා ගැන කියනවා කෙල්ලට මතක් වෙන්න ඇති.. මගෙන් පළිගන්න කියලා හිතාන ඒ වගේ දෙයක් කිව්වත් දැන් නම් කෙල්ලගෙ මූණෙ තිබ්බෙ මහා පසුතැවීමක්..


    "ඔයා එතකොට ඒ ගෙදර අය කවුරුවත් අදුනන්නෙ නැද්ද..?"


    කෙල්ල මේ කතන්දරේ අහන්නෙ දැන් ඩිංගකට කලින් මායි, අයියයි කතා කරනවා දැකලවත්ද කියලා මට හිතුණා.. ඒත් ඒකෙ විත්තියක් නම් ඒකිගෙ මූණෙ තිබ්බෙ නෑ.. සමහර විට අර පසුතැවීමෙන් ඒ හැගීම වැහිලා යන්නැති..

    "අදුනනවා.."


    "කවුද අදුනන්නේ..?"


    කෙල්ලගෙ කටහඩේ තිබ්බෙ පුදුම තරම් නොඉවසිලිමත් කමක්.. හොස්පිට්ල් එකේදි ඇටකිච්චට ගහන්න එපා කියද්දිවත් මේ වගේ ඉක්මන්කමක් කෙල්ල ගාව තිබුණෙ නෑ..


    "රසික අයියව.."


    "තව කවුද..?"


    "බන්ටිව.."


    මං, මාවම අදුනනවා කියලා කියද්දි මට මාරම ගතියක් දැනුණා.. මේ කතන්දරේ වෙනස්ම පැත්තකට හැරෙන්නයි යන්නේ..


    "බන්ටි කොහොම කෙනෙක්ද..?"


    "ඔයා ඉතිං එහේ යනවා නම් බන්ටිව දැකලා ඇතිනේ.."


    "නෑ.. මං එයාව කවදාවත් දැකලා නෑ.. මං එහේ ගියපු එකම දවසකවත් එයා ගෙදර ඉදලා නෑ.."


    "ඒ කියන්නෙ ඔයා ආසාවෙන් ඉන්නෙ බන්ටිව බලන්න.."


    "එහෙමමත් නෑ.. එයා රසික අයියට වැඩිය වෙනස් කියලා මට හිතුණා.."


    "ඒක නම් හරි.. බන්ටි ගැන අපි අහලා තියෙන විදියට මහා වසවර්තියෙක්.. ළගින් ගියොත් පළාතක්ම නෑ.."


    "ඒ.. ඒ කියන්නේ..?"


    "කොටින්ම වලියට බර පොරක්.. මම නම් හිතන්නෙ ඔයා, බන්ටිව නොදකිනවා නම් හොදයි කියලා.."


    "ඒ.. ඒ ඇයි..?"


    "එයාගෙන් ලස්සන ගෑනු ළමයින්ට කරදරයි.."


    මං කියපු දේට කෙල්ල 'හ්ග්' ගාලා කියවුණා.. පණ ගියාද මංදා.. කෙල්ල එතනින් එහාට වැඩිය කතා කලේ නෑ.. අම්මපා කතා කරන්න බැරි වෙන්නැති..


    "මෙච්චර වෙලා අපි කතා කෙරුවා.. ඔයාගෙ යාලුවගෙ නම චාමික කියලා නම් මට කියනවා ඇහුණා.. ඒත් මං ඔයාගෙ නම තාම දන්නෑ.."


    "මං රන්දික.."


    උප්පැන්නෙ තියෙන සැබෑ නමම මං ප්‍රකාශයට පත් කලා.. චාමික දිහා බලද්දි උගේ ඇස් බෝල දෙක ජිල් බෝල දෙකක් වගේ ලොකු වෙලා තියෙනවා මං දැක්කා..


    "එහෙනම් රන්දික මං යනවා.. සී.යූ.."


    "චුට්ටක් ඉන්න.. ඔයා අපිට ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලනේ යන්නේ..


    යන්න ගියපු කෙල්ල ආයෙත් නතර වුණා.. ඒ මූණෙ දැන් තිබ්බෙ හිනා ඇබිත්තකුයි.. ප්‍රශ්න කෝච්චියකුයි..


    "මොනවද මං ඉතිරි කරපු ප්‍රශ්න..?"


    "ඔයාගෙ නම..?"


    "මම නෙත්මි.. ප්‍රශ්න එච්චරද..?"


    "නෑ.. තව තියෙනවා.. ඇයි ඔයා නලින්දට ඇටෑක් කරන්න කිව්වේ..?"


    "ම්.. ඒක නම් ටිකක් දිග කතාවක්.. ඒ ගැන කියන්න නම් දැන් වෙලාවක් නෑ.. මං පස්සෙ දවසක කියන්නම්.."


    "පස්සෙ දවසක කියන්නෙ ලබන ආත්මෙ විතරද.? මොකද දෙයක් බාර ගන්න නම් මට ඒකෙ ඇතුල් විස්තරේ හරියට දැනගන්න ඕන.."


    "ම්.. එහෙනම් හෙට එකට විතර මෙතෙන්ටම එනවද..? මට හෙට ක්ලාස් තියෙන හින්දා ඔයාව හම්බවෙලාම යතෑකි.."


    ඉතන ඉදලා ලෝකෙ අන්ධකාර උනා වගේ.. කෙල්ල නැලවි නැලවි යන්න ගියා.. ඈතින් ඈතට ගිහිල්ලා පුංචි තිතක් වෙලා පෙන්නැති වෙනකල්ම බලං ඉදලා මං චාමික දිහාට හැරුණා..


    "ඔන්න ඕවට තමයි ලොකු පුතේ අල බහිද්දි වැල මැරෙනවා කියන්නේ.. දැන් උඹ එහෙනම් අයියකාරයට කටුව ගහන්නයි යන්නේ.."


    "ඒක එතකොට බලමුකෝ.. දැනටමත් රසිකයා, අම්මට කෝල් එකක් දීලා ඇති.. මං මෙතන රස්තියාදු ගහනවා කියලා.. ඒක හන්දා ගෙදරට මාරුවෙන එක හොදයි.."


    "කෙල්ලගෙ හැඩ පේන්නෙ පද්දලා යනකොටනේ ලොකු පුතේ.. ඒකිගෙ නමත් චාමි.. වැඩිය උනක් නෑ.. ඒත් ඇයි උඹ උඹේ නම ඒකිට කිව්වේ.. වෙන නමක් කිව්වා නම් හරිනේ.. දැන් වැරදිලාවත් උඹලගෙ ගෙදරදි ඒකිට ඔය නම කියවුණොත් සදා සොත්ති භවන්තුතේ තමයි.."


    "නෑ බං.. මේ බන්ටි කියන නම හන්දා අපේ ගෙදර මිනිස්සුන්ට රන්දික කියලා කියන්නෙ කවුද කියලා ඇහුවත් ඒ තරම් ගානක් නැතිවෙයි.. ඇයි බං අපේ අම්මා අර එකවුන්ට් එකක නමට ලියලා තිබුණෙ බන්ටි කියලනේ.. උඹට ඒ සිද්ධිය මතක නැද්ද..?"


    "මතකයි.. මතකයි.. පස්සෙ නම වෙනස් කරන්න මාර ෆයිට් එකකුත් දෙන්න උනානේ.. උඹත් බලන්නැතුව කොලේ අත්සන් කලා.."


    "එහෙනම් අපි යමුද චාමික..?"


    "ඇයි උඹ අරකිට, උඹේ චරිතෙ ගැන අවුල් විදියට කිව්වේ.. ඒක උඹට අවාසිනේ.."


    "අරකි මේකි කියලා දැන් කතා කරන්නෙපා චාමික.. එයා අපිට නම කිව්වනේ.. අනික උඹේ ප්‍රශ්නෙට උත්තරේ, මං ඒක එහෙම කලේ හිතලමයි.. මොකද එතකොට නෙත්මි බයවෙනවා අපේ අක්කගෙන් බන්ටි ගැන විස්තර අහන්න.. හැබැයි මට තිබ්බ ලොකුම අවුල තමා චාමික, කෙල්ල අපේ අයියට කැමති එක.."


    "ඇයි ඒකෙ මොකක්ද ලොකු පුතේ උඹට තියෙන ප්‍රශ්නේ.. උං කැමති නම් අපි ඒ මගුල කරලා දාමු.. මොකටද නිකං ගෙවල් වලට නාකි කරවන්නේ..?"


    මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නෙ මුගේ ඔලුව ගලවලා හරක් පැටියෙක්ගෙ ඔලුවක් හයි කරන්න.. එතකොට මූත් අර රොබින් හුඩ්ගෙ තාත්තා වගේ ඉදියිද දන්නෑ..


    "නාකි කරන කතාවක් නෙමෙයි බං. මට තේරෙන විදියට, මං දන්න විදියට අපේ අයියගෙ හිතේ තියෙන්නෙ පිණිමුතු කියලා ගෑනු ළමයෙක් ගැන.. එහෙම උනොත් නෙත්මි අනාත වෙනවා චාමික.."


    "මොන ගෑනු ළමයා ගැනද..?"


    "පිණිමුතු කියලා බං.."


    "යකෝ ඒක මහ අප්සට් නමක්නේ ලොකු පුතේ.."


    "ඒවා මේවා මං දන්නෑ බං.. අපි දාපු නමක් නෙමෙයිනේ.."


    "එහෙනම් ඉතිං රසික අයියා උන් දෙන්නගෙන් එක්කෙනෙක් තොරගනියි.. අපි පැත්තකට වෙලා බලන් ඉදිමු බං ලොකු පුතේ.."


    මොනව උනත් චාමිකගෙ කතාව ඇත්ත කියලා මට අන්තිමට හිතුණා..



    Mathusambandai.gif

     
    • Like
    Reactions: Oshaka