Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ ඒ මගේ මලයි 2 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙත්මි ෆෝන් එක තිබ්බා.. මම මේ හැම දෙයක්ම කරන්නේ, ශලනිව යාලු කරගන්න කියලා නෙත්මි හිතන්නෙ ඇයි..? එයා ඇයි මට ඒ වගේ දේවල් කියන්නේ..? ඇත්තටම මට ඕන ශලනිව යාලු කරගන්නද..? ඔය වගේ ප්‍රශ්න හැට හුටාමාරක් විතර හතර වටේ කැරකෙද්දි මගෙ ඔලුවත්තෙක්ක කැරකෙන්න ගත්තා.. ඇත්තටම ශලනිව යාලු කරගන්න උනක් මට නෑ.. අනික මං එයාව හරියකට දන්නෙවත් නෑ..

"අයියෝ.. කොහෙද බන්ටි ඔයා ගිහින් හිටියේ..?"

ෆෝන් එක තියාල විනාඩියක්වත් ගියේ නෑ.. මෙන්න අක්කා පිටිපස්සෙන් මතුවුණා..

"කොහේවත් නෑ.. මෙහෙම තමයි හිටියේ.."

"අනේ.. මගේ යාලුවෙකුට ඔයාව අදුන්වලා දෙන්න හැම තැනකම හෙව්වා.. කෝ ඉතිං ඔයා හිටියෙ නෑනෙ.."

"ආ..පෝ.. ගෑනු යාලුවෙක් නේද..?"

"ඔ..ව්.."

"කොල්ලෙක් නම් කමක් නෑ.. ඔය කෙල්ලො කියන්නෙ හරිම වාත කේස්.. අන්තිමට මගේ කරේ එල්ලෙන්න හදයි.."

"ඔයා හරිම නරකයි බන්ටි.. එයා ඒ වගේ කෙනෙක් නෙමෙයි.. හරිම ඩීසන්ට් ළමයෙක්.. අනික මං හිතන්නෑ එයා ඔයාගෙ කාරේ එල්ලෙයි කියලා.."

"ඒ ඇයි අක්කේ..?"

"එයාගෙ හිතේ කෙනෙක් ඉන්නවා බන්ටි.."

ඒකත් එහෙමද..? අම්මපා කවුද දන්නෑ ඒ හිතේ ඉන්නේ.. අහන්න ආසයි අපිටත් කියන්න.. ඒත් මං කිව්වෙ වෙනිං එකක්.. තවත් නෙත්මි ගැන කතා කරන්න ගියොත් බන්ටිව අහුවෙනවා..

"කෙනෙක් බැරිනම් දෙන්නෙක් හිටපුවාවේ.. ඒක නෙමෙයි අක්කේ.. මොකද අම්මා මේ දවස්වල වැඩි කතාබහක් නැත්තේ.. මං එක්ක කෙසේ වෙතත් තාත්තා එක්කවත් කතා කරන්නෑනේ.. මොකක් නමුත් කුණු වලියක්ද..?"

"මටත් තේරෙන්නෑ බන්ටි.. හැබැයි මේ ගෙදර හරි ප්‍රශ්නයක් තියෙනවා.. ඒ ප්‍රශ්නෙ මොකක්ද කියලයි මට තේරෙන්නැත්තේ.."

"අක්කා හිතන්නෙ අම්මගෙයි, තාත්තගෙයි ප්‍රශ්නයක් කියලද.? නැත්නම් අම්මගෙ ඔෆිස් එකේ කේස් එකක් කියලද..?"

"මංදා බන්ටි.."

අක්කා එතනින් එහාට මුකුත් කිව්වෙ නෑ.. සමහර විට ඇත්තටම එයා ඒ ගැන දන්නෙ නැතුවත් ඇති.. දන්නැතුව මෙලෝ දෙයක් කියන්න බෑනේ.. හැබැයි ඉතිං බන්ටිට නම් හිතුණෙ මොකක් නමුත් ප්‍රශ්නයක් අත ළග කියලා.. අයියා උනත් ගෙදරට ආවෙ වෙනදට වැඩිය රෑ වෙලා.. අර වෙනදා ගෙදර තිබ්බ සාමකාමී වාතාවරණයයි, කට්ටිය අතරෙ තිබ්බ බැදීමයි ටිකෙන් ටික අඩුවෙලා කියලා, මට කියලා දෙන්න කවුරුත් ඕන උනේ නෑ..

පහුවෙනිදා උදේ විධායක ශ්‍රේණියෙ කට්ටිය ගෙදරින් පිට වෙනකල් ඉදලා මං චැලිය ස්ටාර්ට් කර ගත්තා..

"මහත්තයා.. හදිසි ගමනක්ද..?"

කාට හොරෙන් ගෙදරින් පැන්නත් මට බේබි නැන්දගෙ ඇස් වහන්න බැරි උනා.. අම්මපා අපේ බේබි නැන්දත්, මොරීන් අක්කා වගේම තමයි.. ඇස් දෙකේ බයිනෝ කියුලර් දෙක්කද කොහෙද එල්ලන් ඉන්නේ.. අඩු ගානේ ක්ෂුද්‍ර ජීවියෙකුටවත් ඒ ප්‍රෙද්ශය හරහා යන්න බෑ.. ඉතිං කොහොමද බන්ටි යන්නේ..?

"ටිකක් හදිසි ගමනක් බේබි නැන්දේ.."

"මට කියලා යන්න බැරි ගමනක්ද..?"

"ම්.. එහෙමත් නෑ.. අපේ බින්දුගෙ ගර්ල් මගෙන් උදව්වක් ඉල්ලුවා.. ඒ වැඩේට තමයි මේ ය්නනේ.."

"හවස් වෙන්න කලින් එනවනේ බන්ටි මහත්තයා.."

"ඇ.. ඇයි බේබි නැන්දේ.. ඔයාට මාළිගාවටවත් යන්න ඕනද..? ප්‍රශ්නයක් නෑ.. මං එක්ක යන්නම්.."

"නෑ.. නෑ.. එහෙම දෙයක් නෙමෙයි.. ලොකු නෝනා මේ දවස්වල ඉන්නෙ කේන්තියෙන්.. මට බයයි ඒ කේන්තිය බන්ටි මහත්තයගෙ පිටින් යවයි කියලා.."

"මගේ පිටින්.. මං මොන වැරැද්දක් කරාටද..?"

"ඕකනේ මහත්තයට මුකුත් කියන්න බැරි.. නිකං කලබල වෙනවනේ.. මං මේ අනතුරු ඇගවීමක් කරේ.. මතකනේ කලින් පාරක මල්වත්තෙ හුටපටේ.."

මගේ හිතට එහෙනම් එහෙන් මෙහෙන් දැනිච්ච දේවල් හරි.. මොකක් නමුත් කුණු ගොඩක් ඇදෙන්නයි යන්නේ.. ඔන්න පුතේ.. දැන් නම් බන්ටිට පරිස්සම් වෙන්න වෙනවා.. නැත්නම් ඇඩ්රසුත් නැති වෙන එක බුදු ෂුවර්..

"කමක් නෑ බේබි නැන්දේ.. එක විදියට මං මූණ දෙනවා.. අනික මං වැරැද්දක් කරනවා කියලා මං හිතන්නෑ.. ඔය මගේ වයසෙ අනිත් කොල්ලොන්ගෙන් වගේ මගෙන් මේ ගෙදරට වරදක් නෑනේ.. මං අරක්කු, සිගරැට් බොන්නෑ.. ගංජා, කුඩු බොන්නෑ.. ජරා ගෑනු පස්සෙ යන්නෑ.. අම්මගෙයි, තාත්තගෙයි සල්ලි නාස්ති කරලා කැසිනෝ ගහලා නෑ.. ක්ලබ් යන්නෑ.. මං මගේ පාඩුවෙනේ මේ ගෙදර ඇතුළෙ ඉන්නේ.. ඉතිං මට තේරෙන්නෑ මේ ගෙදර මිනිස්සුන්ට මගෙන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා.."

මං කියවන් ගියපු දේට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. එයාගෙ මුළු මූණම පිරිලා තිබ්බෙ, අර කලින් දවසක මං දැකපු මහා දුකකින්..

"මං මහත්තයගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.."

"ඒ මොකක්ද බේබි නැන්දේ..?"

"ලොකු නෝනා මොනවා කියාගෙන ආවත්, එකටෙක කියන්න යන්නෙපා.. මහත්තයා කිසිම දෙයක් නොකියා පාඩුවෙ ඉන්න.. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙන්නෑ.."

"බේබි නැන්දා මොනවා ගැනද ඔය කියන්නේ..? ඔය කියන විදියෙ ලොකු ප්‍රශ්නෙ මොකක්ද..?"

"ප්‍රශ්න මුකුත් නෑ මහත්තයෝ.. මං කිව්වෙ ඒ වගේ දෙයක් උනොත් කියලා.. මහත්තයා පැටලෙන්න යන්නෙපා.."

"අම්මට උනත් කෑගහන්න පුළුවන් මං වැරැදි දෙයක් කලොත් නේ..බේබි නැන්ද ාකියනවා වගේ මං ලෙඩක් දාන්නැතුව ඉන්නම්.. එතකොට හරිනේ.."

"මගේ හොද බන්ටි මහ්තතයා.. එහෙනම් බුදු සරණනින් ඔය යන ගමන ගිහිල්ලා ඉක්මනට ගෙදර එන්න.."

කලින් චැලිය ස්ටාර්ට් කරගත්තත්, මේ වෙද්දි ඇන්ජිම නැවතිලා තිබුණා.. ඒ හින්දා මං ආයෙත් ස්ටාර්ට් කරගත්තා.. වැව රවුම වටේ ටිකක් දුර එද්දිත් මගේ ඔලුව පුරාම කර කැවුනෙ බේබි නැන්දා කියපු දේවල්.. ටිකක් දුර කල්පනා කරගෙන යනකොට මට තේරුණා බේබි නැන්දා මගෙන් මොනවා හරි හංගනවා කියලා.. ඒත් ඒ හංගන්නෙ මොනවද, ඇයි මගෙන් මොනවා හරි හංගන්නෙ කියලා පැහැදිලි අදහසක් මට තිබ්බෙ නෑ.. එක්කො මොකාක් හරි ලොකු දෙයක් අම්මයි, බේබි නැන්දයි අතරෙ තියෙනවා.. දැන් ඒක ටිකක් එළියට ඇවිල්ල වත්දෝ කියලත් මට නිකමට වගේ හිතුණා..

"ර.. න්.. දි.. ක.."

කල්පනාවෙන් කල්පනාවෙන්, මං ජෝයි බෝට් යාඩ් එකත් පහු කරන් ටික දුරක් ගිහින් තිබුණා.. ලොකු ලේන්සුවක් අතේ තියාගෙන එහෙට මෙහෙට වනන නෙත්මිව මං දැක්කෙ ටිකක් වෙලා ගියාට පස්සේ.. යූ ටර්න් එකක් දාලා මං චැලිය අරගෙන ගිහින් නෙත්මි ගාවින්ම නැවැත්තුවා..

"ශලනි හම්බවෙන්නෙ යන්නෙ මගෙත් එක්ක නෙමෙයිද..?"

ඒ මුළු මූණෙම පිරිලා තිබුණෙ හරිම ලස්සන හිනාවක්.. මුළු ලෝකෙම අතට ගත්තු කෙනෙක්ගෙ ආඩම්බරේ වගේ දෙයක් හරි අපූරුවට ඒ හිනාවට එක්කහු වෙලා තිබුණා.. හැබැයි ඒ ඇස් දෙක නම් මට කිව්වෙ වෙනින්ම කතාවක්.. ඔක්කොම කතන්දර පැත්තකින් තියලා ඒ ඇස් දෙකේ කතාව හොයන්නත් මට ඒ වෙලාවෙ හිතුණා..

"ඇයි එහෙම ඇහුවේ..?"

"නෑ ඉතිං.. මං මෙතන ඉන්නවා දැක දැකත් අහක බලාගෙන ගියේ.. වෙන කෙනෙක් එක්ක යන්න වෙන්නැතිනේ.."

"මං එහෙම කවුරුත් එක්ක යන්නෑ.. මං යන්නෙ ඔයත්තෙක්ක තේරුණාද..?"

නෙත්මිගෙ ඔලුවට හිමින් සීරුවෙ ටොක්කක් අනින ගමන් මං කිව්වා.. දිගට දිග කොන්ඩ ගස් ටිකක් ඉස්සරහට ඇවිල්ලා, ඒ මූණට ගෙනාවෙ පුදුම තරම් සුන්දරකමක්.. මොකක්දෝ හිතාගන්න බැරි ලොකු පිං පාටක් නෙත්මිගෙ මූණෙ මතුවෙලා තිබුණා..

"මොනවද බලන්නේ..?"

"මු.. මුකුත් නෑ.."

"නැත්තං කමක් නෑ.. හැබැයි ශලනි දිහා ඔහොම බලලා අහුවුනොත්..?"

චැලියෙ පිටිපස්සෙන් නගින ගමන් නෙත්මි මගේ උරහිසට බරවුණා..

"ඔව්.. අහුවුණොත්..?"

"ආයෙ දෙක්ක නෑ.. මං ඔයාව මරණවා.."

"ඇයි ඒ..?"

"නිකං.."

ඒක මහ පුදුම කතාවක්නේ.. නිකං මිනිස්සු මරන්නෙ මොන රටේද අප්පා.. එතකොට බන්ටිටත් වෙන්නේ, ඇඩ්රස් නැතුව මිහිදන් වෙන්නද..? මං යාන්තමට හැරිලා නෙත්මි දිහා බැලුවා.. ඒ මූණෙ තිබ්බෙ පිපෙන්න ඔන්න මෙන්න කිට්ටු කරලා තිබ්බ හිනා ඇබි්තතක්..

"ඇයි බයවුණාද..?"

"හ්ම්.. මාව මරනවා කිව්වනේ.."

මං කිව්ව දේට එයාට එක පාරටම එයාට හිනාවක් ගියා.. ඒ හිනාවෙන්ම නෙත්මි මගේ උරහිස් දෙක තද කරගත්තා..

"නෙත්මි.."

"ම්.."

"ඔයයි, මමයි මෙහෙම යනවා කවුරු හරි දැක්කොත්..?"

"කවුරු හරි කිව්වේ..?"

"ඔයාගෙ ගෙදරින්..?"

"ගෙදරින් ප්‍රශ්නයක් නෑ රන්දික.. එයාලා මගේ ගැන දන්නවා.. ඔයාට මතකද අපි දෙන්නා අර මුලින්ම ටොරින්ටන් පාක් එකේදි රණ්ඩු වුණ වෙලාවේ, මට ඩිංගක් එහායින් හිටපු මල්ලිලා ටික.."

චිත්‍රපටියක දර්ශන පෙලක් වගේ මගේ හිතට ඒ හැම සිදුවීමක්ම එකින් එක ගලා ආවා.. ඒ සිදුවීමයි, අද මේ සිද්ධවෙන දේවලුයි කොයි තරම් වෙනස්ද..? එදා මායි, නෙත්මියි කා කොටා ගත්තෙ පරණ තරහාකාරයො දෙන්නෙක් වගේ..

"අන්න එයාලා අදටත් අපේ ගෙදර එනවා.. අම්මලා ඉතිං දන්නවා මට, වැඩිය ඉන්නෙත් පිරිමි යාලුවො කියලා.."

"ඒක නම් ඉතිං ඇත්ත තමයි.. අර නලින්දව කරේනේ තියන් හිටියේ.."

"මොකක්ද කිව්වේ..?"

"මොකක්ද තමයි.. බලන්න එපැයි ඒ දවස්වල මෙයාගෙ තිබ්බ ගණන්.. අපේ නලින්දට මොනවා හරි කරලා තිබුණොත් බලාගන්නම්.. අරකයි, මේකයි.."

"ඉතිං ඔයත් එහෙමනේ.."

"මම.. මම කොහොමද එහෙම වෙන්නේ..?"

ගැටඹෙ පන්සලට මෙහායින් චැලිය නවත්තලා මං නෙත්මිගෙන් ඇහුවා..

"ඇයි ඔයත් හිටියෙ නිරෝෂිව කරේ තියාගෙන නේ.."

මේක නම් නියම කටු අත්තක් තමයි.. ගෑවුණොත් ඇති.. තුවාල වෙලා ලේ ගලනකල්ම පැටලෙනවා..

"නිරෝෂි කරේ තියාගෙන හිටියෙ බින්දුනේ.."

"එහෙනම් ඔයා තියාගෙන ඉන්න ඇත්තෙ ඔලුව උඩ.."

"කාවද..?"

"නිරෝෂිව.."

"ඇයි මම නිරෝෂිව ඔලුව උඩ තියන් ඉන්නේ..?"

"ඒක ඉතිං බලන් ඉන්න ඕන කෙනෙකුට පේනවා.."

"මොනවද බලන් ඉන්න ඕන කෙනෙකුට පේන්නේ..?"

"ඔයා නිරෝෂිව ඔලුව උඩ තියන් ඉන්න හැටි.."

මට බකස් ගාලා හිනාවක් ගියා.. මේ කෙල්ල එක්ක නම් කතා කරලා බේරෙන්න බෑ.. තවත් මේ ගැන කතා කරන්න ගියොත් මට පිස්සු හැදිලයි නතර වෙන්නේ.. ශලනිව හම්බවෙන්න යන්න ලොකු ඕනකමක් තිබුණත් මට මේ කතාව මග නවත්තලා දාන්න හිතුණෙ නෑ.. හිත, හිතනවටත් වැඩිය ගතියක් මේ කතාව ඇතුළෙ තියෙනවා..

"එහෙනම් ඉතිං බලන් ඉන්න අයට තව දේවලුත් පේන්න ඕනනේ.."

"ඒ මොනවද..?"

"ඔයා නලින්දව බෙල්ලෙ එල්ලන් ඉන්න හැටි.."

"නරකයා.. ඔයා මොනවද ඔය කියවන්නේ.. මං කවදද නලින්දව බෙල්ලෙ එල්ලන් හිටියේ..? ඔයානේ දැනුත් මේ නිරෝෂිට උදව්ක රන්න යන්නේ..? අනික බින්දු ඉද්දි ඇයි මේ ප්‍රශ්නෙ කියන්න, නිරෝෂි ඔයාවම තෝර ගත්තේ..? එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් බින්දු නම්, එයාට උදව් කරන්න ඕන බින්දුනේ.. මේ පැත්තක ඉන්න රන්දිකව ඇයි ගාවගත්තේ..?"

කෙල්ල අහපු දේට දෙන්න තරම් හොද උත්තරයක් මං ගාව තිබුණෙ නෑ.. එයා අහපු දේත් ඇත්ත.. බින්දුත් ළග ඉද්දි ඇයි නිරෝෂි මටම මේක කිව්වේ..? ඒ වෙලාවෙ නොහිතුණු හුගාක් දේවල් මේ වෙලාවෙ මට හිතෙන්න ග්තතා..

"ආ.. මට කියන්න රන්දික.. ඇයි ඔයා මේ වැඩේ බාරගත්තේ..? ඔයා කැමති නිරෝෂිටද..? ශලනිටද..?"

මුලින් මොනවා කිව්වත් දැන් අහපු ප්‍රශ්නෙ නම් මේ කේලල ඇහුවෙ ඇත්තටම කියලා මට තේරුණා.. ඒ ඇස් දෙක මට නොකියා කිව්වෙ කෙලින් උත්තරයක් මට දීපං කියලා..

"වැඩේ බාරගත්තෙ නම් බින්දු හින්දා.."

"මට ඒක කීයටවත් පිළිගන්න බෑ රන්දික.. හරි.. කමක් නෑ.. මගේ ඊළග ප්‍රශ්නෙට උත්තරේ..?"

"මොකක්ද..?"

"ඔයා හුගක් කැමති නිරෝෂිටද..? ශලනිටද..?"

"මං ඇත්තම කියන්නද..?"

"කියන්න.. මං අහගෙන ඉන්නේ.."

"ඔයා මුකුත්ම හිතන්නෙ නෑ නේද..?"

"කිසිම දෙයක් හිතන්නෑ.."

"මං.. මං හුගාක්.. හුගාක් කැමති.."

"ඔව්.."

"ඔයාට.."

කෙල්ලගෙ මුණ ජම්බු ගෙඩියක් වගේ රෝස පාට වෙන හැටි මං දැක්කා.. කොහෙන්දෝ ඉදලා ආව ලොකු ලැජ්ජාවකින් ඒ සුදු මූණ වැහිලා ගියා.. බලන් ගියාම කෙල්ලට ලැජ්ජාවත් ඇති පදමට තියෙනවා..

"අ.. අපි යමු රන්දික.."

"දැන් ඉතිං සනීපද..?"

"මොනාටද..?"

"ඇයි ඉතිං මගෙන් අහගත්තනේ.. කැමති කාටද කියලා.."

නෙත්මි කිසිම දෙයක් නොකියා සීට් එකේ ආයෙ හරිබරි ගැහුණා.. මටත් වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ.. චැලිය ස්ටාර්ට් කරනවා මිසක..

"ඔතනින් පල්ලෙහාට දාන්න.."

පන්සල ළග ඉදන් ටිකක් දුර එනකන් නෙත්මියි, මගෙයි අතරෙ කතාබහක් වුණේ නෑ.. මොකක්දෝ පුංචි දෙයක් අපි දේනනා අතර මැද්දට ඇවිත් කියලා මට හිතුණා..

[QUOTE="crazybuddy, post: 12496553, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මි ෆෝන් එක තිබ්බා.. මම මේ හැම දෙයක්ම කරන්නේ, ශලනිව යාලු කරගන්න කියලා නෙත්මි හිතන්නෙ ඇයි..? එයා ඇයි මට ඒ වගේ දේවල් කියන්නේ..? ඇත්තටම මට ඕන ශලනිව යාලු කරගන්නද..? ඔය වගේ ප්‍රශ්න හැට හුටාමාරක් විතර හතර වටේ කැරකෙද්දි මගෙ ඔලුවත්තෙක්ක කැරකෙන්න ගත්තා.. ඇත්තටම ශලනිව යාලු කරගන්න උනක් මට නෑ.. අනික මං එයාව හරියකට දන්නෙවත් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අයියෝ.. කොහෙද බන්ටි ඔයා ගිහින් හිටියේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෆෝන් එක තියාල විනාඩියක්වත් ගියේ නෑ.. මෙන්න අක්කා පිටිපස්සෙන් මතුවුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොහේවත් නෑ.. මෙහෙම තමයි හිටියේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ.. මගේ යාලුවෙකුට ඔයාව අදුන්වලා දෙන්න හැම තැනකම හෙව්වා.. කෝ ඉතිං ඔයා හිටියෙ නෑනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ..පෝ.. ගෑනු යාලුවෙක් නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔ..ව්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොල්ලෙක් නම් කමක් නෑ.. ඔය කෙල්ලො කියන්නෙ හරිම වාත කේස්.. අන්තිමට මගේ කරේ එල්ලෙන්න හදයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා හරිම නරකයි බන්ටි.. එයා ඒ වගේ කෙනෙක් නෙමෙයි.. හරිම ඩීසන්ට් ළමයෙක්.. අනික මං හිතන්නෑ එයා ඔයාගෙ කාරේ එල්ලෙයි කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ ඇයි අක්කේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එයාගෙ හිතේ කෙනෙක් ඉන්නවා බන්ටි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකත් එහෙමද..? අම්මපා කවුද දන්නෑ ඒ හිතේ ඉන්නේ.. අහන්න ආසයි අපිටත් කියන්න.. ඒත් මං කිව්වෙ වෙනිං එකක්.. තවත් නෙත්මි ගැන කතා කරන්න ගියොත් බන්ටිව අහුවෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කෙනෙක් බැරිනම් දෙන්නෙක් හිටපුවාවේ.. ඒක නෙමෙයි අක්කේ.. මොකද අම්මා මේ දවස්වල වැඩි කතාබහක් නැත්තේ.. මං එක්ක කෙසේ වෙතත් තාත්තා එක්කවත් කතා කරන්නෑනේ.. මොකක් නමුත් කුණු වලියක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මටත් තේරෙන්නෑ බන්ටි.. හැබැයි මේ ගෙදර හරි ප්‍රශ්නයක් තියෙනවා.. ඒ ප්‍රශ්නෙ මොකක්ද කියලයි මට තේරෙන්නැත්තේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අක්කා හිතන්නෙ අම්මගෙයි, තාත්තගෙයි ප්‍රශ්නයක් කියලද.? නැත්නම් අම්මගෙ ඔෆිස් එකේ කේස් එකක් කියලද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මංදා බන්ටි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා එතනින් එහාට මුකුත් කිව්වෙ නෑ.. සමහර විට ඇත්තටම එයා ඒ ගැන දන්නෙ නැතුවත් ඇති.. දන්නැතුව මෙලෝ දෙයක් කියන්න බෑනේ.. හැබැයි ඉතිං බන්ටිට නම් හිතුණෙ මොකක් නමුත් ප්‍රශ්නයක් අත ළග කියලා.. අයියා උනත් ගෙදරට ආවෙ වෙනදට වැඩිය රෑ වෙලා.. අර වෙනදා ගෙදර තිබ්බ සාමකාමී වාතාවරණයයි, කට්ටිය අතරෙ තිබ්බ බැදීමයි ටිකෙන් ටික අඩුවෙලා කියලා, මට කියලා දෙන්න කවුරුත් ඕන උනේ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පහුවෙනිදා උදේ විධායක ශ්‍රේණියෙ කට්ටිය ගෙදරින් පිට වෙනකල් ඉදලා මං චැලිය ස්ටාර්ට් කර ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මහත්තයා.. හදිසි ගමනක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාට හොරෙන් ගෙදරින් පැන්නත් මට බේබි නැන්දගෙ ඇස් වහන්න බැරි උනා.. අම්මපා අපේ බේබි නැන්දත්, මොරීන් අක්කා වගේම තමයි.. ඇස් දෙකේ බයිනෝ කියුලර් දෙක්කද කොහෙද එල්ලන් ඉන්නේ.. අඩු ගානේ ක්ෂුද්‍ර ජීවියෙකුටවත් ඒ ප්‍රෙද්ශය හරහා යන්න බෑ.. ඉතිං කොහොමද බන්ටි යන්නේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ටිකක් හදිසි ගමනක් බේබි නැන්දේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට කියලා යන්න බැරි ගමනක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම්.. එහෙමත් නෑ.. අපේ බින්දුගෙ ගර්ල් මගෙන් උදව්වක් ඉල්ලුවා.. ඒ වැඩේට තමයි මේ ය්නනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හවස් වෙන්න කලින් එනවනේ බන්ටි මහත්තයා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇ.. ඇයි බේබි නැන්දේ.. ඔයාට මාළිගාවටවත් යන්න ඕනද..? ප්‍රශ්නයක් නෑ.. මං එක්ක යන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. නෑ.. එහෙම දෙයක් නෙමෙයි.. ලොකු නෝනා මේ දවස්වල ඉන්නෙ කේන්තියෙන්.. මට බයයි ඒ කේන්තිය බන්ටි මහත්තයගෙ පිටින් යවයි කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මගේ පිටින්.. මං මොන වැරැද්දක් කරාටද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඕකනේ මහත්තයට මුකුත් කියන්න බැරි.. නිකං කලබල වෙනවනේ.. මං මේ අනතුරු ඇගවීමක් කරේ.. මතකනේ කලින් පාරක මල්වත්තෙ හුටපටේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ හිතට එහෙනම් එහෙන් මෙහෙන් දැනිච්ච දේවල් හරි.. මොකක් නමුත් කුණු ගොඩක් ඇදෙන්නයි යන්නේ.. ඔන්න පුතේ.. දැන් නම් බන්ටිට පරිස්සම් වෙන්න වෙනවා.. නැත්නම් ඇඩ්රසුත් නැති වෙන එක බුදු ෂුවර්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කමක් නෑ බේබි නැන්දේ.. එක විදියට මං මූණ දෙනවා.. අනික මං වැරැද්දක් කරනවා කියලා මං හිතන්නෑ.. ඔය මගේ වයසෙ අනිත් කොල්ලොන්ගෙන් වගේ මගෙන් මේ ගෙදරට වරදක් නෑනේ.. මං අරක්කු, සිගරැට් බොන්නෑ.. ගංජා, කුඩු බොන්නෑ.. ජරා ගෑනු පස්සෙ යන්නෑ.. අම්මගෙයි, තාත්තගෙයි සල්ලි නාස්ති කරලා කැසිනෝ ගහලා නෑ.. ක්ලබ් යන්නෑ.. මං මගේ පාඩුවෙනේ මේ ගෙදර ඇතුළෙ ඉන්නේ.. ඉතිං මට තේරෙන්නෑ මේ ගෙදර මිනිස්සුන්ට මගෙන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කියවන් ගියපු දේට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. එයාගෙ මුළු මූණම පිරිලා තිබ්බෙ, අර කලින් දවසක මං දැකපු මහා දුකකින්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං මහත්තයගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ මොකක්ද බේබි නැන්දේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ලොකු නෝනා මොනවා කියාගෙන ආවත්, එකටෙක කියන්න යන්නෙපා.. මහත්තයා කිසිම දෙයක් නොකියා පාඩුවෙ ඉන්න.. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බේබි නැන්දා මොනවා ගැනද ඔය කියන්නේ..? ඔය කියන විදියෙ ලොකු ප්‍රශ්නෙ මොකක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ප්‍රශ්න මුකුත් නෑ මහත්තයෝ.. මං කිව්වෙ ඒ වගේ දෙයක් උනොත් කියලා.. මහත්තයා පැටලෙන්න යන්නෙපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අම්මට උනත් කෑගහන්න පුළුවන් මං වැරැදි දෙයක් කලොත් නේ..බේබි නැන්ද ාකියනවා වගේ මං ලෙඩක් දාන්නැතුව ඉන්නම්.. එතකොට හරිනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මගේ හොද බන්ටි මහ්තතයා.. එහෙනම් බුදු සරණනින් ඔය යන ගමන ගිහිල්ලා ඉක්මනට ගෙදර එන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලින් චැලිය ස්ටාර්ට් කරගත්තත්, මේ වෙද්දි ඇන්ජිම නැවතිලා තිබුණා.. ඒ හින්දා මං ආයෙත් ස්ටාර්ට් කරගත්තා.. වැව රවුම වටේ ටිකක් දුර එද්දිත් මගේ ඔලුව පුරාම කර කැවුනෙ බේබි නැන්දා කියපු දේවල්.. ටිකක් දුර කල්පනා කරගෙන යනකොට මට තේරුණා බේබි නැන්දා මගෙන් මොනවා හරි හංගනවා කියලා.. ඒත් ඒ හංගන්නෙ මොනවද, ඇයි මගෙන් මොනවා හරි හංගන්නෙ කියලා පැහැදිලි අදහසක් මට තිබ්බෙ නෑ.. එක්කො මොකාක් හරි ලොකු දෙයක් අම්මයි, බේබි නැන්දයි අතරෙ තියෙනවා.. දැන් ඒක ටිකක් එළියට ඇවිල්ල වත්දෝ කියලත් මට නිකමට වගේ හිතුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ර.. න්.. දි.. ක.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කල්පනාවෙන් කල්පනාවෙන්, මං ජෝයි බෝට් යාඩ් එකත් පහු කරන් ටික දුරක් ගිහින් තිබුණා.. ලොකු ලේන්සුවක් අතේ තියාගෙන එහෙට මෙහෙට වනන නෙත්මිව මං දැක්කෙ ටිකක් වෙලා ගියාට පස්සේ.. යූ ටර්න් එකක් දාලා මං චැලිය අරගෙන ගිහින් නෙත්මි ගාවින්ම නැවැත්තුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ශලනි හම්බවෙන්නෙ යන්නෙ මගෙත් එක්ක නෙමෙයිද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ මුළු මූණෙම පිරිලා තිබුණෙ හරිම ලස්සන හිනාවක්.. මුළු ලෝකෙම අතට ගත්තු කෙනෙක්ගෙ ආඩම්බරේ වගේ දෙයක් හරි අපූරුවට ඒ හිනාවට එක්කහු වෙලා තිබුණා.. හැබැයි ඒ ඇස් දෙක නම් මට කිව්වෙ වෙනින්ම කතාවක්.. ඔක්කොම කතන්දර පැත්තකින් තියලා ඒ ඇස් දෙකේ කතාව හොයන්නත් මට ඒ වෙලාවෙ හිතුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි එහෙම ඇහුවේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ ඉතිං.. මං මෙතන ඉන්නවා දැක දැකත් අහක බලාගෙන ගියේ.. වෙන කෙනෙක් එක්ක යන්න වෙන්නැතිනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං එහෙම කවුරුත් එක්ක යන්නෑ.. මං යන්නෙ ඔයත්තෙක්ක තේරුණාද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මිගෙ ඔලුවට හිමින් සීරුවෙ ටොක්කක් අනින ගමන් මං කිව්වා.. දිගට දිග කොන්ඩ ගස් ටිකක් ඉස්සරහට ඇවිල්ලා, ඒ මූණට ගෙනාවෙ පුදුම තරම් සුන්දරකමක්.. මොකක්දෝ හිතාගන්න බැරි ලොකු පිං පාටක් නෙත්මිගෙ මූණෙ මතුවෙලා තිබුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවද බලන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මු.. මුකුත් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නැත්තං කමක් නෑ.. හැබැයි ශලනි දිහා ඔහොම බලලා අහුවුනොත්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චැලියෙ පිටිපස්සෙන් නගින ගමන් නෙත්මි මගේ උරහිසට බරවුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. අහුවුණොත්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආයෙ දෙක්ක නෑ.. මං ඔයාව මරණවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි ඒ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නිකං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක මහ පුදුම කතාවක්නේ.. නිකං මිනිස්සු මරන්නෙ මොන රටේද අප්පා.. එතකොට බන්ටිටත් වෙන්නේ, ඇඩ්රස් නැතුව මිහිදන් වෙන්නද..? මං යාන්තමට හැරිලා නෙත්මි දිහා බැලුවා.. ඒ මූණෙ තිබ්බෙ පිපෙන්න ඔන්න මෙන්න කිට්ටු කරලා තිබ්බ හිනා ඇබි්තතක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි බයවුණාද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හ්ම්.. මාව මරනවා කිව්වනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කිව්ව දේට එයාට එක පාරටම එයාට හිනාවක් ගියා.. ඒ හිනාවෙන්ම නෙත්මි මගේ උරහිස් දෙක තද කරගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෙත්මි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයයි, මමයි මෙහෙම යනවා කවුරු හරි දැක්කොත්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුරු හරි කිව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාගෙ ගෙදරින්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ගෙදරින් ප්‍රශ්නයක් නෑ රන්දික.. එයාලා මගේ ගැන දන්නවා.. ඔයාට මතකද අපි දෙන්නා අර මුලින්ම ටොරින්ටන් පාක් එකේදි රණ්ඩු වුණ වෙලාවේ, මට ඩිංගක් එහායින් හිටපු මල්ලිලා ටික.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චිත්‍රපටියක දර්ශන පෙලක් වගේ මගේ හිතට ඒ හැම සිදුවීමක්ම එකින් එක ගලා ආවා.. ඒ සිදුවීමයි, අද මේ සිද්ධවෙන දේවලුයි කොයි තරම් වෙනස්ද..? එදා මායි, නෙත්මියි කා කොටා ගත්තෙ පරණ තරහාකාරයො දෙන්නෙක් වගේ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අන්න එයාලා අදටත් අපේ ගෙදර එනවා.. අම්මලා ඉතිං දන්නවා මට, වැඩිය ඉන්නෙත් පිරිමි යාලුවො කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක නම් ඉතිං ඇත්ත තමයි.. අර නලින්දව කරේනේ තියන් හිටියේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද කිව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද තමයි.. බලන්න එපැයි ඒ දවස්වල මෙයාගෙ තිබ්බ ගණන්.. අපේ නලින්දට මොනවා හරි කරලා තිබුණොත් බලාගන්නම්.. අරකයි, මේකයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04][B]"ඉතිං ඔයත් එහෙමනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මම.. මම කොහොමද එහෙම වෙන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගැටඹෙ පන්සලට මෙහායින් චැලිය නවත්තලා මං නෙත්මිගෙන් ඇහුවා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි ඔයත් හිටියෙ නිරෝෂිව කරේ තියාගෙන නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේක නම් නියම කටු අත්තක් තමයි.. ගෑවුණොත් ඇති.. තුවාල වෙලා ලේ ගලනකල්ම පැටලෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නිරෝෂි කරේ තියාගෙන හිටියෙ බින්දුනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් ඔයා තියාගෙන ඉන්න ඇත්තෙ ඔලුව උඩ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නිරෝෂිව.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි මම නිරෝෂිව ඔලුව උඩ තියන් ඉන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක ඉතිං බලන් ඉන්න ඕන කෙනෙකුට පේනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවද බලන් ඉන්න ඕන කෙනෙකුට පේන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා නිරෝෂිව ඔලුව උඩ තියන් ඉන්න හැටි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට බකස් ගාලා හිනාවක් ගියා.. මේ කෙල්ල එක්ක නම් කතා කරලා බේරෙන්න බෑ.. තවත් මේ ගැන කතා කරන්න ගියොත් මට පිස්සු හැදිලයි නතර වෙන්නේ.. ශලනිව හම්බවෙන්න යන්න ලොකු ඕනකමක් තිබුණත් මට මේ කතාව මග නවත්තලා දාන්න හිතුණෙ නෑ.. හිත, හිතනවටත් වැඩිය ගතියක් මේ කතාව ඇතුළෙ තියෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් ඉතිං බලන් ඉන්න අයට තව දේවලුත් පේන්න ඕනනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ මොනවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා නලින්දව බෙල්ලෙ එල්ලන් ඉන්න හැටි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04][B]"නරකයා.. ඔයා මොනවද ඔය කියවන්නේ.. මං කවදද නලින්දව බෙල්ලෙ එල්ලන් හිටියේ..? ඔයානේ දැනුත් මේ නිරෝෂිට උදව්ක රන්න යන්නේ..? අනික බින්දු ඉද්දි ඇයි මේ ප්‍රශ්නෙ කියන්න, නිරෝෂි ඔයාවම තෝර ගත්තේ..? එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් බින්දු නම්, එයාට උදව් කරන්න ඕන බින්දුනේ.. මේ පැත්තක ඉන්න රන්දිකව ඇයි ගාවගත්තේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙල්ල අහපු දේට දෙන්න තරම් හොද උත්තරයක් මං ගාව තිබුණෙ නෑ.. එයා අහපු දේත් ඇත්ත.. බින්දුත් ළග ඉද්දි ඇයි නිරෝෂි මටම මේක කිව්වේ..? ඒ වෙලාවෙ නොහිතුණු හුගාක් දේවල් මේ වෙලාවෙ මට හිතෙන්න ග්තතා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ.. මට කියන්න රන්දික.. ඇයි ඔයා මේ වැඩේ බාරගත්තේ..? ඔයා කැමති නිරෝෂිටද..? ශලනිටද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මුලින් මොනවා කිව්වත් දැන් අහපු ප්‍රශ්නෙ නම් මේ කේලල ඇහුවෙ ඇත්තටම කියලා මට තේරුණා.. ඒ ඇස් දෙක මට නොකියා කිව්වෙ කෙලින් උත්තරයක් මට දීපං කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වැඩේ බාරගත්තෙ නම් බින්දු හින්දා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට ඒක කීයටවත් පිළිගන්න බෑ රන්දික.. හරි.. කමක් නෑ.. මගේ ඊළග ප්‍රශ්නෙට උත්තරේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා හුගක් කැමති නිරෝෂිටද..? ශලනිටද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ඇත්තම කියන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියන්න.. මං අහගෙන ඉන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මුකුත්ම හිතන්නෙ නෑ නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කිසිම දෙයක් හිතන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං.. මං හුගාක්.. හුගාක් කැමති.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙල්ලගෙ මුණ ජම්බු ගෙඩියක් වගේ රෝස පාට වෙන හැටි මං දැක්කා.. කොහෙන්දෝ ඉදලා ආව ලොකු ලැජ්ජාවකින් ඒ සුදු මූණ වැහිලා ගියා.. බලන් ගියාම කෙල්ලට ලැජ්ජාවත් ඇති පදමට තියෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අපි යමු රන්දික.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් ඉතිං සනීපද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනාටද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි ඉතිං මගෙන් අහගත්තනේ.. කැමති කාටද කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මි කිසිම දෙයක් නොකියා සීට් එකේ ආයෙ හරිබරි ගැහුණා.. මටත් වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ.. චැලිය ස්ටාර්ට් කරනවා මිසක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔතනින් පල්ලෙහාට දාන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පන්සල ළග ඉදන් ටිකක් දුර එනකන් නෙත්මියි, මගෙයි අතරෙ කතාබහක් වුණේ නෑ.. මොකක්දෝ පුංචි දෙයක් අපි දේනනා අතර මැද්දට ඇවිත් කියලා මට හිතුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom