Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙයි චමිලගෙයි ගමන කොයි තරම් ඉක්මන්ද කියනව නම් බණ්ඩයියා ගෙදර ඇවිල්ලා නාගෙනත් ඉවරයි.. තාත්තා ඉන්නවද කියලා වටපිට බලලා පේන්න නැති නිසා මං තත්පරේට දෙකට කාමරේට පැන්නා..

"දෙයියනේ.. මේ අපි ගිනි පත්තුවෙලා උන්නෙ.. බේබිලා මෙච්චර වෙලා මකං කෙරුවද..?"

"අපි කිව්වෙ බණ්ඩයියෙ..? තාත්තා ගෙදර ඉන්නවද..?"

උත්තර දෙන එක පැත්තක තියලා මං තව ප්‍රශ්නයක් ඇහුවා.. එයා ගෙදරනං ඉතිං දැන් ඇවිත් ජාතිය අමතයි..

"බේබිලා බය වෙන්න කාරි නෑ.. ලොකු මහත්තය කොහෙද ගිහින්.. බැහෑට මොකෝ බේබි පරක්කු උනේ..?"

අම්මේ.. ඇති යන්තං.. දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ..

"බයික් එකේ පැච් එකක් ගියානෙ බණ්ඩයියෙ.. ඒක දාන්න ගිහින් පරක්කු උනා.."

වට පිට පේන මානයක චමිලයවත් හිටියෙ නැති නිසා මං කටට ආපු එක කියලා දැම්මා..

"ඔබ බොරු මට කිව්වට කාරි නෑ.. ලොකු මහත්තයට එහෙම කියන්නෙපා ඕං.."

පුංචි කාලෙ ඉදලා වාම අතපත ගාලා හදපු බණ්ඩයියා මං බොරු කියද්දි ලේසියෙන්ම දැන ගන්නවා.. ඒත් එයා දන්න බව ඇගෙව්වට කවදාවත් ඇත්ත මොකක්ද කියලා හාර හාර අහන්නෙ නෑ..

මමයි චමිලයි දෙන්නත් ඉක්මනට නාලා කාලා අපේ ඇදුම් අස්කරගත්තා ගෙනියන්න.. අද රෑ ඉදල අපි ඉන්නෙ "සෙවන" කියලා අදුන්වන අපෙ තාත්තගෙ අනිත් ගෙදර.. ගෙයක් කියලා කිව්වට ඒක සොබා දහම අගය කරන හෝටල් වල තියන කොටේජ් එකක් වගේ.. ඒක ශ්‍රී ලංකාවෙ කොළඹ පැත්තෙ තියෙනවා කියලා හිතන්නවත් අමාරු සුන්දර බිම් කඩක්.. ඇත්තටම ඒක ඇතුළට ගියාම ඒ සී රූම් එකකවත් දැනෙන්නෙ නැති සීතල ගතියක් දැනෙනවා..

අක්කර එක හමාරක වත්ත ඇතුලෙ ගලාගනෙ යන විදියට කෘතීමව හදපු දිය පාරෙ තමයි වැඩිපුර ගතිය තියෙන්නෙ.. ගෙයි බිත්ති හදලා තියෙන්නෙ මැටියි ලී කොටයි පාවිච්චි කරලා..

චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච අපේ තාත්තා මේ ගේ පාවිච්චි කලේ දුර පළාත්වල ඉදලා ෂූටින් එන නළු නිළියන්ට නවාතැන් ගන්න.. අපේ ගෙදර ඉදලා 'සෙවන'ට ඒ තරම් ලොකු දුරක් නෑ.. ඒ උනාට විශේෂ හේතු කීපයක් හින්දා මගේ යාළුවො දෙන්නෙකුයි බණ්ඩයියයි එක්ක එහෙ නතර වෙන්න මං තීරණය කලා..

ඉස්කෝලෙ යන දවසවල ඉදලා මගේ ළගම හිටපු යාලුවො දෙන්නා උන චමිලයි, ප්ලූටොයි තමයි මගේ හවුල් කාරයො.. චමිලයා ඊයෙ රෑම මෙහෙ ආවට කුරුණෑගල ඉන්න ප්ලූටෝ එන්නෙ අද හවස කෝච්චියෙ.. මිනිහට ප්ලූටෝ කියන නම වැටුනෙ ප්ලූටෝ හොයාගත්තු ක්ලයිඩ් ටොම්බෝට වඩා ඌ ප්ලූටොට ආදරේ කරපු නිසා.. මිනිහගෙ කාඩ් එක ප්ලූටෝ උනාට සැබෑ නව වෙනුෂ්ක..

"මචං හිරූ.. ප්ලූටෝ එන වෙලාවත් හරියාගෙන එනවා.. අපි ස්ටේෂන් එකට යමු නේද..?"

අපිට බයිසිකලේ ගිහින් ඌව එක්කගෙන එන්න බැරි නිසා බණ්ඩයියට කියලා වෑන් එකේ යන්න අපි සෙට් උනා.. කෝච්චිය කොටුව ස්ටේෂන් එකට එන වෙලාවෙ ප්ලූටෝ අපිට කියලා තිබුණට ඒ වෙලාවටම එතනට යන්න ඕන නෑ.. මොකද ඉතිං මේක ලංකාවනේ..

ඒ කොහොම උනත් මිනිහා අපිට කොටුවට එන්න කියපු වෙලාවට අපි ගෙදරින් පිටත් උනා.. කොටුවට යද්දි පැය භාගයක් විතර පරක්කු වෙලා.. මමයි චමිලයයි ස්ටේෂන් එක පුරාම සක්මන් කරන නානාප්‍රකාර ස්ත්‍රී රූප දිහා බලාගෙන අපේ ප්ලූටෝව හෙව්වා..

"කෝ බං.. මූ තාම ඇවිත් නැද්ද මංදා..?"

"ඌ එන වෙලාවක ඇවිත් කතා කරයිනෙ.. අපි මෙන්න මෙහෙන් ඉදගමු.."

ස්ටේෂමේ බංකුවක ඉදගෙන හිටපු කෙල්ලෙක්ගෙ ඇගේ ගෑවී නොගෑවි ඉදගත්තු චමිල ඒක කිව්වෙ ඇහැකුත් ගහලා.. එතකොටම අර කෙල්ල දිහා බලලා හිනාවකුත් දාගෙන ආපු වෙන කොල්ලෙක් ඒ කෙල්ලගෙ අනිත් පැත්තෙන් ඉදගත්තා..

"අනුන්ගෙ දොදොල් කාලා කට පුච්ච ගන්නෙ මොකටද බං..?"

අර කෙල්ල හිනා කටකුත් අරන් දැන් ආපු බුවා එක්ක කතාවට සෙට් වෙද්දි මං චමිලට හින්ට් එකක් පාස් කලා..

"විහිලුවටවත් කන්න බුල්ටො එකක්වත් නැති මං කට පිච්චෙන්න හරි දොදොල් කෑල්ලක් කන එක වැරදිද හිරූ..?"

පදිංචි වෙලා හිටපු ගේ සුනාමියට කඩාගෙන වැටුණු මිනිහෙක් තමන්ගෙ දුක් ගැනවිල්ල ටී වී එකට කියන තරම් දුක හිතෙන විදියට චමිල ඒක කියද්දි අර කෙල්ලයි කොල්ලයි ඩබලම මූ දිහා බැලුවා.. පව් අප්පා දුකේ බෑ..

"ඒයි.. අර ඉන්නෙ ප්ලූටෝ නේද..?"

අපේ ප්ලූටෝ කැරකි කැරකි ඉන්නවා දැකලා මං පෙන්නද්දි චමිලයා බංකුවෙන් නැගිට්ටා..

"ඌට මොකද බං වෙලා තියෙන්නෙ..? වයින් කරපු කුරුමිණියා වගේ එක තැන කැරකෙන්නෙ.."

"පොරට ෂුවර් එකටම බඹරචක්රයක් කැවිලා.. ඒකනේ ඔය දුං දාගෙන කැරකි කැරකි ඉන්නෙ.."

මං ඒක කිය්දදි අර බංකුවෙ හිටපු කෙල්ලට ලස්සන හිනාවක් ගියා.. එතකොටම අහම්බෙන් වගේ අපිව දැක්ක ප්ලූටෝ අපේ ළගට දුවගෙන ආවා..

"යකෝ උඹලා මෙතනට වෙලා පොල් ගානවද..? මං මේ විනාඩි විස්සකට වඩා උඹලව හොයනවා.."

කිරි අප්පොච්චියේ පුදුම හතයි.. ඒ කියන්නෙ කෝච්චිය වෙලාවට ඇවිත්.. ඒත් මට තියන ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. මූ මොන ඉලව්වකට එක තැන කැරකුණාද කියනෙක..

"අද නං කෝච්චිය ට්‍රැෆික් බ්ලොක් නැතුව හුළං බහින්නෙ නැතුව කලින් ඇවිල්ලා වගේ.. හැබෑට මචං ළගදි කෝච්චි පාර පුළුල් කරලා කාපට්වත් දාලද..?"

චමිල ෆුල් සීරියස් මූඩ් එකෙන් ප්ලූටෝගෙන් අහද්දි මිනිහට තදවෙලා..

"යං යං යන ගමන් කතා කරමු.. බණ්ඩයියා එළියෙ බලාගෙන ඇති.."

"පොඩ්ඩක් හිටපංකො.. මගේ බෑග් දෙක අර බංකුව උඩ.."

"යකෝ එතකොට ඔය කරේ එල්ලගෙන ඉන්න බෑග් එක උඹලගෙ ආච්චිගෙද..?"

"ඒක ආච්චි මැරෙද්දි මට දෑවැද්දට දීපු බෑග් එකක්.."

හෙන සද්දෙට ඒක කියපු ප්ලූටෝ දුවලා ගිහින් අනිත් බෑග් දෙකත් උස්සගෙන ආවා.. මූ ඇත්තටම ඇවිත් තියෙන්නෙ සෞරග්‍රහ මණ්ඩලයෙ එහා කොණේ ඉදගෙනද කොහෙද.. නැත්තං මේ තරං බෑග් තොගයක්..

"අත පය හතර වන වන යන්නෙ නැතුව ගනිං මේ බෑග් දෙක.."

ඌ හරියට අපේ බෑග් තනියම උස්සගෙන යනව වගේනෙ ටෝක දෙන්නෙ.. මට තද උනා..

"මේ.. උඹ ප්ලූටෝ උනාට කමක් නෑ.. දෙන්නෙ ක්ෂිරපතයෙන් එළියට විසික් වෙන්න.."

ඉස්කෝලෙ උගන්නපු වචනයක් අල්ලලා මමත් පඩි කතාවක් කිව්වා.. ඌ ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයෙ නිකම්ම නිකං සාමාජිකයෙක් උනාට මම ඒකෙ සභාපතිනේ..

වෑන් එකට නැගලා අල ගිය මුල ගිය තොරතුරු කතා කර කර අපි මුලින්ම ගියේ අපේ නවතම නවාතැන හෙවත් 'සෙවන'ට..

"මචං.. හි..රූ..ෂ.. මාවලස්.. ආ.."

ගේට්ටුවෙන් එළියට වාහනේ දාපු ගමන්ම ප්ලූටො උගේ සතුට උපරිමයෙන් ප්‍රකාශ කරා..

"ලංකාවෙ මිනිස්සු කියනව වගේම උඹලගෙ තාත්තට තියෙන්නෙ මාර සුන්දර කලාත්මක ඇහැක්.."

වාහනේ නතර කලා විතරයි ඌ ඒකෙන් බැස්සා නෙමෙයි බිමට පැන්නා..

"මේක නිකං ඇමේසන් වනන්තරේ නයිල් ගග අයිනෙ හදපු මාළිගාවක් වගේ.."

මේකා මේ පඩියා වගේ ප්ලූටො ගැන විස්තර කතා කරාට ඌගෙ සාමාන්‍ය දැනීඹ නිල්.. ඇමේසන් වනාන්තරෙයි නයිල් ගගයි තියෙන්නෙ මහද්වීප දෙකක කියලවත් මේ ගොන් මොලේට මතක නැති හැටි.. අම්මපා මූ මගේ යාළුවෙක් කියන්නත් ලැජ්ජයි..

"බේබි අපි ගිහින් වෑන් එක ගෙදර දාලා එමු නේද..? නැත්තං ලොකු මහත්තයා කෑ ගහයි.."

බණ්ඩයියා මගේ ළගට ඇවිත් කියද්දි ප්ලූටො පැනපු ගමන් විරෝධය ප්‍රකාශ කරා..

"අනේ අයියෙ පිස්සු නං කතා කරන්නෙපා.. මගේ ඇදුම් සේරම මෙතන තියෙනවා.. මං දැන්මම මෙතන නතර වෙනවා.. ආයෙනං කොහේවත් යන්නෑ.."

ඌ ඒක කෑ ගහලා කියපු විදියට ප්ලූටෝ වලට කෙසේ වෙතත් අඩුම ගානෙ බ්‍රහස්පතීගෙන් එහාටවත් ඇහෙන්න ඇති..

"උඹ මලයකා වගේ බෙරිහන් දෙන්න එපා.. අපි ගිහින් ආපහු එන්නෙ බයික් එකේ.. කොහොමත් හතර දෙනෙක්ට ඒකෙ එන්න බෑනෙ.. ඒ නිසා උඹලා දෙන්නම දැන් නතර වෙයං.."

"හිරූ මේ.. මට නං ගෙදර යන්නම ඕනෙ.. අපි බණ්ඩයියව මූ එක්ක ගෙදර නතර කරලා ගිහින් එමු.."

අපේ ගෙදරට යන්න මටවත් නැති තදියමක් මූට තියෙන්නෙ.. මූ කියන විදියට බණ්ඩයියව තියලා ගිහින් වෑන් එක එළවන්නෙ මුගෙ බාප්පද..?

"ඔහොම රවන්නෙපා රත්තරනෙ.. මගේ වටිනා කියන බඩුවක් උඹලගෙ ගෙදර දාලා ආවා.. ඒක ගන්න මං යන්නම ඕනෙ.."

"එතකොට වෑන් එක එළවන්නෙ උඹද..?"

"අනේ මචෝ මට වාහන එලවන්න බෑ කියලා උඹ දන්නවනේ.. ඒත් උඹට පුළුවන්නෙ.."

"යකෝ මට ලයිසන් නෑ.."

"ඈ බං.. උඹ දවසක් කුරුණැගලදි අපේ කොල්ලො සෙට් එකට වෑන් එකෙන් වැඩ කිඩ වගයක් පේන්නුවෙ ලයිසන් නැතුවද..?"

මේ මෝඩ හරකට දෙයක් කියලා පහදන්න බෑ.. වැඩ පෙන්නන්න ලයිසන් එකක් තියෙන්න ඕනයෑ..

"උඹට ඔය තකහනියක් ගෙදර ගිහින් ගන්න තියෙන ගැජමැටික් එක මොකක්ද කියපං.."

"අනේ හිරූෂ.. මචං.. මේකයි.. මේ.. මේ.. මගේ ස්පෙයාපාට්ස් දෙකක් හෝදල දාලා ආවා උඹේ ඇදුම් රැක් එකේ.. ඒ දෙක නැති උනොත් මං අනාතයි මචං.."

"හරි හරි.. අපේ ගෙදර පරණ අඩුවක් තිබ්බා.. මං ඒකෙන් අල්ලලා හරි ඔය ස්පෙයා පාට්ස් දෙක බෑග් එකක දාගෙන එන්නම්.. දැන්වත් දෙයියනේ කියලා හිටපං.."

චමිලයව බලෙන්ව වගේ ගේ ඇතුළට තල්ලු කරලා දාලා මම බණ්ඩයියා එක්ක ගෙදර ආවා.. ඉතුරු වෙලා තිබුණ බඩු ටිකකුත් බෑග් එකේ දාගෙන අම්මටයි, තාත්තටයි වැදලා එළියට බහින්න හදද්දි තාත්තා මාව නතර කරගත්තා..

"සුදු පුතා.. ඔයා මේ කරන්න හදන සෙල්ලටම මගේ වැඩි කැමැත්තක් නෑ.. මං මෙහෙම හරි කැමති උනේ ඔයා දියුණු වෙන්න වගේම හරි විදියට වැඩක් පටන්ගන්න හදන උත්සහය නිසා.."

"තාත්තෙ මං වැරැද්දක් කරන්න යනවා නෙමෙයිනෙ.. මං.."

"ඔහොම ඉන්න.. මං කතා කරලා ඉවර නෑ.. ෆීල්ඩ් එකේ මිනිස්සුන්ට බොරු කරන්න මට බෑ.. ඔයා තැනකට එනකල් රහස රැකගන්න එක ඔයාගෙ වැඩක්.. ඒත් කවුරු හරි මේ ගැන දැනගෙන මගෙන් කෙලින්ම ඇහුවොත් එදාට මං ඇත්ත කියනවා කියලා මතක තියාගන්න.. ඔයා දුනුවිල පවුලෙ නම්බුව ආරක්ෂා කරන්න ඕනෙ.."

ඔය මහලොකු නම්බුවත් බම්බුව වගේ දෙපැත්තම හිස් නේද කියලා අහන්න කටට ආවත් මං තද කරන් හිටියා.. නොවදිනා වැදුම් වැදලා ඉල්ලගත්ත වීෂා එක කැන්සල් කරගන්න ඕනෙ නැහැනෙ..

"මාරසිංහ කියන්නෙ මේ ක්ෂේත්රයෙ දැවැන්තයෙක්.. අනික මිනිහා මගේ ළගම හිතවතෙක්.. එයා කීප දවසක්ම මෙහෙ ඇවිත් තියන නිසා ඔයාව අදුනගනීද කියලා මට සැකයක් තියෙනවා.."

එයා කොහොමද මාව අදුන ගන්නෙ.. මාරසිංහ අන්කල් නිතර මෙහෙ ආව ගියත් මට මොකෝ.. මං මෙච්චර කල් හිටියෙ කුරුණෑගලනෙ..

"බණ්ඩාර.. මං ඔයාව මෙයාලා එක්ක නවතින්න යවන්නෙ මෙයාලගෙ ආරක්ෂාවට.. එහෙම උනා කියලා මෙයාලා කරන අනවශ්‍ය වැඩ වලට උල්පන්දම් දෙන්න එහෙම හදන්නෙපා.. ඒ වගේ දෙයක් උනොත් මං මුලින්ම අල්ලගන්නෙ තමුන්ව.."

"නෑ ලොකු මහත්තයා.. මං බේබිලව බලාගන්නම්.."

"මං එහෙ ගියාට ටික දවසකට විතරනේ තාත්තෙ.. අනික මට දවසකට දෙකකට සැරයක් ගෙදර ඇවිත් යන්න පුළුවන්නෙ.."

"පුතාලට ඕනෙ නං දවස ගානෙ මෙහෙන් කෑම එවන්න පුළුවන්.. ඔය කොල්ලො දෙතුන් දෙනෙක්ට තනියම උයාගෙන කන්න බෑනෙ.."

"උයන්න ඕන කරන බඩු සේරම අපි ගත්තා.. අපි උයාගෙන කන්නං තාත්තා.. ඒක ප්‍රශ්නයක් නෑ.."

"එහෙනං මේ සල්ලි ටික දැනට තියාගන්න.. තව ඕනෙ නං මට කියන්න.. අනික නිතරම ෆෝන් එක ඔන් එකේ තියාගන්න.. මං ඔය හරියෙන් යන වෙලාවල් වලට ඔතනට ගොඩවෙලා යන්නං.."

අපිව බලන්න නිතර ආවෙ නැතුවට කමක් නෑ කියලත් මට හිතුණා.. එතකොට අපේ සොමිය නැතිවෙනවනෙ.. සල්ලි ටික අල්ලගෙන හිටපු අතේ ඇගිලි වල මොණරුන්ගෙ නියපොත් ඇනෙන්න ගත්ත නිසා මම ඒ ටික සාක්කුවෙ දාගත්තා..

"මං එදත් කිව්වා මතක ඇතිනෙ.. සෙවන කියන්නෙ හරියට පූජාසනයක් වගේ තැනක්.. ඒකට පුංචි හානියක්වත් කරලා මං නරක මිනිහා කියලා කියන්නෙපා.. ම්හ්.. දැන් එහෙනං දෙන්න එක්ක පරිස්සමට යන්න.."

ඒ වචනෙ පිට උනා විතරයි මං බණ්ඩයියව ඇදගෙන එළියට ආවා.. නැත්තං අමතක උන ඒවා මතක් කර කර තවත් කියවයි..

"අනේ බේබි ගියාම ගේ පාළුවට යයි.."

ගෙදර වැඩට ඉන්න යසෝ අක්කත් ඇස්වල කදුළු පරවගෙන දොර ගාව.. මං එයාගෙත ඔළුව අතගාලා මිදුලට බහිද්දි හොදටම කරුවල වැටිලා.. අපේ මහලොකු චණ්ඩියො දෙන්නා පණ බයේ නගුට පශ්චාත් භාගයෙ ගහගෙන ඉන්නවද දන්නෙ නෑ..

"අපි ඉක්මනට යං බේබි.. අර ළමයි අරහෙ තනියෙම.. තාම ඒ හැටි පුරුද්දකුත් නෑනෙ.."

මං බයික් එක ස්ටාර්ට් කරගත්තා විතරයි බණ්ඩයියත් ඇවිත් එල්ලුණා.. අපි සෙවනට යද්දි හොදටම රෑ වෙලා..

"කොහෙද බං මෙච්චර වෙලා ගියේ.. අපිට පාර බලන් ඉදලම පණ ගියා.."

ඩබල එහෙම කිව්වට මොකෝ අපි ගේ ළගටම ගිහින් හෝන් කරද්දියි දෙන්නා එළියට ආවෙ..

"ඇත්තටම ඇයි හිරූ පරක්කු උනෙ..? දවල් වගේ බයික් එකේ පන්චර් එකක්ද..?"

එහෙනං මං දවල් බණ්ඩයියට කියපු පුංචි බොරුව චමිලයත් අහගෙන ඉදලා.. දවල් ගියපු පන්චර් එක මොකක්ද කියලා මමයි චමිලයයි ඇරෙන්න වෙන කවුරුත් දන්නෑනෙ..

"අපි ගෙදර ගියාම හරි වැඩක් උනානෙ බං.."

මං පුටුවකින් හරි බරි ගැහිලා ඉදගෙන තව නයෙක් අරින්න හැදුවෙ..

"මං ගිහින් කාමරේ ඇතුළට ගියා විතරයි මගෙ පස්සෙන් අපෙ යසෝ අක්කත් කාමරේට ඇතුල් උනා.."

"ඉතිං..?"

ප්ලූටො ඒක ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරලා..

"ඉතිං තමයි.. එයා ඇතුළට ආවා විතරයි හයියෙන් හුස්මක් ගත්තා.. කලන්තෙ දාලා වැටුනා.."

මොකක්ද මේ හරුපෙ තේරුම කියලා අහන්න වගේ බණ්ඩයියත් මගේ පුටුව කිට්ටුවෙන්ම බිම ඉදගත්තා..

"පව් හිරූ.. එයාට සනීප නැද්ද..? අපිට කන්න කියලා එයා කිරි ටොෆි වගයකුත් හදලා දුන්නා.."

චමී පණ දාගෙන ඌගෙ සෝකය ප්‍රකාශ කරනවා.. කතාවෙ ඉතුරු ටිකත් අහපන්කො පුතා.. එතකොටනෙ සොමිය තියෙන්නෙ..

"පස්සෙ අපි කට්ටියම වතුර ගහලා යන්තං සිහිය ගත්තා.."

"ඇයි එයාට ප්‍රෙෂර් වැඩි වෙලාද..?"

චමිලයා ආපහු අහනවා.. මිනිහා කොහොමත් අපේ ගෙදර ආපු දවස් දෙකට යසෝ අක්කත් එක්ක ෆිට් උනා..

"උඹල දන්නවද එයා සිහිය ආපු ගමන් මොකක්ද ඇහුවෙ කියලා..?"

"නෑ..හ්.."

"එයා අහනවා 'බේබි මම මේ ඉන්නෙ කරෝල වාඩියකද..?' කියලා.."

චමිලයයි, ප්ලූටොයි මූණ බලාගත්තා..

"ඒ මොකෝ බං එහෙම ඇහුවෙ..?"

කාරණාව තේරිලා වගේ හිනාව තදකරගෙන බණ්ඩයියා එතනින් නැගිටලා ගියා..

"එහෙම ඇහුවෙ මෙන්න මේක නිසා.."

මෙච්චර වෙලා බෑග් එකේ දාගෙන හිටපු අමිලයගෙ අන්ඩර් වෙයාර් දෙක උගේ ඔඩොක්කුවට විසි කරලා මං කිව්වා.. ප්ලූටොට බකස් ගාලා හිනාවක් යද්දි චමිලයා මහා අනර්ඝ වස්තුවක් හම්බ උනා වගේ පැනපු ගමන් ඒ දෙක තුරුළු කරගත්තා..

"හිරූ මේ ගේ එළියෙන් බලද්දි ඒ තරම් ලොකුවට පේනේනෙ නැති උනාට කාමර පහ හයක් තියෙනවනෙ බං.. තව කෑම කාමරයයි, කුස්සියයි, සාලෙයි.."

ප්ලූටො ආපු ගමන් ගෙයි හැම අස්සකම රිංගලද කොහෙද..? මොනව උනත් මට වගේම අනිත් අයටත් ගේ උපරිම විදියට හිතට අල්ලලා..

"මම නං වැඩිපුරම කැමති බාත් රූම් එකට.. එතතනෙ හොදම කොලිටිය තියෙන්නෙ.. වතුර එන්නෙ මාළුවෙකුගෙ කටෙන්.. වටේම බිත්ති වල දොල ගල් අල්ලලා.. හතර වටේ ජලජ ශාක.. ඒත් උඹලගෙ කලාබර තාත්තට එකක් අමතක වෙලා.."

[QUOTE="crazybuddy, post: 12552376, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-hl24izRySJ4/T5BrqVojoxI/AAAAAAAABt4/57bMUQEjO-U/s640/Cover-1.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [IMG]http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගෙයි චමිලගෙයි ගමන කොයි තරම් ඉක්මන්ද කියනව නම් බණ්ඩයියා ගෙදර ඇවිල්ලා නාගෙනත් ඉවරයි.. තාත්තා ඉන්නවද කියලා වටපිට බලලා පේන්න නැති නිසා මං තත්පරේට දෙකට කාමරේට පැන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙයියනේ.. මේ අපි ගිනි පත්තුවෙලා උන්නෙ.. බේබිලා මෙච්චර වෙලා මකං කෙරුවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි කිව්වෙ බණ්ඩයියෙ..? තාත්තා ගෙදර ඉන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උත්තර දෙන එක පැත්තක තියලා මං තව ප්‍රශ්නයක් ඇහුවා.. එයා ගෙදරනං ඉතිං දැන් ඇවිත් ජාතිය අමතයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබිලා බය වෙන්න කාරි නෑ.. ලොකු මහත්තය කොහෙද ගිහින්.. බැහෑට මොකෝ බේබි පරක්කු උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මේ.. ඇති යන්තං.. දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බයික් එකේ පැච් එකක් ගියානෙ බණ්ඩයියෙ.. ඒක දාන්න ගිහින් පරක්කු උනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වට පිට පේන මානයක චමිලයවත් හිටියෙ නැති නිසා මං කටට ආපු එක කියලා දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔබ බොරු මට කිව්වට කාරි නෑ.. ලොකු මහත්තයට එහෙම කියන්නෙපා ඕං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුංචි කාලෙ ඉදලා වාම අතපත ගාලා හදපු බණ්ඩයියා මං බොරු කියද්දි ලේසියෙන්ම දැන ගන්නවා.. ඒත් එයා දන්න බව ඇගෙව්වට කවදාවත් ඇත්ත මොකක්ද කියලා හාර හාර අහන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මමයි චමිලයි දෙන්නත් ඉක්මනට නාලා කාලා අපේ ඇදුම් අස්කරගත්තා ගෙනියන්න.. අද රෑ ඉදල අපි ඉන්නෙ "සෙවන" කියලා අදුන්වන අපෙ තාත්තගෙ අනිත් ගෙදර.. ගෙයක් කියලා කිව්වට ඒක සොබා දහම අගය කරන හෝටල් වල තියන කොටේජ් එකක් වගේ.. ඒක ශ්‍රී ලංකාවෙ කොළඹ පැත්තෙ තියෙනවා කියලා හිතන්නවත් අමාරු සුන්දර බිම් කඩක්.. ඇත්තටම ඒක ඇතුළට ගියාම ඒ සී රූම් එකකවත් දැනෙන්නෙ නැති සීතල ගතියක් දැනෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කර එක හමාරක වත්ත ඇතුලෙ ගලාගනෙ යන විදියට කෘතීමව හදපු දිය පාරෙ තමයි වැඩිපුර ගතිය තියෙන්නෙ.. ගෙයි බිත්ති හදලා තියෙන්නෙ මැටියි ලී කොටයි පාවිච්චි කරලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච අපේ තාත්තා මේ ගේ පාවිච්චි කලේ දුර පළාත්වල ඉදලා ෂූටින් එන නළු නිළියන්ට නවාතැන් ගන්න.. අපේ ගෙදර ඉදලා 'සෙවන'ට ඒ තරම් ලොකු දුරක් නෑ.. ඒ උනාට විශේෂ හේතු කීපයක් හින්දා මගේ යාළුවො දෙන්නෙකුයි බණ්ඩයියයි එක්ක එහෙ නතර වෙන්න මං තීරණය කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්කෝලෙ යන දවසවල ඉදලා මගේ ළගම හිටපු යාලුවො දෙන්නා උන චමිලයි, ප්ලූටොයි තමයි මගේ හවුල් කාරයො.. චමිලයා ඊයෙ රෑම මෙහෙ ආවට කුරුණෑගල ඉන්න ප්ලූටෝ එන්නෙ අද හවස කෝච්චියෙ.. මිනිහට ප්ලූටෝ කියන නම වැටුනෙ ප්ලූටෝ හොයාගත්තු ක්ලයිඩ් ටොම්බෝට වඩා ඌ ප්ලූටොට ආදරේ කරපු නිසා.. මිනිහගෙ කාඩ් එක ප්ලූටෝ උනාට සැබෑ නව වෙනුෂ්ක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං හිරූ.. ප්ලූටෝ එන වෙලාවත් හරියාගෙන එනවා.. අපි ස්ටේෂන් එකට යමු නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපිට බයිසිකලේ ගිහින් ඌව එක්කගෙන එන්න බැරි නිසා බණ්ඩයියට කියලා වෑන් එකේ යන්න අපි සෙට් උනා.. කෝච්චිය කොටුව ස්ටේෂන් එකට එන වෙලාවෙ ප්ලූටෝ අපිට කියලා තිබුණට ඒ වෙලාවටම එතනට යන්න ඕන නෑ.. මොකද ඉතිං මේක ලංකාවනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කොහොම උනත් මිනිහා අපිට කොටුවට එන්න කියපු වෙලාවට අපි ගෙදරින් පිටත් උනා.. කොටුවට යද්දි පැය භාගයක් විතර පරක්කු වෙලා.. මමයි චමිලයයි ස්ටේෂන් එක පුරාම සක්මන් කරන නානාප්‍රකාර ස්ත්‍රී රූප දිහා බලාගෙන අපේ ප්ලූටෝව හෙව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෝ බං.. මූ තාම ඇවිත් නැද්ද මංදා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌ එන වෙලාවක ඇවිත් කතා කරයිනෙ.. අපි මෙන්න මෙහෙන් ඉදගමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ස්ටේෂමේ බංකුවක ඉදගෙන හිටපු කෙල්ලෙක්ගෙ ඇගේ ගෑවී නොගෑවි ඉදගත්තු චමිල ඒක කිව්වෙ ඇහැකුත් ගහලා.. එතකොටම අර කෙල්ල දිහා බලලා හිනාවකුත් දාගෙන ආපු වෙන කොල්ලෙක් ඒ කෙල්ලගෙ අනිත් පැත්තෙන් ඉදගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනුන්ගෙ දොදොල් කාලා කට පුච්ච ගන්නෙ මොකටද බං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අර කෙල්ල හිනා කටකුත් අරන් දැන් ආපු බුවා එක්ක කතාවට සෙට් වෙද්දි මං චමිලට හින්ට් එකක් පාස් කලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"විහිලුවටවත් කන්න බුල්ටො එකක්වත් නැති මං කට පිච්චෙන්න හරි දොදොල් කෑල්ලක් කන එක වැරදිද හිරූ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පදිංචි වෙලා හිටපු ගේ සුනාමියට කඩාගෙන වැටුණු මිනිහෙක් තමන්ගෙ දුක් ගැනවිල්ල ටී වී එකට කියන තරම් දුක හිතෙන විදියට චමිල ඒක කියද්දි අර කෙල්ලයි කොල්ලයි ඩබලම මූ දිහා බැලුවා.. පව් අප්පා දුකේ බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒයි.. අර ඉන්නෙ ප්ලූටෝ නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ ප්ලූටෝ කැරකි කැරකි ඉන්නවා දැකලා මං පෙන්නද්දි චමිලයා බංකුවෙන් නැගිට්ටා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌට මොකද බං වෙලා තියෙන්නෙ..? වයින් කරපු කුරුමිණියා වගේ එක තැන කැරකෙන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පොරට ෂුවර් එකටම බඹරචක්රයක් කැවිලා.. ඒකනේ ඔය දුං දාගෙන කැරකි කැරකි ඉන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඒක කිය්දදි අර බංකුවෙ හිටපු කෙල්ලට ලස්සන හිනාවක් ගියා.. එතකොටම අහම්බෙන් වගේ අපිව දැක්ක ප්ලූටෝ අපේ ළගට දුවගෙන ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යකෝ උඹලා මෙතනට වෙලා පොල් ගානවද..? මං මේ විනාඩි විස්සකට වඩා උඹලව හොයනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කිරි අප්පොච්චියේ පුදුම හතයි.. ඒ කියන්නෙ කෝච්චිය වෙලාවට ඇවිත්.. ඒත් මට තියන ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. මූ මොන ඉලව්වකට එක තැන කැරකුණාද කියනෙක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අද නං කෝච්චිය ට්‍රැෆික් බ්ලොක් නැතුව හුළං බහින්නෙ නැතුව කලින් ඇවිල්ලා වගේ.. හැබෑට මචං ළගදි කෝච්චි පාර පුළුල් කරලා කාපට්වත් දාලද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චමිල ෆුල් සීරියස් මූඩ් එකෙන් ප්ලූටෝගෙන් අහද්දි මිනිහට තදවෙලා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යං යං යන ගමන් කතා කරමු.. බණ්ඩයියා එළියෙ බලාගෙන ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පොඩ්ඩක් හිටපංකො.. මගේ බෑග් දෙක අර බංකුව උඩ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යකෝ එතකොට ඔය කරේ එල්ලගෙන ඉන්න බෑග් එක උඹලගෙ ආච්චිගෙද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක ආච්චි මැරෙද්දි මට දෑවැද්දට දීපු බෑග් එකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හෙන සද්දෙට ඒක කියපු ප්ලූටෝ දුවලා ගිහින් අනිත් බෑග් දෙකත් උස්සගෙන ආවා.. මූ ඇත්තටම ඇවිත් තියෙන්නෙ සෞරග්‍රහ මණ්ඩලයෙ එහා කොණේ ඉදගෙනද කොහෙද.. නැත්තං මේ තරං බෑග් තොගයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අත පය හතර වන වන යන්නෙ නැතුව ගනිං මේ බෑග් දෙක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ හරියට අපේ බෑග් තනියම උස්සගෙන යනව වගේනෙ ටෝක දෙන්නෙ.. මට තද උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ.. උඹ ප්ලූටෝ උනාට කමක් නෑ.. දෙන්නෙ ක්ෂිරපතයෙන් එළියට විසික් වෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්කෝලෙ උගන්නපු වචනයක් අල්ලලා මමත් පඩි කතාවක් කිව්වා.. ඌ ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයෙ නිකම්ම නිකං සාමාජිකයෙක් උනාට මම ඒකෙ සභාපතිනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෑන් එකට නැගලා අල ගිය මුල ගිය තොරතුරු කතා කර කර අපි මුලින්ම ගියේ අපේ නවතම නවාතැන හෙවත් 'සෙවන'ට..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං.. හි..රූ..ෂ.. මාවලස්.. ආ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගේට්ටුවෙන් එළියට වාහනේ දාපු ගමන්ම ප්ලූටො උගේ සතුට උපරිමයෙන් ප්‍රකාශ කරා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලංකාවෙ මිනිස්සු කියනව වගේම උඹලගෙ තාත්තට තියෙන්නෙ මාර සුන්දර කලාත්මක ඇහැක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වාහනේ නතර කලා විතරයි ඌ ඒකෙන් බැස්සා නෙමෙයි බිමට පැන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේක නිකං ඇමේසන් වනන්තරේ නයිල් ගග අයිනෙ හදපු මාළිගාවක් වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකා මේ පඩියා වගේ ප්ලූටො ගැන විස්තර කතා කරාට ඌගෙ සාමාන්‍ය දැනීඹ නිල්.. ඇමේසන් වනාන්තරෙයි නයිල් ගගයි තියෙන්නෙ මහද්වීප දෙකක කියලවත් මේ ගොන් මොලේට මතක නැති හැටි.. අම්මපා මූ මගේ යාළුවෙක් කියන්නත් ලැජ්ජයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි අපි ගිහින් වෑන් එක ගෙදර දාලා එමු නේද..? නැත්තං ලොකු මහත්තයා කෑ ගහයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බණ්ඩයියා මගේ ළගට ඇවිත් කියද්දි ප්ලූටො පැනපු ගමන් විරෝධය ප්‍රකාශ කරා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ අයියෙ පිස්සු නං කතා කරන්නෙපා.. මගේ ඇදුම් සේරම මෙතන තියෙනවා.. මං දැන්මම මෙතන නතර වෙනවා.. ආයෙනං කොහේවත් යන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ ඒක කෑ ගහලා කියපු විදියට ප්ලූටෝ වලට කෙසේ වෙතත් අඩුම ගානෙ බ්‍රහස්පතීගෙන් එහාටවත් ඇහෙන්න ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ මලයකා වගේ බෙරිහන් දෙන්න එපා.. අපි ගිහින් ආපහු එන්නෙ බයික් එකේ.. කොහොමත් හතර දෙනෙක්ට ඒකෙ එන්න බෑනෙ.. ඒ නිසා උඹලා දෙන්නම දැන් නතර වෙයං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිරූ මේ.. මට නං ගෙදර යන්නම ඕනෙ.. අපි බණ්ඩයියව මූ එක්ක ගෙදර නතර කරලා ගිහින් එමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ ගෙදරට යන්න මටවත් නැති තදියමක් මූට තියෙන්නෙ.. මූ කියන විදියට බණ්ඩයියව තියලා ගිහින් වෑන් එක එළවන්නෙ මුගෙ බාප්පද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔහොම රවන්නෙපා රත්තරනෙ.. මගේ වටිනා කියන බඩුවක් උඹලගෙ ගෙදර දාලා ආවා.. ඒක ගන්න මං යන්නම ඕනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට වෑන් එක එළවන්නෙ උඹද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ මචෝ මට වාහන එලවන්න බෑ කියලා උඹ දන්නවනේ.. ඒත් උඹට පුළුවන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යකෝ මට ලයිසන් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඈ බං.. උඹ දවසක් කුරුණැගලදි අපේ කොල්ලො සෙට් එකට වෑන් එකෙන් වැඩ කිඩ වගයක් පේන්නුවෙ ලයිසන් නැතුවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ මෝඩ හරකට දෙයක් කියලා පහදන්න බෑ.. වැඩ පෙන්නන්න ලයිසන් එකක් තියෙන්න ඕනයෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට ඔය තකහනියක් ගෙදර ගිහින් ගන්න තියෙන ගැජමැටික් එක මොකක්ද කියපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ හිරූෂ.. මචං.. මේකයි.. මේ.. මේ.. මගේ ස්පෙයාපාට්ස් දෙකක් හෝදල දාලා ආවා උඹේ ඇදුම් රැක් එකේ.. ඒ දෙක නැති උනොත් මං අනාතයි මචං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි.. අපේ ගෙදර පරණ අඩුවක් තිබ්බා.. මං ඒකෙන් අල්ලලා හරි ඔය ස්පෙයා පාට්ස් දෙක බෑග් එකක දාගෙන එන්නම්.. දැන්වත් දෙයියනේ කියලා හිටපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චමිලයව බලෙන්ව වගේ ගේ ඇතුළට තල්ලු කරලා දාලා මම බණ්ඩයියා එක්ක ගෙදර ආවා.. ඉතුරු වෙලා තිබුණ බඩු ටිකකුත් බෑග් එකේ දාගෙන අම්මටයි, තාත්තටයි වැදලා එළියට බහින්න හදද්දි තාත්තා මාව නතර කරගත්තා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සුදු පුතා.. ඔයා මේ කරන්න හදන සෙල්ලටම මගේ වැඩි කැමැත්තක් නෑ.. මං මෙහෙම හරි කැමති උනේ ඔයා දියුණු වෙන්න වගේම හරි විදියට වැඩක් පටන්ගන්න හදන උත්සහය නිසා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තාත්තෙ මං වැරැද්දක් කරන්න යනවා නෙමෙයිනෙ.. මං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔහොම ඉන්න.. මං කතා කරලා ඉවර නෑ.. ෆීල්ඩ් එකේ මිනිස්සුන්ට බොරු කරන්න මට බෑ.. ඔයා තැනකට එනකල් රහස රැකගන්න එක ඔයාගෙ වැඩක්.. ඒත් කවුරු හරි මේ ගැන දැනගෙන මගෙන් කෙලින්ම ඇහුවොත් එදාට මං ඇත්ත කියනවා කියලා මතක තියාගන්න.. ඔයා දුනුවිල පවුලෙ නම්බුව ආරක්ෂා කරන්න ඕනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය මහලොකු නම්බුවත් බම්බුව වගේ දෙපැත්තම හිස් නේද කියලා අහන්න කටට ආවත් මං තද කරන් හිටියා.. නොවදිනා වැදුම් වැදලා ඉල්ලගත්ත වීෂා එක කැන්සල් කරගන්න ඕනෙ නැහැනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාරසිංහ කියන්නෙ මේ ක්ෂේත්රයෙ දැවැන්තයෙක්.. අනික මිනිහා මගේ ළගම හිතවතෙක්.. එයා කීප දවසක්ම මෙහෙ ඇවිත් තියන නිසා ඔයාව අදුනගනීද කියලා මට සැකයක් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයා කොහොමද මාව අදුන ගන්නෙ.. මාරසිංහ අන්කල් නිතර මෙහෙ ආව ගියත් මට මොකෝ.. මං මෙච්චර කල් හිටියෙ කුරුණෑගලනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බණ්ඩාර.. මං ඔයාව මෙයාලා එක්ක නවතින්න යවන්නෙ මෙයාලගෙ ආරක්ෂාවට.. එහෙම උනා කියලා මෙයාලා කරන අනවශ්‍ය වැඩ වලට උල්පන්දම් දෙන්න එහෙම හදන්නෙපා.. ඒ වගේ දෙයක් උනොත් මං මුලින්ම අල්ලගන්නෙ තමුන්ව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ ලොකු මහත්තයා.. මං බේබිලව බලාගන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං එහෙ ගියාට ටික දවසකට විතරනේ තාත්තෙ.. අනික මට දවසකට දෙකකට සැරයක් ගෙදර ඇවිත් යන්න පුළුවන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පුතාලට ඕනෙ නං දවස ගානෙ මෙහෙන් කෑම එවන්න පුළුවන්.. ඔය කොල්ලො දෙතුන් දෙනෙක්ට තනියම උයාගෙන කන්න බෑනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උයන්න ඕන කරන බඩු සේරම අපි ගත්තා.. අපි උයාගෙන කන්නං තාත්තා.. ඒක ප්‍රශ්නයක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනං මේ සල්ලි ටික දැනට තියාගන්න.. තව ඕනෙ නං මට කියන්න.. අනික නිතරම ෆෝන් එක ඔන් එකේ තියාගන්න.. මං ඔය හරියෙන් යන වෙලාවල් වලට ඔතනට ගොඩවෙලා යන්නං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපිව බලන්න නිතර ආවෙ නැතුවට කමක් නෑ කියලත් මට හිතුණා.. එතකොට අපේ සොමිය නැතිවෙනවනෙ.. සල්ලි ටික අල්ලගෙන හිටපු අතේ ඇගිලි වල මොණරුන්ගෙ නියපොත් ඇනෙන්න ගත්ත නිසා මම ඒ ටික සාක්කුවෙ දාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං එදත් කිව්වා මතක ඇතිනෙ.. සෙවන කියන්නෙ හරියට පූජාසනයක් වගේ තැනක්.. ඒකට පුංචි හානියක්වත් කරලා මං නරක මිනිහා කියලා කියන්නෙපා.. ම්හ්.. දැන් එහෙනං දෙන්න එක්ක පරිස්සමට යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ වචනෙ පිට උනා විතරයි මං බණ්ඩයියව ඇදගෙන එළියට ආවා.. නැත්තං අමතක උන ඒවා මතක් කර කර තවත් කියවයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ බේබි ගියාම ගේ පාළුවට යයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගෙදර වැඩට ඉන්න යසෝ අක්කත් ඇස්වල කදුළු පරවගෙන දොර ගාව.. මං එයාගෙත ඔළුව අතගාලා මිදුලට බහිද්දි හොදටම කරුවල වැටිලා.. අපේ මහලොකු චණ්ඩියො දෙන්නා පණ බයේ නගුට පශ්චාත් භාගයෙ ගහගෙන ඉන්නවද දන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ඉක්මනට යං බේබි.. අර ළමයි අරහෙ තනියෙම.. තාම ඒ හැටි පුරුද්දකුත් නෑනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං බයික් එක ස්ටාර්ට් කරගත්තා විතරයි බණ්ඩයියත් ඇවිත් එල්ලුණා.. අපි සෙවනට යද්දි හොදටම රෑ වෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කොහෙද බං මෙච්චර වෙලා ගියේ.. අපිට පාර බලන් ඉදලම පණ ගියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඩබල එහෙම කිව්වට මොකෝ අපි ගේ ළගටම ගිහින් හෝන් කරද්දියි දෙන්නා එළියට ආවෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇත්තටම ඇයි හිරූ පරක්කු උනෙ..? දවල් වගේ බයික් එකේ පන්චර් එකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනං මං දවල් බණ්ඩයියට කියපු පුංචි බොරුව චමිලයත් අහගෙන ඉදලා.. දවල් ගියපු පන්චර් එක මොකක්ද කියලා මමයි චමිලයයි ඇරෙන්න වෙන කවුරුත් දන්නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ගෙදර ගියාම හරි වැඩක් උනානෙ බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං පුටුවකින් හරි බරි ගැහිලා ඉදගෙන තව නයෙක් අරින්න හැදුවෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ගිහින් කාමරේ ඇතුළට ගියා විතරයි මගෙ පස්සෙන් අපෙ යසෝ අක්කත් කාමරේට ඇතුල් උනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලූටො ඒක ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං තමයි.. එයා ඇතුළට ආවා විතරයි හයියෙන් හුස්මක් ගත්තා.. කලන්තෙ දාලා වැටුනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකක්ද මේ හරුපෙ තේරුම කියලා අහන්න වගේ බණ්ඩයියත් මගේ පුටුව කිට්ටුවෙන්ම බිම ඉදගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පව් හිරූ.. එයාට සනීප නැද්ද..? අපිට කන්න කියලා එයා කිරි ටොෆි වගයකුත් හදලා දුන්නා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චමී පණ දාගෙන ඌගෙ සෝකය ප්‍රකාශ කරනවා.. කතාවෙ ඉතුරු ටිකත් අහපන්කො පුතා.. එතකොටනෙ සොමිය තියෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පස්සෙ අපි කට්ටියම වතුර ගහලා යන්තං සිහිය ගත්තා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි එයාට ප්‍රෙෂර් වැඩි වෙලාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චමිලයා ආපහු අහනවා.. මිනිහා කොහොමත් අපේ ගෙදර ආපු දවස් දෙකට යසෝ අක්කත් එක්ක ෆිට් උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹල දන්නවද එයා සිහිය ආපු ගමන් මොකක්ද ඇහුවෙ කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ..හ්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා අහනවා 'බේබි මම මේ ඉන්නෙ කරෝල වාඩියකද..?' කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චමිලයයි, ප්ලූටොයි මූණ බලාගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොකෝ බං එහෙම ඇහුවෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාරණාව තේරිලා වගේ හිනාව තදකරගෙන බණ්ඩයියා එතනින් නැගිටලා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම ඇහුවෙ මෙන්න මේක නිසා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා බෑග් එකේ දාගෙන හිටපු අමිලයගෙ අන්ඩර් වෙයාර් දෙක උගේ ඔඩොක්කුවට විසි කරලා මං කිව්වා.. ප්ලූටොට බකස් ගාලා හිනාවක් යද්දි චමිලයා මහා අනර්ඝ වස්තුවක් හම්බ උනා වගේ පැනපු ගමන් ඒ දෙක තුරුළු කරගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිරූ මේ ගේ එළියෙන් බලද්දි ඒ තරම් ලොකුවට පේනේනෙ නැති උනාට කාමර පහ හයක් තියෙනවනෙ බං.. තව කෑම කාමරයයි, කුස්සියයි, සාලෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලූටො ආපු ගමන් ගෙයි හැම අස්සකම රිංගලද කොහෙද..? මොනව උනත් මට වගේම අනිත් අයටත් ගේ උපරිම විදියට හිතට අල්ලලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මම නං වැඩිපුරම කැමති බාත් රූම් එකට.. එතතනෙ හොදම කොලිටිය තියෙන්නෙ.. වතුර එන්නෙ මාළුවෙකුගෙ කටෙන්.. වටේම බිත්ති වල දොල ගල් අල්ලලා.. හතර වටේ ජලජ ශාක.. ඒත් උඹලගෙ කලාබර තාත්තට එකක් අමතක වෙලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom