Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂූටිං බලන්න ගිය දවසෙන් පස්සෙ මං ක්ලාස් ගියාට වැඩිය සර්ට මූණ දුන්නෑ.. ඒකට හේතුව තමයි මාව ගොඩක් අගය කරන මේ මනුස්සයගෙ මූණ දිහා බලාගෙන බොරුවක් කරන්න බැරිකම.. මං එහෙම හිතුවට මාසයක් විතර යද්දි සර්ගෙ හොදම ගෝලයා උනේ මම.. එයා මාව කණ්ඩායමේ නායකයා විදියට නම් කෙරුවෙත් ඒ නිසාමයි.. ඒත් මට නං ඒක මහ වදයක් උනා.. ඇයි දෙයියනේ හැම වැඩකටම හිරූෂ.. හිරූෂ.. හිරූෂ..

"අපි බලන සතියෙ මුහුදු පුත්තු ඩ්රාමා එක කරමු.. අපිට මෙහෙ ස්ටේජ් එකේම කරන්න පුළුවන්.. හිරූෂ පුතා කණ්ඩායම ලෑස්තියිනෙ..?"

සර් සුපුරුදු විදියට ප්රශ්නෙ දැම්මෙ මට.. මමත් තදයා වගේ ඔව් සර් කියලා ඔළුව වැනුවට මොකෝ දියෝනිස්ගෙ චරිතෙට හිටපු මමවත් තාම දෙබස් ටික පාඩම් කරලා නෑ.. හැබැයි අමාරුවෙන් හරි පාඩම් කරගන්න ඕනෙ.. මොකද සරාගෙ චරිතෙට ඉන්නෙ සමාධිනෙ..

"දැන් කට්ටියට දෙබස් පාඩංද..?"

මං කිරිමැටි ගිලපු කිඹුලා වගේ උත්තරයක් නොදීම අනිත් කට්ටිය දිහා බැලුවා.. උන් ටික මං වගේම ඇඹරෙනවා..

"ඔන්න එදාට දෙබස් මතක තියාගෙන හොදට කරන්න ඕනෙ.. මං හේමන්ත දුනුවිල මහත්තයටත් ඒක බලන්න එන්න කිව්වා.."

සර් ඒක කියද්දිම චමිලයි ප්ලූටොයි කතාවෙලා වගේ මගේ මූණට එබුණා..

"බලපං.. රහස් රකින් එක කොච්චර අමාරු වැඩක්ද කියලා.. එක බොරුවක් වහන්න තව බොරු දාහක් කරන්න වෙනවා.."

ප්ලූටොගෙ කතාවට උගේ කටේ රුපියල් දාහක් ඔබන්න වටිනවා.. මොකද ඒ කතාව අමූලික ඇත්තක්නෙ..

"උඹට එදාටත් කොහේ හරි රිදෙන්න ගනීද..?"

චමිලයා ඒක ඇහුවෙ මහා චාටර් විදියට.. පිස්සු හැදෙයි.. සමාධි වගේ බොනික්කියක් එක්ක රගපානන් තියෙන මේ චාන්ස් එක මං කීයටවත් නැති කරගන්නෑ.. තාත්තා බැරි නම් ඕන කෙනෙක් ආපුදෙන්.. මට රගපාන්න බෑ කියලා කවුරු හරි හිතනවා නම් මං එදාට තමයි උන්ට පාඩමක් උගන්නන්නෙ..

"ඔන්න බලපං බං එදාට තමයි මිස්ටර් හේමන්ත දුනුවිලට මගේ ඇක්ටින් පාර දැකලා බඩ කොරවෙන්නෙ.."

මං ටිකක් සද්දෙට ඒක කිව්වෙ වටේ පිටේ උන්ටත් ඇහෙන්න.. අපේ ඩබල විතරක් නෙමෙයි සමාධියි, නයෝමියි දෙන්නත් පටස් ගාලා මගේ දිහාට හැරුණා..

"මෙහෙම දෙබස් පාඩම් කරලා විතරක් වැඩේ ගොඩදාගන්න බෑ.. දවසක යමං හොද වේදිකා නාට්ටියක් බලන්න.."

මට නිකමටවත් මතක් නොවුණ වැදගත් කාරණයක් ප්ලූටො මතක් කළා..

"රා..යිට්.. එළකිරි අයිඩියා එක.. ඒත් කොහෙද හොද වේදිකා නාට්ටි තියෙන්නෙ..?"

මං ටිකක් කල්පනා කරලා බැලුවා..

"මං දැක්කා ලුම්බිණි රගහලේ සික්ස් තර්ටි ෂෝ වගයක් දාලා තියෙනවා සතිය පුරාම.."

අපේ කතාවට හොරෙන් ඇන්ටනාව දාගෙන හිටපු සමාධි මගෙ මූණට එබිලා ඒක කියපු තාලෙට මගේ හද කිළිපොලා ගියා.. ඒත් ඉතිං මේක ක්ලාස් එකනෙ.. සේරටම වඩා ඒකි මට අක්නේ වෙන්නෙ..

"එහෙනං අපි අද හවස ෂෝ එකට සෙට් වෙමුද..?"

"ෆිට් තමා.....යි.."

අපි කට්ටිය පහක් දාලා වැඩේ කන්ෆර්ම් කරගත්තා..

ගෙදරදි බණ්ඩයියටත් කාරණාව පැහැදිලි කරලා අපේ තාත්තටත් කෝල් කරලා විස්තරේ කියලා අපි තුන්දෙනා නමෝ විත්තියෙන් හවස එළියට බැස්සා.. උදේ පාන්දර පංති ගිහින් දවල් වෙලා ගෙදර එනවට වඩා මේ වගේ වෙලාවක එළියට බැස්සම සොමිය වැඩියි.. ඉර බහින වෙලාව ළංවෙලා නිසාද මංදා පාරෙ ගිය හැම ලේලම මට පෙනුණෙ තැඹිලි පාටට..

"අද තියෙන ෂෝ එක මොකක්ද හිරූ..?"

චමිල පාරෙ ගිය තඩි සයිස් කෙල්ලෙක්ට ඇහැක් ගහන ගමන් මගෙන් ඇහුවා..

"මම කොහොමද බං දන්නෙ..? පෙන්නන මගුලක් බලලා එමු.."

මට තද උනා කියලා දැනුණ නිසා ඌ වෙන මුකුත්ම කිව්වෙ නෑ..

"මචං.. නිකම්ම ඉදගෙන ඕක බලන්න ගියොත් සොරි වෙනවා.. හපන්න මොනව හරි අරන් යමු.."

පළවෙනි බස් එකෙන් බැහැපු ගමන්ම චමිලයා ආපහු උගේ හැකර කට ඇරියා.. ඒත් පාර එහා පැත්තෙ මහා විසාලෙට බැබලි බැබලි තිබුණ ස්විට් හව්ස් එක දකිද්දි නං ඒ කතාවට විරුද්ධ වෙන්න මට හිතුණෙ නෑ.. අපි තුන්දෙනා කතාවක් නැතුවම පාර පනින්න හැදුවා.. ඉස්සරනම් අපිට කියටලා දිලා තියෙන්නෙ පාර මාරු වෙන්න කලින් වම බලන්න, දකුණ බලන්න, නැවතත් වම බලන්න කියලනෙ.. අපිත් ඉතිං විනය ගරුක ළමයි විදියට ඔය කියලා තියෙන හැම පැත්තක්ම බලලා පාරෙ බාගයක් මාරු උනා.. ඉතුරු බාගෙට වාහන එන්නෙ අනිත් පැත්තෙන්නෙ කියලා බැලුවට ඒ පැත්තෙ කිසිම වාහනයක් නෑ.. අපි ඒ ටිකත් පනිද්දි කණ ගාව හෙණ ගැහුවා වගේ හෝන් සද්ද ඇහෙන්න ගත්තා.. යකෝ බැලින්නං ඒ බාගෙන් වාහන එන්නෙ කලින් ආපු පැත්තෙන්නෙ..

"කාලා වරෙන්කො.. මේක දැන් වන් වේ ද කොහෙද..?"

මං කියද්දි තමයි අපේ මෝඩ ජෝඩුවටත් ගොනාට වගේ තේරුණේ.. ඒත් ඉතිං මක්ක කරන්නද..? බණ්ඩා කොළඹ ගියා වගේ අපි පැනලා ඉවරනෙ..

"වම බලලා දකුණ බලලා පනිද්දි මිනිය තමයි දැන් උස්සන්න වෙන්නෙ.. මේ පාරවල් වැඩි හරියක වාහන යන්නෙ එක පැත්තකින් විතරනෙ.."

මෙච්චර වෙලා හෝන් උඩ නැගගෙන සද්ද දාපු ඩ්රයිවර් මාමලා අත දික් කරලා මව් ගුණ ගයද්දි ප්ලූටෝට හෙමීට කියවුණා.. අපි ඒ කතාව අමතක කරලා ස්වීට් හවුස් එකට පය තිබ්බා..

"මෙතනනේ මචං මරු බඩු තියෙන්නෙ.."

පාට පාටින් පැකට් කරලා තිබුණ රස කැවිලි දිහායි ඒවා විකුණන්න හිටපු නංගිලා දිහායි බලද්දි මගේ කටටත් බ්රේක් නැති උනා.. නම නොදන්න නාට්ටියක් බලනවට වඩා හොද නැද්ද මේ වගේ තැනක පැයක් දෙකක් හිටගෙන ඉන්න එක..

"මොනවා හරි ගනිං.."

චමිල මාව තල්ලු කලේ ලස්සන කෙල්ලෙක් හිටපු පැත්තට.. ඒකිගෙ කම්මුල් දෙක බූන්දි පාටයි.. තොල් දෙක ජුජුබ්ස් කෑලි දෙකක් වගේ..

"නංගි මට උම්මා පැකට් එකක් දෙන්න.."

මගේ කතාවට කෙල්ලගෙ ඇස් දෙක මුංගුලි දෙකක් තරමට ලොකු උනා.. චමිලයයි ප්ලූටොයි පිටි පස්සෙන් ඉදගෙන මට සප් එක දෙනවා..

"මොකද හලෝ බයවෙලා..? ඇයි උම්මා නැද්ද..?"

"තමුසෙට පිස්සුද..?"

කතාකරගන්න පුළුවන් උන ගමන්ම කෙල්ල හෙන ගැන්සි ටෝක් එකක් දුන්නෙ.. මෙහෙමද මුන් පාරිබෝගිකයන්ට කතා කරන්නෙ..

"චී.. චී.. නංගි හරිම කැතයි.. මොකක්ද ගිය ඉස්කෝලෙ..?"

ඉස්සරහට ආපු අපේ බඩා කෙල්ලට සයිස් එක දානවා.. උගේ සද්දන්ත ශරීරෙට ඒකිගෙ රැස් ටිකක් බැස්සා..

"එහෙම ඒවා නෑ.."

ඒකිත් ගේම අතාරින්නැති පාටයි.. ඇයි යකෝ මේ ඇස් දෙකට පෙනි පෙනි බොරු කියනවනෙ.. ඕවා තමයි මට දිරවන්නෙ නැත්තෙ..

"නංගි මේ.. ගේමට බහින්න කලින් සාමෙන් අහන්නෙ.. දෙනවද නැද්ද..?"

මං ඇගිල්ල ඒකිගෙ මූණට දික් කරද්දිම කැෂියර් එකේ කොල්ලා අපි ළගට ආවා..

"ඇයි මල්ලි මොකක්ද ප්රශ්නෙ..?"

"මෙයා මේ බඩු තියාගෙන නෑ කියනවා.."

"මොනවද ඔයාලට ඕනෙ.."

"කිසස්.."

අරකිගෙ ඇස් දෙක ඒ පාර නං කොණ්ඩ කැවුම් දෙකක් විතර එළියට පැන්නා.. අපේ ඩබල හිනා වෙද්දි අර කැෂියර් කොල්ලම ගිහින් කිසස් පැකට් එකට බිල දාලා අරන් ආවා..

"හලෝ මේ.. අනිත් දවසෙවත් බඩුවල නම් දැනගන්නවා සිංහලෙන්.. මොකද මේක ලංකාව.."

කිසස් පැකට් එක කෙල්ලගෙ මූණට දික් කරලා කියාගෙනම මං එළියට බැස්සා..

"මොනවද බං ඔය පොඩි දේට උඹ අතන දාපු ඇඩ් එක..?"

ප්ලූටො උගේ සද්ගුණවත් භාවය ප්රකාශ කරන්න හදනවා. අපි නොදන්න මොණරතැන්න..

අපි තුන්දෙනා ලුම්බිණි රගහල ළගට යද්දි නාට්ටිය පටන් ගන්නත් කිට්ටුයි.. අපි දඩිබිඩි ගාලා හෝල් එකට එන්ටර් උනා..

"මචංලා උඹලා දෙන්නා මගේ ළගම හිටපං හරිද..?"

හෝල් එකේ කළුවරට ඇතුල් උනා විතරයි චමිලයගෙ ස්ත්රී පුරුෂභාවය මාරු වෙලාද කොහෙද..  නැත්තං මූ මේ වගේ නංගි ටෝක්ස් දෙයියෑ.. අපි චමිලව මැද්දෙන් දාලා දෙපැත්තෙන් වාඩි උනා..

"මේ.. හිරූෂ නේද..?"

මේ අඩ අදුරෙ මගේ එහා පැත්තෙ හිටපු බුවාමාව අදුරගෙන.. ඒත් මට මිනිහගෙ මූණ පැහැදිලි නෑ..

"අදුරන්න බැරිද..? මං ක්ලාස් එකේ මතීෂ.."

අප්පට සිරි.. දැන් තමයි මීටර් උනේ.. මේ අපේ පංතියෙ ඉන්න අපේ වයසෙම කොල්ලෙක්.. ඒත් මූ දන්න තරමට තනියම ඉන්න පොරක් නෙමෙයි.. මූටත් ඉන්නවා අගසව් කෙනෙක්..

"කවුරු එක්කද ආවේ..?"

"වෙන කවුද ඉතිං.. මගේ ෆිට්එක තාරු එක්ක.."

ඔව්නෙ.. මිනිහගෙ යාළුවගෙ නම තාරුක.. පංතියෙදි නම එල්ලගෙන ඉන්න එක වදයක් උනාට ඒ වැඩේ නිසා කට්ටියව ඉක්මනට මතක හිටිනවා.. මං චමිලටයි, ප්ලූටෝටයි මතීෂලව පෙන්නුවා..

"ඕකනේ මචං කියන්නෙ ඕන කුණු ගොඩක් බේරුවල් බොක්කෙදි සෙට් වෙනවා කියලා.. දාපං පහක්.."

කට්ටිය එකාට එකා කතා කරලා ෆිට් උනා.. ඔය අතරෙම තමයි නාට්ටිය පටන් ගත්තෙ.. අපි නාට්ටිය බලන එකයි කතාව දාන එකයි බැලන්ස් එකේ කරන් ගියා..

"කාපං මචං.."

ප්ලූටො උගේ ළග තිබුණ කිසස් පැකට් එක මගේ පැත්තට මාරු කලා.. මමත් එකක් කටේ දාගෙන මතීෂ දිහාට හැරුණා..

"මතී.. ඕනෙද..?"

"මොනවද බං..?"

"උම්මා එකක්.."

ස්වීට් හවුස් එකේ කෙල්ලට දාපු ටෝකම මම නිකමට මතීෂට දාලා බැලුවා.. මිනිහා විනාඩියක් විතර යනකල් සද්දයක් නෑ.. ඌට ලැජ්ජ හිතුනද මංදා..

"එපා බං.."

ඒක ඌ කිව්වෙ ටිං ටිං වොයිස් එකකින්..

"ඇයි ඒ..?"

"මට උම්මා දෙන්න ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.."

යකෝ බලහල්ලකො මුගේ කැත හිත.. මූ හිතුවද දන්නෑ අපි එල් එල් එස් කියලා.. දෙන්න හිතයි හොම්බ ස්ටිකර් වෙන්න..

"උඹට ඒ වගේ උම්මා එකක් දෙන්න තරම් මේනියාවක් මට නෑ.. ඉදා කාපං.."

මං කිසස් පැකට් එක බලෙන්ම උගේ අතට දුන්නා.. අදුරෙ අතපත ගාලා වැඩේ මීටර් උනාම මතීෂට වගේම තාරුකටත් හිනා ගියා..

"මට අර සුදු කෑල්ල දැකලා පුරුදුයි.."

ස්ටේජ් එකේ හිටපු නිළියට ඇගිල්ලක් දික්කරන ගමන් චමිල කිව්වා.. ඇත්තමයි.. ඒ මූණෙ තිබ්බෙ හරිම හුරු පුරුදු ගතියක්.. ඒත් කවුද කියලා මීටර් වෙන්නෑ..

"ඔය අර හේමන්ත දුනුවිලගෙ ෆිල්ම් එකේ ප්රධාන නිළියනෙ.. අපි එදා ෂූටිං බලන්න ගියේ.."

තාරුක පටස් ගාලා කෙල්ලව අදුර ගත්තා.. මුන්ට නාට්ටියක දෙබසක් මතක තියාගන්න බැරි උනාට කෙල්ලන්ගෙ මූණු නම් හොදට මතකයි.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු..

මේ කෙල්ල එහෙනම් වේදිකා නාට්ටි වල රගපාලා පුරුද්දක් තියෙන කෙනෙක් වෙන්න ඇති.. ඒකනේ අපේ තාත්තා මේන් රෝල් එකටම තෝරගෙන තියෙන්නෙ.. ෆිල්ම් එකෙ ප්රධාන නිළිය මෙයා කියලා දන්නවා නං මං තාත්තා කතා කරපු වෙලේ ඔය ෆිල්ම් එකට යනවනෙ.. මට එදා වගේම අදත් ඒ ගැන පොඩි දුක්ක හිතුණා..

අපි නාට්ටිය බැලුවට වැඩිපුරම අවධානය යොමු කලේ කතාවට නෙමෙයි.. නළු නිලියන්ගෙ රංගනය, කටහඩ පාලනය, එයාලා ස්ටේජ් එකේ ඇවිදින විදිය වගේ ගොඩක් දේවල් අපි නෝට් කලා.. අපි තුන්දෙනා වගේම මතීෂයි තාරුකයි දෙන්නත් ඇවිත් තිබුණෙ ඒකටමයි..

"ඔන්න එහෙනං ඒකත් ඉවරයි.."

කතාවට මොලෝ අවධානයක් නැතුව අර කෙල්ලගෙ මූණ දිහා බලාගෙන ඉද්දි ස්ටේජ් එක අදුරු වෙලා තිර වලින් වැහුණා..

"මචං මට අර කෙල්ලගෙ නම හොයාගන්න ඕනෙ.."

මං හයියෙන් කියද්දි අපේ සෙට් එක මගේ දිහා බැලුවෙ පුදුම වෙලා..

"උඹට මොකාද ඒ පාර වැහුණු යකා.. මෙන්න මෙහෙ වරෙන් යන්න.."

හතර දෙනා එක පොරේට මාව පාර පැත්තට අදිනවා.. ඒත් මට යන්න හිතුනෙ නෑ..

"උඹලා විනාඩියක් ඔහොම හිටපං.. මං පටස් ගාලා එන්නම්.."

කට්ටියව එතන දාලා මං අඩියට දෙකටස්ටේජ් එක පිටිපස්සෙන් තියෙන පඩිපෙල පැත්තට ගියා.. යද්දි කෙල්ල එතන කවුද වැඩ කරන කෙනෙක් එක්ක කතාව.. මාව යාන්තං දැක්කා විතරයි ඒකි හෙන අහංකාර විදියට ගස්සලා යන්න ගියා.. පුහ්.. පුදුම උෂ්ණයක්නෙ තියෙන්නෙ.. හරි නංගි මං දවසක ඔය රැස් බස්සන්නංකො.. මම කොහොමත් බටර් පාන් වලට වඩා දයියා මිරිස් වලට ආසයි..

"කාවද හොයන්නෙ..?"

කෙල්ල එක්ක කතා කරපු මිනිහා එක පාරටම මගේ දිහාට හැරුණා..

"අයියෙ දැන් මෙතන ඉදලා ගියේ පවනි මිස් නේද..?"

"නෑ.. ඒ මිස්ගෙ නම පවනි නෙමෙයි නෙතුෂි.."

රායිට්.. වැඩේ ගොඩ.. මගේ කණා ප්රශ්නෙට මිනිහා අහු උනා.. දැන් ඉතිං මෙතන ඉන්නෙ ලොලිපොප් කන්නයෑ.. මං බොහොම දුක හිතෙන හිනාවක් දාලා එතනින් මාරු උනා..

"ආ.. උඹ ආවද..? අපි හිතුවා කෙල්ල උඹව රාත්රී බෝජන සංග්රහයට අරන් කියලා.."

මාව දැක්ක ගමන් චමිල් පල් ටෝකක් දැම්මා..

"පිස්සු හැදෙයි.. නෙතූ එහෙම කෙල්ලෙක් නෙමෙයි බං.."

"මොකා.. නෙතූ..?"

"ඔව්.. නෙතුෂි.."

මං ඒක කිව්වෙ කෙල්ල බලෙන් ළඝට ඇවිත් අතේ එල්ලිලා නම කියපු විදියට.. ප්ලූටොයි, චමිලටයි මාර පුදුමයි.. කෙල්ල ඉස්සරහ මං බලු උන හැටි මුන් දැක්කෙ නෑනෙ..

"උඹ නං සිරා පොරක් මචං.."

මං අහක බලාගෙන කොලර් එක උස්සන ගමන් පාරට ආවා..

"බස් තියෙයිද මංදා..?"

මතීෂ පාර ළගට ආවෙ එහෙම කියාගෙන.. ඒත් අපිටනං ප්රශ්නයක් නෑ.. පාරෙ ඕන තරම් බස් තියෙනවා.. මතීෂලට බස් නැති උනොත් කරන්න වෙන්නෙ උන් පාරෙ තියලා ගෙදර යන එක.. එහෙම නැත්තං අපිටත් උන් එක්කම පාරෙ ඉන්න වෙනවා.. ඇයි ඉතිං මතීෂවයි, තාරුකවයි සෙවනට අරන් ගියොත් අපිත් එක්ක සෙත්තපෝච්චි වෙනවනෙ..

"හයිලෙවල් එකේනං ඕන තරම් බස් තියෙනවා.. එතනින් එහාට ත්රී වීල් එකකවත් යමු.."

මුන් දෙන්නව හයිලෙවල් එකේ බැරිනං ලෝ ලෙවල් එකේ හරි ගෙදර යවා ගන්න බලන්න ඕනෙ..

"උඹලා ගාව වීල් එකක යන්න සල්ලි තියෙනවද..?"

"ඔව් මචං බඩු හෑව්.."

තාරුක ඩෙනිමෙ පිටිපස්සෙ පාක්කුවට තට්ටු කරලා එහෙම කියද්දි තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ.. උන් දෙන්නට දෙයියනේ කියලා බස් එකක් ආවට පස්සෙ අපිත් බස් එකකට නැග ගත්තා..

"හිරූ.. පාවෙන පීරිසියක් තිබුණා නම් ආතල් එකේ යන්න තිබුණා නේද..?"

ප්ලූටොටත් එන්නෙ පට්ට අදහස්.. ඌයි මායි විතරක් හිටියනං පීරිසියක යන්න තිබුණා.. ඒත් අපේ බඩා.. ඌට හරියන්නෙ පාවෙන බැරල් පියනක් වගේ දෙයක් තමයි..

[QUOTE="crazybuddy, post: 12552441, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-hl24izRySJ4/T5BrqVojoxI/AAAAAAAABt4/57bMUQEjO-U/s640/Cover-1.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [IMG]http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂූටිං බලන්න ගිය දවසෙන් පස්සෙ මං ක්ලාස් ගියාට වැඩිය සර්ට මූණ දුන්නෑ.. ඒකට හේතුව තමයි මාව ගොඩක් අගය කරන මේ මනුස්සයගෙ මූණ දිහා බලාගෙන බොරුවක් කරන්න බැරිකම.. මං එහෙම හිතුවට මාසයක් විතර යද්දි සර්ගෙ හොදම ගෝලයා උනේ මම.. එයා මාව කණ්ඩායමේ නායකයා විදියට නම් කෙරුවෙත් ඒ නිසාමයි.. ඒත් මට නං ඒක මහ වදයක් උනා.. ඇයි දෙයියනේ හැම වැඩකටම හිරූෂ.. හිරූෂ.. හිරූෂ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි බලන සතියෙ මුහුදු පුත්තු ඩ්රාමා එක කරමු.. අපිට මෙහෙ ස්ටේජ් එකේම කරන්න පුළුවන්.. හිරූෂ පුතා කණ්ඩායම ලෑස්තියිනෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සර් සුපුරුදු විදියට ප්රශ්නෙ දැම්මෙ මට.. මමත් තදයා වගේ ඔව් සර් කියලා ඔළුව වැනුවට මොකෝ දියෝනිස්ගෙ චරිතෙට හිටපු මමවත් තාම දෙබස් ටික පාඩම් කරලා නෑ.. හැබැයි අමාරුවෙන් හරි පාඩම් කරගන්න ඕනෙ.. මොකද සරාගෙ චරිතෙට ඉන්නෙ සමාධිනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් කට්ටියට දෙබස් පාඩංද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කිරිමැටි ගිලපු කිඹුලා වගේ උත්තරයක් නොදීම අනිත් කට්ටිය දිහා බැලුවා.. උන් ටික මං වගේම ඇඹරෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න එදාට දෙබස් මතක තියාගෙන හොදට කරන්න ඕනෙ.. මං හේමන්ත දුනුවිල මහත්තයටත් ඒක බලන්න එන්න කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සර් ඒක කියද්දිම චමිලයි ප්ලූටොයි කතාවෙලා වගේ මගේ මූණට එබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපං.. රහස් රකින් එක කොච්චර අමාරු වැඩක්ද කියලා.. එක බොරුවක් වහන්න තව බොරු දාහක් කරන්න වෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලූටොගෙ කතාවට උගේ කටේ රුපියල් දාහක් ඔබන්න වටිනවා.. මොකද ඒ කතාව අමූලික ඇත්තක්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට එදාටත් කොහේ හරි රිදෙන්න ගනීද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චමිලයා ඒක ඇහුවෙ මහා චාටර් විදියට.. පිස්සු හැදෙයි.. සමාධි වගේ බොනික්කියක් එක්ක රගපානන් තියෙන මේ චාන්ස් එක මං කීයටවත් නැති කරගන්නෑ.. තාත්තා බැරි නම් ඕන කෙනෙක් ආපුදෙන්.. මට රගපාන්න බෑ කියලා කවුරු හරි හිතනවා නම් මං එදාට තමයි උන්ට පාඩමක් උගන්නන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න බලපං බං එදාට තමයි මිස්ටර් හේමන්ත දුනුවිලට මගේ ඇක්ටින් පාර දැකලා බඩ කොරවෙන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ටිකක් සද්දෙට ඒක කිව්වෙ වටේ පිටේ උන්ටත් ඇහෙන්න.. අපේ ඩබල විතරක් නෙමෙයි සමාධියි, නයෝමියි දෙන්නත් පටස් ගාලා මගේ දිහාට හැරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙහෙම දෙබස් පාඩම් කරලා විතරක් වැඩේ ගොඩදාගන්න බෑ.. දවසක යමං හොද වේදිකා නාට්ටියක් බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට නිකමටවත් මතක් නොවුණ වැදගත් කාරණයක් ප්ලූටො මතක් කළා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රා..යිට්.. එළකිරි අයිඩියා එක.. ඒත් කොහෙද හොද වේදිකා නාට්ටි තියෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ටිකක් කල්පනා කරලා බැලුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං දැක්කා ලුම්බිණි රගහලේ සික්ස් තර්ටි ෂෝ වගයක් දාලා තියෙනවා සතිය පුරාම.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ කතාවට හොරෙන් ඇන්ටනාව දාගෙන හිටපු සමාධි මගෙ මූණට එබිලා ඒක කියපු තාලෙට මගේ හද කිළිපොලා ගියා.. ඒත් ඉතිං මේක ක්ලාස් එකනෙ.. සේරටම වඩා ඒකි මට අක්නේ වෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනං අපි අද හවස ෂෝ එකට සෙට් වෙමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෆිට් තමා.....යි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කට්ටිය පහක් දාලා වැඩේ කන්ෆර්ම් කරගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගෙදරදි බණ්ඩයියටත් කාරණාව පැහැදිලි කරලා අපේ තාත්තටත් කෝල් කරලා විස්තරේ කියලා අපි තුන්දෙනා නමෝ විත්තියෙන් හවස එළියට බැස්සා.. උදේ පාන්දර පංති ගිහින් දවල් වෙලා ගෙදර එනවට වඩා මේ වගේ වෙලාවක එළියට බැස්සම සොමිය වැඩියි.. ඉර බහින වෙලාව ළංවෙලා නිසාද මංදා පාරෙ ගිය හැම ලේලම මට පෙනුණෙ තැඹිලි පාටට..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අද තියෙන ෂෝ එක මොකක්ද හිරූ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චමිල පාරෙ ගිය තඩි සයිස් කෙල්ලෙක්ට ඇහැක් ගහන ගමන් මගෙන් ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මම කොහොමද බං දන්නෙ..? පෙන්නන මගුලක් බලලා එමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට තද උනා කියලා දැනුණ නිසා ඌ වෙන මුකුත්ම කිව්වෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං.. නිකම්ම ඉදගෙන ඕක බලන්න ගියොත් සොරි වෙනවා.. හපන්න මොනව හරි අරන් යමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පළවෙනි බස් එකෙන් බැහැපු ගමන්ම චමිලයා ආපහු උගේ හැකර කට ඇරියා.. ඒත් පාර එහා පැත්තෙ මහා විසාලෙට බැබලි බැබලි තිබුණ ස්විට් හව්ස් එක දකිද්දි නං ඒ කතාවට විරුද්ධ වෙන්න මට හිතුණෙ නෑ.. අපි තුන්දෙනා කතාවක් නැතුවම පාර පනින්න හැදුවා.. ඉස්සරනම් අපිට කියටලා දිලා තියෙන්නෙ පාර මාරු වෙන්න කලින් වම බලන්න, දකුණ බලන්න, නැවතත් වම බලන්න කියලනෙ.. අපිත් ඉතිං විනය ගරුක ළමයි විදියට ඔය කියලා තියෙන හැම පැත්තක්ම බලලා පාරෙ බාගයක් මාරු උනා.. ඉතුරු බාගෙට වාහන එන්නෙ අනිත් පැත්තෙන්නෙ කියලා බැලුවට ඒ පැත්තෙ කිසිම වාහනයක් නෑ.. අපි ඒ ටිකත් පනිද්දි කණ ගාව හෙණ ගැහුවා වගේ හෝන් සද්ද ඇහෙන්න ගත්තා.. යකෝ බැලින්නං ඒ බාගෙන් වාහන එන්නෙ කලින් ආපු පැත්තෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාලා වරෙන්කො.. මේක දැන් වන් වේ ද කොහෙද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කියද්දි තමයි අපේ මෝඩ ජෝඩුවටත් ගොනාට වගේ තේරුණේ.. ඒත් ඉතිං මක්ක කරන්නද..? බණ්ඩා කොළඹ ගියා වගේ අපි පැනලා ඉවරනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වම බලලා දකුණ බලලා පනිද්දි මිනිය තමයි දැන් උස්සන්න වෙන්නෙ.. මේ පාරවල් වැඩි හරියක වාහන යන්නෙ එක පැත්තකින් විතරනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා හෝන් උඩ නැගගෙන සද්ද දාපු ඩ්රයිවර් මාමලා අත දික් කරලා මව් ගුණ ගයද්දි ප්ලූටෝට හෙමීට කියවුණා.. අපි ඒ කතාව අමතක කරලා ස්වීට් හවුස් එකට පය තිබ්බා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙතනනේ මචං මරු බඩු තියෙන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාට පාටින් පැකට් කරලා තිබුණ රස කැවිලි දිහායි ඒවා විකුණන්න හිටපු නංගිලා දිහායි බලද්දි මගේ කටටත් බ්රේක් නැති උනා.. නම නොදන්න නාට්ටියක් බලනවට වඩා හොද නැද්ද මේ වගේ තැනක පැයක් දෙකක් හිටගෙන ඉන්න එක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවා හරි ගනිං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චමිල මාව තල්ලු කලේ ලස්සන කෙල්ලෙක් හිටපු පැත්තට.. ඒකිගෙ කම්මුල් දෙක බූන්දි පාටයි.. තොල් දෙක ජුජුබ්ස් කෑලි දෙකක් වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නංගි මට උම්මා පැකට් එකක් දෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කතාවට කෙල්ලගෙ ඇස් දෙක මුංගුලි දෙකක් තරමට ලොකු උනා.. චමිලයයි ප්ලූටොයි පිටි පස්සෙන් ඉදගෙන මට සප් එක දෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද හලෝ බයවෙලා..? ඇයි උම්මා නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තමුසෙට පිස්සුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාකරගන්න පුළුවන් උන ගමන්ම කෙල්ල හෙන ගැන්සි ටෝක් එකක් දුන්නෙ.. මෙහෙමද මුන් පාරිබෝගිකයන්ට කතා කරන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"චී.. චී.. නංගි හරිම කැතයි.. මොකක්ද ගිය ඉස්කෝලෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්සරහට ආපු අපේ බඩා කෙල්ලට සයිස් එක දානවා.. උගේ සද්දන්ත ශරීරෙට ඒකිගෙ රැස් ටිකක් බැස්සා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම ඒවා නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒකිත් ගේම අතාරින්නැති පාටයි.. ඇයි යකෝ මේ ඇස් දෙකට පෙනි පෙනි බොරු කියනවනෙ.. ඕවා තමයි මට දිරවන්නෙ නැත්තෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නංගි මේ.. ගේමට බහින්න කලින් සාමෙන් අහන්නෙ.. දෙනවද නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇගිල්ල ඒකිගෙ මූණට දික් කරද්දිම කැෂියර් එකේ කොල්ලා අපි ළගට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි මල්ලි මොකක්ද ප්රශ්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙයා මේ බඩු තියාගෙන නෑ කියනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද ඔයාලට ඕනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කිසස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අරකිගෙ ඇස් දෙක ඒ පාර නං කොණ්ඩ කැවුම් දෙකක් විතර එළියට පැන්නා.. අපේ ඩබල හිනා වෙද්දි අර කැෂියර් කොල්ලම ගිහින් කිසස් පැකට් එකට බිල දාලා අරන් ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හලෝ මේ.. අනිත් දවසෙවත් බඩුවල නම් දැනගන්නවා සිංහලෙන්.. මොකද මේක ලංකාව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කිසස් පැකට් එක කෙල්ලගෙ මූණට දික් කරලා කියාගෙනම මං එළියට බැස්සා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද බං ඔය පොඩි දේට උඹ අතන දාපු ඇඩ් එක..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලූටො උගේ සද්ගුණවත් භාවය ප්රකාශ කරන්න හදනවා. අපි නොදන්න මොණරතැන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි තුන්දෙනා ලුම්බිණි රගහල ළගට යද්දි නාට්ටිය පටන් ගන්නත් කිට්ටුයි.. අපි දඩිබිඩි ගාලා හෝල් එකට එන්ටර් උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මචංලා උඹලා දෙන්නා මගේ ළගම හිටපං හරිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හෝල් එකේ කළුවරට ඇතුල් උනා විතරයි චමිලයගෙ ස්ත්රී පුරුෂභාවය මාරු වෙලාද කොහෙද.. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]නැත්තං මූ මේ වගේ නංගි ටෝක්ස් දෙයියෑ.. අපි චමිලව මැද්දෙන් දාලා දෙපැත්තෙන් වාඩි උනා..[/COLOR][/B] [B][COLOR=#783f04]"මේ.. හිරූෂ නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ අඩ අදුරෙ මගේ එහා පැත්තෙ හිටපු බුවාමාව අදුරගෙන.. ඒත් මට මිනිහගෙ මූණ පැහැදිලි නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අදුරන්න බැරිද..? මං ක්ලාස් එකේ මතීෂ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අප්පට සිරි.. දැන් තමයි මීටර් උනේ.. මේ අපේ පංතියෙ ඉන්න අපේ වයසෙම කොල්ලෙක්.. ඒත් මූ දන්න තරමට තනියම ඉන්න පොරක් නෙමෙයි.. මූටත් ඉන්නවා අගසව් කෙනෙක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුරු එක්කද ආවේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන කවුද ඉතිං.. මගේ ෆිට්එක තාරු එක්ක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්නෙ.. මිනිහගෙ යාළුවගෙ නම තාරුක.. පංතියෙදි නම එල්ලගෙන ඉන්න එක වදයක් උනාට ඒ වැඩේ නිසා කට්ටියව ඉක්මනට මතක හිටිනවා.. මං චමිලටයි, ප්ලූටෝටයි මතීෂලව පෙන්නුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕකනේ මචං කියන්නෙ ඕන කුණු ගොඩක් බේරුවල් බොක්කෙදි සෙට් වෙනවා කියලා.. දාපං පහක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කට්ටිය එකාට එකා කතා කරලා ෆිට් උනා.. ඔය අතරෙම තමයි නාට්ටිය පටන් ගත්තෙ.. අපි නාට්ටිය බලන එකයි කතාව දාන එකයි බැලන්ස් එකේ කරන් ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාපං මචං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලූටො උගේ ළග තිබුණ කිසස් පැකට් එක මගේ පැත්තට මාරු කලා.. මමත් එකක් කටේ දාගෙන මතීෂ දිහාට හැරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මතී.. ඕනෙද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද බං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උම්මා එකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ස්වීට් හවුස් එකේ කෙල්ලට දාපු ටෝකම මම නිකමට මතීෂට දාලා බැලුවා.. මිනිහා විනාඩියක් විතර යනකල් සද්දයක් නෑ.. ඌට ලැජ්ජ හිතුනද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එපා බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක ඌ කිව්වෙ ටිං ටිං වොයිස් එකකින්.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඒ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට උම්මා දෙන්න ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යකෝ බලහල්ලකො මුගේ කැත හිත.. මූ හිතුවද දන්නෑ අපි එල් එල් එස් කියලා.. දෙන්න හිතයි හොම්බ ස්ටිකර් වෙන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට ඒ වගේ උම්මා එකක් දෙන්න තරම් මේනියාවක් මට නෑ.. ඉදා කාපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කිසස් පැකට් එක බලෙන්ම උගේ අතට දුන්නා.. අදුරෙ අතපත ගාලා වැඩේ මීටර් උනාම මතීෂට වගේම තාරුකටත් හිනා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට අර සුදු කෑල්ල දැකලා පුරුදුයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ස්ටේජ් එකේ හිටපු නිළියට ඇගිල්ලක් දික්කරන ගමන් චමිල කිව්වා.. ඇත්තමයි.. ඒ මූණෙ තිබ්බෙ හරිම හුරු පුරුදු ගතියක්.. ඒත් කවුද කියලා මීටර් වෙන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය අර හේමන්ත දුනුවිලගෙ ෆිල්ම් එකේ ප්රධාන නිළියනෙ.. අපි එදා ෂූටිං බලන්න ගියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාරුක පටස් ගාලා කෙල්ලව අදුර ගත්තා.. මුන්ට නාට්ටියක දෙබසක් මතක තියාගන්න බැරි උනාට කෙල්ලන්ගෙ මූණු නම් හොදට මතකයි.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ කෙල්ල එහෙනම් වේදිකා නාට්ටි වල රගපාලා පුරුද්දක් තියෙන කෙනෙක් වෙන්න ඇති.. ඒකනේ අපේ තාත්තා මේන් රෝල් එකටම තෝරගෙන තියෙන්නෙ.. ෆිල්ම් එකෙ ප්රධාන නිළිය මෙයා කියලා දන්නවා නං මං තාත්තා කතා කරපු වෙලේ ඔය ෆිල්ම් එකට යනවනෙ.. මට එදා වගේම අදත් ඒ ගැන පොඩි දුක්ක හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි නාට්ටිය බැලුවට වැඩිපුරම අවධානය යොමු කලේ කතාවට නෙමෙයි.. නළු නිලියන්ගෙ රංගනය, කටහඩ පාලනය, එයාලා ස්ටේජ් එකේ ඇවිදින විදිය වගේ ගොඩක් දේවල් අපි නෝට් කලා.. අපි තුන්දෙනා වගේම මතීෂයි තාරුකයි දෙන්නත් ඇවිත් තිබුණෙ ඒකටමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න එහෙනං ඒකත් ඉවරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාවට මොලෝ අවධානයක් නැතුව අර කෙල්ලගෙ මූණ දිහා බලාගෙන ඉද්දි ස්ටේජ් එක අදුරු වෙලා තිර වලින් වැහුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං මට අර කෙල්ලගෙ නම හොයාගන්න ඕනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හයියෙන් කියද්දි අපේ සෙට් එක මගේ දිහා බැලුවෙ පුදුම වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට මොකාද ඒ පාර වැහුණු යකා.. මෙන්න මෙහෙ වරෙන් යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හතර දෙනා එක පොරේට මාව පාර පැත්තට අදිනවා.. ඒත් මට යන්න හිතුනෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලා විනාඩියක් ඔහොම හිටපං.. මං පටස් ගාලා එන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කට්ටියව එතන දාලා මං අඩියට දෙකටස්ටේජ් එක පිටිපස්සෙන් තියෙන පඩිපෙල පැත්තට ගියා.. යද්දි කෙල්ල එතන කවුද වැඩ කරන කෙනෙක් එක්ක කතාව.. මාව යාන්තං දැක්කා විතරයි ඒකි හෙන අහංකාර විදියට ගස්සලා යන්න ගියා.. පුහ්.. පුදුම උෂ්ණයක්නෙ තියෙන්නෙ.. හරි නංගි මං දවසක ඔය රැස් බස්සන්නංකො.. මම කොහොමත් බටර් පාන් වලට වඩා දයියා මිරිස් වලට ආසයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාවද හොයන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ල එක්ක කතා කරපු මිනිහා එක පාරටම මගේ දිහාට හැරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියෙ දැන් මෙතන ඉදලා ගියේ පවනි මිස් නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. ඒ මිස්ගෙ නම පවනි නෙමෙයි නෙතුෂි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රායිට්.. වැඩේ ගොඩ.. මගේ කණා ප්රශ්නෙට මිනිහා අහු උනා.. දැන් ඉතිං මෙතන ඉන්නෙ ලොලිපොප් කන්නයෑ.. මං බොහොම දුක හිතෙන හිනාවක් දාලා එතනින් මාරු උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. උඹ ආවද..? අපි හිතුවා කෙල්ල උඹව රාත්රී බෝජන සංග්රහයට අරන් කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මාව දැක්ක ගමන් චමිල් පල් ටෝකක් දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සු හැදෙයි.. නෙතූ එහෙම කෙල්ලෙක් නෙමෙයි බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකා.. නෙතූ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. නෙතුෂි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඒක කිව්වෙ කෙල්ල බලෙන් ළඝට ඇවිත් අතේ එල්ලිලා නම කියපු විදියට.. ප්ලූටොයි, චමිලටයි මාර පුදුමයි.. කෙල්ල ඉස්සරහ මං බලු උන හැටි මුන් දැක්කෙ නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ නං සිරා පොරක් මචං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං අහක බලාගෙන කොලර් එක උස්සන ගමන් පාරට ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බස් තියෙයිද මංදා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මතීෂ පාර ළගට ආවෙ එහෙම කියාගෙන.. ඒත් අපිටනං ප්රශ්නයක් නෑ.. පාරෙ ඕන තරම් බස් තියෙනවා.. මතීෂලට බස් නැති උනොත් කරන්න වෙන්නෙ උන් පාරෙ තියලා ගෙදර යන එක.. එහෙම නැත්තං අපිටත් උන් එක්කම පාරෙ ඉන්න වෙනවා.. ඇයි ඉතිං මතීෂවයි, තාරුකවයි සෙවනට අරන් ගියොත් අපිත් එක්ක සෙත්තපෝච්චි වෙනවනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හයිලෙවල් එකේනං ඕන තරම් බස් තියෙනවා.. එතනින් එහාට ත්රී වීල් එකකවත් යමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මුන් දෙන්නව හයිලෙවල් එකේ බැරිනං ලෝ ලෙවල් එකේ හරි ගෙදර යවා ගන්න බලන්න ඕනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලා ගාව වීල් එකක යන්න සල්ලි තියෙනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් මචං බඩු හෑව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාරුක ඩෙනිමෙ පිටිපස්සෙ පාක්කුවට තට්ටු කරලා එහෙම කියද්දි තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ.. උන් දෙන්නට දෙයියනේ කියලා බස් එකක් ආවට පස්සෙ අපිත් බස් එකකට නැග ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිරූ.. පාවෙන පීරිසියක් තිබුණා නම් ආතල් එකේ යන්න තිබුණා නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලූටොටත් එන්නෙ පට්ට අදහස්.. ඌයි මායි විතරක් හිටියනං පීරිසියක යන්න තිබුණා.. ඒත් අපේ බඩා.. ඌට හරියන්නෙ පාවෙන බැරල් පියනක් වගේ දෙයක් තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?ju7v4k0z3pow0hz"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom