෴ ප්ලාස්ටික් + මරණය ෴

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ෴ ප්ලාස්ටික් + මරණය ෴

    ප්ලාස්ටික් වර්ග​


    1. පෙට් (PET) - Poly Ethilene Terephthalate
    මේවා ඊතල තුනක් මැද අංක 1 සළකුණින් දක්වා තිබෙනවා.මේවා සකස් කර ඇත්තේ එක් වරක් පමණක් භාවිතා කර ඉවත දැමීම සඳහායි. වෙළෙඳපොලේ බහුලවම දකින්න තියෙන වතුර බෝතල්, බීම බෝතල්, කෑම පිසින තෙල් වර්ග අසුරා තබන බෝතල් මේ වර්ගය‍ට අයත් වෙනවා. මේවා අවර්ණ හෝ ලා නිල් වැනි ලා වර්ණයන්ගෙන් යුක්තයි. මේවායේ බ‍ඳෙහි කිසිම පෑස්සුම් සළකුණක් නැති අතර අඩියෙහි පමණක් ඇතුළට එබී ගිය තිතක් වැනි සළකුණක් දක්නට ලැබෙනවා. මේවා නිතර නිතර පාවිච්චි කිරීමේ දී මෙය සාදා ඇති දිගු දාමයන්ගෙන් සංයුක්ත අණු කැඩී ගැලවී එන්නට පුළුවන්. මේ බෝතල් උණු වතුරින් සේදීමේ දී හෝ සැර සබන් වලින් සේදීමේ දී ද මෙලෙස අණු ගැලවී එනවා. මේ කුඩා ප්ලාස්ටික් අණු හඳුන්වන්නේ Plastizicers හෙවත් Toxins (විෂ) ලෙසයි.

    2. අධික ඝණකමින් යුත් පොලිතීන් (HDPE) - High Density Poly Ethilene
    මේ වර්ගය ඊතල තුනක් මැද අංක 2 ලෙස‍ දක්වනවා. මේවා නිෂ්පාදනය කරන ආකාරය අනුව බඳෙහි අතට අසුවන ආකාරයේ සමමිතික දාරයක් දක්නට ලැබෙනවා. මේ ප්ලාස්ටික් වර්ගය භාවිතා කරන්නේ විෂබීජ නාශක දියර, පිරිසිදුකාරක දියර, පළතුරු යුෂ, කිරි වැනි දේ ඇසුරුම් කිරීමටයි.

    3. පී.වී.සී. (PVC) - Poly Vinyl Chloride
    මේවා අංක 3 ලාංජනයෙන් දක්වා තිබෙනවා. පී.වී.සී. නමින්ම හඳුන්වන බට වර්ග, බෝතල්, පෙට්ටි හා විනාකිරි වැනි දේ ඇසුරුම් කරන භාජනත් මෙයින් නිපදවනවා. මේවා බොහෝ දුරට පෙනුමින් HDPE වලට සමානයි.

    4. අඩු ඝණකමින් යුත් පොලිතීන් (LDPE) - Low Density Poly Ethilene
    මේවා අංක 4 ලකුණින් දැක්විය යුතුයි. ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් සහ කෑම ඔතන ෂීට් සාදා ඇත්තේ මේවායින්.

    5. පොලි ප්‍රොපලීන් - Poly Propylene
    යෝගට් කෝප්ප, බීම බට, බෝතල් මූඩි ආදිය සකස් කර ඇත්තේ මේ ප්ලාස්ටික් වර්ගයෙන්. ඊතල තුනක් මැද 5 අංකයෙන් මේවායේ සළකුණ දැක්වෙනවා.

    6. පොලිස්ටරීන් - Polystyrene
    මේ ප්ලාස්ටික් වලින් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, යෝගට් කෝප්ප ආදිය නිපදවයි. මේවා අංක 6 යටතේ ගොණු කර තිබෙනවා.

    7. විශේෂ අවශ්‍යතා අනුව නිපදවන ප්ලාස්ටික්
    මීට අමතරව විශේෂ අවශ්‍යතා සඳහා ප්ලාස්ටික් වර්ග කිහිපයක් එක‍ට අලවා නිපදවන ‍ටෙට්‍රාපැක් (Tetrapack), මෙටලයිස්ඩ් (Metalized), පොලිඑතිලීන්(Poly Ethilene) හා විවිධ රසායනික සංයෝගයන්ගෙන් සාදන ප්ලාස්ටික් වර්ග අංක 7-19 යටතේ දැක්වේ.



    මයික්‍රොවේව් උඳුන් සඳහා භාවිතා කිරීමට උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි පරිදි නිපදවා ඇති 'මයික්‍රොවේව් කළ හැක' ලෙස සඳහන් භාජන පමණක් ම යොදාගත යුතුයි. මන්ද යත් අප භාවිතා කරන භාජනය Food Grade Plastic වුවත් උණුසුමට ඔරොත්තු නොදේ නම් එවිටත් ආහාර වලට විෂ (Toxins) එක් වීමේ විශාල අවදානමක් පවතිනවා. තෙල් සහිත ආහාර ද්‍රව්‍ය උණුසුම්ව ප්ලාස්ටික් භාජන වලට දැමීම මෙන්ම විනාකිරි, සෝස් හෝ ලුණු සහිත ආහාර උණුසුම්ව දැමීමත් එක සේ හානිකර වන්නට පුළුවන්.

    ප්ලාස්ටික් වලින් ගැලවී ආහාර වලට එකතු විය හැකි විෂ වර්ග කිහිපයක් පර්යේෂකයින් විසින් සොයාගෙන තිබෙනවා. ඩයොක්සීන්ස් (Dioxins), ඇඩ්පේට්ස් (Adipates), පැතලේට්ස් (Phthalates), බිස්පීනෝල් ඒ (Bisphenol-A) එයින් සමහරක්. මෙවැනි විෂකාරක දිගින් දිගටම ශරීරගත වී ශරීර‍යේ තැන්පත් වීම නිසා අකල් මරණ, ශ්වසන පද්ධතියේ රෝග, පිළිකා, නොමේරූ දරු උපත්, ප්‍රජනක පද්ධතියේ විකෘති තත්ත්වයන්, හෘද රෝග හා හෝමෝන වල ක්‍රියාකාරීත්වය වෙනස් වීමෙන් ඇති වන විවිධ රෝග ඇති වන්නට පුළුවන්.

    මෙහි දී අපට කළ හැකි වන්නේ හැකි තරම් අපගේ සෞඛ්‍යයට ගැලපෙන පරිදි භාජන තෝරා ‍ගෙන පාවිච්චි කිරීමයි. ප්ලාස්ටික් වර්ග නිපදවන සමාගම් වැඩි ලාභ අපේක්ෂාවෙන් බාල අමුද්‍රව්‍ය යොදා නියමිත සළකුණු සඳහන් නොකර ඇසුරුම් නිපදවීම තමයි අද වැඩි වශයෙන්ම සිදු වෙන‍්නේ. මේ නිසා මෙසේ විෂ ද්‍රව්‍ය ශරීරගත වී රෝගාතුර වන්නන් සීඝ‍්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් තියනවා. මේ සම්බන්ධයෙන් රජය කිසිදු සැළකිල්ලක් නොදැක්වීම අවාසනාවන්ත කරුණක්. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පරිසර අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් බලපෑම් කළ යුතුව තිබෙනවා.

    ප්ලාස්ටික් ඇසුරුම් වල ආහාර ඇසිරීමේ දී අනිවාර්යයෙන්ම 'වීදුරුව සහ ගෑරුප්පුව' සළකුණ ඇති භාජන පමණක්ම යොදා ගන්න. පාසල් යන ඔබේ දරුවාට සැහැල්ලු බව හෝ නොමිලේම ලැබෙන නිසා PET වර්ගයේ වරක් පාවිච්චි කර ඉවත දැමිය යුතු බෝතල් වලට ජලය ගෙනයන්න දෙන්න එපා. ගෙදරට තීන්ත හෝ වෙනත් රසායන ද්‍රව්‍ය ගෙනා ඇසුරුම් කිසි ‍විටෙක ආහාර ඇසිරීමට යොදා ගන්න එපා. මන්ද යත් තම ආදරණීයයන්ගේ ජීවිත රැක ගැනීමේ වගකීමත් ඔබ සතු නිසා.



    හොදිනම් සලකලා යන්ට bump දාල යන්ට
     
    Last edited:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ela..

    1. පෙට් (PET) - Poly Ethilene Terephthalate
    මේවා ඊතල තුනක් මැද අංක 1 සළකුණින් දක්වා තිබෙනවා.මේවා සකස් කර ඇත්තේ එක් වරක් පමණක් භාවිතා කර ඉවත දැමීම සඳහායි.

    meka boru,:growl::growl: godak aya waradhdhagannawa.. onenam mungen ahapan.. www.viridislanka.com 1 kiyanne plastic identification code (google and see ) wala no 1
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    TFS >> REP+7 >>

    1. පෙට් (PET) - Poly Ethilene Terephthalate
    මේවා ඊතල තුනක් මැද අංක 1 සළකුණින් දක්වා තිබෙනවා.මේවා සකස් කර ඇත්තේ එක් වරක් පමණක් භාවිතා කර ඉවත දැමීම සඳහායි.

    meka boru,:growl::growl: godak aya waradhdhagannawa.. onenam mungen ahapan.. www.viridislanka.com 1 kiyanne plastic identification code (google and see ) wala no 1

    Good post

    thanks machoo