෴|මුකේෂ් අම්බානිගේ නවතම Yacht යාත්‍රාව

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ෴|මුකේෂ් අම්බානිගේ නවතම Yacht යාත්‍රාව

    මුකේෂ් අම්බානි කිව්වම විශේෂයෙන් හදුන්වලා දෙන්න දෙයක් නෑනෙ, ඉන්දියාවෙ වගේම ලෝකයේම ඉන්න සුපිරි ධනවතෙක්. ඔහු මෑතකදී ඉල්ලුම් කරපු yacht යාත්‍රාවේ තොරතුරු අඩංගු mail එකක් මට ලැබුනා subscribe වෙලා ඉන්න mailing-list එකකින්. මේ තියෙන්නෙ එහි අඩංගු වුන විස්තර.


    යාත්‍රාව හදන්න භාර අරගෙන තියෙන්නෙ ප්‍රංශ shipbuilder සමාගම සහ monaco සමාගමක්. මේ සුපිරි යාත්‍රාව දිගින් මීටර 58 ඒ වගේම පළලින් මීටර 38ක්. ඇස්මේන්තුගත වියදම යූරෝ මිලියන 20ක්.


    යාත්‍රාව වර්ග මීටර 3400ක පරිහරණය කලහැකි භූමි ප්‍රදේශකින් සමන්විත අතර මගීන් 12කට හා නැවියන් 20කට පහසුකම් සලසනවා.






    එහි වර්ග මීටර 900ක පැතිරුනු සූර්ය කෝශ පද්ධතියක් පවතින අතර ඒ මගින් කිලෝ වොට් 500ක පමණ විදුලි ධාරිතාවක් නිපදවෙනවා. මෙම ශක්තිය යාත්‍රාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 20-30% ප්‍රමාණයකටද විදුලි සැපයුමෙන් 40-50% ප්‍රමාණයක්ද සපුරා ගැනීමට යොදා ගන්නවා.





    යාත්‍රාව තට්ටු 3කින් සමන්විතයි. තට්ටු 3 යාකරමින් තරප්පු පෙලවල් හා විදුලි සෝපාන දිව යනවා. යාත්‍රාව තුල මීටර 25ක නාන තටාකයක්, ජිම් එකක්, සම්භාහන හලක්, සක්මන් මලුවක්, චිත්‍රපට ශාලාවක්, සංගීත ශාලාවක්, සූර්යතාපය ලැබීමට ශාලාවක්,හෙලිකොප්ටර් සදහා අංගනයක් අඩංගුයි.








    කෑම කාමරය බිම් මහලේ පිහිටා තිබෙන අතර සමුදුර දර්ශනයෙන් සමන්විතයි.




    අමුත්තන් සදහා වෙන්වුනු කාමර 5ක් පමන ඇති අතර ඒවාද සමුද්‍ර දර්ශනයන්ගෙන් පොහොසත්.





    මුකේෂ් අම්බානි

    Source:-Click Here
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    elzzzzz.........

    new-year-glitter-59.gif