Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ හිතුවක්කාර පුත්තු - Hithuwakkara Puththu ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අක්කා එහෙම කියලා සාලෙ පැත්තට ගියා. සියලු වස්දොස් නිවාරණයි කියලා මං හිතුවට අක්කා අන්තිමට කියපු වචන ටික මගේ හිතේ හතර පස් පාරක්ම කරකැවුණා. ඇයි අක්කා එහෙම දෙයක් කිව්වෙ..?[/FONT]

[FONT=&quot]පහුවෙනිදාටත් එළිවුණා. හර්ෂි ගැන හිත හිතා හිටිය මිසක මට රෑ නින්ද ගියෙත් නෑ. ඒත් මගේ වෙලාව අන්තිම හොඳයි කියන්නෙ, අයියකාරයා පොරගෙ අලුත්ම ෂර්ට් එකකුයි, කලිසමකුයි ගෙදර දාලා ගිහින් තිබුණා. උදේ වරුවෙ මං මුලින්ම කරේ ඒ දෙක මැදලා පැත්තකින් තියපු එක. කරුමෙටවත් ලයිට් ගියොත් හෙම කාට කියන්නද.?[/FONT]

[FONT=&quot]ෂර්ට් එකයි, කලිසමයි ඇඳගෙන මං අක්කගෙ කණ්නාඩි මේසෙ ඉස්සරහට ගියා. අම්මට හුඩු... යකෝ.. මේ මමද..? මටවත් මාව අඳුනගන්න බෑ වගේ. අද නම් කෑලි දෙක තුනක් සෙට් වෙන එක නම් බුදු සුවර්..[/FONT]

[FONT=&quot]හවස හතරවෙද්දි.. මං කොලෙජ් ලේන් එකට ගියා. ඒ යනකොටත් මං හිත හිතා ගියේ හර්ෂි අද එන එකක් නෑ කියලා. ඒ මදිවට පපුවත් මට නොකියා ස්පීඩ් එක වැඩි කරා. අද මං හර්ෂිට මොනවද කියන්නෙ..?[/FONT]

[FONT=&quot]අලුපාට බිංදු ඉහිරිච්ච රැළි ගවුමක් ඇඳන්, කලුපාට පීත්ත පටියකින් දිග කොණ්ඩෙ තද කරල බැඳන් ඉදපු හර්ෂිව මං ඈතදිම අඳුන ගත්තා. ඊයෙ එයාව ඇදගෙන දුවපු යාලුවත් එයාගෙ අතකින් අල්ලගෙන ළඟන්ම හිටියා.[/FONT]

[FONT=&quot]“නලුවා වගේ අද..”[/FONT]

[FONT=&quot]හර්ෂිගෙ යාලුවා, හර්ෂිට රහසින් වගේ කියපු එක ඇහිලා මගේ හිතට ආවෙ මාරම මාර ෆිට් එකක්. අන්න එහෙමනේ වෙන්න ඕන.[/FONT]

[FONT=&quot]“හෂි.. දැන් මම ඕන නැහැනේ.. තනියට දේව් අයියා ඉන්නවනේ.. මං අරලිය එක ගාව ඉන්නම්.. ඔයා එතෙන්ට එන්න..! මං යන්නම් අයියෙ..”[/FONT]

[FONT=&quot]හර්ෂිගෙ යාළුවා එහෙම කියලා අපි ළඟින් ඈත්වුණා. හර්ෂිගෙ ඇස් තිබුණෙ යාළුවා යන දිහාවෙ. ඊගාවට ඒ ඇස් මං දිහාවට හැරුණා. එදා ඒ ඇස්වල මං දැකපු අසරණකමම, අදත් ඒ රවුම් ඇස්වල මං දැක්කා.[/FONT]

[FONT=&quot]“අතන බංකුවට යමු නංගි..”[/FONT]

[FONT=&quot]කියන්න කිසිම දෙයක් ඔලුවට ඇවෙ නැති හින්ද මං කිව්වා. එයා බයවෙලා වගේ ඇස් ලොකු කරලා මං දිහා බැලුවා. පුංචි මුව පැටියෙක්ගෙ වගේ දිලිසුන ඒ ඇස්වල පුදුමාකාර තරමෙ අහිංසකකමක් මං දැක්කා.[/FONT]

[FONT=&quot]“එන්න...”[/FONT]

[FONT=&quot]මගේ පපුව දෙමෝලෙන් පිටි කොටද්දි මං හර්ෂිට කිව්වා. එයා බයෙන් බයෙන් වගේ මගේ පස්සෙන් ආවා. සිමෙන්ති බංකුව උඩ ලොකු ලේන්සුව එලල මං වාඩිවෙන ගමන් හර්ෂිගෙ මූණ දිහා බැලුවා. එයා තාමත් හිටගෙන. හර්ෂිට මං ගාවින් වාඩිවෙන්න කියල කියන්නත් මට මොකක්ද වගේ. මගේ හිතට දැනුණෙ කවදාවත් නැති තරමෙ තැතිගැන්මක්. ඒත් ටිකක් වෙලා යද්දි ඒ ඔක්කොම පස්සට දාලා මං කතා කරා.[/FONT]

[FONT=&quot]“මෙ.. මෙතනින් වාඩිවෙන්න.. හර්ෂි... ම.. මට.. ඔ.. ඔයත්තෙක්ක කතා කරන්නෝන..”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වම ඒ රවුම් ඇස්දෙක මං දිහාට හැරුණා. ලොකුම ලොකු කඳුලු බිංදු දෙකක් ඒ ඇස් දෙකේ හිරවෙලා තිබුණා.[/FONT]

[FONT=&quot]“ම.. මට බ.. බයයි දේව් අයියෙ.. මට බයයි.. බාප්පා ආවොතින් මට ගෙදරිනුත් යන්න වේවි. අද මං ආවෙත් හුඟක් අමාරුවෙන්.. ම.. මට යන්න ඕන දේව් අයියා..”[/FONT]

[FONT=&quot]රෝස පාට වෙලා තිබ්බ හර්ෂීගෙ රවුම් මූණ පුරාම මහා දුකක්, හැංගිලා තිබුණා. මට තවත් ඒ දිහා බලන් ඉන්න බෑ.. ඔය තරම් අහිංසක වෙන්න එපා හර්ෂි.[/FONT]

[FONT=&quot]“ඔයා දැන් ගෙදර ගියා කියලා වැඩක් වෙන්නෑනෙ නංගි.. අනිත්තෙක එයාල බලාවි ඔයා ක්ලාස් නොගියෙ ඇයි කියලා..?”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වම එයා වටපිට බලල එකපාරටම ඇවිත්, මං ගාවින් වාඩි වුණා.[/FONT]

[FONT=&quot]“අ.. අනේ අයියෙ අපේ බාප්පා හරි නපුරුයි.. මං අද මෙතන ඉන්නව කියල දන්නව නම් මාව මරල දාවි..”[/FONT]

[FONT=&quot]එයාගෙ කතාවට මගේ හිත හීතල වෙලා ගියා. පුදුමාකාර දුක්ක ඒ වචන පේලිවල ගැබ්වෙලා තිබුණා.[/FONT]

[FONT=&quot]“ඔයා නිතරම ඒ ගැන කල්පනා කරන්න එපා හර්ෂි.. මේ වෙලාවෙත් අපි බාප්පා ගැන කතා කරොත් හෙම, මිනිහගෙ නහය ගන්න දෙයක් නැතිවේවි කිවිසුම් ගිහින්..”[/FONT]

[FONT=&quot]මගේ කතාවට හර්ෂිගෙ මූණට යාංතමට හිනා පොදක් ආවා. මගේ හිතට දැනුණෙ ලොකු සතුටක්.[/FONT]

[FONT=&quot]“අයිය දන්නෑ අයියෙ.. මට මං ගැනම පුදුමයි. අයිය ඊයෙ මට මෙතෙන්ට එන්න කියපු වෙලාවෙ, බෑ කියල කියන්න මට හිතුණෙ නෑ.. ඒ ඇයි කියලා මං කොයි තරම් හිතුවත් මට තේරුම් ගන්න බැරිවුණා. අයියා හුඟක් හොඳයි කියලා මට හිතුණා..”[/FONT]

[FONT=&quot]“මං ඔයා ගැන මුලින්ම විස්තර දැනගත්තෙ අක්කගෙන්. ඔයා මම්මල ගාව ඉන්නෙ කිව්වෙත් අක්කමයි. අක්කා ඔයා ගැන කියපු දේවල්වලින් ඔයා ගැන ලොකු දුකක් මගේ හිතට දැනුණා..”[/FONT]

[FONT=&quot]කෙල්ලෙක් ඉස්සරහ මං මේ තරම් විවෘතව කවදාවත් කතා කරලා තිබ්බෙ නෑ. ඒත් හර්ෂිත් එක්ක කතා කරන්න, කරන්න මගේ හිත ශක්තිමත් වෙනවා කියලා මට දැනුණා.[/FONT]

[FONT=&quot]“මම්මල ගාව උන්නට මං හරිම අවාසනාවන්තයි අයියෙ.. මගේ අම්මියි, තාත්තියි මට නැතිවුණේ අවුරුදු 10දි.. එයාලා දෙන්න මට කොයි තරම් ආදරේ කරාද කියලා දන්නෙ මායි, උඩ ඉන්න දෙවියොයි විතරයි.. අනේ.. හ්.. හ්.. මං කොයි තරම් පව්කාරියක්ද අයියෙ.. හ්.. හ්..”[/FONT]

[FONT=&quot]කොයි වෙලාවෙද බිමට වැටෙන්නෙ කියලා බලන් ඉඳපු කදුලු බිංදු පේළියක්ම හර්ෂීගෙ කම්මුල් දිගේ පහළට ගලාගෙන ආවා. බිමට පාත්වෙලා තිබ්බ ඒ සුදු මූන, මං මගේ දිහාවට අත් දෙකෙන්ම හරවගත්තා.[/FONT]

[FONT=&quot]“ම.. මට සමාවෙන්න හර්ෂි.. මං හින්ද ඔයාගෙ හිත රිඳුණා.. මං ආයෙ ඒ ගැන කතා කරන්නෙ නෑ.. ඉතිං.. දැන් හොඳ ළමයා වගේ අඬන්නෙ නැතුව ඉන්නකො..”[/FONT]

[FONT=&quot]මං එහෙම කියනකොට මගේ කටහඬත් බිඳිලා ගියා. මගේ ඇස්වලටත් කඳුළු ඇවිල්ලද කොහෙද..[/FONT]

[FONT=&quot]“මීට පස්සෙ අඬන්නෙ නෑ නේද..?”[/FONT]

[FONT=&quot]ඊගාවට මං අහපු දෙයි, කඳුලු බිංදු මැකිලා ගියපු හර්ෂීගෙ පුංචි මූණෙ ලස්සන හිනා ඇබිත්තක් හැංගිලා ගියා.[/FONT]

[FONT=&quot]“ම්හු..! නෑ අයියෙ.. මෙච්චර කාලෙකට ඔය වගේ ආදරෙන් මට කවුරුවත් කතා කරල නෑ.. මගේ අම්මියි, තාත්තියි නැති වුණාට පස්සෙ මම්මයි, බාප්පයි මාව හදන්නෙ හිරකාරයෙක් වගේ.. කිසිම ආදරයක් එයාල මට පෙන්නන්නෙ නෑ.. මං හිනාවෙලා හිටියට, මගේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නෙ දුකෙන්ම විතරයි.. හ්.. ග්.. හ්.. අනේ මන්දා.. මටම තේරෙන්නෑ.. ඇයි මං මේව අයියත්තෙක්ක කියන්නෙ මොකද කියලවත්..”[/FONT]

[FONT=&quot]“හර්ෂි..”[/FONT]

[FONT=&quot]“ම්..”[/FONT]

[FONT=&quot]කඳුළු කැට මැකිලා ගිහින් පුංචි හිනාවක මං සලකුණු තිබ්බ ඒ ආදරේ හිතෙන මූණ මං දිහාට හැරුණා.[/FONT]

[FONT=&quot]“ම.. මං ඔයාට අද එන්නෙ කිව්වෙ ඇයි කියලා ඔයා ඩිංගක්වත් හිතුවෙ නැද්ද..?”[/FONT]

[FONT=&quot]හර්ෂීගෙ ලොකු ඇස්වල තිබ්බෙ පුංචිම වෙච්ච ගතියක්. පුදුම වෙන්නැතුව තියේවියෑ.. මං ගහෙන් ගෙඩි එන්න වගේ එහෙම අහපුවාම.[/FONT]

[FONT=&quot]“නෑ අයියෙ.. මං ඒ තරම් හිතුවෙ නෑ.. අයියා එන්න කිව්වා.. මට එන්න හිතුණා.. මං ආවා..”[/FONT]

[FONT=&quot]ආයෙත් පුංචි හිනාවකින් ්එ සුදු මූන වැහිලා ගියා.[/FONT]

[FONT=&quot]“ඔයා කාත්තෙක්ක හරි යාලුද නංගි..?”[/FONT]

[FONT=&quot]හිතේ තිබ්බ දහිරියේ අන්තිම බිංදුවත් එක්කහු කරලා මං ඇහුවා. මගේ පපුව ස්පීඩ් එක වැඩි කරේ මටත් නොකියම..[/FONT]

[FONT=&quot]“ම්හු..!”[/FONT]

[FONT=&quot]හර්ෂි ඔලුව වැනුවා.[/FONT]

[FONT=&quot]“ඇත්තම නේද..?”[/FONT]

[FONT=&quot]මං එහෙම අහපුවාම එයාගෙ හිනාව ආයෙත් අලුත් වුණා..[/FONT]

[FONT=&quot]“ඇත්තම තමයි.. මේ.. අයියා ඇයි ඒ වගේ ප්රශ්නයක් මගෙන් ඇහුවෙ..?”[/FONT]

[FONT=&quot]“ඔයාට හිතාගන්න බැරිද නංගි..?”[/FONT]

[FONT=&quot]“අනේ බැහැනේ..”[/FONT]

[FONT=&quot]හර්ෂි ආයෙත් හිනාවෙලා එහෙම කිව්වාම මටත් බකස් ගාලා හිනා ගියා. ඒත් ඊළඟට අහන්න මං හිතාගත්තු දේ මතක්වෙලා මගේ හිනාව උපන්ගෙයිම නැතිවුණා.[/FONT]

[FONT=&quot]“අයියා එකපාරටම සයිලන්ස් වුණා.. මගේ අතින් මොනා හරි වැරදි දෙයක් කියවුණාද අයියෙ..?”[/FONT]

[FONT=&quot]ආයෙමත් අර ලස්සන ඇස් දෙක මගේ දිහාට හැරිලා. මං දන්නෙම නැතුව ඔයා මගේ හිතට රිංගගෙන හර්ෂි.. මට ඔයාව ඕන.. මගේ හිත කෑගැහුවා..[/FONT]

[FONT=&quot]“ඔ.. ඔයාට අම්මගෙනුයි, බාප්පගෙනුයි නොලැබෙන ආදරේ මං ඔයාට දුන්නොත්.. ඔයාගෙ හිත රිද්දන්නැතුව මං හැමදාකම ඔයා ගාව ඉන්න කැමති නම්.. ඔයා මොකද කියන්නෙ හර්ෂි..?”[/FONT]

[FONT=&quot]හිතල හිතල මං එහෙම ඇහුවා. එතකොට තමයි හර්ෂිගෙ අර ලස්සන හිනාව එකපාරම නැතිවෙලා ගියේ.. ඒ ඇස්දෙක බයෙන් වගේ ලොකු වුණා. ඒ කියන්නෙ මං වැඩේ අනාගත්තද..?[/FONT]

[FONT=&quot]“අනේ දේව් අයියෙ.. මට බයයි.. මං බාප්පට බයයි අයියෙ..”[/FONT]

[FONT=&quot]හර්ෂි දුන්නු උත්තරෙන් මගේ හිත රිදුනත්, කතා කරන්න වචන හොයාගන්න මං ට්රයි කරා..[/FONT]

[FONT=&quot]“ඔයා ඔය විදියටම මගේ යාළුවටත් කියන්න ඇති නේද නංගි.. දැන් ඒ දේම වෙනසක් නැතුව මටත් වුණා.. කමක් නෑ නංගි.. ඒක ඔයාගෙ කැමැත්ත..”[/FONT]

[FONT=&quot]“මං ගැන වැරදියට හිතන්න එපා අයියෙ.. මං ප්රශාන් අයියට මූණටම බෑ කියලා කිව්වා. මගෙන් යාළුවෙන්න ඇහුවහම.. අයියා විශ්වාස කරන්න.. මම කවදාවත් පිරිමි ළමයෙක් එක්ක මෙහෙම එකට බංකුවක වාඩිවෙලා ඉඳලා නෑ.. කතා කරල නෑ..”[/FONT]

[FONT=&quot]හර්ෂිගෙ කටහඬ බිඳිලා ගිහින් තිබුණා. මගේ මූණ දිහාවටම හැරිලා තිබ්බ ඒ ඇස්වල ආදරෙන් බේරෙන්න වගේ මං බිම බලාගෙන කතා කරා..[/FONT]

[FONT=&quot]“ඒ මොනව වුණත් ඔයාගෙ හැම වැදගත් තීරණයක්ම ගන්නෙ බාප්පද..? මට නම් පේන්නෙ ඔයා එයාට නිකං බයවෙලා වගේ..”[/FONT]

[FONT=&quot]“ඔයා දන්නෑ අයියෙ, බාප්පගෙ හ ැටි.. මෙච්චර කාලෙකට මං එයා ළඟ ඉදපු හින්ද මං දන්නවා ඒ ගැන... මං කාත්තෙක්ක හරි යාළුවුණා කියලා දැනගත්තු ගමන් මාව මරලා දාවි.. අද අයියත්තෙක්ක මෙතෙන්ට ආව කියලා යංතන් හරි දැනගත්ත නම් මාව ගෙදරිනුත් එළවල දාවි අයියෙ..”[/FONT]

[FONT=&quot]ජීවිතය පිළිබඳ කවදාවත් නැති තරමෙ තරහක් මගේ හිතට ඇතුල්වුණා හර්ෂිගෙ කතාවත් එක්කම. මේ තරම් ලස්සන පුංචි කෙල්ලෙක් අන්ත අසරණ කරන එකෙන්, දෙවියො උනත් බලාපොරොත්තු වේනනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ මෙනව උනත් ඒ හැමදේටම උඩින් ඉදිවෙමින් තිබ්බෙ හර්ෂි පිළිබඳ ආදරණිය සෙනෙහසක ශක්තිමත් අඩිතාලමක්.[/FONT]

[FONT=&quot]“ඔයා කිව්ව හැමදේම මට හොඳට තේරුණා නංගි.. ඔයාගෙ ජීවිතේ ඔයාට කවුරු නැති වුණත්, මං කවදාවත් ඔයාගෙ ජීවිතේ තනි කරන්නෙ නෑ.. සත්තයි..”[/FONT]

[FONT=&quot]හර්ෂිගෙ රෝස පාට ඇඟිලි තුඩු වෙව්ලනව වගේ මං දැක්කා. ඒ ඇඟිලි තුඩුවලින්ම එයා මගේ අත් දෙක අල්ල ගත්තා. තත්පර ගාණක් යනකම් මගේ හිතේ විදුලි එළි දාහක් විතර ඇඳිලා ගියා.[/FONT]

[FONT=&quot]“අයියා අවංකයි කියලා මං දන්නවා අයියෙ..! ඒත් මං තව ටික දවසක් කල්පනා කරන්නෝන.. මොකද මේ ලෝකෙ මටය කියල කාත් කවුරුවත් නෑ කියලා මං දන්නවා.. ඉතිං හා හා පුරා කියලා මං ළංකර ගන්න හදන ඔයාව, මට හැමදාටම අයිති කරන් ඉන්න පුළවුන්ද කියලත් මං කල්පනා කරන්නෝන නේ අයියා..”[/FONT]

[FONT=&quot]“පොඩියට හිටියට පැහිලා.. ඉඳිලා.. තව ටිකකින් බිමටත් වැටෙනවා.. හරි.. හරි.. ඔයා ඕනෙ තරම් කල්පනා කරල තීරණයක් ගන්නකො.. ඉතිං දැන් යමු නේද..?”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වාම හර්ෂිගෙ සුදු මූණ ආයෙත් රතුවුණා. ඇස් දෙකත් පුංචි කරන් මං දිහා බලන් ඉඳපු මේ පුංචි කෙල්ල ඉඹින ආසාව මං නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්. හිත කිව්වෙම ඉඹපං කියලා.. ඒත් මං ඒවා පස්සට තිබ්බා.. අදම ඉඹින්න ගිහින් ඇදගෙන නාන්න බෑ..[/FONT]

[FONT=&quot]“අප්පේ.... ඇති යංතං ඔය තරමින් ආවා..”[/FONT]

[FONT=&quot]මටයි, හර්ෂිටයි අරලිය එකට ගොඩවෙන්න හම්බවුණේ නෑ.. හර්ෂීගෙ යාළුවා ශානි කෑගැහුවා.[/FONT]

[FONT=&quot]“ඔන්න එහෙනම් හර්ෂි.. ඔයා ශානිට උත්තරේ දෙන්න.. මං පස්සෙ ඇවිත් ශානිව හම්බවෙන්නම්..”[/FONT]

[FONT=&quot]මං එයාලා දෙන්නගෙන් සමුගත්තා. හර්ෂි මොන වගේ තීරණයක් ගනීද දන්නෙ නෑ.. පව් පුදුම හිතෙන තරම් දුක්බර ජීවිතයක් එයා ගත කරන්නෙ. හර්ෂි කල්පනා කරනකොට එයා ගැන මගේ හිතේ ඇතිවෙච්ච ආදරේ එන්න එන්නම වැඩිවෙනවා කියලා මට තේරුණා..[/FONT]

[FONT=&quot]“හු..ග්.. ද...ඩි..ස්..”[/FONT]

[FONT=&quot]කවුද යකෝ.. පිටට ගැහුවෙ පොලීෂියෙන් ගහන්න වගේ.. නප්පියටයි ඊට චුට්ටක් වැඩියෙනුයි තදවෙලා මං හැරිලා බැලුවා.. හුටා.. ප්රශානුයි.. නිශානුයි..[/FONT]

[FONT=&quot]“අනේ.. අනේ.. දේව්.. ඔයා කොයි ලෝකෙද හිටියෙ.. අපි දෙන්නා මෙච්චර වෙලා ඔයා දිහා බලන් හිටියෙ..”[/FONT]

[FONT=&quot]“හුහ්.. හූ.. මූ නිකං සිත මිස කය නැති එකෙක් වගේ පාරෙ ගියේ නේද නිශානි..”[/FONT]

[FONT=&quot]ආයෙත් ඌ හිනාවෙනවා..[/FONT]

[FONT=&quot]“යකෝ, ඉස්සෙල්ලා හෙමීට කතා කරන්න එපැයි.. මී හරකෙකුට ගහනව වගේ ගැහුවෙ..”[/FONT]

[FONT=&quot]“හර්.. හර්.. යමං..! අපි ආවෙ නැත්තං උඹ ෂුවර් එකටම මොකකට හරි අඩයක් තියනවා..”[/FONT]

[FONT=&quot]නිශානිව බස්සෙකට දාලා මායි, ප්රශානුයි ගෙදර එන්න බස් එකට නැග්ගා. අද හර්ෂීව හම්බවෙන්න ගිය කතාව මං ප්රශානුත් එක්ක කිව්වෙ නෑ.. වැඩේ හරි ගියොත් කියනවා කියලා මං හිතාගත්තා.[/FONT]

[FONT=&quot]“අඩේ.. දේව්......”[/FONT]

[FONT=&quot]“මොකද..?”[/FONT]

[FONT=&quot]“උඹ නිකං ගහන්න වගේනේ බං.. ඒක නෙමේ.. ලව් කරනකොට මාර ගතියක් තියෙනවා නේද බං..?”[/FONT]

[FONT=&quot]අනේ අම්මප, මෙන්න මේ වෙලාවට තමයි මූව මරන්න හිතෙන්නෙ..[/FONT]

[FONT=&quot]“මං ඒක දන්නෙ කොහොමද යකෝ.. මං ලව් කරල තියෙනවද..?”[/FONT]

[FONT=&quot]“හප්පේ.. වැරදුණා මචං.. වැරදුණා..”[/FONT]

[FONT=&quot]ඌ ආයෙමත් හිනාවෙනවා.. මූව නම් කොහේ හරි හොඳ දොස්තරයෙකුට පෙන්නන්න වෙයි වගේ..[/FONT]

[FONT=&quot]“මේ.. ඊට පස්සෙ උඹට අරකි හම්බ වුණේ නැද්ද..?”[/FONT]

[FONT=&quot]හුටා..! මූ මේ අහන්නෙ හර්ෂි ගැන නේද..? බස්සෙක වලවල්වල වැටෙන සද්දෙට වැඩිය මගේ පපුව ගැහෙන සද්දෙ වැඩිවුණා.[/FONT]

[FONT=&quot]“අරකි කිව්වෙ..?”[/FONT]

[FONT=&quot]“ඇයි මෝලා.. මං තොට කිව්වෙ හර්ෂිට ට්රයි කරපන් කියලා.. බිං ඌරා වගේ හැමදාම ඔහොම ඉන්නද උඹේ කල්පනාව..?”[/FONT]

[FONT=&quot]හපොයි.. බස්සෙකේ මිනිස්සුත් බලනවා.. මූට නම් කටක් නෙමේ පිහිටලා තියෙන්නෙ.. තනිකර කරෝල මඩුවක්..[/FONT]

[FONT=&quot]“මේ..? උඹ කෙල්ලො සෙට් කරගෙන නැව් ගානට කෑවට, මට එහෙම උණක් නෑ.. මේ ඉන්න විදිය මට සියට දෙසීයක් හොඳයි..”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වම උගේ මූණ ඇදවෙලා ගියා. මූ දන්නවා නම් හෙම, මං අද පැය ගාණක් කොලෙජ් ලේන් එකේ හර්ෂිත් එක්ක කතා කරකර හිටියා කියලා, මූට හාට් ඇටෑක් හැදෙිලා මැරෙන එක වලක්වන්න ඉතියෝපියාවෙ මනුස්සයෙකුටවත් බෑ..[/FONT]

[FONT=&quot]“කොහෙද ඉතිං.. උඹලව මනුස්සයො කරන්න හදනවට අපිට ගහන්න ඕන පොල්ලකින්.. කොන්ද කැඩෙන්න..”[/FONT]

[FONT=&quot]ඌ කියෝගෙන කියෝගෙන යනවා.. කවදාවත් මූත්තෙක්ක කතා කරල දිනන්න නම් බෑ.. නිශානි මූත්තෙක්ක කොහොම ඉන්නවද දන්නෑ..[/FONT]

[FONT=&quot]“ඒ.. පාර මොකෝ උඹ කල්පනා කරන්නෙ..?”[/FONT]

[FONT=&quot]ඌ ආයෙත් මගෙන් අහනවා.. අම්මප නිදහසේ කල්පනා කරන්නවත් මුගෙන් නිදහසක් නැති හැටි. මුගෙන් බේරෙන්න නම් බොරුම කියන්න ඕන.[/FONT]

[FONT=&quot]“මං මේ කෙල්ලෙක් සෙට් කරගන්න හැටි හිතුවෙ..”[/FONT]

[FONT=&quot]උගේ මූණට ආවෙ ලොකු හිනාවක්.[/FONT]

[FONT=&quot]“දාපං ලොක්කා අත.. ෆිට් තමයි.. ඔන්න ඔහොම වරෙන්කො.. එකට දහයක් අපි සෙට් කරගමුකො..”[/FONT]

[FONT=&quot]උගේ හිනාවට මාත් අන්තිමේදි එකතු වුණා.[/FONT]

[QUOTE="crazybuddy, post: 13628786, member: 326070"] [SIZE=4][COLOR=Blue][B][FONT="]අක්කා එහෙම කියලා සාලෙ පැත්තට ගියා. සියලු වස්දොස් නිවාරණයි කියලා මං හිතුවට අක්කා අන්තිමට කියපු වචන ටික මගේ හිතේ හතර පස් පාරක්ම කරකැවුණා. ඇයි අක්කා එහෙම දෙයක් කිව්වෙ..?[/FONT][/B][/COLOR] [COLOR=Blue] _____________________________________[/COLOR] [COLOR=Blue] [B][FONT="]පහුවෙනිදාටත් එළිවුණා. හර්ෂි ගැන හිත හිතා හිටිය මිසක මට රෑ නින්ද ගියෙත් නෑ. ඒත් මගේ වෙලාව අන්තිම හොඳයි කියන්නෙ, අයියකාරයා පොරගෙ අලුත්ම ෂර්ට් එකකුයි, කලිසමකුයි ගෙදර දාලා ගිහින් තිබුණා. උදේ වරුවෙ මං මුලින්ම කරේ ඒ දෙක මැදලා පැත්තකින් තියපු එක. කරුමෙටවත් ලයිට් ගියොත් හෙම කාට කියන්නද.?[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ෂර්ට් එකයි, කලිසමයි ඇඳගෙන මං අක්කගෙ කණ්නාඩි මේසෙ ඉස්සරහට ගියා. අම්මට හුඩු... යකෝ.. මේ මමද..? මටවත් මාව අඳුනගන්න බෑ වගේ. අද නම් කෑලි දෙක තුනක් සෙට් වෙන එක නම් බුදු සුවර්..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හවස හතරවෙද්දි.. මං කොලෙජ් ලේන් එකට ගියා. ඒ යනකොටත් මං හිත හිතා ගියේ හර්ෂි අද එන එකක් නෑ කියලා. ඒ මදිවට පපුවත් මට නොකියා ස්පීඩ් එක වැඩි කරා. අද මං හර්ෂිට මොනවද කියන්නෙ..?[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]අලුපාට බිංදු ඉහිරිච්ච රැළි ගවුමක් ඇඳන්, කලුපාට පීත්ත පටියකින් දිග කොණ්ඩෙ තද කරල බැඳන් ඉදපු හර්ෂිව මං ඈතදිම අඳුන ගත්තා. ඊයෙ එයාව ඇදගෙන දුවපු යාලුවත් එයාගෙ අතකින් අල්ලගෙන ළඟන්ම හිටියා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“නලුවා වගේ අද..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හර්ෂිගෙ යාලුවා, හර්ෂිට රහසින් වගේ කියපු එක ඇහිලා මගේ හිතට ආවෙ මාරම මාර ෆිට් එකක්. අන්න එහෙමනේ වෙන්න ඕන.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“හෂි.. දැන් මම ඕන නැහැනේ.. තනියට දේව් අයියා ඉන්නවනේ.. මං අරලිය එක ගාව ඉන්නම්.. ඔයා එතෙන්ට එන්න..! මං යන්නම් අයියෙ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හර්ෂිගෙ යාළුවා එහෙම කියලා අපි ළඟින් ඈත්වුණා. හර්ෂිගෙ ඇස් තිබුණෙ යාළුවා යන දිහාවෙ. ඊගාවට ඒ ඇස් මං දිහාවට හැරුණා. එදා ඒ ඇස්වල මං දැකපු අසරණකමම, අදත් ඒ රවුම් ඇස්වල මං දැක්කා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අතන බංකුවට යමු නංගි..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]කියන්න කිසිම දෙයක් ඔලුවට ඇවෙ නැති හින්ද මං කිව්වා. එයා බයවෙලා වගේ ඇස් ලොකු කරලා මං දිහා බැලුවා. පුංචි මුව පැටියෙක්ගෙ වගේ දිලිසුන ඒ ඇස්වල පුදුමාකාර තරමෙ අහිංසකකමක් මං දැක්කා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“එන්න...”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මගේ පපුව දෙමෝලෙන් පිටි කොටද්දි මං හර්ෂිට කිව්වා. එයා බයෙන් බයෙන් වගේ මගේ පස්සෙන් ආවා. සිමෙන්ති බංකුව උඩ ලොකු ලේන්සුව එලල මං වාඩිවෙන ගමන් හර්ෂිගෙ මූණ දිහා බැලුවා. එයා තාමත් හිටගෙන. හර්ෂිට මං ගාවින් වාඩිවෙන්න කියල කියන්නත් මට මොකක්ද වගේ. මගේ හිතට දැනුණෙ කවදාවත් නැති තරමෙ තැතිගැන්මක්. ඒත් ටිකක් වෙලා යද්දි ඒ ඔක්කොම පස්සට දාලා මං කතා කරා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මෙ.. මෙතනින් වාඩිවෙන්න.. හර්ෂි... ම.. මට.. ඔ.. ඔයත්තෙක්ක කතා කරන්නෝන..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මං එහෙම කිව්වම ඒ රවුම් ඇස්දෙක මං දිහාට හැරුණා. ලොකුම ලොකු කඳුලු බිංදු දෙකක් ඒ ඇස් දෙකේ හිරවෙලා තිබුණා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ම.. මට බ.. බයයි දේව් අයියෙ.. මට බයයි.. බාප්පා ආවොතින් මට ගෙදරිනුත් යන්න වේවි. අද මං ආවෙත් හුඟක් අමාරුවෙන්.. ම.. මට යන්න ඕන දේව් අයියා..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]රෝස පාට වෙලා තිබ්බ හර්ෂීගෙ රවුම් මූණ පුරාම මහා දුකක්, හැංගිලා තිබුණා. මට තවත් ඒ දිහා බලන් ඉන්න බෑ.. ඔය තරම් අහිංසක වෙන්න එපා හර්ෂි.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔයා දැන් ගෙදර ගියා කියලා වැඩක් වෙන්නෑනෙ නංගි.. අනිත්තෙක එයාල බලාවි ඔයා ක්ලාස් නොගියෙ ඇයි කියලා..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මං එහෙම කිව්වම එයා වටපිට බලල එකපාරටම ඇවිත්, මං ගාවින් වාඩි වුණා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අ.. අනේ අයියෙ අපේ බාප්පා හරි නපුරුයි.. මං අද මෙතන ඉන්නව කියල දන්නව නම් මාව මරල දාවි..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]එයාගෙ කතාවට මගේ හිත හීතල වෙලා ගියා. පුදුමාකාර දුක්ක ඒ වචන පේලිවල ගැබ්වෙලා තිබුණා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔයා නිතරම ඒ ගැන කල්පනා කරන්න එපා හර්ෂි.. මේ වෙලාවෙත් අපි බාප්පා ගැන කතා කරොත් හෙම, මිනිහගෙ නහය ගන්න දෙයක් නැතිවේවි කිවිසුම් ගිහින්..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මගේ කතාවට හර්ෂිගෙ මූණට යාංතමට හිනා පොදක් ආවා. මගේ හිතට දැනුණෙ ලොකු සතුටක්.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අයිය දන්නෑ අයියෙ.. මට මං ගැනම පුදුමයි. අයිය ඊයෙ මට මෙතෙන්ට එන්න කියපු වෙලාවෙ, බෑ කියල කියන්න මට හිතුණෙ නෑ.. ඒ ඇයි කියලා මං කොයි තරම් හිතුවත් මට තේරුම් ගන්න බැරිවුණා. අයියා හුඟක් හොඳයි කියලා මට හිතුණා..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මං ඔයා ගැන මුලින්ම විස්තර දැනගත්තෙ අක්කගෙන්. ඔයා මම්මල ගාව ඉන්නෙ කිව්වෙත් අක්කමයි. අක්කා ඔයා ගැන කියපු දේවල්වලින් ඔයා ගැන ලොකු දුකක් මගේ හිතට දැනුණා..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]කෙල්ලෙක් ඉස්සරහ මං මේ තරම් විවෘතව කවදාවත් කතා කරලා තිබ්බෙ නෑ. ඒත් හර්ෂිත් එක්ක කතා කරන්න, කරන්න මගේ හිත ශක්තිමත් වෙනවා කියලා මට දැනුණා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මම්මල ගාව උන්නට මං හරිම අවාසනාවන්තයි අයියෙ.. මගේ අම්මියි, තාත්තියි මට නැතිවුණේ අවුරුදු 10දි.. එයාලා දෙන්න මට කොයි තරම් ආදරේ කරාද කියලා දන්නෙ මායි, උඩ ඉන්න දෙවියොයි විතරයි.. අනේ.. හ්.. හ්.. මං කොයි තරම් පව්කාරියක්ද අයියෙ.. හ්.. හ්..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]කොයි වෙලාවෙද බිමට වැටෙන්නෙ කියලා බලන් ඉඳපු කදුලු බිංදු පේළියක්ම හර්ෂීගෙ කම්මුල් දිගේ පහළට ගලාගෙන ආවා. බිමට පාත්වෙලා තිබ්බ ඒ සුදු මූන, මං මගේ දිහාවට අත් දෙකෙන්ම හරවගත්තා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ම.. මට සමාවෙන්න හර්ෂි.. මං හින්ද ඔයාගෙ හිත රිඳුණා.. මං ආයෙ ඒ ගැන කතා කරන්නෙ නෑ.. ඉතිං.. දැන් හොඳ ළමයා වගේ අඬන්නෙ නැතුව ඉන්නකො..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මං එහෙම කියනකොට මගේ කටහඬත් බිඳිලා ගියා. මගේ ඇස්වලටත් කඳුළු ඇවිල්ලද කොහෙද..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මීට පස්සෙ අඬන්නෙ නෑ නේද..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ඊගාවට මං අහපු දෙයි, කඳුලු බිංදු මැකිලා ගියපු හර්ෂීගෙ පුංචි මූණෙ ලස්සන හිනා ඇබිත්තක් හැංගිලා ගියා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ම්හු..! නෑ අයියෙ.. මෙච්චර කාලෙකට ඔය වගේ ආදරෙන් මට කවුරුවත් කතා කරල නෑ.. මගේ අම්මියි, තාත්තියි නැති වුණාට පස්සෙ මම්මයි, බාප්පයි මාව හදන්නෙ හිරකාරයෙක් වගේ.. කිසිම ආදරයක් එයාල මට පෙන්නන්නෙ නෑ.. මං හිනාවෙලා හිටියට, මගේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නෙ දුකෙන්ම විතරයි.. හ්.. ග්.. හ්.. අනේ මන්දා.. මටම තේරෙන්නෑ.. ඇයි මං මේව අයියත්තෙක්ක කියන්නෙ මොකද කියලවත්..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“හර්ෂි..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ම්..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]කඳුළු කැට මැකිලා ගිහින් පුංචි හිනාවක මං සලකුණු තිබ්බ ඒ ආදරේ හිතෙන මූණ මං දිහාට හැරුණා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ම.. මං ඔයාට අද එන්නෙ කිව්වෙ ඇයි කියලා ඔයා ඩිංගක්වත් හිතුවෙ නැද්ද..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හර්ෂීගෙ ලොකු ඇස්වල තිබ්බෙ පුංචිම වෙච්ච ගතියක්. පුදුම වෙන්නැතුව තියේවියෑ.. මං ගහෙන් ගෙඩි එන්න වගේ එහෙම අහපුවාම.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“නෑ අයියෙ.. මං ඒ තරම් හිතුවෙ නෑ.. අයියා එන්න කිව්වා.. මට එන්න හිතුණා.. මං ආවා..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ආයෙත් පුංචි හිනාවකින් ්එ සුදු මූන වැහිලා ගියා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔයා කාත්තෙක්ක හරි යාලුද නංගි..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හිතේ තිබ්බ දහිරියේ අන්තිම බිංදුවත් එක්කහු කරලා මං ඇහුවා. මගේ පපුව ස්පීඩ් එක වැඩි කරේ මටත් නොකියම..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ම්හු..!”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හර්ෂි ඔලුව වැනුවා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඇත්තම නේද..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මං එහෙම අහපුවාම එයාගෙ හිනාව ආයෙත් අලුත් වුණා..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඇත්තම තමයි.. මේ.. අයියා ඇයි ඒ වගේ ප්රශ්නයක් මගෙන් ඇහුවෙ..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔයාට හිතාගන්න බැරිද නංගි..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අනේ බැහැනේ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හර්ෂි ආයෙත් හිනාවෙලා එහෙම කිව්වාම මටත් බකස් ගාලා හිනා ගියා. ඒත් ඊළඟට අහන්න මං හිතාගත්තු දේ මතක්වෙලා මගේ හිනාව උපන්ගෙයිම නැතිවුණා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අයියා එකපාරටම සයිලන්ස් වුණා.. මගේ අතින් මොනා හරි වැරදි දෙයක් කියවුණාද අයියෙ..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ආයෙමත් අර ලස්සන ඇස් දෙක මගේ දිහාට හැරිලා. මං දන්නෙම නැතුව ඔයා මගේ හිතට රිංගගෙන හර්ෂි.. මට ඔයාව ඕන.. මගේ හිත කෑගැහුවා..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔ.. ඔයාට අම්මගෙනුයි, බාප්පගෙනුයි නොලැබෙන ආදරේ මං ඔයාට දුන්නොත්.. ඔයාගෙ හිත රිද්දන්නැතුව මං හැමදාකම ඔයා ගාව ඉන්න කැමති නම්.. ඔයා මොකද කියන්නෙ හර්ෂි..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හිතල හිතල මං එහෙම ඇහුවා. එතකොට තමයි හර්ෂිගෙ අර ලස්සන හිනාව එකපාරම නැතිවෙලා ගියේ.. ඒ ඇස්දෙක බයෙන් වගේ ලොකු වුණා. ඒ කියන්නෙ මං වැඩේ අනාගත්තද..?[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අනේ දේව් අයියෙ.. මට බයයි.. මං බාප්පට බයයි අයියෙ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හර්ෂි දුන්නු උත්තරෙන් මගේ හිත රිදුනත්, කතා කරන්න වචන හොයාගන්න මං ට්රයි කරා..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔයා ඔය විදියටම මගේ යාළුවටත් කියන්න ඇති නේද නංගි.. දැන් ඒ දේම වෙනසක් නැතුව මටත් වුණා.. කමක් නෑ නංගි.. ඒක ඔයාගෙ කැමැත්ත..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මං ගැන වැරදියට හිතන්න එපා අයියෙ.. මං ප්රශාන් අයියට මූණටම බෑ කියලා කිව්වා. මගෙන් යාළුවෙන්න ඇහුවහම.. අයියා විශ්වාස කරන්න.. මම කවදාවත් පිරිමි ළමයෙක් එක්ක මෙහෙම එකට බංකුවක වාඩිවෙලා ඉඳලා නෑ.. කතා කරල නෑ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හර්ෂිගෙ කටහඬ බිඳිලා ගිහින් තිබුණා. මගේ මූණ දිහාවටම හැරිලා තිබ්බ ඒ ඇස්වල ආදරෙන් බේරෙන්න වගේ මං බිම බලාගෙන කතා කරා..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඒ මොනව වුණත් ඔයාගෙ හැම වැදගත් තීරණයක්ම ගන්නෙ බාප්පද..? මට නම් පේන්නෙ ඔයා එයාට නිකං බයවෙලා වගේ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔයා දන්නෑ අයියෙ, බාප්පගෙ හ ැටි.. මෙච්චර කාලෙකට මං එයා ළඟ ඉදපු හින්ද මං දන්නවා ඒ ගැන... මං කාත්තෙක්ක හරි යාළුවුණා කියලා දැනගත්තු ගමන් මාව මරලා දාවි.. අද අයියත්තෙක්ක මෙතෙන්ට ආව කියලා යංතන් හරි දැනගත්ත නම් මාව ගෙදරිනුත් එළවල දාවි අයියෙ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ජීවිතය පිළිබඳ කවදාවත් නැති තරමෙ තරහක් මගේ හිතට ඇතුල්වුණා හර්ෂිගෙ කතාවත් එක්කම. මේ තරම් ලස්සන පුංචි කෙල්ලෙක් අන්ත අසරණ කරන එකෙන්, දෙවියො උනත් බලාපොරොත්තු වේනනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ මෙනව උනත් ඒ හැමදේටම උඩින් ඉදිවෙමින් තිබ්බෙ හර්ෂි පිළිබඳ ආදරණිය සෙනෙහසක ශක්තිමත් අඩිතාලමක්.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔයා කිව්ව හැමදේම මට හොඳට තේරුණා නංගි.. ඔයාගෙ ජීවිතේ ඔයාට කවුරු නැති වුණත්, මං කවදාවත් ඔයාගෙ ජීවිතේ තනි කරන්නෙ නෑ.. සත්තයි..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හර්ෂිගෙ රෝස පාට ඇඟිලි තුඩු වෙව්ලනව වගේ මං දැක්කා. ඒ ඇඟිලි තුඩුවලින්ම එයා මගේ අත් දෙක අල්ල ගත්තා. තත්පර ගාණක් යනකම් මගේ හිතේ විදුලි එළි දාහක් විතර ඇඳිලා ගියා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අයියා අවංකයි කියලා මං දන්නවා අයියෙ..! ඒත් මං තව ටික දවසක් කල්පනා කරන්නෝන.. මොකද මේ ලෝකෙ මටය කියල කාත් කවුරුවත් නෑ කියලා මං දන්නවා.. ඉතිං හා හා පුරා කියලා මං ළංකර ගන්න හදන ඔයාව, මට හැමදාටම අයිති කරන් ඉන්න පුළවුන්ද කියලත් මං කල්පනා කරන්නෝන නේ අයියා..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“පොඩියට හිටියට පැහිලා.. ඉඳිලා.. තව ටිකකින් බිමටත් වැටෙනවා.. හරි.. හරි.. ඔයා ඕනෙ තරම් කල්පනා කරල තීරණයක් ගන්නකො.. ඉතිං දැන් යමු නේද..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මං එහෙම කිව්වාම හර්ෂිගෙ සුදු මූණ ආයෙත් රතුවුණා. ඇස් දෙකත් පුංචි කරන් මං දිහා බලන් ඉඳපු මේ පුංචි කෙල්ල ඉඹින ආසාව මං නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්. හිත කිව්වෙම ඉඹපං කියලා.. ඒත් මං ඒවා පස්සට තිබ්බා.. අදම ඉඹින්න ගිහින් ඇදගෙන නාන්න බෑ..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අප්පේ.... ඇති යංතං ඔය තරමින් ආවා..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මටයි, හර්ෂිටයි අරලිය එකට ගොඩවෙන්න හම්බවුණේ නෑ.. හර්ෂීගෙ යාළුවා ශානි කෑගැහුවා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඔන්න එහෙනම් හර්ෂි.. ඔයා ශානිට උත්තරේ දෙන්න.. මං පස්සෙ ඇවිත් ශානිව හම්බවෙන්නම්..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මං එයාලා දෙන්නගෙන් සමුගත්තා. හර්ෂි මොන වගේ තීරණයක් ගනීද දන්නෙ නෑ.. පව් පුදුම හිතෙන තරම් දුක්බර ජීවිතයක් එයා ගත කරන්නෙ. හර්ෂි කල්පනා කරනකොට එයා ගැන මගේ හිතේ ඇතිවෙච්ච ආදරේ එන්න එන්නම වැඩිවෙනවා කියලා මට තේරුණා..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“හු..ග්.. ද...ඩි..ස්..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]කවුද යකෝ.. පිටට ගැහුවෙ පොලීෂියෙන් ගහන්න වගේ.. නප්පියටයි ඊට චුට්ටක් වැඩියෙනුයි තදවෙලා මං හැරිලා බැලුවා.. හුටා.. ප්රශානුයි.. නිශානුයි..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අනේ.. අනේ.. දේව්.. ඔයා කොයි ලෝකෙද හිටියෙ.. අපි දෙන්නා මෙච්චර වෙලා ඔයා දිහා බලන් හිටියෙ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“හුහ්.. හූ.. මූ නිකං සිත මිස කය නැති එකෙක් වගේ පාරෙ ගියේ නේද නිශානි..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ආයෙත් ඌ හිනාවෙනවා..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“යකෝ, ඉස්සෙල්ලා හෙමීට කතා කරන්න එපැයි.. මී හරකෙකුට ගහනව වගේ ගැහුවෙ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“හර්.. හර්.. යමං..! අපි ආවෙ නැත්තං උඹ ෂුවර් එකටම මොකකට හරි අඩයක් තියනවා..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]නිශානිව බස්සෙකට දාලා මායි, ප්රශානුයි ගෙදර එන්න බස් එකට නැග්ගා. අද හර්ෂීව හම්බවෙන්න ගිය කතාව මං ප්රශානුත් එක්ක කිව්වෙ නෑ.. වැඩේ හරි ගියොත් කියනවා කියලා මං හිතාගත්තා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අඩේ.. දේව්......”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මොකද..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“උඹ නිකං ගහන්න වගේනේ බං.. ඒක නෙමේ.. ලව් කරනකොට මාර ගතියක් තියෙනවා නේද බං..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]අනේ අම්මප, මෙන්න මේ වෙලාවට තමයි මූව මරන්න හිතෙන්නෙ..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මං ඒක දන්නෙ කොහොමද යකෝ.. මං ලව් කරල තියෙනවද..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“හප්පේ.. වැරදුණා මචං.. වැරදුණා..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ඌ ආයෙමත් හිනාවෙනවා.. මූව නම් කොහේ හරි හොඳ දොස්තරයෙකුට පෙන්නන්න වෙයි වගේ..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මේ.. ඊට පස්සෙ උඹට අරකි හම්බ වුණේ නැද්ද..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හුටා..! මූ මේ අහන්නෙ හර්ෂි ගැන නේද..? බස්සෙක වලවල්වල වැටෙන සද්දෙට වැඩිය මගේ පපුව ගැහෙන සද්දෙ වැඩිවුණා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“අරකි කිව්වෙ..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඇයි මෝලා.. මං තොට කිව්වෙ හර්ෂිට ට්රයි කරපන් කියලා.. බිං ඌරා වගේ හැමදාම ඔහොම ඉන්නද උඹේ කල්පනාව..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]හපොයි.. බස්සෙකේ මිනිස්සුත් බලනවා.. මූට නම් කටක් නෙමේ පිහිටලා තියෙන්නෙ.. තනිකර කරෝල මඩුවක්..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මේ..? උඹ කෙල්ලො සෙට් කරගෙන නැව් ගානට කෑවට, මට එහෙම උණක් නෑ.. මේ ඉන්න විදිය මට සියට දෙසීයක් හොඳයි..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]මං එහෙම කිව්වම උගේ මූණ ඇදවෙලා ගියා. මූ දන්නවා නම් හෙම, මං අද පැය ගාණක් කොලෙජ් ලේන් එකේ හර්ෂිත් එක්ක කතා කරකර හිටියා කියලා, මූට හාට් ඇටෑක් හැදෙිලා මැරෙන එක වලක්වන්න ඉතියෝපියාවෙ මනුස්සයෙකුටවත් බෑ..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“කොහෙද ඉතිං.. උඹලව මනුස්සයො කරන්න හදනවට අපිට ගහන්න ඕන පොල්ලකින්.. කොන්ද කැඩෙන්න..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ඌ කියෝගෙන කියෝගෙන යනවා.. කවදාවත් මූත්තෙක්ක කතා කරල දිනන්න නම් බෑ.. නිශානි මූත්තෙක්ක කොහොම ඉන්නවද දන්නෑ..[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“ඒ.. පාර මොකෝ උඹ කල්පනා කරන්නෙ..?”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]ඌ ආයෙත් මගෙන් අහනවා.. අම්මප නිදහසේ කල්පනා කරන්නවත් මුගෙන් නිදහසක් නැති හැටි. මුගෙන් බේරෙන්න නම් බොරුම කියන්න ඕන.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“මං මේ කෙල්ලෙක් සෙට් කරගන්න හැටි හිතුවෙ..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]උගේ මූණට ආවෙ ලොකු හිනාවක්.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]“දාපං ලොක්කා අත.. ෆිට් තමයි.. ඔන්න ඔහොම වරෙන්කො.. එකට දහයක් අපි සෙට් කරගමුකො..”[/FONT][/B][/COLOR] [COLOR=Blue] [B][FONT="]උගේ හිනාවට මාත් අන්තිමේදි එකතු වුණා.[/FONT][/B][/COLOR] [COLOR=Blue] [/COLOR][/SIZE] [CENTER] [SIZE=4][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom