You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
෴ හිතුවක්කාර පුත්තු - Hithuwakkara Puththu ෴
යෞවන අයියගෙ කතාවක්.. එයාගෙ මුල්ම නව කතාව..
තවත් නව කතා කියවන්න කැමති නම් මගේ බ්ලොග් එකට ගිහින් කියවන්න..
[FONT="]
පාර පුරාම මිනිස්සු.. කෙලින් යනවා.. සමහරක් හරහට යනවා.. තවත් ඈයො හයියෙන් යනවා.. අපතයො හෙමීට යනවා.. උං දිහා බලන් ඉන්නෙකත් පිස්සු හැදෙන වැඩක්..[/FONT]
[FONT="]“හා... හා... ළඳේ..! [/FONT]
[FONT="]හා... හා... ළඳේ..![/FONT]
[FONT="]මගෙ මන මැදුරේ ළඳේ..![/FONT]
[FONT="]මගෙ රජ දහනේ ළඳේ..![/FONT]
[FONT="]මගෙ අග බිසව් තොමෝ..!”[/FONT]
[FONT="]මං මේ පාරෙ යන ඈයො දිහා බලලා සැනසෙන්න හදනවා. ප්‍රශාන් කොහෙදෝ යන කෑල්ලක් දිහා බලලා ඇන ගන්න ට්‍රයි එක. මූ සිරා පොර වගේ අග බිසවක් ගැන කිව්වට, මුගේ ළඟ බලු මයිලක්වත් නෑ. මං නොදන්න රජ දහන්.. මුංගෙ අර කැඩිච්ච කක්කුස්සිය තමයි මුගේ මන මැදුර.[/FONT]
[FONT="]බස් හෝල්ට්ටෙකේ යකඩ පටියට හේත්තු වෙන ගමන් මං ප්‍රශාන්ගෙ අටපට්ටම් මූණ දිහා බැලුවා. ඒක නිකං කැරකෙන කූඩුවක් වගේ. සැරින් සැරේට වෙනස් වෙනවා.[/FONT]
[FONT="]“අඩෝ... බස්සෙක..”[/FONT]
[FONT="]මුගේ කල්පනා ලෝකෙට හෙණ ගැහුවා වගේ. ඇත්තටම මූට කටක් නෙමෙයි තියෙන්නෙ. කක්කුස්සියක්. නතිනර ඩ්‍රැනේජ් වලක්.[/FONT]
[FONT="]හෝල්ට්ටෙකේ නතර කරපු ඩීමෝ බස්සෙකට මිනිස්සු පොර කකා නගිනවා. අනේ අම්මප.. මුංට පුදුම හදිස්සියක්නේ තියෙන්නෙ. අද දවසටම මේ පාරෙ යන අනිත්ම බස් එක වගේනේ මුං දඟලන්නෙ.[/FONT]
[FONT="]“දේව්.. මාව කන්න බලන් ඉන්නෙ නැතුව නැගපන්.. මොකෝ තොට කක්කුස්සි බරද..?”[/FONT]
[FONT="]ෂීකේ.. මූ කියන ඒවා. කක්කුස්සි බර හැදෙන කතානේ ඌත් අහන්නෙ. මාත් ප්‍රශාන් පස්සෙන්ම බස්සෙකට නැග ගත්තා. හප්පේ.. කට කපලා එකයි සෙනඟ. හුස්ම ගන්නවත් බෑ.[/FONT]
[FONT="]“නැග්ග ගමන්.. පොල් ගස් වගේ බින්න බැහැගෙන.. යනවකො හලෝ ඉස්සරහට.. මට මේ ටිකට් ටික කඩා ගන්නවත් ඉඩ දීලා..”[/FONT]
[FONT="]කොන්දගෙ අවනඩුව ඇහුණා කණ ගාවින්ම. මං හිතුවෙ කොන්ද ඒ කතාව කිව්වෙ ප්‍රශාන්ට. මූණ කජු ලෙල්ල වගේ කරන් ඌ කොන්දා දිහා බැලුවා. හප්පේ අද කොන්දා ඇඳගෙන නායි වගේ. අපේ එකාටත් කටක් නෙමේනේ තියෙන්නෙ. ඕකා මොනවා කියවයිද දන්නෙ නෑ.[/FONT]
[FONT="]“අංකල් මේ.. තමුසෙ හිතුවද මං ටෙලිෆෝන් එකක් කියලා හලෝ.. හලෝ ගාන්නෙ.. තමුසෙට ටිකට් කඩන්න බැරිනම් දෙනවා මං කඩලා දෙන්න..”[/FONT]
[FONT="]ප්‍රශාන් දෙන්නෙ බුදු ටෝක්. කොන්දගෙ ඇස් දෙක නළලටම ගියා. මං හිතන්නෙ කොන්දගෙ කටත් වැහුණා. පව් අප්පා. මැංටල් පොරක්. බස්සෙකේ ඔක්කොම ප්‍රශාන් දිහා බලාගෙන.[/FONT]
[FONT="]“බස්සෙකේ මැස්සො නැති හන්දා හොඳයි මචං.. නැත්තං මුං ඔක්කොමලගෙ බඩවල් ඇතුළට යනවා, කටවල් ඇරන් ඉන්න විදියට..”[/FONT]
[FONT="]ඌ ඒ පාර, අපි දිහා බලන් ඉන්න ඈයො දිහා බල බල කියවනවා. තව ඩිංගක් හිටියොත් මුළු බස්සෙකේම කට්ටිය එකතුවෙලා අපිට සබ්බුව දෙනවා. ඒක හන්දම මං ප්‍රශාන්වත් ඇදගෙන බස්සෙකේ පස්සට ආවා.[/FONT]
[FONT="]“බයිල නොගහා පස්සට යමං.. මොකක්ද බං.. ටිකක් ඩීසන්ට් විදියට කතා කරපන්කො..”[/FONT]
[FONT="]ඒ පාර ප්‍රශාන් සද්දෙ වහගත්තා. මං උගේ මූණ දිහා බැලුවා. මෙන්න මූ කල්පනා කරනවා. ෂුවර්රෙකට ඩීසන්ට් විදියට කතා කරන්නෙ කොහොමද කියලා මූ හිතනවා ඇති.[/FONT]
[FONT="]“අඩ්ඩේ.. උඹ නම් දෙයියෙක් බං.. තෝ මාව ඇදන් ඇවිත් තියෙන්නෙ මල් පාත්තියක් ළඟටනේ.. වරෙන් අපි දැන හැඳුනුම්කම් ඇති කරගම්මු..”[/FONT]
[FONT="]මූ නම් මේ කපේදි හදන්න පුළුවන් එකෙක් නෙමෙයි. මං හිතුවෙ, මූ ඩීසන්ට් විදියට කතා කරන්න හිතනවා කියලා. මොන පිස්සුද, මූ හිතලා තියෙන්නෙ පස්සෙ සීට් එකේ ඉඳපු කෙල්ලො ටිකක් ගැනනේ.[/FONT]
[FONT="]“සිරා ගෙඩියක් ඉන්නවා බං.. පැණි බේරෙනවා..”[/FONT]
[FONT="]ඌ පස්ස දිහා බලන් කියනවා.. මං හිටියෙ බස්සෙකේ ඉස්සරහ පැත්තට මූණ හරවගෙන. ඒක හන්දා ඌ කිව්ව පැණි බේරෙන ගෙඩිය මං දැක්කෙ නෑ.[/FONT]
[FONT="]“දෙමුද ගේමක්..?”[/FONT]
[FONT="]මූ මොන මගුලක් කරන්න යනවද මංදා.. බස්සෙකේ පස්සට වෙලා මං හිටියෙත් අමාරුවෙන්.[/FONT]
[FONT="]“ඔන්න ඊළඟ වංගුවෙදි..”[/FONT]
[FONT="]ප්‍රශාන් උගේ මූණ, මගේ මූණ ගාවටම ගෙනැල්ලා කිව්වා. උගේ ඇස් දෙක ජිල් බෝල දෙකක් වගේ. මොකක් හරි කුපාඩි වැඩක් කරන්න යනකොට තමයි උගේ ඇස් ඒ වගේ වෙන්නෙ.[/FONT]
[FONT="]ඊළඟ වංගුව, බස්සෙක ගන්නවත් එක්කම ෆුල් ඩම් එකම දාලද කොහෙද ප්‍රශාන් මගේ ඇඟට හේත්තු වුණා. ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟ පිරිලා තිබ්බ හන්දා උං ඔක්කොම මගේ ඇඟට හේත්තු වුණා. අන්තිමට මං ඇලවෙලා ගිහින් වැටුණෙ පස්සෙ සීට් එකේ ඉඳපු කෙල්ලගෙ උකුල උඩට. ප්‍රශාන් මගේ ඇඟ උඩ. හප්පේ... අද නම් කන්න වෙන්නෙ ඉතිහාසගත කෑමක් වගේ.[/FONT]
[FONT="]“එ..හ්.. නැ... නැගිටපං.. නැගිටපං..”[/FONT]
[FONT="]මං ප්‍රශාන්වත් තල්ලු කරන් නැගිටින්න ට්‍රයි එකක් දුන්නා. ඒ ට්‍රයි එක දෙන අතරෙ මං වැටිලා හිටපු කෙල්ල දිහා බැලුවා. ඒකි යකාවෙලා.[/FONT]
[FONT="]“මොකද... තමුසෙට වෙලා තියෙන්නෙ..? තියෙන කුපාඩිකමට එනව මෙතන අසමජ්ජාති වැඩකරන්න.. දැන ගන්නවා.. ඊළඟට ගලවන්නෙ සෙරෙප්පුව..”[/FONT]
[FONT="]ඒකි කියවගෙ කියවගෙන ගියා. මගේ කන් දෙකෙන් ගින්දර පිටවෙනවා වගේ. මේකි, දැන් ගහයි, දැන් ගහයි කියලා මට හිතුණා. බස්සෙකේ ඔක්කොම වගේ මං දිහා බලාගෙන. ලැජ්ජාව කියන්නෙ.. කකුල් දෙක දිගේ බේරෙනවා.[/FONT]
[FONT="]“හර්ෂි.. මොකද මේ..?”[/FONT]
[FONT="]යකාවෙච්චි, කෙල්ලගෙන් ඒකිගෙ යාලුවො අහනවා. අම්මපා, බස්සෙකෙන් පනින්න පුළුවන් නම් මං පනිනවා. මිනිස්සු පිරිලා හින්දා ඒක කරන්න බෑ.[/FONT]
[FONT="]“මෙ.. මේ.. ම.. මට.. ස.. සමාවෙන්න නංගි.. ම.. මං.. හිතලා කරපු දෙයක් නෙමේ..”[/FONT]
[FONT="]ඒකිගෙ බොක්ක කූල් වෙලා යන විදියට බලලා මං කිව්වා. දැන් ෂේප් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ..[/FONT]
[FONT="]“හර්ෂි.. මොකද බං උඹ ඒ බෝයිට බැන්නෙ.. එයා හිතල කරපු දෙයක් නෙමේනේ..”[/FONT]
[FONT="]යකාවෙලා මට බැන්න කෙල්ලට ඒකිගෙ ළඟම කෙල්ල කිව්වා. ඒකි දිහා බලන්නත් මට බයයි වගේ. ඒක හින්දා මං ප්‍රශාන් දිහා බැලුවා. ඔක්කොම ෂේප් කියලා හිතුවට, ඌ වයින් වෙලා කියලා මට තේරුණා.[/FONT]
[FONT="]“උම්බ... අයින් වෙයන් දේව්.. මොකද මෙයාලා හිතන් ඉන්නෙ පත්තිනි අම්මල කියලද..? තේරෙන්නෙ නැද්ද ඕයි.. අත්වැරදීමක් උනේ කියලා.. තමුසෙට සනීපෙට යන්න ඕන නම් කාරෙකක් ගන්නවා.. මෙතන අපිව කන්නෙ නැතුව..”[/FONT]
[FONT="]කුලප්පු වෙච්ච මී හරකෙක් වගේ ඌ කියවං ගියා. බස්සෙකේ ඇතුළෙ ඉන්න ඈයො බෘස්ලීගෙ ෂෝ එකක් බලනවා වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා.[/FONT]
[FONT="]“දෙයියන්ගෙ නාමෙට ඕක නවත්තපං ප්‍රශාන්.. උඹට පිස්සුද බං..?”[/FONT]
[FONT="]මං ඌව සෙට්ල් කරන්න හිතාගෙන කිව්වා. කොහෙද.. අලි බඳින දම්වැලක්වත් ගේන්න වේවි මූව නවත්තන්න.[/FONT]
[FONT="]“සද්දෙ වහන් හිටියම හිතන්නෙ අපි බයට ඉන්නව කියලද..? හුහ්..! මේ මිස්, අපි ආයෙ හම්බවේවිනේ..”[/FONT]
[FONT="]ප්‍රශාන්ගෙ ඒ වචන ටික සෙට් එකෙන් පස්සෙ ඒ කෙල්ල දණහිස් අස්සෙ මූණ හංග ගත්තා. පව්.. ඒකි අඬනවද කොහෙද..?[/FONT]
[FONT="]“මේ ප්‍රශාන්.. බහින තැනත් පහුවෙනවා.. වරෙන් බහිමු..”[/FONT]
[FONT="]ප්‍රශාන්වත් ඇඳගෙන මං බස්සෙකෙන් බැස්සා. හපොයි.. මූත් එක්ක නම් මීට පස්සෙ කක්කුස්සියටවත් යන්න ඕන්නෑ.. නිවන් සැප හම්බවේවි පිං කරන්නෙ නැතුවම. උගෙත් එක්ක හිතට ආපු ඔරොප්පුවට මං පාර අයිනෙ ලයිට් කනුවකට හේත්තු වුණා.[/FONT]
[FONT="]“කෝමද මචං..! රියල් ගේම නේ.. ෂැහ්..! උඹ ටිකක් නෝන්ඩි වුණා..”[/FONT]
[FONT="]“නෝනිඩි වුණා..! උමත්තෙක්ක මීට පස්සෙ ගමන් බිමන් යන්නෑ කියලා මං හිතාගත්තා.. එච්චරයි..”[/FONT]
[FONT="]මගේ කතාවට ඌට හිනා.[/FONT]
[FONT="]“මොකක් හරි බාල්දියක් පෙරලුනාම උඹ හැමදාම කිව්වෙ ඔය කතාවමනේ.. අවුලක් නෑ මචං.. ෆිට් තමයි.. උඹ හෙට ඉඳන් ආයෙත් මං එක්ක එනවා කියලා මං දන්නවා..”[/FONT]
[FONT="]මොක නැතත් උගේ කතාව සහතික ඇත්ත. මොන දේ උනත් ඌට මං නැතුවත්, මට ඌ නැතුවත් ඉන්න බැරි තරමට උගෙයි මගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක බොක්ක ඇතුළෙ තිවුණා.[/FONT]
[FONT="]“පව් බං.. අර කෙල්ල.. මං හිතන්නෙ ඒකි ඇඬුවා.. වැරැද්ද අපේ අතේ තියාගෙනත් අපි කරේ මහ ජරා වැඩක්..”[/FONT]
[FONT="]ආයෙමත් මගේ හිතට අර කෙල්ල ආපු හින්දා මං ප්‍රශාන්ට එහෙම කිව්වා.[/FONT]
[FONT="]“ඈ.. කහ ගොනෝ.. එහෙනම් ඒකයි මේ අසනීපෙ.. අඩෝ.. ඕවට නම් බෙහෙත් නෑ.. ඒක මතක තියාගනිං..”[/FONT]
[FONT="]අපේ ගෙදරට යාර හාරසීයක් විතර එහායින් තමයි ප්‍රශාන්ලගෙ ගෙදර තිබ්බෙ. ඒ තිබ්බට, ඌ වැඩියෙන්ම හිටියෙ අපේ ගෙදර.[/FONT]
[FONT="]“ඔය.. ඔය ආවෙ..? බලන්න අම්මා.. මගේ අලුත් කලිසම.. මං හොඳට මැදලා තිබ්බෙ.. උධ උදේ ඇඳන් යන්න.. මූ ඇඳන් ගිහිල්ලනේ..”[/FONT]
[FONT="]ගෙට ගොඩවෙන්නත් කලින් අයියා බර බරේ දැම්මා.[/FONT]
[FONT="]“ඈ.. චානකයියෙ.. මූ මට කිව්වෙ ට්‍රවුසර් එක මුගේ කියලනේ.. මහලා අදමයි කිව්වා ඇන්දෙත්.”[/FONT]
[FONT="]ප්‍රශාන් මට රව රව අයියගෙන් ඇහුවා.[/FONT]
[FONT="]“මූ එහෙමත් කිව්වද..? තියන්න වටින්නෑනේ.. මගෙ කලිසම ඇඳන් ගියා මදිවට ඒකට අයිතිවාසිකමුත් කියලනේ..”[/FONT]
[FONT="]අයියගෙ කතාවට මං මොකුත් කිව්වෙ නෑ. ඇත්ත තමයි. ඌට මල පනින එක සාධාරණයිනේ. හොඳට මැදලා සිරාවටම තිබ්බ ට්‍රවුසර් එකනෙ මං ඇඳන් ගියේ..[/FONT]
[FONT="]“හා... හා... දැන්වත් ගලවනවා.. මට ගමනකුත් යන්නෝන..”[/FONT]
[FONT="]ෂුවර්රෙකටම කෑල්ලකට පෙරන්න වෙන්නැති. මං නොදන්න උගෙ ගමන්.[/FONT]
[FONT="]“දැන්ද..?”[/FONT]
[FONT="]“ඔව්.. ඔව්.. මට දැන් යන්නෝන..”[/FONT]
[FONT="]“මෙතනම..? සිම්පල්නේ..”[/FONT]
[FONT="]සාලෙ මැද්දෙම මං ට්‍රවුසර් එක ගැලෙව්වා. ප්‍රශාන් නහය වහගත්තා.[/FONT]
[FONT="]“හප්පේ..! සෙන්ට් බෝතලයක් ගෑවත් හරියන එකක් නෑ..”[/FONT]
[FONT="]කලිසම අතට අරන් අයියා කියවනවා.[/FONT]
[FONT="]“ඔව්.. චානකයියෙ.. ඕකෙ හරි සුවඳක් ඇති. මූ නාන්නෙත් නෑනේ.. මං කලින්ම නහය වහගත්තෙ ඒකයි.”[/FONT]
[FONT="]ප්‍රශානුත් අයියට එකතුවෙලා මාව බයිට් කරන්නයි ලෑස්තිය.[/FONT]
[FONT="]“අනේ.. මේ, සද්දෙ වහලා පලයං.. මොකෝ උඹලට ගංවතුරද අපේ ගෙදරම කන්න එන්නෙ..?”[/FONT]
[FONT="]මං ප්‍රශාන්ව කපන්න හිතන් කිව්වා.[/FONT]
[FONT="]“ගෙදර යන්න.. ඇයි බං චානකයියට කියන්නැද්ද බස්සෙකේ නෝන්ඩි වුණු හැටි.. ඒකත් නිකං ගංවතුර ආවා වගේ තමයි..”[/FONT]
[FONT="]හප්පේ..! මූ මගේ පටි හතම රෝල් කරාවි වගේ. මූ වගේ පාප මිත්‍රයෙක් ආශ්‍රය කරනවට මං මටම ගහගන්න ඕන.[/FONT]
[FONT="]“මලයයි, උඹයි අද පෙරලපු බාල්දිය මොකක්ද..?”[/FONT]
[FONT="]මං දිහා බල බලාම අයියා ප්‍රශාන්ගෙන් ඇහුවා. මේවට තමයි කියන්නෙ ඇඳගෙන නෑම සහ බැඳගෙන කෑම කියලා. ෂුවර්රෙකටම මූ ඔක්කොම කියනවා. දැන් මොකෝ කරන්නෙ..?[/FONT]
[FONT="]මොනව කරන්නද..? මූ මගේ ටෝක දෙයි ධර්ම දේශනාව වගේ.. මට ඉතින් තුන්සරණ තමයි..[/FONT]
[FONT="]“බස්කෙ වංගුවක් ගනිද්දි.. මං මූව තල්ලු කරා කෙල්ලෙක්ගෙ ඇඟට..”[/FONT]
[FONT="]ප්‍රශාන් මං දිහා බල බලාම කියනවා.. හනේ.., මට මූත්තෙක්ක එන කේන්තිය. මූව මරලා කාත්තෙක්ක හරි බෙදාගෙන කන්න ඇත්නං..[/FONT]
[FONT="]“පොඩ්ඩක් හිටපං ප්‍රශාන්.. මං කියන්නද ඉතුරු ටික.. ෂුවර්රෙකට, කෙල්ල නහය වහගන්නැති.. නැත්තං තියෙන හඩුගඳ කියලා මූළු තල්ලු කරන්නැති..”[/FONT]
[FONT="]අයියයි, ප්‍රශානුයි තකය තක.. හප්පේ, මෙහෙම නින්දා අපහාස විඳිනවට වැඩිය හොඳයි බඩ කපන් මැරෙනෙක. ඒකත් බෑ.. ප්‍රශානයා, මාලු බොකු ලාබයි, ලාබයි.. කියලා අඩුවට විකුණයි. ඒ ජාතියෙ බඩුව ඌ..[/FONT]
[FONT="]“හප්පට හුඩු.. ඔයා හරියටම කිව්වනේ.. චානකයියෙ.. ඒ කෙල්ල මූව තල්ලු කරලා කුණු වෙනකං බැන්නනේ..”[/FONT]
[FONT="]“හුට්ටා..... ඉතින් මූ බලන් හිටියද..?”[/FONT]
[FONT="]“නෑ.. මූ බනිනකං අහං හිටියා..”[/FONT]
[FONT="]ආයෙත් උං දෙන්නා හුකු හුකු ගගා හිනාවෙනවා.. මට එකසිය ගානට තද වුණා. ඒත් වැඩක් නෑ. උං ඩබල දෙසිය ගානට හිනාවෙනවා. මූණ අම්බානෙකට හතරැස් කරන් මං කාමරේට රිංගුවා. දැන් ප්‍රශාන් ෂුවර්රෙකට දැන ගන්නවා මට තදවෙලා කියලා. ඒක හන්දා ඌ සද්දෙ වහලා ගෙදර යාවි. මොන පිස්සුද.? තත්පරයක්වත් ගියේ නෑ. කර්ටන් එක සරස් ගාලා උඩ ගියා. මෙන්න මූ කාමරේ ඇතුළෙ.[/FONT]
[FONT="]“මොකෝ තොට තද වුණාද..?”[/FONT]
[FONT="]“තද වෙන්නැද්ද යකෝ.. බස්සෙකේ එක බාල්දියක් පෙරලලා.. දැන් ඒක ඇවිත් අර භුතයගෙ කනේ තිබ්බෙ.. ඌට ඕක මාස ගානකට ඇති මාව බයිට් කරන්න.. දෙයියන්ගෙ නාමෙට මගේ ඇස් දෙකට පේන්නැති වෙන්න කොහෙට හරි පලයං.. මට තෝව පේන්න බෑ..”[/FONT]
[FONT="]මං සිරාවටම කිව්වා. මූට ඒත් හිනානේ. මං මෙච්චර බැනලත් මූට ගාණක් නෑ. ෂුවර්රෙකටම මූ හැඟීම් දැනෙන්නැති එකෙක්.[/FONT]
[FONT="]“උඹට තියෙන හිතේ අමාරුව මොකක්ද කියලා මං දන්නවා.. අර නොසන්ඩාල කෙල්ලට බැනපු එකනේ.. ඇයි බං.. උඹට බනිනකොට මට කියන්නෙ කටට පොල් මුඩ්ඩක් ගහං බලන් ඉන්න කියලද..?”[/FONT]
[FONT="]ඌ අහන එකත් ඇත්ත. ප්‍රශාන් බැන්නෙ නැත්නං බස්සෙක ඇතුළෙ මං නෝන්ඩි වෙනවා ගමකට. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඒක වෙලා ඉවරයි. ප්‍රශාන් ගියාට පස්සෙ මං ඇඳේ හාන්සි වුණා. ඇඟේ මහන්සියටද හිතේ මහන්සියටද මංදා මගේ ඇස් පියවුණා.[/FONT]
_________________________________________________
[FONT="]“නැගිටිනවා.. නැගිටිනවා.. මේ කට්ට දවල් ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදි.. මේ..හ්.. මල්ලි නැගිටිනවකො..”[/FONT]
[FONT="]ෂිකේ.. මැදැයි දෙයියනේ කියලා නිදාගන්න හැදුවා. අපරාදෙ මල්ටිකලර් හීනෙ ඉතුරු ටික. ඇඟ කිලිපොලා යන ලව් එකක අන්තිම හරිය බලද්දි තමයි මං ඇහැරුණේ. මොකාද මගේ ආතල් එක කඩපු නස්කූනියා කියලා හිතාගෙන මං ඇස්දෙක ඇරියා. මං හිතුවෙම අයියා කියලා. බැලුවහම අක්කනේ..[/FONT]
[FONT="]“ඇයි..?”[/FONT]
[FONT="]ඔරොප්පුව හිතේ හංගගෙන මං ඇහුවා.[/FONT]
[FONT="]“මූණ හෝදන් එන්නකො.. පුංචි ගමනක් යන්න තියෙනවා..”[/FONT]
[FONT="]“අනේ මේ.. වඳින්නම්.. මට තව නිදාගන්නෝන.. ඔන්න ඔය අයියත්තෙක්ක යන්නකො..”[/FONT]
[FONT="]මං අයියව අල්ලල ෂේප් වෙන්නයි හැඳුවෙ.[/FONT]
[FONT="]“මේ.. මේ.. මාව අල්ලගන්නෙපා ඕවට.. ඇයි තමුසෙට අක්කත්තෙක්ක යන්න බැරි..?”[/FONT]
[FONT="]ජනේලෙ කූරු අස්සෙන් මූණ ඔබන් අයියා මගෙන් ඇහුවා. හප්පේ, මුං දෙන්නා දෙපැත්තෙන් ඉඳන් මාව කන්නයි හදන්නෙ.[/FONT]
[FONT="]“මං නිදි විත්තිය පේන්නැද්ද ඕයි..”[/FONT]
[FONT="]මං ආයෙත් බෙඩ්ෂිට් එක අරන් ඔලුවෙ ඉඳන් පොරව ගත්තා. අම්මා හිටිය නම් මුං දෙන්නට බනිනවා. මාව යකා කරනවා කියලා නිතරම.[/FONT]
[FONT="]“පොඩී.. ඔයා දන්නෙ නෑනෙ වැඩක්.. මේ යකා ඊයෙ කෙල්ලෙක්ගෙන් ගුටි කන්න ගිහින්..”[/FONT]
[FONT="]ජනෙල් කූරු අල්ලගෙන අයියා හිනාවෙනවා.[/FONT]
[FONT="]“න්... නෑහ්...”[/FONT]
[FONT="]අක්කට විශ්වාස කරන්නත් බෑ වගේ. මං බෙඩ්ෂිට් එක අයින් කරල ඇඳ විට්ටමට හේත්තු වුණා. ඊයෙ අක්ක හිටියෙ නෑ ගෙදර. ඒක හන්දා අයියා බොරුත්තෙක්ක අඹරල දෙන ගේම එයා අහන් ඉන්නවා.[/FONT]
[FONT="]“කියන්නද අම්මට..?”[/FONT]
[FONT="]අක්කා ළංවෙලා, මගේ මූණෙන් අල්ලලා ඇහුවා. මං පස්ස බැලුවා. අයියා නෑ.. ඒ ඩිංගට කොහෙ මාරුවෙලාද..?[/FONT]
[FONT="]“අනේ මල්ලි යමුකො..”[/FONT]
[FONT="]අක්කා ආයෙත් කණ ගාව ඉඳන් කූං කූං ගානවා.[/FONT]
[FONT="]“කොහෙද යන්න කියන්නෙ..?”[/FONT]
[FONT="]බේරෙන්න බැරිම තැන මං අක්කගෙන් ඇහුවා.[/FONT]
[FONT="]“මගේ යාළුවෙක්ගෙ ගෙදර..”[/FONT]
[FONT="]“ඔයත්තෙක්ක ගමනක් යන්න බැරි, දකින දකින කොල්ලා තමුසෙට ට්‍රයිනේ.. සංසාරෙ එපාවෙනවා.. සාගතකාරයො වගේ තමුසෙ දිහා බලන්නෙ..”[/FONT]
[FONT="]ඇඳුමක් දාගන්න ගමන් මං කියවං ගියා. අක්කා හිනාවෙනවා. අක්කා හිනාවෙනකොට හරි ලස්සනයි. හරියට පුංචි එකෙක් වගේ. කොල්ලො කොහොමත් අක්කට ට්‍රයි. මටත් මාරම මාර ෆිට්... ඇයි කියලද ඇහුවෙ..? ඇයි යකෝ... බියුටි කුවින් වගේ අක්කා කෙනෙක් ඉන්දැද්දි මට කියලා ගතියක් නැද්ද..? කොල්ලො ට්‍රයි කරන්න පස්සෙන් ඇවිත් නෝන්ඩි වෙනකොට මට මාර ආතල්.. ඒ ආතල් එක ඉතිං මගේ කකුල් දිගේ බේරෙන්නෙ අක්කා කාත්තෙක්ක හරි යාලු වෙච්චිදාට තමයි. ඒවට ඉතිං තව කල් තියෙනවනේ. මං හිත හදාගත්තා.[/FONT]
[FONT="]“රයිට්.. මං රෙඩී..”[/FONT]
[FONT="]ඩෙනිමෙ ෆෝල්ට් එක ඩිංගක් විතර නමන ගමන් මං කිව්වා. අයියා කාරයා සපත්තු දෙක පොලිෂ් කරනවා. පොර ඇවිල්ලා විධායක ශ්‍රේණියෙ නිළධාරියෙක්. අනේ උගෙ විධායක ශ්‍රේණිය. මම නම් පඩේකටවත් ගණන් ගන්නෑ..[/FONT]
[FONT="]“ඔය යනවද..?”[/FONT]
[FONT="]මායි, අක්කයි ගෙයින් එළියට බහිනකොටම අයියා කිංඩියට වගේ ඇහුවා. ඌට උත්තර දෙන්න ගිහින් මං මොකටද ලේ කෝප කරගන්නෙ.. අර බුදු හාමුදුරුවොත් ඉවසුවෙ දෙව්දත්තරයා ගල් පෙරලනකොට.. මාත් එක හිතින්ම ඉවසනවා කියලා හිතාගත්තා.[/FONT]
[FONT="]“මල්ලි..! ඔයා ඇත්තටම ගුටි කෑවද..?”[/FONT]
[FONT="]පාරට එද්දි අක්කා මගෙන් ඇහුවා. මෙයාටත් ඕන්නැති කෙං ගෙඩියක් නෑ.. හැමදේම ඕන. ඒ වුණත් ඉතිං මට ඉන්න වන් ඇන්ඩ් ඔන්ලි අක්කනේ කියලා, මං සීන් එක කිව්වා. ප්‍රශාන් ඒ ගර්ල්ට බැනපු එක, තව වැඩියෙනුත් අතින් දාලා මං අක්කගෙ කනේ තිබ්බා.[/FONT]
[FONT="]“ආනේ..... ප්‍රශාන් නම් හරි නරකයි. පව් මල්ලි.. ඔයාලා අතේ වැරැද්ද තියාගෙනත් ඇයි ඒ ළමයට බනින්න ගියේ.. එයාට කේන්ති යන්නැති ඔයා එක පාරටම ඇඟට වැටුණහම..”[/FONT]
[FONT="]අක්කා කාරණීය මෙත්ත සූත්‍රය දේශනා කරනවා.. මාත් ඔහේ නිදිමත බේරි බේරි අහන් ඉන්නකොට තමයි බස්සෙක ආවෙ. වැඩිය සෙනගක් නම් නෑ.. මං අක්කා ගාවින්ම වාඩිවුණා.[/FONT]
[FONT="]“මල්ලි..?”[/FONT]
[FONT="]“ම්...!”[/FONT]
[FONT="]“මගේ මල් ටික හදලා ඉවරද දන්නෙ නෑ නේද..?”[/FONT]
[FONT="]“මොන මල්ද හලෝ..?”[/FONT]
[FONT="]මට තදවුණා.. මං මේ මල පැනලා ඉන්නවා. මෙයා මල් ගැන කියවනවා.[/FONT]
[FONT="]“මං ඔයාට කිව්වෙ නැද්ද..?”[/FONT]
[FONT="]අක්කා හිනාවෙනවා.[/FONT]
[FONT="]“මොනවද..?”[/FONT]
[FONT="]අක්කත් එක්ක කතා කරනකොට ප්‍රශ්න අහලම පණ යනවා. ඇයි හත්තිලව්වෙ, හිත ඇතුළෙ බාගයක් තියාගෙන, එයා බගයක් කියන්නෙ.[/FONT]
[FONT="]“මගේ යාළුවෙක් ඉන්නවා ලස්සන නංගි කෙනෙක්.. එයා හරි ලස්සනට මල් බොකේස් හදනවා.. එයාට හදන්න දීපු බොකේස් ගේන්න තමයි අපි යන්නෙ..”[/FONT]
[FONT="]“කලින් කියන්න එපැයි.. ෂිහ්.. වෙන කිටක් ගහන් එන්නවත් තිබුණා ලස්සන නංගි කෙනෙක් කියල කිව්වා නම්..! අක්කෙ..! එයා ඇත්තටම ලස්සනද..?”[/FONT]
[FONT="]මගේ මූඩ් එක ටාර් ගාලා වෙනස්වුණා. දිව්‍යා භාරතී වගේ සිරා කෑල්ලක්ද දන්නෑ.[/FONT]
[FONT="]“මොකද ළමයො, එහෙම ඇහුවෙ..”[/FONT]
[FONT="]ඔන්න අපෙ අක්කගෙ මොළේට ඇතුල්වුණා මං අහපු ප්‍රශ්නෙ..[/FONT]
[FONT="]“නෑ ඉතිං..! අර ටවුමෙ හිඟාකන පිස්සගෙ රැවුලත් ලස්සනයි කියපු අක්කනේ ඔයා..”[/FONT]
[FONT="]“මේක බස් එක නෙමෙයි නම් දෙනවා දෙකක්.. ඔන්න බෙල් එක ගහන්න..”[/FONT]
[FONT="]මං පටාස් ගාලා බෙල් එක ඇද්දා. තව ඩිංගෙන් ලණුව අතේ. තාර පාරින් ඩිංගක් විතර එහාට වෙන්න තිබ්බ වැලි පාරක් දිගේ අක්කයි, මාවි ඇවිදන් ගියා. ලොකු ගේට්ටු පලු දෙකක් දාලා තිබ්බ ගේට්ටුව මමයි ඇරියෙ. එතැන තිබුණෙ සාමාන්‍ය පන්තියෙ ගෙදරක්.[/FONT]
[FONT="]“අඩෙ අප්පා.. සිරා මල් පැල ටිකක් තියෙනවනේ..”[/FONT]
[FONT="]මිදුලෙ රෝස පාත්තියෙ මල් කපලා එකයි. හැමදාම කැට පෝර ගිලින එකෙක් වගේ මේව වවන්නෙ.[/FONT]
[FONT="]“මල් නෙමේ මල්ලි.. අද ගෙදර කවුරුවත් නෑ වගේ.. ඒත් වෙන්න බෑනේ..”[/FONT]
[FONT="]අක්කා හිටු කියලා බිත්තියෙ තියෙන බෙල් එක ඔබන් කියවනවා. මට මොකෝ.. මගේ අතින් පයින් යනවැයි.. මාත් බෙල් එක, එක පාරක් ඔබලා රෝස පාත්ති තියෙන පැත්තට ආවා. එතකොටයි දොර අරින සද්දෙ ඇහුණෙ.[/FONT]
[FONT="]“ආනේ.. දේවකී අක්කි..! එන්න ඇතුළට.. මං කුස්සියෙ හිටියෙ.. එන්න..”[/FONT]
[FONT="]සද්දෙ නම් ස්විට් වොයිස් එකක්. කණට මී පැණි දානවා වගේ.. කටහඬ ඔය තරම් ස්විට් නම් කෑල්ල කොහොම ඇතිද.? මට කිනං බලන්නත් මොකක්ද වගේ. ඒම කියල බලන්නැතුව ඉන්න පුළුවන්ද.? සිරා පොර වගේ මං හැරුණා. අම්මට හුඩු යකෝ.. දැන් කන්න වෙන්නෙ රබර්.. මේ අර මායි, ප්‍රශානුයි බස්සෙකේදි වලිය දාගත්තු කෙල්ලනේ. මං පටාර් ගාලා ආයෙත් පාර පැත්තට හැරුණා. පපුවෙ නිකං ගල් අඟුරු කෝචචියක් යනවා වගේ.. මාර සද්දෙ.[/FONT]
[FONT="]“මල්ලි... එන්න...”[/FONT]
[FONT="]ඒපාර අක්කා අඬගහනවා. දැන් මොකද කරන්නෙ. මල් ගැන පර්යේෂන පවත්වන පොරක් වගේ මං දෙකට නැමිලා රෝස මල් අතගාන්න ගත්තා.[/FONT]
[FONT="]“ඔය මල් වලට ආසාවෙ.. අපි යමු නංගි ඇතුළට.. එයා ඒවි..”[/FONT]
[FONT="]අපේ අක්කා නම් බුදු වෙන්න ඕන.. මං මේ බට්ටා ගැහි ගැහි හිටියෙ.[/FONT]
[FONT="]“බලන්නකො අක්කි..! මම්මයි, බාප්පයි දෙන්නම තාම නෑ.. ඉස්කෝලෙ රැස්වීමක්ලු.. තාම මොනා කරනවද මංදා..”[/FONT]
[FONT="]අර ගර්ල්, අක්කට කිය කිය ගේ ඇතුළට ගියා. මට දැන් බුදු ෆිට්. එම්බාම් වෙලා වගේ තිබ්බ මූණත් දැන්. පාට වැටෙන්නැති මගේ හිතේ. ෂීකේ.. මේ ගෙදර ඒ කෙල්ලගෙම ගෙදර වුණ එකනේ වැඩේ. කෙල්ල නම් සිරා තමයි. ඒත් සිරා කියලා දැන් වැඩක් නෑ. ඒකි මගේ මූණ දැක්ක ගමන් ආයෙත් යකා වේවි. අනේ දෙයියනේ.. මටමයි වෙන්නෙ..[/FONT]
[FONT="]“ඇයි ඔයා ගෙට එන්නැත්තෙ..? යමු තේ එකක් බොන්න..”[/FONT]
[FONT="]මගේ කණ ගාවින් ආයෙත් අර ගර්ල්ගෙ කටහඬ ඇහුණා. ආයෙමත් මගේ පපුව මටත් නොකියම ස්පීඩ් එක වැඩි කරා. කරන්න දෙයක් නෑ. අද නැව් ගානට කන්න වෙනවා. ඇස් දෙකත් බාගෙට වහගෙන මං එයා ඉන්න පැත්තට හැරුණා.[/FONT]
[FONT="]“ඔ..යි..යා..”[/FONT]
[FONT="]බලන් ඉද්දිම ඒකිගෙ කට ඇරුණා. හප්පේ...!! මගේ මූණ දැක්කහම ඒකි බයවුණා වගේ. ඒකි විතරක් නෙමේ. මාත් බයවෙලා හිටියෙ. අපි දෙන්නම කතා කලේ නෑ. තවත් සද්ද වහලා හිටියොත් මේකි ෂුවර්රෙකටම කෑ ගහනවා. ඒක හින්දා මං කතා කරා.[/FONT]
[FONT="]“අනේ.. මේ.. කියන තැනකට වඳින්නම්.. අද නම් බනින්නෙපා.. අපෙ අක්කත් ඉන්නවා. එදා වෙච්ච දේ අමතක කරලා දාන්න. මං මගේ යාළුවටත් බැන්නා..”[/FONT]
[FONT="]පංඩිතයා වගේ මං කියෙව්වා. වැඳලා හරි බේරුණොත් හරිනේ. මං ඒකිගෙ මූණ දිහා බැලුවා. මං හිතුවෙත් නැති විදියට ඒ ලස්සන මූණ මොකක්දෝ දුකකින් වැහිලා තිබුණා. ඇයි ඒ..? මට හිතාගන්න බැරි වුණා.[/FONT]
[FONT="]“න්.. නෑ.. අයියෙ.. මමත් ඊයෙ අයියට බැනලා වැරදි වැඩක් කරේ.. බස් එකක් ඇතුළෙ බැනුම් අහපුවහම කොල්ලෙකුට මොන තරම් ලැජ්ජද කියලා මං පස්සෙයි කල්පනා කරේ.. ඔයාල බැස්සට පස්සෙ මගේ යාලුවො මට බැන්නත් එක්ක..”[/FONT]
[FONT="]ඉන්ටවල් නැතුව ඒකි කියවං ගියා. මාත් බෝ පැලේ වගේ අහන් හිටියා. ඔය තරමින් සේප් වුණා මැදැයි.[/FONT]
[FONT="]“හරිෂි නංගි.. චුට්ටක් එන්නකො..”[/FONT]
[FONT="]අපේ අක්කගෙ සද්දෙ ගේ ඇතුළෙන් ඇහුණා..[/FONT]
[FONT="]හර්ෂි.. එයා වගේම නමත් සිරා තමයි.[/FONT]
[FONT="]“ඉතින් එන්න.. අපි ඇතුළට යමු..”[/FONT]
[FONT="]යාන්තං හිනාවෙලා එයා මට අඬගැහුවා. හිතේ මෙච්චර වෙලා රවුම් ගගහ ඉඳපු අප්සට් එක ඩිංගෙන් ඩිංග නැතිවෙන්න ගත්තා. සාලෙ වැඩිවෙලා ඉඳපු අක්කා ගාවින් මං වාඩිවෙලා වටපිට බැලුවා. හැමතැනම මල්.[/FONT]
[FONT="]“දේවකී අක්කි.. ෂෝයි තමයි ඔයාගෙ මල්ලියා..”[/FONT]
[FONT="]එයා එක පාරටම එහෙම කිව්වම අක්කා මං දිහා බැලුවා. මට පටාර් ගාලා බිම බලාගත්තා.[/FONT]
[FONT="]“ඇයි නංගි..?”[/FONT]
[FONT="]“ඊයෙ මෙයාලා මට බැන්නනේ..”[/FONT]
[FONT="]අවුලක් නැතුව ඊයෙ වෙච්ච සීන් එක එයා අක්කත් එක්ක දිග අරිනවා.. මැදැයි කොළා.[/FONT]
[FONT="]“හා..නේ.. එතකොට හරිෂිටද, ඔයයි, ප්‍රශානුයි බැන්නෙ..?”[/FONT]
[FONT="]අක්කා අහපු එකට කියාගන්න දෙයක් නැතුව මං ගොළුවුණා. ඒ ගර්ල් හදපු ලස්සන මල් බොකේ එකක් අක්කගෙ අතේ.[/FONT]
[FONT="]“කෝ.., ඉතිං බොන්න..”[/FONT]
[FONT="]ආයෙත් එයා මං ඉස්සරහ. ට්‍රේ එකේ තිබ්බ තේ කෝප්පෙ මං අතට ගත්තා.[/FONT]
[FONT="]“ඔයා තාමත් අප්සට් පිටද මල්ලි ඉන්නෙ..? අයියෝ ඕවා ගණන් ගන්නෙපා.. හරිෂිගෙ හිතේ ඕවා නෑ..”[/FONT]
[FONT="]අක්කා එහෙම කිව්වහම මං ආයෙත් එයා දිහා බැලුවා. ඒ රවුම් මූණෙ ලොකු හිනාවක් තිබුණා. අක්කගෙ මල් බොකේස් ටිකත් අරගෙන අපි එයාලහින් එළියට බහිනකොට කරුවලත් වැටිලා. ඒත් එයා කියපු මම්මයි, බාප්පයි ඒ වෙනකොටත් ඇවිත් තිබුණෙ නෑ.[/FONT]
[FONT="]“තමුසෙත් මාර තැන්වල තමයි හලෝ මාව එක්කන් යන්නෙ.. තව නූලෙන් මූණත් තහඩුව අඳුනගන්න බැරිවෙන්න කනවා.. ෂෙහ්...”[/FONT]
[FONT="]ආපහු ගෙදර එද්දි, මං අක්කට බර බරේ දැම්මා.[/FONT]
[FONT="]“හර්ෂි එහෙම ළමයෙක් නෙමේ මල්ලි.. එයා හරිම අහිංසකයි.. එයා, ඔයාට මොනව කරන්නද..? අනිත්තෙක ඔයා නාහෙන් අඬ අඬානේ හිටියෙ එදා වෙච්ච දේට.. දැන් ඉතිං ඔක්කොම ෂේප් නේ..”[/FONT]
[FONT="]“ෂේප් නම් තමයි.. ඒත් මේ විත්තියක් අපේ ලොකු භූතයගෙ කනේ තියන්න නම් එපා හොඳේ..”[/FONT]
[FONT="]අයියට ඉතිං මාව බයිට් කරන්න තියෙනව නම් ඊට වැඩිය දෙයක් නෑනේ. මං ඒකයි අක්කට අරහෙම කිව්වෙ. අපි දෙන්නා ගෙට ඇතුළු වෙනකොටම මට තාත්තගෙ කටහඬ ඇහුණා.[/FONT]
[FONT="]“අක්කේ.. තාත්තා ඇවිත් වගේ..”[/FONT]
[FONT="]“ආ.. දූ මැණික..! කොහෙද පොඩ්ඩත් එක්ක මේ රෑ වෙලා ගියේ..?”[/FONT]
[FONT="]සාලෙ තිබ්බ සැටිය උඩට වෙලා තේ එකක් බොන ගමන් තාත්තා ඇහුවා.[/FONT]
[FONT="]“අපි යාලුවෙක්ලහ ගියා තාත්තා..”[/FONT]
[FONT="]ඊට පස්සෙ ඩිංගක් වෙලා යනකං අපි අතරෙ කතාවක් ඇතිවුණේ නෑ. සාමාන්‍යයෙන් තාත්තා ගෙදර එන්නෙ මාස දෙකකට විතර පාරක්. ඒ අවහම දවස් තුන හතරක් ඉඳලා තමයි යන්නෙ.[/FONT]
[FONT="]“දැන් ඉන්න තැන කොහොමද තාත්තා..?”[/FONT]
[FONT="]“අපි ඉන්න තැන නම් ප්‍රශ්නයක් නෑ පුතා.. ඒත් ඉතිං කොළඹට වෙලා ඉන්නවට වැඩිය අපිත් වවුනියා පැත්තට දානවා නම් හොඳයි..”[/FONT]
[FONT="]තාත්තා කියවං යනවා. අපි හැමෝටම වැඩිය ෆිට් හිතක් තාත්තට තිබුණා. ඒත් මගේ හිත නම් අන්ෆිට් වෙලයි තිබුණෙ. ඒක හින්ද මං සද්දයක් බද්දයක් නැතුවම කාමරේට රිංගුවා. තාත්තා ගැන හිත හිතා ඉඳපු මගේ හිතට එක පාරටම වගේ අක්කගෙ යාලු නංගි, හරිෂිව ආවා. මාර වැඩේ කියන්නෙ එයා අපේ අක්කගෙ යාළුවෙක් වුණ එකනේ. අක්ක කිව්වෙ ඇත්ත.. එයා හරි අහිංසක පාටයි. එයා හිනාවෙනකොට වුණත් මාර ගතියක් තියෙනවා.[/FONT]
[FONT="]“ඔයා නිදිද මල්ලි..! යමු බත් කන්න..”[/FONT]
[FONT="]කරුවලේම අක්කා කාමරේට ඇවිත්.[/FONT]
[FONT="]“බඩගිනි නෑ අක්කෙ..”[/FONT]
[FONT="]කම්මැලිකම හින්දම ඇඳෙන් බහින්න මට හිතුණෙ නෑ.[/FONT]
[FONT="]“ඇයි මොනවද කෑවෙ..? බඩපිරෙන්න හරිෂීගෙන් බැනුම් ඇහුව නම්ක මක් නෑ.. බොරු නැතුව එනවා..”[/FONT]
[FONT="]“මොනා නැතත් එයා හරි හොඳයි අප්පා..”[/FONT]
[FONT="]“ආ..? ඒ පාර මොකක්ද හැදුන ලෙඩේ..?”[/FONT]
[FONT="]“ඔය්ය.... ඉතිං.. හිතෙන්නෙම කණ පිටට.. අනෙ අම්මප මේ වෙලාවට තමයි මට හිතෙන්නෙ කසාඳයක් බැඳගන්න..”[/FONT]
[FONT="]“හෝව්.. හෝව්.. හෝව්.. හෙමින්.. තාත්තත් ඉන්නවා අරහෙ.. කට නිකං ඝාන්ඨාරෙ වගේනේ..”[/FONT]
[FONT="]“ඇයි මට කරල දේවිද..?”[/FONT]
[FONT="]මං අහපු එකට අක්කට හිනා ගියා. ඒ හිනාවෙන්ම අක්කා මාවත් ඇදගෙන කෑම කාමරේට ගියා.[/FONT]
[FONT="]
ගිණි ගහන අව්ව හැම අස්සක් මුල්ලක්ම අල්ලගෙන.. වාහන යනකොට ඇවිස්සෙන දූවිලිවලින් නාස්පොලු ඇඹරෙනවා වගේ. හිතත් නිකං පාලු අම්බලමක් වෙලා. ගෙදර ඉස්සරහ ජනේල පොලු අස්සට මූණ ඔබන් මං පාර දිහා බලන් හිටියා. ෂෙහ්... මේ වෙලාවට බල්ලෙක්වත් නෑ. අම්මප මොකද මිනිස්සුන්ට බැරි උදේටයි, හවසටයි යනව වගේ දවල්ටත්, ගමන් බිමන් යන්න. තියෙන අහංකාරකමනේ... රෙද්ද..! අහංකාරකමක් වෙන්නෙ කොහොමද..? මේ පට්ට අව්වෙ, පිච්චෙන්න මොකාද ආස..?[/FONT]
[FONT="]ගෙදර ඇතුළෙ කිසිම හැල හොල්මනක් නෑ. අක්කා පංති ගිහින්. එයාට කේක් හදන්නයි, මල් බොකේස් හදන්නයි.. උයන්නයි.. අරකයි, මේකයි හැම එකටම පංති. මටත් මේ නිකං ඉන්න එකේ ඕවවත් ඉගෙන ගත්තා නම් අක්කටම උගන්නල කීයක් හරි හොයාගන්න තිබුණා.[/FONT]
[FONT="]“දඩ... බ.. ඩෝං..”[/FONT]
[FONT="]බුදු අම්මේ..! ලෝක විනාසෙද..? මං උඩ ගිහිල්ලා බිම වැටුණා. පපුව ඩාං ඩාං ගාන්නෙ පංසලේ ඝාංඨාරෙ ගහනව වගේ.. පපුවත් අතින් අල්ලගෙන මං හැරුණා. ප්‍රශාන්..! ඌ බඩ අල්ලගෙන ඉනාවෙනවා. අනේ අම්මප මට මූත් එක්ක එන කේන්තිය.[/FONT]
[FONT="]“හුහ්.. හූ.. මොකද ලොක්කා ඔච්චර බය..?”[/FONT]
[FONT="]ප්‍රශාන් අහනවා. උගේ ළඟම තිබ්බෙ කාඩ්බෝඩ් වගේ ලෑල්ලකුයි, දඩ පොල්ලකුයි. මූ මේකෙන් තමයි මාව බය කරේ..[/FONT]
[FONT="]“හෙහ්.. කවුද ඩෝ බය..? මං ඔය වචනෙ මීට කලින් අහලත් නෑ. මෙ.. මේ.. මොනවද උඹ බලන්නෙ..?”[/FONT]
[FONT="]හිනාවිල්ල පැත්තක තියලා ඌ මං වාඩිවෙලා හිටිය පුටුව දිහා බලනවා.[/FONT]
[FONT="]“න්.. නෑ.. මචං..! මං මේ බැලුවෙ බයවෙච්ච පාරට ගාත්‍රා දිගේ මුත්‍රා ගලනවද කියලා..”[/FONT]
[FONT="]ෂිකේ.. ඌ ඒක කියපු කැත.. මූ නම් මහ වල් අස්පයෙක්. අපේ අයියා අද නැති හින්දා හොඳයි. නැත්තං මුං දෙන්නා එකතුවෙලා මාව බයිට් පැකට් එකක් කරන එක බුදු ෂුවර්.[/FONT]
[FONT="]“අඩෝ.. මේ අද ක්ලාස් යන්නෙ නැද්ද බයිලා කෙල කෙල ඉන්නෙ..?”[/FONT]
[FONT="]අම්මට හුඩු.. යකෝ අද සිකුරාදද.. හුටා.. අද සිකුරාදා තමයි. මං දඩබඩ ගාලා ටී ෂර්ට් එකකුයි, ඩෙනියි දාගත්තා. හාල් පොත වගේ තියෙන එකම ඩෙනිම... දවස් ගානකින් හොදලා නම් නෑ.[/FONT]
[FONT="]“දේව්..! මාර කේස් එක බං..”[/FONT]
[FONT="]පාරට එද්දි ප්‍රශාන් මං දිහා බලලා කිව්වා.[/FONT]
[FONT="]“මොකක්ද බං..?”[/FONT]
[FONT="]“න්.. නෑ.. මේ.. එක්කො මං පස්සෙ කියන්නම්..”[/FONT]
[FONT="]උගේ කතාව මට ඇල්ලුවෙ නෑ.. මූ කවදාවත් මෙලෝ දෙයක් පස්සට දාලා නෑ.. මූට මොකද වුණේ..?[/FONT]
[FONT="]“ගෙදර අවුලක්ද..?”[/FONT]
[FONT="]මං ආයෙත් උගෙන් ඇහුවා.[/FONT]
[FONT="]“නෑ බං..! එහෙම එකක් නෙමේ...”[/FONT]
[FONT="]ඌ කතාව නැවැත්තුවා. මාත් ඊට වැඩිය උගෙන් මුකුත් අහන්න ගියේ නෑ. ඉංශ්‍රීසි ක්ලාස් එකේදිත් ප්‍රශාන් හිටියෙ මේ ලෝකෙ නෙමෙයි. ඌ පංතියෙ හිටියට උගේ හිත නම් තිවුණෙ හුඟාක් ඈත කියලා මට තේරුණා. ක්ලාස් ඇරුණයින් පස්සෙ මායි, ප්‍රශානුයි බස්ටෑන්ඩ් එකට ආවා. කොට තාප්පෙට කකුලකුත් ගහගෙන මං කල්පනා කලේ මූට මොනව වෙලාද කියලා. වෙනදට නම් මූ, කොයිතරම් කියවනවද..?[/FONT]
[FONT="]“ඒයි.. අර බලපං..”[/FONT]
[FONT="]මෙච්චර වෙලා සද්ද වහලා තිබ්බ එකාගෙ කට ඇරුණා. මං බැලුවා මූට එකපාරටම අස්ප කුලප්පුව හැදුනෙ ඇයි කියලා. ප්‍රශාන්ගෙ ඇස් තිබුණෙ බස්ටෑන්ඩ් එක කෙලවරේම. ඒ කොණෙන් මතුවෙච්චි ගෑණු ළමයව අඳුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ.. හර්ෂි.. අපේ අක්කගෙ යාලු නංගි.[/FONT]
[FONT="]“උඹ දන්නෙ නෑ දේව්..! මට ඔය ගර්ල්ව පෙරේදා හම්බවුනා..”[/FONT]
[FONT="]පෙරේදා..! ඒ කියන්නෙ අක්කයි, මායි එයාලහ ගියපුදාට පහුවෙනිදා.. ෂුවර්රෙකටම මූ හොඳ තොවිලයක් නටන්න ඇති.[/FONT]
[FONT="]“ඉතිං උඹලා දෙන්නා කෙලගත්තා..?”[/FONT]
[FONT="]මං අහපු එකට ඌට හිනා ගියා.[/FONT]
[FONT="]“හිටපංකො කියනකං..”[/FONT]
[FONT="]ඌ ස්ටෝරිය දෙන්න හදද්දි මං ආයෙත් ඉස්සරහ බැලුවා. එයා ආවෙත් මං දිහා බලාගෙන වගේ. අපේ ඇස් එකට මුණ ගැහුණ ගමන් එයාගෙ මූණට හිනාවක් ආවා. ඒ හිනාව මූණෙ තියාගෙනම එයා අපිව පහු කරන් ගියා.[/FONT]
[FONT="]“පිස්සු හැදිල, හොඳවෙලා, ආයෙත් හැදෙනවා නේද බං..”[/FONT]
[FONT="]ප්‍රශාන් කියනවා. තාමත් ඉස්කෝලෙ යුනිෆෝම් එක පිටින් ඉන්න එයා දිහා ආයෙත් බලන්න හිතුණත් මං බැලුවෙ නෑ.[/FONT]
[FONT="]“මොකෝ උඹ සයිලන්ස් වුණේ..? ඇස් අහකට ගන්න හිතෙන්නෙම නැද්ද..? ආ.. ස.. යි.. නේ.. හ්..”[/FONT]
[FONT="]“රෙද්ද තමයි ආසාව.. මේ උඹ ඉස්සෙල්ලා කියන්න ගියේ මොකක්ද..?”[/FONT]
[FONT="]ඌට බයිට් වෙන්න බැරි හන්දා මං පරණ කතාව මතක් කරා.[/FONT]
[FONT="]“ෆිට් තමයි මචං..! ඔය කෙල්ල හරි හොඳයි.. අපරාදෙ මං එදා බස් එකේදි බැන්නෙ.. එදා ගෙදර ගිහිනුත් මං කල්පනා කරා බං.. ඇයි මං ඒකිට බැන්නෙ කියලා..”[/FONT]
[FONT="]“ඉතිං..?”[/FONT]
[FONT="]“මට හම්බවුණ වෙලාවෙදි මං ඒකිට කිව්වා, එදා වුණ දේට සොරි කියලා. මාර වැඩේ කියන්නෙ ඒකි හිනාවෙලා කිව්වනේ, ඒක අපි අමතක කරලා දාමු කියලා.. මං ඉස්සෙල්ලා උඹට කියන්න හැදුවෙ ඕක තමයි..”[/FONT]
[FONT="]මල හත්තලව්වයි..! මූත් සමාව භාජනයක දාලා.. ෂීකේ, මං හිතුවෙ ඒකි දැන් මගෙත් එක්ක හිනාවුණා කියලනේ.. බලපුවහම හිනාවෙලා තියෙන්නෙ මූත්තෙක්ක වෙන්නැති.. මැදැයි..[/FONT]
[FONT="]“මොකෝ උඹ කතා නැත්තෙ..?”[/FONT]
[FONT="]“න්.. නෑ.. ප්‍රශාන්.. බස් එක ගහලා.. වරෙන් යමු..”[/FONT]
[FONT="]මං කලබල වෙලාවත්ද කියලා මට හිතුණා. ඒත් ඇයි මං කලබල වෙන්නෙ.[/FONT]
_____________________________
[FONT="]තවත් සතියක් නිකම්ම ගෙවිලා ගියා. මං ගෙයින් එළියට බැස්සෙ ප්‍රශානුත් එක්ක ඉංශ්‍රීසි ක්ලාස් යන්න විතරයි. අනිත් දවස්වලට බඩ පැලෙන්න කාලා කුම්බකරණයා වගේ නිදා ගත්තා. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ, අත් ඇරලා දාපු මීහරක් වගේ තමයි අපේ ජීවිත ගතවුණේ.[/FONT]
[FONT="]ඊයෙ දවසටම ප්‍රශාන් ආවෙ නෑ.. සාමාන්‍යයෙන් ඌ විනාඩියකට දෙකකට හරි අපේ ගෙදර ඇවිත් යන්න එනවා. ෂුවර් එකටම, මල පෙරේතයා වගේ නිදි ඇති. ඒකයි අදත් නැත්තෙ. ඌ ගැන හිත හිතාම මං උගේ ගෙදර ගියා.[/FONT]
[FONT="]“ආ.. ඇන්ටී..! බරටම වැඩ වගේ..”[/FONT]
[FONT="]උංගෙ අම්මා උයනවා. ගේ ඇතුළෙ නිකමටවත් සද්දයක් නෑ.. දැන් නම් මට බුදු ෂුවර් මූ ගෙයි නිදි ඇති කියලා..[/FONT]
[FONT="]“ආ...හ්...”[/FONT]
[FONT="]ප්‍රශාන්ගෙ අම්මා, මාව දැක්කහම අප්සට් ගියා.[/FONT]
[FONT="]“ඇ.. ඇයි.. ඇයි.. දේව් ගියේ නැද්ද ෆිල්ම් එකට..”[/FONT]
[FONT="]මොකක්ද බං මේ හරුපෙ..? මං මගෙන්ම අහගත්තා. තත්පරයක්වත් ගියේ නෑ. මෝටාර් ගහනවා වගේ වෙලා තියෙන දේ මගේ ඔලුවට වැටුණා. මූ කොහේ හරි හොර මගුලක ගිහින් මාව මාට්ටු කරලා තියෙනවා.[/FONT]
[FONT="]“නෑ ඇන්ටි.. ප්‍රශාන් තනියෙම ගියා.. මට කම්මැලියි වගේ.. මං මේ ආවෙ නවල් එකක්වත් අරන් යන්න..”[/FONT]
[FONT="]ඇඟට පතට දැනෙන්නෙ නැතිවෙන්න මං කියවං ගියා. ප්‍රශාන්ගෙ අම්මා මොනව හිතුවද දන්නෑ.. ඒත් ඉතිං ඌ පෙරලපු බාල්දිය හරිගස්සන්නත් ඕනනෙ.. මං උගේ කාමරේට රිංගුවා. සරම රෝල් කරල පුටුව උඩට දාපු ගමන්. අර පොල් ගස් නගින්න ගෙනියන වලල්ල වගේ. රෑ පොරවපු ෂිට් එක තාම නමල නෑ. මූව නම් මේ කපේදි හදන්න බෑ. උගේ පොත් මේසෙ උඩින් පොතකුත් අරන් මං ආපහු ගෙදර එන්න ආවා.[/FONT]
[FONT="]ඇත්තටම මූ කොහෙද ගියේ..? ඌ කවදාවත් මේ වගේ මට නොකියා කොහෙවත් ගිහින් නෑ.. ඇරත් මාවත් අල්ලල තියලා.. ගෙදර හුඩ් එක යට පඩිය උඩින් වාඩිවෙලත් මං කල්පනා කරේ ඒ ගැන. ඔය වෙලාවෙ තමයි මං දැක්කෙ අක්කා ඈත එනවා. ලොකු හිනාවකුත් එක්ක.[/FONT]
[FONT="]“මොකෝ.. අද පනාව පිටින්ම..? කොල්ලෙක් කැමතිද කියලා ඇහුවද..?”[/FONT]
[FONT="]අක්කා ළඟට එන්න කලින්ම මං ඇහුවා, දුවන්න බලාගෙන.[/FONT]
[FONT="]“මේ..හ්.. දෙනවා දෙකක්.. එන්න එපා ඕන නැති දේවල් කියන්න..”[/FONT]
[FONT="]අම්බානක ඔරොප්පු මූඩ් එකක් දාලා අක්කා ගේ ඇතුළට ගියා. මාත් ඇරියෙ නෑ.. ගියා පස්සෙන්ම. අක්කා එක පාරටම ආපිට හැරුණා. මං ආරක්ෂාව තකා මිදුල දක්වා පසුබැස්සා.[/FONT]
[FONT="]“බයවෙන්න එපා හලෝ..! මං ගහන්නෑ.. ළඟට එනවකො බඩ්ඩක් කියන්න..”[/FONT]
[FONT="]ගැහුවොත් දුවනවා කියලා හිතාගෙන, මං අක්කා ළඟට ගියා.[/FONT]
[FONT="]“අනේ මල්ලි..! ඔයා හර්ෂිලහට ගිහින් මගේ මල් බොකේස් ටික අරන් එනවද..?”[/FONT]
[FONT="]හු..ර්..රේ..හ්.. දෙන දෙයියො අත පුරවලාම දෙනවා. මට ෆිට් කියන්නෙ, ෆිටේ ෆිට්..[/FONT]
[FONT="]“හර්ෂි කිව්වෙ..?”[/FONT]
[FONT="]මෙලෝ දෙයක් මතක නැති එකෙක් වගේ මං අක්කගෙන් ඇහුවා.[/FONT]
[FONT="]“අනේ.. අනේ.. ඔයාට නම් මුකුත් මතක නෑ මල්ලි.. ඇයි ළමයො අර අපි දෙන්නා මල් බොකේස් වගයක් බලන්න ගියේ.. අර ඔයාලා බස්සෙකේදි රණ්ඩු උනේ..”[/FONT]
[FONT="]අක්කා කියවගෙන ගියා.. යකෝ, බලන් ගියාම මාත් මාර මාර පොත්නේ පෙරළන්නෙ.[/FONT]
[FONT="]“හෙට ගියාම මැදෑ..”[/FONT]
[FONT="]මං තවත් පොතක් පෙරලුවා. අක්කා ඒකටත් අහුවුණා.[/FONT]
[FONT="]“අනේ බෑ මල්ලි. අපේ ප්‍රදර්ශනේ ළඟයි.. ඔයා අද යන්නම ඕන..”[/FONT]
[FONT="]“හරි.. හරි.. යන්නම් හලෝ.. අඬන්නැතුව ඉන්නවා.. මේ සරොම් කොටෙත් ගහගෙන යන්න පුළුවන්ද..?”[/FONT]
[FONT="]අක්කගෙ මූණට හිනාවක් ආවා. මට පව් කියලත් හිතුණා. එයා හිතුවෙ මං ඇත්තටම යන්න බෑ කියනවා කියලා.[/FONT]
[FONT="]කොහොම හරි එක දවසක් ආපු හින්ද මට හර්ෂිලගෙ ගෙදර හොයාගන්න අමාරු වුණේ නෑ. තදයා වගේ දොර ගාවට ගිහිල්ල මං බෙල් එක එබුවා. එයා ගේ ඇතුළෙ මල් හදනවා ඇති. මගේ හිත මට කිව්වා. බිම දිගේ ඇතිල්ලීගෙන ආපු සෙරෙප්පු දෙකක සද්දෙ දොර ගාවදි නතර වුණා. ඊගාවට මට ඇහුණෙ දොර අරින සද්දෙ.. හර්ෂිගෙ මූණ බලාපොරොත්තුවෙන් මං ඇරුණු දොර දිහා බැලුවා. කවුද මේ..?[/FONT]
[FONT="]“ඇයි..?”[/FONT]
[FONT="]කවුදෝ තඩි, කලු මනුස්සයෙක් මගෙන් ඇහුවා. මූ මොකාද කියලා මං හොඳට ඒ මනුස්සයා දිහා බැලුවා. පොරගෙ ඔලුවෙ මැද හරියෙ කොණ්ඩෙ තිබුණෙ නෑ. බොලේ තට්ටෙ පෑදිලා නේද..?[/FONT]
[FONT="]“හ.. හර්ෂි ඉ.. ඉන්නවද..?”[/FONT]
[FONT="]“මොකටද..?”[/FONT]
[FONT="]නොදකිං.. මේ වෙල් කක්කුට්ටා කොහෙන් පාත් වුණාද මංදා.. මූ මැනර්ස් කියලා ජාතික්වත් දන්නෙ නැති එකෙක්ද කොහෙද..? මට තාම වාඩිවෙන්නවත් කිව්වෙ නෑ.. හිතට ආපු තරහටත් එක්ක මං මුකුත් කිව්වෙ නෑ. පොරයි, මායි ලව් කරනව වගේ මූණට මූණ බලන් ඉන්දෙද්දි තමයි, මැදිවියේ ගෑණු ළමයෙක් අපි අතරට ආවෙ.[/FONT]
[FONT="]“කාවද හොයන්නෙ..?”[/FONT]
[FONT="]ඒ ගෑණු කෙනාගෙ කටහඬ නම් අවුලක් නෑ කියලා මට හිතුණා.[/FONT]
[FONT="]“අපේ අක්කා මල් වගයක් හදන්න දීලා ඇති. ඒ ටික ගෙනියන්නයි ආවෙ..”[/FONT]
[FONT="]එහෙම කිව්වාම අර වෙල් කක්කුට්ටා මගේ ඔලුවෙ ඉඳන් කකුල් දෙකට වෙනකන් හොඳට බලලා ගේ ඇතුළට ගියා. මගෙත් එක්ක හොඳට කතාකරපු ගෑණු කෙනා, හර්ෂිගෙ අම්මා වෙන්නැති කියලා මට හිතුණා. ඒත් අර කලු වෙල් කක්කුට්ටා, හර්ෂිගෙ තාත්තා කියලා නම් මට හිතුණෙම නෑ. මිනිහ මගෙත් එක්ක කතා කරේ වචන දෙකයි. මට ඒකෙන්ම පොරව එපා වුණා.[/FONT]
[FONT="]“එන්න පුතා ගෙට..! වාඩිවෙන්න.. හර්ෂි ක්ලාස් ගිහින් තාම ආවෙ නෑ..”[/FONT]
[FONT="]එයා ගෙදර නෑ කියලා මට මුලදිම හිතුණා. නැත්තං එළියට නෑවිල්ල ඉන්නෑනෙ.. කෝම වුණත් වාඩිවෙන්න කියලා මට කිව්වට මං වාඩි වුණේ නෑ. මොකටද නිකං..?[/FONT]
[FONT="]“ඇයි හිටගෙන ඉන්නෙ.. හර්ෂි දැන් ඒවි.. එතකං වාඩිවෙලා ඉන්න.. මං පොඩ්ඩක් කුස්සියට යන්නම්.. පොඩි වැඩක්..”[/FONT]
[FONT="]දෙවැනි පාරටත් ඒ ගෑණු කෙනා කිව්වහම තමයි මං සැටියෙ වාඩිවුණේ.. එහෙම වාඩිවෙලා ඉන්නකොට තමයි අර වෙල් ක්කකුට්ටා පත්තරයක් දිග ඇරගෙන මගේ ඉස්සරහින්ම ඉඳගෙන කියවන්න ආවෙ. මම සැලුනෙ නෑ. උඹත් පොරක්ද බං.. මමනේ පොර කියලා හිතාගෙන ඌ දිහා නොබල මං බිත්තියට ඇස් දෙක යැව්වා. පොඩි එවුන් හත් අට දෙනෙක් බංකුවක වාඩිවෙලා පැත්තකට ඇලවො ඉන්න සිරා පිංතූරයක් බුදු පිළිමෙ ගාවින්ම තිබුණා.[/FONT]
[FONT="]“කොහෙද ඉන්නෙ..?”[/FONT]
[FONT="]මං වටපිට බැලුවෙ කවුද කතා කරේ කියලා බලන්න.. අර කලු මහත මිනිහා මං දිහා බලන් ඉන්නවා. බොලේ ඒ ප්‍රශ්නෙ මගෙන්ද අහල තියෙන්නෙ. බලන් ගියාම මූටත් ඕනනැති ඉලව්වක් නෑ.. ගෙදරට ආපු එකාගෙත් හතර කේන්දරේ බලනවා.[/FONT]
[FONT="]“ධර්මරාජ මාවතේ..”[/FONT]
[FONT="]මං උත්තර දුන්නෙ, ගහගන්න වගේ.[/FONT]
[FONT="]“පාර අයිනෙමද..?”[/FONT]
[FONT="]නෑ යකෝ..! පාර මැද කියල කියන්න හිතුණත් මං මුකුත් කිව්වෙ නෑ.. දැන් නම් මට උපරිමේටම තදවෙලයි තියෙන්නෙ. මට අක්කත් එක්කත් කේන්තියි. උන්දනේ මේ රාජකාරිය පංගාර්තු කරේ. කෝම හරි හර්ෂි එනකන්ම වෙච්ච එකම වැදගත් දේ තමයි මට ප්ලේන්ටියක් හම්බවෙච්ච එක.[/FONT]
[FONT="]“ඕ.. ඔ.. ය්.. යා..?”[/FONT]
[FONT="]කලබලෙන් වගේ ගෙට ගොඩවෙච්චි හර්ෂිට මාව දැකලා කියවුණා.[/FONT]
[FONT="]“අපේ අක්කගෙ මල් ටික..”[/FONT]
[FONT="]එයාට මුකුත් කියන්න නොදී මං කිව්වා. මොකද ඒ වෙලාවෙ එතනින් පැන ගන්නයි මට ඕන වෙලා තිබුණෙ. තව ඩිංගක් වෙලා හරි අර වෙල් කක්කුට්ටත් එක්ක හිටියා නම් මට පිස්සු හැදෙනවා.[/FONT]
[FONT="]“අනේ අයියෙ..! දේවකී අක්කිට කියනවද ෂුවර් එකට අනිද්ද දෙන්නම් කියලා. මං තාම බාගයයිනේ හදල තියෙන්නෙ..”[/FONT]
[FONT="]“එහෙනම් මං යන්නම් නංගි..! මේ.. අංකල් මං යනවා..”[/FONT]
[FONT="]හර්ෂිටයි, අර පොරටයි දෙන්නටම මං යනවා කිව්වා. ඌ ඔලුව උස්සල ආයෙමත් පත්තරේ දිහා බලා ගත්තා. යකෝ මුගේ තියෙන ඝණකම. කසාද බඳින්න ඉන්න ලමිස්සියෙක් වගෙයි මුගේ බැලිල්ල. මං ගෙයින් එළියට ඇවිත, මිදුලටත් බැහැල නිකමට වගේ ආපහු හැරිලා දොර දිහා බැලුවා. දොරකඩට වෙලා හර්ෂි මගේ දිහා බලන් ඉන්නවා. මං බලනවා දැකපු ගමන් එයාට හිනා ගියා. මටත් හිනා ගියා. ඒත් ඒකට හේතුවක් නම් තිබුණෙ නෑ.[/FONT]
[FONT="]මං ගෙදර ආපු ගමන් කරේ අක්කගෙ ඇගට කඩං පැන්න එක.[/FONT]
[FONT="]“තමුසෙත් ඉඳල ඉඳල මාව යවන්නෙ මාර ගල් පල්ලිවලටනේ.. අම්මප.. අම්මප, තව ටිකක් හිටියා නම් මං උගේ හොම්බට අනිනවා..”[/FONT]
[FONT="]අක්කගෙ මූණ ඇදවෙලා ගියා මගේ කතාවට.[/FONT]
[FONT="]“බලන හැටි ඔරං ඔටං වගේ..! කවුද හලෝ අද එහේ ඉඳපු වෙල් කක්කුට්ටා..”[/FONT]
[FONT="]“ක.. කවුද මල්ලි.. ඇ.. ඇයි අද හර්ෂි හිටියෙ නැද්ද..?”[/FONT]
[FONT="]අක්කා බයවෙලා අහනවා. මගේ සද්දෙට අම්මත් ආවා.[/FONT]
[FONT="]“හර්ෂි නම් හිටියෙ නෑ. ඒ වුණාට මොකෙක්දෝ හාල්පාරුවෙක් හිටියා..”[/FONT]
[FONT="]“චූටි පුතා.. ඔය මිනිස්සුන්ට කතා කරන හැටිද..?”[/FONT]
[FONT="]මං මෙච්චර වෙලා බැන්නෙ මිනිහෙකුට කියලා අම්මට තේරිලා තියෙන්නෙ දැන්.. අක්ක නම් තාමත් හොල්මන් වෙලා.[/FONT]
[FONT="]“වෙන කොහොමද අම්මෙ කතා කරන්නෙ..? ඒ ගර්ල්ගෙ තාත්තද කොහෙද.. ඌ මගෙන් අහනවා ජාතකේ හිටන්.. හරියට මං ඒ ගර්ල්ව බඳන්න ගියා වගේනේ..”[/FONT]
[FONT="]මං කියපු එකට අම්මයි, අක්කයි මූණට මූණ බලාගත්තා.[/FONT]
[FONT="]“ඒ හර්ෂිගෙ තාත්තා නෙමෙයි චූටි.. ඒ බාප්පා.. මිනිහගෙ හැටි එහෙම තමයි.. ගෙදරට පිරිමි ළමයි එනවට කැමති නෑ..”[/FONT]
[FONT="]“කැමති නැත්තං ඌ බෝඩ් එකක් ගේ ඉස්සරහ ගහගත්තා නම් ඉවරනේ.. කොල්ලන්ට පැමිණිම තහනම් කියලා..”[/FONT]
[FONT="]එහෙම කියලා මං මගේ කාමරේට ආවා. බලන් ගියාම යකෝ, මටත් මාර විදියට තද වෙනවනේ... ඒත් ඉතිං අර වෙල් කක්කුට්ටත් එක්ක ඉඳපු ටිකට තද නොවී හිටිය නම් තමයි පුදුමෙ. ඌ හර්ෂිගෙ බාප්පලු. එතකොට අර ගෑණු කෙනා කවුද..?[/FONT]
[FONT="]“චූටි..”[/FONT]
[FONT="]අක්කගෙ සද්දෙ කාමරේ දොර ගාවින්ම ඇහුණා.[/FONT]
[FONT="]“ඔච්චර කේන්ති ගන්න එපා මල්ලි.. ඉක්මණට තද වෙන්නෙ ලේවල සීනි අඩු අයගෙලු..”[/FONT]
[FONT="]“අම්මට හුඩු..! ඒකත් එහෙමද..? එහනෙම් සීනි කිලෝ එකක් විතර ගෙනත් දෙනවා මට කන්න..”[/FONT]
[FONT="]අක්කට බකස් ගාලා හිනා ගියා.[/FONT]
[FONT="]“ඉතිං චූටි.. කෝ මල්..?”[/FONT]
[FONT="]“හදල නෑ කිව්වා.. අනිද්දට ෂුවර්ලු..”[/FONT]
[FONT="]“හ්ම්.. ඒ ළමයට වැඩ ඇති.. ගෙදර වැඩත් කරන්න ඕනනේ..”[/FONT]
[FONT="]අක්කා ඒක කියපු තාලෙ මට ඇල්ලුවෙ නෑ.. හෙණ අප්සෙට් එකෙන් වගේ කිව්වෙ. ඒ අප්සෙට් එකට යටින් ලොකු කතාවක් තියෙනවා කියලා මට තේරුණා..[/FONT]
[FONT="]“හර්ෂිගෙ තාත්තා කෝ..?”[/FONT]
[FONT="]මං එහෙම ඇහුවෙ, ඒ කතාව අක්කගෙන් දැනගන්න.[/FONT]
[FONT="]“හර්ෂිගෙ අම්මයි, තාත්තයි දෙන්නම නැතිවෙලා මල්ලි.. අම්මගෙ නංගි ගාව තමයි හර්ෂි ඉන්නෙ.. ඔයාට කේන්ති ගිහින් තිවුණෙ ඒ නංගි බැඳලා ඉන්න මනුස්සයත් එක්ක තමයි..”[/FONT]
[FONT="]දෙයියනේ.. එතකොට... එතකොට හර්ෂි අර ලස්සනට හිනාවෙලා ඉන්නෙ මේ තරම් දුකක් හිතේ හංගගෙනද..? ඇරත් ලොකු මහත්වුණු ගෑණු ළමයෙකුට ළඟින්ම ඉන්න ඕන අම්මා නේද..? ඒත් ඒත හර්ෂිට ලැබිලා නෑ කියල මගේ හිත කොඳුරන්න ගත්තා. අක්කා කියපු වචන පේළි දිගේ මං හර්ෂි ගැන හිතන්න ගත්තෙ, මගේ හිතටත් හොරාටම. එයා ගැන අනුකම්පාවක් වගේ හැඟීමකුත් මගේ හිතට තුරුළු වුණේ මටවත් හිතාගන්න බැරි විදියට. අන්න ඒ අනුකම්පාව මගේ ජීවිතේ පුදුම පෙරළියක් කරා.. මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගත්තෙ එතන ඉඳන්.[/FONT]
[FONT="]“හර්ෂිට අවුරුදු දොළහෙදි විතර තමයි එයාගෙ අම්මයි තාත්තයි නැතිවෙලා තියෙන්නෙ.. එදා ඉඳන්ම එයා ඉන්නෙ මම්මයි, බාප්පයි ගාව.. ඒ දෙන්නටම ළමයි නෑ..”[/FONT]
[FONT="]අක්කා කියවං යන හැම දේම මගේ හිත ඇතුළෙ තැන්පත් වුණා. සුරංගනා කතාවක් අහන් ඉන්න, පොඩි එකෙක් වගේ මං අක්කා දිහා බලන් හිටියා.[/FONT]
[FONT="]“ඒගොල්ලො හර්ෂිට සලකනවද..?”[/FONT]
[FONT="]එක්කා එක පාරටම මං දිහා බැලුවා. මොකක්දෝ මට තේරෙන්නැති අමුත්තක් ඒ ඇස් වල මං දැක්කා.[/FONT]
[FONT="]“හර්ෂි එහේ ඉන්නවට ඒ දෙන්නම කැමති නෑ.. ඇරත් අපිට ඒ දේවල් වැඩක් නැනෙ චූටි..”[/FONT]
[FONT="]අක්කා අන්තිමට එහෙම කිව්වත්, කියන්න ඕන දේවල් එයා කියල ඉවරවෙලා තිබුණා. ඒකෙන් වුණේ, හර්ෂි ගැන කලින් හිතට ඇතුල්වෙලා තිබ්බ අනුකම්පාව ටිකෙන් ටික වැඩිවෙනව කියලා මට තේරුණ එක. ඒ එයා ලෝකෙන්ම තනිවෙලා කියලා මට හිතුන නිසාද මංදා... ඒත් ඉතිං ඒකෙන් මට ඇති වැඩේ මොකක්ද..? මේ ලෝකෙ තනිවෙලා ඉන්නෙ හර්ෂි විතරද..? එයා ඉන්නවට අකමැත්තෙන් හරි එයාට මම්මයි, බාප්පයි ඉන්නවනේ.. මටත් පිස්සුද මංදා.. මේ කොහේවත් යන කෙල්ලෙක්ගෙ ජීවිතේ ගැන මේ තරම් හිතන්න.. කියලා මගේ හිත අනිත් පැත්තට හිතුවා. ඒ ඉතින් අන්තිමට දිනුම් කණුව පහු කරේ මුලින් හතපු පැත්ත තමයි.[/FONT]
_____________________________________________
[FONT="]බස් ස්ටෑන්ඩ් එකට ටිකක් ඈතින් තිබ්බ ස්නැක් බාර් එකට මං ගොඩවුණේ මොනා හරි බොන්න ඕන කියල හිතුණු හන්දා. ප්‍රශානුත් පහුගිය ටිකේම හම්බ වුණේ නෑ. මොන මගුලක ගිහින්ද දන්නෑ.. ෂුවර් එකට කොහේ හරි වැල ගෙඩියක් පස්සෙ යන්නැති.[/FONT]
[FONT="]“කෝක් එකක්..”[/FONT]
[FONT="]මං එහෙම කියාගෙන ස්නැක් බාර් එක කෙලවරේම මේසෙට ගියා. ඒ මේසෙට අල්ලපු මේසෙ කෙල්ලො ගැන්සියක් පෝටෙලෝ බොනවා.[/FONT]
[FONT="]“පව් බං..! තනියම ඇවිත් තියෙන්නෙ.. කුමාරිකාව පැනල ගිහින්ද කොහෙද..?”[/FONT]
[FONT="]මටද ඒක කිව්වෙ..? කෝක් බෝතලය අතට අරන් මං කල්පනා කරා. ඊට පස්සෙයි මං හැරුණෙ. ලස්සන කෙල්ලො ටිකක්. උං කටවල් අතින් වහන් හිනාවෙනවා.[/FONT]
[FONT="]“අපේ එක්කෙනෙක් එවන්නද ඔතනට..?”[/FONT]
[FONT="]රෝස පාට ජම්බු ගෙඩියක් වගේ කෙල්ලෙක් මං දිහා බලල ඇහුවා. වෙන කවුරුවත් එපා.. ඔයා ආවනම් මරු.. කියලා කියන්න හිතුණත් මං කිව්වෙ වෙන දෙයක්..[/FONT]
[FONT="]“ආ..පෝ.. එපා.. මට මෙහෙම හොඳයි..”[/FONT]
[FONT="]උං ටික ආයෙත් හිනාවෙන්න ගත්තා. මං කියපු ඒවට හිනායන්න දෙයක් තිබුණෙ නෑනෙ.. පිස්සුද මංදා.. උං කරන විකාර වැඩ බල බලාම මං කෝක් එක බිව්වා. ටිකකින් උං පෝටෙලෝ බීලා ඉවරවෙලා මටත් අත් වනාගෙන යන්න ගියා. මගෙත් අත උඩට ඉස්සුණා.[/FONT]
[FONT="]“අඩ්..ඩෝ..! ලොක්කා.. උඹලව දකින්න තියෙන අමාරුව..”[/FONT]
[FONT="]ලව්ඩ්ස්පීකරේ වගේ සද්දෙ දාගෙන ආවෙ කවුද කියලා මං කටහඩින්ම අඳුන ගත්තා. ප්‍රශාන්..! මුළු ස්නැක් බාර් එකම අපි දිහා බලාගෙන. ඇයි ඉතින් මූට යමක් හෙමින් කියලා පුරුද්දක් නෑනෙ..[/FONT]
[FONT="]“බ්රා...ස්..”[/FONT]
[FONT="]පුටුවකුත් ඇදගෙන ඌ මගේ ඉස්සරහින්ම වාඩි වුණා.[/FONT]
[FONT="]“මොකෝ බං සද්දෙ වැහිලා..! ජම්බු ගහෙන්වත් වැටුනද..?”[/FONT]
[FONT="]“ජම්බු ගහෙන්..? මගෙන් කුණුහබ්බ අහගන්නැතුව ඉඳපං.. මගෙත් එක්ක ෆිල්ම් එකක් බලන්න යනව කියල, උඹලගෙ අම්මට මාව මාට්ටු කරලා, තෝ හොර මගුලෙ ගිහින්..”[/FONT]
[FONT="]“හරි.. හරි.. බං..”[/FONT]
[FONT="]“මොකක්ද යකෝ හරිය..? උඹට දේව් කියලා තව යාලුවෙක් ඉන්නවද..?”[/FONT]
[FONT="]මං උගෙන් සීරියස්ම ඇහුවා. ඇත්තටම මට උගේ වැඩ පිළිවෙල ගැන අම්බානට තද වෙලයි තිබුණෙ.[/FONT]
[FONT="]“ඔය බලපං.. ඔච්චර නට් ලූස් කරගන්න එපා බං.. මට මෙලෝ දෙයක් කියන්න දෙන්නෙ නැතුව උඹ බුරාගෙන පනිනවනේ..”[/FONT]
[FONT="]ඌ එහෙම කිව්වම මං සද්දෙ වහගත්තා.[/FONT]
[FONT="]“උඹ දන්නවයි වැඩක්..?”[/FONT]
[FONT="]මගේ කුතුහලේ අවුස්සන්න, ඌ කතාව බාගෙට නැවැත්තුවා. නවත්තල මගේ කෝක් එකේ ඉතිරි ටික ඌ බීගෙන බීගෙන ගියා.[/FONT]
[FONT="]“මේ දවස්වල මට එළ කෑල්ලක් සෙට් වේගෙන එනවා බං.. ඒකයි මේ කලබලේ..”[/FONT]
[FONT="]“කෑල්ලකටද බං, උඹ මේ මැරෙන්න හදන්නෙ..? ඉතිං ඇයි මට නොකියා උඹ තනියෙම ගියේ..?”[/FONT]
[FONT="]“උඹත් ට්‍රයි කරාවි කියලා මට හිතුන හන්දා..”[/FONT]
[FONT="]ඌ ඒක කිව්වෙ නම් සිරාවටම කියලා මට තේරුණා.[/FONT]
[FONT="]“ප්‍රශාන්..? උඹ එහෙමද මං ගැන හිතං ඉන්නෙ..?”[/FONT]
[FONT="]“ගනං ගන්නෙපා බං.. මං නිකං කිව්වෙ.. වෙනදට අපි දෙන්නම කෙල්ලො පස්සෙ යන එකේ මට තනියෙම ගිහින් බලන්න හිතුණා බං..”[/FONT]
[FONT="]“ඉතිං හොඳද..?”[/FONT]
[FONT="]මට පුටුව පස්සට කරලා නැගිටින ගමන් ඇහුවා.[/FONT]
[FONT="]“පිස්සුද බං.. උඹත් එක්ක යන තරම් ගතියක් නෑ..”[/FONT]
[FONT="]“ගතිය නෙමේ ප්‍රශාන්.. මං මේ සිරාවටම කියන්නෙ.. ඔය දකින දකින කෙල්ලො පස්සෙ නොගිහින්, එකෙක් ගාවට වෙලා ඉඳපංකො බං..”[/FONT]
[FONT="]“ඒක මාත් හිතාගත්තා බං..! වෙන ඒවා වගේ නෙමේ මං මේක බොක්කෙන්ම කරනවා දේව්.. මං මේකිව අතාරින්නෙ නෑ..”[/FONT]
[FONT="]“සංතෝෂයි යාලුවා.. සංතෝෂයි.. ඉතිං කවුද කියහං කෑල්ල..?”[/FONT]
[FONT="]මං උගේ අත්දෙකෙන්ම අල්ල ග්තතා. ඒත් දැන් ප්‍රශාන් සෙට් වෙලා ඉන්න නිශානිව මතක් වුණාම මගේ පපුව හීතල වෙලා ගියා.. ඒකිව සෙට් කරගන්න, මං මූට මොන තරම් සපෝට් කරාද..?[/FONT]
[FONT="]“කෙල්ල නම් හෙණ අහිංසකයි බං.. ඇරත් උඹ දන්නවා එයාව..”[/FONT]
[FONT="]මං දන්නවා... කවුද බොලේ ඒ..?[/FONT]
[FONT="]“අගේ නොකර කියපං ප්‍රශාන්.. කවුද කෙල්ල..?”[/FONT]
[FONT="]“ඇයි බං.. එදා බස්සෙකේදි අපි වලිය දාගත්තු ගර්ල්.. අර උඹට බැන්නෙ.. අන්න එයා..”[/FONT]
[FONT="]උගේ අතින් අල්ලං ඉඳපු මගේ අත අතෑරුණා. මූ මේ කියවන්නෙ හර්ෂි ගැන නේද..? තත්පර ගාණකට මං ගැස්සිලා ගියා.[/FONT]
[FONT="]“මොකෝ.. උඹ හුලං ගියපු ටියුබ් එක වගේ වුණේ..?”[/FONT]
[FONT="]“න්.. නෑ මචං... අපි ගෙදර යමු..”[/FONT]
[FONT="]“ඒම බෑ ලොක්කා.. උඹට මොකක් හරි අවුලක්.. අපි ඒක විසඳගන්න ඕන..”[/FONT]
[FONT="]මූ ප්‍රශ්නෙ විසඳන්න යනවා පංඩිතයා වගේ.. මං කොහොමද මූට කියන්නෙ මාත් හර්ෂි ගැන හිතනවා කියලා. ඒත් ඒක අනුකම්පාවක් කියලා මං හිත හදාගන්න ට්‍රයි කරා.[/FONT]
[FONT="]“මොකද දේව්.. කියපංකො..”[/FONT]
[FONT="]පුංචි කාලෙ ඉඳලම, මොන්ටිසෝරි යන කාලෙ ඉඳලම ෆිට් එකේ ඉඳපු ඌයි, මායි අතරට මේ ඇවිත් තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා මට හිතාගන්න බැරි වුණා.[/FONT]
[FONT="]“උඹ කියන්නෑ එහෙනම්..”[/FONT]
[FONT="]දෙතොල් තද කරන් ඌ ඇහුවා. ප්‍රශාන් මොනා හරි දෙයක් ඒ වගේ අහන්නෙ අන්තිම පාරට කියලා මං දැනන් හිටියා.[/FONT]
[FONT="]“නෑ ප්‍රශාන්.. උඹ හිතන තරම් දෙයක් නෑ.. මං කල්පනා කරේ නිශානි ගැන..”[/FONT]
[FONT="]හිතට එකඟ වුණේ නැති වුණත් මං එහෙම කිව්වා. ඌ එක පාරටම මගේ දිහා බැලුවා.[/FONT]
[FONT="]“නිශානි ගැන මොනවා කල්පනා කරන්නද බං.. මං ඒකිට පොඩි රෙස්ට් එකක් දෙනවා.. එච්චරයි..”[/FONT]
[FONT="]මුගේ හැම වැඩේටම සප් එක දුන්නත්, මෙන්න මේ වගේ වෙලාවට තමයි මූත් එකක් තද වෙන්නෙ..[/FONT]
[FONT="]“බලු වැඩ කරන්නෙපා බං..! උඹට දුක නැද්ද ඒ අහිංසක කෙල්ල ගැන..?”[/FONT]
[FONT="]“ඒකිට වැඩිය මේකි අහිංසකයි බං..”[/FONT]
[FONT="]හර්ෂි අහිංසකයි කියලා මාත් දන්නවා ප්‍රශාන්.. ඒත් හර්ෂිට වැඩිය අහිංසක කෙල්ලෙක් තව ඉස්සරහට හම්බවුණොත් එදාට උඹ හර්ෂිවත් දාලා යාවිනේ කියලා කියන්න හිතුනත් මං මුකුත් කිව්වෙ නෑ.[/FONT]
[FONT="]එදා ගෙදර ගියපු ගමන් මං කාමරේට රිංග ග්තතා. ප්‍රශාන්, හවසට එන්නම් කියලා ගෙදර ගියා.. ඇඳ උඩට වෙලා, ප්‍රශාන් කියපු දේවල් ගැන මං දහ අතේ කල්පනා කරා. වැරදිලාවත් මූත් එක්ක හර්ෂි යාලු වුනොත්..? ඔව්.. ඒක කියන්න බෑ.. මූ නොම්මර එකේ පැණියනේ.. පස්සෙ මාසෙකින් නැත්තං දෙකකින් මූ හර්ෂිට කනුව තියාවි. ඒත් ඉතිං මං මොනවා කරන්නද..? මට තියෙන්නෙ හැමදේම දිහා උපේක්ෂා සහගතව බලන්න.. ආච්චිගෙ රෙද්ද....... ඕකෙන් බලන්න ගිහින් තමයි හැමදාම මට කෙලවුනේ..[/FONT]
[FONT="]හවස කිරි එක අම්මා ගෙනැල්ලා දෙද්දිත් මං අප්සෙට් එකේ හිටියෙ.. ඇත්තට තවත් මොනවද මට කල්පනා කරන්න තියෙන්නෙ. හර්ෂි ගැන මගේ හිතේ තියෙන්නෙ අනුකම්පාවක් විතරනේ.. අනේ මංදා.. ඒක දැන් භූමිකම්පාවක් වෙන්න වගේ යන්නෙ. අනිත්තෙක ප්‍රශාන් කියන්නෙ මගේ හොඳම යාළුවා. හර්ෂි ගැන හිතන්න අරන් ඌව මට නැති වුණොත්..?[/FONT]
[FONT="]මං දිගට හරහට, කෙළින් අතට, උඩට, යටට හැම අතටම කල්පනා කරා.. ඒත් උත්තරේකට හම්බ වුණෙ, කොහෙන්දෝ ආපු වතුර පාරකින් මං නෑවුනු එකයි. මං කාමරේ දොර දිහා බැලුවා. දත් කැඩිච්ච ලොඹු ඌරෙක් වගේ මං දිහා බලන් හිටියෙ ප්‍රශාන්..[/FONT]
[FONT="]“උඹට හැදිලා තියෙන ලෙඩේ නම් ඒ තරම් හොඳ නෑ වගේ..”[/FONT]
[FONT="]“ඇයි හොඳ කරන්න බැරි එකක්ද..? නිකං පලයං බං යන්න... ආව මෙතන දොස්තර වැඩේ කරන්න..”[/FONT]
[FONT="]“මැදැයි, අහගත්ත එක..! දොස්තර වැඩේ නෙමෙයි බං.. මං ඇවිල්ල උඹේ පිංවන්ත මූණ දිහා බලං හිටියා මෙච්චර වෙලා.. උඹ කල්පනා ලෝකෙ කොයි හරියෙද හිටියෙ..?”[/FONT]
[FONT="]චැහ්..! මූ කියට ආවද මංදා.. අම්මප මටත් කල්පනා කරන්න ගියාම බ්රේක් නෑනෙ.. ඔහේ කල්පනා කරනවා. දැන් ඉතිං මූට උත්තර දීපංකො..[/FONT]
[FONT="]“එච්චර දුරක නෙමේ මචං.. මේ ළඟක..”[/FONT]
[FONT="]ඌ අහපු එකට මං උත්තර දුන්නා. එකෙන් උගේ මූණ පට ගාලා වෙනස් වුණා.[/FONT]
[FONT="]“මට උඹත්තෙක්ක පොඩි කතාවක් තියෙනවා දේව්.. ස්නැක් බාර් එකේදි මං මේ කතාව ඕනකමින්ම මගෑරියා..”[/FONT]
[FONT="]එහෙම කියලා ඌ ලොකු හුස්මක් ගත්තා. මං උගේ මූණ දිහා බැලුවෙ, මූ මොනාද කියන්න යන්නෙ කියලා දැනගන්න.[/FONT]
[FONT="]“මං පුංචි කාලෙ ඉඳලම උඹ ගැන දන්නවා දේව්.. මොන්ටිසෝරි යන කාලෙ ඉඳලා, ජංගියෙ හූජ්ජ කරන කාලෙ ඉඳලා.. උඹේ හැම දෙයක්ම මං දන්නවා.. මට ඇත්ත කියපං.. මට මේක දැනගන්න ඕන.. උඹත් හර්ෂිට යනවද..?”[/FONT]
[FONT="]ආයෙ දෙකක් නෑ.. ප්‍රශාන් පොල්ලෙන් ගැහුවා වගේ ඒක මගෙන් ඇහුවෙ. කාට බොරු කරත් ඌට බොරු කරන්න බෑ කියලා මට තේරුනා.[/FONT]
[FONT="]“යන්නෙ නම් නෑ ප්‍රශාන්.. ඒත්... ඒත්.....”[/FONT]
[FONT="]“ඒත්....... උඹේ හිතේ තියෙනවා නේද දේව්..?”[/FONT]
[FONT="]දෙපාරක් හිතන්නෙ නැතුව මං ඔළුව වැනුවා.[/FONT]
[FONT="]“ඒකි ගැන උඹ හිතනවා නම්, මං ෆිල්ඩ් එකෙන් අයින් වෙන්නම්..”[/FONT]
[FONT="]ප්‍රශාන් දුන්නෙ එසේ මෙසේ ටෝකක් නෙමෙයි.. ඒක මගේ බොකක්ටම වැදුනා.[/FONT]
[FONT="]“ප්‍රශාන්..? කෙල්ලෙක් හින්ද අපි ඇරගන්න ඕන නෑනෙ බං.. උඹ හර්ෂිත් එක්ක යාළු වෙයං.. මගේ අවුලක් නෑ.. මං වෙනද වගේම ඉන්නං..”[/FONT]
[FONT="]කතා කරගන්න බැරිව වගේ ප්‍රශාන් මං දිහා ටිකක් වෙලා බලන් හිටියා. ඊට පස්සෙ ඌ මගේ අත් දෙකම තද කරල අල්ල ගත්තා.[/FONT]
[FONT="]“කෝම හරි ට්‍රයි කරලා, හර්ෂිව සෙට් කරගත්තු දවසට අමතක කරන්නෙ නැතුව මට ඇවිත් කියහං.. එහෙනම්.. සුභ ගමන් මචං..”[/FONT]
[FONT="]මං බොහොම අමාරුවෙන් ඌට ඒ ටික කියා ගත්තෙ. මං හිතුව මගේ හිතට හරි සැහැල්ලුවක් තියේවි කියලා. ඌට අරහෙම කිව්වට පස්සෙ.. ඒත් ඒ වෙනුවට මහ විශාල බරක් මගේ හිතේ තැන්පත් වුණා. කමක් නෑ... උගේ සංතෝසෙ වෙනුවෙන් මං හර්ෂි ගැන හිතනෙක නවත්තලා දානවා.. මං හිතාගත්තා....[/FONT]
[FONT="]
දවස් ගෙවිලා ගියේ එක සීරුවට.. සිකුරාදා ඉංශ්‍රීසි පන්ති යන එකත් මං නැවැත්තුවා. මගේ හිත පාලු පිට්ටනියක් වගේ. හිතට හරි යන්නත් එක්ක වටපිටාවත් අඳුරු වෙලා. වහින්නද කොහෙද...[/FONT]
[FONT="]“චූටි.... පොඩ්ඩකට මෙහෙ එනවද..?”[/FONT]
[FONT="]මගේ කල්පනා ලෝකෙ පිරිලා ගියා අක්කගෙ සද්දෙන්. අක්කා සාලෙ ඉඳන් මගේ දිහා බලන් ඉන්නවා.[/FONT]
[FONT="]“මං දැන් දවස් ගානක ඉඳලා ඔයාව නෝට් කරා.. ඔයා මොකක් හරි අප්සට් එකකින්ද ඉන්නෙ..?”[/FONT]
[FONT="]ගෙදරින් මං වැඩියෙන්ම ළංවුණේ අක්කට. වෙනද නම් අක්කා ඔය වගේ එකක් ඇහුවොත් මං දාහක් දේ කියනවා. ඒත්... මොන කරුමෙකටද මංදා අද මට තදවුණා.[/FONT]
[FONT="]“මට පේන්නෙ ඔයාගෙ ඔලුවෙ ඇණයක් බුරුල්වෙලා වගේ. නැත්තං මේ හොඳට ඉන්න මගෙන් ඔහොම ගොන් ප්‍රශ්නයක් අහවියෑ... ගේන්නද ඉස්කුරුප්පු නියනක්.. නට් එක හයි කරගන්න..”[/FONT]
[FONT="]අක්කගෙ මූණ බලන් ඉද්දිම අප්සට් වෙලා ගියා. අනේ අම්මප මට නම් මොනව වෙලාද මංදා... ඇස් දෙකෛ් ලොකුම ලොකු කඳුළු බිංදු දෙකක් හිර කරන් බිම බලාගත්තු අක්කව දැකලා මට ආවෙ මං ගැනම තරහක්. බලන් ගියාම අක්කගෙ නෙමෙයි මගේ ඔලුවෙයි නට් එකක් බුරුල් වෙලා තියෙන්නෙ.[/FONT]
[FONT="]“දේව්...? මෙහෙ ව..රේ..න්..”[/FONT]
[FONT="]ප්‍රශාන්ගෙ සද්දෙ ඉස්සරහ පැත්තෙන් ඇහුණා. හොඳ වෙලාවට මූ ආවෙ. නැත්තං අක්කත් එකක්ම මටත් අඬන්න වෙනවා. මං ඉස්තෝප්පුවට ආවා. ඌ ගෙටවත් ගොඩවෙලා නෑ. ෂුවර් එකට මොකාක් හරි බාල්දියක්.. නැත්තං මූ කට බලිය වගේ ඇරගෙන, බිං ඌරා වගේ මෙහෙම ඉන්නෙ නෑ..[/FONT]
[FONT="]“මොකෝ බං හදිසියෙ.. කාමරේට වරෙං..”[/FONT]
[FONT="]“කාමරේ ඇතුළෙ මේවා කතා කරන්න බෑ මචං.. යමං පල්ලෙහා අඹ ගහ ගාවට..”[/FONT]
[FONT="]මායි, ඌයි දෙන්නම වත්ත පහළට ආවා. මේ හද්ද කරුවලේ මූ මොන කෙංගෙඩියක්ද දන්නෑ කියන්න හදන්නෙ.. එහෙන් මදුරුවොත් කනවා. මෙහෙන් මූ කල්පනා කරනවා.[/FONT]
[FONT="]“මං හර්ෂි පස්සෙන් යන එක නැවැත්තුවා දේව්...”[/FONT]
[FONT="]මගේ ඇඟ සීතල වෙලා ගියා. මූ මේ ඇත්තටමද කියන්නෙ..?[/FONT]
[FONT="]“ඇයි... උඹ දැන් ඒකිගෙ ඉස්සරහින් යනවද..?”[/FONT]
[FONT="]මං විහිලුවට වගේ උගෙන් ඇහුවා. මූ මාව බයිට් කරන්න හදනවද දන්නෙ නෑනෙ..[/FONT]
[FONT="]“විහිළු එපා බං.. මං සීරියස් කියන්නෙ.. ඒකි මට කැමති නෑ දේව්.. ඒකි මට කැමති නෑ..”[/FONT]
[FONT="]ඌ ඒ ටික කියලා ඉවර වෙලා හති ඇරියා. මොකක් හරි හුට්ටප්පරයක් වෙලා තියෙනව වගේ..[/FONT]
[FONT="]“ඉතිං... පුතා.. ඔන්න මං ෆිල්ඩ් එකෙන් අයින් වුණා.. දැන් උඹේ වාරෙ..”[/FONT]
[FONT="]අත දිග ඇරල ප්‍රශාන්ට කනේ පාරක් ගහන්න තරම් ගැම්මක් මගේ හිතට ආවා. උගේ කතාවට මට අම්බානක තදවුණා.[/FONT]
[FONT="]“හර්ෂි ගැන මගේ හිතේ තිබ්බා.. ඒක ඇත්ත.. ඒත් ඒක ආදරයක් නෙමේ.. උඹෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එක හන්දම හර්ෂි ගැන තිබ්බ හැඟීම මං හිතෙන් අයින් කරා. එහෙව් එකේ.. උඹ ආයෙත් කියන පදේට මං නටන්නෙ නෑ ප්‍රශාන්..”[/FONT]
[FONT="]මං හෝ ගාලා කියවං ගියා.. ප්‍රශාන් ඩිංගක් වෙලා මං දිහා බලන් හිටියා.[/FONT]
[FONT="]“උඹේ කේන්තිය සාදාරණයි දේව්.. ඔතන මං වැරදියි.. පොඩ්ඩක් නෙමෙයි හොඳටම වැරදියි.. උඹට ඉඩ දෙන්නෙ නැතුව මං හර්ෂිට ලංවෙන්න හඳපු එක. කෝම වුණත් ඒකි මට කැමති නෑනෙ.. ඉතිං ඒ වගේ හොඳ කෙල්ලෙක් මට සෙට් වුණේ නැති වුණත් උඹට හරි සෙට් වෙන්න ඕන.. නිශානි ගිහින් හර්ෂිව හම්බවෙන්න..”[/FONT]
[FONT="]උගේ කටහඬ බිඳිලා ගියා.. අන්තිම හරියෙදි.. මං හුඟාක් දේවල් හිතාගත්තා උගේ කතාවෙන්.[/FONT]
[FONT="]“උඹ අනිවාර්යෙන්ම හර්ෂිව සෙට් කරගන්න ඕන.. ඒකි මැච් වෙන්නෙ උඹට.. උඹ ටිකක් කල්පනා කරපං.. උඹ ගැන, එයා ගැන වගේම මං ගැනත්.. එහෙනම් ගුඩ් නයිට් මචං..”[/FONT]
[FONT="]ඌ ගියා. මං ගෙට ගොඩවුණේ සිරාවටම අප්සට් එකෙන්... මොකද මං මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.. මේ මොනවද වෙන්න යන්නෙ..[/FONT]
[FONT="]“චූටි..! කෝ ළමයො අක්කා..?”[/FONT]
[FONT="]මට ගේ ඇතුළට යන්න හම්බවුණේ නෑ.. කුස්සියෙ ඉඳන් ආපු අම්මා, මගෙන් අක්කා ගැන අහනවා.[/FONT]
[FONT="]“ඇයි අම්මා.. මං මිදුලට යද්දි එයා සාලෙ හිටියනේ..”[/FONT]
[FONT="]අම්මා ආයෙමත් කුස්සියට ගියා. එතකොටම වගේ අක්කගෙ කටහඩත් ඇහුනා.. ඔය ඉන්නෙ.. අපෙ අම්මගෙ ඇස් පෙනීමත් අඩුවෙලාද මංදා..[/FONT]
_______________________________
[FONT="]“ෂ්ස්... ෂ්ස්... ෂ්ස්........”[/FONT]
[FONT="]යූ.සී ග්‍රවුන්ඩ් එක පැත්තට යන්න ගියපු මං, කාගෙදෝ සූ සද්දෙකින් හැරිලා බැලුවා. අදුණන එකෙක් පේන්නවත් නෑ.. මට නෙමෙයි වෙන්නැති කියලා මං ආයෙත් ග්‍රවුන්ඩ් එක දිහාට ගියා. ඒ පාර ආයෙමත් සූ සද්දෙ හෙණ සැරට ඇහුණා. හිතට කේන්තිය ඩිංග ඩිංග එද්දි මං පිටි පස්සට හැරුණා. කොල්ලො කෙල්ලො හෙණ ගොඩක් පුබුදු හෝල් එකේ ක්ලාස් ඇරිලද කොහෙද.. මාත් එළියට බැහැල තියෙන්නෙ මාර වෙලාවක තමයි.. ඒත් මං නැවතුණා. මේ සූ සද්දෙ ආවෙ කොහෙන්ද කියලා බලන්න.. ඒත් කෙල්ලො කොල්ලො පෝලිමක් මැද්දෙ මං කොහොම හොයන්නද සද්දෙ දාපු එකාව. ටිකක් දැකලා පුරුදු වගේ කෙල්ලො ගැන්සියක් මගේ ඇස්වලට අහුවුණා. හුටා, මේ අර එදා ස්නැක් බාර් එකේ පෝටෙලෝ බිව්ව කෙල්ලො ටිකනේ.. මුං වෙන්න ඕන සද්දෙ දැම්මෙ.. උං ගැන්සියට මුවා වෙලා වගේ හිටපු කෙල්ලව බලා ගන්නයි මං ඊගාවට ට්‍රයි කරේ.. අන්තිමේදි ඒ ඇස් වලට මගේ ඇස් පැටලුණා.. හර්ෂි....?[/FONT]
[FONT="]එතකොට හර්ෂිත් මෙයාලගෙ ගැන්සියෙමද..? ග්‍රවුන්ඩ් යන්න ගියපු ගමන පැත්තකින් තියලා මං, උං ඉන්න දිහාට අඩිය තිබ්බා. මුං ටික ඇත්තටම මටද දන්නෙත් නෑනෙ ස්දදෙ දැම්මෙ.. ඒක හන්ද මල පැනපු හිතත් කරේ තියන්, මං කෙල්ලො ගැන්සිය පහු කරන් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. කොටින්ම මං උන්ව ගණන් ගත්තෙ නෑ.[/FONT]
[FONT="]“එයාද හෂි.. උඹ කිව්වෙ..? අ..පෝ.. කොච්චි මිරිස් වගේනේ බං.. එදා ස්නැක් බාර් එකේදි නම් ෆුල් ජොලියෙන් හිටියෙ..”[/FONT]
[FONT="]උං ටික ඔක්කොම පොල්කිච්චො වගේ කච කචේ දානවා. තව හිටියොත් මොනව වෙයිද දන්නෙ නෑ.. මං අඩිය ඉක්මන් කරා.. ඒත්..?[/FONT]
[FONT="]“දේ..ව්.. අ..යි..යේ.....”[/FONT]
[FONT="]හති දාගෙන වගේ මං ඉස්සරහටම දුවන් ඇවිත් නතර වුණේ වෙන කවුරුත් නෙමෙයි.. හර්ෂි..![/FONT]
[FONT="]“ඔ.. ඔයාට තරහ ගියාද අයියෙ..? ඇයි, අඳුනන්නෙ නැතුව වගේ ගියේ..?”[/FONT]
[FONT="]තාර පාර අයිනටම වෙන්න මං නැවතුණා. හර්ෂිගෙ කටහඬ වෙව්ලනවා. මට පව් කියලත් හිතුණා. එයාගෙ ඇස් දෙක බොඳවෙලා වගේ මං දැක්කා. මගේ ඇස්වල වැරැද්දක්ද මංදා.. ඔයා ඔය හොඳට හිනාවෙවී ඉන්නෙ..[/FONT]
[FONT="]“ඉතිං කතා කරන්න එපැයි.. නයි වගේ පිඹින්න ගත්තෙ..”[/FONT]
[FONT="]මං ටිකක් තද පාට් එකක් ඇක්ට් කරා.. ඒව මොනව වුණත් මේ හුරතල් කෙල්ල මගෙත් එක්ක පැනල වගේ කතා කරපු එක නම් මට අදහගන්නත් බෑ වගේ.[/FONT]
[FONT="]“හ..ප්පේ..! ඔයාට යන කේන්ති... බලාගෙන ඉක්මණට සීය කෙනෙක් වෙයි..”[/FONT]
[FONT="]හර්ෂි හිනාවුණා. දිගම දිග කොණ්ඩෙ ගොතල පිට මැද්දට දාලා.. මගේ හිත මොනවදෝ කියනවා..[/FONT]
[FONT="]“ඔයාගෙ යාලුවො ටික නම් ඔක්කොම ගිහින්..”[/FONT]
[FONT="]හර්ෂි මුලින් ඉඳපු පැත්ත දිහා බලල මං කිව්වා.[/FONT]
[FONT="]“එයාලා බස්ටෑන්ඩ් එකේ ඉඳීවි අයියෙ..”[/FONT]
[FONT="]එහෙම කියලා හර්ෂි බිම බලාගත්තා.[/FONT]
[FONT="]“ඔයාගෙ යාළුවො දවසක් මට ස්නැක් බාර් එකේදි හම්බවුණා..”[/FONT]
[FONT="]“ඔව්.. අයියව දැකපු ගමන් එයාල ඒ ගැන කතා වුණා..”[/FONT]
[FONT="]එතැනින් එහාට කතා කරන්න දෙයක් නැතුව වගේ අපි දෙන්නම ගොලු වුණා. මං හර්ෂි දිහා බැලුවෙ එයා කතා කරාවි කියලා. එයත් හිටියෙ මං දිහා බලාගෙන. කියාගන්න බැරි අපූරු දඟකාරකමක් ඒ පුංචි මූණට එකතුවෙලා තිබුණා.[/FONT]
[FONT="]“අ.. අයියට කියන්න බඩ්ඩක් තියෙනවා..”[/FONT]
[FONT="]“ම... ම..ට”[/FONT]
[FONT="]මං හොල්මන් වෙලා ගියා.. මොකක්ද අප්පෙ ඒ.. මට ආදරෙයි කියලවත්ද..? අනේ අම්මප සිරානේ එහෙනම්.. මේකි දැන් මට ඒක තමයි, මේ කියන්න යන්නෙ.. බුදු හාමුදුරුවො බුදුවේවා..![/FONT]
[FONT="]“අර අ.. අයියගෙ යාලුවා..! එදා මට බස්සෙකේදි බැන්නෙ.. එ.. එයා...”[/FONT]
[FONT="]හුට්ටා... මේකි කියන්න හදන්නෙ ඌට කැමතියි කියලවත්ද දන්නෑ.. උඹ සරණයි එහෙම වුණොත්..[/FONT]
[FONT="]“ඔව් ඉතිං.. එයා..? ඇයි, ඔයාට ආයෙමත් බැන්නද..?”[/FONT]
[FONT="]මෙලෝ සංසාර දෙයක් දන්නැති එකෙක් වගේ මං ඇහුවා.[/FONT]
[FONT="]“න්... නෑ.. අයියෙ.. එයා මගෙන් යා.. යාලු වෙන්න ඇහුවා..”[/FONT]
[FONT="]අම්මට හුඩු... ඇයි යකෝ.. මෙයා මගෙත් එක්ක මේවා කියන්නෙ..?[/FONT]
[FONT="]“ඉත්තිං... ඔයා හා කිව්වා..?”[/FONT]
[FONT="]මං කියපු එකට එයාට බකස් ගාලා හිනා ගියා.[/FONT]
[FONT="]“අනේ නෑ අයියෙ.. එයාට වෙන ගර්ස්ලා හුඟක් ඉන්නවා.. මං එයාට බෑ කිව්වා.. එයා නම් මගෙත්තෙක්ක තරහ ඇති..”[/FONT]
[FONT="]පිස්සුද මංදා..! ප්‍රශාන් කවදද කෙල්ලෙක් එක්ක තරහ වුණේ.. යාළු වුණා මිසක්.. මෙයා, ඌ ගැන මොනවද දන්නෙ.[/FONT]
[FONT="]“ඒ කියන්නෙ, ප්‍රශාන්ට වෙන ගර්ල් කෙනෙක් නොහිටිය නම් ඔයා ඌත්තෙක්ක සෙට් වෙනවා..”[/FONT]
[FONT="]මං හිතුවෙ නැති විදියට එයාගෙ මූණ මහා දුකකින් බිමට පාත්වුණා. මාත් ඉදලා ඉඳලා ඇහුවෙ හද්ද ගොන් ප්‍රශ්නයක් වගේ..[/FONT]
[FONT="]“අ.. අයියෙ මං ගැන එහෙමද හිතන් ඉන්නෙ අයියෙ.. මං ප්‍රශාන්ට කැමති නෑ.. ඒකයි ඇත්ත තත්වෙ... ඉත්..තිං.. මං යන්නද අයියෙ.. යාලුවො ටික බලාගෙනත් ඇති..”[/FONT]
[FONT="]එයා එහෙම කියලා හැරුණා. ඒත් හර්ෂිගෙ මූණෙ තිබ්බ දුක, මගේ හිතේ කවදාවත් මැකෙන්නැති වෙන්න ඇඳුණා. ඒ හන්දමද කොහෙද එයාට යන්න දෙන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.[/FONT]
[FONT="]“හෝව්.. හෝව්.. තව චුට්ටක් වෙලා ඉන්නවද..? මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්න ඕන නංගි..”[/FONT]
[FONT="]හර්ෂි ගැස්සුනා.. ඇයි කියන ප්‍රශ්නෙ ඒ රවුම් ඇස්වල දිලිසුණා.[/FONT]
[FONT="]“අද නෙමෙයි..”[/FONT]
[FONT="]මං එහෙම කිව්වම, එයා පුදුම වෙලා වගේ මං ඉන්න පැත්තට හැරුණා.[/FONT]
[FONT="]“ඇයි අයියෙ..?”[/FONT]
[FONT="]“ඇයි කියල කියන්නම්... ඊඨ කළින් පුළුවන්ද කියලා කියන්නකො..”[/FONT]
[FONT="]පැය ගාණක් ගෙවිල යනව වගේ විනාඩියක් දෙකක් ගෙවිල ගියා.. මගේ පපුව ගැහෙන වේගෙත් ඩිංගෙන් ඩිංග වැඩිවුණා. හර්ෂි කල්පනා කරනවා. ඒ සුදු මූණ, රෝස පාට වෙලා.[/FONT]
[FONT="]“හෙට හතරට විතර..”[/FONT]
[FONT="]එකපාරටම එයා කිව්වා. මගේ හිතට ආවෙ මාරම මාර ෆිට් එකක්.[/FONT]
[FONT="]“කොලෙජ් ලේන් එකේදි..”[/FONT]
[FONT="]මං ඉතුරු ටික සම්පූර්ණ කරා. අර රෝස පාට වෙලා තිබ්බ සුදු මූණ මැද්දට ලොකුම ලොකු හිනාවක් ආවා. හරියට බංගලි රෝස මලක් පිපිල වගේ. ඔය අතරෙදි තමයි හර්ෂිගෙ යාලුවෙක් පණ එපා කියාගෙන අපි ඉන්න පැත්තට දුවන් ආවෙ.[/FONT]
[FONT="]“හා..හ්.. මේහ්.. හම්මේහ්.. මං හිතුවෙ උඹ දේව් අයියත් එක්ක පැනලා ගිහින් කියලා.. බස්සෙකත් ස්ටාර්ට් කරලා.. වරෙන්..”[/FONT]
[FONT="]ඒකි එහෙම කියල හර්ෂිවත් ඇඳගෙන ස්ටෑන්ඩ් එක පැත්තට දිව්වා. ලොකුම ලොකු කැළඹීමක් හිතේ තියාගෙන මං ඒ දිහා බලන් හිටියෙ. ඇත්තටම ඇයි මං හර්ෂිට හෙට එන්න කිව්වෙ..? මං මගෙන්ම අහගත්තත් මට උත්තරයක් හම්බවුණේ නෑ.. පංඩිතයා වගේ හෙට හර්ෂිට කොලෙජ් ලේන් එකට එන්න කියල, එයාට මොනවද කියන්නෙ..? මොනව කියන්නද.. ආදරෙයි කියලා කියනවා මිසක.. තටම තටම ඉන්නෙ අහවල් කෙංගෙඩියටද..?[/FONT]
[FONT="]කලුවර වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මං ගෙට ගොඩවුණා. ඉස්සරහ පඩිය උඩ වාඩිවෙලා ඉඳපු අක්කගෙ මූඩ් එක නම් අවුල් සහගතයි කියලා මට හිතුණා.[/FONT]
[FONT="]“ඔය ආවෙ.. කොයි වෙලාවකවත් ගෙදර නෑ.. කොහෙ යනවද කියල කවුරුත් දන්නෙ නෑ..”[/FONT]
[FONT="]ගෙට ගොඩවෙන්න හම්බවුණේ නෑ.. අක්කා හෙණ බර බරයක් දැම්මා.[/FONT]
[FONT="]“ඔයාට කිව්වෙ නැති වුණාට මං අම්මට කියලයි ගියේ..”[/FONT]
[FONT="]“කියලා ගියා නම් අම්ම මගෙන් අහවියෑ චූටි පුතා කෙහෙද ගියේ කියලා.. හොර ගමන් ගිහින් මෙතන, තව එනව බොරු කියාගෙන..”[/FONT]
[FONT="]අක්කගෙ කතාවට මට නප්පියටයි, ඊට චුට්ටක් වැඩියෙනුයි තද වුනා.. ඉඳපංකො.[/FONT]
[FONT="]“මං ගියපු හොර ගමනක් නෑ ඕයි...”[/FONT]
[FONT="]තරහ වැඩිකමට මාව වෙව්ලන්න ගත්තා.[/FONT]
[FONT="]“හොර ගමනක් ගියේ නැත්නම් මොකෝ ඔය තරම් තදවෙන්නෙ..?”[/FONT]
[FONT="]“තමුසෙට මොකටද මං ගියපු දිහා.. තමුසෙගෙ කකුල් දෙකෙන්ද මං ඇවිද්දෙ..”[/FONT]
[FONT="]“මල්ලි... කාටද ඔය කතා කරන්නෙ..?”[/FONT]
[FONT="]එහෙම අහන ගමන් අක්කා මං ළඟට ආවෙ විදිල්ල වගේ.[/FONT]
[FONT="]“තමුසෙට..”[/FONT]
[FONT="]මට තදවෙලා තිබුණෙ උපරිමේටම. ඒ කියන්නෙ අර්ශස් වලට ඔන්න මෙන්න.[/FONT]
[FONT="]“ච..ට්..ටාස්...”[/FONT]
[FONT="]අක්කගෙ දකුණු අත මගේ කම්මුලේ වදිනවා මං හීනෙන් වගේ දැක්කා. තරු පොකුරු පොකුරු, කණාමැදිරි එළි ඇස් ඉස්සරහ නිවි නිවී පත්තු වෙද්දි මං කම්මුල අල්ලගත්තා.[/FONT]
[FONT="]පස්සෙ හොඳන් ඇස් ඇරලා බලද්දි, අඬාගෙනම සාලෙට යන අක්කව මං දැක්කා. බලන් ගියාම මාර වැඩේ කියන්නෙ, ගුටි කෑවෙ මං.. ඒත් අඬන්නෙ අක්කා.. කම්මුල එකසිය ගානට රිදෙද්දි මං කාමරේට රිංගුවා. අක්කට තදවෙන්න තරම් දෙයක් මගේ කටින් පිටවුණාද කියලා මං කල්පනා කරා. ෂුවර්රෙකට තද වෙන්නැති. අක්කා කියපු ඒවටත් මට තදවුණේ මොකද කියලා ආයෙත් අඟ ඉඳල් මලට කල්පනා කරද්දි තමයි දොරේ කර්ටන් එක උඩ ගියේ. මං දොර දිහා බැලුවා. මූණ ෆුල්ම අප්සට් කරන් දොර ගාව හිටියෙ අක්කා. යකෝ.. අනිත් කම්මුලටත් කෙලින්නද දන්නෑ.. මං එහෙම හිතුවට, මං ගාවට ආපු අක්කා මාව බදාගත්තා.. මේ මොකද වෙන්න යන්නෙ..?[/FONT]
[FONT="]“ඉ..හ්ග්..හ්... ම.. මට සමාවෙන්න චූටි.. ම.. මං ඔයාට අත ඉස්සුවා.. ගෙදර කවුරුවත් ගහන්නෙ, බනින්නෙ නැති ඔයාට මං අද මේ මොකක්ද කරේ..”[/FONT]
[FONT="]අක්කා එකසිය ගානට අඬනවා. එයාගෙ කඳුළු වලින් මගේ හිතේ එකතුවෙලා තිබ්බ කේන්තිය හේදිලා යනව කියලා මට තේරුනා. උණුම උණු කඳුළු මගේ පිට දිගේ දොරෙ ගලද්දි, මගේ හිත හිරිවැටිලා ගියා.[/FONT]
[FONT="]“මාත් ඔයාට කතා කෙරුවා වැරදියි අක්කෙ. පොඩි කාලෙ ඉඳලා හැමෝම හුරතල් කරල නරක් වෙච්චි එකෙක් මං.. මට සමහර දේවල්වල හැඟීමක්, බරක් තේරෙන්නෙ නෑ.. ඔයා ගැහුවහම මට අදහගන්න බැරිවුණේ ඒකයි..”[/FONT]
[FONT="]“මං.. මං ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි චූටි.. ඔයා කතා කරපු වචන වලින් මගේ හිත රිදුණා.. ඔයා හිතන්නෙ මං ඔයාට ආදරේ නෑ කියලද..? ඇයි ඔයා මට අරහෙම කතා කරේ.. මං ඔයත්තෙක්ක කොයි තරම් විහිළු කරනවද..?”[/FONT]
[FONT="]අක්කගෙ කටහඬ ආයෙත් බිඳලා ගියා. මං අක්කගෙන් ඈත්වෙලා ඒ සීතල වෙලා තිබ්බ අත් දෙකෙන් අල්ල ගත්තා.[/FONT]
[FONT="]“මං ආයෙත් එහෙම කරන්නෑ අක්කෙ.. මීට පස්සෙ කවදාවත් මං ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ..”[/FONT]
[FONT="]“ලොකුත් ගෙදර නෑ.. එයාට හැමවෙලාවෙම ජොබ් එක ලොකුයි.. තාත්තත් නෑ.. ඔයයි, අම්මයි විතරයි මං ගාව ඉන්නෙ.. ඉතිං මං ඔයා ගැන හොයනෙක වැරදිද චූටි..?”[/FONT]
[FONT="]අක්කා අහපු දේට මට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ.. ඇත්තටම මං මොන තරම් වල් අස්පයෙක් විදියටද අක්කට කතා කරේ.. අද නම් මගේ සර්කිට් එකේ කොහේ හරි වයර් එකක් ගැලවිල තියෙනව. ඒකනේ සැරින් සැරේට අප්සට් යන්නෙ.[/FONT]
[FONT="]“ම.. මගෙත්තෙක්ක ත.. තරහ වෙන්නෙපා චූටි.. එදා ඔයයි, ප්‍රශානුයි අඹ ගහ යටදි කතා කරපුවා මං අහගෙනයි හිටියේ.”[/FONT]
[FONT="]හුට්..ටා..! ඔය කෙලවිල තියෙන්නෙ.. තාප්පෙ ගැලවෙන්නම.. එහෙනම්. ඒක තමයි එදා මං වත්ත පහළ ඉඳලා එද්දි, අම්මා අක්කා ගෙයි නෑ කියලා හෙව්වෙ. මෙයා අපේ පස්සෙන් ඇවිත්. දැන් ඉතින් කාපකො රට තණකොළ.[/FONT]
[FONT="]“මං මොනාට තරහා වෙන්නද අක්කෙ.. ප්‍රශාන් ඒ කිව්වෙ ඌට වෙච්ච දෙයක්.. මට ඒක අදාල නෑ..”[/FONT]
[FONT="]මං පට් ගාලා කතාව මාරු කළා.[/FONT]
[FONT="]“ඒක තමයි චූටි.. ඒත් ප්‍රශාන් කිව්වා නේද ඔයාටත් ට්‍රයි කරන්න කියල වගේ කතාවක්.. ඒ ගැන ඔයා මොනවද කියන්නෙ..?”[/FONT]
[FONT="]“ඌ එහෙම කිව්වට මට ඕව මොකටද අක්කෙ.. මට මේ ඉන්න විදිය හොඳටම හොඳයි.”[/FONT]
[FONT="]තව ඩිංගක් වෙලා හිටියොත් මෙතන පොළව පැලෙනවා. ඒක හන්ද මං ඇඳෙන් වාඩිවුණා.[/FONT]
[FONT="]“ඒ කොහෙම වුණත් ඔයාට බල කරන්නවත්, ඔයාට එපා කියන්නත් මට බෑ චූටි. ඒක මගේ හිතට එකඟ නැති වැඩක්. අනිත්තෙක ඒක ඔයාගෙ තීරණය..! මං දන්නවා ඔයා මෝඩ තීරණයක් ගන්නැති විත්තිය..”[/FONT]
[FONT="]අක්කා එහෙම කියලා සාලෙ පැත්තට ගියා. සියලු වස්දොස් නිවාරණයි කියලා මං හිතුවට අක්කා අන්තිමට කියපු වචන ටික මගේ හිතේ හතර පස් පාරක්ම කරකැවුණා. ඇයි අක්කා එහෙම දෙයක් කිව්වෙ..?[/FONT]
_____________________________________
[FONT="]පහුවෙනිදාටත් එළිවුණා. හර්ෂි ගැන හිත හිතා හිටිය මිසක මට රෑ නින්ද ගියෙත් නෑ. ඒත් මගේ වෙලාව අන්තිම හොඳයි කියන්නෙ, අයියකාරයා පොරගෙ අලුත්ම ෂර්ට් එකකුයි, කලිසමකුයි ගෙදර දාලා ගිහින් තිබුණා. උදේ වරුවෙ මං මුලින්ම කරේ ඒ දෙක මැදලා පැත්තකින් තියපු එක. කරුමෙටවත් ලයිට් ගියොත් හෙම කාට කියන්නද.?[/FONT]
[FONT="]ෂර්ට් එකයි, කලිසමයි ඇඳගෙන මං අක්කගෙ කණ්නාඩි මේසෙ ඉස්සරහට ගියා. අම්මට හුඩු... යකෝ.. මේ මමද..? මටවත් මාව අඳුනගන්න බෑ වගේ. අද නම් කෑලි දෙක තුනක් සෙට් වෙන එක නම් බුදු සුවර්..[/FONT]
[FONT="]හවස හතරවෙද්දි.. මං කොලෙජ් ලේන් එකට ගියා. ඒ යනකොටත් මං හිත හිතා ගියේ හර්ෂි අද එන එකක් නෑ කියලා. ඒ මදිවට පපුවත් මට නොකියා ස්පීඩ් එක වැඩි කරා. අද මං හර්ෂිට මොනවද කියන්නෙ..?[/FONT]
[FONT="]අලුපාට බිංදු ඉහිරිච්ච රැළි ගවුමක් ඇඳන්, කලුපාට පීත්ත පටියකින් දිග කොණ්ඩෙ තද කරල බැඳන් ඉදපු හර්ෂිව මං ඈතදිම අඳුන ගත්තා. ඊයෙ එයාව ඇදගෙන දුවපු යාලුවත් එයාගෙ අතකින් අල්ලගෙන ළඟන්ම හිටියා.[/FONT]
[FONT="]“නලුවා වගේ අද..”[/FONT]
[FONT="]හර්ෂිගෙ යාලුවා, හර්ෂිට රහසින් වගේ කියපු එක ඇහිලා මගේ හිතට ආවෙ මාරම මාර ෆිට් එකක්. අන්න එහෙමනේ වෙන්න ඕන.[/FONT]
[FONT="]“හෂි.. දැන් මම ඕන නැහැනේ.. තනියට දේව් අයියා ඉන්නවනේ.. මං අරලිය එක ගාව ඉන්නම්.. ඔයා එතෙන්ට එන්න..! මං යන්නම් අයියෙ..”[/FONT]
[FONT="]හර්ෂිගෙ යාළුවා එහෙම කියලා අපි ළඟින් ඈත්වුණා. හර්ෂිගෙ ඇස් තිබුණෙ යාළුවා යන දිහාවෙ. ඊගාවට ඒ ඇස් මං දිහාවට හැරුණා. එදා ඒ ඇස්වල මං දැකපු අසරණකමම, අදත් ඒ රවුම් ඇස්වල මං දැක්කා.[/FONT]
[FONT="]“අතන බංකුවට යමු නංගි..”[/FONT]
[FONT="]කියන්න කිසිම දෙයක් ඔලුවට ඇවෙ නැති හින්ද මං කිව්වා. එයා බයවෙලා වගේ ඇස් ලොකු කරලා මං දිහා බැලුවා. පුංචි මුව පැටියෙක්ගෙ වගේ දිලිසුන ඒ ඇස්වල පුදුමාකාර තරමෙ අහිංසකකමක් මං දැක්කා.[/FONT]
[FONT="]“එන්න...”[/FONT]
[FONT="]මගේ පපුව දෙමෝලෙන් පිටි කොටද්දි මං හර්ෂිට කිව්වා. එයා බයෙන් බයෙන් වගේ මගේ පස්සෙන් ආවා. සිමෙන්ති බංකුව උඩ ලොකු ලේන්සුව එලල මං වාඩිවෙන ගමන් හර්ෂිගෙ මූණ දිහා බැලුවා. එයා තාමත් හිටගෙන. හර්ෂිට මං ගාවින් වාඩිවෙන්න කියල කියන්නත් මට මොකක්ද වගේ. මගේ හිතට දැනුණෙ කවදාවත් නැති තරමෙ තැතිගැන්මක්. ඒත් ටිකක් වෙලා යද්දි ඒ ඔක්කොම පස්සට දාලා මං කතා කරා.[/FONT]
[FONT="]“මෙ.. මෙතනින් වාඩිවෙන්න.. හර්ෂි... ම.. මට.. ඔ.. ඔයත්තෙක්ක කතා කරන්නෝන..”[/FONT]
[FONT="]මං එහෙම කිව්වම ඒ රවුම් ඇස්දෙක මං දිහාට හැරුණා. ලොකුම ලොකු කඳුලු බිංදු දෙකක් ඒ ඇස් දෙකේ හිරවෙලා තිබුණා.[/FONT]
[FONT="]“ම.. මට බ.. බයයි දේව් අයියෙ.. මට බයයි.. බාප්පා ආවොතින් මට ගෙදරිනුත් යන්න වේවි. අද මං ආවෙත් හුඟක් අමාරුවෙන්.. ම.. මට යන්න ඕන දේව් අයියා..”[/FONT]
[FONT="]රෝස පාට වෙලා තිබ්බ හර්ෂීගෙ රවුම් මූණ පුරාම මහා දුකක්, හැංගිලා තිබුණා. මට තවත් ඒ දිහා බලන් ඉන්න බෑ.. ඔය තරම් අහිංසක වෙන්න එපා හර්ෂි.[/FONT]
[FONT="]“ඔයා දැන් ගෙදර ගියා කියලා වැඩක් වෙන්නෑනෙ නංගි.. අනිත්තෙක එයාල බලාවි ඔයා ක්ලාස් නොගියෙ ඇයි කියලා..?”[/FONT]
[FONT="]මං එහෙම කිව්වම එයා වටපිට බලල එකපාරටම ඇවිත්, මං ගාවින් වාඩි වුණා.[/FONT]
[FONT="]“අ.. අනේ අයියෙ අපේ බාප්පා හරි නපුරුයි.. මං අද මෙතන ඉන්නව කියල දන්නව නම් මාව මරල දාවි..”[/FONT]
[FONT="]එයාගෙ කතාවට මගේ හිත හීතල වෙලා ගියා. පුදුමාකාර දුක්ක ඒ වචන පේලිවල ගැබ්වෙලා තිබුණා.[/FONT]
[FONT="]“ඔයා නිතරම ඒ ගැන කල්පනා කරන්න එපා හර්ෂි.. මේ වෙලාවෙත් අපි බාප්පා ගැන කතා කරොත් හෙම, මිනිහගෙ නහය ගන්න දෙයක් නැතිවේවි කිවිසුම් ගිහින්..”[/FONT]
[FONT="]මගේ කතාවට හර්ෂිගෙ මූණට යාංතමට හිනා පොදක් ආවා. මගේ හිතට දැනුණෙ ලොකු සතුටක්.[/FONT]
[FONT="]“අයිය දන්නෑ අයියෙ.. මට මං ගැනම පුදුමයි. අයිය ඊයෙ මට මෙතෙන්ට එන්න කියපු වෙලාවෙ, බෑ කියල කියන්න මට හිතුණෙ නෑ.. ඒ ඇයි කියලා මං කොයි තරම් හිතුවත් මට තේරුම් ගන්න බැරිවුණා. අයියා හුඟක් හොඳයි කියලා මට හිතුණා..”[/FONT]
[FONT="]“මං ඔයා ගැන මුලින්ම විස්තර දැනගත්තෙ අක්කගෙන්. ඔයා මම්මල ගාව ඉන්නෙ කිව්වෙත් අක්කමයි. අක්කා ඔයා ගැන කියපු දේවල්වලින් ඔයා ගැන ලොකු දුකක් මගේ හිතට දැනුණා..”[/FONT]
[FONT="]කෙල්ලෙක් ඉස්සරහ මං මේ තරම් විවෘතව කවදාවත් කතා කරලා තිබ්බෙ නෑ. ඒත් හර්ෂිත් එක්ක කතා කරන්න, කරන්න මගේ හිත ශක්තිමත් වෙනවා කියලා මට දැනුණා.[/FONT]
[FONT="]“මම්මල ගාව උන්නට මං හරිම අවාසනාවන්තයි අයියෙ.. මගේ අම්මියි, තාත්තියි මට නැතිවුණේ අවුරුදු 10දි.. එයාලා දෙන්න මට කොයි තරම් ආදරේ කරාද කියලා දන්නෙ මායි, උඩ ඉන්න දෙවියොයි විතරයි.. අනේ.. හ්.. හ්.. මං කොයි තරම් පව්කාරියක්ද අයියෙ.. හ්.. හ්..”[/FONT]
[FONT="]කොයි වෙලාවෙද බිමට වැටෙන්නෙ කියලා බලන් ඉඳපු කදුලු බිංදු පේළියක්ම හර්ෂීගෙ කම්මුල් දිගේ පහළට ගලාගෙන ආවා. බිමට පාත්වෙලා තිබ්බ ඒ සුදු මූන, මං මගේ දිහාවට අත් දෙකෙන්ම හරවගත්තා.[/FONT]
[FONT="]“ම.. මට සමාවෙන්න හර්ෂි.. මං හින්ද ඔයාගෙ හිත රිඳුණා.. මං ආයෙ ඒ ගැන කතා කරන්නෙ නෑ.. ඉතිං.. දැන් හොඳ ළමයා වගේ අඬන්නෙ නැතුව ඉන්නකො..”[/FONT]
[FONT="]මං එහෙම කියනකොට මගේ කටහඬත් බිඳිලා ගියා. මගේ ඇස්වලටත් කඳුළු ඇවිල්ලද කොහෙද..[/FONT]
[FONT="]“මීට පස්සෙ අඬන්නෙ නෑ නේද..?”[/FONT]
[FONT="]ඊගාවට මං අහපු දෙයි, කඳුලු බිංදු මැකිලා ගියපු හර්ෂීගෙ පුංචි මූණෙ ලස්සන හිනා ඇබිත්තක් හැංගිලා ගියා.[/FONT]
[FONT="]“ම්හු..! නෑ අයියෙ.. මෙච්චර කාලෙකට ඔය වගේ ආදරෙන් මට කවුරුවත් කතා කරල නෑ.. මගේ අම්මියි, තාත්තියි නැති වුණාට පස්සෙ මම්මයි, බාප්පයි මාව හදන්නෙ හිරකාරයෙක් වගේ.. කිසිම ආදරයක් එයාල මට පෙන්නන්නෙ නෑ.. මං හිනාවෙලා හිටියට, මගේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නෙ දුකෙන්ම විතරයි.. හ්.. ග්.. හ්.. අනේ මන්දා.. මටම තේරෙන්නෑ.. ඇයි මං මේව අයියත්තෙක්ක කියන්නෙ මොකද කියලවත්..”[/FONT]
[FONT="]“හර්ෂි..”[/FONT]
[FONT="]“ම්..”[/FONT]
[FONT="]කඳුළු කැට මැකිලා ගිහින් පුංචි හිනාවක මං සලකුණු තිබ්බ ඒ ආදරේ හිතෙන මූණ මං දිහාට හැරුණා.[/FONT]
[FONT="]“ම.. මං ඔයාට අද එන්නෙ කිව්වෙ ඇයි කියලා ඔයා ඩිංගක්වත් හිතුවෙ නැද්ද..?”[/FONT]
[FONT="]හර්ෂීගෙ ලොකු ඇස්වල තිබ්බෙ පුංචිම වෙච්ච ගතියක්. පුදුම වෙන්නැතුව තියේවියෑ.. මං ගහෙන් ගෙඩි එන්න වගේ එහෙම අහපුවාම.[/FONT]
[FONT="]“නෑ අයියෙ.. මං ඒ තරම් හිතුවෙ නෑ.. අයියා එන්න කිව්වා.. මට එන්න හිතුණා.. මං ආවා..”[/FONT]
[FONT="]ආයෙත් පුංචි හිනාවකින් ්එ සුදු මූන වැහිලා ගියා.[/FONT]
[FONT="]“ඔයා කාත්තෙක්ක හරි යාලුද නංගි..?”[/FONT]
[FONT="]හිතේ තිබ්බ දහිරියේ අන්තිම බිංදුවත් එක්කහු කරලා මං ඇහුවා. මගේ පපුව ස්පීඩ් එක වැඩි කරේ මටත් නොකියම..[/FONT]
[FONT="]“ම්හු..!”[/FONT]
[FONT="]හර්ෂි ඔලුව වැනුවා.[/FONT]
[FONT="]“ඇත්තම නේද..?”[/FONT]
[FONT="]මං එහෙම අහපුවාම එයාගෙ හිනාව ආයෙත් අලුත් වුණා..[/FONT]
[FONT="]“ඇත්තම තමයි.. මේ.. අයියා ඇයි ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් ඇහුවෙ..?”[/FONT]
[FONT="]“ඔයාට හිතාගන්න බැරිද නංගි..?”[/FONT]
[FONT="]“අනේ බැහැනේ..”[/FONT]
[FONT="]හර්ෂි ආයෙත් හිනාවෙලා එහෙම කිව්වාම මටත් බකස් ගාලා හිනා ගියා. ඒත් ඊළඟට අහන්න මං හිතාගත්තු දේ මතක්වෙලා මගේ හිනාව උපන්ගෙයිම නැතිවුණා.[/FONT]
[FONT="]“අයියා එකපාරටම සයිලන්ස් වුණා.. මගේ අතින් මොනා හරි වැරදි දෙයක් කියවුණාද අයියෙ..?”[/FONT]
[FONT="]ආයෙමත් අර ලස්සන ඇස් දෙක මගේ දිහාට හැරිලා. මං දන්නෙම නැතුව ඔයා මගේ හිතට රිංගගෙන හර්ෂි.. මට ඔයාව ඕන.. මගේ හිත කෑගැහුවා..[/FONT]
[FONT="]“ඔ.. ඔයාට අම්මගෙනුයි, බාප්පගෙනුයි නොලැබෙන ආදරේ මං ඔයාට දුන්නොත්.. ඔයාගෙ හිත රිද්දන්නැතුව මං හැමදාකම ඔයා ගාව ඉන්න කැමති නම්.. ඔයා මොකද කියන්නෙ හර්ෂි..?”[/FONT]
[FONT="]හිතල හිතල මං එහෙම ඇහුවා. එතකොට තමයි හර්ෂිගෙ අර ලස්සන හිනාව එකපාරම නැතිවෙලා ගියේ.. ඒ ඇස්දෙක බයෙන් වගේ ලොකු වුණා. ඒ කියන්නෙ මං වැඩේ අනාගත්තද..?[/FONT]
[FONT="]“අනේ දේව් අයියෙ.. මට බයයි.. මං බාප්පට බයයි අයියෙ..”[/FONT]
[FONT="]හර්ෂි දුන්නු උත්තරෙන් මගේ හිත රිදුනත්, කතා කරන්න වචන හොයාගන්න මං ට්‍රයි කරා..[/FONT]
[FONT="]“ඔයා ඔය විදියටම මගේ යාළුවටත් කියන්න ඇති නේද නංගි.. දැන් ඒ දේම වෙනසක් නැතුව මටත් වුණා.. කමක් නෑ නංගි.. ඒක ඔයාගෙ කැමැත්ත..”[/FONT]
[FONT="]“මං ගැන වැරදියට හිතන්න එපා අයියෙ.. මං ප්‍රශාන් අයියට මූණටම බෑ කියලා කිව්වා. මගෙන් යාළුවෙන්න ඇහුවහම.. අයියා විශ්වාස කරන්න.. මම කවදාවත් පිරිමි ළමයෙක් එක්ක මෙහෙම එකට බංකුවක වාඩිවෙලා ඉඳලා නෑ.. කතා කරල නෑ..”[/FONT]
[FONT="]හර්ෂිගෙ කටහඬ බිඳිලා ගිහින් තිබුණා. මගේ මූණ දිහාවටම හැරිලා තිබ්බ ඒ ඇස්වල ආදරෙන් බේරෙන්න වගේ මං බිම බලාගෙන කතා කරා..[/FONT]
[FONT="]“ඒ මොනව වුණත් ඔයාගෙ හැම වැදගත් තීරණයක්ම ගන්නෙ බාප්පද..? මට නම් පේන්නෙ ඔයා එයාට නිකං බයවෙලා වගේ..”[/FONT]
[FONT="]“ඔයා දන්නෑ අයියෙ, බාප්පගෙ හ ැටි.. මෙච්චර කාලෙකට මං එයා ළඟ ඉදපු හින්ද මං දන්නවා ඒ ගැන... මං කාත්තෙක්ක හරි යාළුවුණා කියලා දැනගත්තු ගමන් මාව මරලා දාවි.. අද අයියත්තෙක්ක මෙතෙන්ට ආව කියලා යංතන් හරි දැනගත්ත නම් මාව ගෙදරිනුත් එළවල දාවි අයියෙ..”[/FONT]
[FONT="]ජීවිතය පිළිබඳ කවදාවත් නැති තරමෙ තරහක් මගේ හිතට ඇතුල්වුණා හර්ෂිගෙ කතාවත් එක්කම. මේ තරම් ලස්සන පුංචි කෙල්ලෙක් අන්ත අසරණ කරන එකෙන්, දෙවියො උනත් බලාපොරොත්තු වේනනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ මෙනව උනත් ඒ හැමදේටම උඩින් ඉදිවෙමින් තිබ්බෙ හර්ෂි පිළිබඳ ආදරණිය සෙනෙහසක ශක්තිමත් අඩිතාලමක්.[/FONT]
[FONT="]“ඔයා කිව්ව හැමදේම මට හොඳට තේරුණා නංගි.. ඔයාගෙ ජීවිතේ ඔයාට කවුරු නැති වුණත්, මං කවදාවත් ඔයාගෙ ජීවිතේ තනි කරන්නෙ නෑ.. සත්තයි..”[/FONT]
[FONT="]හර්ෂිගෙ රෝස පාට ඇඟිලි තුඩු වෙව්ලනව වගේ මං දැක්කා. ඒ ඇඟිලි තුඩුවලින්ම එයා මගේ අත් දෙක අල්ල ගත්තා. තත්පර ගාණක් යනකම් මගේ හිතේ විදුලි එළි දාහක් විතර ඇඳිලා ගියා.[/FONT]
[FONT="]“අයියා අවංකයි කියලා මං දන්නවා අයියෙ..! ඒත් මං තව ටික දවසක් කල්පනා කරන්නෝන.. මොකද මේ ලෝකෙ මටය කියල කාත් කවුරුවත් නෑ කියලා මං දන්නවා.. ඉතිං හා හා පුරා කියලා මං ළංකර ගන්න හදන ඔයාව, මට හැමදාටම අයිති කරන් ඉන්න පුළවුන්ද කියලත් මං කල්පනා කරන්නෝන නේ අයියා..”[/FONT]
[FONT="]“පොඩියට හිටියට පැහිලා.. ඉඳිලා.. තව ටිකකින් බිමටත් වැටෙනවා.. හරි.. හරි.. ඔයා ඕනෙ තරම් කල්පනා කරල තීරණයක් ගන්නකො.. ඉතිං දැන් යමු නේද..?”[/FONT]
[FONT="]මං එහෙම කිව්වාම හර්ෂිගෙ සුදු මූණ ආයෙත් රතුවුණා. ඇස් දෙකත් පුංචි කරන් මං දිහා බලන් ඉඳපු මේ පුංචි කෙල්ල ඉඹින ආසාව මං නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්. හිත කිව්වෙම ඉඹපං කියලා.. ඒත් මං ඒවා පස්සට තිබ්බා.. අදම ඉඹින්න ගිහින් ඇදගෙන නාන්න බෑ..[/FONT]
[FONT="]“අප්පේ.... ඇති යංතං ඔය තරමින් ආවා..”[/FONT]
[FONT="]මටයි, හර්ෂිටයි අරලිය එකට ගොඩවෙන්න හම්බවුණේ නෑ.. හර්ෂීගෙ යාළුවා ශානි කෑගැහුවා.[/FONT]
[FONT="]“ඔන්න එහෙනම් හර්ෂි.. ඔයා ශානිට උත්තරේ දෙන්න.. මං පස්සෙ ඇවිත් ශානිව හම්බවෙන්නම්..”[/FONT]
[FONT="]මං එයාලා දෙන්නගෙන් සමුගත්තා. හර්ෂි මොන වගේ තීරණයක් ගනීද දන්නෙ නෑ.. පව් පුදුම හිතෙන තරම් දුක්බර ජීවිතයක් එයා ගත කරන්නෙ. හර්ෂි කල්පනා කරනකොට එයා ගැන මගේ හිතේ ඇතිවෙච්ච ආදරේ එන්න එන්නම වැඩිවෙනවා කියලා මට තේරුණා..[/FONT]
[FONT="]“හු..ග්.. ද...ඩි..ස්..”[/FONT]
[FONT="]කවුද යකෝ.. පිටට ගැහුවෙ පොලීෂියෙන් ගහන්න වගේ.. නප්පියටයි ඊට චුට්ටක් වැඩියෙනුයි තදවෙලා මං හැරිලා බැලුවා.. හුටා.. ප්‍රශානුයි.. නිශානුයි..[/FONT]
[FONT="]“අනේ.. අනේ.. දේව්.. ඔයා කොයි ලෝකෙද හිටියෙ.. අපි දෙන්නා මෙච්චර වෙලා ඔයා දිහා බලන් හිටියෙ..”[/FONT]
[FONT="]“හුහ්.. හූ.. මූ නිකං සිත මිස කය නැති එකෙක් වගේ පාරෙ ගියේ නේද නිශානි..”[/FONT]
[FONT="]ආයෙත් ඌ හිනාවෙනවා..[/FONT]
[FONT="]“යකෝ, ඉස්සෙල්ලා හෙමීට කතා කරන්න එපැයි.. මී හරකෙකුට ගහනව වගේ ගැහුවෙ..”[/FONT]
[FONT="]“හර්.. හර්.. යමං..! අපි ආවෙ නැත්තං උඹ ෂුවර් එකටම මොකකට හරි අඩයක් තියනවා..”[/FONT]
[FONT="]නිශානිව බස්සෙකට දාලා මායි, ප්‍රශානුයි ගෙදර එන්න බස් එකට නැග්ගා. අද හර්ෂීව හම්බවෙන්න ගිය කතාව මං ප්‍රශානුත් එක්ක කිව්වෙ නෑ.. වැඩේ හරි ගියොත් කියනවා කියලා මං හිතාගත්තා.[/FONT]
[FONT="]“අඩේ.. දේව්......”[/FONT]
[FONT="]“මොකද..?”[/FONT]
[FONT="]“උඹ නිකං ගහන්න වගේනේ බං.. ඒක නෙමේ.. ලව් කරනකොට මාර ගතියක් තියෙනවා නේද බං..?”[/FONT]
[FONT="]අනේ අම්මප, මෙන්න මේ වෙලාවට තමයි මූව මරන්න හිතෙන්නෙ..[/FONT]
[FONT="]“මං ඒක දන්නෙ කොහොමද යකෝ.. මං ලව් කරල තියෙනවද..?”[/FONT]
[FONT="]“හප්පේ.. වැරදුණා මචං.. වැරදුණා..”[/FONT]
[FONT="]ඌ ආයෙමත් හිනාවෙනවා.. මූව නම් කොහේ හරි හොඳ දොස්තරයෙකුට පෙන්නන්න වෙයි වගේ..[/FONT]
[FONT="]“මේ.. ඊට පස්සෙ උඹට අරකි හම්බ වුණේ නැද්ද..?”[/FONT]
[FONT="]හුටා..! මූ මේ අහන්නෙ හර්ෂි ගැන නේද..? බස්සෙක වලවල්වල වැටෙන සද්දෙට වැඩිය මගේ පපුව ගැහෙන සද්දෙ වැඩිවුණා.[/FONT]
[FONT="]“අරකි කිව්වෙ..?”[/FONT]
[FONT="]“ඇයි මෝලා.. මං තොට කිව්වෙ හර්ෂිට ට්‍රයි කරපන් කියලා.. බිං ඌරා වගේ හැමදාම ඔහොම ඉන්නද උඹේ කල්පනාව..?”[/FONT]
[FONT="]හපොයි.. බස්සෙකේ මිනිස්සුත් බලනවා.. මූට නම් කටක් නෙමේ පිහිටලා තියෙන්නෙ.. තනිකර කරෝල මඩුවක්..[/FONT]
[FONT="]“මේ..? උඹ කෙල්ලො සෙට් කරගෙන නැව් ගානට කෑවට, මට එහෙම උණක් නෑ.. මේ ඉන්න විදිය මට සියට දෙසීයක් හොඳයි..”[/FONT]
[FONT="]මං එහෙම කිව්වම උගේ මූණ ඇදවෙලා ගියා. මූ දන්නවා නම් හෙම, මං අද පැය ගාණක් කොලෙජ් ලේන් එකේ හර්ෂිත් එක්ක කතා කරකර හිටියා කියලා, මූට හාට් ඇටෑක් හැදෙිලා මැරෙන එක වලක්වන්න ඉතියෝපියාවෙ මනුස්සයෙකුටවත් බෑ..[/FONT]
[FONT="]“කොහෙද ඉතිං.. උඹලව මනුස්සයො කරන්න හදනවට අපිට ගහන්න ඕන පොල්ලකින්.. කොන්ද කැඩෙන්න..”[/FONT]
[FONT="]ඌ කියෝගෙන කියෝගෙන යනවා.. කවදාවත් මූත්තෙක්ක කතා කරල දිනන්න නම් බෑ.. නිශානි මූත්තෙක්ක කොහොම ඉන්නවද දන්නෑ..[/FONT]
[FONT="]“ඒ.. පාර මොකෝ උඹ කල්පනා කරන්නෙ..?”[/FONT]
[FONT="]ඌ ආයෙත් මගෙන් අහනවා.. අම්මප නිදහසේ කල්පනා කරන්නවත් මුගෙන් නිදහසක් නැති හැටි. මුගෙන් බේරෙන්න නම් බොරුම කියන්න ඕන.[/FONT]
[FONT="]“මං මේ කෙල්ලෙක් සෙට් කරගන්න හැටි හිතුවෙ..”[/FONT]
[FONT="]උගේ මූණට ආවෙ ලොකු හිනාවක්.[/FONT]
[FONT="]“දාපං ලොක්කා අත.. ෆිට් තමයි.. ඔන්න ඔහොම වරෙන්කො.. එකට දහයක් අපි සෙට් කරගමුකො..”[/FONT]
[FONT="]උගේ හිනාවට මාත් අන්තිමේදි එකතු වුණා.[/FONT]
[FONT="]
මිදුලෙ බට් අඹ ගහේ කඳට පොල් ලෙලි බැඳලා ඉන්දපු පරෙවි ගස්වල මල් ඇවිත්.. මුළු වත්තම සුවඳයි.. අනිත්තෙක ඒ මල් වල මාර ගතියක් තියෙනවා. මං ඉතිං ඕක අක්කත්තෙක්ක කියන්න ගියේ නෑ. එයා ඊගාවට උද්භිත විද්‍යාව මට උගන්නන්න ඒවි.. මේක මෙහෙමයි පැලවෙන්නෙ.. අරකද.. මේකද කියලා.. ඉතිං අපි අපේ අක්කා දන්නැති දෙයක් තියෙනවා.. ඒක තමයි හොරෙන් උස්සපු මල් පැළ ඉන්දපුවහම සිරාවටම පැළවෙනවා කියන එක. මායි, ප්‍රශානුයි ඒක අත්දැකීමෙන්ම දන්නවා. මල් පැළයක් ඉල්ලන් ඇවිත් ඉන්දපුවහම මේ කපේක පැලවෙන්නෙ නෑ.. ඒකට කුණු ලෙඩ.[/FONT]
[FONT="]“චූටි.. මේ...”[/FONT]
[FONT="]මං හැරිලා බැලුවා. මෙන්න යකෝ අක්කා මං ගාව. එයාගෙ අතේ සිරාම සිරා මල් පොකුරක්. හිත කිව්වෙම ගනිං කියලා.. ඒක හින්ද මං ඒක උදුරල වගේ ගත්තා.[/FONT]
[FONT="]“මට දෙනවද..?”[/FONT]
[FONT="]අක්කගෙ මූණ ඇඹුල්වෙලා ගියා.[/FONT]
[FONT="]“අ..න්..නේ..හ්.. චූටි.. මං ඕක කොයි තරම් අමාරුවෙන්ද හදාගත්තෙ.?”[/FONT]
[FONT="]“ඒ කියන්නෙ දෙන්න බෑ.. එහෙමනේ..?”[/FONT]
[FONT="]“ඔය බලන්න ඉතිං.. මොනාද චූටි මල්ලි.. ඔයාට ඕනම නම් මං එකක් හදවල දෙන්නම්..”[/FONT]
[FONT="]අක්කා දුකෙන් වගේ එහෙම කියද්දි මට පව් කියලා හිතුණා.[/FONT]
[FONT="]“මං බොරුවට ඉල්ලුවෙ.. කොහොම උනත් මල් බොකේ එක නම් ලස්සනයි.. පිස්සු පීකුදු වෙනවා..”[/FONT]
[FONT="]“මොනා..?”[/FONT]
[FONT="]“නෑ.. මේ නිකං ඉන්න බැරිවට කරන වැඩ කිව්වා..”[/FONT]
[FONT="]අක්කට ඒ පාර සිරාම සිරා හිනාවක් ගියා. ෂූවර් එකට මං ඉස්සෙල්ලා කියපු වචනෙ ඇහෙන්න ඇති.[/FONT]
[FONT="]“ඔන්න.. හෙට වෙද්දි මට මල් බොකේ එකක් හදල දෙනවනේ..?”[/FONT]
[FONT="]“හෙට..? ඔයාට පිස්සුද චූටි.. මං හර්ෂි නංගිට කියලයි මේක හදවගත්තෙ.. අපි අර දවසක් ගියේ.. ඒ මේක ගේන්න තමයි..”[/FONT]
[FONT="]අම්මට හුඩු.. කාපංකො ටකරං.. මෙච්චර සිරා බොකේ එකක් හැදුවෙ හර්ෂිද..?[/FONT]
[FONT="]“ඔයා අද එහේ ගියාද..?”[/FONT]
[FONT="]“ඔව්..”[/FONT]
[FONT="]“හර්ෂි හිටියද..?”[/FONT]
[FONT="]මං එහෙම අහපුවහම අක්කා එක පාරටම මගේ දිහා බැලුවා. මටත් ඉතිං හර්ෂි ගැන කිව්වහම ඉන්න තැනත් අමතක වුණානේ.[/FONT]
[FONT="]“ඔයා මොකද එකපාරටම එහෙම ඇහුවෙ..?”[/FONT]
[FONT="]ඇස් දෙකත් ලොකු කරන් අක්කා මගෙන් ඇහුවා. දැන් ඉතිං දීපංකො උත්තර. ෂීකට ෂිකේ.. මාත් ඉතිං කරන්නෙම ඇඳගෙන නාන වැඩමයි.[/FONT]
[FONT="]“නිංක අක්කෙ නිකං..! ඔයා ඒ ගැන වැඩිය හිතන්න ඕන නෑ.. මාත් හිතන්නැතුව ඉන්නම්..”[/FONT]
[FONT="]මං කියපු එකට අක්කට ලාවට හිනාවක් ගියා. ඒ හිනාවනේම එයා මල් බොකේ එකත් අරන් ගෙට ගියා. මොනව වුණත් හර්ෂී අපේ අක්කට හදල දීපු මල් බොකේ එක නම් එළම තමයි.. ඒ කියන්නෙ එළකිරි.. ආයෙ දෙක්ක නෑ.. බොක්කෙන්ම හදල තියෙනවා. ෂුවර්රෙකට මං හින්ද වෙන්නැති.. රෙද්ද තමයි.. අක්කා ඒක එයාට හදන්න දෙනකොට එයා මාව අදුනන්නෙවත් නැනේ. අම්මපා බලන් ගියාම මාත් අමු පිස්සෙක්නේ.[/FONT]
[FONT="]එදා කොලෙජ් ලේන් එකේදි හර්ෂිව හම්බවෙලා කතා කරාට පස්සෙ දවස් ගාණක්ම ගෙවිලා ගියා. එයාව බලන්න ඕන කියලා ප්‍රශාන්ටත් හොරෙන් බස්ටෑන්ඩ් එක පැත්තෙ කරකැවුනත් හර්ෂි හම්බවුණේ නෑ. ශානිකාව හම්බවෙන්න යන්න වුණත් මට ඒ තරම් ෆිට් එකක් තිබුණෙ නෑ.. හර්ෂි මොනව කියලද දන්නෙ නෑනේ..[/FONT]
[FONT="]ඒත් ඉතිං හර්ෂි ගැන මතකෙ, මගේ හිතේ උඩ ඉඳන් යටටයි, යට ඉඳන් උඩටයි ඇවිදිනකොට තවත් ඉවසන් ඉන්න බෑ කියලා මට හිතුණා. ඉවසල තේරුමක් නෑ කියලත් මට හිතුණා. ඒකයි මං ශානිකාව හම්බෙන්න යන්න හිතාගත්තෙ.[/FONT]
[FONT="]“අප්පේ.. ඇති යංතං.. අපිවත් මතක්වෙනවා එහෙනම්..!!”[/FONT]
[FONT="]මාව දැක්ක ගමන් ශානිකාට කියවුණා. ඔයාව නම් මතක් වෙන්නෑ බබා.. ඔයාගෙ යාළුවා තමයි මතක් වෙන්නෙ හිටු කියලා.[/FONT]
[FONT="]“ගේ හොයාගන්න අමාරු වුණාද..?”[/FONT]
[FONT="]ගේ ඇතුළට ගිහින් පුටුවක වාඩිවෙද්දි, ඒකි ආයෙත් ඇහුවා.[/FONT]
[FONT="]“පිස්සුද..? අපිට ඕව සිම්පල් කේස්.. ඒක නෙමේ.. ඔයා මේ ගේ කුලීයට අරන්ද ඉන්නෙ..? තනියෙමද ඉන්නෙ..? කුලියට දෙන්න අදහසක් නැද්ද..?”[/FONT]
[FONT="]ඒකිට බකස් ගාලා හිනා ගියා.[/FONT]
[FONT="]“අයියෝ නෑ.. මේ අපේ ගේ.. ඔයත් මාර ඒවනේ අහන්නෙ.. ම්..! ඩිංගක් ඔහොම වාඩිවෙලා ඉන්නකො.. මං ඔයාට බොනන් මුකුත් හදන් එන්නම්..”[/FONT]
[FONT="]එහෙම කියලා ශානිකා ගේ ඇතුළට ගියා. මං එපා කියන් ගියේ නෑ.. නිකං හම්බෙන ප්ලේන්ටියෙ කහට වැඩි වුණාම මොකද..? අඩු වුණාම මොකද..?[/FONT]
[FONT="]තවත් ඩිංගක් වෙලා යද්දි ශානිකා ආවා, කිරි එකතුත් හදාගෙන.[/FONT]
[FONT="]“ෂා.. ෂා.. ඔයා මාර දියුණුයිනේ.. ඔයාව ගන්න එකාට කිසි අවුලක් නෑ..”[/FONT]
[FONT="]ඇයි කියලා අහන්න වගේ ශානිකා මගේ මූණ දිහා බැලුවා. කෝකටත් කියලා මං ඉස්සෙල්ලා කිරි එක අතට ගත්තා.[/FONT]
[FONT="]“ඇයි කියලා අහන්නෙ.. කිරි එක මෙච්චර ඉක්මනට හදන් ආව නම් අනිත් වැඩ කොයි තරම් ඉක්මන් ඇත්ද..? නේ..”[/FONT]
[FONT="]“අප්පේ.. දේව් අයියගෙ නම් කට..”[/FONT]
[FONT="]එහෙම කියල ශානිකා ආයෙත් ගේ ඇතුළට ගිහින් මං ළඟට ආවෙ, රැෆින් පේපර් එකකින් ඔතාපු ලස්සන පාර්සලයක් අරගනෙ.. යකෝ බෝම්බයක්වත්ද..?[/FONT]
[FONT="]“මේ මොකක්ද ශානිකා..?”[/FONT]
[FONT="]කුතුහලේ උපරිම අංශකේට නැගල තිබ්බ හින්ද, මං ඒකිගෙන් ඇහුවා.[/FONT]
[FONT="]“ගෙදර ගිහිල්ලම බලන්නකො..”[/FONT]
[FONT="]මූණ ඇලකරල ශානිකා කිව්වා. බලන් ගියාම මේකිගෙත් මාර මාර කැටයංනේ.. හර්ෂි හිටියෙ නැත්තං ඔයා ගැනත් බලන්න තිබුණා.. අප්පේ..[/FONT]
[FONT="]“හර්ෂිගෙන්ද..?”[/FONT]
[FONT="]හිතේ දාහක් දේ තෙරපෙද්දි මං ඇහුවා.[/FONT]
[FONT="]“හ්ම්..”[/FONT]
[FONT="]ආයෙත් ශානිකා ඔලුව ඇලකරා. ඒකිට බායි කියලා පාර්සලෙත් අරන් මං ගෙදර ආවෙ මෙලෝ සිහියක් නැතුව. මොනවද මේක ඇතුළෙ ඇත්තෙ..? කේක් ගෙඩියක්වත්ද..? නැත්තං හොද කොලිකුට්ටු ඇවරියක් වත්ද..? යකෝ බලන් ගියාම මටත් පිස්සුනේ.. කේලලො, කොල්ලොන්ට ප්‍රසන්ට් එහෙකට කෝලි කුට්ටු ඇවරියක් දේවියෑ..? හර්ෂි මගේ ප්‍රශ්නෙට උත්තරේ එවලද දන්නෑ.. අරකි මුකුත් කිව්වෙ නෑනෙ..[/FONT]
[FONT="]ගෙදර කාමරේට ආපු ගමන්ම මං කරේ.. දොර හෙමීට අඩවල් කරපු එක.. ඊට පස්සෙ තමයි පාර්සලේ රැපින් පේපර් එක ගැලෙව්වෙ.. පාර්සලේ ඇතුලෙන් මගේ අත්දෙක එලයිට ගත්තු දේ දැකලා මාව කොරවෙලා ගියා. චූටි චූටි රිබන්වලින් සරසල මල්වලින් වැඩදාලා හදපු සිරාම සිරා හාට් එකක්. ලොකු රෝස මල් පොකුරක් ඒකෙ උඩින්ම හයි කරලා තිබුණා. ඒ මල් පොකුරට අමුණලා, පුංචි කඩදාසියක් තිබුණා. පපුව ගැහෙන ස්පීඩ් එක ඩබල් වෙද්දි මං ඒ කොල කෑල්ල අරන් බැලුවා.[/FONT]
[FONT="]“දේව් අයියට..! ඔයා දිනුම් අයයෙ.. ඔයා දිනුම්.. මෙච්චර කාලකෙට කාටවත් ආදරේ නොකරපු මගේ පුංචි හිත දැන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඉතිං කාගෙන්වත් ආදරයක්, සෙනෙහසක් ලබන්නැති මේ පුංචි හිත ඔයා කවදාවත් තනි කරන්නෙ නෑ නේද..?”[/FONT]
[FONT="]හිත ඇතුළෙ කියාගන්න බැරි තරමෙ ආදරයක් හර්ෂි වෙනුවෙන් ඉපදෙද්දි මං ඒ කොළ කෑල්ල අරන් ඉඹලා, පර්ස් එක ඇතුළට දාගත්තා.[/FONT]
[FONT="]අඩේ..! බලන් ගියාම මං දිනලනේ බං..! අම්මට හුඩු.. යකෝ...... මං දිනලා. මටත් දැන් කෙල්ලෙක් ඉන්නවා. ප්‍රශාන්ට විතර කෙල්ලො සෙට් කරගන්න පුළුවන්.. අපි ඔටුවොද..? අපිටත් පුළුවන්.. මං මටම කියාගත්තා..[/FONT]
[FONT="]“හු..ර්..රේ..හ්..! මට ජය වේවා..!”[/FONT]
[FONT="]ජොලිය වැඩිකමට මම ඇද උඩට නැගලා කෑගැහුවා. දඩ බඩෝං ගාලා ඇදේ පොලු දෙක තුනක් බිම වැටෙද්දි අක්කා කාමරේට එබුණා.[/FONT]
[FONT="]“ම.. මල්ලි මොකෝ මේ..?”[/FONT]
[FONT="]මගේ ජොලිය, හෙණ ගැහුවා වගේ තත්පරෙන් දෙකෙන් වාෂ්ප වෙලා ගියා. හර්සීගෙ ප්‍රසන්ට් එක තාම මගේ අතේ. අද නම් ඔලුව පාවිච්චි කරලා කතා කරේ නැත්නම් ගෙදරිනුත් වීසා කැන්සල් වෙන එක බුදු ෂුවර්.. මාත් මී හරකා වගේ මේක අරන් උඩ පනින්න ගත්තනේ..[/FONT]
[FONT="]“හා...න්...නේ.. ලස්සන හාර්ට් එකක්..! කාගෙද මල්ලි..? කවුද හැදුවෙ..? අදද ගෙනාවෙ..? කොහෙන්ද..?”[/FONT]
[FONT="]අක්කා ප්‍රසන්ට් එක දැක්කහම, මෙලෝ සිහියක් නැතුව මගෙන් අහන්න ගත්තා.[/FONT]
[FONT="]“හෝව්..! හෝව්..!! හෝව්..!!! කරුණාකරලා එක ප්‍රශ්නෙ ගානෙ අහන්න. ඔය අහපුවගෙන් මොනාටද උත්තර ඕන..?”[/FONT]
[FONT="]“මොනාටවත් එපා.. අනේ.. ඔයා හොඳ චූටි මල්ලිනේ.. ඔයා මට මේක දෙනව නේද..?”[/FONT]
[FONT="]ඇදල පැදල අක්ක ගේමට එන්ටර් වුණා.[/FONT]
[FONT="]“ඈ.. ඔයත් මාර කතානේ අහන්නෙ.. ඕක ඔයාට දීලා කොහොමද..? ඕක මට ඕන..”[/FONT]
[FONT="]“කවුද චූටි මේක හැදුවෙ..?”[/FONT]
[FONT="]“යාළුවෙක්..”[/FONT]
[FONT="]මං තනි වචනෙන් උත්තරේ දුන්නා. අද නම් බේරෙන්න බෑ වගේ.[/FONT]
[FONT="]“අනේ ම්ලලි මටත් කියන්නකො යාලුවා කවුද කියලා. මේ ඩිසයින් එකේම හාට් එකක් මටත් හදවගන්න ඕන.”[/FONT]
[FONT="]උත්තරේ හම්බෙනකං අක්කා මගේ මූණ දිහා බලන් ඉන්නවා. ඕන මගුලක් දෙකයි පණහයි කියලා ඔන්න ඔහේ කියල දාපං කියලා මගේ හිත කිව්වා.[/FONT]
[FONT="]“හර්ෂි..”[/FONT]
[FONT="]මං ඒ නම කිව්වා මටවත් ඇහුණෙ නෑ කියලයි මට හිතුණෙ. අක්කගෙ මූණ බලන් ඉද්දිම ත්තපරෙන් තත්පරේ වෙනස් වෙලා ගියා. ඒත් අන්තිමට ඒ මූණට පුංචි හිනාවක් ආවා.[/FONT]
[FONT="]“එහෙනම් දැන් හර්ෂි නංගි මටත් වැඩිය හොඳ දේවල් ඔයාට හදල දෙනව වගේ.. ම්.. හොඳයි.. හොඳයි..”[/FONT]
[FONT="]එහෙම කියාගෙන අක්කා කාමරෙන් පිටවුණා. අක්කගෙ හිත රිඳුනා වගේ කියලා මට හිතුණා. කොහොම උනත් හර්ෂිට කියලා ඉක්මනට අක්කටත් හාට් එකක් හදවල දෙන්න මං හිතාගත්තා.[/FONT]
---------------------------------------------------------------------
[FONT="]වෙසක් මාසෙත් දන්නෙම නැතුව කට ඉස්සරහටම ඇවිත් තිවුණා. නිවාඩුව හින්ද අයියත් ගෙදර ඇවිල්ලයි හිටියෙ. කරන්නත් ඉතිං මෙලෝ වැඩක් තිබේබෙ නැති හනිද මායි, පොරයි කරේ දඩ වෙසක් කූඩුවක් හදපු එක. අපි දෙන්නා කූඩුව හදල ඉවරවෙන කොට ගෙදර ඉස්සරහ මිදුල ගන්නම දෙයක් නෑ. බට පතුරුයි, සව් කොල කෑලියි, අරවයි මේවයි මුලු මිදුල පුරාම වැටිලා තිබ්බා.[/FONT]
[FONT="]“ඔන්න අම්මා..! මට නම් බෑ මිදුල සුද්ද කරන්න්.. බලන්නකො ඉතිං මේ උදේ අතුගාපු මිදුලනේ..”[/FONT]
[FONT="]අක්කා හුඩ් එක යටට ඇවිල්ලා විනාඩියෙන් විනාඩියට කෑ ගහනවා.. අයියට හිනා ගියා.[/FONT]
[FONT="]“මේ හලෝ.. ඔච්චර කෑගහන්න එපා.. හක්ක පනීවි.. එතකොට අලුතෙන් දාපු ඔය දත් සෙට් එක බිමට වැටේවි.”[/FONT]
[FONT="]දුවන්න බලාගෙන මං කිව්වා. කුටු කුටු ගගා මොනවදෝ කිය කිය අක්කා ආයෙත් ගේ ඇතුළට ගියා.[/FONT]
[FONT="]“චූටි.. තව සව් කොල ඕනෙද..?”[/FONT]
[FONT="]සව්කොළ ටිකකුත් අතේ තියන් අයියා මගෙන් ඇහුවා.[/FONT]
[FONT="]“එපා ලොකූ දැන් ඇති.. ඔය ටික අරන් තියමු..”[/FONT]
[FONT="]මං එහෙම කිව්වම, සව්කොළ ටිකත් රෝල් කරන් අයියා නැගිට්ටා.[/FONT]
[FONT="]“ඒක නෙමේ ලොකූ.. අද අක්කගෙ යාළුවෙක් එනවා. දෙමුද ගින්නක්.. දැන් එයා කෝමටත් අපිත්තෙක්ක ඔරොප්පු වෙන්නෙ ඉන්නෙ..”[/FONT]
[FONT="]“යාළුවෙක් කිව්වෙ..?”[/FONT]
[FONT="]බලන් ගියාම අයියා කාරයටත් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..[/FONT]
[FONT="]“යාලුවෙක් කිව්වෙ කොල්ලෙක් ලොකූ..! මං අහගෙන අද උදේ අම්මත්තෙක්ක කියනවා..”[/FONT]
[FONT="]“හ්ම්.. ඔයා රෙඩී නම් මාත් රෙඩී..”[/FONT]
[FONT="]අයියා කෙනෙක් වුණාම ඔන්න ඔහොමනේ ඉන්න ඕන. ඉඳපංකො අද තමයි අක්කා ඇඳගෙන නාන්නෙ.. කූඩු හදනවට මටනේ බකට් එක අදින්න ආවෙ.[/FONT]
[FONT="]“ඔයාට මෙච්චරයි කියන්න තියෙන්නෙ ලොකූ.. ඔයා අම්මත්තෙක්ක කියන්න ඔය ඇවිත් තියෙන්නෙ අපේ පවුලට අනාගතේදි එකතු වෙන්න ඉන්න කෙනා කියලා. ඔයා කියන හන්ද අම්මා ෂුවර් එකට පිළිගනීවි.”[/FONT]
[FONT="]“හරි.. හරි.. මං ගානට වැඩේ දෙන්නම්..”[/FONT]
[FONT="]අක්කට බකට් එකක් අදින්න සිරවාටම වැඩේ සෙට්ල් කරගෙන මායි, අයියයි කුස්සිය පැත්තට ගියා. අක්කයි, අම්මයි කුස්සියෙ බරටම කතාවක්. මං ගිහිල්ලා වංගෙඩිය උඩින් වාඩිවුණා.[/FONT]
[FONT="]“චූටි.. ඔන්න මිදුල වල්කරා වගේ නෙමෙයි.. පිහදලා දෙන්නත් ඕන..”[/FONT]
[FONT="]මං දිහා බලල අක්කා ආයෙත් කියවන්න ගත්තා.[/FONT]
[FONT="]“ෂැහ්..! ඔය මිදුල කෑල්ල අර හන්දියෙ ඉන්න බ්‍රෝකර් කාරයට ගානක් දීලා හරි විකුණන්න කියන්නෝන.. හැමදාම මල අඬේනේ..”[/FONT]
[FONT="]අයියට ඇහැක් ගහන ගමන් මං කිව්වා.[/FONT]
[FONT="]“චූටි මං දෙනවා දෙකක්.. එතකොට ගෙට එන්නෙ උඩින්ද..?”[/FONT]
[FONT="]“ඔයා නම් ඉතිං කොහොමත් උඩින්නේ යන්නෙ..”[/FONT]
[FONT="]“හනේ.. හනේ.. නවත්තනවා.. නවත්තනවා.. මෙච්චර ලොකු වෙලත් දෙන්නගෙ තාම රංඩුව.. අර පල්ලෙහා ගෙදර මිනිස්සුත් බලනව ඇති මේ මොකද කියලා.”[/FONT]
[FONT="]බලන් ඉඳලා බැරිම තැන අම්මත් කතාව මැද්දට පැන්නා.[/FONT]
[FONT="]“ඒක කියන්න ඕන මෙන්න මේ අලි පැටියට..”[/FONT]
[FONT="]කියල මගේ පිටට අක්කා හෙමින් වගේ පාරක් ගැහුවා.[/FONT]
[FONT="]“මේ දෙන්නගෙ සද්දෙ හින්දා මුකුත් ඇහෙන්නෙ නෑ.. අන්න අරහෙ කවුද කතා කරනවා.”[/FONT]
[FONT="]අම්මා එහෙම කිව්වහම අක්කා සාලෙ පැත්තට ගියා.[/FONT]
[FONT="]“කවුද පොඩී..?”[/FONT]
[FONT="]“අර උදේ එනව කිව්ව යාළුවා අම්මෙ..”[/FONT]
[FONT="]“මල්ලී.. චුට්ටක් මෙහෙට එනවද..?”[/FONT]
[FONT="]අක්කා සලෙ ඉඳන් මට කතා කරනවා. මං අයියට මාපටැගිල්ල උරුක් කරා.. වැඩේ නාගසලං වෙන්න දීපං කියලා. මිනිහ ගානට ගින්න අඹරයි.. මිනිහ ඕවට උපන් හපනෙක්නේ.. මං හෙමීට සාලෙට ඇවිදන් ආවා. මොකද දන්නෑ අක්කා මට අඬ ගැහුවෙ. ආපු කොල්ලත්තෙක්ක සාලෙ තනියෙම හින්දා වෙන්නැති.. ආපු එකා මොන වගේද කියල බලන්න මං සාලෙට එබුණා. හප්පොච්චියේඤ... ගම කාල නෙමෙයි.. අල්ලපු ගමත් කාගෙනව ගිහිල්ලා.. ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි.. හර්ෂි..! හපොයි.. අද නම් කන්න වෙන්නෙ අන්තර් ජාතික කෑමක්..[/FONT]
[FONT="]ෂීකේ.. මේ වගේ වෙලාවට හපන්නෙයි කියලා අතේ නියපොත්තක්වත් නෑ.. ඒවත් කලින්ම කාලා දාලා ඉවර කරලා.. නොදෝකිං මං.. කරන්න කියලා මෙලෝ දෙයක් ඔලුවට ආවෙ නැති හින්ද මං අක්කගෙ මූණ දිහා බැලුවා. මහම මහ නෝන්ඩි තාලෙට එයා මං දිහා බලන් හිටියා. ඒක කාගන්න බැරිව මං හර්ෂි දිහා බැලුවා. හර්ෂි හෙණම හෙණ අහිංසක මූඩ් එකෙන් හිනාවෙවී හිටියා. ඇයි හත්තලව්වෙ.. ඔයා එනව නම් කියලා එන්නෙපාද.. ඔයා මාව කෑවනේ හර්ෂි.. අයියා මෙලහකටත් ඩබල් එකේ අම්මට ගින්න අවුලුවනව ඇති.. හප්පොච්චියේ.. මමනේ යකෝ දැන් බෙල්ල මුලින් අහුවෙන්නෙ..?[/FONT]
[FONT="]“මොකෝ.. චුට්ටි බයවෙලා වගේ.. යකෙක්වත් දැක්කද..?”[/FONT]
[FONT="]අක්කගෙන් ආයෙත් නෝන්ඩි පාරක් හම්බවුණා.[/FONT]
[FONT="]“න්..නෑ.. නෑ.. පි.. පිස්සුද..? ම.. මං කාට බයවෙන්නද..?”[/FONT]
[FONT="]යකඩෝ මට කතා කර ගන්නත් බෑ වගේ.. ගොත ගැහෙනවා..[/FONT]
[FONT="]“ඔය දොර රෙද්ද අදින්නෙ නැතුව මෙහෙට එනවා ඩිංගක්.. මේ සැටියෙන් වාඩිවෙනවා.. හර්ෂි ඔයාව කන්නෑ..”[/FONT]
[FONT="]කරන්නම දෙයක් නැති කමට මං ඇවිත් හර්ෂි වාඩිවෙලා ඉන්න පුටුවට ඉස්සරහ පුටුවෙ වාඩිවුණා. අද නම් බුදු ෂුවර්.. මට කනක් ඇහිලා ගෙදර පළාතෙ ඉන්න වෙන එකක් නෑ..[/FONT]
[FONT="]“දේවකී අක්කි.. අර එදා ගෙනාපු මල් බොකේස් එක ආයෙ මට ඕන හොදේ.. මං ආපහු ඔයාට ගෙනල්ල දෙන්නම්.. මට තව ඕඩර් එකක් ආවා ඒකයි..”[/FONT]
[FONT="]“අනේ.. ඕක මොකක්ද නංගි.. මම දෙන්නම්..”[/FONT]
[FONT="]ඒ පාර හර්ෂි අපේ අක්කත් එක්ක බරම බර කඩයක් දාගත්තා. මං ගොනි බිල්ලා වගේ බිම බලාගෙන හිටියා. නැතුව ඉතිං කටවල් දිහා බලන් ඉන්නද..?[/FONT]
[FONT="]තවත් ඩිංගක් වෙලා යද්දි කොනේ කාමරේ කර්ටන් එක ඩිංගක් එහාට මෙහාට යනවා මං දැක්කා. හොරාට වගේ මං ඒ දිහා බැලුවා. අම්මා විනාඩියක් විතර අපි තුන්දෙනා දිහාම බලන් ඉන්නවා මං දැක්කා. ඊට පස්සෙ අම්මා ආයෙත් කුස්සිය පැත්තට ගියා.[/FONT]
[FONT="]“ම්..! දේව් අයියා නම් අද මොකකට හරි බයවෙලා වගේ නේද අක්කි.. මොකද ඒ..?”[/FONT]
[FONT="]“අනේ මංදා නංගි.. එයා බය නෙමේ වෙන්න ඕන.. අර බලන්න නංගි.. මිදුලෙ හැටි.. විනාස කරලා දාලා.. කොච්චර හොඳට තියාගන්න හැදුවත් දෙන්නෙ නෑ..”[/FONT]
[FONT="]“එතකොට අර වෙසක් කූඩු..”[/FONT]
[FONT="]අනේ අම්මප හර්ෂිටත් ඕන්නැති දෙයක් නෑ.. අද ඉඳල මං ගෙදර ඉන්නෙ කොහොමද කියලා මේකි හිතන් නැති හැටි.[/FONT]
[FONT="]“ආ.. ඒව මෙයාගෙයි, ලොකූගෙයි වැඩ.. මෙයා තමයි හෙඩ් බාස්..”[/FONT]
[FONT="]අක්කා එහෙම කිව්වම හර්ෂි, ඇස් දෙකේ ආදරේ පුරෝගෙන මං දිහා බැලුවා.[/FONT]
[FONT="]“හර්ෂි.. ඔහොම චුට්ටක් ඉන්න නංගි.. මං බොන්න මෙනා හරි හදන් එන්නම්..”[/FONT]
[FONT="]“අනේ.. ඕන්නෑ අක්කි.. මට ඉක්මණට යන්න ඕන.. දන්නවනේ බාප්පගෙ හැටි.. පරක්කු වුණොත් බනීවි හොඳටම..”[/FONT]
[FONT="]අක්කා අපි ගාවින් ඈත්වෙලා යනකං මං බලන් හිටියා..[/FONT]
[FONT="]“අනේ ඔයාලගෙ බාප්පට කුද ගහ ගන්න කියන්න..”[/FONT]
[FONT="]කියලා මං හර්ෂිට කිව්වා.[/FONT]
[FONT="]“හා..!”[/FONT]
[FONT="]එයා ඒක කිව්ව තාලෙට අපි දෙන්නටම හිනා ගියා.[/FONT]
[FONT="]“දේව් අයියෙ..”[/FONT]
[FONT="]“ම්..”[/FONT]
[FONT="]“මං අද මෙහේ ආවට ප්‍රශ්නයක් වෙන එක්ක නෑ නේද..?”[/FONT]
[FONT="]දැනටමත් බෝම්බෙ පත්තුවෙලා තියෙන්නෙ.. දැන් ඉතිං මොනා කරන්නද..? ඒව මෙයාට කියල වැඩක් නෑ..[/FONT]
[FONT="]“අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ.. ඔයා ආවෙ අක්කා හම්බවෙන්නනේ..”[/FONT]
[FONT="]“කවුද කියන්නෙ..?1”[/FONT]
[FONT="]“මම තමයි..”[/FONT]
[FONT="]ආයෙමත් අපි දෙන්නට හිනා ගියා.[/FONT]
[FONT="]“ඒක නෙමෙයි අයියෙ..! ඔන්න මාත්තෙක්ක ඉන්නකොට හෙම, මිදුල වල් කරන්න බෑ හොඳෙ.. දෙනව කෝටුවක් අරන් පස්ස හම යන්න..”[/FONT]
[FONT="]මිදුල නෙමේ බබා.. මං ඔයාවයි වල් කරන්නෙ කියලා කියන්න හදනකොටම තමයි තේ එකකුත් හදාගෙන අක්කා අපි අතරට ආවෙ..[/FONT]
[FONT="]“බොන්න නංගි..”[/FONT]
[FONT="]හර්ෂි තේ එක බොන වෙලාවෙදි තමයි අයියා ඉස්තෝප්පුව පැත්තෙන් ගෙට ගොඩ වැදුණෙ. සාලෙ ඉඳපු අපි තුන්දෙනාව දැකලා මිනිහ නළලෙ අත ගහන් කාමරේට රිංගුවා. වැඩේ කුණු වුණා කියලා මිනිහට තේරෙන්න ඇති. මං ඒ පාර අක්කා දිහා බැලුවා. එයත් මං දිහා හොඳට බලන් ඉන්නවා. මොකාක් හරි ගිණි ගෙඩියක් කියලා අක්කට ෂුවර් එකට හිතෙන්න ඇති. ටිකකින් හර්ෂියි, අක්කයි, අක්කගෙ කාමරේට යද්දි මං අයියගෙ කාමරේට රිංගුවා.[/FONT]
[FONT="]“ගම කෑවා නේද චූටි..?”[/FONT]
[FONT="]මාව දැක්ක ගමන් අයියා ඇහුවා. මිනිහගෙ මූණෙ තිබ්බෙ මාර හිනාවක්.[/FONT]
[FONT="]“කෑවා නේන්නම්.. අල්ලපු ගමත් එක්කම.. ඔ.. ඔයා අම්මත් එක්ක කිව්වද..?”[/FONT]
[FONT="]“ඔව් ඉතිං.. ඔයානේ ප්ලෑන ගැහුවෙ.. ඒක නෙමේ.. කවුද ඒ ගර්ල්.. ලස්සන කෙල්ලෙක්..”[/FONT]
[FONT="]“මගේ යාළුවෙක්..”[/FONT]
[FONT="]මං පංඩිතයා වගේ කිව්වා.[/FONT]
[FONT="]“අනේ නිකං කෙබ්බ හලන්නෙ නැතුව යනවා.. එපා පොඩීගේ යාලුවෙක්ද කොහෙද..?”[/FONT]
[FONT="]“බොරු නම් නිකං ඉන්නවා..! මං බලන්නෙ දැන් මේ පරිප්පු නැවෙන් බේරෙන්නෙ කොහොමද කියලා..”[/FONT]
[FONT="]තවත් ටික වෙලාවක් යද්දි හර්ෂි, අපි හැමෝටම යන්නම් කියලා ගියා. හර්ෂිව මල්වැට කෙලවරින් පේන්නැති වෙලා යනකන් අයියා හිනාව නවත්තං හිටියෙ බොහොම අමාරුවෙන්. ඊට පස්සෙ පිස්සන් කොටුවෙ, ලොකුම පිස්සා වගේ මිනිහ හිනාවෙන්න ගත්තා. අම්මා, මායි, අයියයි ළඟට ආවෙ ඒත් එක්කම වගේ.. මං අම්මා දිහා ෂේප් එකේ බැලුවා.. ම්හු..! වැඩේ හරියන්නෑ වගේ.. අද කන්න වෙනවා.[/FONT]
[FONT="]“මුලින්ම මට කියන්න තිබුණා.. මොකද මං බනිනවද..? ගහනවද..? මීඨ කලිනුත් මං කියලා ඇති, ඔහොම දෙයක් තියෙනවා නම් මට කියන්න කියලා.. ඉතිං මටත් නොදන්වා ඒ දරුවා මෙහේ ආපු එක වැරදියිනේ.. මොකෝ පොඩී කියන්නෙ..”[/FONT]
[FONT="]හුටප් පටස් ගාලා පත්තු වුණ අම්මා, අක්කගෙන් ඇහුවා.. එයා නහුතෙටම හොල්මං..[/FONT]
[FONT="]“ම.. මට මු.. මුකුත් තේරෙන්නෑ අම්මෙ.. මේ.. මේ.. මොනවද කියන්නෙ..”[/FONT]
[FONT="]“ඇයි දැන් ටිකකට කලින් ආපු ගෑණු දරුවා ගැන ලොකූ, රපෝර්තුවක් තිබ්බනේ..”[/FONT]
[FONT="]“අනේ ලොකූ.. අම්මට කියනවකො වෙච්ච දේ ගැන.. මමනේ හලෝ බැනුම් අහන්නෙ..”[/FONT]
[FONT="]ඉවසන් ඉන්න බැරිම තැන මං කෑගැහුවා. ඔන්න ඒ පාර තමයි අම්මා, අයියා දිහා බැලුවෙ.[/FONT]
[FONT="]“මල්ලියි, මායි හිතුවෙ ඇවිල්ලා ඉන්නෙ කොල්ලකේ කියලා.. පොඩීගෙ යාලුවෙක් අද එනව කියල තිබුණනේ.. ඉතිං මං වැඩිය හිතන්නැතුව අම්මට කිව්වා, ඔය ඇවිත් ඉන්නෙ, අනාගතේ අපේ පවුලට සම්බන්ධ වෙන්න ඉන්න කෙනා කියලා.. ඔන්න චූටි තමයි ප්ලෑන ගැහුවෙ.”[/FONT]
[FONT="]අයියා එහෙම කිව්වම අම්මගෙ මූණට හිනාවක් ආවා.. හප්පේ ඇති යාංතන්..[/FONT]
[FONT="]“හොඳයි නේද වැඩේ.. හදිසියෙවත් මං ඒ ළමය බැන්නා නම් හෙම..?”[/FONT]
[FONT="]“මං දන්නවනේ අම්මා බනින් නෑ කියලා..”[/FONT]
[FONT="]අයියා එහෙම අම්මට කියද්දි මං අක්කගෙ මූණ දිහා බැලුවා. අක්කා ගස්සලා වගේ අහක බලාගත්තා. දැන් ඉතිං මෙයාව කූල් කරන්න අයිස් පෙට්ටියක්ම ගේන්න වෙනවා.[/FONT]
[FONT="]වැඩේ හරින්නෙම නෑ.. අක්කා අහක බලාගෙනමයි ඉන්නෙ.. මං ෂේප් එකේ අක්කා ගාවට ළංවුණා.. ගහල එලෝගනීද දන්නෙත් නෑ..[/FONT]
[FONT="]“අ..නේ.. පොඩී.. ඔයා ඇත්තටම තරහ වෙලා වගේ මගෙත්තෙක්ක..”[/FONT]
[FONT="]මං එහෙම අහද්දි මගේ කටහඬ බිඳිලා ගියා. ඒ විත්තිය තේරිලද මංදා අක්කා එක පාරටම මං දිහා බැලුවා. ආදරයයි, පසුතැවීඹයි දෙකම එකතුවෙලා කණගාටුවක චිත්‍රයක් අක්කගෙ ඇස්වල ඇඳිලා තියෙනවා මං දැක්කා.[/FONT]
[FONT="]“නෑ චූටි.. මට ඔයත්තෙක්ක තරහ වෙන්න බෑ.. ඒත්.. ඒත් බලන්න තව ඩිංගෙන්.. ආයෙ ඔහොම විහිළු කරන්නෙපා.. චූටි..”[/FONT]
[FONT="]මගේ අතින් අල්ලල මිරික ගන්න ගමන් අක්කා කිව්වා.. ඇත්තටම මට කියන්න දෙයක් තිබුණෙ නෑ.. ඒ ආදරේ හිතෙන මූණ දිහා මං ආසාවෙන් බලං හිටියා.[/FONT]
[FONT="]“කෝම වුණත් චූටි.. ඒ විහිළුව කවද හරි ඇත්ත වේවි නේද..?”[/FONT]
[FONT="]ඇස්දෙක පුංචි කරලා, රහසින් වගෙ අක්කා මගෙන් ඇහුවා. අම්මත් ගෙට ගිහින් තිබුණා. ඒත් මං අකක්ට උත්තරයක් දුන්නෑ..[/FONT]
[FONT="]“ඔයා යාළුයි නේද, හර්ෂිත් එක්ක..?”[/FONT]
[FONT="]ආයෙමත්, අක්කා මගේ අත්දෙකෙන්ම අල්ල ගන්න ගමන් ඇහුවා. අක්කට උත්තරයක් දෙනවද නැද්ද කියලා මං හිත හිතා ඉන්නකොට තමයි අයියා කෑ ගැහුවෙ.. තාත්තා එනවා කියලා.. ඒක හන්ද ඒ කතාව එහෙමම යටවුණා.[/FONT]
[FONT="]හවස් වෙද්දි අයියත් එක්ක එක්කහුවෙලා මං වෙසක් කූඩු ටික මිදුලෙ බට් අඹ ගහේ එල්ලුවා.[/FONT]
[FONT="]“මම නම් හිතුවෙ තාත්තා එන එකක් නෑයි කියලා..”[/FONT]
[FONT="]සාලෙ අපි ඔක්කොම එකතුවෙලා ඉන්නකොට අක්කා කිව්වා.[/FONT]
[FONT="]“එන්න නෙමේ හිටියෙ.. ඒත් පස්සෙ මට හිතුණා ගෙදර ආවොතින් හොඳයි නේද කියලා.. නිවාඩු ගන්නත් අමාරුයි මේ දවස්වල..”[/FONT]
[FONT="]“අප්පේ.. ඒකට ලොකූ..! හැමතිස්සෙම ගෙදර..”[/FONT]
[FONT="]අක්කා, නෝන්ඩියට වගේ අයියා දිහා බලලා කිව්වා.[/FONT]
[FONT="]“ඈ..? ඉන්නවකෝ.. සතියක් දෙකක් ගෙදර එන්නැතුව ඉන්නකොට කෝල් දෙනවා ගෙදර එන්න කියලා.. දැන් මේ පාර ගියහම එන්නෙ..”[/FONT]
[FONT="]අයියට කතාව ඉවර කරන්න හම්බ වුණේ නෑ අක්කා කෑගහගෙන වගේ ඉස්සරහ පැත්තට දුවන් ගියා. අක්කගෙ පිටිපස්සෙන් තාත්තත් දුවලා ගියා.[/FONT]
[FONT="]“කූඩු ටික ගිණි අරන්..”[/FONT]
[FONT="]මට ඒ වචන ටික ඇහුනෙ හීනෙන් වගේ.. මමයි, අයියයි මිදුලට දුවන් ආවෙ තත්පරේට දෙකට.. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම වෙලා.. ආයෙ බේරගන්න තරම් දෙයක් ඒ ලස්සන කූඩුවල ඉතුරු වෙලා තිබුණෙ නෑ.. ඩිංගක්වත්.....[/FONT]
[FONT="]අහසට ඇදුණ කූඩුවල ගිනිදලු අතරින් මං හර්ෂිගෙ හිනාව යංතන් වගේ දැක්කා. ඒත් ඒක එහෙම්මම නැතිවුණා.. මිදුල වල් කරලා, කූඩු හැදුවට තරහෙන් ඉඳපු අක්කගෙ ඇස්වලට කඳුළු ඇවිත් තියෙනවා මං දැක්කා. තවත් ඩිංගක් වෙලා ගියාට පස්සෙ තාත්තගෙ කටහඬ මට ඇහුණෙ.[/FONT]
[FONT="]“අයියෝ..! ගෙදර හැමෝටම මොකද මේ වෙලා තියෙන්නෙ..? ඕක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ චූටි.. දැන් ඉතිං එන්න අපි කෑම කමු..”[/FONT]
[FONT="]බිම බලාගෙන මං ගෙට අතැල් වුණා.. ඇට්ටි හැලෙන්න මහන්සිවෙලා හදපු කූඩු ටික පිච්චුන එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ පුදුම දුකක්..[/FONT]
[FONT="]“කෝ ප්‍රශාන්..?”[/FONT]
[FONT="]කෑම මේසෙදි තාත්තා මගෙන් ඇහුවත් මං මුකුත් කිව්වෙ නෑ.. තාත්තට උත්තරේ හම්බ වුණේ අක්කගෙන්..[/FONT]
[FONT="]“බිසෝ නැන්දලත් එක්ක මාතර ගිහින්.. සතියක් විතර වෙනවා.. තාම නම් ආවෙ නෑ..”[/FONT]
[FONT="]ප්‍රශාන් ඉතිං ඔහොමමනේ.. කොහේ හරි පැනි කෑල්ලකට මාට්ටුවෙලා ඇති.. ඌට ඇඩ්වයිස් දීලා පිරිමහන්න බෑ.. කාගෙන් හරි නැව් ගාණට කාල තමයි ඒකා හැදෙන්නෙ..[/FONT]
[FONT="]නිදා ගන්න ඇඳට ගිහිල්ලත් මට මතක් වුණේ කූඩු ටික පිච්චෙන හැටි.. බුර බුරා නැගිච්ච ගින්දර අස්සෙන් මට එක පාරටම වගේ හර්ෂිගෙ මූණ පෙනුණ හැටි.. එයා අපේ ගෙදර ආවෙත් අද.. අනේ මංදා.. මට ඒ ගැන මුකුත් හිතාගන්න බැරිවුණා..[/FONT]
මම ඔය කතාව කියෙව්වා....... හරිම දුක හිතෙන කතාවක්නේ... ඔයාද කතන්දර පොත බ්ලොග් එක කරන්නෙ.........................?
ඉතිරි ටික..
෴සමනලී෴;13628914 said:
මම ඔය කතාව කියෙව්වා....... හරිම දුක හිතෙන කතාවක්නේ... ඔයාද කතන්දර පොත බ්ලොග් එක කරන්නෙ.........................?
ඔව්.. මම තමයි ඒ බ්ලොග් එක කරන්නෙ..
ඉතිරි ටික..
අනේ මචෝ චුට්ටකට බ්ලොග් එකට ගිහින් කියවහං ඉතුරු ටික.. පොඩ්ඩක් බිසී වුණා බං.. මම අද හැන්දෑ වෙනකොට ඉතුරු ටික දාන්නම්..
Patta kathawa machan. Andenawa. Aluth kathawak dapan. 
එලස්..
Patta kathawa machan. Andenawa. Aluth kathawak dapan. 
දාන්න ඉන්නෙ කොල්ලො.. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි මචං.. කොටස් පහක්වත් දාන්න එපාය අලුත් කතාවක් දානවා නම්.. නැත්නම් උඹලට කතාව කියවන්න එපා වෙනවනේ..
ඒක චුට්ටක් පරක්කු වෙන්නෙ..
නෙතු දැහැන් බිඳී කියලා කතාවක් දාන්න ඉන්නෙ.. ගයනා අක්කගෙ.. තාම එක කොටසයි ලිව්වෙ.. ටයිම් නෑ බං..
එලස්..
දාන්න ඉන්නෙ කොල්ලො.. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි මචං.. කොටස් පහක්වත් දාන්න එපාය අලුත් කතාවක් දානවා නම්.. නැත්නම් උඹලට කතාව කියවන්න එපා වෙනවනේ..
ඒක චුට්ටක් පරක්කු වෙන්නෙ..
නෙතු දැහැන් බිඳී කියලා කතාවක් දාන්න ඉන්නෙ.. ගයනා අක්කගෙ.. තාම එක කොටසයි ලිව්වෙ.. ටයිම් නෑ බං..
Ela machan. Umbeth wada padu karaganne nathuwa dapan. Tikak liyala dana eka hodai machan. Naththan kathawa amathaka wenawa. Anika eka digatama kiyawaddi thamai feeling eka danenne. 
machan block kee link eka ewapan


Ela machan. Umbeth wada padu karaganne nathuwa dapan. Tikak liyala dana eka hodai machan. Naththan kathawa amathaka wenawa. Anika eka digatama kiyawaddi thamai feeling eka danenne.
එහෙනම් මචං මම කතාව සම්පූර්ණම ලියලා දාන්නම්.. ඒත් දවස් කිහිපයක් යයි.. අවුලක් නැහැනේ..?
තෑන්ක්ස් මචං..
machan block kee link eka ewapan
