෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10989209_815021245200721_3960797818186134237_n.jpg

    Kohli : Man porak.dan mokakda wenna one? :frown:
    :P

    :baffled::baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියේ ළදරුවන් වන නමුත් නවසීලන්තයේ ඩනෙඩින් නුවරදී ඉරිදා (22 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය උපරිම ශක්තියෙන් තරග කිරීමට සූදානමින් සිටී.

    මෙම තරගය සඳහා ලසිත් මාලිංග ස්ථිර වශයෙන්ම කී‍්‍රඩා කරන බවත් පන්දු යවන්නන් සිවු දෙනකු සහ පිතිකරුවන් හත් දෙනකු යොදා ගනිමින් ශී‍්‍ර ලංකා පිලෙන් ගිළිහී ගිය ජයග‍්‍රහණ වැල නැවතත් අල්ලා ගැනීමට මෙම තරගය අවස්ථාවක් කරගන්නා බවත් කණ්ඩායම් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

    ලෝක කුසලාන තරගවලදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සම සාමාජික රටවල (ටෙස්ට් වරම් නොමැති) කණ්ඩායම් වලට එරෙහි තරග වලදී සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන ක‍්‍රමවේදය වන්නේ ශක්තිමත් කණ්ඩායමක් යොදවමින් උපරිම ශූද්ධ ලකුණු වේගයක් ලබාගැනීමට උත්සාහ කිරීමයි.

    කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ පිතිකරුවන් තරමක් පසුබා සිටින මෙම අවස්ථාවේදී දිනේෂ් චන්දිමාල්ට නැවතත් ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් දීම සඳහා මෙම තරගය උපයෝගී කරගැනීමේ උත්සාහයක්ද තිබේ. එසේ වුවහොත් ජීවන් මෙන්ඩිස්ට බංකුවේ වාඩිවී සිටීමට සිදුවනු ඇත.

    ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් සිවුදෙනා හැරෙන්නට සෙසු පිතිකරුවන් කෙරෙහි තබා තිබූ සියලූම බලාපොරොත්තු බිඳීයාම තේරීම් කමිටුවේ බලවත් කණස්සල්ලට හේතුවී තිබේ. දිනේෂ් චන්දිමාල්ගෙන් හෝ කිසියම් ස්ථාවරත්වයක් නැවත ඇතිකරගැනීම තේරීම් කමිටුවේ අපේක්‍ෂාවයි.

    අවස්ථා කිිහිපයකදීම තමන්ගේ හැකියාවන් පෙන්වා ඇති නමුත් මේ දිනවල දැඩි අසාර්ථකත්වයකට මුහුණ දී සිටින චන්දිමාල් තමන්ගේ සුපුරුදු පහර කරා නොයන තත්ත්වයක්ද පෙන්නුම් කරයි.

    ”ඔහොම බයේ ඉඳලා බෑ. අවදානමක් අරන් ගහන්නයි තියෙන්නේ.. තමන්ගේ පහරවල් ගහන්නේ නැතිව ලකුණු එන්නේ නෑනේ” යයි ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී කණ්ඩායමේ සහාය නිලධාරියක් පැවසීය.

    ලසිත් මාලිංග මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටින නමුත් පෙරේදා (19 වැනිදා) පැවැති පුහුණුවීම් වලදී ඔහු පන්දු යැවීමෙන් වැළකී සිටියේය. එහෙත් හෙට තරගයේදී පන්දු යැවීමට මාලිංග සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

    ශී‍්‍ර ලංකා පිලට පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගන්නා අතර වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් නුවන් කුලසේකරගේ ස්ථානය දුෂ්මන්ත චමීරට දෙනවාද නැද්ද යන්න පිළිබඳව තේරීම් කමිටු නිලධාරීහු සිතමින් පසුවෙති.

    අනෙක් අතට ඇෆ්ඝනිස්තානය යනු ශී‍්‍ර ලංකාව නොදන්නා ප‍්‍රතිවාදියෙකි. ඇෆ්ඝනිස්තානයත් ශී‍්‍ර ලංකාවත් අතර මෙතෙක් පවත්වා ඇති එකම තරගය වන්නේ පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී පැවැති තරගයයි. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 129 ක ජයක් ලබාගත් නමුත් දැන් සිටින ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම බංග්ලාදේශයේදී දුටු කණ්ඩායමට වඩා දියුණු වූ එකකි.

    ඇෆ්ඝනිස්තානය යනු කිසිදු බිය සැකයකින් තොරව පන්දුවට පහර දෙන කණ්ඩායමකි. එබැවින් ඇෆ්ගන් පිතිකරුවන් සුළුවෙන් තැකීම යනු අවදානමකි.

    ”කිසිම විදිහකින් අපි ඒ ගොල්ලන්ව සැහැල්ලූවට ගන්නේ නෑ. අපි අපේ උපරිම ශක්තියෙන් තරග කරනවා” යයි ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා අද (20 වැනිදා) සවස කෙළිමඩලට පැවසීය. ශී‍්‍ර ලංකා කණ්ඩායමට අද නිවාඩු දිනයක් වූ අතර හෙට (21 වැනිදා) සවස් වරුවේ පුහුණුවීම් කිරීමට නියමිතව තිබිණ.

    ගතවූ මාස දෙකක කාලය ශී‍්‍ර ලංකා කණ්ඩායමට එතරම් සුබදායී වූවක් නොවේ. ඒ කාලයේදී නවසීලන්තයේ සිටි ශී‍්‍ර ලංකා පිලට ස්වදේශිකයෝ අල්ලාගෙන ඇති තරම් තඩිබෑවෝය. ජයගත හැකිවූයේ යන්තම් එක්දින තරග දෙකක් පමණි.

    නවසීලන්තයේදී පැවැති දේශගුණික තත්ත්වයන් ශී‍්‍ර ලංකා පිල තරමක් අමාරුවේ දැම්මේය. දැඩි ශීත දේශගුණික තත්ත්වයක් යටතේ, හරිත පැහැගත් තණතීරු මත පන්දුව දෝලනය වන විට ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට පන්දු යවන්නන් හා කළ ගනුදෙණුව බේරාගත නොහැකි විය. අවාසනාවකට මෙන්ම ලෝක කුසලාන පළමු තරගය පැවැති පසුගිය 14 වැනිදා නවසීලන්ත ගිම්හානයේ වඩාත්ම සීතල දිනය ලෙසින්ද කාලගුණ වාර්තා පොතට එක්විය.

    එහෙත් මේ සිටින්නේ 2014 සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. ඉතාමත් සුළු වෙනස් කම් තිබෙන නමුත් විස්සයි:20 ලෝක කුසලාන දිනාගත්, එංගලන්තයේදී ටෙස්ට් සහ එක්දින තරගාවලිය ජයගත්, ඉන් අනතුරුව ශී‍්‍ර ලංකාවේදීත් එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලිය ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමමයි.

    පසුගිය මාස දෙකේදී ලැබූ අසාර්ථකත්වය අමතක කරමින් නැවතත් ජයග‍්‍රහණ අතරට පිවිසීමේ උනන්දුව මෙන්ම උත්සාහයද ශී‍්‍ර ලංකා පිලට තිබේ. කණ්ඩායම එම තත්ත්වයට ඔසවා තැබීමට කණ්ඩායමේ පුහුණුකරුවෝ මෙන්ම සෙසු සහායකයෝත් කළ හැකි සියලූ දේ කරති.

    ලකුණු අතර නොසිටින පිතිකරුවන්ට පන්දු යැවීමට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාම ඉදිරිපත් වෙයි. ප‍්‍රධාන පුහුණුකරුවා වුවත් පිතිකරුවන්ගේ කිසියම් විශේෂිත කොටසක් නිරවද්‍ය තත්ත්වයට පත්කරගත යුතු අවස්ථාවලදී පිතිකරුවන් වෙත පන්දු වීසි කරනවාට වඩා වැඩක් මාවන් අතපත්තුට නැති තරම්ය.

    චමින්ද වාස් මෙන්ම පුුහුණු උපදේශක රුමේෂ් රත්නායකද වේග පන්දු යවන්නන් ගැන සොයා බැලීමටත් ඔවුන්ගේ හැකියාවන් උපරිම තලයකට ගෙන ඒමටත් වෙහෙසෙන අතරේ භෞත චිකිත්සක, අභ්‍යාසක මෙන්ම සම්භාකයෝද තම තමන්ගේ කාර්යයන්හි නිරතව සිටිිති.

    නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ලැබුණු තණතීරු වලට වඩා ලෝක කුසලාන තරගාවලියේදී ලැබෙන තණතීරු තරමක් වෙනස් බව ළහිරු තිරිමාන්න කියයි. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අධීක්‍ෂණයට ලක්වන හෙයින් ලෝක කුසලාන තරගාවලියේදී වැඩිසුර ලැබෙන්නේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය, ලකුණු වැඩිදුර ඇති තණතීරුය. එවන් තණතීරුවකදී තරගයක් ජයගන්නට ලකුණු 300 ඉක්මවා ලබාගත යුතුය.

    ලකුණු 285 ක් 290 ක් ආරක්‍ෂාකාරී නොවේ. කණ්ඩායමක පිතිකරුවන් වඩාත් ප‍්‍රබල නම් ලකුණු 330 ක් වුව හඹායාමට තරම් චිත්ත ධෛර්යයක් වත්මන් පිතිකරුවන් තුළ ජනිත වී තිබේ. මෙම චිත්ත ධෛර්යයට පදනම දමා ඇත්තේ විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාව මිස අනෙකක් නොවන බවත් පිළිගත යුතුව ඇත.

    Lankadeepa
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ පිතිකරුවන් තරමක් පසුබා සිටින මෙම අවස්ථාවේදී දිනේෂ් චන්දිමාල්ට නැවතත් ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් දීම සඳහා මෙම තරගය උපයෝගී කරගැනීමේ උත්සාහයක්ද තිබේ. එසේ වුවහොත් ජීවන් මෙන්ඩිස්ට බංකුවේ වාඩිවී සිටීමට සිදුවනු ඇත.

    ශී‍්‍ර ලංකා පිලට පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගන්නා අතර වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් නුවන් කුලසේකරගේ ස්ථානය දුෂ්මන්ත චමීරට දෙනවාද නැද්ද යන්න පිළිබඳව තේරීම් කමිටු නිලධාරීහු සිතමින් පසුවෙති.

    ගතවූ මාස දෙකක කාලය ශී‍්‍ර ලංකා කණ්ඩායමට එතරම් සුබදායී වූවක් නොවේ. ඒ කාලයේදී නවසීලන්තයේ සිටි ශී‍්‍ර ලංකා පිලට ස්වදේශිකයෝ අල්ලාගෙන ඇති තරම් තඩිබෑවෝය. ජයගත හැකිවූයේ යන්තම් එක්දින තරග දෙකක් පමණි.

    ලකුණු අතර නොසිටින පිතිකරුවන්ට පන්දු යැවීමට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාම ඉදිරිපත් වෙයි. ප‍්‍රධාන පුහුණුකරුවා වුවත් පිතිකරුවන්ගේ කිසියම් විශේෂිත කොටසක් නිරවද්‍ය තත්ත්වයට පත්කරගත යුතු අවස්ථාවලදී පිතිකරුවන් වෙත පන්දු වීසි කරනවාට වඩා වැඩක් මාවන් අතපත්තුට නැති තරම්ය.

    චමින්ද වාස් මෙන්ම පුුහුණු උපදේශක රුමේෂ් රත්නායකද වේග පන්දු යවන්නන් ගැන සොයා බැලීමටත් ඔවුන්ගේ හැකියාවන් උපරිම තලයකට ගෙන ඒමටත් වෙහෙසෙන අතරේ භෞත චිකිත්සක, අභ්‍යාසක මෙන්ම සම්භාකයෝද තම තමන්ගේ කාර්යයන්හි නිරතව සිටිිති.
    sahena gemak yanawa wage :dull:
     
    Status
    Not open for further replies.