෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ha ha mathalan

    Sex, Love & Cricket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)



    හෙට, "වැලා" සැලබෙරේට් කොරනා දවසය. අපිත් ඒ කාළේ හොඳ වැලන්ටයින්ලාය. අදත් එහෙම වැල්න්ටයින්ලා ඕනා තරම් ඉන්නවාය. වැල කාරයෝ ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙන නිසා, ඒ කතන්දරේ මෙතනින් නවත්තනවාය. ඒ අස්සේ හෙට ඕවර් 50 හේ කිරිකැට් වර්ල්ඩ් කප් එකත් පටන් ගන්නවාය. අද මේ දෙකම මාධ්‍යවලින් වවාගෙන කනවාය. උන්ට වැලන්ටයින් සැමරුවත් එකය, නැතත් එකය. වර්ල්ඩ් කප් දින්නත් එකය, කෙල උනත් එකය. උන් හැමදාම ගොඩය.

    ඒ උනාට ක්‍රිකට් සින්දු කියලා, පෙම් සින්දු කියලා, උන් සංගීතය කනවාය. මේ එක සින්දුවක් වත් බොක්කේ රැදෙන්නේ නැතිය. මෙළෝ රහකුත් නැතිය. උන් සංගීතය කන අතරේ, අපේ ක්‍රිකට් ටීම් එක එහේ අම්බානක කනවාය. හැමදාමත් ෆේල්, දිනේෂ් චන්දිමාල් ටීම් එකේ කොහොම හරි ඉන්නවාය.

    ඒ ආන්ඩුව උන්නත්, මේ ආන්ඩුව උන්නත්, නිශාන්ත රණතුංග ඇතුළු රණතුංග පරපුර, ලංකාවේ ක්‍රිකට් වලට අරක්ගත් දෙවිවරුය. දිනේෂ්ලා ඇතුලේ ඉන්නේත්, කොට්ටාවේ ඉස්කෝලෙකට ගියපු, කුසල් ජනිත් හැලෙන්නේ ඒ නිසාය. දෙන්නම ෆේල්ය. ඒ උනාට දිනේෂ් ඇතුලේය. මේවාට හිකෙන් පුනා වෙනවා ඇර කොරන්න වෙනින් දෙයක් නැතිය..

    රිකට් කගන කොල්ලෝත් නොම්මර එකේ වැල්න්ටයින්ලාය. ඒ නිසා වැලා යි, රිකටුයි දෙකම් සැලබෙරේට් කොරන්න අපේ කාලයේ රිකටර් කෙනෙකුගේ, මඤ්ඤං වැලටයින් සිතුවිලි වැලකින් මහාචාර්ය මාතලන්ගේ බොග් බඩකඩුත්තුව සරසනවාය..

    මචං.. මං රිකටර් කෙනෙක්...
    අම්මපා ජනප්‍රිය රිකටර් කෙනෙක්..
    සනා වගේ.... ඩිල්සාන් වගේ... තුන් ඉරියව් නෙමෙයි..
    දෝනී...
    මගේ දෝනී නෙමෙයි මචං... ඉන්දියාවේ දෝනී..
    ඔව් ඔව් මහෙන්ද්‍ර සින් දෝනී ආන් එයා...
    එයා වගේම.. හතර ඉරියව් රිකටර් කෙනෙක්..
    බැටින්, බෝලින්, ෆීල්ඩින් ප්ලස් විකට් කීපින්..

    විකට් කීපින් පට්ට ඕයි..
    ඔය කඩුල්ල පිටිපස්සෙ ඉඳන්, උඩ පන්දු අල්ලන එකත් මාර ආතල්...
    එකම කරුමේ එහෙම අල්ල්පු ගමන් අවුට් වෙන එක..
    ඒ වෙලාවට මම දෙයියන්ට බුදුන්ට කියන්නේ...,

    අනේ ඒ බෝල් එක, නෝ බෝල් එකක් වෙයන් කියලා..
    මොකෝ එතකොට පස්සෙන් ඉඳන් ඉස්ටම්ප් කරන්නත් පුළුවන්නේ..
    ඒකත් පට්ට ආතල්..
    ඒ උනාට වැඩියෙන් ආස...,

    එහෙට පැනලා... මෙහෙට පැනලා... බිම පෙරලිලා...,
    උඩ පන්දු අල්ලන එකටමයි..
    තද කරලා මිරිකලා අත් දෙකෙන්ම අල්ල ගත්තම මාර ආතල් බන්..
    මම කිව්වේ උඩ පන්දු..

    මට හොඳට බෝල් කරන්නත් පුලුවන්...
    ඒකෙත්, එකක් කියලා නෑ..
    මාලිංග වගේ පාස්ට් බෝලින් ඉතරක් නෙමෙයි...,
    ඕප් බෙරේක්, ලෙග් බෙරෙක්,
    ආර්ම් බෝල්, කැරම් බෝල්, අර බෝල්, මේ බෝල්, ඔක්කොම ජාති පුළුවන්...
    ඒ ඉතරක් නෙමෙයි බං...
    ස්වින්ග් කොරන්නත් පුළුහන්...
    ඔය ඇඟිලි එහෙ මෙහෙ කරලා දාන බෝල් වලට ගොඩක් අය කැමතියි...
    කෙල ටිකකුත් ගහලා... අතුල්ලලා දෙන කොට ඊට ආතල්..
    හොඳට ස්වින්ග් වෙනවා...

    එතකොට ඕෆ් ඉස්ටම්ප් එකේ යන ඒවටත්, හොම්බ දාලා ඉල්ලගෙනම කනවා...

    සමහර අය පාස්ට් බෝලින් වලට කැමති නෑ..
    ඉතින් ඒ වෙලාවට මම මීඩියම් පේස් දාන්නේ..
    පොඩි අය එක්ක සෙල්ලම් කරන්නේ සොෆ්ට් බෝල්..
    ඒත් මචං ගාඩ් දාලා..
    මොකෝ කරුමෙට හරි, ඕෆ් ඉස්ටම්ප් එකෙන් පිටතට යවන පන්දුව උනත්...,
    ලෙග් ඉස්ටම්ප් හරහා ගිහින්..
    කඩුල්ලෙ දැවටිලා... විකට් එක කැඩුනොත් එහෙම...
    තර්ඩ් අම්පයර්ගෙන් නෙමෙයි..,
    අයි සී සී එකෙන් උනත් බේරෙන්න අමාරුයි..
    ඒ නිසා... පිටියට අළුත් අය ආවාම, ගොඩාක් වෙලාවට දාන්නෙ දුස්‍රා..
    ඒවට එයාලා මාට්ටු වෙනවා..
    ඉන්ටර්නැෂනල් ගේම් නෙමේ නිසා..
    එපා වෙනකන් බැට් කොරන්න දෙනවා..
    පව් නේ අප්පා හැදෙන අය නේ..
    අනික සොෆ්ට් බෝල් ගේම්ස් ටයර්ඩුත් නෑ නේ..
    එයාලත් එහෙමයි..
    කොච්චර ප්ලේ කලත් කිසි අවුලක් නෑ..
    මහන්සියක් නෑ.. අඬන්නේ නෑ..
    ඊළඟට ෆීල්ඩින්...
    ඒක අර විකට් කීපින් තරම් ආතල් නෑ..
    පට්ට කට්ට..
    ගෙඩියක් එනකොට, පුක ඉරාගෙන දුවගෙන ගියත්,
    ගෙඩිය අල්ලගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා..
    ගෙඩිය මිස් උනාට දුක නෑ..
    වටේ පිටේ ඉන්න උන් කින්ඩිය දාන එකයි ඉවසන්න බැරි..
    කොහොමත් එතන ඉඳන් කොරන්න තියෙන්නේ..,
    අනුන් ගහන එවා, නවත්තනයි...., අල්ලනයි...,
    නිකං පව් පිරෙන වැඩ...
    හරියට පොලිස් කාරයෝ වගේ..
    ස්ලිප් බෝඩ් එකේ වගේ..., ආතල් එකේ නිකන් ඉඳලා...
    අතටම එන චැන්සුත් අත අරින වෙලාවල් තියෙනවා...
    ඒත් ඉතින් ගෙඩිය අල්ලගත්තම පුල් ජොලි..
    ෆීල්ඩින් ඉන්න කොට ආසම වැඩේ...,
    ඇපීල් කිරිල්ල..
    ඩීප් මිඩ් විකට් හිටියත්, ඇල් බී ඩබ්ලිව් වලට ඇපීල් කරන එක පට්ට ආතල්...
    හරියට පිටරට ඉන්න උන්..., මෙහේ කේස් වලට හොට දානවා වගේ..
    මෙළෝ හසරක් ඩීප් මිඩ් විකට් වලට පේන්නේ නෑ...
    ඒත් ඇපීල් කොරනවා...

    ආසම එක බැටින්...
    බැට් කරන කොට පිච් එක, ග්‍රවුන්ඩ් එක මාර වැදගත්...
    සමහර ඒව ඩ්‍රයි.. කඩතොලු හිට තියෙනවා...
    තනකොල ගානට කපලා තියෙන ඒවා වගේම...,

    ජීවීතේට කපපු නැති ග්‍රවුන්ඩ්සුත් තියෙනවා..
    ඒ වෙලාවට රොලර් එක දාල තනකොල.. ටික තලා ගන්නවා..
    පොඩ්ඩක් තෙත ගතිය විකට් එකේ තියෙනවා නම්..,

    ඕන එකෙක් කැමතියි..
    ඩ්‍රයි ඒවට වඩා...,

    තෙතමනය සහිත විකට් එකක බැට් කරන්න ලේසියි...
    බැට් එකට බෝල් එක එන්නේ ස්ලෝ...

    ඉතින් ටයිම් තියෙනවා..., හිතලා මතලා..., පිලිවලකට බැට් කරන්න..
    ඔය සුද්දෝ ඉන්න රටවල විකට් පට්ට ෆාස්ට්..

    ඒසියන් කන්ට්‍රීස් වල පට්ට ස්ලෝ..
    නිකන්..., ගැහුවත් නොගැහුවා වගේ කිසි ගතියක් නෑ...
    ඒ වගේම තමයි සද්දෙත්...
    පටන් ගත්ත වෙලේ ඉඳන්..., මෙලෝ රහක් නැතිව කෑ ගහනවා..
    ඉවර වෙන්නේ කොයි වෙලාවෙද වගේ..

    මල වදේ..
    ආන් ඒකට සුද්දෝ..

    උන් පාරක් ගැහුවම තමයි චියර් එක දෙන්නේ.. ඒකත් පිලිවලට..
    එතකොට ගහන්නත් ආසයි..


    ගොඩක් අය කැමති...
    සනා වගේ ක්‍රිස් ගේල් වගේ පලු යන්න ගහනවට..
    එයාලට පොතේ හැටියට ගහන්න ඕන නෑ..
    පොල් අඩි වලට තමයි කැමති..

    ඩෙෆෙන්සිව් වලට කැමතිම නෑ..
    සමහර අය කැමති..,

    මාවන් වගේ, රෝයි ඩයස් වගේ, පොතේ හැටියට ගහනවට..
    ටයිම් අරගෙන ටෙස්ට් ගේමක් වගේ ගහනවා...
    ගහනවා... ගහනවා.. ඉවරයක් නෑ..

    බලාගෙන ඉන්නත් ලස්සනයි..
    හැබයි ඉතින් ඒවට කැමති ටිකක් මැචුවර් උනාම..
    සමහර වෙලාවට, සනාලා, ක්‍රිස් ගේල්ලා..

    පොල් අඩි ගහලා ගහලා...,
    ක්‍රෑම්ප් ඇවිල්ලා, පිටියෙන් ඉවත් වෙන වෙලාවලුත් තියෙනවා..
    අන්තිම හරියේ දුවා ගන්නවත් පන නෑ..
    ජින්තු ඉවරයි..
    ඉතින් අවොට් වෙලා, වෙන එකෙකුට ගහන්න දෙනවා..

    ෆයින් ලෙග් වලින් යන ෂොට් ගහන්න පොඩි කාළේ මාර ආසයි..
    ඒත් ඉතින්..., සනාලගේ ලයිෆ් දැක්කම මචං...,
    මටත් ආස හිතුනා, ස්කුවෙයාර් ලෙග්ස් අතරින් ගහන්න..
    ඉතින් පිටියේ තනකොල වැඩිනම් බවුන්ඩ්‍රිය යන්නේ නෑ..
    ස්කුවෙයාර් ලෙග් අතරින් බිම දිගේ ගහනවට වඩා...,
    ඩීප් ඉස්කුවෙයාර් ලෙග්ස් අතරින්, උස්සලා ගැහුවම ඊට ආතල්..
    ඒකට ග්‍රවුන්ඩ් එකේ තනකොළ තිබුනත් අවුලක් නෑ...
    ඒ වගේම තමයි, මිඩ් විකට් හරහා එල්ල කරන පාරත්..
    තන තිල්ලේ වැදිලා එන බවුන්සර්...,
    පොඩි ටච් එකක් දීලා..,
    ස්ලිප් බෝඩ් එකට උඩින් යන්න ගැහුවම...,
    තර්ඩ් මෑන් බල බල ඉන්නේ අඬ අඬා..

    ඉතින් මචෝ..., එයත් මට මුලින්ම එක එක ජාතියේ පන්දු එව්වා..

    මම ඒවා නිදැල්ලේ යන්න ඇරියා..
    මොකෝ ඕන තරම් හොඳ පන්දු එනවා....,
    ඉවසලා බැට් කරන කොට..
    මම ගැහුවේ ගහන්න පුළුවන් පන්දු වලට විතරයි..
    ඕෆ් එකේ යන ඒවට පිත්ත දාලා..,
    ඉල්ලගෙන කන්න ඕන නෑ නේ..
    ඩෙන්ජරස් ඒවට් ඩිෆෙන්සිව් ගියා...
    ඔහොම ඉන්නකොට තමයි මම දැන් ගත්තේ...,
    මැච් රෙෆ්‍රි, සචින් වගේ හොඳ බර කාරයෙක් කියලා..
    ඉතින් අපි දෙන්න සෙට් වෙලා බැට් කරමු කියලා මම එයාට කිව්වා..
    දැන් අපි දෙන්නම එක ටීම් එකේ..
    සමහර වෙලාවට එයා ඕපන් කරනවා..
    සමහර වෙලාවට මම ඕපන් කරනවා..
    කොහොම හරි හොඳ ඉනින්ග් එකක් ගහන්න එයා ඕප්න කරන්නම ඕන..
    මිඩ්ල් එකේ පිච් වෙන එවා සමහර වෙලාවට ලෙග් ස්ටම්ප් එකෙත් වදිනවා..
    ස්පින් දාන කොට තමයි එහෙම වෙන්නේ..
    එ උනාට පොල් අඩි වලට කැමති අය උනත් ස්පින් වලටත් කැමතියි..
    බැට් කරන්න ඉස්සෙල්ලා මිඩ්ට් එක හොයා ගන්න ඕන...

    ඒක ඉතින් තනියෙන් කරන්නත් පුළුවන්...
    ඒත් අම්පයර්ගෙන් අහන එක තමයි වැඩිය හොඳ...
    සමහර උන් මිඩ්ල් එක හොයා ගත්තම..,
    එක එක විකාර කොරනවා..
    හූරනවා...
    බැට් එක අතුල්ලනවා..
    බෙල්ස් තියාලා බැට් එකෙන් කොටනවා..
    එක මළ විකාරයයි..

    ඒ අස්සේ කුසලාන දෙක තුනකුත් හම්බ උනා..
    අපි දෙන්නා, අර කුසළානත් එක්ක...,
    පත්තර පුරා..., ටී වී පුරා..., හැමතැනම හිටියා...
    අපි කන හැටි..., රෙන හැටි..., හැමිනෙන හැටි...,
    ඔක්කෝම හැම තැනම..
    ඒකෙන් මම තව පොපියලර් උනා..

    ඉතින් මචෝ..., මම ටීම් එකෙන් පිට මැච් හිටන් ගහන්න ගත්තා..
    ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩස්..., පරණ ග්‍රවුන්ඩ්ස්..,
    ෆෝම් ග්‍රවුන්ඩ්ස් විතරක් නෙමෙයි...,
    ෆ්‍රෙෂ් ග්‍රවුන්ඩ් ඕපනින් කරන ඒවටත් ඉල්ලුම වැඩි උනා..
    ඉතින් මම එක එක කිරිපිටි ජාති බිව්වා..
    එක එක කෑම ජාති කෑවා..
    එක එකාගේ සුපර් මාර්කට් වලට ගියා..
    කෙල්ලෝ එක්ක ඩිනර් ගියා..
    අරකට ගියා මේකට ගියා..
    එක මළ විකාරයයි..

    ඔය අස්සේ තමයි එයා කිව්වේ..
    දැන්වත් පිලිවලකට බැට් කරන්න කියලා..
    ඒ අස්සේ එයා එහෙන් මෙහෙන් දූස්‍රා ඉතරක් නෙමෙයි...,
    බවුන්සරුත් දැම්මා...
    සමහර එවා ඇඟේ පතෙත් වැදුනා..
    වැඩේ හරියන්නේ නෑ..
    ටීම් දෙකේම කෝච්ලට කිව්වා..
    අන්තිමේදි කෝච් ලත් වලි..
    දවසක් මම ගාඩ් එකත් නැතුව ඉන්න කොට...,

    එයා මගේ බෝල් එකට, පාදෙයෙන් පහරක් එල්ල කලා..,
    එයා අහුවා....
    හවුසෑ....ට් කියලා...
    මම කිව්වා නොටවුට් කියලා...
    එයා අම්පයර් වෙලා..., මට අවුට් කියලා කිව්වා..
    පස්සේ මම..., තියෙන ෆැසිලිටි එක යූස් කරලා..,
    තර්ඩ් අම්පයේට ඇපීල් කලා..
    එයා හැම ඈන්ගල් එකකින්ම බලලා...,
    ඉස්කිරින් එකේ දැම්මා අවුට් කියලා..
    ඒ අස්සේ නියෝගයක් ආවා...,
    ඔවර්ස් ටික නිසි පිලිවෙලකට යැව්වේ නෑ කියලා...,
    ෆයින් එකකුත් එක්ක..,
    මැච් දෙකකුත් තහනම් කරලා...

    මොනවා කරන්නද මචෝ..

    මැච් දෙකකින් පස්සේ ආයේ මම ගහනවා..
    ක්‍රිස් ගේල් වගේ.. සනා බෝයි වගේ..
    සයිඩ් අෆ්‍රිඩී වගේ, ඩිල්ෂාන් වගේ..

    මොකෝ මයි ලයිෆ් ඉස් රිකට් මචෝ...

    වර්ල්ඩ් කප් කෙසේ වෙතත්...., එක මැච් එකක් හරි දිනාගෙන ආවොත්, ළොකු දෙයක්ය...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    update pak india match ?
    India 83/1 (17.3 ov)

    Current time 15:26 local, 04:56 GMT ODI Career Batsmen R B 4s 6s SR This bowler Last 5 ovs Shikhar Dhawan (lhb) 40 46 3 1 86.95 8 (7b) 12 (11b) Virat Kohli (rhb) 30 40 2 0 75.00 7 (9b) 20 (19b) Mat Runs HS Ave 54 2135 119 43.57 151 6262 183 51.75 Bowlers O M R W Econ 0s 4s 6s This spell Wahab Riaz (lf) 2.4 0 15 0 5.62 7 1 0 2.4-0-15-0 Shahid Afridi (lbg) 4.0 0 23 0 5.75 6 1 0 4-0-23-0 Mat Wkts BBI Econ 48 61 5/46 5.64 392 393 7/12 4.62
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ප්‍රශ්නයක්

    මම මේ forum වලට තවම අලුත්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ forum වල කාලයක් තිස්සේ ඉන්න අයගෙන් අහන්නේ. ඔයගොල්ලෝ මේ forum වලට හැමදාම එනවද? නැත්නම් යම්කිසි කාලයක වරක්ද? සතියකට පාරක් වගේ? ඒ ආවහම අන්තිමට කියවපු post එකේ ඉදන් last post එක දක්වා ඔක්කොම කියවනවද? නැත්නම් last page එක විතරද? උදාහරණයක් විදිහට 13 වෙනිදා ඉඳලා අද වෙනකම් මේ thread එකේ post 1800+ විතර තියෙනව.
    අනික තව කලින් subscribe වෙලා ඉන්න thread තියෙනව. අලුතින් thread එනවා. ඒවයේත් පොස්ට් වැටෙනවනේ. කොහොමද කරන්නේ?
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    eye idan ada wenakan gahapu match 3ma 300 laknu gana pass kara , india team ekath 300 pannai wage, ape un kawada 300k gahai da manda
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama


    ඉන්දියාව සහ පාකිස්තානය අතර ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඩ් නුවර දැන් පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරඟයේදී නව වාර්තාවක් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


    ඒ, කි‍්‍රකට් කී‍්‍රඩාවේ වැඩිම පිරිසක් නැරඹූ තරඟය ලෙසින්.

    අන්තර්ජාතික කි‍්‍රකට් සම්මේලනය අපේක්ෂා කරන පරිදි මෙම තරඟය රූපවාහිණියෙන් නරඹන සංඛ්‍යාව කෝටි 250 ඉක්මවනු ඇති. තරඟය පැවැත්වෙන ඇඩිලේඞ් කී‍්‍රඩාංගනයේ ආසන පනස් තුන් දහසම මේ වනවිට පිරී ඇති අතර, දහස් ගණනක් ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව කී‍්‍රඩාංගනය අවට රැඳී සිටිනවා.

    ඉන්දු - පාකිස්තාන ලෝක කුසලාන කි‍්‍රකට් තරඟයේ අන්තර්ජාල ප‍්‍රවේශ පත‍්‍ර අලෙවිය අවසන් වූයේ විනාඩි 20 කට අඩු කාලයකින්.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම මේ forum වලට තවම අලුත්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ forum වල කාලයක් තිස්සේ ඉන්න අයගෙන් අහන්නේ. ඔයගොල්ලෝ මේ forum වලට හැමදාම එනවද? නැත්නම් යම්කිසි කාලයක වරක්ද? සතියකට පාරක් වගේ? ඒ ආවහම අන්තිමට කියවපු post එකේ ඉදන් last post එක දක්වා ඔක්කොම කියවනවද? නැත්නම් last page එක විතරද? උදාහරණයක් විදිහට 13 වෙනිදා ඉඳලා අද වෙනකම් මේ thread එකේ post 1800+ විතර තියෙනව.
    අනික තව කලින් subscribe වෙලා ඉන්න thread තියෙනව. අලුතින් thread එනවා. ඒවයේත් පොස්ට් වැටෙනවනේ. කොහොමද කරන්නේ?
    thama kamathi thread ekakata awilla balala yanawa
    okkoma post kiyawanna oni na puluwan tika kiyawanawa
    daily upadate wena thread wala last post kiyawanawa
    anith ewaye first post eka baluwama athi
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Day 3

    Tamil Union Cricket and Athletic Club 1st innings R B 4s 6s SR
    icon_plus_full-scorecard.jpg
    DM Sarathchandra† b Wanigasekera 8 16 1 0 50.00
    icon_plus_full-scorecard.jpg
    P Waduge c Lanka b Wanigasekera 21 16 4 0 131.25
    icon_plus_full-scorecard.jpg
    KOA Powell b Rukmal 9 6 2 0 150.00
    icon_plus_full-scorecard.jpg
    KDK Vithanage c de Silva b Eranga 351 283 37 14 124.02
    icon_plus_full-scorecard.jpg
    MLR Buddika c Emmanuel b Rangika 105 136 14 1 77.20
    icon_plus_full-scorecard.jpg
    D Wickramanayaka lbw b Rangika 32 73 2 2 43.83
    icon_plus_full-scorecard.jpg
    NT Gamage b Rangika 68 66 10 0 103.03
    icon_plus_full-scorecard.jpg
    RLB Rambukwella c sub b Wanigasekera 8 21 0 1 38.09
    RMS Eranga not out 33 43 3 1 76.74
    Extras (b 4, lb 5, w 1, nb 5) 15



    Total (8 wickets dec; 109.1 overs) 650 (5.95 runs per over)
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Kithruwan vithanage 351k gahala club match eke. ape Team eke no6 or 7 position ekata man hitiya nam niyamai. Koheda Sanath eladena wade kaawane!!! 2011 world cup eka paradunnaama Sanga kiwwe 2015 kohoma hari genawa kiyala.


    KDK Vithanage c de Silva b Eranga 351 283 37 14 124.02
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Thank you

    thama kamathi thread ekakata awilla balala yanawa
    okkoma post kiyawanna oni na puluwan tika kiyawanawa
    daily upadate wena thread wala last post kiyawanawa
    anith ewaye first post eka baluwama athi

    Thank you. එක තමයි, මං කල්පනා කරේ කොහොමද ඔයාලා මේ පොස්ට් කන්දරාව කියවන්නේ කියල. මං හිතන්නේ කෙනෙක් යමක් post කරද්දී ඕනවට එපාවට කරන්නේ නැතිවුනොත් එකෙන් thread අනවශ්‍ය විදිහට දිග්ගැස්සෙන්නේ නැතිව හැමෝටම පහසු වෙයි කියලා.
     
    Last edited:
    Status
    Not open for further replies.