20-20 ලෝක කුසලානයට රටවල් 16ක්
පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට තරග වදින රටවල් සංඛ්‍යාව ඉහළ දැමීම කෙරෙහි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.
ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර පැවැති උපාය මාර්ගික සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේව් රිචර්ඞ්සන් පැවසුවේ. එහිදී පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 16 දක්වා වැඩි කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
අවසන් වරට 2014 වසරේ පැවැති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට තරග වැදුනු රටවල් සංඛ්‍යාව 10ක්.
මේ 2019 වර්ෂයේදී එංගලන්තයේ පැවැත්වීමට මීළඟ ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියට තරග වදින රටවල් සංඛ්‍යාව 10ක් දක්වා අඩු කිරීමට මෙහිදී තීරණය කෙරුණා.

