Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න කල් මේ පිස්සු කොල්ලගෙ පපුව කොයිතරම් පිච්චුනාද කියලා සචී දන්නෙ නෑ. ඒත් ඒකට උත්තරයක් නොදී අහක බලන් හිටපු ඒ මූණ මම මගේ පැත්තට හරව ගත්තා.

ඒ ලස්සන ඇස් පිහාටු යට වැටෙන්න බලාගෙන හිටපු කදුළු බෝල දෙකක් කම්මුල් තෙමාගෙන ගලාගෙන එද්දි මගේ හිතට දැනුනෙ ලොකු දුකක්.

"කියන්න සචී... හැමදේම කියන්න.. ඔයා අඩනවා බලන් ඉන්න මට බෑ.."

"මගේ හිතේ නිරෝධ ගැන ආදරයක් නෑ රන්දු.. ඒත් පොඩිකාලෙ ඉදලා යාළුවෙක් නිසා මට ඒක එයාට කෙලින්ම කියන්න බෑ. මගේ.. මගේ හිත තියෙන්නෙ වෙන කෙනෙක් ගැන රන්දු.."

එහෙම කියලා කෙල්ල මේසෙට ඔළුව තියාගෙන ඉකිහගන්න ගත්තා. මං එයාගෙ ඔළුව හිමීට අතගෑවෙ සචීව නලවන්න කියන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරි උන නිසා. ඒ අතරෙ මං කල්පනා කලේ සචිනිගෙ ආදරේ දිනාගන්න පුළුවන් උන වාසනාවන්තයා කවුද කියලා. නිරෝධ ට්‍රැක් එකෙන් අයින් උනාට ඊට වඩා ලොකු චැලේන්ජර් කෙනෙක් මට ඉස්සරහින් ඉන්නවා.. ඒත්......

ගොඩක් වෙලාවකට පස්සෙ ඔළුව උස්සද්දි කෙල්ලගෙ ඇස් රතුපාට වෙලා කම්මුල් රෝස පාට වෙලා තිබුණෙ. මේ විදියට ඉද්දි ඒකිගෙ කවදාවත් නොදැකපු අහිංසක ලස්සනක් මට පෙනුනා.

"ඔයා නිරෝධට කෙලින්ම කියන්න මං කැමති නෑ, ආයතේ කවදාවත් මට කරදර කරන්න එපා කියලා.."

"එතකොට ඔයා ආදරේ කරන්නෙ කාටද..?"

"ඒ ගැන මගෙන් අහන්න එපා රන්දු.. ප්ලීස්... මං මහ පව්කාරියක්.."

කවදාවත් කෙනෙක්ගෙ හිත රිදෙන්න වචනයක් නොකියපු සචී පව්කාරියෙක් උනේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.

"මං ආදරේ කරන කෙනාට ඒක ඉක්මනට කියන්න. ඒක කියනකල් එයා බලන් ඉනනවා කියලා එදා ඔයා කිව්වෙ කවුරු ගැනද..?"

මං කියපු වචනයක් ගානෙ කෙල්ලට මතකයි..

"මං කිව්වෙ ඒ නිරෝධ කියලා හිතලා.."

"ඒක තමයි මං කිව්වෙ මං හරි පව්කාරියක් කියලා.."

ඒ කතාව මට තේරුණේ නෑ. ඒත් ඒ ගැන හාර හාර අහන එකෙන් වෙන්නෙ මේ අහිංසක හිත රිදෙන එක විතරයි.

"ඉතිං රන්දු... මට ඔයා ගැන කියන්නෙ නැද්ද..? ඔයාගෙ ගර්ල් ගැන..?"

මෙච්චර වෙලා කරපු කතාව පැත්තකට හරවලා මේකි හිනාවෙලා මගෙන් ඇහුවා. කෙල්ලො වෙලාවකට අහස වගේ. මේ දැන් වැහැලා ආයෙ තත්පරෙන් පායනවා.

"මට කොහෙද ගර්ල් කෙනෙක්..? කවුද ඔයාට කිව්වේ..?"

"කිව්වෙ ගොඩක් විශ්වාසවන්ත කෙනෙක්.."

"මොනවද එයා කිව්වේ..?"

"ඔයා පෝය දවසෙ ලස්සන කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙ කැළණි ගිහින් ඉන්නවා දැකලා තියෙනවා.."

හුටා... ගම කාලා.. කවුරු හරි වහු කුණෙක් සචීට ගින්න දීළා. ඒත් ඒ තරම් සෙනග ගොඩක් මැද්දෙ මං හංසිගෙ අත අල්ලපු එක අපේ අම්මයි අක්කවයිත් නොදැකපු එකේ ඒක වෙන සැටලයිට් එකකට කොහෙන් අහුඋනාද මන්දා..

"ඇයි කල්පනා කරන්නේ..? කතාව ඇත්තනේ..?"

"සීයට පනහක් ඇත්ත, සීයට පනහක් බොරු.."

මං එහෙම කියද්දි සචීගෙ ඇස් ජිල් බෝල දෙකක් වගේ ලොකු උනා.

"මොකක්ද ඇත්ත..? මොකක්ද බොරු..?"

"එදා විනාඩියකට විතර කෙල්ලෙක්ගෙ අතින් අල්ලගන්න උණා. ඒත් ඒ මගේ ගර්ල් ෆෙන්ඩ් නෙමෙයි.."

ඊට පස්සෙ මං එදා මුළු සිද්ධියම සචීට කිව්වා. කොහොමත් හංසි අපේ ගෙදර යන එනවා කියලා එයා දන්නවනේ..

"එතකොට ඔයාගෙ ගර්ල් රාණිද..? ඒ නංගි හරි ලස්සනයි.. හැබැයි එයාට බදින්න කෙනෙක් ඉන්නවලු.."

කෙල්ලො තමයි කෙල්ලො. මුන් නොදන්න දේකුත් නෑ. දන්න දේකුත් නෑ. කතාව අතරෙ මං නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා. මළා.. හතරයි කාලයි. මේ තරම් වෙලා කතා කලා කියලා දැනුනෙවත් නෑ. මෙලහකටත් අරුන් ටික අපි දෙන්නව හොයන්න සී අයි ඩී එකෙන් දාලා ඇති.

"මං ඔයාව හම්බවෙන්න ආවා කියලා අක්කි දන්නවා. එයා ඒක කාටවත් කිව්වද දන්නෑ.."

කියලා තිබුනොත් නම් ඉතිං සොරිම තමා. ගෙදර ගිහින් ඉවරයි. කොයි එකටත් මං සචීව ගෙදරට දාලා පංති ඇරෙන වෙලාවට නුගේගොඩ බෝ ගහ ළගට ගියා. මට වැඩිපුරම ඕනෙ උනේ වැඩේ ලීක් වෙලාද බලන්න..

මාව දැක්කා විතරයි කට්ටිය මගේ තොප්පියෙ ඉදලා සෙරෙප්පු දෙකට යනකල්ම දෙතුන් පාරක් බලලා ප්‍රශ්න වැලක් ඇහුවා. ඒත් අචිනි කිසිදෙයක් ඇහුවෙ නැතිව අමුතු බැල්මක් දැම්මා විතරයි. ඒ ලුක් එකෙන් මට තේරුණේ මේකි වැඩේ පත්තු කරලා නෑ කියන එක.

"කෝ බං විහගයා..? ඌ ආවේ නැද්ද අද..?"

මං හතර වටේ බලලා ඇහුවෙ මගේ අතීසාර මිත්‍රයගෙ මූණු පොඩ්ඩ නැති නිසා.

"උඹ හොද වෙලාවට දැන්වත් ආවේ. බලපං අද උඹේ යාළුවට වෙන දේ ඌවත් දන්නෑ.."

"මේකයි සීන් එක.. අපි උගේ ෆෝන් එකට දුන්නා හොද ලණුවක්. කතා කලේ ජනාලි. කොහොම හරි හවස හයට ඒ කෙල්ලව බලන්න අපේ ගොනා එනවා කිව්වා නාවල පාරෙ බස් ස්ටෑන්ඩ් එකට."

"කවුද බං පළවෙනි පාරට කෙල්ලව බලන්න හැන්දෑවෙ හයට යන්නේ.. ඌට පිස්සුද..?

"මුළු විස්තරේම හෙට කියන්නම්. ජනා කිව්වා ඒකි රොටරි එකේ ක්ලාස් යන්නේ. හයට බස් ස්ටෑන්ඩ් එකට එනවා කියලා."

අපිට මාට්ටු වෙයි කියලා වෙන්නැති මුලද බෑ බෑ කියලා මූ අන්තිමට හා කිව්වා.

"දැන් කව්ද ඌ හම්බවෙන්න එතනට යන කෙල්ල..?"

මට අහන්න ප්‍රශ්න ගොඩක් තිබුණත් විහගයා ගැන පව් කියලත් හිතෙනවා. ඌ කවදාවත් මට්ටු වෙන්නෑ. ඇඹලයා වගේ දකින දකින කෙල්ල පස්සෙ යනවනේ..

"අපි බඩු ඇරේනජ් කරලා තියෙන්නේ. සිද්ධිය පියවි ඇහෙන් බලාගන්න ඕන නං උඹත් වරෙන් අපි එක්ක.."

අචිනිලා යන්න ගියාට පස්සෙ අපි පස්දෙනා හැංගි හැංගි ඒ පැත්තට ගිහින් බස් එකකට කවර් උනා. විහග පන්ති එන්නෙත් නැතිව ගෙදරට වෙලා ඌට තිබුණ හොදම ඇදුම අයන් කර කර ඉන්න ඇති.

හයට පහක් වෙද්දි මූ ඇවිත් බස් ස්ටෑන්ඩ් එකේ තිබුණ කඩයක් ළග හිටගත්තා පොර වගේ. මැක්සා කිටක් ගහලා හිටපු මගේ යාළුවා දකිද්දි මට හිනා ගියා වගේම ඌ ගැන දුකත් හිතුනා.

ඊට ටිකකට පස්සෙ තාර පීප්පයක් විතර පුංචි, ලා කළු පාට නංගියෙක් ඇඹරි ඇඹරි ගිහින් ඒ කිට්ටුවෙන්ම හිටගත්තා. සාරංග හිනාවෙලා ඒ කෙල්ලව පෙන්නලා ඇහැක් ගැහුවෙ වැඩේට දාපු කෙල්ල එයා කියලා පෙන්නන්න. මූ කොහෙන් හොයා ගත්තද මන්දා මේ ඩෝසරේ. ටිකකින් මේ කෙල්ල බෑග් එක ඇරලා රෝස පාට සර්වියට් එකක් වගේ දෙයක් අතට ගත්තා විතරයි විහගයා බය උනා. ඒක වෙන්න ඇති හදුනාගැනීමේ සංඥාව. ක්ලාස් කට් කරගෙන හොදම සූට් එක ඇදගෙන බලන්න ආව කෑල්ල මේකද කියලා හිතෙද්දි ඌට එලොව පොල් පේන්න ඇති.

පොර එතතින් මාරුවෙන්න හදද්දි කෙල්ල උගේ අතින් අල්ලගෙන මොනවද ඇහුවා. දැන් උගේ අත දඩු අඩුවට අහුවුනා වගේ ඇති. මූත් මේග අතාරින පාටක් නෑ වගේ. මූ කෙල්ලව තල්ලු කරලා දාලා දඩි බඩි ගාලා පාර පැන්නෙ අපි ඉන්න පැත්තට. අපි පස්දෙනාම එක සැරේ හූ කියාගෙන පාරට පැනලා ඌව වට කර ගනිද්දි විහගයාගෙ මූණ වතරට දාපු පාන් භාගයක් වගේ බෙරි උනා. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු සමහරුන්ට සීන් එක තේරිලා වගේ උන් අපි දිහා බල බල හිනාවෙනවා. ඒ අතරෙ අර කෙල්ල සාරංගට ටටා පාරක් දාලා යන්න ගියා. ඒක දැකපු විහගයා දැනගත්තා මේක සාරංගගෙ ගේමක් කියලා.

"මොනවද ඩෝ බලු වැඩ කරන්නේ..?"

ආ..... අපේ මනමාල මහත්තයට තදවෙලා වගේ..

"කොහොමද උඹේ පියුමි නංගි ලස්සනද..?"

සාරංග නලෝලා අහද්දි මුගේ රතු කට්ට පැනලා වාර්තාගත දුරකට. ඒ සමහර විට ලැජ්ජාවත් කලවං උන නිසා වෙන්න ඇති.

"කොහෙන්ද උඹලා ඒකිව හොයාගත්තේ..?"

"ඇයි නංගි කෙට්ටු වැඩිද..?"

"ඒකි හොදයි හෙණ ගගහා වහින රෑක ඇස් දෙක පියාගෙන තුරුල් කරන් ඉන්න.."

එහෙම කියලා අපිව තල්ලු කරගෙන මූ ගිහින් බස් එකක එල්ලුනා. මං ගෙදර ගිහින් ෆෝන් කරද්දි උගේ මොබයිල් එක ඕෆ්. ගෙදරට ගත්තත් මූ ෆෝන් එකට ආවෙ නෑ. අද කාපු චාටරේට බඩ පිරිලා කොල්ලා වේල පහ නිදි ඇති.

සෙනසුරාදා හවස් වෙද්දි අපේ කට්ටිය කිව්වා වගේම අපේ ගෙදරට කඩා පාත් උනා පාඩම් කරන්න කියලා. ෂෝටවල් දාලා ටී ෂර්ට් ගහලා බයිසිකල් වල ආවට මුන් පාඩම් කරන්න පොත් ගෙනාපු පාටක් පෙනුනෙ නෑ. පැපරාසි ටික වගේ මුන් ටික ආවා විතරයි අපේ ගෙදර මෙච්චර වෙලා තිබුණ සාමකාමී වාර්ථාවරණය වාශ්ප උනා.

"රෑ වෙලා පාඩම් කරමු බං.. වරෙන් එළියට.."

මං සෙට් එකම අරගෙන එළියට ආවේ අපේ තාත්තට අහුවුනොත් මුන් පස්දෙනා විතරක් නෙමෙයි මගෙත් වීසා කැන්සල් වෙනවා කියලා දන්න නිසා. අපි කට්ටිය වටකරගෙන සාරංග විහගගෙ මූණ දිහා බලාගනෙම අර සීන් එක ගැන කියන්න පටන් ගත්තා.

"හරි හරි නවත්ත ගනින් ඔය බම්බුව.. දැන් ඒක ඉවරයිනේ.."

විහග සාකච්ඡා වටය පටන් ගනිද්දිම විරෝධතාවය ප්‍රකාශ කලා. ඊට පස්සෙ සාරංග කිව්වෙ අර ඩෝසර් කෙල්ල ගැන.

"ඒකි අපේ පැත්තෙ ඉන්න පොඩි වයර් ෂෝට් එකක් තියෙන ඩයල් එකක්. චොක්ලට් එකක් දෙනවා කිව්වොත් ඕන පරිප්පු වැඩක් කරගන්න පුළුවන්.."

"පේනවා පේනවා.. ඒකි චොක්ලට් කාලම වෙන්නැති ඔය සද්දන්ත ශරීරෙ හදාගන්න ඇත්තේ."

මං එහෙම කියද්දි විහගයා මටත් රවන්න ගත්තා. මූ ඇහෙන්නෙ නෑ වගේ හිටියට කණ හලාගනෙ ඉන්නේ..

"ඉතිං මං දවල් ගිහින් ලොකු චොක්ලට් එකක් දීලා ඒකිට සීන් එක කිව්වා විතරයි ඒකි එක පයින්ම කැමති උනා.."

සාරංග ඒක කියද්දි සිද්ධිය මතක් වෙලා අපිට ආයෙම හිනා ගියා.

කට්ටිය රෑ ඇගපත හොදගෙන කාලා බීලා මගේ කාමරේට රිංගුවෙ පාඩම් කරන්න පටන් ගමු කියලා. සාරංගයි දිනුකයි ආර්ට් කරන නිසා අපි හයදෙනාටම පොදු වෙච්ච ආර්ථික විද්‍යාව පේපර් ටික කරන්න ගත්තා.

"ඒයි උඹලා දන්නවද වැඩක්..?"

එක පේපර් එකයි කරලා ඉවර කලේ විහගයා කියවන්න ගත්තා..

"ඉක්මනට කියපං උඹේ ඔය වැඩේ.."

"උඹලා දන්නවද අපේ අයියා ඒ ලෙවල් වලට පාඩම් කරපු හැටි..? නෑනේ, විභාගෙට මාස හතරකට විතර කලින් පොර එයාගෙ ඒ ලෙවල් පොත් ටියුට් සේරම ඇද වැහෙන්න ඇතිරුවා.."

"ඒ මොකටද බං..?"

"ඒවා සේරම එක එක පාඩම් කරලා අයින් කරන කල් ඇදේ නිදාගන්න ඉඩ නෑනේ.. එහෙම පාඩම් කරලා ඉක්මනට ඇද හිස් කරගන්නවා කියලා ඒ දවස් වල අපිටත් කිව්වා.."

ඒකත් මාර හතර බීරි කතාවක් තමයි. මූ කියන විදියට නිදියගන්න එක්කො සේරම ටික පාඩම් කරලා ඉවර කරන්න ඕනෙ නැත්නම් ඇහැරිලා ඉන්න ඕනේ..

"ඉතිං උඹලගෙ අයියා නිදාත්තෙ නැද්ද.?"

"නිදාගත්තා බං නිදාගත්තා.."

"ෂා.. මාරයිනේ.. ඒ කියන්නෙ අයියාකාරයා විභාගෙ ඉවර වෙන්න කලින් අර පොත් සේරම පාඩම් කරලා ඉවර කලාද..?"

අපි ඇහුවෙ කොරවෙලා වගේ. ඒත් මුගේ අයියා ඒ තරම් උගත් පොරක් කියලා ආරංචියක් නෑ..

"පිස්සුද බං, ඒකා විභාගේ ඉවර වෙනකල්ම ඇද ළග පැදුරක් දාගෙන බිම නිදාගත්තෙ. විභාගෙට පස්සෙ අර පොත් ටික ආපහු එකතු කරලා ඇද යටට දැම්මා.."

අපි කට්ටියටම මහ හයියෙන් හිනා යද්දි අම්මා කාමරේට ආවා..

"කට්ටිය පාඩම් කරන සද්දෙ පාරටත් ඇහෙනවා ඇති. මං අක්කටත් ටීවී එක දාන්න එපා කිව්වා ඔයාලා පාඩම් කරන නිසා. මේ ගොල්ලො කතන්දර කියනවා.."

අම්මා එහෙම කියද්දි කතන්දරේ පටන් ගත්තු විහග පණ දාගෙන ගාණක් හදනවා. බොරුවට බැනලා වගේ කාමරෙන් ගිය අපේ අම්මා ආපහු ආවෙ කෝපි හදාගෙන. අපි කට්ටිය උත්තර සාකච්ඡා කර කර රෑ එක විතර වෙනකල් පේපර් කලා.

"හ් ආ................."

ෂෝටා යාර තුනක් විතර දිග ඈනුමක් ඇරපු පාර මට හිතුනෙම උගේ කට ඉරෙයි කියලා..

"ටිකක් නිදාගනෙ එලාම් එක තියලා නැගිටිමු බං.."

ෂෝටා කියද්දි හැමෝම ඒකට කැමති උනේ නිදිමත වැඩි නිසා වෙන්න ඇති. මං එහා කාමරේ අයිනක දාලා තිබුණ අමතර මෙට්‍රස් එක ගෙනත් මගේ ඇද ළගින් දැම්මා.

"වැඩිය කොට්ට නම් නෑ බං.. හතරයි තියෙන්නේ.."

"මොන කොට්ටද මල්ලී, අපිට කළු ගලක උනත් ඔළුව තියන් නිදාගන්න පුළුවන්.."

සාරංගයි, දිනූකයි, නිරෝධයි එක්ක ඒ මෙට්‍රස් එකට පැනලා දිගා උණා. ෂෝටා ඇදේ බිත්තිය පැත්තෙ අයිනට ගියා. මං එලාම් එක උදේ හතරට තියලා ඒක ඇද ළගම තිබුණ පොත් කබඩ් එක උඩින් තිබ්බා.

"ඔය ලයිට් එක ඕෆ් කරලා වරෙන් බං.."

උන්ගෙ සද්දෙට ලයිට් එක ඕෆ් කරලා ඇදේ හිටපු ෂෝටයි විහගයි මැද්දට පැන්නා. විනාඩි දහයක් විතර යද්දි ලී මෝලවල් දෙක තුනක් ලාවට ස්ටාට් උනා. මටත් නින්ද ගියා දන්නෙම නැතුව.

තද නින්දෙ හිටපු මාව ඇහැරුනේ ලස්සන මියුසික් එකක් ඇහිලා. ටිකක් වෙලා අහගෙන ඉද්දියි මට මතක් උනේ ඒ එලාම් එකේ සද්දෙ කියලා. ඒ සද්දෙට අපේ එකා දෙන්නා නිදිමතේ කෙදිරි ගගා ප්‍රතිචාර දක්වන්න ගත්තා. ඇදේ අයිනේ හිටපු විහග අත දික් කලා නම් ඌට එලාම් එක ඕෆ් කරන්න පුළුවන්.. ඒත් ඌ තාම නිදි..

"විහග...... විහග... නැගිටපං බං.. ඔය එලාම් එක ඕෆ් කරපංකෝ.."

මං උගේ උරහිස හොල්ලලා කිව්වා..

"කෝ බං කොහෙද ඒක තියෙන්නේ..?"

විහගයා හිටියෙ මං ඉන්න පැත්තට හැරිලා. ඌ ඒක ඕෆ් කරන්න එහා පැත්තට හැරෙන්න ඕන.

"අනිත් පැත්තෙ බං තියෙන්නේ.. ඕක ඕෆ් කරපංකෝ මළ වදේ.."

"රා............යිට්"

කියලා මූ හැරෙද්දිම අම්මෝ කියලා මර ලතෝනියක් ඇහුනා. තාමත් එළාම් එක වැඩ. මං ඇද අතගාලා බලද්දි විහග හිටපු හරිය හිස්.. අඩියට දෙකට නැගිටපු මං ලයිට් එක දැම්මා. දැක්ක සීන් එකට මට හිනාවෙලාම නිදිමත ගියා.

විහගයා සාරංගගෙයි දිනුකගෙයි ඇග උඩ හතරගාතෙ දාලා වැටිලා. උන් තුන්දෙනා එකාට එකා තල්ලු කරන් නැගිටින්න හදනවා. මං එලාම් එක ඕෆ් කරලා ෂෝටට කතා කලා. ඌත් පුදුම වෙලා වගේ විහග දිහා බලාගෙන.

"මොකක්ද බං මේ මෙතන වෙන්නේ..? මොකද මුන් තුන්දෙනා උදේ පාන්දර මරාගන්නේ..?"

"මරාගන්නවා නෙමෙයි බං.. මූ එලාම් එක ඕෆ් කරන්න කියලා අනිත් පැත්ත හැරුනා විතරයි ඇදෙන් බිම.."

මං විස්තරේ පැහැදිලි කලා. ෂෝටයි නිරෝධයයි හිනාවෙවී බලන් ඉද්දි අරුන් තුන්දෙනාම නැගිට්ටෙ අපිට බැන බැන.

"අනේ යකෝ උඹලට ජොලි ඈ...?"

සාරංග විහගව තල්ලු කරලා දාලා ඇදේ ඉදගත්තා.

"බලපං මූ උදේම මහසෝනා වගේ ඇගට පැනලා දවසම මස්ත බාල්දු කලානේ.."

"ඉට්ස් ඕකේ නව්. දැන් මොකද කියන්නෙ පාඩම් කරනවද..?"

මං ඇහුවෙ කට්ටියගෙ අදහස් දැනගන්න.

"පාඩම් කරමු.. ඒත් නිදිමතයි බං.."

එහෙම කියලා ෂෝටා ආයෙත් ඇදේ පෙරලුනා..

"එහෙනම් කට්ටියම නිදිමත යන්න වොෂ් එකක් දාගනෙ එමු..?"

එකෙක් ඉවරවෙලා අනිකා හොදන්න හිටියොත් අපිට හෙට දවල් වෙනකල්ම හොද හොද ඉන්න වෙයි. අපි කට්ටියම ඇදුම් ගලවලා ලයිට් එක ඕෆ් කරලා එක සැරේම බාත් රූම් එකට රිංගුවා. හතර වටේ තියෙන පයිප්ප ෂවර් සේරම ඇරලා වතුරෙ නටද්දි නිදිමත කොහෙන් ගියාද දන්නෑ.

"මචං උඹලගෙ අක්කා ඇවිත් ලයිට් එක දායිද මන්දා..?"

ෂෝටා සබන් ගාන ගමන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ..

"අවුලක් නෑ බං.. එයා මේකට එන්නෙ නෑ.. උඩත් එකක් තියෙවා.."

අපි නිගන්ඨයො සෙට් එක වගේ නාලා කරලා එකා එකා කාමරේට රිංග ගත්තා.

"සීතලයි බං.. තාම හතරහමාරයි, තේ එකක් තිබ්බා නම් මරු.."

මං කුස්සියට ගිහින් වතුර රත් වෙන්න තියලා ආවා. කට්ටිය පොත් ඇරගෙන වැඩ. අපි උදේ අට විතර වෙනකල් ටියුට් බෙදාගනෙ ෂෝට් නෝට් ගැහුවා.

"අද එකවුන්ට්ස් බං ක්ලාස් යන්නෙ නැද්ද..?"

"මේ දවස් වල අවසාන ගිණුම් කරන්නෙ.. කොහොම හරි ඒ නිසා යං.."

දඩිබිඩි ගාලා උදේට කාලා අපි කට්ටිය පන්ති යන්න ලෑස්ති උනා. කට්ටිය මෙහේ ආවෙ ෂෝටවල් දාගෙන නිසා පන්ති යන්න ඇන්දෙ මගේ ඇදුම්. මගේ ත්‍රී ක්වාටර් එකනම් ෂෝටට නියම උසට තිබුණ නිසා බෙල්ට් එකක් දාලා ඌ ඒක ඇන්දා. මට ඌව පෙනුනෙ හරියට ගලිවර්ලා ටිකක් මැද්දෙ හිටපු ලිලිපුට්ටෙක් වගේ. අද නිවාඩු දවසක් නිසා තාත්තා අපිව නුගේගොඩට ගිහින් බැස්සුවා. ඒකෙන් අවුලක් නැතුව වෙලාවට අපි ක්ලාස් එකේ.

[QUOTE="crazybuddy, post: 12421075, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]ඔය ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න කල් මේ පිස්සු කොල්ලගෙ පපුව කොයිතරම් පිච්චුනාද කියලා සචී දන්නෙ නෑ. ඒත් ඒකට උත්තරයක් නොදී අහක බලන් හිටපු ඒ මූණ මම මගේ පැත්තට හරව ගත්තා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ලස්සන ඇස් පිහාටු යට වැටෙන්න බලාගෙන හිටපු කදුළු බෝල දෙකක් කම්මුල් තෙමාගෙන ගලාගෙන එද්දි මගේ හිතට දැනුනෙ ලොකු දුකක්.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කියන්න සචී... හැමදේම කියන්න.. ඔයා අඩනවා බලන් ඉන්න මට බෑ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මගේ හිතේ නිරෝධ ගැන ආදරයක් නෑ රන්දු.. ඒත් පොඩිකාලෙ ඉදලා යාළුවෙක් නිසා මට ඒක එයාට කෙලින්ම කියන්න බෑ. මගේ.. මගේ හිත තියෙන්නෙ වෙන කෙනෙක් ගැන රන්දු.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා කෙල්ල මේසෙට ඔළුව තියාගෙන ඉකිහගන්න ගත්තා. මං එයාගෙ ඔළුව හිමීට අතගෑවෙ සචීව නලවන්න කියන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරි උන නිසා. ඒ අතරෙ මං කල්පනා කලේ සචිනිගෙ ආදරේ දිනාගන්න පුළුවන් උන වාසනාවන්තයා කවුද කියලා. නිරෝධ ට්‍රැක් එකෙන් අයින් උනාට ඊට වඩා ලොකු චැලේන්ජර් කෙනෙක් මට ඉස්සරහින් ඉන්නවා.. ඒත්......[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ගොඩක් වෙලාවකට පස්සෙ ඔළුව උස්සද්දි කෙල්ලගෙ ඇස් රතුපාට වෙලා කම්මුල් රෝස පාට වෙලා තිබුණෙ. මේ විදියට ඉද්දි ඒකිගෙ කවදාවත් නොදැකපු අහිංසක ලස්සනක් මට පෙනුනා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔයා නිරෝධට කෙලින්ම කියන්න මං කැමති නෑ, ආයතේ කවදාවත් මට කරදර කරන්න එපා කියලා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එතකොට ඔයා ආදරේ කරන්නෙ කාටද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඒ ගැන මගෙන් අහන්න එපා රන්දු.. ප්ලීස්... මං මහ පව්කාරියක්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කවදාවත් කෙනෙක්ගෙ හිත රිදෙන්න වචනයක් නොකියපු සචී පව්කාරියෙක් උනේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මං ආදරේ කරන කෙනාට ඒක ඉක්මනට කියන්න. ඒක කියනකල් එයා බලන් ඉනනවා කියලා එදා ඔයා කිව්වෙ කවුරු ගැනද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මං කියපු වචනයක් ගානෙ කෙල්ලට මතකයි..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මං කිව්වෙ ඒ නිරෝධ කියලා හිතලා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි මං කිව්වෙ මං හරි පව්කාරියක් කියලා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාව මට තේරුණේ නෑ. ඒත් ඒ ගැන හාර හාර අහන එකෙන් වෙන්නෙ මේ අහිංසක හිත රිදෙන එක විතරයි.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං රන්දු... මට ඔයා ගැන කියන්නෙ නැද්ද..? ඔයාගෙ ගර්ල් ගැන..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා කරපු කතාව පැත්තකට හරවලා මේකි හිනාවෙලා මගෙන් ඇහුවා. කෙල්ලො වෙලාවකට අහස වගේ. මේ දැන් වැහැලා ආයෙ තත්පරෙන් පායනවා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මට කොහෙද ගර්ල් කෙනෙක්..? කවුද ඔයාට කිව්වේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කිව්වෙ ගොඩක් විශ්වාසවන්ත කෙනෙක්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මොනවද එයා කිව්වේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔයා පෝය දවසෙ ලස්සන කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙ කැළණි ගිහින් ඉන්නවා දැකලා තියෙනවා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]හුටා... ගම කාලා.. කවුරු හරි වහු කුණෙක් සචීට ගින්න දීළා. ඒත් ඒ තරම් සෙනග ගොඩක් මැද්දෙ මං හංසිගෙ අත අල්ලපු එක අපේ අම්මයි අක්කවයිත් නොදැකපු එකේ ඒක වෙන සැටලයිට් එකකට කොහෙන් අහුඋනාද මන්දා..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඇයි කල්පනා කරන්නේ..? කතාව ඇත්තනේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"සීයට පනහක් ඇත්ත, සීයට පනහක් බොරු.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම කියද්දි සචීගෙ ඇස් ජිල් බෝල දෙකක් වගේ ලොකු උනා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද ඇත්ත..? මොකක්ද බොරු..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එදා විනාඩියකට විතර කෙල්ලෙක්ගෙ අතින් අල්ලගන්න උණා. ඒත් ඒ මගේ ගර්ල් ෆෙන්ඩ් නෙමෙයි.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ඊට පස්සෙ මං එදා මුළු සිද්ධියම සචීට කිව්වා. කොහොමත් හංසි අපේ ගෙදර යන එනවා කියලා එයා දන්නවනේ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එතකොට ඔයාගෙ ගර්ල් රාණිද..? ඒ නංගි හරි ලස්සනයි.. හැබැයි එයාට බදින්න කෙනෙක් ඉන්නවලු.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කෙල්ලො තමයි කෙල්ලො. මුන් නොදන්න දේකුත් නෑ. දන්න දේකුත් නෑ. කතාව අතරෙ මං නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා. මළා.. හතරයි කාලයි. මේ තරම් වෙලා කතා කලා කියලා දැනුනෙවත් නෑ. මෙලහකටත් අරුන් ටික අපි දෙන්නව හොයන්න සී අයි ඩී එකෙන් දාලා ඇති.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මං ඔයාව හම්බවෙන්න ආවා කියලා අක්කි දන්නවා. එයා ඒක කාටවත් කිව්වද දන්නෑ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කියලා තිබුනොත් නම් ඉතිං සොරිම තමා. ගෙදර ගිහින් ඉවරයි. කොයි එකටත් මං සචීව ගෙදරට දාලා පංති ඇරෙන වෙලාවට නුගේගොඩ බෝ ගහ ළගට ගියා. මට වැඩිපුරම ඕනෙ උනේ වැඩේ ලීක් වෙලාද බලන්න.. [/COLOR][/B][B][COLOR=#783f04]මාව දැක්කා විතරයි කට්ටිය මගේ තොප්පියෙ ඉදලා සෙරෙප්පු දෙකට යනකල්ම දෙතුන් පාරක් බලලා ප්‍රශ්න වැලක් ඇහුවා. ඒත් අචිනි කිසිදෙයක් ඇහුවෙ නැතිව අමුතු බැල්මක් දැම්මා විතරයි. ඒ ලුක් එකෙන් මට තේරුණේ මේකි වැඩේ පත්තු කරලා නෑ කියන එක.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෝ බං විහගයා..? ඌ ආවේ නැද්ද අද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හතර වටේ බලලා ඇහුවෙ මගේ අතීසාර මිත්‍රයගෙ මූණු පොඩ්ඩ නැති නිසා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ හොද වෙලාවට දැන්වත් ආවේ. බලපං අද උඹේ යාළුවට වෙන දේ ඌවත් දන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේකයි සීන් එක.. අපි උගේ ෆෝන් එකට දුන්නා හොද ලණුවක්. කතා කලේ ජනාලි. කොහොම හරි හවස හයට ඒ කෙල්ලව බලන්න අපේ ගොනා එනවා කිව්වා නාවල පාරෙ බස් ස්ටෑන්ඩ් එකට."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද බං පළවෙනි පාරට කෙල්ලව බලන්න හැන්දෑවෙ හයට යන්නේ.. ඌට පිස්සුද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මුළු විස්තරේම හෙට කියන්නම්. ජනා කිව්වා ඒකි රොටරි එකේ ක්ලාස් යන්නේ. හයට බස් ස්ටෑන්ඩ් එකට එනවා කියලා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපිට මාට්ටු වෙයි කියලා වෙන්නැති මුලද බෑ බෑ කියලා මූ අන්තිමට හා කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් කව්ද ඌ හම්බවෙන්න එතනට යන කෙල්ල..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට අහන්න ප්‍රශ්න ගොඩක් තිබුණත් විහගයා ගැන පව් කියලත් හිතෙනවා. ඌ කවදාවත් මට්ටු වෙන්නෑ. ඇඹලයා වගේ දකින දකින කෙල්ල පස්සෙ යනවනේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි බඩු ඇරේනජ් කරලා තියෙන්නේ. සිද්ධිය පියවි ඇහෙන් බලාගන්න ඕන නං උඹත් වරෙන් අපි එක්ක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අචිනිලා යන්න ගියාට පස්සෙ අපි පස්දෙනා හැංගි හැංගි ඒ පැත්තට ගිහින් බස් එකකට කවර් උනා. විහග පන්ති එන්නෙත් නැතිව ගෙදරට වෙලා ඌට තිබුණ හොදම ඇදුම අයන් කර කර ඉන්න ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හයට පහක් වෙද්දි මූ ඇවිත් බස් ස්ටෑන්ඩ් එකේ තිබුණ කඩයක් ළග හිටගත්තා පොර වගේ. මැක්සා කිටක් ගහලා හිටපු මගේ යාළුවා දකිද්දි මට හිනා ගියා වගේම ඌ ගැන දුකත් හිතුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඊට ටිකකට පස්සෙ තාර පීප්පයක් විතර පුංචි, ලා කළු පාට නංගියෙක් ඇඹරි ඇඹරි ගිහින් ඒ කිට්ටුවෙන්ම හිටගත්තා. සාරංග හිනාවෙලා ඒ කෙල්ලව පෙන්නලා ඇහැක් ගැහුවෙ වැඩේට දාපු කෙල්ල එයා කියලා පෙන්නන්න. මූ කොහෙන් හොයා ගත්තද මන්දා මේ ඩෝසරේ. ටිකකින් මේ කෙල්ල බෑග් එක ඇරලා රෝස පාට සර්වියට් එකක් වගේ දෙයක් අතට ගත්තා විතරයි විහගයා බය උනා. ඒක වෙන්න ඇති හදුනාගැනීමේ සංඥාව. ක්ලාස් කට් කරගෙන හොදම සූට් එක ඇදගෙන බලන්න ආව කෑල්ල මේකද කියලා හිතෙද්දි ඌට එලොව පොල් පේන්න ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොර එතතින් මාරුවෙන්න හදද්දි කෙල්ල උගේ අතින් අල්ලගෙන මොනවද ඇහුවා. දැන් උගේ අත දඩු අඩුවට අහුවුනා වගේ ඇති. මූත් මේග අතාරින පාටක් නෑ වගේ. මූ කෙල්ලව තල්ලු කරලා දාලා දඩි බඩි ගාලා පාර පැන්නෙ අපි ඉන්න පැත්තට. අපි පස්දෙනාම එක සැරේ හූ කියාගෙන පාරට පැනලා ඌව වට කර ගනිද්දි විහගයාගෙ මූණ වතරට දාපු පාන් භාගයක් වගේ බෙරි උනා. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු සමහරුන්ට සීන් එක තේරිලා වගේ උන් අපි දිහා බල බල හිනාවෙනවා. ඒ අතරෙ අර කෙල්ල සාරංගට ටටා පාරක් දාලා යන්න ගියා. ඒක දැකපු විහගයා දැනගත්තා මේක සාරංගගෙ ගේමක් කියලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද ඩෝ බලු වැඩ කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ..... අපේ මනමාල මහත්තයට තදවෙලා වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කොහොමද උඹේ පියුමි නංගි ලස්සනද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංග නලෝලා අහද්දි මුගේ රතු කට්ට පැනලා වාර්තාගත දුරකට. ඒ සමහර විට ලැජ්ජාවත් කලවං උන නිසා වෙන්න ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහෙන්ද උඹලා ඒකිව හොයාගත්තේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි නංගි කෙට්ටු වැඩිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකි හොදයි හෙණ ගගහා වහින රෑක ඇස් දෙක පියාගෙන තුරුල් කරන් ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා අපිව තල්ලු කරගෙන මූ ගිහින් බස් එකක එල්ලුනා. මං ගෙදර ගිහින් ෆෝන් කරද්දි උගේ මොබයිල් එක ඕෆ්. ගෙදරට ගත්තත් මූ ෆෝන් එකට ආවෙ නෑ. අද කාපු චාටරේට බඩ පිරිලා කොල්ලා වේල පහ නිදි ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] *****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සෙනසුරාදා හවස් වෙද්දි අපේ කට්ටිය කිව්වා වගේම අපේ ගෙදරට කඩා පාත් උනා පාඩම් කරන්න කියලා. ෂෝටවල් දාලා ටී ෂර්ට් ගහලා බයිසිකල් වල ආවට මුන් පාඩම් කරන්න පොත් ගෙනාපු පාටක් පෙනුනෙ නෑ. පැපරාසි ටික වගේ මුන් ටික ආවා විතරයි අපේ ගෙදර මෙච්චර වෙලා තිබුණ සාමකාමී වාර්ථාවරණය වාශ්ප උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රෑ වෙලා පාඩම් කරමු බං.. වරෙන් එළියට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං සෙට් එකම අරගෙන එළියට ආවේ අපේ තාත්තට අහුවුනොත් මුන් පස්දෙනා විතරක් නෙමෙයි මගෙත් වීසා කැන්සල් වෙනවා කියලා දන්න නිසා. අපි කට්ටිය වටකරගෙන සාරංග විහගගෙ මූණ දිහා බලාගනෙම අර සීන් එක ගැන කියන්න පටන් ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි නවත්ත ගනින් ඔය බම්බුව.. දැන් ඒක ඉවරයිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහග සාකච්ඡා වටය පටන් ගනිද්දිම විරෝධතාවය ප්‍රකාශ කලා. ඊට පස්සෙ සාරංග කිව්වෙ අර ඩෝසර් කෙල්ල ගැන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකි අපේ පැත්තෙ ඉන්න පොඩි වයර් ෂෝට් එකක් තියෙන ඩයල් එකක්. චොක්ලට් එකක් දෙනවා කිව්වොත් ඕන පරිප්පු වැඩක් කරගන්න පුළුවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පේනවා පේනවා.. ඒකි චොක්ලට් කාලම වෙන්නැති ඔය සද්දන්ත ශරීරෙ හදාගන්න ඇත්තේ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම කියද්දි විහගයා මටත් රවන්න ගත්තා. මූ ඇහෙන්නෙ නෑ වගේ හිටියට කණ හලාගනෙ ඉන්නේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං මං දවල් ගිහින් ලොකු චොක්ලට් එකක් දීලා ඒකිට සීන් එක කිව්වා විතරයි ඒකි එක පයින්ම කැමති උනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංග ඒක කියද්දි සිද්ධිය මතක් වෙලා අපිට ආයෙම හිනා ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කට්ටිය රෑ ඇගපත හොදගෙන කාලා බීලා මගේ කාමරේට රිංගුවෙ පාඩම් කරන්න පටන් ගමු කියලා. සාරංගයි දිනුකයි ආර්ට් කරන නිසා අපි හයදෙනාටම පොදු වෙච්ච ආර්ථික විද්‍යාව පේපර් ටික කරන්න ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒයි උඹලා දන්නවද වැඩක්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එක පේපර් එකයි කරලා ඉවර කලේ විහගයා කියවන්න ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉක්මනට කියපං උඹේ ඔය වැඩේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලා දන්නවද අපේ අයියා ඒ ලෙවල් වලට පාඩම් කරපු හැටි..? නෑනේ, විභාගෙට මාස හතරකට විතර කලින් පොර එයාගෙ ඒ ලෙවල් පොත් ටියුට් සේරම ඇද වැහෙන්න ඇතිරුවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොකටද බං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒවා සේරම එක එක පාඩම් කරලා අයින් කරන කල් ඇදේ නිදාගන්න ඉඩ නෑනේ.. එහෙම පාඩම් කරලා ඉක්මනට ඇද හිස් කරගන්නවා කියලා ඒ දවස් වල අපිටත් කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒකත් මාර හතර බීරි කතාවක් තමයි. මූ කියන විදියට නිදියගන්න එක්කො සේරම ටික පාඩම් කරලා ඉවර කරන්න ඕනෙ නැත්නම් ඇහැරිලා ඉන්න ඕනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං උඹලගෙ අයියා නිදාත්තෙ නැද්ද.?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිදාගත්තා බං නිදාගත්තා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෂා.. මාරයිනේ.. ඒ කියන්නෙ අයියාකාරයා විභාගෙ ඉවර වෙන්න කලින් අර පොත් සේරම පාඩම් කරලා ඉවර කලාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි ඇහුවෙ කොරවෙලා වගේ. ඒත් මුගේ අයියා ඒ තරම් උගත් පොරක් කියලා ආරංචියක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සුද බං, ඒකා විභාගේ ඉවර වෙනකල්ම ඇද ළග පැදුරක් දාගෙන බිම නිදාගත්තෙ. විභාගෙට පස්සෙ අර පොත් ටික ආපහු එකතු කරලා ඇද යටට දැම්මා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කට්ටියටම මහ හයියෙන් හිනා යද්දි අම්මා කාමරේට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කට්ටිය පාඩම් කරන සද්දෙ පාරටත් ඇහෙනවා ඇති. මං අක්කටත් ටීවී එක දාන්න එපා කිව්වා ඔයාලා පාඩම් කරන නිසා. මේ ගොල්ලො කතන්දර කියනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මා එහෙම කියද්දි කතන්දරේ පටන් ගත්තු විහග පණ දාගෙන ගාණක් හදනවා. බොරුවට බැනලා වගේ කාමරෙන් ගිය අපේ අම්මා ආපහු ආවෙ කෝපි හදාගෙන. අපි කට්ටිය උත්තර සාකච්ඡා කර කර රෑ එක විතර වෙනකල් පේපර් කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හ් ආ................."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා යාර තුනක් විතර දිග ඈනුමක් ඇරපු පාර මට හිතුනෙම උගේ කට ඉරෙයි කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ටිකක් නිදාගනෙ එලාම් එක තියලා නැගිටිමු බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා කියද්දි හැමෝම ඒකට කැමති උනේ නිදිමත වැඩි නිසා වෙන්න ඇති. මං එහා කාමරේ අයිනක දාලා තිබුණ අමතර මෙට්‍රස් එක ගෙනත් මගේ ඇද ළගින් දැම්මා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩිය කොට්ට නම් නෑ බං.. හතරයි තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොන කොට්ටද මල්ලී, අපිට කළු ගලක උනත් ඔළුව තියන් නිදාගන්න පුළුවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංගයි, දිනූකයි, නිරෝධයි එක්ක ඒ මෙට්‍රස් එකට පැනලා දිගා උණා. ෂෝටා ඇදේ බිත්තිය පැත්තෙ අයිනට ගියා. මං එලාම් එක උදේ හතරට තියලා ඒක ඇද ළගම තිබුණ පොත් කබඩ් එක උඩින් තිබ්බා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ලයිට් එක ඕෆ් කරලා වරෙන් බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උන්ගෙ සද්දෙට ලයිට් එක ඕෆ් කරලා ඇදේ හිටපු ෂෝටයි විහගයි මැද්දට පැන්නා. විනාඩි දහයක් විතර යද්දි ලී මෝලවල් දෙක තුනක් ලාවට ස්ටාට් උනා. මටත් නින්ද ගියා දන්නෙම නැතුව.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තද නින්දෙ හිටපු මාව ඇහැරුනේ ලස්සන මියුසික් එකක් ඇහිලා. ටිකක් වෙලා අහගෙන ඉද්දියි මට මතක් උනේ ඒ එලාම් එකේ සද්දෙ කියලා. ඒ සද්දෙට අපේ එකා දෙන්නා නිදිමතේ කෙදිරි ගගා ප්‍රතිචාර දක්වන්න ගත්තා. ඇදේ අයිනේ හිටපු විහග අත දික් කලා නම් ඌට එලාම් එක ඕෆ් කරන්න පුළුවන්.. ඒත් ඌ තාම නිදි..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"විහග...... විහග... නැගිටපං බං.. ඔය එලාම් එක ඕෆ් කරපංකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං උගේ උරහිස හොල්ලලා කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෝ බං කොහෙද ඒක තියෙන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහගයා හිටියෙ මං ඉන්න පැත්තට හැරිලා. ඌ ඒක ඕෆ් කරන්න එහා පැත්තට හැරෙන්න ඕන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනිත් පැත්තෙ බං තියෙන්නේ.. ඕක ඕෆ් කරපංකෝ මළ වදේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රා............යිට්"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කියලා මූ හැරෙද්දිම අම්මෝ කියලා මර ලතෝනියක් ඇහුනා. තාමත් එළාම් එක වැඩ. මං ඇද අතගාලා බලද්දි විහග හිටපු හරිය හිස්.. අඩියට දෙකට නැගිටපු මං ලයිට් එක දැම්මා. දැක්ක සීන් එකට මට හිනාවෙලාම නිදිමත ගියා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහගයා සාරංගගෙයි දිනුකගෙයි ඇග උඩ හතරගාතෙ දාලා වැටිලා. උන් තුන්දෙනා එකාට එකා තල්ලු කරන් නැගිටින්න හදනවා. මං එලාම් එක ඕෆ් කරලා ෂෝටට කතා කලා. ඌත් පුදුම වෙලා වගේ විහග දිහා බලාගෙන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද බං මේ මෙතන වෙන්නේ..? මොකද මුන් තුන්දෙනා උදේ පාන්දර මරාගන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මරාගන්නවා නෙමෙයි බං.. මූ එලාම් එක ඕෆ් කරන්න කියලා අනිත් පැත්ත හැරුනා විතරයි ඇදෙන් බිම.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං විස්තරේ පැහැදිලි කලා. ෂෝටයි නිරෝධයයි හිනාවෙවී බලන් ඉද්දි අරුන් තුන්දෙනාම නැගිට්ටෙ අපිට බැන බැන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ යකෝ උඹලට ජොලි ඈ...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංග විහගව තල්ලු කරලා දාලා ඇදේ ඉදගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපං මූ උදේම මහසෝනා වගේ ඇගට පැනලා දවසම මස්ත බාල්දු කලානේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉට්ස් ඕකේ නව්. දැන් මොකද කියන්නෙ පාඩම් කරනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇහුවෙ කට්ටියගෙ අදහස් දැනගන්න.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පාඩම් කරමු.. ඒත් නිදිමතයි බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා ෂෝටා ආයෙත් ඇදේ පෙරලුනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් කට්ටියම නිදිමත යන්න වොෂ් එකක් දාගනෙ එමු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එකෙක් ඉවරවෙලා අනිකා හොදන්න හිටියොත් අපිට හෙට දවල් වෙනකල්ම හොද හොද ඉන්න වෙයි. අපි කට්ටියම ඇදුම් ගලවලා ලයිට් එක ඕෆ් කරලා එක සැරේම බාත් රූම් එකට රිංගුවා. හතර වටේ තියෙන පයිප්ප ෂවර් සේරම ඇරලා වතුරෙ නටද්දි නිදිමත කොහෙන් ගියාද දන්නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං උඹලගෙ අක්කා ඇවිත් ලයිට් එක දායිද මන්දා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා සබන් ගාන ගමන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අවුලක් නෑ බං.. එයා මේකට එන්නෙ නෑ.. උඩත් එකක් තියෙවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි නිගන්ඨයො සෙට් එක වගේ නාලා කරලා එකා එකා කාමරේට රිංග ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සීතලයි බං.. තාම හතරහමාරයි, තේ එකක් තිබ්බා නම් මරු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කුස්සියට ගිහින් වතුර රත් වෙන්න තියලා ආවා. කට්ටිය පොත් ඇරගෙන වැඩ. අපි උදේ අට විතර වෙනකල් ටියුට් බෙදාගනෙ ෂෝට් නෝට් ගැහුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අද එකවුන්ට්ස් බං ක්ලාස් යන්නෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ දවස් වල අවසාන ගිණුම් කරන්නෙ.. කොහොම හරි ඒ නිසා යං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දඩිබිඩි ගාලා උදේට කාලා අපි කට්ටිය පන්ති යන්න ලෑස්ති උනා. කට්ටිය මෙහේ ආවෙ ෂෝටවල් දාගෙන නිසා පන්ති යන්න ඇන්දෙ මගේ ඇදුම්. මගේ ත්‍රී ක්වාටර් එකනම් ෂෝටට නියම උසට තිබුණ නිසා බෙල්ට් එකක් දාලා ඌ ඒක ඇන්දා. මට ඌව පෙනුනෙ හරියට ගලිවර්ලා ටිකක් මැද්දෙ හිටපු ලිලිපුට්ටෙක් වගේ. අද නිවාඩු දවසක් නිසා තාත්තා අපිව නුගේගොඩට ගිහින් බැස්සුවා. ඒකෙන් අවුලක් නැතුව වෙලාවට අපි ක්ලාස් එකේ. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?md1ob3ikj6kdpmc"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom