Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මචං මං දැන් යන්න ඕන.. උඹලා අර වැඩේට යනවා නේද..?"

මං අපේ කට්ටියයි සාරංගයි සේරම ඉන්න තැන ඇහුවා. සාරංග විහගගෙ මූණ බැලුවෙ අද වැඩේ කරනවද කියලා දැනගන්න..

"ඔව් ඔව් මූ අද රෑට රෙකෝඩ් එක තියනවලු.."

සාරංගටත් කලින් විහග කිව්වා. ඔට්ටුවෙ හැටියට විහග පැරදුනොත් ඌ සාරංගට රුපියල් දාහක් දෙන්න ඕන. සාරංගත් හා කිව්වෙ ගාණ ටිකක් බර නිසා. ඒ වගේම තමයි විහගත් වැඩේ ඇරියෙ නෑ. ඌ අර යක් මූණත් ගෙනත් මට දුන්නා. සාරංගට හොරෙන් උන්ට බායි පාරක් දාලා මං ඇදුම් බෑග් එකත් අරන් ෂෝටා එක්ක පාරට ආවා. අපි දෙන්නා කනත්ත පාරට හැරෙද්දි ඒ හරියෙ හිටපු මිනිස්සු පුදුම වෙලා වගේ අපි දිහා බැලුවේ.

"මචං මේ හරියෙන් එහාට කට්ට කළුවරයි බං.. ලයිට් කණුවක්වත් නෑනේ.."

ෂෝටගෙ කටහඩත් ටිකක් විතර වෙව්ලනවා. ඌට නොපෙන්නුවට මගේ හිතටත් නිකං කුච් කුච් හෝතාහේ වගෙ.

"බය වෙන්නෙපා බොල අපි දෙන්නම යනවනේ.."

හතහමාර පහුවෙද්දි අප කනත්ත හරියට ගියා. පාර එක පැත්තක දිගටම කනත්ත. අනිත් පැත්ත නතිකරම කැලෑව වගේ. ගෙවල් එකක්වත් නෑ. මං ඇදගෙන හිටපු කිට් එක උඩින්ම අර කළු ටී ෂර්ට් එකයි කලිසමයි දා ගත්තා. සායත් ඇදලා අර බලි ඔලුවත් රිංග ගත්තම මගේ ඇස් දෙක විතරයි එළියට පෙනුනේ. ෂෝටයි මමයි දෙන්නම ටෝච් දෙකක් අරන් ආව නිසා වැඩිය අවුලක් නෑ.

"මට උඹ දිහා බලන්නත් බයයි බං.. දැන් නම් උඹ සිරාවටම යකෙක් වගේ.."

එහෙම කියලා මූ මට කොස් ගහට නගින්න සප් එක දුන්නා..

"මේ උඹ උඩ ඉදලා හයියෙන් අල්ලන් ඉදපං.. බැරිවෙලාවත් මගෙ ඇගට නම් වැටෙන්න එපා.."

ෂෝටගෙ බය දැන් පිටාර ගලනවා. මට සේරටම වඩා මාර රස්නයක් දැනුනේ. ඇයි දෙයියනේ ඇදුම් තොගයක් ඇදලා සපත්තු දාලා, රබර් ඔළුවකුත් බස්ස ගත්තාම කොහොම ඉන්නද..?

"කෝ බං, අටටත් කිට්ටු ඇති.. මුං තාම නෑනේ.."

මං එහෙම කිව්වට මුගෙන් උත්තර නෑ. පොර ගහ යට නිදිද මන්දා..

"ෂෝටා උඹ ඉන්නවා නේද ඔතන..?"

"ඉන්නවා බං ඉන්නවා.. ඒත් මට උඩ බලන් ඉන්න නම් කියන්න එපා.."

මූ ගම්මිරිස් ඇටේ වගේ ගහ මුල ගුලිවෙලා. එතකොටම පාර උඩහ ඉදලා ත්රීවිල් එකක් ගිහින් කනත්ත ඉවර වෙන හරියෙ නතර කලා. ඒ ආවෙ විහගයි, නිරෝධයි, දිනුකයි වෙන්න ඕන. තව ටිකකින් උඩහ ඉදලා සාරංගයා පාර දිගේ එයි. උන්ව බස්සලා ත්රීවිල් කාරයා යන්න ගියා. දැන්නං පස් දෙනාම පේන හරියෙ ඉන්න නිසා වැඩි බයක් නෑ.

"මචං ඈත එකෙක් එනවා පේනවා.. ඒ සාරංග වෙන්න ඇති.."

මං ෂෝටට කියද්දි ඌ පේනනේ නැති වෙන්න ටක් ගාලා ගහට කවර් උනා. තව විනාඩි පහකින් විතර ඒ ආපු එකා අපි ඉන්න කිට්ටුවටම ආවා. ඌ හයියෙන් මොනවද කියව කියව ආවෙ. ළගට එද්දි ඒ සාරංගගෙ කටහඩ කියලා මං අදුන ගත්තා. ඌ හයියෙන් කියව කියව ආවෙ ඉතිපිසෝ ගාථාව. මහලොකු චන්ඩියා.. පොර කොස් ගහ පහු කරද්දිම මං එක පාරට මහ හයියෙන් හූවක් කියලා උගේ ඇගට පැන්නා.

"බුදු අම්මෝ.................."

සාරංග බිම.. කිසිම සද්දයක් නෑ.. අපේ කට්ටිය සේරම ටෝච් පත්තු කරගෙන එතනට දුවගෙන ආවා. ඒත් පැනපු පාරට මගේ කකුල මොකක්ද වෙලා. නැගිටින්න බෑ වගේ..

"ඒයි මූට සිහිය නැතිවෙලා බං... සාරංග.. සාරංග..."

විහග ටක් ගාලා වතුර බෝතලයක් උගේ මූණට හැලුවා. එතකොටම ට්රැක්ටරයක සද්දෙ ඇහිලා බලද්දි අර අන්කලුත් එතනට ඇවිත්.

"මෙහේට ළමයි කට්ටියක් ගියා තාම ආවෙ නෑ කියලා පාරෙ මිනිස්සු කියද්දි මට නිකමට හිතුනා මහත්තයලා වෙන්න ඇති කියලා. මොකද මේ අවේලාවේ.."

අන්කල් ආපු එක හොදයි.. නැත්නම් අපිට යන්න වෙන්නෙ පයින් තමයි. මං කකුල ගසලා නැගිටිද්දි අංකල් මාව දැක්කේ..

"කිරි අප්පොච්චියේ........ මහත්තයා මේං මං ගියා.."

අන්කල් අර මලකඩ හැලෙන ට්රැක්ටරේ විදගෙන ගියේ සුපර් ක්රෝස් තරගෙකට එළවනවා වගේ.

"යකෝ දැන්වත් ඔය මගුල ගලවපං.. අපරාදෙ අර මනුස්සයත් බයවෙලා ගියානේ.."

නිරෝධ මගෙ ඔළු බක්කා ඇදලා ගලවපුවාම සාරංග හොදට මගේ මූණ දිහා බැලුවා. හොදට බලපං කියන්න වගේ ෂෝටා මගේ මූණටම ටෝච් එක අල්ලුවා. මාව දැක්කම සාරංගට හිතුනෙ මොනවද කියලා දන්නෙ ඉතින් උඹ තමා. හැබැයි පොර තාම බයවෙලා වචනයක්වත් කතා කලේ නෑ. කට්ටිය සාරංගව අල්ලලා නැගිට්ටුවා.

"මාවත් නැගිට්ටපං බං.. මගේ කකුලට මොකක්ද වෙලා.."

අරුන් මාව නැගිට්ටුවට පස්සෙ මං මහසෝනා කිට ගලවලා දැම්මා.

"ඌයි බං... මගේ අතත් රිදෙනවා.."

මං කෙදරි ගාද්දි ෂෝටා මගේ වැළමිටට ටෝච් එක ඇල්ලුවා.. වැලමිට හීරිලා ලේ එනවා..

"ඒයි මේ බලපංකෝ බං.. වැඩිපුර ඩැමේජ් මහසෝනටනේ.."

මුන්ට නං හිනා.. මගේ කකුලත් උලුක් වෙලා. මං සාරංගගෙ කරට අත දාගත්තම මට දැනුනා උගේ ඇග පොඩ්ඩක් රස්නෙයි කියලා.

"ඒයි සාරංග උඹ බය උනාද...? උඹට හොදටම උණ නේ බං.."

මූත් ලාවට හිනාවෙලා මගේ අත අල්ලගත්තා. බයවෙච්ච පාරට ඌට වචනත් අමතක වෙලා. අපි මහපාරට ඇවිත් දෙපැත්තට බෙදිලා ත්රීවිල් වල ගියේ. සාරංගව ගෙදරට දාන්න දිනූක බාරගත්තා. විහගලා මාව අපේ ගෙදරටම බස්සලා ගියේ. මං නොන්ඩි ගහ ගහ ගෙට යද්දි අපේ අක්කයි හංසියි දෙන්නම බයවෙලා දුවන් ආවා.

"අම්මේ.. අම්මේ... මේහෙ එන්නකෝ.."

"මොකද හලෝ බෙරිහන් දෙන්නේ..? මට මුකුත් වෙලා නෑ.."

අක්කා බොරුවට බයවෙලා ගේ ඇතුළට ගියාමයි දැක්කේ. මගෙ වැලමිට විතරක් නෙමෙයි දණිස්සකුත් රතුවෙලා ඉදිමිලා ඇවිත්..

"මොකද මල්ලි උනේ..? ඔයා වැටුනද..?"

"ඔව්.. අර ගේට් එක ගාව වයර් එකක් අදින්න ගිහින් ඉනිමග පෙරලුනා.."

මං අම්මයි තාත්තයි දකින්න කලින් ටක් ගාලා බාත් රූම් එකට රිංග ගත්තා. අනිද්දා කලා උළෙලට ඉන්න වෙන්නෙ තනි කකුලෙන් තමා. අනුන්ව බය කරන්න ගියාට මේවා හොද පාඩම්. මං තුවාය ඇදගෙන කාමරේට එද්දි අක්කලා ඩබලම කාමරේ. වින්ටජිනෝ, කතුරු, පුළුන්, පාස්ටර්, බැන්ඩේජ්. බුදු අම්මෝ මුන් දෙන්නා මාව ඔපරේෂන් කරන්න වගේ හදන්නේ..

"හලෝ මේ.. මාව ඔපරේෂන් කරන්නද හදන්නේ..? මේ පොඩ්ඩක් හීරිලා විතරයි.."

"ඔය තුවාලෙට බෙහෙත් දාන්න හංසි.. මං කකුල තවන්න උණු වතුර ටිකක් අරන් එන්නම්.."

අක්කා එළියට ගියා විතරයි හංසි කාමරේ ඉද්දිම මං තුවාය උඩින් සරම දාගත්තා. අම්මත් මට තේ එකක් ගෙනත් දීලා මගේ වටේ කැරකි කැරකි ඉදලා ගියා..

"මේ ඇදෙන් ඉදගන්න මල්ලි.."

හංසිත් ඇවිත් ඇදේ කොනක ඉදගෙන අර බඩු සේරම ළගට අරන් හිමීට තුවාලෙ සුද්ද කරලා බෙහෙත් දැම්මා. සැරෙන් සැරේ මූණ දිහා බලද්දියි මං දැක්කෙ එයාගෙ ඇස්වල කදුළු.

"හංසි අක්කෙ ඔයා අඩනවද..?"

"නෑ මල්ලි.. මං මොකටද අඩන්නේ.."

එහෙම කියලා එයා දිග හුස්මක් පිට කලා. අක්කා උණු වතුර එකකුත් අරන් එතනට ආපු නිසා අපේ කතාව එතනින් නතර උනා.

"බෙහෙත් දාලා ඉවර නම් මං කකුල තවන්නම්.."

"එපා නිශා.. දෙන්න මංම කරන්නම්.."

හංසි අක්කත් බලෙන්ම බාර ගත්තම අක්කා ගියා මට බත් එකක් බෙදාගෙන එන්න. මගේ මූණ දිහා බලලා එයා සරම දණහිස ළගමට නැව්වා. ඊට පස්සෙ කකුල තවන්න සර්වියට එක තිබ්බා විතරයි මට කෑගැහුනා ඉබේටම..

"සොරි මල්ලි ඔයාට රිදුනද..?"

"රිදුනෙ නෑ පිච්චුනා.."

එයා තවලා වින්ටජිනෝ ගාලා රත්වෙන්න අතගාද්දි මට මාර සනීපයක් දැනුනේ.

"මල්ලි මේක කොහොමද උනේ. .? ඔයා ඉනිමගකින් වැටිලා නෙමේ නේද..?"

මේකිට දිවැස් තියෙනවා.. හැබැයි ඉතිං අපි මොන කතාව පටන් ගත්තත් අක්කා උදැල්ලක් උස්සං මැද්දට පනිනවා. ඒ පාර තඩි බත් එකක් බෙදාගෙන එනවා. මේ දැන් තේ එක බීලා ඉවර උනා විතරයි.

"අපේ නර්ස් නෝනගෙ වැඩ ඉවරයි නේද..? එන්න මල්ලි මං ඔයාට බත් කවන්න.."

මට තිබුණෙ පුදුම සැපක්.. අක්කා බත් කවලා වතුර එකත් අතට දීලා ගියාම තාත්තා කාමරේ.. මට ඉක්මනට නිදාගන්න කියලා එයා ලයිට් ඕෆ් කරලම ගියා..

උදේ නැගිටිද්දි කකුල උලුක් වෙච්ච එක ටිකක් තිබුණට දණිස්ස නං හොද වෙලා. හංසිගෙ වෙදකමේ බලය තමයි ඉතිං..

"මල්ලි ඊයෙ රෑ ඔයා නිදාගත්තම අර සචිනි නංගි කෝල් කලා.."

"ඉතිං මොනාද කිව්වේ..?"

"ඔයාට කොහොමද බලන්නලු කතා කලේ.."

එහෙනම් අපේ කෙල්ලො ටිකටත් වැඩේ ලීක් වෙලා. අද ඉස්කෝලෙ ගිහින් බේරෙන්න බැරි වෙයි.

මගේ කකුල අප්සට් නිසා තාත්තා උදේ මාවයි හංසිවයි අපේ ඉස්කෝලෙට දාලා ගියේ. මං හංසි එක්ක හිමීට අපේ පංතියට යද්දි පංතියෙ දොරේ ලොකු කොලයක් අලවලා. අපි දෙන්නම ළං වෙලා ඒක කියෙව්වා.

අසව් අසව් බොල අලුත් කතාවක්

කනත්ත පාරේ සිද්ධ වුනේ.

වටේම පාළුයි හරිම කළුවරයි

කියන්නවත් බෑ බයයි අනේ.

ආර්ට් එකේ අර හැඩි දැඩි කොලුවා

ගියාලු දවසක් රෑ පානේ.

කනත්ත අයිනේ කොස් ගහ මුදුනෙන්

මහසෝනා බිම පැන්නලුනේ.

කොලුවා බයවෙලා හූ හඩ තියලා

යටි ගිරියෙන් කෑ ගැහුවාලූ.

සිහිනැති වීලා වතුර පොවාලා

යන්තම් පණ නල ගත්තාලූ.

ජරමර අස්සේ අඩු බඩු කැඩිලා

මහසෝනත් බිම වැටිලාලූ.

කෙදිරිය ඇහිලා ලංවී බැලුවම

මහසෝනව අදුනනවාලූ.

ඩබල නැගිටලා දූවිලි පිහලා

කරටත් අත දා ගත්තාලූ.

කොලුවට ෆිවර් යකා ඉන්ජර්ඩ්

කතාව උන් යට ගැහුවාලූ.

දැන් ඉතිං කාපංකො ටිං කිරි. ඔය තියෙන්නෙ තොරණෙ විස්තරේ අපූරුවට කවියන නගලා. මේකනම් විහගයගෙම වැඩක් වෙන්න ඕන. හංසි කවි ටික සේරම කියවලා මං දිහාට හැරුණා.

"ඊයෙ කාමරේ තිබුණ ඇදුම් බෑග් එක දැක්කම ඔය ඉන්ජර්ඩ් වෙච්ච යකා මොකාද කියලා හිතාගන්න පුළුවන්."

අන්තිමට මටත් උනෙ අර ඇටිකෙහෙල් කාපු උගුඩුවට වෙච්ච දේ. බඩුත් එක්ක හොරු අහුවෙලා ඉද්දි තව මොන කතාද..

"සොරි අක්කේ, ඕක අපි ඊයේ එකෙක්ව බය කරන්න ජොලියට කරපු වැඩක්.."

"ජොලියට කරා වගේ නෙමෙයි දැන් විදවන්න වෙලා තියෙන්නෙ මහසෝනටනේ.."

යකඩෝ..! ඒපාර ඒකිත් මට මහසෝනලු. හැබැයි ඉතිං වැඩය සද්ද දැම්මොත් නිව්ස් එක ගෙදරටත් යයි. ඒක හින්දා මං ගෙදර සීනි බෝතලේට බැහැලා අම්මට මාට්ටු වෙච්චි පොඩි එකා වගේ ටිකිරි හිනාවක් දාලා ෂේප් උනා. තාත්තා ගෙනත් ඇරලපු නිසා අද කලින් ආවට රවුමක් දානන් යන්න තරම් කකුල ෆිට් නෑ. ඒ නිසා හංසි ගියාට පස්සෙ මං පුටුවක් ඇදලා අරන් ඉදගත්තා.

"ආ..... මහසෝනා උඹ අද කලින් ආවද..?"

කොහෙද ඉදලා ආපු විහගයා පල් එක දාද්දි මට තද උනා..

"උඹට සපෝට් කරන්න තමා යකෝ මං මහසෝනා උනේ.. නැත්නම් උඹේ රුපියල් දාහකටත් තට්ටුයි.."

"හරි හරි මචං කූඩ් ඩවුන්..."

ඔන්න එතකොටම සචිනි එනවා කොරිඩෝ එක දිගේ පැයට හැටයි ගැලුමට හැත්තෑවයි වගේ වේගෙන්. ඒකි කෙලින්ම ආවෙ මගේ ළගට. පංතියෙ තව ළමයි තුන් හතර දෙනෙක් ඉද්දිම ඒකි මගෙ අතින් අල්ලගත්තා. ඊට පස්සෙ වැලමිට පැත්ත හරවලා තුවාලෙ දිහා බැලුවා. ඒත් හංසි බෙහෙත් දාලා නිසා එයාට තුවාලෙ පේන්නෙ නෑ.

"මොකද උනේ කියලා මං අහන්නෙ නෑ රන්දු.. මට සේරම ආරන්චියි.."

"කවුද කිව්වේ..?"

"කවුරු හරි කිව්වනේ.. කතන්දරේ ඔය දොරෙත් ගහලා තියෙන්නේ.. අනික සාරංටත් උණ හැදිලලුනේ.."

මං විහගයා දිහා බැලුවා. ඌත් කසාය බීපු ගොලුවා වගේ..

"තාම රිදනෙවද..?"

සචී ආයෙත් ඇහුවා..

"තුවාලෙ නම් රිදෙන්නෑ වැඩිය.. ඒත් කකුල උලුක් වෙලා ඒක ටිකක් රිදනෙවා.."

"කකුල දෙන්න මං වින්ටෝජිනෝ ගාන්නම්.."

කොහොමත් නිවුන්නු අතගාපුවම ඉක්මනට හොදවෙනවා කියලා කතාවකුත් තියෙනවනේ. සචිනි අතගාද්දිම නිකම්ම හොදවෙයි. කෙල්ල බෑග් එක ඇරලා වින්ටජිනෝ ටියුබ් එක අතට ගත්තා.

"ඔයාගෙ බෑග් එකේ වින්ටජිනෝ තියෙනවද..?"

"ගෙදර අල්මාරියෙත් තියෙනවා.."

මගේ ප්රශ්නෙට උත්තර දුන්නෙ විහග. සපත්තුව ගලවලා සචී කකුලට වින්ටජිනෝ ගාද්දි නිරෝධ පන්තියට ආවා. අපි දෙන්නව දැක්කා විතරයි මේකා අනිත් අතට වාෂ්ප උනා. හේතුව ඉතිං අපි කවුරුත් දන්නවනේ..

"හේෂාන් අයියේ, සචිනි අක්කට කුමුදු මිස් එන්න කිව්වා.."

පංතියට දුවගෙන ආපු පොඩි එකෙක් ඒක සචිනිට නොකියා මට කිව්වෙ ඇයිද දන්නෑ. ඒත් සචී වැඩේ ඉවර කරලම තමයි නැගිට්ටේ..

"රන්දු උඹට සචීගෙ වෙනසක් දැනෙන්නැද්ද..?"

කෙල්ල ගියා විතරයි විහග ඇහුවෙ ඒක හෙන සීරියස් මූඩ් එකකින්. මං හිතුවෙ සචීගෙ වෙනස දැනෙන්න ඇත්තෙ මට විතරයි කියලා.

"ඇයි උඹ එහෙම ඇහුවේ..?"

"නෑ ඉතිං අර කතාවක් තියෙනවනේ, ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියලා.."

"ඇයි ඒකි කහිනවා උඹට ඇහුනද..?"

"නෑ මට හිතෙන්නෙ කෙල්ලට තියෙන්නෙ අනිත් ලෙඩේ.."

ආදරේ විහිලුවක් කියලා හිතන විහගට එහෙම කෙනෙක්ගෙ ආදරයක් දැනුන එකත් පුදුමයක්. ඒත් සචීගෙ හිත මට තාම තේරෙන්නෙ නෑ.

"අපි ඕවා ගැන පස්සෙ කතා කරමු.. යං අද වැඩ ගොඩක් තියෙනවා.."

අපි මුලින් ගියේ ආර්ට් ක්ලාස් එක පැත්තට. යද්දි සාරංග ඉන්නවා කොරිඩෝ එක දිහා බලාගෙන.

"ගුඩ් මෝනිං මචං..."

"ආ... ගුඩ් මෝනිං.. ඊයෙ අවුලක් නැතුව නිදාගත්තද..?"

මූ මොකද මන්දා උදේ පාන්දර එහෙම ප්රශ්නයක් ඇහුවේ. මාව තුවාල වෙලා තියෙනවා දකිද්දි පොරට පොඩි ජොලියකුත් ඇති.

"උඹ තරහද බං.."

"පිස්සුද..? කවුද ඕවා ගණන් ගන්නේ.."

ගණන් නොගත්තට තාම කොල්ලගෙ උණ බැහැලා නෑ. මේ වැඩෙන් අපි කට්ටියම මට්ටු උන නිසා කවුරුවත් ඒ ගැන වැඩිය කතා කලේ නෑ. අපි මේන් හෝල් එක පැත්තට යද්දි දැක්කා අපේ පංතියෙ දොරේ ගහලා තිබුණ කවියම නෝටිස් බෝඩ් එක ළගත් ගහලා තියෙනවා. සාරංග ඒ කොලේ ගලවලා අරන් ඉරලා දැම්මා..

අද නම් ඉස්කෝලෙ කානිවල් එකක් වගේ.. ළමයි පාට පාට ඇදුම් ඇදගෙන නටනවා. සිංදු කියනවා.. කවුරුවත් විහිලුවකටවත් පොතක් අතේ තියන් ඉන්නවා පේන්නෑ..

"හේෂාන්.. මොකද පුතා ඔය අතට වෙලා තියෙන්නේ..?"

මාව දැකපු ගමන් ප්රින්ස් පුදුම වෙලා වගේ ඇහුවා. ඉතිං ඊයෙ හවසත් මං හොදට හිටියනේ..

"ඊයෙ යද්දි වැටුනා සර්.."

"හෙට ඔයාට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවනේ.."

"එච්චර අමාරුවක් නෑ සර්.. මට පුළුවන්.."

[QUOTE="crazybuddy, post: 12421085, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"මචං මං දැන් යන්න ඕන.. උඹලා අර වැඩේට යනවා නේද..?"[/COLOR][/B] [B][COLOR=#783f04]මං අපේ කට්ටියයි සාරංගයි සේරම ඉන්න තැන ඇහුවා. සාරංග විහගගෙ මූණ බැලුවෙ අද වැඩේ කරනවද කියලා දැනගන්න..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔව් ඔව් මූ අද රෑට රෙකෝඩ් එක තියනවලු.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]සාරංගටත් කලින් විහග කිව්වා. ඔට්ටුවෙ හැටියට විහග පැරදුනොත් ඌ සාරංගට රුපියල් දාහක් දෙන්න ඕන. සාරංගත් හා කිව්වෙ ගාණ ටිකක් බර නිසා. ඒ වගේම තමයි විහගත් වැඩේ ඇරියෙ නෑ. ඌ අර යක් මූණත් ගෙනත් මට දුන්නා. සාරංගට හොරෙන් උන්ට බායි පාරක් දාලා මං ඇදුම් බෑග් එකත් අරන් ෂෝටා එක්ක පාරට ආවා. අපි දෙන්නා කනත්ත පාරට හැරෙද්දි ඒ හරියෙ හිටපු මිනිස්සු පුදුම වෙලා වගේ අපි දිහා බැලුවේ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මචං මේ හරියෙන් එහාට කට්ට කළුවරයි බං.. ලයිට් කණුවක්වත් නෑනේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ෂෝටගෙ කටහඩත් ටිකක් විතර වෙව්ලනවා. ඌට නොපෙන්නුවට මගේ හිතටත් නිකං කුච් කුච් හෝතාහේ වගෙ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බය වෙන්නෙපා බොල අපි දෙන්නම යනවනේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]හතහමාර පහුවෙද්දි අප කනත්ත හරියට ගියා. පාර එක පැත්තක දිගටම කනත්ත. අනිත් පැත්ත නතිකරම කැලෑව වගේ. ගෙවල් එකක්වත් නෑ. මං ඇදගෙන හිටපු කිට් එක උඩින්ම අර කළු ටී ෂර්ට් එකයි කලිසමයි දා ගත්තා. සායත් ඇදලා අර බලි ඔලුවත් රිංග ගත්තම මගේ ඇස් දෙක විතරයි එළියට පෙනුනේ. ෂෝටයි මමයි දෙන්නම ටෝච් දෙකක් අරන් ආව නිසා වැඩිය අවුලක් නෑ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මට උඹ දිහා බලන්නත් බයයි බං.. දැන් නම් උඹ සිරාවටම යකෙක් වගේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා මූ මට කොස් ගහට නගින්න සප් එක දුන්නා..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මේ උඹ උඩ ඉදලා හයියෙන් අල්ලන් ඉදපං.. බැරිවෙලාවත් මගෙ ඇගට නම් වැටෙන්න එපා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ෂෝටගෙ බය දැන් පිටාර ගලනවා. මට සේරටම වඩා මාර රස්නයක් දැනුනේ. ඇයි දෙයියනේ ඇදුම් තොගයක් ඇදලා සපත්තු දාලා, රබර් ඔළුවකුත් බස්ස ගත්තාම කොහොම ඉන්නද..?[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කෝ බං, අටටත් කිට්ටු ඇති.. මුං තාම නෑනේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම කිව්වට මුගෙන් උත්තර නෑ. පොර ගහ යට නිදිද මන්දා..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ෂෝටා උඹ ඉන්නවා නේද ඔතන..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඉන්නවා බං ඉන්නවා.. ඒත් මට උඩ බලන් ඉන්න නම් කියන්න එපා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මූ ගම්මිරිස් ඇටේ වගේ ගහ මුල ගුලිවෙලා. එතකොටම පාර උඩහ ඉදලා ත්රීවිල් එකක් ගිහින් කනත්ත ඉවර වෙන හරියෙ නතර කලා. ඒ ආවෙ විහගයි, නිරෝධයි, දිනුකයි වෙන්න ඕන. තව ටිකකින් උඩහ ඉදලා සාරංගයා පාර දිගේ එයි. උන්ව බස්සලා ත්රීවිල් කාරයා යන්න ගියා. දැන්නං පස් දෙනාම පේන හරියෙ ඉන්න නිසා වැඩි බයක් නෑ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මචං ඈත එකෙක් එනවා පේනවා.. ඒ සාරංග වෙන්න ඇති.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මං ෂෝටට කියද්දි ඌ පේනනේ නැති වෙන්න ටක් ගාලා ගහට කවර් උනා. තව විනාඩි පහකින් විතර ඒ ආපු එකා අපි ඉන්න කිට්ටුවටම ආවා. ඌ හයියෙන් මොනවද කියව කියව ආවෙ. ළගට එද්දි ඒ සාරංගගෙ කටහඩ කියලා මං අදුන ගත්තා. ඌ හයියෙන් කියව කියව ආවෙ ඉතිපිසෝ ගාථාව. මහලොකු චන්ඩියා.. පොර කොස් ගහ පහු කරද්දිම මං එක පාරට මහ හයියෙන් හූවක් කියලා උගේ ඇගට පැන්නා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බුදු අම්මෝ.................."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]සාරංග බිම.. කිසිම සද්දයක් නෑ.. අපේ කට්ටිය සේරම ටෝච් පත්තු කරගෙන එතනට දුවගෙන ආවා. ඒත් පැනපු පාරට මගේ කකුල මොකක්ද වෙලා. නැගිටින්න බෑ වගේ.. [/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඒයි මූට සිහිය නැතිවෙලා බං... සාරංග.. සාරංග..."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]විහග ටක් ගාලා වතුර බෝතලයක් උගේ මූණට හැලුවා. එතකොටම ට්රැක්ටරයක සද්දෙ ඇහිලා බලද්දි අර අන්කලුත් එතනට ඇවිත්.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මෙහේට ළමයි කට්ටියක් ගියා තාම ආවෙ නෑ කියලා පාරෙ මිනිස්සු කියද්දි මට නිකමට හිතුනා මහත්තයලා වෙන්න ඇති කියලා. මොකද මේ අවේලාවේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අන්කල් ආපු එක හොදයි.. නැත්නම් අපිට යන්න වෙන්නෙ පයින් තමයි. මං කකුල ගසලා නැගිටිද්දි අංකල් මාව දැක්කේ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කිරි අප්පොච්චියේ........ මහත්තයා මේං මං ගියා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අන්කල් අර මලකඩ හැලෙන ට්රැක්ටරේ විදගෙන ගියේ සුපර් ක්රෝස් තරගෙකට එළවනවා වගේ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"යකෝ දැන්වත් ඔය මගුල ගලවපං.. අපරාදෙ අර මනුස්සයත් බයවෙලා ගියානේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]නිරෝධ මගෙ ඔළු බක්කා ඇදලා ගලවපුවාම සාරංග හොදට මගේ මූණ දිහා බැලුවා. හොදට බලපං කියන්න වගේ ෂෝටා මගේ මූණටම ටෝච් එක අල්ලුවා. මාව දැක්කම සාරංගට හිතුනෙ මොනවද කියලා දන්නෙ ඉතින් උඹ තමා. හැබැයි පොර තාම බයවෙලා වචනයක්වත් කතා කලේ නෑ. කට්ටිය සාරංගව අල්ලලා නැගිට්ටුවා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මාවත් නැගිට්ටපං බං.. මගේ කකුලට මොකක්ද වෙලා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අරුන් මාව නැගිට්ටුවට පස්සෙ මං මහසෝනා කිට ගලවලා දැම්මා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඌයි බං... මගේ අතත් රිදෙනවා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මං කෙදරි ගාද්දි ෂෝටා මගේ වැළමිටට ටෝච් එක ඇල්ලුවා.. වැලමිට හීරිලා ලේ එනවා..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඒයි මේ බලපංකෝ බං.. වැඩිපුර ඩැමේජ් මහසෝනටනේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මුන්ට නං හිනා.. මගේ කකුලත් උලුක් වෙලා. මං සාරංගගෙ කරට අත දාගත්තම මට දැනුනා උගේ ඇග පොඩ්ඩක් රස්නෙයි කියලා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඒයි සාරංග උඹ බය උනාද...? උඹට හොදටම උණ නේ බං.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මූත් ලාවට හිනාවෙලා මගේ අත අල්ලගත්තා. බයවෙච්ච පාරට ඌට වචනත් අමතක වෙලා. අපි මහපාරට ඇවිත් දෙපැත්තට බෙදිලා ත්රීවිල් වල ගියේ. සාරංගව ගෙදරට දාන්න දිනූක බාරගත්තා. විහගලා මාව අපේ ගෙදරටම බස්සලා ගියේ. මං නොන්ඩි ගහ ගහ ගෙට යද්දි අපේ අක්කයි හංසියි දෙන්නම බයවෙලා දුවන් ආවා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"අම්මේ.. අම්මේ... මේහෙ එන්නකෝ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මොකද හලෝ බෙරිහන් දෙන්නේ..? මට මුකුත් වෙලා නෑ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අක්කා බොරුවට බයවෙලා ගේ ඇතුළට ගියාමයි දැක්කේ. මගෙ වැලමිට විතරක් නෙමෙයි දණිස්සකුත් රතුවෙලා ඉදිමිලා ඇවිත්..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මොකද මල්ලි උනේ..? ඔයා වැටුනද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. අර ගේට් එක ගාව වයර් එකක් අදින්න ගිහින් ඉනිමග පෙරලුනා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මං අම්මයි තාත්තයි දකින්න කලින් ටක් ගාලා බාත් රූම් එකට රිංග ගත්තා. අනිද්දා කලා උළෙලට ඉන්න වෙන්නෙ තනි කකුලෙන් තමා. අනුන්ව බය කරන්න ගියාට මේවා හොද පාඩම්. මං තුවාය ඇදගෙන කාමරේට එද්දි අක්කලා ඩබලම කාමරේ. වින්ටජිනෝ, කතුරු, පුළුන්, පාස්ටර්, බැන්ඩේජ්. බුදු අම්මෝ මුන් දෙන්නා මාව ඔපරේෂන් කරන්න වගේ හදන්නේ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"හලෝ මේ.. මාව ඔපරේෂන් කරන්නද හදන්නේ..? මේ පොඩ්ඩක් හීරිලා විතරයි.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔය තුවාලෙට බෙහෙත් දාන්න හංසි.. මං කකුල තවන්න උණු වතුර ටිකක් අරන් එන්නම්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අක්කා එළියට ගියා විතරයි හංසි කාමරේ ඉද්දිම මං තුවාය උඩින් සරම දාගත්තා. අම්මත් මට තේ එකක් ගෙනත් දීලා මගේ වටේ කැරකි කැරකි ඉදලා ගියා.. [/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මේ ඇදෙන් ඉදගන්න මල්ලි.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]හංසිත් ඇවිත් ඇදේ කොනක ඉදගෙන අර බඩු සේරම ළගට අරන් හිමීට තුවාලෙ සුද්ද කරලා බෙහෙත් දැම්මා. සැරෙන් සැරේ මූණ දිහා බලද්දියි මං දැක්කෙ එයාගෙ ඇස්වල කදුළු.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"හංසි අක්කෙ ඔයා අඩනවද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"නෑ මල්ලි.. මං මොකටද අඩන්නේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා එයා දිග හුස්මක් පිට කලා. අක්කා උණු වතුර එකකුත් අරන් එතනට ආපු නිසා අපේ කතාව එතනින් නතර උනා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බෙහෙත් දාලා ඉවර නම් මං කකුල තවන්නම්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එපා නිශා.. දෙන්න මංම කරන්නම්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]හංසි අක්කත් බලෙන්ම බාර ගත්තම අක්කා ගියා මට බත් එකක් බෙදාගෙන එන්න. මගේ මූණ දිහා බලලා එයා සරම දණහිස ළගමට නැව්වා. ඊට පස්සෙ කකුල තවන්න සර්වියට එක තිබ්බා විතරයි මට කෑගැහුනා ඉබේටම..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"සොරි මල්ලි ඔයාට රිදුනද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"රිදුනෙ නෑ පිච්චුනා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]එයා තවලා වින්ටජිනෝ ගාලා රත්වෙන්න අතගාද්දි මට මාර සනීපයක් දැනුනේ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි මේක කොහොමද උනේ. .? ඔයා ඉනිමගකින් වැටිලා නෙමේ නේද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මේකිට දිවැස් තියෙනවා.. හැබැයි ඉතිං අපි මොන කතාව පටන් ගත්තත් අක්කා උදැල්ලක් උස්සං මැද්දට පනිනවා. ඒ පාර තඩි බත් එකක් බෙදාගෙන එනවා. මේ දැන් තේ එක බීලා ඉවර උනා විතරයි.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"අපේ නර්ස් නෝනගෙ වැඩ ඉවරයි නේද..? එන්න මල්ලි මං ඔයාට බත් කවන්න.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මට තිබුණෙ පුදුම සැපක්.. අක්කා බත් කවලා වතුර එකත් අතට දීලා ගියාම තාත්තා කාමරේ.. මට ඉක්මනට නිදාගන්න කියලා එයා ලයිට් ඕෆ් කරලම ගියා..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]උදේ නැගිටිද්දි කකුල උලුක් වෙච්ච එක ටිකක් තිබුණට දණිස්ස නං හොද වෙලා. හංසිගෙ වෙදකමේ බලය තමයි ඉතිං..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි ඊයෙ රෑ ඔයා නිදාගත්තම අර සචිනි නංගි කෝල් කලා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං මොනාද කිව්වේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට කොහොමද බලන්නලු කතා කලේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් අපේ කෙල්ලො ටිකටත් වැඩේ ලීක් වෙලා. අද ඉස්කෝලෙ ගිහින් බේරෙන්න බැරි වෙයි.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මගේ කකුල අප්සට් නිසා තාත්තා උදේ මාවයි හංසිවයි අපේ ඉස්කෝලෙට දාලා ගියේ. මං හංසි එක්ක හිමීට අපේ පංතියට යද්දි පංතියෙ දොරේ ලොකු කොලයක් අලවලා. අපි දෙන්නම ළං වෙලා ඒක කියෙව්වා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අසව් අසව් බොල අලුත් කතාවක්[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කනත්ත පාරේ සිද්ධ වුනේ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]වටේම පාළුයි හරිම කළුවරයි[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කියන්නවත් බෑ බයයි අනේ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ආර්ට් එකේ අර හැඩි දැඩි කොලුවා[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ගියාලු දවසක් රෑ පානේ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කනත්ත අයිනේ කොස් ගහ මුදුනෙන්[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මහසෝනා බිම පැන්නලුනේ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කොලුවා බයවෙලා හූ හඩ තියලා[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]යටි ගිරියෙන් කෑ ගැහුවාලූ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]සිහිනැති වීලා වතුර පොවාලා[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]යන්තම් පණ නල ගත්තාලූ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ජරමර අස්සේ අඩු බඩු කැඩිලා[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මහසෝනත් බිම වැටිලාලූ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කෙදිරිය ඇහිලා ලංවී බැලුවම[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මහසෝනව අදුනනවාලූ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ඩබල නැගිටලා දූවිලි පිහලා[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කරටත් අත දා ගත්තාලූ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කොලුවට ෆිවර් යකා ඉන්ජර්ඩ්[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කතාව උන් යට ගැහුවාලූ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]දැන් ඉතිං කාපංකො ටිං කිරි. ඔය තියෙන්නෙ තොරණෙ විස්තරේ අපූරුවට කවියන නගලා. මේකනම් විහගයගෙම වැඩක් වෙන්න ඕන. හංසි කවි ටික සේරම කියවලා මං දිහාට හැරුණා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඊයෙ කාමරේ තිබුණ ඇදුම් බෑග් එක දැක්කම ඔය ඉන්ජර්ඩ් වෙච්ච යකා මොකාද කියලා හිතාගන්න පුළුවන්."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අන්තිමට මටත් උනෙ අර ඇටිකෙහෙල් කාපු උගුඩුවට වෙච්ච දේ. බඩුත් එක්ක හොරු අහුවෙලා ඉද්දි තව මොන කතාද..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"සොරි අක්කේ, ඕක අපි ඊයේ එකෙක්ව බය කරන්න ජොලියට කරපු වැඩක්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ජොලියට කරා වගේ නෙමෙයි දැන් විදවන්න වෙලා තියෙන්නෙ මහසෝනටනේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]යකඩෝ..! ඒපාර ඒකිත් මට මහසෝනලු. හැබැයි ඉතිං වැඩය සද්ද දැම්මොත් නිව්ස් එක ගෙදරටත් යයි. ඒක හින්දා මං ගෙදර සීනි බෝතලේට බැහැලා අම්මට මාට්ටු වෙච්චි පොඩි එකා වගේ ටිකිරි හිනාවක් දාලා ෂේප් උනා. තාත්තා ගෙනත් ඇරලපු නිසා අද කලින් ආවට රවුමක් දානන් යන්න තරම් කකුල ෆිට් නෑ. ඒ නිසා හංසි ගියාට පස්සෙ මං පුටුවක් ඇදලා අරන් ඉදගත්තා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ආ..... මහසෝනා උඹ අද කලින් ආවද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කොහෙද ඉදලා ආපු විහගයා පල් එක දාද්දි මට තද උනා..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"උඹට සපෝට් කරන්න තමා යකෝ මං මහසෝනා උනේ.. නැත්නම් උඹේ රුපියල් දාහකටත් තට්ටුයි.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි මචං කූඩ් ඩවුන්..."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ඔන්න එතකොටම සචිනි එනවා කොරිඩෝ එක දිගේ පැයට හැටයි ගැලුමට හැත්තෑවයි වගේ වේගෙන්. ඒකි කෙලින්ම ආවෙ මගේ ළගට. පංතියෙ තව ළමයි තුන් හතර දෙනෙක් ඉද්දිම ඒකි මගෙ අතින් අල්ලගත්තා. ඊට පස්සෙ වැලමිට පැත්ත හරවලා තුවාලෙ දිහා බැලුවා. ඒත් හංසි බෙහෙත් දාලා නිසා එයාට තුවාලෙ පේන්නෙ නෑ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මොකද උනේ කියලා මං අහන්නෙ නෑ රන්දු.. මට සේරම ආරන්චියි.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කවුද කිව්වේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කවුරු හරි කිව්වනේ.. කතන්දරේ ඔය දොරෙත් ගහලා තියෙන්නේ.. අනික සාරංටත් උණ හැදිලලුනේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මං විහගයා දිහා බැලුවා. ඌත් කසාය බීපු ගොලුවා වගේ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"තාම රිදනෙවද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]සචී ආයෙත් ඇහුවා.. [/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"තුවාලෙ නම් රිදෙන්නෑ වැඩිය.. ඒත් කකුල උලුක් වෙලා ඒක ටිකක් රිදනෙවා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කකුල දෙන්න මං වින්ටෝජිනෝ ගාන්නම්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කොහොමත් නිවුන්නු අතගාපුවම ඉක්මනට හොදවෙනවා කියලා කතාවකුත් තියෙනවනේ. සචිනි අතගාද්දිම නිකම්ම හොදවෙයි. කෙල්ල බෑග් එක ඇරලා වින්ටජිනෝ ටියුබ් එක අතට ගත්තා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙ බෑග් එකේ වින්ටජිනෝ තියෙනවද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ගෙදර අල්මාරියෙත් තියෙනවා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මගේ ප්රශ්නෙට උත්තර දුන්නෙ විහග. සපත්තුව ගලවලා සචී කකුලට වින්ටජිනෝ ගාද්දි නිරෝධ පන්තියට ආවා. අපි දෙන්නව දැක්කා විතරයි මේකා අනිත් අතට වාෂ්ප උනා. හේතුව ඉතිං අපි කවුරුත් දන්නවනේ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"හේෂාන් අයියේ, සචිනි අක්කට කුමුදු මිස් එන්න කිව්වා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]පංතියට දුවගෙන ආපු පොඩි එකෙක් ඒක සචිනිට නොකියා මට කිව්වෙ ඇයිද දන්නෑ. ඒත් සචී වැඩේ ඉවර කරලම තමයි නැගිට්ටේ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"රන්දු උඹට සචීගෙ වෙනසක් දැනෙන්නැද්ද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කෙල්ල ගියා විතරයි විහග ඇහුවෙ ඒක හෙන සීරියස් මූඩ් එකකින්. මං හිතුවෙ සචීගෙ වෙනස දැනෙන්න ඇත්තෙ මට විතරයි කියලා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඇයි උඹ එහෙම ඇහුවේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"නෑ ඉතිං අර කතාවක් තියෙනවනේ, ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියලා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඒකි කහිනවා උඹට ඇහුනද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"නෑ මට හිතෙන්නෙ කෙල්ලට තියෙන්නෙ අනිත් ලෙඩේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ආදරේ විහිලුවක් කියලා හිතන විහගට එහෙම කෙනෙක්ගෙ ආදරයක් දැනුන එකත් පුදුමයක්. ඒත් සචීගෙ හිත මට තාම තේරෙන්නෙ නෑ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"අපි ඕවා ගැන පස්සෙ කතා කරමු.. යං අද වැඩ ගොඩක් තියෙනවා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අපි මුලින් ගියේ ආර්ට් ක්ලාස් එක පැත්තට. යද්දි සාරංග ඉන්නවා කොරිඩෝ එක දිහා බලාගෙන.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ගුඩ් මෝනිං මචං..."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ආ... ගුඩ් මෝනිං.. ඊයෙ අවුලක් නැතුව නිදාගත්තද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මූ මොකද මන්දා උදේ පාන්දර එහෙම ප්රශ්නයක් ඇහුවේ. මාව තුවාල වෙලා තියෙනවා දකිද්දි පොරට පොඩි ජොලියකුත් ඇති.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"උඹ තරහද බං.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"පිස්සුද..? කවුද ඕවා ගණන් ගන්නේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ගණන් නොගත්තට තාම කොල්ලගෙ උණ බැහැලා නෑ. මේ වැඩෙන් අපි කට්ටියම මට්ටු උන නිසා කවුරුවත් ඒ ගැන වැඩිය කතා කලේ නෑ. අපි මේන් හෝල් එක පැත්තට යද්දි දැක්කා අපේ පංතියෙ දොරේ ගහලා තිබුණ කවියම නෝටිස් බෝඩ් එක ළගත් ගහලා තියෙනවා. සාරංග ඒ කොලේ ගලවලා අරන් ඉරලා දැම්මා.. [/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]අද නම් ඉස්කෝලෙ කානිවල් එකක් වගේ.. ළමයි පාට පාට ඇදුම් ඇදගෙන නටනවා. සිංදු කියනවා.. කවුරුවත් විහිලුවකටවත් පොතක් අතේ තියන් ඉන්නවා පේන්නෑ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"හේෂාන්.. මොකද පුතා ඔය අතට වෙලා තියෙන්නේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මාව දැකපු ගමන් ප්රින්ස් පුදුම වෙලා වගේ ඇහුවා. ඉතිං ඊයෙ හවසත් මං හොදට හිටියනේ.. [/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඊයෙ යද්දි වැටුනා සර්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"හෙට ඔයාට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවනේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එච්චර අමාරුවක් නෑ සර්.. මට පුළුවන්.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom