Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශී‍්‍ර ලංකා පිලේ විශිෂ්ටතම සංදර්ශනය

2014-04-10 13:01:43 | දමින්ද විජේසූරිය

ලෝක කි‍්‍රකට් නායකයෝ ඇතැමෙක් ඇදහිය නොහැකි තරමේ දුර දක්නා නුවණින් යුතු වූවෝ වෙත්. කිසියම් තීරණාත්මක තරගයකදී ලබන පරාජයෙන් අනතුරුව, තමන්ගේ පරාජයට හේතු දැක්වීම පසෙක තිබියදී ජයග්‍රාහී කණ්ඩායමේ දස්කම් අගයමින් ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශයන් යථාර්ථයක් වන්නේ පුදුමාකාර අන්දමිනි.

වසර 1996 පෙබරවාරි - මාර්තු මාස වලදී පැවැති ‘විල්ස්’ ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යානු පිල විසින් ඒ වන විට ලෝකයේ ප්රබලතම කණ්ඩායමක් වූ බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 73 කින් පරාජය කරන ලද්දේ කි‍්‍රකට් ලෝකයම සළිත කරමිනි. තරගාවලිය පිළිබඳ මහත් බලාපොරොත්තු තබාගනිමින් ඊළ`ග තරගය සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි කෙන්යානු පිලට සිදුවූයේ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ලකුණු 398 ක් පූජා කරමින් ඒ වන විට පැවැති කි‍්‍රකට් වාර්තා අනුව එක්දින තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව තිළිණ කිරීමේ අපකීර්තිමත් ලෝක වාර්තාවකටද සම්මාදම් වීමටය.

තරගයෙන් අනතුරුව කෙන්යානු නායක මොරිස් ඔඩුම්බේ කදිම කතාවක් කීවේය.

”මේ (1996 දී) ශී‍්‍ර ලංකා කණ්ඩායම නම් පුදුමාකාරයි..මේ ලෝක කුසලාන තරගාවලියේදී මා මගේ බලාපොරොත්තු සියල්ලම ඔවුන් වෙත තබනවා. ඔවුන් මේ ලෝක කුසලාන දිනාගනීවි” යයි මහනුවරදී කිවේය. ඔඩුම්බේ එසේ කියන විට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වීමටත් දින තුනක් ඉතිරිවී තිබිණ.

අවසානයේදී මොරිස් ඔඩුම්බේගේ අනාවැකිය සනාථ කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම 1996 දී ලෝක කුසලාන දිනාගත්තේය.

එයින් වසර 18 කට පසුව, 2014 දී, විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙමින් තිබියදී කොහේදෝ සිට හමා ආ චණ්ඩ මාරුතයක්ද සමගින් අයිස් කැට සහිත මහා වරුසාවක් බංග්ලාදේශයේ ඩකා නුවර මීර්පූර් කී‍්‍රඩාංගණයට කඩා වැදිණ. එම චණ්ඩ මාරුතය සහ වර්ෂාව හේතුවෙන් තරගය අතර මැද නවතා දැමීමට සිදුවූයෙන් ඒ වනවිටත් වි:20 ලෝක කුසලානයේ හිමිකරුවන්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් පිලට ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත පරාජය පිළිගැනීමට සිදුවිය.

සම්පූර්ණ තරගයම නිමා නොකර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම පිළිබඳව විමසූ කල්හි කොදෙව් නායක ඩැරන් සැමී මෙහෙම කතාවක් කීවේය.

”මම මේ පරාජය බාරගන්නේ මේ විදිහටයි..ඔබ දන්නවා, අප ලෝක කුසලානයක් දිනලා තියෙනවා..”

”අප සාමාන්‍යයෙන් දෙවියන්ට යාඥා කරන කණ්ඩායමක්. දෙවියන් අපගේ යාඥාවන්ට කන්දෙනවා. ඒත් මේ වතාවේදීනම්, ශී‍්‍ර ලංකා කණ්ඩායමට විතරක් නොවේ පොදුවේ සමස්ත කි‍්‍රකට් කී‍්‍රඩාවටම මහත් සේවයක් කරපු ඒ මහත්වරුන් දෙන්නා (මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර) තමන්ගේ අවසාන ලෝක කුසලාන තරගාවලියේදී ඉහළම තැනට ඔසවා තියන්නට, දෙවියන් අදහස් කරන්නට ඇති”

”ඉතින් ඔවුන් දෙදෙනාට ලෝක කුසලානයක් දිනන්නට තවත් තරගයක්් තියෙනවා...බොහෝ වෙලාවට ඒ නිසා වෙන්න ඇති දෙවියන් මේ වෙලාවේ මේ තරගයට අත දැම්මේ” යයි ඩැරන් සැමී පැවසීය.

සැමීගේ අදහස් ටක්කෙටම නිවැරදි බව සනාථ කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම වි:20 ලෝක කුසලාන දිනාගත්තා පමණක් නොව, තරගාවලිය පුරාම ලකුණු සොයමින් අඳුරේ අතපත ගගා සිටි කුමාර් සංගක්කාර අවසන් මහ තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් නොදැවී ලකුණු 52 ක් ලබා ශී‍්‍ර ලංකා පිල ජයටැඹ කරාත් කැඳවාගෙන ගියේය. පළමු කඩුල්ල ලකුණු 5 දී බිඳ වැටුණු පසුව පිටියට පැමිණි මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 65 ක් වනතුරු පිටියේ රැඳෙමින් ජයමාවතේ දොරටු විවර කිරීමෙන් පසුව කී‍්‍රඩාගාරය බලා පියමං කළේය.

සංගක්කාර සහ මහේල දෙදෙනාම සිය අවසන් වි:20 අන්තර්ජාතික තරගයට සහභාගි වෙමින් සිටි අතර අවසන් තරගයට පෙර පැවැති තරග 5 කදීම සංගක්කාර ලබා සිටියේ ලකුණු 19 ක් පමණක් වුවද හෙතෙම අවසන් තරගයේ වීරයාද වූයේය.

වසර 2003 ලෝක කුසලාන තරගාවලියේ (දකුණු අපි‍්‍රකාවේදී) අවසන් පූර්ව වටයට පිවිසි දා සිටම දශකයකට වැඩි කාලයක් ලෝක කුසලානයක ජයපැන් බීමේ පවසින් පෙළෙමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙන්ම පොදුවේ ශී‍්‍ර ලාංකීය සමස්ත ජනතාවටත් ශී‍්‍ර ලංකා පිලේ ජයග්‍රහණය අමෘතය මෙන් රසවත් වූවාට සැක නැත.

එහි රසය වැඩියෙන් දැනෙන්නේ පිට පිටම උත්සාහයන් 4 ක් අසාර්ථක වීමෙන් පසුව පස්වැන්න සාර්ථක වීමෙනි. එයද ශී‍්‍ර ලාංකිකයන්ට වැඩියෙන්ම රිදවන ඉන්දියානුවන්ට එරෙහිව බැවිනි. වසර තුනකට ඉහතදී ලෝක කුසලාන ගිළිහී ගියේද ඉන්දියානුවන් හමුවේදීය.

ජයග්රහණයෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ශී‍්‍ර ලංකා නායක ලසිත් මාලිංග පවසා සිටියේ මෙම ජයග්‍රහණය තම කණ්ඩායම කැපවීමෙන් හා වෙහෙස මහන්සියෙන් ලබාගත් ජයග්‍රහණයක් මිස වාසනාව මත ලබාගත් දෙයක් නොවන බවයි.

වෙහෙස මහන්සිය සහ කැපවීමට අමතරව ඒ සඳහා නිසි සැලසුම් යොදාගත් බවද කි‍්‍රකට් කී‍්‍රඩාවේ දෙවැනි ලෝක කුසලාන ශී‍්‍ර ලංකාවට ගෙනැවිත් දුන් නායකයා පැවසීය.

”අපට තිසර පෙරේරා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වෙලාවේ අපට ඕවරයකදී ලකුණු 7.5 ක් විතර ලබාගත යුතුව තිබුණා.... තිසරට ඒ හැකියාව තියෙනවා, හතරේ සීමාවේ පන්දු රකින්නෙක් හිටියත් නැතත් සීමාවෙන් එළියට පන්දුව යවන්න තිසරට පුළුවන්..ඒ නිසා තමයි මම ඇන්ජලෝට ඉස්සරවෙලා තිසරව පිටියට යැව්වේ. ඔහු අප වෙනුවෙන් ඒ දේ කළා” යයි ඉන්දීය දග පන්දු යවන්නන් අතරේ ඉදිරියෙන්ම සිටින රවිචන්ද්‍රන් අශ්වින්ගේ හිසට ඉහළින් පන්දුව ලණුවෙන් එපිටට යැවූ තිසර සම්බන්ධයෙන් මාලිංග පැවසීය.

ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වුණේ අහම්බෙනි. එහෙත් කවුරුන් කොයි මොහොතේදී නායකයා වුවද කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගේ වචනයට අවනත වීමත් ඔවුන්ගේ ඔවදන් උවදෙස් නිහතමානීව පිළිගැනීමත් ශී‍්‍ර ලංකා පිලේ සාර්ථකත්වයයි.

”කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයාගේ සිට නවකයා දක්වා සෑම අයකුගෙන්ම උපරිම දායකත්වය ලබාගන්න ඕනෑම නායකයකුට පුළුවන්කම තියෙන්න ඕනෑ. කණ්ඩායමක් හොඳින් කටයුතු කරන්නේ එතකොටයි”

”ඒ වගේම සෑම නායකයෙක්ම ඔහුට කලින් සිටි නායකයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. අලූත් කී‍්‍රඩකයන් ඉදිරියේදී දක්ෂ නායකයන් වන්නේ එහෙමයි....මහේල ජයවර්ධන, කුමාර් සංගක්ාකර වගේ විශිෂ්ට නායකයන් වුණත් ඔවුන්ට කලින් සිටි අර්ජුන රණතුංග, සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු වගේ නායකයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මටත් පැරණි නායකයන්ගෙන් යමක් ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබුණා” යයි ලෝක කුසලාන දිනාගැනීමෙන් අනතුරුව 250 කට ආසන්න මාධ්‍යවේදීන් අත්පොළසන් මැද පුවත් පත් සාකච්ඡුාවට සහභාගි වීම සඳහා පැමිණි මාලිංග පැවසීය.

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලි දෙකක් අතරේදී වසර දෙකක කාලයක් පුරා ශී‍්‍ර ලංකා පිලේ ශ්‍රේණිගත ස්ථානය අංක 1 න් පහළට යැමට ඉඩ නොදුන් නායකයා වූ, තවමත් 24 හැවිරිදි චන්දිමාල් ගැනද ප්‍රසාදයෙන් යුතුව අදහස් දැක්වූ ලසිත් මාලිංග, වේග පන්දු යවන්නන් වෙනුවෙන් තමන් සාධාරණය ඉටුකළ බවද කියා සිටියේය.

”සමහරුන්ගේ විශ්වාසයක් තිබුණා වේග පන්දු යවන්නකුට කණ්ඩායමක නායකත්වය දරන්න බෑ කියා. ඒත් එය පුළුවන් බව මා පෙන්නුම් කළා”

”මා හිතනවා මම වේග පන්දු යවන්නන්ටත් සාධාරණය ඉටු කළාය කියලා” යයිද මාලිංග එම පුවත් පත් සාකච්ඡුාවේදී වැඩිදුරටත් පැවසීය.

මේ ආකාරයේ සමුගැනීමේ තරග සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම් වල සිටින සෙසු සාමාජිකයෝ විශේෂඥයෝ වෙති. වසර හතරකට ඉතහදී, මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා අවස්ථාවේදී, ගාල්ලේ පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ඔහුට ඉලක්කයක් තිබිණ. ඒ කඩුලූ 8 ක් ලබාගනිමින් 800 වැනි ටෙස්ට් කඩුල්ල දවාගැනීමයි. ඒ තරගයද ඉන්දියානු පිලට එරෙහිවම විය.

එම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ කඩුලූ 5 ක් දවාගත් මුරලිදරන් දෙවැනි ඉනිමේදී ඉතිරි කඩුලූ 3 දවාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 10 ක ජයක් කරා කැඳවාගෙන ගිය අතර දෙවැනි ඉනිමේදී ලසිත් මාලිංගගේ දායකත්වය ලකුණු 50 කට කඩුලූ 5 කි.

”සංගක්කාර සහ මහේල කියන්නේ මුත්තයියා මුරලිදරන් වගේම විශිෂ්ට කී‍්‍රඩකයන් දෙන්නෙක්. මුරලිට කඩුලූ 800 ක් ඕනෑ කළ වෙලාවේ ඒ දේ ලබාදෙන්න අපට පුළුවන් වුණා වගේම මේ අවස්ථාවේ මේ කී‍්‍රඩකයන් දෙදෙනා වෙනුවෙන් ලෝක කුසලානය දිනගන්න හැකිවුණා....මා හිතන්නේ එය ඔවුන්ට හොඳ තෑග්ගක් වේවි” යයිද මාලිංග පැවසීය.

ඉන්දීය ඉනිමේ අවසන් ඕවර 10 දී (පන්දු 60) ඉන්දීය පිතිකරුවන් ලකුණු 66 කට සීමා කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ලසිත් මාලිංග කියා සිටියේ අයි. පී. එල්. තරග සඳහා සහභාගි වීම ඊට මහත් පහසුවක් වූ බවයි.

”මා අයි. පී. එල්. තරග කී‍්‍රඩා කිරීම නිසා ඉන්දීය කී‍්‍රඩකයන් ගැන මට හොඳ වැටහීමක් තියෙනවා. ඒ නිසා මට ඔවුන්ගේ පිතිකරුවන් පාලනය කරගන්න මෙන්ම ඒ සඳහා අපේ පන්දු යවන්නන් යොදාගන්නත් පුළුවන්කම ලැබුණා”

”මා හිතන්නේ අයි. පී. එල්. වලින් තමා මම ඉගෙනගත්ත හැම දෙයක්ම වගේ ඉගෙනගත්තේ. අයි. පී. එල්. තරග සඳහා කී‍්‍රඩා කිරීමට ලැබීම ගැන මා ඇත්තටම සතුටු වෙනවා” යයිද මාලිංග පැවසීය.

බොහෝ අවස්ථාවන්හිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් නිහඩවම නමුත් අගනා සේවයක් කරන නුවන් කුලසේකර ඉරිදා රාති‍්‍රයේත් තමන්ගේ වගකීම අකුරටම ඉටුකළේ තරගයේ 19 වැනි ඕවරය ලකුණු 4 කට සීමා කරමිනි. ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන එමින් දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති තරගයේදීත් 19 වැනි ඕවරය යැවූ කුලසේකර එදා චිතගොන් නුවරදීත් එම ඕවරය ලකුණු 4 කට සීමාකළේය.

මෙම තරග දෙකේදීම ලසිත් මාලිංග විසින් කුලසේකර යොදාගන්නා ලද ආකාරයද අති විශිෂ්ට බව කිවයුතුව තිබේ.

නායකත්වය යනු හුදෙක් දක්ෂතාව හෝ පළපුරුද්ද නැතහොත් ඒ දෙකම නොවේ. නායකත්වය යනු උපක්රමශීලිත්වය මෙන්ම තැනට ඔබින නුවණයි. විස්සයි:20 නායකයකු වශයෙන් ලසිත් මාලිංග ඒ සියල්ලෙන්ම සන්නද්ධව සිටින බව අතිශයෝක්තියක් නොවේ.

එවන් තීරණාත්මක සෑම අවස්ථාවකදීම පිටියේ සිටි ජ්‍යෙෂ්ඨ නායකයන් වූ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් තිදෙනාගේ සහයෝගය මාලිංගට නොඅඩුවම ලැබිණ. ශී‍්‍ර ලංකාව සහ කොදෙව් පිල අතර තරගයේ එකම මොහොතකදී ලසිත් මාලිංග (ඞීප් මිඞ් විකට් හි සිට), කුමාර් සංගක්කාර (කඩුල්ල පිටුපස සිට) සහ මහේල ජයවර්ධන (ස්ලිප්හි සිට) තවත් කී‍්‍රඩකයන් තිදෙනකුට පිටියේ ස්ථානගත වන ආකාරය පිළිබඳ උපදෙස් දෙනු දැකගත හැකිවිය. කණ්ඩායම් හැගීම සහ සහයෝගය එය එයම මිස අනෙකක් නොවේ.

සියල්ල මෙසේ සිදුවෙද්දී කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වයේ ගෙළ සියතින් සිඳගත් දිනේෂ් චන්දිමාල් වැනි කී‍්‍රඩකයකු සහ අලිමංකඩදී දිවිපිදු හසලක ගාමිණී නම් රණවිරුවා සංසන්දනය කිරීමට කිසිවකු ඉදිරිපත් වුවහොත් එයද පුදුමයට කරුණක් නොවේ.

විස්සයි:20 අන්තර්ජාතික පිටියෙන් සමුගෙන යන අවස්ථාවේදී ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා මෙන්ම ලෝක කුෂලාන අවසන් තරගයේ වීරයා වූ කුමාර් සංගක්කාර කියා සිටියේ මෙම ජයග්‍රහණය තමන් සහ මහේල වෙනුවෙන් හෝ කණ්ඩායම වෙනුවෙන් පමණක් නොවන බවත් එය මිලියන 20 ඉක්මවූ සමස්ත ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් බවත්ය.

මේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ දක්ෂතාවයි. මිලියන 20 ඉක්මවූ ශී‍්‍ර ලාංකීය ජනතාවක් වෙනුවෙන් ඔවුන් මෙදා තරග කර ජයගත්තේ මිලියන 1200 ක ජනගහණයක් නියෝජනය කරන ඉන්දීය පිලට එරෙහිවය. සංඛ්‍යා දත්ත සැසඳීමේදී එය ඇදහිය නොහැකි තරම්ය.

- See more at: http://kelimandala.lankadeepa.lk/article/15740/ශී‍්‍ර-ලංකා-පිලේ-විශිෂ්ටතම-සංදර්ශනය?utm_source=twitterfeed&utm_medium=facebook#sthash.MLpa5SZF.dpuf

[QUOTE="Dinushasankalpa, post: 16500308, member: 169735"] [SIZE=4]ශී‍්‍ර ලංකා පිලේ විශිෂ්ටතම සංදර්ශනය [/SIZE][RIGHT][SIZE=4]2014-04-10 13:01:43 | දමින්ද විජේසූරිය[/SIZE][/RIGHT] [SIZE=4] [COLOR=#000000] [/COLOR] [IMG]http://kelimandala.lankadeepa.lk/kelimandalaadmin/wp-content/uploads/file/Sanga1%285%29.jpg[/IMG] ලෝක කි‍්‍රකට් නායකයෝ ඇතැමෙක් ඇදහිය නොහැකි තරමේ දුර දක්නා නුවණින් යුතු වූවෝ වෙත්. කිසියම් තීරණාත්මක තරගයකදී ලබන පරාජයෙන් අනතුරුව, තමන්ගේ පරාජයට හේතු දැක්වීම පසෙක තිබියදී ජයග්‍රාහී කණ්ඩායමේ දස්කම් අගයමින් ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශයන් යථාර්ථයක් වන්නේ පුදුමාකාර අන්දමිනි. වසර 1996 පෙබරවාරි - මාර්තු මාස වලදී පැවැති ‘විල්ස්’ ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යානු පිල විසින් ඒ වන විට ලෝකයේ ප්රබලතම කණ්ඩායමක් වූ බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 73 කින් පරාජය කරන ලද්දේ කි‍්‍රකට් ලෝකයම සළිත කරමිනි. තරගාවලිය පිළිබඳ මහත් බලාපොරොත්තු තබාගනිමින් ඊළ`ග තරගය සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි කෙන්යානු පිලට සිදුවූයේ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ලකුණු 398 ක් පූජා කරමින් ඒ වන විට පැවැති කි‍්‍රකට් වාර්තා අනුව එක්දින තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව තිළිණ කිරීමේ අපකීර්තිමත් ලෝක වාර්තාවකටද සම්මාදම් වීමටය. තරගයෙන් අනතුරුව කෙන්යානු නායක මොරිස් ඔඩුම්බේ කදිම කතාවක් කීවේය. ”මේ (1996 දී) ශී‍්‍ර ලංකා කණ්ඩායම නම් පුදුමාකාරයි..මේ ලෝක කුසලාන තරගාවලියේදී මා මගේ බලාපොරොත්තු සියල්ලම ඔවුන් වෙත තබනවා. ඔවුන් මේ ලෝක කුසලාන දිනාගනීවි” යයි මහනුවරදී කිවේය. ඔඩුම්බේ එසේ කියන විට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වීමටත් දින තුනක් ඉතිරිවී තිබිණ. අවසානයේදී මොරිස් ඔඩුම්බේගේ අනාවැකිය සනාථ කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම 1996 දී ලෝක කුසලාන දිනාගත්තේය. එයින් වසර 18 කට පසුව, 2014 දී, විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙමින් තිබියදී කොහේදෝ සිට හමා ආ චණ්ඩ මාරුතයක්ද සමගින් අයිස් කැට සහිත මහා වරුසාවක් බංග්ලාදේශයේ ඩකා නුවර මීර්පූර් කී‍්‍රඩාංගණයට කඩා වැදිණ. එම චණ්ඩ මාරුතය සහ වර්ෂාව හේතුවෙන් තරගය අතර මැද නවතා දැමීමට සිදුවූයෙන් ඒ වනවිටත් වි:20 ලෝක කුසලානයේ හිමිකරුවන්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් පිලට ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත පරාජය පිළිගැනීමට සිදුවිය. සම්පූර්ණ තරගයම නිමා නොකර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම පිළිබඳව විමසූ කල්හි කොදෙව් නායක ඩැරන් සැමී මෙහෙම කතාවක් කීවේය. ”මම මේ පරාජය බාරගන්නේ මේ විදිහටයි..ඔබ දන්නවා, අප ලෝක කුසලානයක් දිනලා තියෙනවා..” ”අප සාමාන්‍යයෙන් දෙවියන්ට යාඥා කරන කණ්ඩායමක්. දෙවියන් අපගේ යාඥාවන්ට කන්දෙනවා. ඒත් මේ වතාවේදීනම්, ශී‍්‍ර ලංකා කණ්ඩායමට විතරක් නොවේ පොදුවේ සමස්ත කි‍්‍රකට් කී‍්‍රඩාවටම මහත් සේවයක් කරපු ඒ මහත්වරුන් දෙන්නා (මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර) තමන්ගේ අවසාන ලෝක කුසලාන තරගාවලියේදී ඉහළම තැනට ඔසවා තියන්නට, දෙවියන් අදහස් කරන්නට ඇති” ”ඉතින් ඔවුන් දෙදෙනාට ලෝක කුසලානයක් දිනන්නට තවත් තරගයක්් තියෙනවා...බොහෝ වෙලාවට ඒ නිසා වෙන්න ඇති දෙවියන් මේ වෙලාවේ මේ තරගයට අත දැම්මේ” යයි ඩැරන් සැමී පැවසීය. සැමීගේ අදහස් ටක්කෙටම නිවැරදි බව සනාථ කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම වි:20 ලෝක කුසලාන දිනාගත්තා පමණක් නොව, තරගාවලිය පුරාම ලකුණු සොයමින් අඳුරේ අතපත ගගා සිටි කුමාර් සංගක්කාර අවසන් මහ තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් නොදැවී ලකුණු 52 ක් ලබා ශී‍්‍ර ලංකා පිල ජයටැඹ කරාත් කැඳවාගෙන ගියේය. පළමු කඩුල්ල ලකුණු 5 දී බිඳ වැටුණු පසුව පිටියට පැමිණි මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 65 ක් වනතුරු පිටියේ රැඳෙමින් ජයමාවතේ දොරටු විවර කිරීමෙන් පසුව කී‍්‍රඩාගාරය බලා පියමං කළේය. සංගක්කාර සහ මහේල දෙදෙනාම සිය අවසන් වි:20 අන්තර්ජාතික තරගයට සහභාගි වෙමින් සිටි අතර අවසන් තරගයට පෙර පැවැති තරග 5 කදීම සංගක්කාර ලබා සිටියේ ලකුණු 19 ක් පමණක් වුවද හෙතෙම අවසන් තරගයේ වීරයාද වූයේය. [IMG]http://kelimandala.lankadeepa.lk/kelimandalaadmin/wp-content/uploads/file/Malinga%282%29.jpg[/IMG]වසර 2003 ලෝක කුසලාන තරගාවලියේ (දකුණු අපි‍්‍රකාවේදී) අවසන් පූර්ව වටයට පිවිසි දා සිටම දශකයකට වැඩි කාලයක් ලෝක කුසලානයක ජයපැන් බීමේ පවසින් පෙළෙමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙන්ම පොදුවේ ශී‍්‍ර ලාංකීය සමස්ත ජනතාවටත් ශී‍්‍ර ලංකා පිලේ ජයග්‍රහණය අමෘතය මෙන් රසවත් වූවාට සැක නැත. එහි රසය වැඩියෙන් දැනෙන්නේ පිට පිටම උත්සාහයන් 4 ක් අසාර්ථක වීමෙන් පසුව පස්වැන්න සාර්ථක වීමෙනි. එයද ශී‍්‍ර ලාංකිකයන්ට වැඩියෙන්ම රිදවන ඉන්දියානුවන්ට එරෙහිව බැවිනි. වසර තුනකට ඉහතදී ලෝක කුසලාන ගිළිහී ගියේද ඉන්දියානුවන් හමුවේදීය. ජයග්රහණයෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ශී‍්‍ර ලංකා නායක ලසිත් මාලිංග පවසා සිටියේ මෙම ජයග්‍රහණය තම කණ්ඩායම කැපවීමෙන් හා වෙහෙස මහන්සියෙන් ලබාගත් ජයග්‍රහණයක් මිස වාසනාව මත ලබාගත් දෙයක් නොවන බවයි. වෙහෙස මහන්සිය සහ කැපවීමට අමතරව ඒ සඳහා නිසි සැලසුම් යොදාගත් බවද කි‍්‍රකට් කී‍්‍රඩාවේ දෙවැනි ලෝක කුසලාන ශී‍්‍ර ලංකාවට ගෙනැවිත් දුන් නායකයා පැවසීය. ”අපට තිසර පෙරේරා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වෙලාවේ අපට ඕවරයකදී ලකුණු 7.5 ක් විතර ලබාගත යුතුව තිබුණා.... තිසරට ඒ හැකියාව තියෙනවා, හතරේ සීමාවේ පන්දු රකින්නෙක් හිටියත් නැතත් සීමාවෙන් එළියට පන්දුව යවන්න තිසරට පුළුවන්..ඒ නිසා තමයි මම ඇන්ජලෝට ඉස්සරවෙලා තිසරව පිටියට යැව්වේ. ඔහු අප වෙනුවෙන් ඒ දේ කළා” යයි ඉන්දීය දග පන්දු යවන්නන් අතරේ ඉදිරියෙන්ම සිටින රවිචන්ද්‍රන් අශ්වින්ගේ හිසට ඉහළින් පන්දුව ලණුවෙන් එපිටට යැවූ තිසර සම්බන්ධයෙන් මාලිංග පැවසීය. ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වුණේ අහම්බෙනි. එහෙත් කවුරුන් කොයි මොහොතේදී නායකයා වුවද කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගේ වචනයට අවනත වීමත් ඔවුන්ගේ ඔවදන් උවදෙස් නිහතමානීව පිළිගැනීමත් ශී‍්‍ර ලංකා පිලේ සාර්ථකත්වයයි. ”කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයාගේ සිට නවකයා දක්වා සෑම අයකුගෙන්ම උපරිම දායකත්වය ලබාගන්න ඕනෑම නායකයකුට පුළුවන්කම තියෙන්න ඕනෑ. කණ්ඩායමක් හොඳින් කටයුතු කරන්නේ එතකොටයි” ”ඒ වගේම සෑම නායකයෙක්ම ඔහුට කලින් සිටි නායකයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. අලූත් කී‍්‍රඩකයන් ඉදිරියේදී දක්ෂ නායකයන් වන්නේ එහෙමයි....මහේල ජයවර්ධන, කුමාර් සංගක්ාකර වගේ විශිෂ්ට නායකයන් වුණත් ඔවුන්ට කලින් සිටි අර්ජුන රණතුංග, සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු වගේ නායකයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මටත් පැරණි නායකයන්ගෙන් යමක් ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබුණා” යයි ලෝක කුසලාන දිනාගැනීමෙන් අනතුරුව 250 කට ආසන්න මාධ්‍යවේදීන් අත්පොළසන් මැද පුවත් පත් සාකච්ඡුාවට සහභාගි වීම සඳහා පැමිණි මාලිංග පැවසීය. [IMG]http://kelimandala.lankadeepa.lk/kelimandalaadmin/wp-content/uploads/file/team%282%29.jpg[/IMG]විස්සයි:20 ලෝක කුසලාන තරගාවලි දෙකක් අතරේදී වසර දෙකක කාලයක් පුරා ශී‍්‍ර ලංකා පිලේ ශ්‍රේණිගත ස්ථානය අංක 1 න් පහළට යැමට ඉඩ නොදුන් නායකයා වූ, තවමත් 24 හැවිරිදි චන්දිමාල් ගැනද ප්‍රසාදයෙන් යුතුව අදහස් දැක්වූ ලසිත් මාලිංග, වේග පන්දු යවන්නන් වෙනුවෙන් තමන් සාධාරණය ඉටුකළ බවද කියා සිටියේය. ”සමහරුන්ගේ විශ්වාසයක් තිබුණා වේග පන්දු යවන්නකුට කණ්ඩායමක නායකත්වය දරන්න බෑ කියා. ඒත් එය පුළුවන් බව මා පෙන්නුම් කළා” ”මා හිතනවා මම වේග පන්දු යවන්නන්ටත් සාධාරණය ඉටු කළාය කියලා” යයිද මාලිංග එම පුවත් පත් සාකච්ඡුාවේදී වැඩිදුරටත් පැවසීය. මේ ආකාරයේ සමුගැනීමේ තරග සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම් වල සිටින සෙසු සාමාජිකයෝ විශේෂඥයෝ වෙති. වසර හතරකට ඉතහදී, මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා අවස්ථාවේදී, ගාල්ලේ පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ඔහුට ඉලක්කයක් තිබිණ. ඒ කඩුලූ 8 ක් ලබාගනිමින් 800 වැනි ටෙස්ට් කඩුල්ල දවාගැනීමයි. ඒ තරගයද ඉන්දියානු පිලට එරෙහිවම විය. එම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ කඩුලූ 5 ක් දවාගත් මුරලිදරන් දෙවැනි ඉනිමේදී ඉතිරි කඩුලූ 3 දවාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 10 ක ජයක් කරා කැඳවාගෙන ගිය අතර දෙවැනි ඉනිමේදී ලසිත් මාලිංගගේ දායකත්වය ලකුණු 50 කට කඩුලූ 5 කි. ”සංගක්කාර සහ මහේල කියන්නේ මුත්තයියා මුරලිදරන් වගේම විශිෂ්ට කී‍්‍රඩකයන් දෙන්නෙක්. මුරලිට කඩුලූ 800 ක් ඕනෑ කළ වෙලාවේ ඒ දේ ලබාදෙන්න අපට පුළුවන් වුණා වගේම මේ අවස්ථාවේ මේ කී‍්‍රඩකයන් දෙදෙනා වෙනුවෙන් ලෝක කුසලානය දිනගන්න හැකිවුණා....මා හිතන්නේ එය ඔවුන්ට හොඳ තෑග්ගක් වේවි” යයිද මාලිංග පැවසීය. ඉන්දීය ඉනිමේ අවසන් ඕවර 10 දී (පන්දු 60) ඉන්දීය පිතිකරුවන් ලකුණු 66 කට සීමා කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ලසිත් මාලිංග කියා සිටියේ අයි. පී. එල්. තරග සඳහා සහභාගි වීම ඊට මහත් පහසුවක් වූ බවයි. ”මා අයි. පී. එල්. තරග කී‍්‍රඩා කිරීම නිසා ඉන්දීය කී‍්‍රඩකයන් ගැන මට හොඳ වැටහීමක් තියෙනවා. ඒ නිසා මට ඔවුන්ගේ පිතිකරුවන් පාලනය කරගන්න මෙන්ම ඒ සඳහා අපේ පන්දු යවන්නන් යොදාගන්නත් පුළුවන්කම ලැබුණා” ”මා හිතන්නේ අයි. පී. එල්. වලින් තමා මම ඉගෙනගත්ත හැම දෙයක්ම වගේ ඉගෙනගත්තේ. අයි. පී. එල්. තරග සඳහා කී‍්‍රඩා කිරීමට ලැබීම ගැන මා ඇත්තටම සතුටු වෙනවා” යයිද මාලිංග පැවසීය. බොහෝ අවස්ථාවන්හිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් නිහඩවම නමුත් අගනා සේවයක් කරන නුවන් කුලසේකර ඉරිදා රාති‍්‍රයේත් තමන්ගේ වගකීම අකුරටම ඉටුකළේ තරගයේ 19 වැනි ඕවරය ලකුණු 4 කට සීමා කරමිනි. ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන එමින් දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති තරගයේදීත් 19 වැනි ඕවරය යැවූ කුලසේකර එදා චිතගොන් නුවරදීත් එම ඕවරය ලකුණු 4 කට සීමාකළේය. මෙම තරග දෙකේදීම ලසිත් මාලිංග විසින් කුලසේකර යොදාගන්නා ලද ආකාරයද අති විශිෂ්ට බව කිවයුතුව තිබේ. නායකත්වය යනු හුදෙක් දක්ෂතාව හෝ පළපුරුද්ද නැතහොත් ඒ දෙකම නොවේ. නායකත්වය යනු උපක්රමශීලිත්වය මෙන්ම තැනට ඔබින නුවණයි. විස්සයි:20 නායකයකු වශයෙන් ලසිත් මාලිංග ඒ සියල්ලෙන්ම සන්නද්ධව සිටින බව අතිශයෝක්තියක් නොවේ. [IMG]http://kelimandala.lankadeepa.lk/kelimandalaadmin/wp-content/uploads/file/Chandi%288%29.jpg[/IMG]එවන් තීරණාත්මක සෑම අවස්ථාවකදීම පිටියේ සිටි ජ්‍යෙෂ්ඨ නායකයන් වූ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් තිදෙනාගේ සහයෝගය මාලිංගට නොඅඩුවම ලැබිණ. ශී‍්‍ර ලංකාව සහ කොදෙව් පිල අතර තරගයේ එකම මොහොතකදී ලසිත් මාලිංග (ඞීප් මිඞ් විකට් හි සිට), කුමාර් සංගක්කාර (කඩුල්ල පිටුපස සිට) සහ මහේල ජයවර්ධන (ස්ලිප්හි සිට) තවත් කී‍්‍රඩකයන් තිදෙනකුට පිටියේ ස්ථානගත වන ආකාරය පිළිබඳ උපදෙස් දෙනු දැකගත හැකිවිය. කණ්ඩායම් හැගීම සහ සහයෝගය එය එයම මිස අනෙකක් නොවේ. සියල්ල මෙසේ සිදුවෙද්දී කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වයේ ගෙළ සියතින් සිඳගත් දිනේෂ් චන්දිමාල් වැනි කී‍්‍රඩකයකු සහ අලිමංකඩදී දිවිපිදු හසලක ගාමිණී නම් රණවිරුවා සංසන්දනය කිරීමට කිසිවකු ඉදිරිපත් වුවහොත් එයද පුදුමයට කරුණක් නොවේ. විස්සයි:20 අන්තර්ජාතික පිටියෙන් සමුගෙන යන අවස්ථාවේදී ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා මෙන්ම ලෝක කුෂලාන අවසන් තරගයේ වීරයා වූ කුමාර් සංගක්කාර කියා සිටියේ මෙම ජයග්‍රහණය තමන් සහ මහේල වෙනුවෙන් හෝ කණ්ඩායම වෙනුවෙන් පමණක් නොවන බවත් එය මිලියන 20 ඉක්මවූ සමස්ත ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් බවත්ය. මේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ දක්ෂතාවයි. මිලියන 20 ඉක්මවූ ශී‍්‍ර ලාංකීය ජනතාවක් වෙනුවෙන් ඔවුන් මෙදා තරග කර ජයගත්තේ මිලියන 1200 ක ජනගහණයක් නියෝජනය කරන ඉන්දීය පිලට එරෙහිවය. සංඛ්‍යා දත්ත සැසඳීමේදී එය ඇදහිය නොහැකි තරම්ය. - See more at: [URL]http://kelimandala.lankadeepa.lk/article/15740/%E0%B7%81%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B6%B8-%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA?utm_source=twitterfeed&utm_medium=facebook#sthash.MLpa5SZF.dpuf[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom