ᯓ‎𝄞 ˎˊ˗ 'සේපාලිකා' ටෙලිනාට්‍ය තේමා ගීතය

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය


    හිත අනන්තයට දුර රැගෙන ගිහින්
    නෙතු පියන් පුරා ඔබෙ රුවම ඇවිත්
    මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනත්
    නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්
    සේපාලිකා ///

    සඳ මණ්ඩලේ සඳ කැන් මැදින්
    නුඹ හැංගුනා මතකයි සැරයක්
    මුතු වැල් වගේ දිය රැල් දිගේ
    නුඹ දුර ගියා තව එක දවසක්
    සේපාලිකා ///

    නිල් අම්බරේ හැඩ හංගමින්
    නුඹ හිනැහුනා මතකයි තවමත්
    හද මන්දිරේ දොරගුල් අරිමින්
    මං පෙම් කළේ නුඹටයි කවදත්
    සේපාලිකා ///

    සංගීතය - තීක්ෂණ අනුරාධ
    ගී පද - බුද්ධික කුලසේකර