‍අහෝ සේනාධිනායකතුමනි ! ඔබේ සංවේදී බව කොහි&#350

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ‍අහෝ සේනාධිනායකතුමනි ! ඔබේ සංවේදී බව කොහි&#350

    රජ පුටුවේ ඉන්නට තව අවුරුදු දෙකක් තිබියදී ඡන්දය කැන්දාගත් වත්මන් ජනාධිපතිතුමා හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන ආගමනයත් සමඟ තැති ගැන්මකට ලක් වූ බව නොරහසකි.එය දවසින් සවස තීව්ර වන බව දැන් දැන් දක්නට ලැබේ.අද වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අධික ලෙස උත්සන්න වෙමින් පවතින අතර,එහි බරලතලකම මොනවට කියා පාමින් තිස්සමහාරාමයේ පැවැත්වීමට නියමිත ෆොන්සේකා මහතාගේ රැලියකට යමින් සිටි බස් රථයක් වෙඩි ප්‍රහාරයකට ලක්වී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ.ජනපතිවරයාගේ උරුමය සේ කියාපාන රුහුණේදී මෙවන් භේදනීය තත්වයක් නිර්මාණය වීම අතිශයින් අසංවේදී නායකයෙකුගේ නිහඬ බවත් ප්‍රජාත්‍රන්තවාදයේ මළගමත් කියාපාන්නකි.අප උතුරේ ත්‍රස්තවාදය නිමා කළේ දකුණේ ත්‍රස්තවාදයකට හිස ඔසවන්නට නොවේ.රටේ ජනයාගේ දුක,ගමේ ගැමි සුවඳ හඳුනන නායකයාට විරුද්ධ පක්ෂයට සහයෝගය දුන් පමණින් අහිංසක වැසියන් එලොව යැවීම නොපෙනීම කෙතරම් අභාග්‍යයක් ද?
    යුද්ධය ජයගත්තේ අප මහා සේනාධිනායක රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා යැයි අද රට පුරා ආණ්ඩුවට කහින්නන් කියා පාමින් සිටී.එහෙත් එවන් හමුදාවකට නායකත්වය දුන් සේනාධිනායකයා අද පොලිසීයේ නිර්ලජ්ජිත ක්‍රියාදාමයන් පාලනය කරන්නට අපොහොසත් වී තිබේ.පොලීසිය හැසිරෙන ආකාරය හා සිය ආධාරකරුවන් ජෝගි නටන විට ප්‍රජාත්‍රන්තවාදය රැක ගන්න බැරි නායකයෙක් යුද්ධයට නායකත්වය දුන්නේ කෙසේද යන්න දැන්නම් ගැටළුවකි.සියල්ල සිදුවූ පසු,මේ ගැන පරීක්ෂණ අරඹනවා කියා කීවාට පලක් නැත.මේවා රාජපක්ෂ මහතා නොදුනුවත්ව වෙන දේවල් යැයි කීමට ද හැකියාවක් නොමැත.වෙනදාට අප හොර ඡන්ද ගැන අසන්නේ ඡන්දය දවසේය.දැන් තැපැල් ඡන්දයේ ඉඳන්ම හොර ඡන්ද දමන්නට පටන් ගෙන තිබේ.ඡන්ද මධ්‍යස්ථානවලට විපක්ෂ නියෝජිතයින් යෑම මඟ අවුරා තිබේ.
    රට වෙනුවෙන් උදාර සේවයක් කළේ නම්,මේ ඡන්දය බලෙන් ගහලා ගන්නට අවශ්‍ය නොවනු ඇත.ඉතිරි අවුරුදු දෙක හෝ වැඩක් කර ඡන්දයට ගියා නම් මීට වඩා හොඳය.දැන් මේ කියා පාන්නේ පරාජයේ වියරුවද? විපක්ෂය ආණ්ඩුවට දමා ගසන්නට ආයුධ සොයා සොයා ඉද්දී ඒවා ගෙදරටම ගෙනත් දෙන්නේ ආණ්ඩුවෙන්ම නේද?ඡන්දයට ඇත්තේ තව දින 14 කි.හරියටම සති දෙකකි.සියලු තීරණ ජනතාව අතට භාර කරමු!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    gview32.jpg
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Maharajage avihinsawadi deshapalanaya mekada

    Kage ho ahinsaka amma kenek ge givithaya bili aran iwarai

    Me rate ammala MR ta chandaya diya yuthuda?
    Me rate daruwan MR ta chandaya Diya yuthuda?
    Thiranaya oba atheya
    Me prachandaya anumatha karanawanam MR ta chandaya denna
    Rate yaha palanayak sidu wiya yuthu yei sithana aya SF ta chandaya denna