මේ මගේ දෙවැනි ත්‍රෙඩ් එක..පලවෙනි ත්‍රෙඩ් එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා
..ගොඩාක් ස්තුතියි..මේ දෙවනි කෙටි කතාව..රසවිඳින්න..තවත් එකක් ඉක්මන්ට ලියලා දාන්නම්.. 

—–**නාටක හමාරයි**—–
රංග ශාලාවේ සෙනඟ ඉක්මනින් වැඩි වන්නට මත්තෙන් ටිකට් පතක් ගැනීමට හැකිවිනි.
ශාලාවේ කලුවරට වන්නට තිබුන ආසනයකි.
හිස්ය.
විගසින් වාඩි වූ මා හට නොඉවසිල්ලකි.
ශාලව පිරී ඉතිරී ගොසිනි.
නාට්‍යය පටන් ගැනීමට තව ස්වල්ප වේලාවක් තිබේ.
සිත සක්මන් කර ඉබේටම ගල් ගැසුනි..
නාට්‍යය ඇරඹෙන්නට සීනුව නාදවෙයි...
තිරය දෙපසකට වුනි..
හැඩහුරුකමින් මට සමාන වු තරුණයෙක් ඇදක නිදා සිටී..
මොහොතකින් ඔහුගේ දුරකතනය නාද වුනි..
"බබා...නැගිට්ටද..ම්ම්ම්...."
"ම්ම්ම්...නැ අප්පා....තාම ඇඳේ.."තරුණයාගේ කටහඬ මදක් බර වූ එකකි.මත් වු ගතියක් පෙනේ..
"තාම අමාරුද..?? කිවා නේද ඔච්චර ඩ්‍රින්ක්ස් ගන්න එපා කියලා";
"කාර් එක ඩ්‍රයිව් කලෙත් හරිම අමාරුවෙන්..".. තරුණියගේ ආල වදන්...
"ඊයෙ රෑ මාත් එක්ක මෙහෙ හිටියානම් ඔච්චර අමාරු වෙන්නෙ නැ...";
"වෙනදටනම් කියන්න ඕනි නැ.. එත් ඊයෙ රෑ තමා.."
වැල නොකැඩි එන ප්‍රශ්න තරුණයගේ මුහුණට දරා ගත නොහැකිය..
"හරි හරි...අද එන්නම්කො..ම්ම්ම්..."...
"ම්ම්...බලමුකො..මෝඩ කොල්ලා...දැන් වොෂ් එකක් දාගෙන ඔෆිස් යන්න ලැස්ති වෙන්නකො..ලේට් වෙනවා..කෝ..ගෙට් අප්.."
"හ්ම්ම්..හරි හරි...මං යන ගමන් කෝල් කරන්නම් බබා.. බායි..."
"බායි ඩාලින්.."
දුරකතනය විසන්ධි කොට මේසය මත තැබුවා පමණි..
"කව්ද..ඔෆිස් එකෙන්ද..."
අත් දිග කමිසයක් පමනක් ඇදගත් රූමත් තරුණියක් අත උණු තේ එකකි..
"ම්ම්ම්...ඔව්... යන්න ඕනි..."
"අද මොකද කරන්නේ...හවසට???" තරුනියගේ මුහුන ආදරයට නැඹුරුය..
"අපි ඩිනර් අවුට් එකක් යමුද..ආ"
"අද බැ කෙල්ලේ..වැඩ ගොඩක් තියෙනවා ඔෆිස් එකෙ..සමහර විට නවතින්න වෙයි.."
"ම්ම්ම්...එහෙමද...අම්මිල එන්නෙත් අනිද්දට ලු..ඔයා නිසා මට පාලු නෑ.."
තේ එක පිලිගන්වා ඇය කෑම ලැහැස්ති කලාය..
"පුලුවන්නම් අද රෑට එන්න..හොඳද බබා..."
"ෂුවර්"
දෙතොලට හාද්දක් දී තරුණයා මොටර් රථයට ගොඩවුනි..
"පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න රත්තරන්..ම්..ගිහින් මට කෝල් එකක් දෙන්න.."
"ඔයාත් පරිස්සමෙන්... බායි...."
සැනකින් ඔහු පිටත් වුනි...
**********************************************************
"උබනම් කාවදාවත් හැදෙන්නෙ නෑ බං..ඔහොම වැඩ කරන්න එපා.." තරුණයාගේ හොදම යහළුවාගෙන් ගෙන් උපදෙසක්..
"අනේ මේ..උබ කට වහන් හිටපන්..මට මොකෝ උන්ට හොදනම්.."
"එත් බං...කවද්ද උබ දැන් ඔය දෙකෙන් එකක් සිලෙක්ට් කරගන්නේ..අනික උබේ තියෙන ස්ටෙටස් එක නැති කරගන්න එප බං.. කොච්චර කිවත් උබට වැඩක් නැහැ.."
"මේ..උබේ මගේ යාළුකං නැති කරගන්නේ නැතිව හිටහන්..";
"උබට කෙල්ලෙක් නෑ කියල මම පලිද...???" තරුණයාගේ මුහුනේ සිනහවකි..
"මේ..එක මම බලගන්නම්..ඉබ්බා..";
"හරි මට මේක කියපන්..ඔය ඩබල එක දවක, එකම තැනක සෙට් උනොත්..කරන්නේ මොකද්ද..??" යහළුවාගෙන් බලවත් ප්රශ්නයකි..
"මම එහෙම උන දවසට උබට කෝල් කරලා, කරන දේ පෙන්නනම්..අනේ බං මේ.. මං එක ගානට මැනෙජ් කරල තියෙන්නෙ.."
"උබට මොනවද මැනෙජ් කරගන්න බැරි උනේ ඉස්සර ඉදන්.."
"මේ...මට උබේ බණ අහන්න වෙලාවක් නෑ..දෙන්නගෙන් එකෙනෙක් මඟ.."
"අහ්...උබට නං කියල වැඩක් නෑ.."
"මේ මම යනවා..අර පාටි එකට අද යන්න වෙන එකක් නෑ..වැඩක් තියෙනව..මන් උබට කෝල් එකක් දෙන්නම්කො"..
"ඔව් ඔව්...පලයන් පලයන්...උබ එක්ක හිටියොත් මටත් කණුවක් තමා ලඟදිම"
***************************************************************
"ම්ම්ම්...නෝටි බෝයි...එන්න බෑ කියල...සප්‍රයිස් කලා".. ඒ දුරකතනයෙන් ඇමතූ ගැහැණු ළමයාය...
"හ හා හා...එහෙම තමා මගේ වැඩ"
"ඉතින්...අද එනවා නේද..ම්.."
"ඔව්..එන්නම්..වැඩ ටික බලන්න ඇසිස්ටන්ට් මැනේජර් ට කීවා"
"ම්...එහෙනම් හොදයි...අද එහෙනම් ෆුල් ෆන් එකේ ඉන්න ඕනි..ම්. මේ..ටිකක් ඇවිදිමු..?"
"හා..යමු..වාඩි වෙලාම ඇතිවෙලා"..
අත් අල්ල ගත් දෙදෙනා ගමන් ආරම්භ කරයි...
සැනෙකින් තරුණයාගේ උරහිසට යොමු වූ අතකි..
"මොනවා...ඔයා..." කාමරයේ සිටි තරුණියය..
එක වරම මා නින්දෙන් ඇහැරවිනි.
"සර් නාට්‍යය පෙන්නල ඉවරයි.." සේවකයෙක් පැවසීය..
"එත් මගේ නාට්‍යය ඉවර නෑ.."