‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,988
    35,923
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරය

    පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ත්‍රස්ත නායක මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළියේ සහ හම්බන්තොට පුහුණු කඳවුරුවල පුහුණුවීම් ලැබූ, අම්පාර පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා දෙවැනි ප්‍රහාරයට දිවුරුම්දී ඊට සූදානම් වූ පිරිසක් බව
    මූලික පොලිස් විමර්ශනවලදී හෙළි කර ගෙන ඇත.
    ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම් යන තහනම් ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයන් වන මෙම පිරිසට “අබු” යන ගෞරව නාමයද මොහොමඩ් සහරාන් විසින් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
    මෙම ත්‍රස්ත ජාලය තුළ මොහොමඩ් සහරාන්ව හඳුන්වනු ලැබුවේද “අබු උබයිදා” යන ගෞරව නාමයෙන් බව පොලිසිය පවසයි.
    පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකිරීමට පෙර මොහොමඩ් සහරාන් ඇතුළුව එකී ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්‍රස්තයන් විසින් කළු පැහැති ඇඳුම් ඇඳ මුහුණු වසා ගෙන,

    තියුණු පිහියක් අතැතිව ත්‍රස්ත සංවිධානයට අයත් පසුබිම් තිරයක් භාවිත කර සකස් කරන ලද ස්ථානයක සිට සිය දිවුරුම ලබාදී තිබූ අතර, මෙම ත්‍රස්තයන් 18 දෙනාද එලෙස නුවරඑළිය කඳවුරේ මරාගෙන මැරෙන දිවුරුම දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මෙරට තුළ දැවැන්ත ප්‍රහාර කිහිපයකට ඔවුන් සැලසුම් කර තිබූ බවටද, තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද, පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
    රටේ ප්‍රධාන ආගමික උත්සවයකට මෙන්ම එකම දිනක එකම වේලාවක පළාත් 9ටම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටද මෙම ත්‍රස්ත කල්ලිය සැලසුම් කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    අම්පාර පොලිසිය මඟින් දැනට අත්අඩංගුවට ගෙන ඇති මෙම ත්‍රස්තවාදී සැකකරුවන් 18 දෙනාද නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධයෙන් දෙසතියක කාලයක් පුහුණුව ලබා ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.
    මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගිය මොහොමඩ් සහරාන් සහ ඔහුගෙන් පසු දෙවැනි නායකත්වයට පත්වූ, එසේම දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නවුෆර් මව්ලවී යන අය විසින් මෙම ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා පුහුණු කර ඇති බවටද තොරතරු හෙළිව තිබේ.

    අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මීට අදාළ විමර්ශන සිදුකර අවස්ථා කිහිපයකදී මෙම සැකකරුවන් 18 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
    මින් බහුතරයක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් අවුරුදු 20ත් 27ත් අතර වයස් සීමාවල පසුවන අය බවත්

    පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

    හොඳ අධ්‍යාපන මට්ටමක් සහ ආර්ථික මට්ටමක් ඇති ඔවුන්ගෙන් දෙදෙනකු ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුන් බවත්, තවත් අයකු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවරයකු බවත් පැවැසේ. දිවුරුම්දීමට අදාළව මොවුන් ලබාගත් වීඩියෝ දර්ශනද ඡායාරූපද ඒ වනවිට පරිගණකවලින් මකා දමා ඇති බවත්, ඒවා නැවත ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මින් කොටසක් අම්පාර පොලිසියේද අනෙක් පිරිස ත්‍රස්ත විමර්ශන භාරයේද රැ¼දවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන බවද, එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
    මීට අදාළව ඊයේ (27දා) දිනද සැකකරුවන් දෙදෙනකු අම්පාර ප්‍රදේශයේදී අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නුවරඑළිය කඳවුරේ පුහුණුව ලද මොහොමදු රයියුද්ධියන් අබ්දුල් රහුමාන් හෙවත් ‘අබුඅනාස්’ සහ හම්බන්තොට පුහුණුව ලද සෙයිනුල් ආබ්දීන් හස්ල හෙවත් ‘අබුරාවා’ යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
    ඔවුන් දෙදෙනාද පොල්ගොල්ල සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

    චාමර අමරසූරිය, සමන් මාණික්කආරච්චි, එම්. සී. පෙරේරා
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    අබු mean father

    in islam grandfather name will be given to the grandchild so they call abu hasan it's mean "father of the hassan".
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අබු mean father

    in islam grandfather name will be given to the grandchild so they call abu hasan it's mean "father of the hassan".

    lankawe extreme scene eke inna hambayo unge lamainta pet name eka widiyata use karanne "abu" kiyala.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තත්ත්වය මෙස් තිබියදී ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කරනු ලැබීය..මෙවැන්නන් රඳවා ප්‍රශ්න කිරීමට හදිසි නීතියේ ඇති වැදගත්කම ඔවුන්ට පෙනී නැත...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තත්ත්වය මෙස් තිබියදී ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කරනු ලැබීය..මෙවැන්නන් රඳවා ප්‍රශ්න කිරීමට හදිසි නීතියේ ඇති වැදගත්කම ඔවුන්ට පෙනී නැත...

    ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම බාගෙට නතර කරලා ගුරු පත්වීම් උත්සවයට ආවා - ජනාධිපති සිරිසේන.

    පාස්කු ප්‍රහාරය වෙලා මිනිස් ජීවිත නැති උන උණුසුම මැකෙන්නත් කලින් ආරක්ෂක මණ්ඩලයට දෙන තැන.


     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම බාගෙට නතර කරලා ගුරු පත්වීම් උත්සවයට ආවා - ජනාධිපති සිරිසේන.

    පාස්කු ප්‍රහාරය වෙලා මිනිස් ජීවිත නැති උන උණුසුම මැකෙන්නත් කලින් ආරක්ෂක මණ්ඩලයට දෙන තැන.



    ඉරෝසන්ගේ කතාව දැන් තමා හරියට මීටර් වුනේ..
    නිවටයෙක් ජනපති වී.....
    මූට ඉන්ටපෝල් සම්මානෙකුත් හම්බ වුනා නේද ආරක්ෂාව දෙනවා හොඳයි කියලා..අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ :frown: