‘ආවා’ බයිස්කෝප් කල්ලියක්-හමුදා බුද්ධි අංශ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ‘ආවා’ බයිස්කෝප් කල්ලියක්-හමුදා බුද්ධි අංශ

    පසුගිය දිනවල උතුරු පළාතේ වූ මැර ක්‍රියා, යළි උතුරේ සන්නද්ධ තරුණ නැගිටීමක් සමඟ සම්බන්ධ කර ගනිමින් පළ වන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

    ‘ආවා ගෲප්’ නමින් පොදුවේ හඳුන්වනු ලබන කුඩා මැර කල්ලි කිහිපයක් විසින් මැර ක්‍රියා කිහිපයක් පසුගිය කාලයෙහි සිදු කර තිබිණි.

    මෙයට ආවා ගෲප් නම යෙදුණේ 2014 වසරේ දී පොලිස් අත්අඩංගුවට පත් වූ මෙවැනි කල්ලියක නායකයා ‘ආවා’ නමින් හැඳින්වීම හේතුවෙනි.

    දකුණු ඉන්දියානු බයිස්කෝප් :

    කෙසේ නමුත් මෙම කණ්ඩායම් සංවිධානාත්මක පාතාල කල්ලිවලට වඩා දකුණු ඉන්දියානු චිත්‍රපටවල මැර කණ්ඩායම් අනුකරණය කරමින් විවිධ සමාජමය ගැටලුවලට තර්ජනයෙන් ගර්ජනයෙන් පිළිතුරු දිමට සැදී පැහැදී සිටින කුඩා කල්ලි කණ්ඩායම් බවත් හෙළිව තිබේ.

    පසුගිය කාලයේ මෙරට රක්ෂණ සමාගමක් තම සේවාදායකයන්ගේ රක්ෂණ වාර මුදල් ලබා ගැනීම සඳහා මෙම කල්ලිවල සහාය පතා ඇති බව ද මේ වන විට හෙළිව තිබේ. එමෙන්ම ක්ෂුද්‍ර ණය දෙන සමාගම් තම ණය මුදල් එකතු කර ගැනීම සඳහා ද මොවුන්ව පාවිච්චි කර ඇත.

    කඩු, කිනිසි :

    මෙම කල්ලි ආයුධ ලෙස කඩු, කිනිසි ආදිය යොදා ගන්නා අතර යතුරු පැදි කණ්ඩායම් ලෙස මෙම මැර පිරිස් ක්‍රියාත්මක වෙති.

    ආන්දෝලනාත්මක සිදුවීමක් වූ විද්‍යා පාසල් සිසුවියගේ ඝාතන සිද්ධිය හේතුවෙන් උතුරේ වූ කලබලකාරිත්වය පිටුපස ද මෙම කණ්ඩායම් ක්‍රියාත්මකව තිබිණි.

    පසුගිය දා යාපනයේ දී පොලිස් වෙඩි තැබීමෙන් සරසවි සිසුන් දෙදෙනකු ඝාතනය වීමෙන් පසුව පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රහාර එල්ල කිරීම ද මෙවන් මැර කල්ලියක් විසින් සිදු කරනු ලැබ තිබේ

    හමුදා ක්‍රියාන්විතයක් :

    උතුරේ යුද්ධයෙන් පසුව මෙවැනි කණ්ඩායමක් උතුරු පළාතේ සැරිසරා ඇති අතර එම කණ්ඩායම් සහ වර්තමානයේ බිහිව තිබෙන කණ්ඩායම් අතර සම්බන්ධයක් නැති බව හෙළි වී තිබේ.

    මුල් කාලයෙහි උතුරේ සරිසැරූ පිරිස යුද හමුදාවේ ඉහළ නිලධාරියකු විසින් ගොඩනැඟූවක් බවත් එම කණ්ඩායම යොදවා ගෙන දකුණේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් උතුරු පළාතේ විවිධ භීෂණකාරී ක්‍රියා සිදු කර ඇති බවත් අනාවරණය වී පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    එක් අවස්ථාවක පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙවැනි කණ්ඩායමක යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු සිටීම මඟින් මෙය රාජපක්ෂ යුගයේ ඔවුන්ගේ අනුදැනුම පරිදි පවත්වාගෙන යන බව තහවුරු විය.

    යුද්ධයට පෙරත් :

    මෙම යතුරු පැදි කල්ලි අනුකරණය කරමින් මෙම නව කල්ලි ගොඩනැගීම සිදුව තිබුණත් උතුරු පළාතේ යුද්ධය පැතිරෙන්නට පෙර කාලවල දී ද මෙවැනි මැර කල්ලි සරිසැරූ බවට වාර්තා වී තිබේ.

    නමුත් එල්ටීටීඊ සංවිධානය සක්‍රියව පැවැති කාලයේ දී මෙම කල්ලි මෙන්ම සංවිධානාත්මක පාතාල කල්ලි ද අතුරුදන්ව තිබිණි.

    මේ වන විට උතුරු පළාතේ ඇති පීඩාකාරී සමාජ ආර්ථික වටපිටාව තුළ තරුණයන් මෙවැනි කල්ලි කණ්ඩායම් ලෙස ගොනු වීම සිදු විය හැකි බව උතුරු පළාත් ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

    අධ්‍යාපන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න ආදිය සම්බන්ධයෙන් තවමත් උතුරේ තරුණ තරුණියන්ට විසඳුම් ලැබී නොමැති තත්ත්වයක් තුළ මෙවැනි අපරාධ කල්ලි බිහි වීම වළක්වා ගැනීම අසීරු බව ද ඔවුන් පෙන්වා දෙයි.

    විදේශගතව සිටින සිය නැදෑ හිතවතුන්ගෙන් ලැබෙන මුදලකින් පමණක් ජීවත් වීමට සිදුව තිබෙන විශාල තරුණ ප්‍රතිශතයක් උතුරේ වෙසෙයි.

    එසේ නමුත් මෙම මැර කල්ලි දේශපාලන වුවමනාවන් මත ක්‍රියාත්මක වන බවට මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

    13 ක් අත්අඩංගුවට :

    කෙසේ නමුත් 2014 වසරේ ජනවාරි මාසයේ දී මෙවැනි කල්ලි තුනක සාමාජිකයන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

    එම තරුණයන් පිරිස වයස අවුරුදු 17 - 29 අතර විය. එහි එක් කණ්ඩායමකට නායකත්වය දුන් තරුණයා කුමරේසරත්නම් විනෝදන් නමැති 21 හැවිරිදි අයෙකි. ‘ආවා’ නමින් පෙනී සිටියේ ඔහුය.

    එම කණ්ඩායම් ක්‍රියාත්මකව තිබුණේ මනිපෙයි, කෝපයි සහ චුන්නාක්කම් ප්‍රදේශවලය. පසු අවස්ථාවක සෙන්දුරන් සහ ඩාන්රොක් නමැති කල්ලි නායකයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීම සිදු විය.

    මේ අතර උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා පවසන්නේ උතුරේ එක්ලක්ෂ පනස්දාහක පමණ ආරක්ෂක අංශ සාමාජිකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් රැසක් සිටිය දී මෙවැනි කල්ලි සැරිසැරීම සැක සහිත බවය.


    http://www.sinhala.srilankamirror.com/news/item/17402-awa