‘එක රටක් එක නීතියක්’

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    " එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් එකී සංකල්පය පිළිබඳව මහජන අදහස් කැඳවීමට තීරණය කර ඇත.

    බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මේ බව දැනුම් දෙමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    මහජන අදහස් කැඳවීම

    ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීමට තීරණය කර ඇත.

    ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් / යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැ.පෙ. 504, කොළඹ යන ලිපිනයට තැපැල් මගින් 2021 නොවැම්බර් 30 ට පෙර ලබා දිය හැකිය.

    ස්තුතියි,

    රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි.
    සභාපති
    “එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය "
    [email protected]

    https://bit.ly/3FdyWW8 -lanka C news

    තියෙන අදහස් ටික කියන්න ඔනේ දෙවල් ඔක්කොම කියල යවල බලමු.
    ඒකවත් කරයිද කියලා...
     
    • Like
    Reactions: kinkon

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දාපන් දාපන් ඕව කරයිද කියල තමයි සැක. ඇයි බන් gmail එකක් දීල තියන්නෙ. වෙන ගවර්න්මන්ට් සෙක්ටර් එකක මෙල් එකක් දාන්න තිබුනානෙ.( .lk වගේ එන එකක්, සෙකුරිටි එක ෂුවර් නැතිව ඇති නේද හැක් කලොත් වස ලැජ්ජාවනෙ)
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මෙන්න සලකා බලනවා නම් හොඳ අදහස් ටිකක්


    1636799493963.png

    1636799559967.png

    1636799606553.png

    1636799646233.png

    1636799688668.png

    1636799723725.png

    1636799761225.png

    1636799805820.png

    1636799845354.png

    1636799886249.png


    1636799947861.png

    1636799975279.png

    1636800001243.png

    1636800030534.png

    1636800061225.png

    1636800089568.png

    1636800117503.png

    ------ Post added on Nov 13, 2021 at 4:12 PM

    අධිකරණයට අපහාස කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමිට වසර හයක සිර දඬුවම්
    8 අගෝස්තු 2018

    අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවිය යුතු බව නියම කළේය.

    අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු අදාළ තීන්දුව අගෝස්තු 08 වෙනිදා ලබා දුන්හ.

    තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරු කියා සිටියේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා හතරකට උන්වහන්සේ වරදකරු කරන බවය.

    ඒ අනුව දඬුවම් නියම කළ අභියාචනාධිකරණය ඒ බව වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත දැනුම්දෙන මෙන් නියම කළේය.

    'අධිකරණයට අපහාස කිරීම' ගැන දැනගත යුතු කරුණු
    ඥානසාර හිමි: බන්ධනාගාර බලධාරීන්ට චීවරය ඉවත්කළ හැකිද?
    තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකාර ඥානසාර හිමි අධිකරණයේ පෙනී නොසිටි අතර, උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ එහිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවය.


    හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබිණි.

    එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවය.

    වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර තිබුනේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවය.

    ඒ අනුව, දීර්ඝ සාක්ෂි විභාග පැවැති අතර එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙන්ම රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් සාක්ෂි ලබාදී තිබිණි.

    එමෙන්ම, සිද්ධියට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දුන් ස්වාමින් වහන්සේලා දෙනමක් කරුණු වසන් කරමින් සාක්ෂි දී ඇති බව අධිකරණය නිරීක්ෂණය කරන බව සඳහන් කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මෙම කරුණ පිළිබඳ ඥානසාර හිමියන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී එම ස්වාමීන් වහන්සේලා ලබාදුන් සාක්ෂි අසත්‍ය බවට අනාවරණය වී ඇතැයි ද කියා සිටියේය.

    මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.

    රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

    කෙසේ වෙතත්, පළමු සහ දෙවන චෝදනාවන්ට වසර හතර බැගින් ද, තුන්වන චෝදනාවට වසර හයක් සහ අතර වන චෝදනාවට වසර 5 ක් බැගින් බරපතල සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් එම සිරදඬුවම් එකවර එනම් වසර හයකින් ගෙවිය යුතු බව නියම කළේය.


    නඩු තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කියා සිටියේ මෙම දඬුවමට එරෙහිව තම සේවාදායකයා අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

    ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ඒ පිළිබඳ කරුණු දැක්වීම ලබන 29 වෙනිදා සිදු කරන මෙන් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුනි.

    වැඩිදුර කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, වරදකරු කරනු ලැබූ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමේ නියෝගය, අභියාචනා විභාගයේ තීරණයක් ලැබෙනතුරු කල් තබන ලෙසය.

    එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණ විනිසුරුවරු විවෘත අධිකරණයේ සඳහන් කළහ.


    2018 ජුනි 14 වෙනිදා මාස හයක සිර දඬුවමක් නියම කෙරුණ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජුනි 22 වෙනිදා නියෝග කළේය.

    "හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක්"
    අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට ඔප්පු වීමෙන් පසු එහිමියන්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.
    ------ Post added on Nov 13, 2021 at 4:18 PM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Similar threads