‘එප්පාවල’ පොහොර එයි.. අද සිට වෙලදපොලේ…

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    pohora.jpg


    කාබනික පොහොරවල ඇති ‘පොස්පරස් ඌනතාව සපුරා දිය හැකි ‘රොක් පොස්පේට්’ පොහොර මිශ්‍රණයක් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ හඳුන්වාදීමට හැකි වූ බවත් එම පොහොර මිශ්‍රණය කාබනික පොහොර සමඟ මිශ්‍ර කිරීමෙන් සවිබල ගැන්වූ කාබනික පොහොර මිශ්‍රණයක් ලැබෙන බවත් එය වස විසෙන් තොර ගොවිතැනක් පිළිබඳ බලාපොරොත්තු තබා සිටින මෙරට ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ඉතා සුබදායක පණිවිඩයක් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි සිය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ඉහත පොහොර මිශ්‍රණය හඳුන්වාදීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.


    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

    “ලංකා පොස්පේට් සමාගම ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත්ව ඇත්තේ. එප්පාවල පොස්පේට් නිධිය අපට ලැබුණු ඉතාමත් අනගි දායාදයක්. අප දන්නවා එම දායාදය කුණු කොල්ලයට විකුණා දැමීමට සූදානම් වන විට නීතිය ඉදිරියට ගොස් රජරට ජනතාවට එය වළක්වා ගැනීමට හැකි වුණා. අද අපේ වගකීම වන්නේ ඒ අනගි සම්පත උපරිම කාලයක් මෙරට ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාව සපුරාලීම සඳහා යොදා ගැනීමයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ජනාධිපතිවරණයේ දී රට හමුවේ තැබූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය අනුව අප අමාත්‍යාංශයට හැකිව තිබෙනවා, ඉහත අවශ්‍යතාව සපුරාලීම පිණිස ඉදිරි පියවර ගැනීමට.

    අපි එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වූවාට පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළා. ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් ඃ ඊ.ආර්.පී ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළා. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කරලා ඊට අගයක් එකතු කරලා ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම පළමු කටයුත්තයි. එයට යම් කාල වකවානුවක් ගත වෙනවා.

    ‘එප්පාවල රොක් පොස්පේට්’

    ඒත් කොවිඞ් වසංගතයත් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශය සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරඹා ඇති මේ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. ඒ සමඟම අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණා. දැන් ගොවි ජනතාවට හා ගෙවතු වගාවට එක්ව සිටින පිරිස්වලට අපි අද සිට ‘අපිට පොහොර අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01 ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දෙනවා. එහි හඳුන්වාදීමේ මිල රුපියල් 10යි. සාමාන්‍ය මිල රුපියල් 30ක්. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට අද සිට රටට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව තිබෙනවා. කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙනවා. නැත්තේ පොස්පරස් සංඝටකයයි. ඒ ඌනතාව අප හඳුන්වා දෙන එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගත හැකියි. ඒ අනුව රසායනික පොහොරවලින් තොර සෞඛ්‍යාරක්ෂිත ඵලදාවක් ලබා ගැනීමේ ඉඩකඩ ගොවි ජනතාවට හිමිව තිබෙනවා.

    ‘උපදෙස් පත්‍රිකාවක් ද සමගින් රට පුරා’

    ඒ අනුව ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය සහිත පොහොර පැකට්ටුවක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රට පුරා බෙදාහැරීමට අවශ්‍ය ධාරිතාවයෙන් ලංකා පොස්පේට් සමාගම කටයුතු කිරීමට සූදානම්. ඒ බෙදාහැරීම් කටයුතු සමඟ අපි පොහොර මිලදී ගන්නා සෑම අයෙකුටම මේ පොහොර මිශ්‍රණය කාබනික පොහොර හා මිශ්‍රකර ගන්නා අන්දම පිළිබඳ ලියැවුණු උපදෙස් පත්‍රිකාවක් ද භාෂා තුනෙන්ම ලබා දීමට කටයුතු කරනවා.

    ‘සුපර් පොස්පේට් නිපදවීම’

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර යන රාජ්‍ය සමාගම් දෙක ද හවුල් කර ගෙන ඉදිරි වසර තුන තුළ ‘රොක් පොස්පේට්’ වෙනුවට ‘සුපර් පොස්පේට්’ පොහොර නිපදවීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සැකසීම මේ දිනවල සිදුවෙනවා. ඒ සඳහා ඉහත පොහොර සමාගම්වල සභාපතිවරුන් ද සම්බන්ධ කර ගනිමින් අපි සාකච්ඡා ගණනාවක් පවත්වා තිබෙනවා. ඉදිරියේ දී ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් සමඟින් අපි එම කටයුත්ත ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපේ රටේ ජනතාවට පොහොර ආනයනය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීfමි ඉඩකඩ නිර්මාණය වේවි.

    අද මේ රටට ඓතිහාසික දිනයක්. කාබනික පොහොරවල ගැටලු ගැන කියමින් කන්කෙඳිරිගෑම අදින් අවසන් වේවි. කාබනික පොහොර මෙසේ සවිබල ගැන්වීමෙන් අස්වැන්න අඩුවීමක් ගැන කියැවෙන කතාවලට තිත තැබේවි. මේ සුබදායී පණිවිඩය රට හමුවේ තැබීමට මාධ්‍යවේදී සහෘදයන් කටයුතු කරාවි කියන විශ්වාසය අපට තිබෙනවා.”

    – අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    super posphate කියන්නෙ මාකටින්ද ඇත්තටම සුපර් පොස්ෆේට්ද දන්නෙ නැහැ. rock පොස්ෆේට් නම් ගස් වලට ඒ තරම් උරා ගන්නෙ නැහැ. ඇත්තටම සුපර් ෆොස්ෆේට් නම් පට්ටම සිරා
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ටොම් පචය.ඕකුන් කිලෝ 5ක් හදල,ලොකු උත්සවයක් තියල ප්‍රසිද්ධියක් ගනී.ඕක වැඩබැරි බොරුකාරයෙක් විතරයි.ඕකගෙ මුලු ආත්මයම වංචාවක්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටොම් පචය.ඕකුන් කිලෝ 5ක් හදල,ලොකු උත්සවයක් තියල ප්‍රසිද්ධියක් ගනී.ඕක වැඩබැරි බොරුකාරයෙක් විතරයි.ඕකගෙ මුලු ආත්මයම වංචාවක්

    1593052840889.jpeg
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    බලහන් ලන්කාවට ඕන හොද නායකයෙක් ඉම්පොර්ට් කරන ඒවා ගොඩක් නවත්තලා තියෙන්නෙ දැන් ලන්කාවෙ ලුණු , පොහොර, කඩදාසි, ලූණු, අල, වී අපිම හදනවා සෙට් එකක්ඉ න්න්වා චව් චව් මතය දානව ඔක හරියන්නෙ නෑ ඔක කරන්න බෑ හරියටම කියනවා 3% ක් විතර
     
    • Dislike
    Reactions: 89mora

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයිසන්ලට රොක් පොස්පේට් :sneaky:


    රිදිච්ච එකෙක්.....හොඳ දේට හොඳයි කියන වැරදි දේට වැරදියි කියන එකෙක් දැක්කොත් @topkollek ta කියන්න ඕනේ හොඳේ
     
    • Like
    Reactions: sidathsaumya

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එප්පාවල රොක් පොස්පේට් තිබ්බා නේද ? මට මතකයි තිබ්බ වගේ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එප්පාවල රොක් පොස්පේට් තිබ්බා නේද ? මට මතකයි තිබ්බ වගේ...
    එප්පාවල තියෙන්නෙ රොක් පොස්පේට් නිධියක්. ඒවගෙ කැඩ්මියම් තියෙනව. වකුගඩු තවත් ලෙඩවෙන වැඩක්

    රිදිච්ච එකෙක්.....හොඳ දේට හොඳයි කියන වැරදි දේට වැරදියි කියන එකෙක් දැක්කොත් @topkollek ta කියන්න ඕනේ හොඳේ
    මෝඩ වැඩේට මෝඩයි කියන එකෙක් දැක්කොත් @nicjosh83 ට කියන්න