‘කළු ධර්මතා’ දුරලමු
අද අපි ජීවත්වන සමාජයේ දකින්ට තිබෙන ලොකුම අර්බුදය වන්නේ මනුෂ්‍යයා දුෂ්චරිතය කිරීම. ඒ දුෂ්චරිතය කියන්නේ තමාටත් අන් අයටත් අයහපත පිණිස පවතින හැසිරීම්වලටයි. යමෙක් කයෙන්, වචනයෙන්, සිතින් අහිත පිණිස පවතින දේ කරන්ට පෙළෙඹෙන්න පුළුවන්. මේ ආකාරයට තමාටත් අන් අයටත් අහිත පිණිස කරන දේ දුෂ්චරිතය යි.
මනුෂ්‍යයා දුෂ්චරිතයේ යෙදීම ලෝකයටත් සමාජයටත් බලවත් අර්බුදයක්. දුෂ්චරිතය යම් තැනක තිබෙනවා නම් එතැන සතුන් මැරීම, හොරකම් කිරීම, සල්ලාලකම් කිරීම, බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන, හිස් වචන කීම, දැඩි ලෝභය, දැඩි ද්වේෂය, මිත්‍යා දෘෂ්ඨිය ආදී පාපී ක්‍රියා සිදු වෙනවා. මෙවැනි පාපී ක්‍රියා බලවත්වීම මුලු සමාජයටම බලවත් ව්‍යසනයක් බවට පත් වෙනවා
මනුෂ්‍යයා දුෂ්චරිතයේ නියැලෙන්නේ තමන් ගේ ගුණවත් බව තමා විසින්ම නසා ගෙන තිබෙන නිසයි. සිතේ ගුණවත් බව නසාගත් කෙනා, යහපත් දෙයක් සිදු කරනවා කියන කරුණ සිදු වන්නේ නැහැ. එනිසා ඔබ ගුණවත් අයෙකු වන්නට නම් තමාගේ් සිත තමා ම රැකගත යුතුයි. විනාශ වන්නට නොදිය යුතුයි. ඒත් ගුණවත් මනුෂ්‍යයන් වෙන්නට නම් තමා ගේ සිත තමාම රැකගත යුතුයි. විනාශ වන්නට නොදිය යුතුයි. එක මනුෂ්‍යයකුගේ සිත රැකුණොත් පිරිසුදු වුණොත් එයින් ලෝකයටම සෙත සැලසෙනවා. එක් මනුෂ්‍යයකුගේ සිත කෙළෙසුනහොත් එයින් ලෝකයටම විපත් සිදු වෙනවා. එනිසා ලෝකයට හිතවත් කෙනා, ලෝකයට යහපත කැමැති කෙනා තමන් ගේ සිත රැක ගත යුතුයි. ආරක්ෂා කර ගත යුතුයි. පිරිසුදු කර ගත යුතුයි. අනෙක් අයටත් සිත පිරිසුදු කර ගැනීමට ධර්මය කියා දිය යුතුයි.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ සමාජය පාලනය කරන කළු ධර්මතා දෙකක් තියෙන බව. එකක් පවට ලැජ්ජා නැතිකම. අනික පවට භය නැතිකම. මේ පවට ලැජ්ජාව නැතිකම, පවට භය නැතිකම කියන කළු ධර්මතා යම් සමාජයක තිබෙනවා නම්, ඒ සමාජයේ මේ සහෝදරයා මේ සහෝදරිය මේ මව මේ ගුරුවරිය ආදී පැනවීමක් නැහැ. එවැනි සමාජයක් තුළ කුකුලෝ කුකුළෝ වගේ, එළුවෝ එළුවෝ වගේ හැසිරීමත් තිබෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එවැනි සමාජයක් තුළ යහපත් සම්බන්ධතා පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පවට ලැජ්ජා, භය කියන ඒ උතුම් ගුණ ධර්ම නැති තැන සාර ධර්ම ආරක්ෂා කරන්නට පුළුවන්කමක් නැහැ. සමාජයට හිතවත් වන යහපත ඇති කරන සමාජ සම්බන්ධතා පවත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ වගේ හීන වූ අකුසලයන්ගෙන් යුතු මිනිසුන් වසන තැන්වල කායික දුෂ්චරිතය, වාචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය සිදු වෙනවා.
පින්වතුනි, පවට ලැජ්ජා නැතිකමත්, පවට භය නැති කමත් කියන ස්වභාවය මනුෂ්‍යයාගේ් හිතේ ගුණ ධර්ම උපදවන්නට තිබෙන හැකියාව නසා දානවා. තමාගේ අධ්‍යාත්මික දියුණුව එහෙම නැත්නම් සිතේ ගුණ ධර්ම උපදවල දෙන ස්වභාවය නැසුනට පස්සේ එබදු සිතකින් යහපතක් ඇති කරල දෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා පවට ලැජ්ජාව නැතිකමත්, පවට භය නැතිරමත් කියන මනුෂ්‍යයකුගේ් සිත පිරිහෙනවා. විනාශ වෙනවා. එවැනි අකුසල ස්වභාවයන් බැහැර කර ගන්ට යම් කෙනෙකුට පුළුවන් වුණොත්, ඔහු අතින් සමාජයට අයහපත කරන දුෂ්චරිත සිදු වන්නේ නැහැ.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමෙන් අපට ලැබෙන ලොකුම යහපත නම් සුචරිතය හා දුෂ්චරිතය ගැන ඉතා හොඳින් ඉගෙන ගන්නට ලැබීමයි. ඒ ධර්මය ඉගෙන ගන්න නොලැබුණොත් ලෝකයට හොඳ උපකාර සහිත කෙනෙක් වෙන්න අපට බැරි වෙනවා. එනිසා ඒ ධර්මයේ ස්වභාවය හොඳට ඉගෙන ගෙන ‘කළු ධර්මතා’ අපෙන් බැහැර කරන්නට මහන්සි වෙන්න ඕන. එක මනුෂ්‍යයෙක් තුළ ‘කළු ධර්මතා’ පිහිටලා තිබුණොත් ඒ මනුෂ්‍යයා නිසා සමාජයේ විශාල පිරිසකට බොහෝ කලක් යනතෙක් හානි පැමිණෙන දේ සිදු වන්නට පුළුවන්.
පවට ලැජ්ජා නැතිකමත් පවට භය නැතිකමත් කියන කළු ධර්මතා සමාජයක තිබෙනවා නම් ඒ සමාජයේ ගුණ ධර්ම නැතිවෙලා යනවා. සතුන්ගේ හැසිරීම තමයි එතැන තිබෙන්නේ. සතුන් ගානට මිනිසුන් වැටෙනවා. එනිසා එහි ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. අපි තනි තනිව කල්පනා කරන්න ඕන. මගෙන් සමාජයට අහිත පිණිස පවතින හීන දේ සිදු වන්න හොඳ නැති බව. මම සමාජයට යහපතක් කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මා ළඟ ‘කළු ධර්මතා’ තිබේ නම් ඒවා බැහැර කරන්න ඕනෑ කියලා කල්පනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ පැහැදීමක් තිබෙන කෙනා විතරයි.
එනිසා අපි හොඳට මතක තබා ගන්න ඕන අපි ලෝකයට යහපතක් ඇති කරන අය බවට පත් වෙන්න නම්, ඒ සඳහා සුදුස්සන් බවට පත් වෙන්න නම්, මේ සමාජය පාලනය කරන කළු ධර්මතා අපි තුළ තිබෙනවා නම්, ඒවා බැහැර කළ යුතු බව.
ඒ වගේම පවට ලැජ්ජා නැතිකමත්, පවට භය නැතිකමත් තිබෙනවා නම්, එතැන කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය පුරුදු කරගන්නටත් බැහැ. නමුත් අපි අපට ලැජ්ජා භය උපදවා ගත්තොත් අපට කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය ඇති කර ගන්න පුළුවන්. එහෙම පුරුදු කරන පුද්ගලයා මේ ජීවිතය සැප සේ වාසය කරනවා. සැප සේ වාසය කරන්ට පුළුවන් කෙනා තමාට යහපත ඇති කර ගන්නවා. තමාට යහපත ඇති කර ගත් පුද්ගලයාට පමණයි අන් අයට යහපත සලසා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඔහු මේ ජීවිතයේදී විශාල වශයෙන් පින් රැස් කර ගන්නවා. ඔහු යම් දිනෙක කය බිඳී මරණයට පත් වූ විට නරක තැනක ඉපදෙන්නේ නැහැ. නියත වශයෙන්ම සුගතියේ උපදිනවා.
එනිසයි අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස කල්පනා කළ යුත්තේ මේ ජීවිතය සැපවත් කර ගන්නත් පරලොව ජීවිතය සැපවත් කර ගන්නටත්. ඒ වගේම අපි භාග්‍යවතුන් වහන්සේගෙන් යම් දෙයක් ලැබුණා නම් එය විකෘති නොකොට විනාශ නොකොට අන් අයටත් ලැබෙන විදිහට ජීවිතය හැඩ ගස්සා ගන්න ඕන. ඒ සියලුම දේ සඳහා ‘කළු ධර්මතා’ බැහැර කරන්න ඕන
ඉතිං ඔබ පවට ලැජ්ජා නැතිකමත්, පවට භය නැති කමත් කියන ඒ කළු ධර්මතා අපේ ජීවිතයෙන් බැහැර කර ගත්තොත් මේ ජීවිතයේ පින් රැස් කර ගන්න පුළුවන්. සැප සේ ඉන්නටත් පුළුවන්. මේ ජීවිතයේදී අපට පිරිනිවන් පාන්නට බැරි වුණොත් ඊළඟ ජීවිතයේ සැපවත් තැනක උපදින්නට පුළුවන්.
එනිසා අපි කවුරුත් ඒ උතුම් ධර්මය ඉගෙන ගෙන තම තමාගේ ජීවිත වල සැඟවිලා තිබෙන සමාජයට විපත පිණිස පවතින හීන ස්වභාවයට මනුෂ්‍යයා ඇදලා දාන පවට ලැජ්ජාව නැතිකමත් පවට භය නැතිකමත් කියන ඒ අකුසලයන් බැහැර කරගන්නට කවුරුත් කැමැති වෙන්න ඕන.
උපුටා ගැනීම දිනමිණ
http://www.dinamina.lk/