‘දිඹුලාගල හාමුදුරුවෝ’

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ‘දිඹුලාගල හාමුදුරුවෝ’

    රාති‍්‍රයේඝන අඳුර කපා හරිමින් ඇදුණු කැබ් රථයකි. හමුදා මුරකපොල්ලට ළං වත් ම අත දැමූ සෙබළකු එය නැවැත්වීමට සංඥා කළේ ය. ඊළඟ මොහොතේ වාහනය අසලට සෙබළෙකු කිට්ටු වූයේ ;

    ‘කවුද මේ ?’ අසන්නට මෙනි. ඒ සමඟම ;

    ‘මම කැප්ටන් දිඹුලාගල’ කියා වාහනයෙන් එළියට බැස්සේ ඉදිරි අසුනේ සිටි අයෙකි.

    දෙකම්මුල් පුරා වැඩුණු සුදු රැවුල, සුදු පැහැ කෙසින් වැසුනු හිස, දහඩිය තැවරුණු පඬු පැහැ සිවුර, කර ගැට නැගුණු අත් පා, හදවතින්ම නැගෙන සිනහවෙන් යුතු මේ අමුත්තා හඳුනාගන්නට සෙබළුන්ට මුරකපොල්ල අසල වූ ලා එළිය පමණක් ප‍්‍රමාණවත් විය.

    ‘දිඹුලාගල හාමුදුරුවෝ’ කියු සෙබළු දණ ගසා වැඳ වැටිණි.


    from Edithara Sinhala Darukela facebook
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    z_p09-chronology-02.jpg