‘බලු මස් එපා‘

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    picture-of-dogs-10.jpg


    සුනඛයන් ආහාරයට ගන්නා වාර්ෂික උත්සවය තහනම් කරන ලෙස ඉල්ලා චීනයේ සත්ත්ව අයිතිය ක්‍රියාධරයන් අත්සන් මිලියන 11 කින් යුත් පෙත්සමක් භාර දී තිබේ.
    යූලින් නම් එම උත්සවය මෙම මස අග ආරම්භ වීමට නියමිත අතර එහි මුලිකවම සුනඛ මස් අනුභව කිරීම සිදු වෙයි. යූලින් නගරයේ දී ආරම්භ වීමට නියමිත එම උත්සවයට විරුද්ධව බොහෝ පිරිසක් විරෝධතාවයකද නිරත වූහ. සමහර විරෝධතාකරුවන් තම සුරතල් බල්ලන්ද රැගෙන විත් තිබීම විශේෂත්වයකි.
    මේ වන විට චීනයේ සත්ත්ව අයිතීන් වෙනුවෙන් ජනතාව තුල උද්‍යෝගයක් ඇති වෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරයි. සතුන්ට හොඳින් සැලකිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. යුලින් උළෙලේ දී මරා දැමෙන බොහෝ සුනඛයන් සොරකම් කරන ලද සුනඛයන් බව විරෝධතාකරුවෝ පවසති.
    මේ ගැන ලන්ඩනයේ ද පෙත්සමක් අත්සන් කර චීන තානාපති කාර්යාලයට භාර දීමට කටයුතු සිදුවෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිය වසරේ තිබූ උත්සවයේදී සුනඛයෙකු මැරීමට පෙර මිලක්ද නියම කළ බවට සදහන් වේ.
    මිනිස් පරිබෝජනය සදහා මිලියන 30 ක් පමණ සුනඛයින් ඝාතනය වන බවට ද චීනයේ මෙන්ම කොරියාවේ ද සුනඛ මස් ආහාරයට ගැනීම වසර ගණනක අතීතයක සිට පැවතෙන බවට ද සදහන් වේ. කෙසේ වෙතත් සුනඛ මස් ආහාරයට ගැනීම සෞඛ්‍යට හිතකර බව එම උත්සවයට සහය පළ කරන පිරිස් පවසති.


    source: lankadeepa
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    :angry::angry::angry:
    කන්ඩ දේවල් නැතුව වගේ අර අහිංසක සත්තුන්ව මරන්නේ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සො :angry: :angry:
    බල්ලො කන්නැතුව උන්වද කන්න කියන්නෙ ? :angry: :angry:
    ඔක්කොටම කලිං ඔය සත්තුන්ගෙ අයිතිවාසිකං වලට කතා කරන උන්ව කාල ඉවරයක් කරන්න ඕනෙ :dull: :dull:
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ithin ai ee?
    India >> harak ta wandinawa, anith ratawal harak mas kanawa.
    Chaina >> ballo kanawa. anith ratawal ballo athi karanawa.
    maranawa nan koi sathath paw.