‘මා බේරාගන්න…’ නිරූපමාගේ සැමියාගෙන් රනිල්ට ලිපියක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් 2016 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියක් හෙළිදරව් වී ඇත.

    තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන නමුත් තමා නිර්දෝෂී බව එම ලිපිය මගින් ප්‍රකාශ කරනු ඇතැයි අනාවරණය වී තිබේ. තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගෙන පසුව ඇප ලබාදුන් මල්වානේ මන්දිරය පිළිබඳව ඔහු මෙම ලිපියෙන් හිටපු අගමැතිවරයාව දැනුවත් කර තිබේ.

    2016 ඔක්තෝබර් 15 වැනිදා යොමුකර ඇති මෙම ලිපිය මගින් තිරුකුමාර් නඩේසන් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ තමාට අයත් දේපොළක නිවසක් තනා ඇති බව ජනමාධ්‍ය ඔසසේ වාර්තා කරන තුරු තමා නොදැන සිටි බවයි. පසුව ‘ඔහුගේ නමට හා කීර්ති නාමයට’ හානියක් නොවන ලෙස එම ඉඩම විකුණා දැමූ බවද ලිපියේ සඳහන් වේ.

    ‘‘මම අයුතු හෝ නීතිවිරෝධී කිසිවක් සිදුකර නැති බවත්, මා හට සාධාරණය ඉටු කරන ලෙසත්, එසේ සිදුකළහොත් තමා කෘතඥ වන බවත් මම ප්‍රකාශ කරමි’‘ යැයි එම ලිපියේ සටහන් කර ඇත. එසේම මෙම නඩුව ගොඩනගා ඇත්තේ විශ්වාස කළ නොහැකි සාක්ෂි මත පදනම්ව බවත් තිරුකුමාර් නඩේසන් හිටපු අගමැතිවරයාට පවසා තිබේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් රනිල් නීතිය නවල බේරලා දීලද ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    6n_QMhOutZ3ElVjPF6l2_vgBU39YsckeyTigh9iLr3iQEh1cJKj6uaeI6RqFiKAOc1z3z2MSYauPAtf6U_cu4PDQc0K4A-6cQ66BbPfS5Xd6wuTU85dbXubiWKm2