‘රට හදන සටන දිනවීමට එඩිතර, නිර්භීත මිනිසුන&#35

Rez777

Member
Apr 23, 2011
30
0
0
‘රට හදන සටන දිනවීමට එඩිතර, නිර්භීත මිනිසුන&#35

‘රට හදන සටන දිනවීමට එඩිතර, නිර්භීත මිනිසුන් පුංචි ආණ්ඩුවට යැවිය යුතුයි ’ - ඇමති විමල්


wimal.jpg

කොළඹ-ලංකාපුවත්) යුද්ධය, දිනන්නට ආරක‍්ෂක අංශ ලබාදුන් සහයෝගය මෙන් රට හදන සටනේදී ද සියළු පිරිස් එක්විය යුතු බවත්, එම කාර්යයට සරිලන බිම්මට්ටමේ දේශපාලන තන්ත්‍රයක්, හොඳ නිලධාරීන් පිරිසක්, මෙන්ම පළාත් පාලන ආයතනයන්වලට ඒවායේ මහජන ධනය නාස්ති නොකරන සභාපතිවරුන් අවශ්‍ය බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ මහතා එම අදහස් පල කළේ කොට්ටාව පන්නිපිටිය විද්‍යාදාන මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය පිළිසකර කිරීමේ උත්සවයට සහභාගීවෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ ජනාධිපතිතුමාගෙන් ලැබුණු නියෝග එඩිතරව ක්‍රියාත්මක කිරිමට එදා ආරක්ෂක අංශ ප්‍රධානින් පියවර ගත් නිසා රුදුරු තස්ත්‍රවාදයෙන් අපේ මව් බිම නිදහස් කරගත්තා සේම රට සංවර්ධනය කිරීමේ සංග්‍රමයේදී ද ජනාධිපතිතුමාගේ තීරණ ක්‍රියාත්මක කිරීමට සුදුසු මිනිසුන් සෑම පළාත් පාලන ආයතනයකටම මහජනයා විසින් තෝරා යැවිය යුතු බවයි.