‘වෙරළට සේදී ආ මිනිසත් බව’
BBC SINHALA
‘වෙරළට සේදී ආ මිනිසත් බව’
තුර්කියේ වෙරළ බද සංචාරක නිකේතනයක් ආසන්නයට පාවී ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් හේතුවෙන් යුරෝපය කරා ඇදී එන සංක්‍රමණිකයින් පිළිබඳ අළුත් කතා බහක් ඇති වී තිබේ.
අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවා සහ ඔහුගේ පස් හැවිරිදි සොහොයුරා වන ගාලිප් මිය ගියේ ඔවුන් ගමන් ගත් බෝට්ටුව පෙරලී යාමෙනි.
ඔවුන්ගේ මව වූ රිහාන් ද මිය ගිය නමුත් පියා වූ අබ්දුල්ලා කුර්දි දිවි ගලවා ගත්තේය.
අබ්දුල්ලා කුර්දි සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට තැත් කරන සටන්කාමීන් ගෙන් බේරී පලා යාම සඳහා උත්සාහ ගනිමින් සිටි බව කියා සිටියේය.
මේ පවුල මුලින්ම උත්සාහ කළේ කැනඩාවට යෑමටයි.
ඒ වෙනුවෙන් දේශපාලන රැකවරණ පතා ඥාතියකු විසින් ඉදිරිපත් කළ අයදුම් පතක් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඔවුන් දුෂ්කර මුහුදු ගමන් මාර්ගයක් ඔස්සේ ග්‍රීසියට ලඟා වීමට උත්සාහ කොට ඇත.
තුර්කි මුහුදේ දී සරණාගතයන් 12 දෙනකු ගිලී මිය යාම සම්බන්ධයෙන් තුර්කි පොලීසිය විසින් පුද්ගල ප්‍රවාහන ජාවාරම් කරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කුඩා දරුවාගේ මළ සිරුර වෙරළේ වැතිර තිබෙන ආකාරය තුර්කි පුවත් සේවාව විසින් ලොව පුරා බෙදා හැර ඇත්තේ ‘වෙරළට සේදී ආ මිනිසත් බව’ යනුවෙනි.
මේ ඡායාරූපය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කරන කැරලිකරුවන් ගේ ප්‍රහාර වලින් බේරී පලා එන සරණාගතයින් හට යුරෝපා රටවල් සලකන ආකාරය පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.
මේ වසරේ මුල් භාගය තුලදී සංක්‍රමණිකයින් 350,000 පමණ යුරෝපයට පැමිණ ඇති අතර දියේ ගිලීමෙන් 2,600 ක් පමණ මිය ගොස් ඇති බව සංක්රමනිකයින් සඳහා වූ අන්තර් ජාතික ආයතනය කියා සිටී.
අයිලාන් කුර්දි තුන් හැවිරිදි දරුවා වම් පසින්

Last edited: