‘සිකුරාදා‘ නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් කිරීමට යයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    HPn1sk6.jpeg


    ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා කීවේය.

    රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ඇමතිවරයා මේ බව පැවසුවේ අදට (5) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය‍වේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    https://www.lankadeepa.lk/news/‘සිකුරාදා‘-නිවසේ-සිට-රාජකාරී-කළ-හැකි-දිනයක්-කිරීමට-යයි/101-614293
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඔෆිස් වල ඇවිල්ලත් අයිස් ගහන උන් ගෙදර ඉදන් වැඩ කරන්න දුන්නම අයිස් පලම් හදලා විකුණයි 😂 මොකද ටාගට්, ඩෙඩ් ලයින්, ඩේලි අප්ඩේට්, ස්ක්‍රම් මීටින් තියන එකක් ඈ 😂
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැනටම එහෙමයි. මොකද ප්‍රයිවෙට් ප්‍රඩක්ට් වල සර්විස් වල ගණන් තෙල් වැඩි වෙන ගානෙ වැඩි කරාට රාජ්‍ය අංසෙ පඩි වැඩිවෙන්නෙ නෑනේ